Thursday, February 25, 2010

1980 ලංකාව - රිපීට් ටෙලිකාස්ට් එක ලගදීම රිදී තිරයේ


එක්සත් ජාතික පක්සයට අලියා නැතිව බැරිලු.ලොකුම පක්සෙ විදිහට අලියා අත් හරින්න බැහැලු.
මහ චන්දෙදි හංසය අත් හරින්න ඒ පක්සෙ මහත්තුරු ගේන තර්කෙ ඕං ඔය විදිහයි.
ඔටුන්න නිකම්ම ඔලුවට වැටෙන කම් කට බලියගෙන නලිය නලිය ඉන්න එක අලියගෙ පුරුද්දද කියල පුලස්ති හරියට දන්නෙ නැහැ.ඒත් මේ වෙන දේවල් බලන් ඉන්දැද්දි පුලාට හිතෙන එක දෙයක් තියෙනවා.
කන්දක් පල්ලෙහට බැහැගෙන යන බ්‍රේක් නැති වාහන කබලක් වගේ - ලංකාව ආයෙමත් 80 දසකෙට පල්ලම් බැහැගෙන යනවා.

80 දසකෙයි මේ උදාවෙන්න යන 10 දසකෙයි වෙනස මොකක්ද?
එදා රජා ජුනියස් රිචඩ් ජයවර්ධන උතුමානන් වහන්සෙ.
මෙදා රජා පර්සි මහේන්ද්‍ර රාජපක්ස උතුමානන් වහන්සෙ.
එදා රජ කලේ යූඇන්පිය.
මෙදා රජ කොරන්නෙ ශ්‍රිලනිපය.
ඔය වෙනස හැර අනෙත් හැමදේම දැන් එක වාගේ වී ගෙන එන සිද්දියක් තියෙන්නේ.

82 චන්දෙට පස්සෙ ඒ කාලෙ විපක්සෙ බිංදුවට වැටුන.කෑලි කෑලි කැඩුනා.සිරිමා විපක්ස නායිකාවගේ ප්‍රජා අයිතියට කෙලෙව්වා.විජයලා සිරි ලංකා එක කඩාගෙන ගියා.සිරි ලංකා කියල එකක් ඉතිරි නොවන තරමට ඒක හත් අට පොලකට කැඩුන.ආන්ඩුවේ බුවාල විපක්සෙට එලව එලව කෙලෙව්වා.අනේ අපිට ගහනව කියල අඩනව ඇරෙන්න සිරි ලංකා එකේ ගුටි කන අහිංසකයන්ට කොරන්න දෙයක් තිබ්බෙ නැහැ.
දෙමල කොමියුනිටි එකටත් ඇඩෙන්න පොලු පාරවල් වැදෙන්න ගත්තා ඒ අස්සෙ.කොටි සංවිධානෙ කියන එක දන ගාන්න පටන් ගන්න කාලෙටත් ඉස්සර ඉදලම දෙමල කොමියුනිටි එක දෙකේ කොලේට දැම්ම.යාපනේ සංවර්ධන සභා චන්දෙ කොල්ල කෑව.දෙමල මිනිස්සුන්ට ප්‍රජාතන්තරවාදෙද මොකක්ද එක ( අර කතිරෙ ගහල කස්ටියට දියවන්නාවට ටිකට් අරන් දෙන වැඩේ ) ගැන තියන විස්වාසෙත් නැති බංග කොරල මහ යුද්දෙකට පාර කැපුවා.
අන්තිමේදී 80 දසකෙ ඉවර වුනේ ඒ දසකය - කොහොමත් කලු පාට - නිදහසෙන් පස්සෙ ලංකාවේ ඉතිහාසෙ වැඩියෙන්ම කලුපාට දසකය විදිහට රෙකෝඩ් එකක් තියල.

විපක්සෙ වෙන් වෙලා තරග කොරන මේ චන්දෙට පස්සෙ ඇදෙන්න නියමිත වෙලා තියෙන චිත්‍රයත් ඔයිට දෙවෙනි නැහැ කියලයි පුලා කියන්නෙ ඕන්න.
මේක අද ( 2010 නවම් මහේ 25 වෙනිද) කිව්ව කියල ලියලම තියාගන්න.
මේ චන්දෙන් පස්සෙ රාජපක්ස උතුමානන් 3න් දෙක කොහොම වුනත් වැඩි බහුතරේ ගන්න තියෙන චාන්ස් එක ඉහලයි.ඊට පස්සෙ වැඩියෙන්ම කෙල වෙන්නේ තමන්ගේ ලකුන බදාගත්ත එක්සත් ජාතික පක්සෙට.ඕකෙ ඉන්න හැට හුට හමාරක් ආයෙත් පුරුදු විදිහට ආන්ඩුව පැත්තට ක්‍රොස් කරන්න විසාල පොසිබිලිටියක් තියෙනවා.
2004 ආපු තමන්ගෙ ලිස්ට් එකේ 40 ගානක් රැකගන්න බැරි වුන එජාප නායක උන්නැහෙ 2010 එන ලිස්ට් එක රැකගන්නව කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?
පක්සෙ මාරු කරන් නැහැ කියල ලියුමක් ලියල දුන්නම සේරම හරියයි කියල හිතාගෙන ඉන්න වර්ගයෙ නායකයො නං විපක්සෙ ඉන්නෙ වැඩේ තව ආතල් කෝටියයි.

ආන්ඩුව කොයියම්ම විදිහකට හරි 3 න් 2 ගත්තට පස්සෙ 80 දසකයේ බේස් එක 2010 ට හුනු බදාම ඇතිව හොද පදමට වැටෙනවා.
අධි බලැති විධායක ජනාධිපතිකම + විසේස බහුතරයක් තියන (විධායකයට නගුට වනන පොමනේරියන් පැටවු සෙට් එකක් ඉන්න) පාර්ලිමේන්තුව.
මේ විචල්‍යයන් දෙකේ එකතුව දැම්මම සමීකරනයේ අනිත් පැත්ත හැදෙන හැටි ගැන දැන ගන්න ඕනිම නං පහුගිය කාලේ ආචාර්ය ඇතා රූපවාහිනියෙ පෙන්නපු ඉඩි අමින් එකේ සීන් ටික මතක් කොර ගන්නා ලෙස පුලස්ති වන මම නිර්දේශ කොට සිටිමි.පාලනයක් නැති බලයක් අතට ආවම උගන්ඩාවෙය සිම්බාබ්බුවේය ලංකාවෙය කියල වෙනසක් නැහැ ආයුබොවන්ඩ.

අලිය බදාගෙන ඉන්න බුවාලට කෙලිය තමයි කියල තේරෙන්න ගන්නෙ ඔයිට පස්සෙ 80 දි සිරිලංකා එකට වැදුන වගේ තමන්ටත් වදින්න ගන්නකොට.

පුලස්තිට තේරෙන විදිහට රනිල් බොස් අලිය බදාගත්තෙ අලියට ආදරේට වැඩිය ෆොන්සේකට තියන බයට.ෆොන්සේකා බොස්ව අස්සට ගන්න ඉස්සර හයිඩ් එකේ තිබ්බ රැලියෙදී යූඇන්පී කාරයෝ ඇතුලු හිටපු මහ සෙනගෙන් රනිල්ට වැදුන අත්පුඩියයි ෆොන්සේකා ආවම වැදුන චියර් එකයි දෙක අහලකින් තියන්න බැරි බව නොතේරෙන්න රනිල් බොස් බබෙක් නෙමෙයි.රනිල් බොස් අලියට ඔච්චර ආදරෙයි නං ගිය ජනාදිපති චන්දෙදි විතරක් අලිය අත්හැරියෙ මොකටෙයි?අලිය පිටේ නැගල පොර වගේ ඒකටත් ඉල්ලන්න තිබුන නෙව තනියම!

ජේආර් උතුමාගේ ඇග්රෙසිව් ගේමට ෆේස් කරන්න සිරිමලගේ දුර්වල ලීඩර්සිප් එකට හයියක් තිබ්බෙ නැහැ.රාජ්‍ය බලේ පිටාර ගලද්දි අන්තිමට විපක්සෙටයි සුලු ජාතීන්ටයි උතුමා හිතන විදිහට නොහිතන අනිත් හැමෝටමයි එදා වුනේ අධෝමුඛයේ නගුට ගහගෙන ගෙවල් අස්සෙ හැංගෙන්න.
එහෙම හැංගෙන්න බැහැ කියල හිතුව ගටක් තිබ්බ බුවාල දෙවර්ගයක් අධික රාජ්‍ය හිංසනයට එදා ප්‍රති හිංසනය මාර්ගයෙන් චැලෙන්ජ් කොලා.
එක සෙට් එකක් උතුරෙදි.
අනිත් සෙට් එක දකුනෙදි.
අන්තිමේදී උනේ මොකක්ද?
ආයෙමත් මේ රග දැක්වෙන්න යන්නෙ ඒ පරන නාඩගමමද?

Friday, February 5, 2010

සෝමරත්න දිසානායක උතුරෙත් කැම්පේන් එක කොලා නං?


උතුරු නැගෙනහිර ආසන ටික රාජපක්ස උන්නැහෙ පරාද වෙලා තියෙන එක ගැන නියම හේතුව සෝමරත්න දිසා බොස් පහුගිය දා ප්‍රකාස කොලා.
කලාකාරයන් විදිහට උන්නැහෙලගෙ පනිවිඩේ උතුරට ගෙනියන්න බැරි උනාලු.ඒ හින්ද උතුරෙ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න තියන චාන්ස් එක නැතිවෙලා නොමග ගියාලු.
පහුගිය පලාත් පාලන චන්දෙ වවුනියාවේදි ආන්ඩුව පරාද වුනාම ගුනදාස මරුසේකර ලේඛකතුමා කියල තිබුන ඊටත් වැඩිය ආතල් කතාවක්.ත්‍රස්තවාදියගෙ පාලනේ යටතේ ඉදල හදක් මනසක් නැති සතුන් පිරිසක් බවට උතුරෙ මිනිස්සු පත්වෙලාලු.හදක් මනසක් නැති හින්ද හරි වැරැද්ද තෝරගන්න බැරිලු.ආන්ඩුව උතුරට මෙච්චර වැඩ කොරලත් හරියට කලගුන සලකන්න දන්නැත්තෙ හදක් මනසක් ඒ මිනිස්සුන්ට නැති හින්ද කියල උන්නැහෙ දිවඉන පත්තරේට ලියල තිබුන පුලාට මතකයි.
සෝමරත්න දිසාලයි ගුනදාසලයි පියදාසලයි සේරම හිතාගෙන ඉන්නෙ උතුරෙ මිනිස්සු කියන්නෙ හරක් ටිකක් කියල.උන් නොමග ගිහින් උන්ට "බුද්ධිය" දෙන එක තමන්ගෙ වැඩක් කියල මෙයාල හිතාගෙන ඉන්නෙ හරියට "සත්‍යය"දන්න එකම කස්ටිය මෙයාල වගේ.
කලාකාරයෝ කියල ලංකාවේ හදුන්වන උදවිය කල්පනා කරන විදිහ කොච්චර පටුද කියන එක පෙන්නන්න මීට වඩා උපහැරන ඕනෙද?

1.උතුරෙ මිනිස්සුන්ගෙ ඔලුවලට බෝම්බ අත් හරින කොට නොඇරුන දිසාලගේ කටවල්
2.උතුරෙ මිනිස්සුන්ගෙ ලමයි කම්බි වැටවල් වලට කොටු කරල උන්ව සරනාගතයො විදිහට ලෝකයෙන් වෙන් කරද්දි නොඇරුන දිසාලගෙ කටවල්
3.දෙමල භාසාවෙන් තමුන්ට දැනෙන දේ ලියුව හින්ද අවුරුදු විස්සකට දෙමල මාධ්‍යවේදින් හිරගත වෙද්දි නොඇරුන දිසාලගෙ කටවල්
4.කප්පම් ඉල්ලන්න ආරක්සක අංස වල සමහරුන්ගෙත් අනුදැනුම ඇතුව දෙමල මිනිස්සු කොලඹදී අන්තරස්දාන වෙනකොට නොඇරුන දිසාලගෙ කටවල්
5.ලොජ් වල උන්න දෙමල අය එක රැයෙන් කොලඹින් බලෙන් පිටමං කරන විදිහට ආරක්සක ලේකම් නියෝග දීල ඒ මිනිස්සුන්ගේ මූලික අයිතීන් කඩල දාද්දි නොඇරුන දිසාලගෙ කටවල්
6.දර්ශන් ධර්මරාජ් වගේ දෙමල නලුවො දෙමල උන හින්ද පොලිසියෙ අඩත්තේට්ටම් වලට ලක්වෙද්දි නොඇරුන දිසාලගේ කටවල්
මේ කටවල් වලට වඩා කානු කටවල් සහ කක්කුස්සි කටවල් සුවදයි කියල දෙමල මිනිස්සු දන්නවා.

දෙමල මිනිස්සු කියන්නෙ දකුනින් උතුරට බුද්ධිය එක්ස්පෝට් කරනකං හරි තීරනයක් ගන්න බැරිව ඉබාගාතේ යන මන්ද බුද්දික සෙට් එකක් නෙමේ.මේ චන්දෙදි දෙමල අය දුන්න තීරනේ නොදන්නාකමට නොමග ගිහින් දුන්න එකකුත් නෙමේ.එයාලට දැනෙන දේට එයාල රිඇක්ට් කරල තියෙනවා චන්දෙදි.
සිංහල ලමා චිත්තරපටිකාරයන්ගෙ උදවුව නැතිව හිතන්න වත් දෙමල මිනිස්සුන්ට බැහැ කියල හිතන එක තමයි මේ පුරස්න ගොඩක මුල.
දෙමලු කියන්නෙ හද මනස නැති,දෙකේ පංතියේ මෝල්ලු ටිකක් කියල හිතන් නැතිව ආත්ම ගෞරවයක් තියන කොමියුනිටි එකක් කියල දකුනෙ බුවාල තේරුම් ගන්නකං සුබ අනාගතේ අනාගතේටම කල්දාන්න වෙයි කියලයි පුලස්ති කියන්නෙ.

ලංකාව බහුවාර්ගික රටක්ද? - පුලස්තිගේ ගැඹුරු දේශපාලන විග්‍රහය



ලංකාව හිංගල බෞද්ධ රටක්ද?බහුවාර්ගික බහු ආගමික රටක්ද කියන එක ගැන බ්ලොග් බුවාල කිහිප දෙනෙක් බර සාරෙට ලියන එකේ පුලාටත් හිතුන ටොපික් එකට එන්ටර් වෙන්න.
නුවර පාර ලියන ලේඛක උන්නැහෙට අනුව ලංකාව හිංගල බෞද්ධ රටක්.
එක කන්ඩිෂන් එකකට යටත් වෙලා පුලස්තිත් ලංකාව හිංගල බෞද්ධ රටක් කියල පිලිගන්න ලැස්තියි.
කන්ඩිෂන් එක තමයි - ලංකාව ෆුල් සිංහල රටක් නං සත වර්ස ගානක් මේ රටේ පැල පැදියම් වෙලා හිටපු දෙමල අයටත් වෙනම රටක් දෙන්න එකග වෙන්න ඕනෙ.
දෙමල අයටත් වෙනම රටක් දීල ඒ අයට එහෙ ජීවත් වෙන්න දෙන්න එකග නං ලංකාව සිංහල රටක්ය කියල පිලිගන්න පුලා ලෑස්තියි.
එහෙම වෙනම රටක් දෙන්න අකමැති නං මේක දෙමල උන්දැලගෙත් රට,අපි කාට කාටත් මේක අයිතියි කියල පිලිගන්න වෙනවා.
මොකද වෙන කාගෙවත් රටක දෙකේ පංතියේ ඩයල් විදිහට ලැගල ඉන්න කවුරුත් කැමති නැති හින්ද.

මේ පුරස්නෙ එනකොට ගොඩක් බුවාල දාන ගොං පාට් තර්කයක් තියනවා.
අමෙරිකාවෙ සිංහල අය ඉන්නවය කියල අමෙරිකාවෙ සිංහල රාජ්‍ය භාෂාව කොරනවද?
සිංහල අයත් අමෙරිකාවේ විදිහට හැඩගැහෙන්න ඕනෙ නේද?
ඒ වගේ දෙමල අය සිංහල විදිහට හැඩ ගැහෙන්න ඕනෙ සාමය උදාවෙන්න කියල හිතන බුවාල ඉන්නවා.

මේ බුවාල තේරුම් නොගන්න බේසික්ම සීන් එක තමයි යුරෝපෙ රටක සිංහලයන්ගේ කන්ඩිෂන් එකයි ලංකාවේ දෙමලුන්ගේ කන්ඩිෂන් එකයි එකක් විදිහට ගන්න බැහැ කියන එක.
යුරෝපෙ සිංහල අය උන්නට ඒ අයට පරම්පරා දෙකකට වැඩි ඉතිහාසයක් නැහැ.
ඒත් ලංකාවේ ඉන්න දෙමල අයට සත වර්ස ගානක ඉතිහාසයක් මේ රටේ තියනවා.
මේ දුපතේ පරන කාලෙ සිංහල රජවරුන්ගේ සිංහල රාජධානි වගේම දෙමල රජවරුන්ගෙ දෙමල රාජධානිත් තිබුනා.
ලංකාවෙ දෙමල අයිඩෙන්ටිටි එක මේ හින්ද යුරෝපෙ සිංහල අයිඩෙන්ටිටි එකට වඩා හෙන ගැබුරට කාවැදිල තියන එකක්.
සමහර විට තව දසක කීපයක් ගතවෙද්දි යුරෝපෙ සිංහල බුවාල කොමියුනිටි එකක් විදිහට එස්ටැබ්ලිෂ් වුනොත් ඒකට අනුව තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඒ ඒ රටවල ආන්ඩු වලටත් සිද්ද වෙයි.ඔස්ට්‍රේලියාවෙ සමහර ප්‍රාන්තවල ප්‍රාන්ත භාසාවක් විදිහට සිංහල පාවිච්චි කරනව කියල පුලා අහල තියෙනවා.

කොහොම වුනත් දෙමල අයටත් මේ රටේ ලොකු උරුමයක් තියනව ඒ අයටත් මේ රට අයිතියි මේ රටේ සමාන අයිතින් ඒ අයටත් තියෙනව කියල පිලිගන්න ඕනෙ.
එහෙම පිලිගන් නැත්නම් තමන්ට දෙයියනේ කියල ජීවත් වෙන්න පුලුවන් වෙනම රටක් හදාගන්න එයාලට අවසර දෙන්න ඕනෙ කියලයි පුලා කියන්නෙ.
පුලා මේ අල්ලක් වගේ රට බෙදෙනවට කැමති නැති හින්ද මේ දෙකෙන් හොදම ඔප්ෂන් එක දෙමල අයගෙ අයිතිය පිලිඅරන් මේක ඒක වාර්ගික රටක් නෙමේ බහුවාර්ගික රටක්ය කියන ඉස්ථාවරේට යන එක හොදයි කියලයි හිතන්නෙ.

පුලස්ති ලියන ඒවයෙ ඉස්සර තිබුන ගැම්ම නැහැ කියල පුලස්තිගෙ යාලු බුවෙක් කිව්වා.
දෙමල උදවිය වෙන් කරල තමන් සුපීරියර් කියල හිතන්න සමහරුන්ට තියන ඇම්ම දැක්කම ලියන ඒවයෙ ගැම්ම නිකම්ම යනව කියල පුලස්තිට දැනෙනවා.
දෙමල මිනිස්සුන්ටත් මේ රට අයිතියි කියල පිලිගන්න එක කොච්චර සිම්පල් වැඩක්ද?
ඒ සිම්පල් වැඩේ කරල වලි නැතිව ඉන්න මෙච්චර පහසු මාර්ගයක් තියෙද්දි මේක අපේ විතරයි කියල බදාගෙන ගහ මරා ගන්න අපේ බුවාලට තියෙන ආසාව බස් වල යන ඇන්ටිලාට ජැක් ගහල මෝඩ ආතල් ගන්න තියන ආසාවටත් වඩා විකෘති ආසාවක් කියලයි පුලා හිතන්නෙ.