
එක්සත් ජාතික පක්සයට අලියා නැතිව බැරිලු.ලොකුම පක්සෙ විදිහට අලියා අත් හරින්න බැහැලු.
මහ චන්දෙදි හංසය අත් හරින්න ඒ පක්සෙ මහත්තුරු ගේන තර්කෙ ඕං ඔය විදිහයි.
ඔටුන්න නිකම්ම ඔලුවට වැටෙන කම් කට බලියගෙන නලිය නලිය ඉන්න එක අලියගෙ පුරුද්දද කියල පුලස්ති හරියට දන්නෙ නැහැ.ඒත් මේ වෙන දේවල් බලන් ඉන්දැද්දි පුලාට හිතෙන එක දෙයක් තියෙනවා.
කන්දක් පල්ලෙහට බැහැගෙන යන බ්රේක් නැති වාහන කබලක් වගේ - ලංකාව ආයෙමත් 80 දසකෙට පල්ලම් බැහැගෙන යනවා.
80 දසකෙයි මේ උදාවෙන්න යන 10 දසකෙයි වෙනස මොකක්ද?
එදා රජා ජුනියස් රිචඩ් ජයවර්ධන උතුමානන් වහන්සෙ.
මෙදා රජා පර්සි මහේන්ද්‍ර රාජපක්ස උතුමානන් වහන්සෙ.
එදා රජ කලේ යූඇන්පිය.
මෙදා රජ කොරන්නෙ ශ්‍රිලනිපය.
ඔය වෙනස හැර අනෙත් හැමදේම දැන් එක වාගේ වී ගෙන එන සිද්දියක් තියෙන්නේ.
82 චන්දෙට පස්සෙ ඒ කාලෙ විපක්සෙ බිංදුවට වැටුන.කෑලි කෑලි කැඩුනා.සිරිමා විපක්ස නායිකාවගේ ප්‍රජා අයිතියට කෙලෙව්වා.විජයලා සිරි ලංකා එක කඩාගෙන ගියා.සිරි ලංකා කියල එකක් ඉතිරි නොවන තරමට ඒක හත් අට පොලකට කැඩුන.ආන්ඩුවේ බුවාල විපක්සෙට එලව එලව කෙලෙව්වා.අනේ අපිට ගහනව කියල අඩනව ඇරෙන්න සිරි ලංකා එකේ ගුටි කන අහිංසකයන්ට කොරන්න දෙයක් තිබ්බෙ නැහැ.
දෙමල කොමියුනිටි එකටත් ඇඩෙන්න පොලු පාරවල් වැදෙන්න ගත්තා ඒ අස්සෙ.කොටි සංවිධානෙ කියන එක දන ගාන්න පටන් ගන්න කාලෙටත් ඉස්සර ඉදලම දෙමල කොමියුනිටි එක දෙකේ කොලේට දැම්ම.යාපනේ සංවර්ධන සභා චන්දෙ කොල්ල කෑව.දෙමල මිනිස්සුන්ට ප්රජාතන්තරවාදෙද මොකක්ද එක ( අර කතිරෙ ගහල කස්ටියට දියවන්නාවට ටිකට් අරන් දෙන වැඩේ ) ගැන තියන විස්වාසෙත් නැති බංග කොරල මහ යුද්දෙකට පාර කැපුවා.
අන්තිමේදී 80 දසකෙ ඉවර වුනේ ඒ දසකය - කොහොමත් කලු පාට - නිදහසෙන් පස්සෙ ලංකාවේ ඉතිහාසෙ වැඩියෙන්ම කලුපාට දසකය විදිහට රෙකෝඩ් එකක් තියල.
විපක්සෙ වෙන් වෙලා තරග කොරන මේ චන්දෙට පස්සෙ ඇදෙන්න නියමිත වෙලා තියෙන චිත්‍රයත් ඔයිට දෙවෙනි නැහැ කියලයි පුලා කියන්නෙ ඕන්න.
මේක අද ( 2010 නවම් මහේ 25 වෙනිද) කිව්ව කියල ලියලම තියාගන්න.
මේ චන්දෙන් පස්සෙ රාජපක්ස උතුමානන් 3න් දෙක කොහොම වුනත් වැඩි බහුතරේ ගන්න තියෙන චාන්ස් එක ඉහලයි.ඊට පස්සෙ වැඩියෙන්ම කෙල වෙන්නේ තමන්ගේ ලකුන බදාගත්ත එක්සත් ජාතික පක්සෙට.ඕකෙ ඉන්න හැට හුට හමාරක් ආයෙත් පුරුදු විදිහට ආන්ඩුව පැත්තට ක්‍රොස් කරන්න විසාල පොසිබිලිටියක් තියෙනවා.
2004 ආපු තමන්ගෙ ලිස්ට් එකේ 40 ගානක් රැකගන්න බැරි වුන එජාප නායක උන්නැහෙ 2010 එන ලිස්ට් එක රැකගන්නව කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?
පක්සෙ මාරු කරන් නැහැ කියල ලියුමක් ලියල දුන්නම සේරම හරියයි කියල හිතාගෙන ඉන්න වර්ගයෙ නායකයො නං විපක්සෙ ඉන්නෙ වැඩේ තව ආතල් කෝටියයි.
ආන්ඩුව කොයියම්ම විදිහකට හරි 3 න් 2 ගත්තට පස්සෙ 80 දසකයේ බේස් එක 2010 ට හුනු බදාම ඇතිව හොද පදමට වැටෙනවා.
අධි බලැති විධායක ජනාධිපතිකම + විසේස බහුතරයක් තියන (විධායකයට නගුට වනන පොමනේරියන් පැටවු සෙට් එකක් ඉන්න) පාර්ලිමේන්තුව.
මේ විචල්‍යයන් දෙකේ එකතුව දැම්මම සමීකරනයේ අනිත් පැත්ත හැදෙන හැටි ගැන දැන ගන්න ඕනිම නං පහුගිය කාලේ ආචාර්ය ඇතා රූපවාහිනියෙ පෙන්නපු ඉඩි අමින් එකේ සීන් ටික මතක් කොර ගන්නා ලෙස පුලස්ති වන මම නිර්දේශ කොට සිටිමි.පාලනයක් නැති බලයක් අතට ආවම උගන්ඩාවෙය සිම්බාබ්බුවේය ලංකාවෙය කියල වෙනසක් නැහැ ආයුබොවන්ඩ.
අලිය බදාගෙන ඉන්න බුවාලට කෙලිය තමයි කියල තේරෙන්න ගන්නෙ ඔයිට පස්සෙ 80 දි සිරිලංකා එකට වැදුන වගේ තමන්ටත් වදින්න ගන්නකොට.
පුලස්තිට තේරෙන විදිහට රනිල් බොස් අලිය බදාගත්තෙ අලියට ආදරේට වැඩිය ෆොන්සේකට තියන බයට.ෆොන්සේකා බොස්ව අස්සට ගන්න ඉස්සර හයිඩ් එකේ තිබ්බ රැලියෙදී යූඇන්පී කාරයෝ ඇතුලු හිටපු මහ සෙනගෙන් රනිල්ට වැදුන අත්පුඩියයි ෆොන්සේකා ආවම වැදුන චියර් එකයි දෙක අහලකින් තියන්න බැරි බව නොතේරෙන්න රනිල් බොස් බබෙක් නෙමෙයි.රනිල් බොස් අලියට ඔච්චර ආදරෙයි නං ගිය ජනාදිපති චන්දෙදි විතරක් අලිය අත්හැරියෙ මොකටෙයි?අලිය පිටේ නැගල පොර වගේ ඒකටත් ඉල්ලන්න තිබුන නෙව තනියම!
ජේආර් උතුමාගේ ඇග්රෙසිව් ගේමට ෆේස් කරන්න සිරිමලගේ දුර්වල ලීඩර්සිප් එකට හයියක් තිබ්බෙ නැහැ.රාජ්‍ය බලේ පිටාර ගලද්දි අන්තිමට විපක්සෙටයි සුලු ජාතීන්ටයි උතුමා හිතන විදිහට නොහිතන අනිත් හැමෝටමයි එදා වුනේ අධෝමුඛයේ නගුට ගහගෙන ගෙවල් අස්සෙ හැංගෙන්න.
එහෙම හැංගෙන්න බැහැ කියල හිතුව ගටක් තිබ්බ බුවාල දෙවර්ගයක් අධික රාජ්‍ය හිංසනයට එදා ප්‍රති හිංසනය මාර්ගයෙන් චැලෙන්ජ් කොලා.
එක සෙට් එකක් උතුරෙදි.
අනිත් සෙට් එක දකුනෙදි.
අන්තිමේදී උනේ මොකක්ද?
ආයෙමත් මේ රග දැක්වෙන්න යන්නෙ ඒ පරන නාඩගමමද?