Friday, June 25, 2010

අතකින් බැන්කිය අතකින් රජපසය.මරන තුනක් ඇති පුලස්ති පැනි කෑය


ලංකාවෙ යුද අපරාද ගැන හොයන්න උපදෙස් ගන්න බැන් කි මූන් උ‍පදේසක මන්ඩලයක් පත්කොරගෙන තියනව.මේක ආන්ඩුව දිගටම එපා කිව්ව දෙයක්.මේ රට ගැන ‍හොයන්න විදේසෙකින් උපදේසක මන්ඩල දාන එක මේ රටේ ස්වෛරිභාවයට හොද නැතෙයි මානව හිමිකම් කඩවුනා නම් ඒව ගැන තමුන්ම හොයාගන්නම් කියන එකයි තමා ආන්ඩුව දිගටම කිව්වෙ.ඒත් ඒක මූන් ගනන් අරගෙන නැති හැඩක් තමයි තියෙන්නෙ.
මොනව උනත් එනපොට එච්චර හොද නැහැ කියන එක නම් පුලාට තේරෙනව.

පුලා මේ සටහන ලියන්නෙ මේ පුරස්නෙ ගැන කම්ප්ලීට් අයිඩියා එකක් දෙන්න නෙමෙයි.මොකද මේ පුරස්නෙ ගොඩක් අය හිතනව වගේ සරල නැහැ.දේසප්‍රේමී සෙට් එක දැන් එක පාරට කියයි උපදේසක කමිටු දාන්න පුලුවන් අපේ මලකදන් උඩින් කියල.තව සැට් එකක් මේ වැඩේ හින්ද පොඩි ෆන් එකක් ගනියි ආන්ඩුවට කෙලවෙන්න යන්නෙ ඊට පස්සෙ අපේ චාන්ස් කියල.
මේ දෙකම එක්ස්ට්රීම් දෙකක්.
ඉස් ඉස්සෙල්ලාම ආන්ඩුව අතින් යුද අපරාද වුනාද කියන එක ලිහාගන්න ඕනෙ පුරස්නයක්.එහෙම වුනා නම් වැරදි කොරපු අයට දඩුවම් දෙන්න ඕනෙ නේද කියන එක ඊලගට ලිහාගන්න ඕනෙ පුරස්නයක්.හැබැයි කලින් කිව්ව වගේ පුලා මේ ලියන්න යන්නෙ ඒ ගැන නෙමෙයි.මේ යුද අපරාද ගැන ලංකාවෙ ලොක්කොන්ට දඩුවම් දෙන්න එන දඩුවම් බාස්ලාගේ අවංකකම ගැන පුලා ට තියන ඇත්ත සැක සංකා ටික.

ආන්ඩුව යුද අපරාධ කලා මහා නස්පැත්තියක් කොලා යුද්ධ කාලෙ මානව අයිතිවාසිකම් සතේකට තැකුවෙ නැහැ කියන එක මොහොතකට උපකල්පනේ කොරමු.
දැන් මුන් කි බෑන්ට ඇත්තටම ලංකාව කියන රට විතරක් පේන්න තියන විසේස හේතුව මොකක්ද?
මුන් කී බෑන් හොයල බැලුවොත් ලංකාවට උතුරින් ඇෆ්ගනිස්ථානෙ කියල රටක් තියනව.මේ රටට 2001 අමරිකාව කියල රටකින් හමුදාවක් යවනව.ඊට පස්සෙ එහෙ තිබුන පාලනේ පෙරලලා දාල තමුන්නේ රූකඩ පාලනයක් පිහිටුවනව.එදා ඉදල ඇෆ්ගනිස්ථානෙ මාර යුද්දයක්.අමරිකාවෙ එයා පෝස් එක බෝම්බ දාල එක ගම්මානෙක එකසිය එකක් එකපාර මැරුනෙ මාස ගානකට ඉස්සර.මේ අයත් ගරිල්ල භටයො නෙමෙයි.සිවිල් වැසියො.
මුන් කී බෑන් ගෙ ඇස් දෙක නිව් යෝක් වල ඉදන් ඇප්ගනිස්ථානෙ පහුකරගෙන ඒක නොදැක්ක වගේ ලංකාව ගාවම නතර වෙන්නෙ මක්කෙයි?

මුංකි බෑන්ට බෑන් චූන් එකක් ගන්න ඕනෙම නං ඇප්ගනිස්ථානෙට උතුරට පොඩ්ඩක් වමෙන් ඉරාකෙ කියල තව රටක් තියනව.ඒකෙ රසායනික අවි තියනව කියල අමු බොරුවක් කියල ලෝකෙම රවට්ටලා 2003 අමෙරිකාව කියන රටයි එංගලන්තෙ කියන රටයි තමුන්නෙ හමුදා දාල ඒ රට ආක්‍රමනය කොරනව.එයා පෝස් අහසින් ඇවිල්ල ඉරාකෙ මිනිස්සුන්ගෙ ඔලු උඩට අත් හැරියෙ සෙල්ලම් බඩු නෙමේ.විනාසකාරී බෝම්බ.
පරන සිස්ටාචාරයක් වුන ඉරාක සිස්ටාචාරෙ සමතලා වෙලා ගියා.දැන් අවුරුදු 7 ක් ගිහින් තාම ඉරාකෙ එක දවසට හැම තැනම බෝම්බ පිපිරෙනව.ඉරාකෙන් අල්ලගෙන ගිය හිරකාරයො අමෙරිකාවෙ බන්ධනාගාර අස‍්සෙ දාගෙන දස වද දෙන හැටි පුලා කාලෙකට උඩදි මාද්දි වලින් දැක්ක.අබු ග්‍රෑන්ඩ් වගේ නමක් තමයි ඒ හිර කදවුරට තිබ්බෙ.කෲර වද හිංසා වලින් නිදහස කියල මහ ලොකු අයිතියක් මුන් කි බෑන්ගෙ සංවිධානෙන් ප්‍රකාසෙට පත්කොරල තියනව.යුද හිරකරුවන්ට සලකන්න ජිනිවා සම්මුතියය අර සම්මුතියය කියල අනන්ත අප්‍රමාන සම්මුති තියනව.බුස් - බ්ලෙයාර් - ඔබාමා කට්ටුව මේ සම්මුති වැඩිය ඇගට ගන්නෙ නැහැ කියන එක තමයි ඒ නිව්ස් දිහා බලද්දි තේරෙන්නෙ.

දෙවනි ලෝක යුද්දෙ අන්තිම වෙලාවෙ හිරෝෂිමා නාගසාකි කියන නගර සමතලා කලා.පරමානු බෝම්බ දාල ලක්ෂ ගානක් එක මොහොතෙන් මේ ලෝකෙන් අතුරුදහන් කරල දැම්ම.
වියට්නාමෙ කියන ස්වාධින රට ආක්‍රමනය කොරල අවුරුදු 20 ක් තිස්සෙ එක දිගට ඒ රටේ මිනිස්සුන්ගෙ ඔලු උඩට නාපාම් බෝම්බ අමෙරිකාවෙ හමුදාව අත්හැරිය.කොච්චර විනාසයක් මේ වයින් උනාද කියන්නෙ සමහර රසායනික ද්‍රව්‍ය හින්ද වියට්නාමෙ සමහර පැතිවල පස් උඩ තාම හරියට ගොවිතැන් කොරන්නවත් ඇහැක් වෙලා නැහැ කියල පුලස්ති අහල තියනව.
කියුබාව කියන ‍රටේ ජනාධිපති මරන්න සීඅයිඒ එක පැලැන් කොලා කියන එක ප්‍රසිද්ධ රහසක්.චිලි කියන රටේ ආන්ඩු පෙරලන්න හමුදා කුමන්ත්‍රන කරල දාස් ගනන් මරන්න අමෙරිකාව කොන්ත්‍රාත් දුන්න කියන එක ඉතිහාසෙ දන්න කවුරු කවුරුත් දන්නව.

මුන් කී බෑන්ට මේ කිසි දෙයක් නොපෙනෙන්නෙත් ලංකාවෙ වෙන ඒව විතරක් පෙනෙන්නෙත් මක්කෙයි හැබෑටම කියන එකයි පුලස්තිගෙ පුරස්නෙ.ශ්‍රී ලංකා ප්ලේ බයි රූල් කියල ක්‍රිකට් මැච් අතරෙ බැලුම් බෝල අල්ලන් ඉන්න ජාත්යන්තර මානව හිමිකම් බුවාලාස් අමෙරිකා ප්ලේ බයි රූල් කියල අමෙරිකාව පුට් බෝල් ගහන ග්‍රවුන්ඩ් ඉස්සරහ බැලුම් බෝල අල්ලනව පුලස්ති දැකල නැහැ.
වතුර ගලන්නෙ පහත් තැනින් විතරද?ඉරාකෙ දවසට මැරෙන පිච්චෙන මිනී මිනී නෙමෙයිද?ඒව පඹයොද?වෙන රටවල්වලට බලහත්කාරයෙන් කඩාගෙන පැනල අමු අමුවෙ මිනී මරන කොට ඒක මානව හිමිකම් කඩකිරීමක් නෙමෙයිද?එව්ව යුද අපරාධ නෙමෙයි නං මොන අපරාධද?

මේ ටික පුලා ලිව්වෙ අපේ දේසප්‍රෙමි සැට් එක කියන්න වගේ අරුනුත් වැරදි කරනව අපිත් ඒ වැරදිම කරනව තමයි ඒ හින්ද අපිට මුකුත් කියන්න එපා කියන තේරුමින් නං නෙමෙයි.ලංකා‍වෙ මානව හිමිකම් රෙකෝඩ් එක සවුත්තුයි කියන එක ගැන පුලස්තිට විවාදයක් නැහැ.
අපේ වැරදි අපි හදාගන්නෙ නැති හින්ද,මේව ගැන රට ඇතුලෙ කතාවක් නැති හින්ද,අපේ ලොකු පුටුවල ඉන්න බුවාල මානව හිමිකම් ගැන හිතන් නැතිව පිස්සු කෙලින හින්ද තමයි මුන් කී බෑන්ලට ලංකාවට එගේන්ස්ට් කමිටු දාන්න ඇහැක් වෙලා තියෙන්නෙ.
ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඇහැට නෝට් වෙලා ඉන්න ලමයෙක් කොරන්න ඕනෙ පිනාට තමුන්ව කොටු කොරගන්න බැරි වෙන විදිහට හොදට හැසිරෙන එක.එහෙම හැසි‍රුනොත් පිනාට කොච්චර තදියම තිබ්බත් කොටු කොරගන්න එක ලේසි නැහැ.අනිත් ටීචර්ල එගේන්ස්ට් වෙනව.
හොදට හැසිරෙනව වෙනුවට ලමය කොරන්නෙ ඉස්කෝලෙ ලැට් ගානෙ කුනුහරුප ලියන එකනං,ඉස්කෝලේ ඇතුල්ට වැල පත්තර ගේන එක නං,පිනාගෙ ඔපිසිය යට වැල් ගොල්ලෙ හැංගිල දුම පේන්න ගංජ ගහන එක නං පිනාට දඩයම් කොරන වැඩේ ලේසියෙන් කොරගන්න පුලුවන්.ඇස්පනා පිට පිස්සු කෙලින නිසා වෙන ටීචර් කෙනෙක්ට උනත් ලමයව ඩිෆෙන්ඩ් කොරන්න බැහැ.

අපේ ලොක්කොත් යුද ජයග්‍රහනෙන් සුර් වෙලා යාපනේ දහම් අමා දාල සිංහල‍කරනය කොර කොර හිටිය.හදිසි නීතිය දිගටම තියාගෙන සාධාරන චන්ද තියන්නෙ නැතිව 17 වෙනි සංශෝධනේ ක්‍රියාත්මක කොරන්නෙ නැතිව ඒකාධිපති විදිහට වැඩ කොලා.යුද්දෙන් පස්සෙත් දෙමල හිරකාරයොන්ගෙ නම් ලිස්ට් එකවත් අඩුම තරමින් ප්‍රකාස කොරේ නැහැ.
අවතැන් උන අයගෙ පුරස්නෙ කොහෙත්ම සතුටුදායක විදිහට හැන්ඩ්ල් කොලේ නැහැ.යුද්දෙ ඉවර වුන ගමන්ම මානව හිමිකම් කවුන්සිලේදි දයාන් ජයතිලක ලොක්කා ගොඩක් දේවල් කොරන්න පොරොන්දු වුනා.ඒව විශ්වාස කොරපු ලෝකෙ රටවල් අමරිකාව මොන බයිල ගැහුවත් ලංකාවට පක්සව චන්දෙ දුන්න.

ඒත් දැන් අවුරුද්දක් ගිහින්.
අර පොරොන්දු වුන දේවල් කොරනව තියා අවතැන් අයගෙ පුරස්නෙවත් හරියකට විසදගන්න ආන්ඩුවට බැරි උනා.ඒව විධිමත් කොරන්න තියන සල්ලි වලින් අයිපා දදා ෆන් ගත්තා.නාමල් බබාට රිතික් එක්ක කාර් එකේ යන්න චාන්ස් ගත්ත.
ඇත්තටම කියනව නං මුන් කි බෑන්ට ලංකාවේ අධෝමුඛය අස්සෙ ඇගිල්ල ගහන්න පුලුවන් විදිහට රටේ මානව හිමිකම් කලිසම ගලෝල දැම්මෙ ආන්ඩුව.පහුගිය අවුරුද්ද හරියට ට්‍රයි කොලා නං යුද්ද කාලෙ මොනා වුනත් ඒව සේප් කොරගෙන ඉස්සරහට යන්න ලොක්කොන්ට හොදටම ඉඩ තිබ්බ.

ඒ කතාව පැත්තකින් තියමු.කිසි වගකීමක් නැතිව පිස්සු කෙලින අපේ ඉහල ඇත්තො ගැන අප්‍රසාදය තියනව වගෙම මානව හිමිකම් ගැන දිව දෙකේ ටෝක් දාන,තල්මහ හෙලුවෙන් මහ දවල් කොරන වැරදි දැක්කෙ නැහැ වගේ ඉදගෙන හාල්මැස්සො රෑට රෑට හොරෙන් කොරන වැරදි වලට විතරක් තග දාල තමුන් මහ වීරයො මානව හිමිකම් රකින ශ්‍රේෂ්ඨයො කියල පෙන්නන මුන් කි බෑන් වගේ ලොස් පොරවල් ගැනත් පුලස්තිට තියෙන්නෙ තදබල අපුලක්.
ඇමරිකාවයි එංගලන්තෙයි කියන්නෙ හෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියල සමහර ඈයො හිතාගෙන ඉන්නව.උඩින් තියන ලිබරල් එක හූරල දැම්මම යට තියෙන්නෙ දෙබිඩිකම මිලේච්ඡකම සම්පත්වලට තියන කෑදරකම මිස වෙන මොකක්වත් නෙමෙයි.

උතුරෙන් මුන් කි බෑන්ගෙ දෙබිඩිකම.දකුනෙන් අපේ ලොක්කගෙ අමනකම.
මේ දෙකට මැදිවෙලා ඉන්න අපි වගේ නෝමල් බුවාලට ඇදට වෙලා අතපය හකුලගෙන නිදාගන්නව හැරෙන්න කොරන්න වෙන දෙයක් තියෙනවද හැබෑටම?

Friday, June 18, 2010

ප්‍රභාකරන් පවුලයි රාජපක්ෂ පවුලයි





ඒ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.මේ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.
ඒ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතා කලේ තමුන්නෙ මවු බාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.මේ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතාකොලේ තමුන්නෙ මවුබාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.
ඒ පවුලෙ නායකය කිව්වෙ තමුන් තමුන්නෙ නිජබිමේ ගැලවුම්කාරයා කියල.මේ පවුලෙ නායකයත් කිව්වෙ තමුන්ගෙ නිජබිමට නිදහස ගේන්න තමා කැපවෙලා ඉන්නව කියල.
කොහොමහරි පවුල් දෙකේම නායකයො එන්ගේජ් වෙලා හිටියෙ එක වගේ බෙල්ල ගහල යන ගේමක.දෙපලගෙම හැම දේම රැදිල තිබ්බෙ යුද්ධය කියන ගේම් එක උඩ.

දකුනේ ලොකු තැනගෙ දේසපාලනේ එල්ලිල තිබ්බ නූල තමයි රට ජාතිය වෙනුවෙන් කොරපු යුද්දෙ.
බඩුවල ගාන වැඩියි කිව්ව එව්වොන්ට දුන්න උත්තරේ යුද්දෙ.මාධ්‍ය නිදහස ගැන කිව්වම කිව්වෙ යුද්දෙ යනව රට ජාතිය වෙනුවෙන් ඉවසපන් කියල.එහෙම ඉවසන්න බැහැ කිව්ව නාහෙට නාහන මාධ්‍යකාරයොන්ට බඩ පිරෙන්න බඩු ලැබුන.
පඩි වැඩිකරන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - යුද්දෙ යනව ඉවර වෙලා ඕනෙ තරම් වැඩි කොරඤ්ඤං කියන එක.
හොරකං නවත්තන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - රට ‍බේරගන්න යුද්දයක් යන අස්සෙ ඔව්ව බලන්න ඇහැකිද පස්සෙ බලන්නං කියන එක.
මහ තැන ඇල්ලුවෙ ලොකු සූදුවක්.එක කාඩ් එකක් ගැස්සුනොත් පොලිටිකල් කැරියර් එකම විනාසයි.

උතුරෙ මහ තැන කලෙත් ජාතිය වෙනුවෙන් යුද්දෙ.උන්නැහෙගෙ බලයත් එහෙම්පිටින් බේස් වෙලා තිවුනෙ කොච්චර හොදට ගේම දෙනවද කියන එක උඩ.රස්සා නැති කොල්ලොන්ට තිබුන උත්තරේ ඊලම ලැබුනම සේරම විසදෙයි කියන එක.නස්තාර් වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට හම්බවුන උත්තරේ ජාතිය වෙනුවෙන් යුද්ධ කරපන් ඊලම හම්බුනාම වැඩේ ගොඩ කියන එක.
යාපන විස්ස විද්දියාලෙ ආචාර්යලා කොටි මානව හිමිකම් කඩනව කිව්වම කිව්වෙ යුද්දෙ යනව ජාතිය වෙනුවෙන් ඒක ඉවසපන් කියල.විරුද්ද අදහසක් කියපු දෙමල දේසපාලකයො සමූලඝාතනේ කොරද්දි කිව්වෙ ජාතිය වෙනුවෙන් මේක නොකර බැහැ කියල.
දකුනෙ බස්වලට බෝම්බ ඇටවුනේ ජාතිය වෙනුවෙන්.
උතුරෙ ඔලුවලට අහසින් බෝම්බ වැටුනෙත් ජාතිය වෙනුවෙන්.

ඒ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඊලම කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.
මේ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඒකීය රාජ්ජය කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.

උතුරෙ මහ තැන මරල දැම්මට පස්සෙ උතුරෙ සාමාන්‍ය පංතියෙ කොල්ලො යුද්ද කරල මැරෙද්දි උතුරෙ මහතැන ගෙව්වෙ මාර ෆන් ලයිෆ් එකක් කියල පෙන්නන්න උන්නැහෙ හිටපු මාලිගාවල පොටෝ දකුනේ පත්තර වල දැම්ම.ස්විමිං පූල් වල වීඩියෝ ටීවි වල ප්‍රදර්සනය කොලා.
උතුරෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි උතුරෙ මහ තැන මාලිගාවල හිටිය එක හැබෑව වගේම දකුනෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි දකුනෙ මහ තැන හිටියෙත් මාලිගාවක තමයි.උතුරෙ ලොක්කගෙ මාලිගාව ගැන පුරස්න කරන මාධ්‍ය බුවාල ආසාවකට දකුනෙ මහ තැන යුද්දෙ කොරද්දි හිටියෙ කොහෙද ගත කොරපු ජීවිතේ සුඛෝපභෝගීද නැද්ද කියල අහන්න ඉස්සර වුනේ නැහැ.

දකුනෙ මහ තැන වගේම උතුරෙ ලොක්කත් පවුලෙ ලමයින්ට හරි ආදරෙයි.දෙන්නගෙම ලමයි ඉගෙන ගත්තෙ රට.දකුනෙ ලොකු පුතා එංගලන්තෙ ගිහින් ලෝ කොලා.අනිත් පුතා එංගලන්තෙ ගිහින් නාවික හමුදා සිල්පෙ ඉගෙන ගත්ත.
උතුරෙ ලොක්කගෙ පුතත් ඒ වගේ.ඒරොප්පෙ ගියා.පෙලහර පෑව.ඉංජිනේරු සිල්පෙ ඉගෙන ගත්ත.
වන්දිභට්ටයො ආයුබෝ වේවා කියල මෙහෙ ලොක්කට ප්‍රශස්ති ගීත හැදුව.
එහෙ වන්දිභට්ටයො හිරු දෙයියෝ කියල එහෙ ලොක්කට ප්‍රශස්ති ගිත හැදුව.

මාරාන්තික ජනමාන්තර හතුරො කියල බැලූ බැල්මට පෙනුනට ඒ ලොක්කයි මේ ලොක්කයි කොච්චර සමානද?පුලස්තිට හිතෙනව.
දෙන්නම දෙපැත්තට වෙලා දාං ඇද්ද.ජහමනයා ඉත්තො වෙලා කියන කියන විදිහට කොටුවෙන් කොටුවට පැන්න.
දෙන්නම තමුන් අදින්නෙ දාං දින්නොත් ගොඩයන්නෙ තමුන් කියල දැනං හිටිය.තමුන් ජාතිය වෙනුවෙන් කොටු පනිනව කියල ආඩම්බරෙන් හිතාගෙන ජහමනයාත් කොටුවෙන් කොටුවට පැනල බෙල්ල දුන්න.

ඒකෙන් මේකෙන් අන්තිමට උතුරෙ මහ තැන සෙල්ලමෙන් පැරදුනා.පැරදුන හින්ද දැන් කවුරු කවුරුත් උන්නැහෙට ද්‍රෝහියා කියනව.ත්‍රස්තවාදියා කියනව.මාලිගාවල හිටිය කියනව.මිනී මැරුව කියනව.උන්නැහෙගෙ උපන් ගෙදරත් සමතලා කරනව.ඒක උඩ සුපර මාකට් දානව.උන්නැහෙගෙ අවුරුදු දොලහේ පොඩි එකා මරපු එකත් මාර ෆන් කියනව.
පුලස්තිට තියන පුරස්නෙ සරලයි.
එහෙ උන්නැහෙ ද්‍රෝහියා වෙන්නත් මෙහෙ උන්නැහෙ විරයා වෙන්නත් හේතුව මොකක්ද?
එහෙ උන්නැහෙ විතරක් මිනීමරුව වෙන්නත් මෙහෙ උන්නැහෙ මිනී නොමරුව වෙන්නත් හේතුව මොකක්ද?
කොටින්ම කියනව නං එකම පෙතේ දෙපැත්තට වෙලා දාං ඇදපු මේ දෙන්නගෙ වෙනස මොකක්ද?
එක උන්නැහෙ කෙනෙක් සෙල්ලම දින්න එකයි අනිත් උන්නැහෙ සෙල්ලම පරාද උන එකයි හැරෙන්න පුලස්තිට නං මුන්නැහෙල දෙපලගෙ පේන එහෙමට වෙනසක් ඇත්තෙම නැහැ.



Sunday, June 13, 2010

කවන්ධය බැසිල්ගේය - ඔලුවයි ආත්මයයි සජින් වාස් ගුනවර්ධනගේය


රාජපක්ස සහෝදර සමාගම ගැන විවේචන ගේනකොට ජැක්සන් ඇන්තනී බොස් උත්තර දෙන්න මිඩංගු කොලේ වචන තුනයි.
"ඉතිහාසෙත් මෙහෙම තමයි! "

රාජපක්ස සඕදරයො තුන්දෙනා වගේ නැනින් නුවනින් තේජසින් අගතැන්පත් තුන් කට්ටුවක් පහුගිය කාලෙ අපේ රටේ මාධ්‍ය ඈයොන්ට හිටියෙම නැහැ.මිනිස් කුසකින් උපන්න මිනිස් පරාන තුනකට වගේ නෙමෙයි මේ තුන් කට්ටුව ගැන කතා වුනේ.ආස්චර්යය පාන්න පුලුවන් මහා බුවාල තුන්දෙනෙක් ගැන වගෙයි මාධ්‍ය බුවාස්ලා මහින්ද,ගෝඪාභය ,බැසිල් සඕදරයන් තුන්දෙනා ගැන ලිව්වෙ.කිව්වෙ.
යුද්ධය දිනා දුන් රනබිමේ නියමුවා ගෝඨාභය.
උන්නැහෙට පරපීඩක කාමුකත්වය තියන ස්ත්‍රී දූසන දුසිමක් කොරපු ආයුද හොරකම් කොරන වලත්තයෙක්ව උනත් දක්ෂ හමුදා නායකයෙක් කොරන්න ඇහැකි.කොහොමෙයි හැකියාව?
යුද්ධයට මග පෙන්වූ ජාත්‍යන්තරය දන ගැස්වූ විරයා මහින්ද.
ජේආර් යුද්දෙ කොරද්දි මුලු ලෝකෙම ජේආර්ට විරුද්ද වුනා.ජේආර්ට බැරි වුනා මේව නවත්තගන්න.ඒ වගෙය මහින්ද?කොහොමෙයි ජාත්යන්තරේ කලමනාකොරනය කල අපූරුව?ඉන්දියාව එහෙම දන ගස්සපු එක සිම්පල් වැඩක්ය විස්වකර්ම වැඩක් මිස? -
("දන ගහපු" ඒවයෙ එරියස් එක්ක දැන් සීපා වලින් අල්ලන්න යනව කියන එක පොඩ්ඩක් අමතක කරමු )
දුටුගැමුනු යුද්ද කරද්දි සද්ධාතිස්ස දකුන අස්වැද්දූවේ යම්සේද දොරින් දොර සිනා කැන් කැන්දමින් දකුනේ සංවර්ධන සංග්‍රාමේ කොලේ බැසිල්.මේ මහා යුද්ධයක් මැද්දෙ ලේසි පාසු සංවර්ධනයක්ද කොලේ.සංවර්ධනේ ගැන බැසිල්ට තියෙන නොලේජ් එක වෙන මොකාටවත් නැති හින්දනෙ ආන්ඩුවෙ නිල නොවන ලොක්කා විදිහට උන්නැහෙ ඒ වංගියෙ හිටියෙ.
රාජපක්ස සහෝදර තුන් කට්ටුව මේ හින්ද හිතාගන්න වත් බැරි වැඩ කොරන්න පුලුවන් මාරම පවුලක් විදිහටයි රාජ්‍ය රාජ්‍ය නොවන ජාතික විජාතික හැම මීඩියා එකකින්ම ලොකුවට පෙන්නල දුන්නෙ.

බැසිල් උතුමානන්ට ගම්පහ චන්ද ලක්ස 4ට වැඩිය හම්බුනෙ මේ සංවර්ධන ඉමේජ් එක හින්ද.විස්මකර්ම පවුලකින් පැවතගෙන එන මේ මහා සංවර්ධන මැජික් ලාම්පුව අත ගාපු ගමන් සංවර්ධන භූතයා එලියට එයි කියල ගම්පහ බුඩ්ඩිමත් ජනතාව කල්පනා කොරපු බවක් පෙනුන.ඒ පුදපු උපහාරෙට හරියන්න තියන හොදම අමාත්‍යංස කෑලි ටික එක්කාහු කොරල රජතුමා බැසිල් උතුමානන්ට බාර දුන්නා හා හා පුරා කියල අලුත් අමාත්‍යංසයක් - ආර්ථික සංවර්ධන අමාත්‍යංසය.කොහොමද ‍නම?තේජස බේරෙනව නේද?

සංවර්ධන අමාත්‍යංසය ගත්ත විතරයි බැසිල් උතුමානන් බැස්ස වැඩට.පොඩි පොඩි සද්ද උන්නැහෙට පුරුදු නැහැ.දානවනම් දාන්නෙ රටටම ඇහෙන ලොකු සද්දයක්.තමන් යටතේ තියන සංචාරක අමාත්‍යංසය පාවිච්චි කොරල වසරේ සංවර්ධන ව්‍යාපෘතිය හා හා පුරා කියල උන්නැහෙ පටන් ගත්තෙ මේ අනුව.ව්‍යාපෘතියෙ නම අයිපා.

http://www.lakbimanews.lk/news/laknew2.htm

ලක්බිමනිව්ස් ඉංගිරිසි පත්තරේ වැටුන මේ ලිපිය කවුරු කවුරුත් කියවල බලන්න වටින ලිපියක් කියලයි පුලා හිතන්නෙ.මේව ඉංගිරිසියෙන් දැම්මට ආසාවකට සිංහල ජහමනයාට කියවන්න හිංගලෙන් දාන්න තරම් අපේ මාධ්‍ය බුවාලට කොන්දක් නැත්තෙ ඇයිද කියල පුලස්ති දන්නෙ නැහැ.ලක්බිමනිව්ස් එකේ යන සීන් ලක්බිමේ නැහැ.අයිලන්ඩ් එකේ යන සීන් දිවඉනේ නැහැ.
ඇත්තට ලෝකෙ රටේ වෙන දේවල් දැනගන්න ඕනෙ ඉංගිරිසි කියවන කීපදෙනෙක් විතරයි සිංහල ජහමනයාට ඒව කැප නැහැ කියල මාධ්‍ය බුවාල හිතනව වගේ.

ඒකෙන් මේකෙන් ලිපියෙන් කියන දේවල් මෙහෙමයි.

1.අයිපා එකට ගිය මුලු වියදම එහෙම් පිටින්ම දරල තියෙන්නෙ ලංකාවෙ සංචාරක මන්ඩලේ.ඉන්දියාවේ අයිපා සම්මාන උලෙල කොරන ආයතනෙ සත පහක වියදමක් ඒකට දරල නැහැ.
අයිපා කියන්නෙ ඒ සමාගමේ ප්‍රොජෙක්ට් එකක්.ඒ කියන්නෙ ඇත්තටම වෙලා තියෙන්නෙ කොහෙවත් සමාගමක ප්‍රොජෙක්ට් එකක් සම්පූර්නයෙන් ලංකාවෙ ආන්ඩුවෙ වියදමින් කොරල දෙන එක.

2.අයිපා මුලු වැඩේට බිලියනකට කිට්ටු ගානක් සංචාරක මන්ඩලේ යට කොරල තියනව.ටිකට් වලින් හම්බෙල තියන ඉන්කම් එක මිලියන 15ටත් අඩුයි.ලංකාවෙ ඈයොන්ට තිබුන ටිකට් 500 කින් විකිනිල තියෙන්නෙ 75යි.ටිකට් 340 ක් ආන්ඩුවෙ ඇමතිවරුන්ගෙ පවුලෙ අය ජනාධිපති ලේකම් කාර්යාලෙ නිර්දේස කොරපු උදවියයි අතර නොමිලේ බෙදල දීල තියනව.ඉන්දියාවෙ ඉදන් අයිපා බලන්න එනවය කියපු උදවියට කටුනායක ඉදල දාපු විසේස කෝච්චියේ එක ටිකට් එකක්වත් විකිනිල නැහැ!

3.සල්මන් කානුයි තවත් ඉන්දියාවෙ නිලියකුයි හෙට අනිද්ද ආයෙත් සංචාරක අමාත්‍යංසයෙ ආරාධනෙන් ලංකාවට එන්න නියමිතලු.ඒකෙ සම්පූර්න අනුග්‍රහයත් සංචාරක මන්ඩලෙන්.මේ සේරම අහවර වෙද්දි වෙන වින්නැහිය පත්තරේට තොරතුරු දුන්න බුවා හදුන්වල තිබ්බෙ financial disaster එකක් -මහා ආර්ථික වින්නැහියක් විදිහට!මුලු පාඩුව මිලියන 300 පනී කියල තමයි පත්තරේ තියෙන්නෙ.

මේව දකිද්දි එන පුරස්න කීපයක් පුලා කොලේක ලියාගත්ත.

1.මිලියන් ගනන් මේ වගේ ගොබ්බ විදිහට නාස්ති කොරන්නෙ මේ රටේ ලක්ස ගානක් මිනිස්සු උතුරෙ හරියට ගෙයක් නැතිව තහඩු කෑලි දෙක තුනක් අටෝ‍‍ගෙන අනාථයො වගේ වැටිල ඉන්න වෙලාවක.රටේ මිනිස්සු කොට්ටාසයක් අනාථ වෙලා ඉන්න වෙලාවක ඒව වෙනුවෙන් වියදම් කොරන්න ඕනෙ සල්ලි මේ වගේ ගොං විදිහට වියදම් කොරන එක වැහි නැති වෙලාවක හෙන පාත්වෙන්න ඕනෙ විදිහෙ ක්‍රියාවක් නෙමෙයිද?

2.මේ විදිහෙ සල්ලි නාස්ති කිරීමක් වෙනකොටත් රටේ බුවාල කට පියාගෙන ඇයි?දේසප්‍රේමින් කියල මහ සද්දෙට ලෝකේට ඇහෙන්න කෑ ගහන තමන්ට විරුද්ද මතයක් ගේන එව්වොන්ට අවජාතකවාදියො කියල බැන අඩගහන බුවාල ට මේව පේන්නෙ නැද්ද?පෙනුනත් පෙනුනෙ නැහැ වගේ වෙන අහක් බලාගන්නවද?
රටේ මිනිස්සුන්ගෙ යහපතට දාන්න ඕනෙ සල්ලි මහ දවල් මේ වගේ කාබාසිනියා කොරනකොට ඒක ගැන කට ඇරෙන්නෙ නැති එකාගෙ තියන දේසප්‍රේමය මොකක්ද කියන එක පුලස්තිට පුරස්නයක්.රටට ඇත්තටම ආදරේ නං මේ වගේ වෙලාවට තමයි කටවල් ඇරෙන්න ඕනෙ.

3.ආර්ථික සංවර්ධන විසේසඥ සුපර් පවර් තියන පවුලේ සංවර්ධන යෝදයාගෙ අමාත්‍යංසෙ පලවෙනි ප්‍රොජෙක්ට් එක මේක.මාධ්‍ය බුවාල අපිට ඇන ඇන කිව්ව ආර්ථික කලමනාකොරන හැකියාව අයිපා එක පුරා බේරෙනව.විස්මකරුම පවුලේ විස්මකරුම සඕදරයෙක් මේ රටට විස්වකරුම විදිහෙ පාඩුවක් තමුන්නෙ පලවෙනි ප්‍රොජෙක්ට් එක විදිහට කොරල තියනව.
පුලා අහන්නෙ මෙච්චරයි.
බැසිල් උන්නැහෙට තියෙනව කිව්ව අර මහා සංවර්ධන ඥානය - ඒකට මක්කයි උනේ?
බැසිල්ගෙ කවන්දෙට මිහින් එයාර් කෝටි ගානක් කාබාසිනියා කොරපු සජින් වාස් වැහිලද නැත්තං ඇත්තටම බැසිල් කියන්නෙත් මේක ලියන පුලයි කියවන තමුන්නැහෙලයි වගේ නෝමල් බුවෙක්ද?

මේක මිත්රවරුනි වීරයෝ බූරුවෝ වෙන යුගයක්.දිව්ය බල තියනව කිව්ව විස්වකර්මයො නිකම්ම නිකම් ලොස් පොරවල් වෙන කාලයක්.



Saturday, June 12, 2010

ආන්ඩුව අධෝමුඛයේ ඇගිලි ගහන විට සනිපයි අනේ තව තව කියන ඇත්තෝද මෙසිරිලක දිවි ගෙවති


පුලස්ති අන්තිම පාර ලියුව සටහනට පෙරමුනේ රාලගේ කන්ඩායමේ ලීඩිං ප්ලෙයර් නෝ ප්‍රේම් ආයිත් ගුස්තියක් ඇදපු ආරංචිය පුලාට හම්බවුනේ ටිකක් පරක්කු වෙලා.දවසේ වැඩ ඉවර වෙලා මහන්සි වෙලා ගෙදර ආපු වෙලාවෙ මේ ආරංචිය හම්බුනාට පස්සෙ පුලස්ති කල්පනා කොලා.
මුන්නැහෙට උත්තර දෙනවද?
මදුරු කොයිල් එකක් පත්තු කොරගෙන නිදාගන්න යනවද?
නිදාගන්න එක යෙහෙකි කියල හිතුනත් ආයෙත් මොටද කියල පුලස්ති කල්පනා කොරපු හින්දයි මේ කෙටි උත්තරේ ලියන්නෙ.

පෙරමුනේ රාලගෙ ටීම් එකේ රැස් ටිකක් බැහැපු ගතියක් තමයි පහුගිය ටික දොහේ පේන්න තියෙන්නෙ.කුරානය ගැන විග්රහ කොරන්න ගිහින් රාලගෙ ටීම් එකේ රිසර්ව් ගහන පිටියෙ අප්පු හත් පොලේ ගාගත්තට පස්සෙ පිටියෙ අප්පු වැඩිය ලියන්න කොරන්න යන්නෙ නැහැ.යූ ටියුබ් වීඩියෝවක් දාල නම ඉස්සරහ එක ලකුනු කොරගන්නව.
විසල් අප්පු කියන උන්නාන්සෙත් ‍නෝ ටෝක් නෝ ස්මයිල්.පස්චාත් වෛද්‍ය උපාධිය හමාර කොරල හරි වෛද්‍ය උපාධියේ වැඩ තියෙද්දි රට ජාතිය බේරගන්න එක ඊට වැඩිය ඉම්පෝර්ටන්ට් හින්ද හරි ගේමට එන්ටර් වෙලා ඉන්න මිගාර දොස්තර බොස් පෙරමුනෙ රාල එක්ක නෝ ප්‍රේම් නමින් මුලු කන්ඩායමේ බර අදිනව.රෙදි හෝදනව.
ආතල් එක කියන්නෙ මිත්‍රවරුනි නෝ ප්‍රේම් අන්තිමට ලියපු ලියමන් හතරෙන් දෙකක්ම ලියල තියෙන්නෙ පුලා ගැන!
මුල් කාලෙ නං මෙහෙම දෙයක් උනාම මුල්ගම්පොල ගමම ආතල් එකෙන් ඇලලිලා ගියා වුනාට දැන් දැන් එහෙම ආදර පිලිගැනීමක් ගමෙන් උනත් පුලාට හම්බවෙන්නෙ නැහැ.
හේතුව අංක 1 - නම ඉන්ටර්නෙට් එකෙන් වැටෙන එක වුනත් හැමදාම වුනාම ඕල්වේස් දකින කුකුලාස් කරමල වයිට් වෙනව
හේතුව අංක 2 - නෝ ප්‍රේම් කියන නම අපේ ගම් වලට එච්චර දිරවන්නෙ නැහැ.මිගාර දොස්තර බොස්ගෙ නමට තියෙන කීර්තිය ද මොකක්ද එක බියොන්ඩ් ප්‍රේම්ගෙ නම කොපි කොරල හදාගත්ත මේ දියාරු නමට නැහැ නෙව.

පුලා අන්තිමට ලියුව ලියමනේ හරය ආන්ඩුවට මිනිස්සුන්ගෙ අධෝමුඛේ ඇගිලි ගහන්න එපා කියන එක.පුලස්ති නම් එහෙම ඇගිලි ගහනවට මනාප නැහැ.ඒත් තමන්ගේ අධෝමුඛේ ඇගිලි ගහන එක සනීපයි කියල හිතන ඒකට මනාපයක් තියන ඒකෙන් මාර සැපක් ගන්න නෝ ප්‍රේම් වගේ බුවාලත් ඉන්න එක හරිම සෝයි වැඩක්.
ඉරිදට ලමය ටියුසන්ද යන්නෙ දහම් පාසල්ද යන්නෙ කියන එක තීරනය කොරන එක ලමයගෙයි ලමය වදාපු අම්මගෙ අප්පගෙයි වැඩක් කියලයි පුලා කිව්වෙ.නීතිය පිලිගත්ත වැඩකට ලමය යොදවන කම් ඒකට ඇගිලි ගහන්න ආන්ඩුවටවත් මොකාටවත් බැහැ.මේ සිම්පල් තියරිය අල්ලගන්න බැරිව නෝ ප්‍රේම් විකාර කියවන්නෙ මේ විදිහට.

" එසේ නම් දරුවාට පුලස්ති පහර දුන්නත්, පාසල් නො‍යවූවත්, ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත්, අඩු වයසින් විවාහ කර දුන්නත්, මෙහෙකාර සේවයේ යෙදවූවත්, ගණිකා නිවාසයකට දුන්නත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආණ්ඩුවට අයිතියක් නොතිබිය යුතුය!"

දරුවව පුලස්ති ඉස්කෝලෙ යවන් නැහැ කියන්නෙ මොකක්ද?නීති විරෝධී වැඩක්.ඒකෙන් ලමයගෙ අයිතියක් කඩ වෙනව.ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත් අඩු වයසින් කසාද බැන්දුවත් ලමයගෙ අයිතියකට කෙලවෙනව.ගනිකා නිවාසෙට දැම්මත් වැඩකාරකමට දුන්නත් එහෙමයි.මේව වලදී ආන්ඩුව මැදිහත් වෙන්න ඕනෙ තමයි.මොකද මෙතන අපරාධයක් වෙනව.සමාජ විරෝධී වැඩක් වෙනව.අයිතිවාසිකමක් කඩ වෙනව.
ඒත් ඉරිදට ටියුසන් යවන එකෙන් - ඒ කියන්නෙ දරුවට උගන්නන එකෙන් - කඩ වෙන අයිතිවාසිකම මක්කද කිව්ව නං?
ලමයි ඉස්කෝලෙ අරින් නැතිව තියන එක හොද නැහැ කියන එකට ලෝකෙ පුරා රටවල ඈයො එකග වෙලා අත්සන් කොරපු ප්‍රඥප්ති තියනව.ලමයි ගනිකා සේවයේ යොදෝන එක,වැඩකාරකමට දෙන එක අපරාධ විදිහට පිලිගෙන සයින් කොරපු ජාත්යන්තර එකගතා තියනව.ලමා අයිතිවාසිකම් වගේ එව්ව අපේ රටවල ලෝකල් නීතියට එන්නෙ මේ ජාත්‍යන්තර සම්මුති වලින්.
දැන් ලමයෙක් ඉරිදට ටියුසන් යවන එක ඒ විදිහෙ ලමා අයිතිවාසිකම් කඩවීමක් කියල අත්සන් කොරල තියෙන ප්‍රඥප්තිය ‍මක්කද කියල අපිටත් දැනගන්න කිවුව නං?

ලමයගෙ කිසි වැඩකට ආන්ඩුව මැදිහත් වෙන්න බැහැ කියල පුලස්ති කියල නැහැ.පුරවැසියන්ගෙ වැඩ වලින් එහෙම්පිටින් අයින් වෙලා තපස් රකින කොරොස් යකා වගේ කට බලියගෙන ආන්ඩුව ඉන්න ඕනෙ කියන එක නෙමේ පුලා කියන්නෙ.ආන්ඩුව තියෙන්නෙ සමාජයේ වැඩ ටික කලමනාකොරනය කොරන්න.එතකොට ලිමිට්ස් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ නිදහසට අනවස්‍ය විදිහට ඇගිලි ගහනව නං කඩාගෙන පනිනව නං ඒක වැරදියි.ආන්ඩු මිනිස්සුන්ගෙ නිදහසට ගරු කොරන්න ඕනෙ.කාටවත් හානියක් නැති වැඩක් කවුරු හරි කොරනව නං ඒකෙන් සමාජෙට පුරස්නයක් වෙන්නෙවත් කාගෙවත් අයිතියක් කඩවෙන්නෙවත් නැත්තං මිනිස්සුන්ගෙ පුද්ගලික වැඩ වලට ඇගිලි ගහන්න ආන්ඩුවට ඉඩක් නැහැ.

ඇප්ගනිස්තානෙ තලෙයිබාන්ල පිරිමි රැවුල වවන හැටි ගැන නීති දාන්න ආව.ගෑනු අදින ඇදුම ගැන නීති දාන්න ආව.
සිංහල රජ ‍කාලෙ උඩරට රජ්ජුරුවො පල්ලෙහා කුල වල ඈයො අදින හැටි නාදින හැටි ගැන නීති දැම්ම.ජර්මනියෙ හිට්ලර් ගොයිය යුදෙව්වො ඇදුමෙ තරුවක් ගහගෙන යන්න ඕනෙ කියල ලිමිට් දැම්ම.
මේ හැමදේම ආන්ඩු ලිමිට් පන්නල එක්ස්ට්‍රීම් ගිය තැන්.ඇප්ගනිස්තානෙ පිරිමි යට රැවුල වැවුවත් නැතත් ඒකෙන් කාටවත් ඇති ක‍රදරයක් නැහැ.පල්ලෙහා කුලේ එකා උඩුකය වැහෙන්න රෙද්දක් ඇන්දට ඒකෙන් කාගෙවත් ඇගේ මයිල් ගැලවෙන්නෙ නැහැ.යුදෙව්වා තරුවක් නොගහගෙන ගියාට ආර්ය බුවාස්ලාට පිලිකා හැදෙන්නෙ නැහැ.පුද්ගලික වැඩ වලට කැමති කැමති විදිහට ඇගිලි ඔබ්බන එක බලයෙන් මත් වෙච්ච උද්දච්ච ඒකාදිපති ආන්ඩු ඉතිහාසෙ පුරා කොරපු දෙයක්,කොරන දෙයක්.

නෝ‍ ප්‍රේම් ඊට පස්සෙ මෙහෙම කියනව.

"කුඩු ගැසීම නිතිවිරෝධී කර ඇත්තේ ආන්ඩුව මිසක් වෙන අයෙක් නොවේ. නැත්නම් කුඩු ගැසීම නීති විරෝධි නැක. කුඩු ගැසුවා කියා වෙන කාගේවත් අයිතියකට කෙළ වෙනෙනද නැත."

කුඩු ගහන එක ආන්ඩුව තහනම් කොරල තියන හින්ද අපරාදයක්.ඒ වගේ ටියුසන් තහනම් කොලාම ඒකත් අපරාදයක් වෙනව.එතකොට දෙකම එක වගේ වෙනවයි කියන එකයි මුන්නැහෙගෙ තර්කෙ.මුන්නැහෙට අනුව කුඩු බිස්නස් වලින් සමාජෙට නරකක් වෙන හින්ද ඒක අපරාදයක් හින්ද තහනම් කොලා නෙමෙයි.තහනම් කොරපු හින්ද කුඩු බිස්නස් කියන එක නරක එකක් වුනා.

කුඩු නීති විරෝදී වෙන්නෙ මක්කෙයි?මේ ගැන පුලා දන්න අදුනන සුපුන් නීතිඥ බොස් නියම ආන්ස්වර් එකක් දුන්න.
සිවිල් වැරදියි අපරාද වැරදියි කියන්නෙ වර්ග දෙකක්.සිවිල් වැරදි ඇතිවෙන්නෙ තනි පුද්ගලයො දෙන්නෙක් අතර.අපරාද වැරැද්දක් එහෙම නෙමෙයි.මම මගේ අල්ලපු ගෙදර මිනිහ මැරුවය හිතමු.ඒකෙදි කඩවෙන්නෙ උන්නැහෙගෙ අයිතිය විතරක් නෙමේ.අපරාද ගැන බයක් සමාජෙ පැතිරෙන හින්ද සමාජෙම අයිතියක් කඩ වුනා කියලයි සැලකෙන්නෙ.සිවිල් නඩුවලදි වගේ නෙමෙයි අපරාද කේස් වලදී රජය මැදිහත්වෙලා නඩු දාන්නෙ ඒකයි.
කුඩු ගහන එකෙන් එක පාරට බැලුවම පේන්නෙ කුඩු ගහන එකාටවත් මක්කවත් වෙන්නෙ නැහැ කියල.ඒත් කුඩු කියන්නෙ නිකම් කුඩු ටික හලාගෙන උරන එක නෙවි.ඒක ක්‍රියාවලියක්.ඒව ගහන උන් වෙනම මානසිකත්වයකට ගිහින් පිස්සු කෙලිනව.දේපල වලට කෙලවන්න ඉඩ තියෙනව.මනස විකෘති කොරන නිසා අපරාද වලට පෙලඹෙන්න තියන පොසිබිලිටිය වැඩියි.මේක සමාජෙට ත්‍රෙට් එකක් හින්ද කුඩු බිස්නස් එක තහනම් බිස්නස් එකක් අපරාද වගකීම වැටෙන ජොබක් විදිහට බෑන් කොරල තියනව.කුඩු වල දරුනු කම හින්ද ඒක ලගතියාගෙන ඉන්න එක වුනත් ඒ හින්ද තහනං.මොකද ඒකෙන් බිස්නස් එකට අනුබලයක් වෙනව කියල සැලකෙන හින්ද.

පුලා මේ හෑල්ල කිව්වෙ මක්කෙයි?නෝ ප්‍රේම්ගෙ ප්‍රේම් එකට නොපෙනුනට කුඩු බිස්නස් වලින් සමාජෙ අයිතිවාසිකම් කඩවෙනව.සමාජෙට ඒක පුරස්නයක් වෙනව.මේ කාරනේ ලෝකෙම පිලිගත්ත එකක් හින්ද තමයි අන්තරාදායක මත්ද්‍රව්‍ය වගේ දේවල් නවත්තන්න ලෝකෙ පුරා රටවල් ඇග්රීමන්ට් වලට සයින් කොරල බුදු ගේමක් දීල තියෙන්නෙ.හොරකම් කොරන එක,මිනී මරන එක,කුඩු විකුනන එක,ගෑනු දූසනේ කොරන එක මේව නීති විරෝදී කොරල තියෙන්නෙ පාලකයන්ට ෆන් එකක් ගිය හින්ද නෙමෙයි.මේවයින් සමාජයට පුරස්නයක් වෙනව මේව සමාජයේ අයිතිවාසිකම් ක‍ඩ කොරන ඉන්සිඩන්ට්ස් හින්ද.

දැන් පුලස්ති ආයෙත් අහන්නෙ මෙච්චරයි.ඉරිදට ලමයෙක්ව ඉගෙන ගන්න අතිරේක පංතියකට යැව්වය කියල සමාජෙට ත්‍රෙට් එකක් තියනවද?කාගෙවත් ඇගේ හොරි හැදෙනවද?කාටවත් බඩ එලිය යන්න ගන්නවද?
කුඩු විකුනන එකයි,ගෑනු දූසනේ කොරන එකයි එක්ක මේ හින්ද ඉරිදට ටියුසන් යන එක සංසන්දනේ කොරන්න බැහැ.අරව තහනම් කොරපු රීසන් එකක් තියනව.ඒ රීසන් එක ටියුසන් යනව වගේ කාටවත් කරදරයක් නැති පුද්ගලික ජීවිතේ වැඩකට ආදේස කොරන්න බැහැ.
කුඩු බිස්නස් කියන අපරාධයයි ටියුසනුයි එක වගේ කියල කියන කෙනෙක් ඉන්නව නං පුලාට ඇත්තටම පුදුමයි.ඇත්තටම උන්නැහෙ ඇම් බී බී ඇස් නං වෙන්න බැහැ.සමහර විට නෝ ප්‍රේම් ඇත්ත වෙන්නත් ඇති.‍නෝ ප්‍රේම් කියල ලියන්නෙ මිගාර වෛද්‍ය බොස් නොවෙන්නත් ඇති.පන්හිද එක්ක ලියුව වංගියෙ නං මිගාර දොස්තර බොස් මේවගේ ගොබ්බ සැසදීම් කොලා කියල මතකයක් පුලාට නැහැ.

නෝ ප්‍රේම් මෙහෙමත් කියනව.

"ඉරිදා ටියුෂන් පන්ති පැවැත්වීම මගින් දහම් පාසල් යාමට දරුවන් අධෛර්යමත් කිරීමක් සිදු වේ."

දැන් අපි ඔය ලයිස්තුව හුරතල් ලමයි දෙන්න වගේ එක්කාසු වෙලා තව දික්කරමුද නෝ ප්‍රේම්?

ඉරිද ටියුසන් තහනම් කොලා කියමු.ඉරිද උදේට ටිවි එකේ ස්කුබි ඩූ පෙන්නව.හාමුදුරුවොන්ගෙ බන අහනවට වඩා ස්කුබි ඩූ කොච්චර සෝයිද?ඒකෙන් ලමයි දහම් පාසල් නොයා ගෙදර රැදෙන්න ඉඩ තියනව.දහම් පාසල් යන එක අධෛර්යමත් වෙන්න ඉඩ තියනව.
එහෙනම් ඉරිද උදේ කාටුන් පෙන්නන එකත් තහනම් කොරමුද?

ඉරිද ටියුසනුත් නැතිව නිවාඩු කොලාම පස්සෙ සමහර ලමයි දහම් පාසල් යන්නෙ නැතිව දවල් වෙනකම් නිදාගන්න ඉඩ තියනව.පුලා වගේ නාහෙට නාහන එකෙක් නං ‍කොරන්නෙම් ඕක තමයි.දැන් ලමයින්ට දවල් වෙනකම් නිදාගන්න දුන්නොත් දහම් පාසල් යන එක අධෛර්යමත් වෙනව.පනතක් ගෙනල්ල ඉරිද දවල් වෙනකම් නිදාගන්න එකත් තහනම් කොරමුද?
දහම් පාසල් යන එක අධෛර්යමත් කොරන තව කොච්චර රීසන් තියෙන්න පුලුවන්ද?දැන් මේ හැම එකක්ම තහනම් කොරන්නද යන්නෙ?එතකොට හරිද?ඇගේ වාත අමාරුව හොද වෙයිද?

ලමයෙක් දහම් පාසලට යන්නෙ නැතිව ටියුසන් යනව නං ඒකට රීසන් එකක් තියනව.ඌට දහම් පාසලට වඩා ටියුසන් එක වටිනව.ගාථා පාඩම් කොරනවට වඩා ගනන් ටිකක් ඉ‍‍ගෙන ගන්න එක හොදයි කියල ඌ හිතනව.දහම් පාසල් ඔච්චර සෝයි නම් ටියුසන් අයින් කොරල දහම් පාසල් යන්න එපැයි.තමන්ව ප්‍රමෝට් කොරගන්න දහම් පාසලට ඕනි නං කොරන්න තියෙන්නෙ ඒකට මොනව හරි වැඩපිලිවෙලක් හදන එක.ටියුසන් කියන තරගකාරයා එක්ක තරග කොරන්න බැරිව ආන්ඩුව ලව්ව තග දාල බලෙන් තරගකාරයා දන ගස්සන එක අලුතින් ආපු සෙල්ෆ් සර්විස් තියන කාගිල්ස් එක එක්ක තරග කරන්න බැරි පරන විදිහට බඩු විකුනන මුදලාලි රෑට චන්ඩි ලව්වා කාගිල්ස් එකේ වීදුරු කුඩු කරනව වගේ දෙකයි පනහෙ වැඩක් කියල අවසන් වසයෙන් පුලස්ති ප්‍රකාස කොරනව.


පසු වදන - (පිටපත මහින්ද අබේසුන්දරගෙන්නං නෙමෙයි හැබැයි.නෝ ප්‍රේම්ට මාර පුරස්නයක් වෙලා තියෙන පුලාගෙ අනන්යතාව ගැන පුලස්ති ගෙඩිගේ ගෙන්)

1.නෝ ප්‍රේම් තමුන්නෙ ලියුම පටන් ගන්නෙ පත නෝ බෝල් එකකින්.පුලස්තිගෙ අනන්‍යතාව හොයන්න උන්නැහෙ හිනායන ගේම් එකක් දීල පුලස්ති = මකබාස් කියල සමීකරනයක් හදල.මකබාස් කියල ලියන මහත්තය මේක කියවනව නං කරුනාකරල අත දිග්ගරල නෝ ප්‍රේම් දැම්මෙ නෝ බෝල් එකක් කියල සංඥා කොරන්න.

2.නෝ ප්‍රේම් පුලා ගැන ලස්සන විස්තරේකුත් ඊට පස්සෙ කොරල තියනව.මුල්ගම්පොල වැඩිය උගත්කමක් නැති කෙනෙක් වගේ හිටියට පුලා කියන්නෙ කොලඹ ඉන්න ඉංගිරිසි දන්න පස්චාත් උපාධියක් කොරපු ඩයල් එකක්ලු!බුදු අම්මේ සනීපෙ.යම්තම් බොලොග් කෑල්ලක් අ‍ටවගෙන අත පත ගාල කොම්පියුටර් සාස්තරේ ඉගෙන ගත්ත පුලා ගැන මේ වැදගත් මහත්තුරු කොයි තරම් ඉහලින්ද හිතාගෙන ඉන්නෙ හැබෑටම.මේ ටික දකින්න පුලාගෙ මැරිච්ච අප්පච්චි වත් හිටිය නං කියල පුලා වෙලාවකට හිතනව.ඉස්කෝලෙ යන වංගියෙ වල බැහැල ගුටි කෑවට මහ ලොකුවට කැම්පස් ගිහින් අවුට් වෙලා ඉන්න බුවාලටවත් නැති පිලිගැනීමක් වර්නනාවක් නෙව පුලාට මේ හම්බවෙන්නෙ.

ජීවිතේ මල් නෝ ප්‍රේම් ඉන්න කල්!

3.තරහ අවසර.මොනව උනත් තමන්ට අයිති නැති ටයිටල් ගන්න පුලස්ති කැමති නැහැ.පුලස්ති අම්මපා කොලඹ නෙමේ.මුල්ගම්පොල.මුල්ගම්පොල තියෙන්නෙ නුවර.කොලඹ ඉදන් බස් එකේ එද්දි පේරාදෙනිය පාරෙ මල්වත්ත පහුකොරගෙන එන්න.අලුත් පාරට දාන්නෙ නැතිව කෙලිංම ආවම කිංග්ස්වුඩ් කියල තඩි ඉස්කෝලයක් හම්බවෙනව.ඒක ඉස්සරහ තියන ලුම්බිනි කියන ඉස්කෝලෙට තමා පුලා ගියෙ.
ඒ හරිය තමයි මුල්ගම්පොල.කිංග්ස්වුඩ් එක ගාව අතුරු පාරින් පල්ලෙහට බැස්සම හම්බවෙයි බාබර් සාප්පුවක්.ඒක කොරන බාබර් ගෙන් අහන්න පුලස්තිගෙ ගෙදර කොහෙද කියල.මේං කියල ඇගිල්ල දික්කරල පෙන්නයි.

එහෙනම් නිවාඩුවක් හම්බුනම එන්න නෝ ප්‍රේම්.දවල්ට කන්න කුරහන් තලපයක් එක්ක ගෝල්ඩ් ලීෆ් බටයක් දෙඤ්ඤං.ගම්මු අපි හිංගල බෞද්ධ මොඩර්න් ආතල් එකක්!











Thursday, June 10, 2010

ඉරිදා ටියුෂන් තහනම හෙවත් ආන්ඩුව මිනිසුන්ගේ අධෝමුඛයන්හි ඇගිලි ගැසීම


පුලස්තිගෙ අම්ම පුලස්තිට දහම් පාසල් යන්න කියලත් නැහැ.පුලස්ති ගිහිල්ලත් නැහැ.පුලස්ති ගිය ඉස්කෝලෙ මිස්‍ර එකක් හින්ද ගෑනු ලමයි එන දහම් පාසල පුලස්තිට අමුතු ආතල් එකක් උනෙත් නැහැ.

නගර වල අනවශ්‍ය විදිහට හැසිරෙන කපල්ස් රිමාන්ඩ් කොරන එකයි ඉරිද ටියුසන් තහනම් කොරන කතන්දරෙයි එකකට එකක් සෙට් වුන හොදට හිතල බලල ගත්ත තීරන වෙන්න ඕනෙය කියලයි පුලා හිතන්නෙ.දැලි රැවුලු එන වයස වෙනකොට කොල්ලො සීයේට අනූවක් දහම් පාසල් යන්නෙ සදාචාරෙ වර්දනය කොරගන්නද වර්දනය වෙච්ච වෙන මොකක් හරි චාරෙකට හරියන්න වෙනත් ෆන් එකක් ගන්නද කියන එක හංගන්න ඕනෙ දෙයක් නෙමේ.ඒත් දැන් දැන් කොල්ලොන්ට දහම් පාසලට වැඩිය ආතල් ස්පොට් ලව් සීන් වලට සෙට් වෙනව.හාමුදුරුවො ඔරවගෙන ඉන්න දහම්පාසලට වඩා ටියුසන් කැලෑසිය ඇහැට කනට පේන දැරිවියකට ඇල්ම බැල්ම දාන්න වටින තැන.කිසි ගතියක් නැති ලමා සාරියට වඩා ඇගේ හැඩේ බේරෙන කලිසම ගහල පංතිවලට එන දැරිවියො කොහොමත් ඇස පිනවන පිය දසුනක්.

දැන් ඉරිදට ටියුසත් බෑන් කොරල පාක්වල ඉන්න කපලුත් හතර අතේ අල්ලන්න ගත්තම මොකෝ වෙන්නෙ?
නාඹර වයසට එන යවුවන කොල්ලොන්ට තමන්ගෙ සොබාවික ආසාව පිරිමහගන්න තියන එකම තැන මොකක්ද?ඔන්න අර කතන්දර දෙක ලින්ක් වෙන තැන.අපේ බලදාරීන් මොනව නැතත් වස බුඩ්ඩ්මත් සෙට් එකක් කියන එක මේකෙන් ඔප්පු වෙනව.ඉරිද ටියුසන් තහනම් කොල පලියට අපේ කොල්ලො දහම් පාසල් යාවිය?හැබැයි කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ප්‍රසිද්ධ තැනක ඉන්න එකත් බෑන් කොලාම පස්සෙ ආස වුනා නැතා හරි කෙල්ලෙක්ට ඇහැක් වත් ගහන්න දහම් පාසලට හරි රිංගන එක හැර විකල්පයක් තියනවද?

"මෝඩ කතා කියන්න එපා මනුස්සයො" පුලාගෙ විග්‍රහය ඇහුවම පුලාගෙ බිරින්දෑ කිවුව.
"ඔය ලොකු ලොක්කන්ගෙ තීරන ගැන කතා කොරන්න ඔහෙට තියන උගත්කම මොකක්ද?"
"එතකොට අපිට දරුවෙක් හිටපු දවසට එයාට මොකෝ කොරන්නෙ?"
"දරුවෙක් නං දහම් පාසල් යවන්න ඕනෙ නැහැ.දැරිවියක් නම් යවන්න ඕනෙ"පුලාගේ වයිෆ් කියපි.
"ඇයි ඒ?"
"දැරිවියක් ඕකට ගියාට කමක් නැහැ.ගාතාවක් වත් පාඩම් කර ගන්නැතැ.දරුවෙක් නං වත්ත පහල බතල පාත්තියක් දාල දීල ඒක වගා දිගා කරන්න කියනව ඉරිද නිවාඩු නං.අඩුම තරමින් කීයක් හරි හොයාගන්නවත් ඇහැකි නෙව"
"හ්ම්" පුලා කිව්ව.පැලෑන් කොරාට වැඩක් නැහැ සේරටම කලින් පුලාට ලමයි ඉන්න එපැයි.

පුලස්තිට ලමයෙක් හිටියොත් තත්වෙ මොකක්ද?
ලමය ඉරිදට ගනිතය ඉගෙන ගන්න ටියුසන් යවනවද ආගම ඉගෙනගන්න දහම් පාසල් යවනවද අතේ වැඩක් ඉගෙන ගන්න වත්ත පහල බතල පාත්තියට යවනවද ඒක පුලස්තිගෙයි පුලස්තිගෙ දරුවාගෙයි බිස්නස් එකක්.ඒකට ආන්ඩුව ඇගිලි ගහන්නෙ මක්කෙයි?
යුද්ද කාලෙදි හැම දේකටම ආන්ඩුව එබිල බලන්න පුරුදු වුනා.ගෙදර නැවතිල ඉන්නෙ කවුද.උන් ඉන්නෙ මක්කටද.සාමාජික ගාන කීයද.උන්ගෙ රස්සා මොනවද.බස් එකෙකින් ගමනක් යද්දි බැස්සුව.අපේ ගමන් මලු අස්සට එබිල බැලුව.ඒව ඇතුලට ඇගිලි ගැහුව.පෝලිම් ගහල අපිව නවත්තගෙන හිටිය.
අපි මක්කවත් කිව්වෙ නැහැ.යුද්දයක් නෙව.ආන්ඩුවට අපේ ජීවිත ඇතුලට එබිල බලන්න ඇගිලි ගහන්න දීල කට වහගෙන ඉවසගෙන හිටිය.

ඒ පුරුද්ද දැන් එක්ස්ට්‍රීම් ගිහින් ඕනෙ මගුලටයි නැති මගුලටයි හැම එකක් ඇතුල්ටම එබෙන එක ඇගිලි ගහන එක ආන්ඩුව සිරිතක් කොරගෙන.ඉරිදට මගෙ ලමයව ටියුසන් යැවුවත් නැතත් ආන්ඩුවට තියන වාත අමාරුව මොකක්ද?ටියුසන් යවනව කියන්නෙ කුඩු ගහන්න යවනව වගේ නීති විරෝධී වැඩක්වත් කාගෙවත් අයිතියකට කෙලවෙන වැඩක්වත් නෙවෙයි නෙව.ආන්ඩුව මිනිස්සුන්ගේ පුද්ගලික වැඩ වලට ඉන්ටර්ෆියර් වෙන්න ඕනෙ ඒවයින් සමාජෙට හානියක් වෙනව නං හරි නීති විරෝධී වැඩක් වෙනව නං හරි විතරයි.අපේ ජීවිත අපේ මිස ආන්ඩුව අපිට නයට දුන්න එව්ව නෙමෙයි.
පුලස්ති රජතුමාට කියන්නෙ මෙච්චරයි.
තමුන්නැහෙට ඕනි නං නාමල් බබාව ඕනෙ දහම් පාසලකට යවාගන්න.අපේ දරුවොන්ට ඉරිදට උගන්නන්නෙ ආගමද ගනිතයද වත්තෙ බතල ඉන්දන එකද කියල අපි තිරනය කොරගන්නං.

Tuesday, June 8, 2010

දේසප්‍රේමී වීර සිංහලයිනි - දැන් සංස්කෘතිය ඔට්ටු නැද්ද?


අහුවෙන අහුවෙන හැම ජරාවම ආසාවෙන් භුක්ති විදින සතාට කියන්නෙ ඌරා කියල.දකින දකින අරුමෝසම් බඩුව ඇගේ එල්ලගන්න හය හතර නොතේරෙන එකාට කියන්නෙ පොඩි එකා කියල.

අවුරුදු හය හතකට උඩදි පුලස්ති දන්න හදුනන කොල්ලෙක් හිටිය අල්විස් බුවා කියල.බුවා ‍තරමක් පෝසත්.තාත්තට ගෙස්ට් හවුසයක් තිබුන ‍පල්ලෙකැලේ දිහාවෙ.ජනප්‍රිය දෙයක් තියෙන්නෙ කොහෙද අල්විස් බුවා එතන.බුවා කාලෙන් කාලෙට එක එක නිව්ස් අරන් එනව.
"මචං අපේ ගෙස්ට් හවුස් එකේ ෆිල්ම් එකක් ෂූට් කරා"
"මචං රන්ජන් රාමනායක ආව"
"මචං රන්ජන්ගෙ මාර ඇග"
"මචං අනර්කලිත් හිටියා"
"මචං අනර්කලිගෙ මාර හිනාව"
"මචං අනර්කලි මට හිනා උනා"
"මචං රන්ජන් මා එක්ක පොටෝ එකක් ගත්ත"
කට දෙපැත්තෙ කෙල වක්කරගෙන අල්විස් බුවා දවස පුරා කොරන්නෙ තාරකා වරුනාව.ලොකු ලොකු පොරවල් එක්ක තමන්ට ආස්රයක් තියෙනව කියල පෙන්නන්න අල්විස් බුවාට තිබුනෙ පුදුම අමාරුවක්.
අස්ස තිත්තනායක උන්නැහෙ කන්න එන්නෙ අල්විසාගෙ කඩේටලු.දැන් හත වැදිල හිටියට අවුරුදු හතකට උඩදි අස්ස තිත්තනායක නුවර පලාත හොල්ලපු වැඩර්.ඇස්බී හෝටලේට ආවලු.අරය ආවලු.මෙයා ආවලු.බාප්ප කෙහෙලියගෙ සෙකට්‍රිලු.
හංදියෙ කොල්ලො සෙට් එක අල්විසාට දාපු නම - පච අල්විස්.

පුලාට අල්විසාව මේ තකහනියෙ මතක් උනේ අපේ රටේ මහ තැනගෙ ෆේමස් මේනියාව ගැන කල්පනා කොලාම.ෆේමස් වෙන්න පුලුවන් කොයි බෝලෙට ගහලද අහුවෙන ඕනම බෝලෙකට ගහනව.අහුවෙන ඕනෙ අරුමෝසමක් එල්ලගන්නව.අහුවෙන ඕන වහුකුනක් ගිලිනව.

පල්ලිය ඩා වින්සි කෝඩ් තහනං කොලා.කිසිම වග විභාගයක් හාංකවිසියක අදාලකමක් නැතිව මහ තැන ලංකාවෙ ඩා වින්සි කෝඩ් තහනම් කොරා.උපාසකම්මලා චියර් එක දෙයි කියල අක්සරය තහනම් කොලා.උපාසක නෝනලා චියර් එක දෙයි කියල බොන එකට ලිමිට් දැම්ම.හාමුදුරුවරු චියර් එක දෙයි කියල දැන් ඉරිදට ටියුසන් තහනම් කොරන්න පැලැන.කිසි මහන්සියක් වෙන්නෙ නැතිව ෆේමස් වෙයි කියල හිතන ඕනෙ යෝජනාවක් හොද වේවා නරක වේවා ඉත සිතින් වැලදගත්ත.

හැබැයි මෙච්චර කල් මොන යෝජනාව වැලදගත්තත් ඒ හැම යෝජනාවම වැලදගත්තෙ සංස්කාතියද මොකක්ද එක ප්‍රමෝට් කොරල ඒකෙන් ෆේමස් වෙන්න.
හැට හුට හමාරක් යෝජනා ප්‍රපෝසල් අතරෙ මෙන්න එකපාරට ආපි අයිපා යෝජනාව.
මොන තරම් ආතල්ද?මොන තරම් සනීපද?
දෙපාරක් හිතුවෙ නැහැ මහ තැන පැන්නා.යෝජනාව දෝතින්ම වැලදගත්ත.
බොලිවුඩ් තාරකා ලක් අඹරේ පායන්න පටන් ගනී කියල හිතුව.අයිස්වර්යා ඇවිත් මිහිකත නලවාල යයි කියල හිතුව.බච්චන් ලොක්ක මාස කීපයකට උඩදි ආපු පාර රජ ගෙදරදි උන්නැහෙට රජ පවුලෙ කවුරු කවුරුත් අතට අත දුන්නෙ උන්නැහෙ එක්ක පොටෝ ගත්තෙ පච අල්විසා රන්ජන් එක්ක පොටෝ ගත්ත ආකාරය මතක් කරල දෙමින්.

බැදගත්ත වගේ පහසු නැහැ බෙරේ ගහන එක.බොලිවුඩ් කියන නම හැදිල තියෙන්නෙම හොලිවුඩ් කියන එක කොපි කොරල.බොලිවුඩ් එකේ මේ වංගියෙ තේමා ගීතය තමයි "බටහිර පන්නේ ගති ගුන අපිට තියෙන්නෙ" කියන පරන කැලිප්සෝ සිංදුව.
බිපාෂා අදින්නෙ කොට ගවුම්ය.සෙලීනා අදින්නෙ නාන ඇදුම්ය.සිනමා තිරය මත තොල් පෙති ඉරිලිය.ජවනිකා අතර කාමෝන්මාදී ගැයුම්ය.ජවනිකා අවසන ‍රාගෝන්මාදී කෙදිරිලිය.

මේ වගේ බුවාල සෙට් එකක් ඉස්සරහ ඉ‍හේ කනේ තියාගෙන රැකපු සංස්ක්රුතිය විකුනන්නෙ කොහොමෙයි?
සංස්ක්රුතිය කියන රැවුලද?බොලිවුඩ් ආස්වාදෙ කියන කැදද?
රැවුලෙන් මොන වැඩද මල්ලි කැද ලැබෙනවනම්!
මේ පෝස්ටයේ උඩින්ම තියෙන්නෙ සම්මාන උලෙලට ආපු සොපී චවුද්රි කියන තාරකාවගෙ පින්තූරෙ.සොපි චවුද්රි කියල නමක් පුලා ඇහුවමයි.රානි කාජල් අයිස්වර්යා වගේ නං නහුතයක් අහල තිබ්බත් එකෙක්වත් මේ මහා සිනමා සැනකෙලිය පලාතක ආවෙ නැහැ නෙව.සොපීගේ රූපෙ දැක්කම පුලාගෙ සිත පිනා ගියා.
මෙන්න තියනව කොල්ලනේ සංස්ක්රුතිය!මෙන්න තියනව කොල්ලනේ සංවර්ධනය!

පුලාගේ මේ පුරස්නෙ මර්වින් සිල්ව ගොයියටයි නලින්ද සිල්ව අයියටයි.

@ මර්වින් සිල්වා -මෙන්න බාගෙට ඇදගත්ත ගෑනියෙක්!
බාගෙට ඇදල නටන ගෑනු පෙන්නල සංස්ක්රුතියට වින කොරන සිරසට බස් හයර් කොරගෙන ගිහින් ගල් ගැහුව වගේ සොපී චෞද්රිලාව ගෙන්නපු මහ තැන ඉන්න සල්ගහ මන්දිරේටත් ගහමුද බලන්න ගල් පාරක්?

@ නලින් ද සිල්වා -මැක්සා ආතල් එක නේද බොස්?දැන් ජාතික චින්තනේට මොකෝ වෙන්නෙ?මහින්ද චින්තන සංවර්ධ‍නේ ඇතුලෙ ජාතික සින්තනේ නැද්ද?සංස්ක්රුතිය ගැන කතා කොරන එක තවදුරටත් ඔට්ටු නැද්ද?

මොනා නැතත් අයිපා බදාගත්ත එකෙන් ලෝක ඉතිහාසෙ අසාර්ථකම අයිපා එක කොරල පජාත උනත් ජනප්‍රිය වෙන්න කෑදර කමට හරි කමක් නැහැ සොපි චෞද්රිව ගෙන්නපු එකට පුලාගෙන් මහ තැනට ආචාරය.
නලින් ද සිල්ව වගේ සීයලගෙන් උපදෙස් ගන්නෙ නැතිව නාමල් බේබි වගේ නාඹර බුවාලගෙන් තව තව උපදෙස් ගන්න.උපදෙස් ගනිමින් ඔබ වහන්සේ චිරාත් කාලයක් වැජඹෙන්න.
සීයලගේ අන තියන රටක ඈනුම් අරිනවට වඩා බේබිල රට කෑවත් මක්කෙයි ඉන්න ටික දො‍හේ සන්තෝසයක් අරන් ඉන්න ඇහැක් නං.


Friday, June 4, 2010

ස්වයං වින්දනයයි බ්ලොග් ලිවිල්ලයි


අතින් සන්තෝසයක් ගන්න එකට කියන්නෙ ස්වයං වින්දනේ කියල පුලස්ති දැනගත්තෙ ඕලෙවල් කොරන කාලෙ.
සොයං වින්දනේ නියම ටොපික් එක.පුලස්ති දන්න තරමින් සීයෙට අනූඅටක් කොල්ලො අතේ තියෙන රසේ දන්නව.හිතේ හැටියට අතේ රසය ගන්න අය පොතේ පතේ දැනුම දෙන්න ඉස්සෙල්ල එක්ස්පීරියන්ස් වලින්ම තමයි මේ ගැන ඉගෙන ගන්නෙ.ගොඩක් වෙලාවට අහම්බෙන්.සිස්න බටය නිකම් අතපත ගගා ඉන්න කොට හෝස් එකෙන් වතුර විදින්න වගේ සුක්රානු පිට වෙන හින්ද පලවෙනි එක්ස්පීරියන්ස් එකෙන්ම බය වෙන සීන් එක ගොඩක් කොල්ලාස්ලාට පොදු සිද්දියක්.

නව යවුවන කාලෙ ජීවිතේ කොම්ප්ලිට් කොරන වියුහය තමයි සොයං වින්දනේ.කාමර වල දොරවල් අගුලු දාගෙන,තමන් කැමති මොකක් හරි රූපයක් දිහා බලාගෙන නැත්තං හිතෙං මවාගෙන මේ කරන වැඩේ තවුතිසා දිව්ය ලෝකයට සෙට් වුනා වගේ වැඩක්.සුරාන්තය තරම් එක්ස්ට්රීම් අවස්ථාවක් වෙනත් නැහැ.අපි එතකොට ඉන්නෙ මේ ලෝකෙ නෙමේ.අපි හිතින් මවා ගත්ත වෙනම ලෝකෙක.ජීවිතේට තොල් සූප්පු කොරන්න අතින් අල්ලන්න ලගට යන්න චාන්ස් එකක් නොලැබෙන නිලියක් ගායිකාවක් එක්ක තනිවෙන මොහොත මාර පැන්ටසියක්.
දැන් අයිඩියා එකක් නං අපිට වචන වලින් කියන්න ඇහැකි.
"මම ගෙදර යමි"
"මම නාන්න යමි"
"මම කොන්ඩෙ කහමි"
මේ වගේ "අදහස්" ඕනෙ තරං වචනෙට නගන්න ඇහැකි.ඒත් සොයං වින්දනේ එක්ස්ට්රීම් වෙන අවස්ථාවෙ සරීර‍යට දැනෙන "හැගීම" වචනෙට නගල විස්තර කරන්න පුලුවන්ද?
පුලුවන් කෙනෙක් ඉන්නව නං අත උස්සන්න.පුලාට නං බැහැ.අදහස් සහ හැගීම් අතර වෙනස තමයි ඕක.

සොයං වින්දනෙං නවයවුවන වයසෙ බුවෙක් එක්ස්පෙක්ට් කොරන්නෙ මොකක්ද?හීන ලෝකයක් මවාගෙන සතුටු වෙන්න.තමන්ගෙ තෘප්තිය සම්පූර්න කොරගන්න.තමං කැමති නිලිය,ගායිකාව,අල්ලපු ගෙදරක ඉන්න තරුන ගෑනු ලමය ( සමහර විට වයසක ගැහැනු ලමයා වෙන්නත් ඇහැකි ) එහෙම නැත්තං ඉස්කෝලෙක උගන්නන ගුරුවරියක් වගේ ඇත්ත ලෝකෙදි තමන්ට ස්පර්ස කොරන්න නොලැබෙන කෙනෙක් එක්ක පරිකල්පනය කොරපු ලෝකෙක සෙට් වෙලා ජීවිතේ සම්පූර්න කොරගන්න.ජිවිතේ තියෙන හිස්කම වහගන්න.මේක තමයි සොයං වින්දනේ යට තියන හරය.

පුලස්ති‍ගෙ තර්කෙ මේකයි.අපි කොරන අනිත් ගොඩක් දේවලුත් ඒ වගේ.
සයිබර් අවකාසෙ අපි බොලොග් අටවගන්නෙ ඇයි?අමුතු අමුතු නං දාගෙන වැඩ කිඩ පෙන්නන්නෙ ඇයි?
ලේසිම ආන්ස්වර් එක තමයි "කෙනෙක්"වෙන්න.
ඇත්ත ජිවිතෙන් නොලැබෙන ආතල් එකක් ගන්න.ජීවිතේ පූර්න කොරගන්න.

තමුන් කියන දේ කවුරු හරි එකෙක් අහගෙන ඉන්නවට කවුරු කවුරුත් ආසයි.
නිකමෙක් විදිහට ඉන්නවට වැඩිය කෙනෙක් වෙන්න කවුරු කවුරුත් ආසයි.
මුස්ලිම්කාරයොන්ට බඩ යන්න වචන ‍වලින් කෙලියම තමන්ට තෘප්තියක් ලැබෙනව කියල පෙරමුනෙ රාල හිතනව.ඇත්ත ‍ලෝකෙදි ගන්න බැරි ආතල් එක සයිබර් අවකාසෙ මනක්කල්පිත කලු ජූලි හදාගෙන පිටියෙ අප්පු ගන්නව.දෙමලට කුනු කතා කියල කසාපබ්බත බොස් වින්දනයක් ගද්දි තමන් රට බේර ගන්න ඉන්න වීරයා කියල හිතෙන් හිතාගෙන මිගාර දොස්තර බොස් වෙනම ෆන් එකක් ගන්නව.
ඒ ඉවුර වගෙම මේ ඉවුරත් එහෙමයි.
හතර අතේ තියෙන සබ්බ සකලමනාවටම පන්න පන්න ගහල ටැබූ තමන්ගෙ මනස තාප්තිමත් කොරගන්නව.මහින්ද රාජපක්ස කියන හතුරාව පතුරු ගහල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් භූමිකාවක් රගපෑව කියල බියොන්ඩ් ප්‍රේම් වගේ ඈයො සන්තෝස වෙනව.දනපති ක්‍රමේට ලිපියක් ලියල කිංඩි කොරල විප්ලවේට තමුන් සේවයක් කොරා කියල ඩබ්ලියු ත්‍රී ලංකා  වගේ බුවාල මානසිකව සන්තෝස වෙනව.ෆන් එකක් ගන්නව.
තාක්සන ලිපි ලියන සමහර ඈයො කොහෙන් හරි කොපි පේස්ට් කොරගෙන ලිපියක් දාල ට්‍රයක් දෙන්නෙ පොරක් වෙන්න.ආගමික බොලොග් ලියන ඈ‍යො තමන් ලෝකයට දහම් පනිවිඩයක් දීල විසාල සේවයක් කොරා කියල තනියම සන්තෝසයක් ගන්නව.කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව දොර වහගෙන තම තමන්නෙ මනෝ ලෝකවල "රජ" වෙනව.

එතකොට පුලස්ති කොරන්නෙ මොකක්ද?
රාජපක්ස ලොක්කව දිරවන්නෙ නැති හින්ද පුලස්ති උන්නැහෙට හතර අතේ කෙලිනව.ඇත්ත ලෝකෙදි රජතුමාව මූනට මාට්ටු උනොත් පුලා මොනව කරයිද?අනෙ අම්මෝ මොනව වෙයිද අයි ඩෝන්ට් නෝ වයි.රියැලිටි එකේදි කොරන්න බැරි දේවල් අපි අන්තර්ජාල අවකාසෙ කියන පැන්ටසි එක ඇතුලෙ වීරයො වගෙ කොරනව.ඒකෙන් සුරාන්තයට පත්වෙලා ජිවිතේ කොම්ප්ලීට් කොරගන්නව.
හරියට රියැලිටි එකේදී සංසර්ගය කොරන්න බැරි අයිස්වර්යා එක්ක ෆැන්ටසි එකේදි රමනය කොරල සතුටු වෙන අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ.

ඉතිං මිත්රවරුනි බොලොග් ලිවිල්ලයි සොයං වින්දනෙයි එක වගේ නෙවෙයිද?
මේ දෙකෙන්ම කෙරෙන්නෙ එකම කාර්ය භාරය නෙවෙයිද?


Wednesday, June 2, 2010

අලුත් නිදහස දෙමල ඉරනම ජවිපෙ ගියර් මාරු කිරීම - මාතාකා තුනක් එකම ලිපියක ( 3 in 1 )




යුද්ද කාලෙදි ටීවි එකෙන් යුද්දය බැලුව.යුද්දෙට පස්සෙ කිරිබත් කෑව.ඊට පස්සෙ ආතල් එකක් ගන්න යාපනේ ගියා.ගිහින් පොටෝ ගැහුව.ආපහු ගෙදර ඇවිත් පොටෝ ටික ඇල්බම් වල ඇලෙව්ව.
අපේ බුවාලගෙ ආතල් එක ඔච්චරයි.

යුද්ධයේ ගින්න ඇවිලිලා ඇවිලිලා යද්දී අතට අහුවුන දෙයක් අරගෙන පෝලිම් ගැහිල ෂෙල් වෙඩි මැද්දෙ අනාථ කදවුරු වෙත ආව දාස් ගනන් දෙමල මිනිස්සු දැක්කම කදුලක් ඉනුවෙ නැති ඇස් දෙකක් මොකටද?
ජීවිත කාලයක් තිස්සෙ රැකබලා ගත්ත දේවල් වලට කෙල වෙලා තමන්ගෙ ලගම නෑයොන්ගෙ ජීවිත අත් පා සරීර නැතිවෙලා ජීවිතයක් අනාගතයක් නැතිව සරනාගත කදවුරු වල ගාල් උන දාස් ගනන් මිනිස්සු දැක්කම හුස්මක් නොනැගුනු හදවතක් මොකටද?
හැබැයි දකුනේ ඇස් කීයක ඇත්තටම ඒ වගේ කදුලු පිරුනද?දකුනේ හදවත් කියක ඒ වගේ සුසුම් නැගුනද?

මිත්තරවරුනි පුලස්ති කවියෙක් වෙන්න යනවද කියල හිතන්න එපා.ලගදී යාල්පානම් ගොහින් ආපු පුලාගේ සගයෙක් උතුරේ රියැලිටිය පුලාගේ මවිල් කෙලින් වෙන විදිහට විග්රහ කොලා.හැමදේම සුන්නද්ධූලි වෙලා තියෙන හැටි.යලි පදිංචි කොරනව කියල තහඩු කෑලි කීපයක් දීල පාරවල් දෙපැත්තෙ මිනිස්සු බල්ලො වගේ දාල තියෙන හැටි.මිනිස්සු හිගන්නො වගේ දකුනෙන් එන සංචාරක බුවාලට මොනා හරි දෙයක් විකුනගන්න ගිනි අවුවෙ වේලෙන හැටි.ඒව නොදැක්ක ගානට දකුනෙන් ට්‍රිප් යන බුවාල ෆන් රසය බිබී සන්ග්ලාස් වලින් සැරසී සැප ගන්න හැටි.පොටෝ ගන්න හැටි.
යාපනේ දහම් අමාවක් ගන්න හමුදාවටයි සංචාරකයන්ටයි තියෙන අයිතිය ගැන උගුර බැරෑඩි කොරගන්න බුවාල ජීවිත කාලකන්නි වෙලා තියෙන මේ පහල පැලැන්තියෙ බුවාලගෙ අයිතීන් ගැන ආසාවකට කතාකොරන්නෙ නැත්තෙ මොන හේතුවටද?
මේක අසංවේදීකමද?වර්ගවාදයද?
නැත්තං ඒ දෙකමද?

වස්සාන සිහිනයේ කතාව ගැන කටපාඩමින් දන්න අපෙ බුවාල කී දෙනෙක් ද්වාරකාගේ කතාව ගැන දන්නවද දන්නෙ නැහැ.ද්වාරකා කියන්නෙ පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගත්ත දෙමල සිස්යාවක්.ගම පුලාගෙ මතකෙ හැටියට කිලිනොච්චියෙ.මෙයාව යුද්දෙ අහවර උනාට පස්සෙ අත්අඩංගුවට ගන්නව.කිලිනොච්චිය ඉන්න කාලෙ කොටි එක්ක සම්බන්දකම් තිබ්බ කියන එක තමයි චෝදනාව.
අස්සට ගත්ත මේ තරුන සිස්යාව තවම ඇතුලෙ.
යුද්ද කාලෙ තිබ්බ වටපිටාව හින්ද අකමැත්තෙන් සමහරවිට කැමැත්තෙන් උනත් උතුරේ කෙනෙක් කොටි එක්ක ෆයිට් එකට සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි.ඒක දකුනෙ කෙනෙක් හමුදාව එක්ක සෙට් වෙනවට වැඩි වෙනසක් නැහැ.ඒත් යුද්දෙ ඉවර උන කාලෙක මේ සාමාන්‍ය මිනිස්සු පස්සෙ පන්න පන්න ඒ අයව හිර කොරන එක කොච්චර හරිද කියල පුලා කල්පනා කොරනව.දේසපාලන හේතු උඩ හිරේට අරගෙන තාම චෝදනාවක්වත් හරියට ගොනු කොරන්නෙ නැතිව රැදවුම් බාරයෙ ඉන්න දහස් ගනන් දෙමල තරුනයො ඉන්නව කියල පුලස්ති නිව්ස් අයිටම් එකක් දැක්ක.වැලිකඩ හිරගෙදර සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් කියල එක අවුරදු 33ක තරුනයෙක් අවුරුදු දාහතක් මේ විදිහට චෝදනාවක් නැතිව නඩු විභාගයක් නැතිව හදිසි නීතිය ඇතුලෙ හිරේ ඉන්නව කියල නිව්ස් එකක් දැක්කම පුලා හොල්මං උනා.
චෝදනාවක්වත් නැතිව අවුරුදු දාහතක් හිරගෙදරක ඉන්න එක!ලෝකයට අවුරුදු දාහතක් අන්දකාරෙ ඉන්න මේ මනුස්සයා එක මනුස්සයෙක් විතරක් වෙන්න පුලුවන්.ඒත් ඒ මනුස්සයට ඒ අවුරුදු දාහත කියන්නෙ මුලු ලෝකෙම නේද?මුලු තරුන කාලෙම නේද?

යුද්ද කාලෙදි දෙමල මිනිස්සු දෙවර්ගයක් රටින් පිටවෙලා ගියා.යමක් කමක් ඇති ඈයො යුරෙොපෙට.යමක් කමක් නැති ඈයො ඉන්දියාවට.තමිල්නාඩුවට ගිය දාස් ගනන් ඒ වගේ දෙමල මිනිස්සු තාම තමිල්නාඩුවේ සරනාගතයො විදිහට ඉන්නව.යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුද්දක්.මේ මිනිස්සු මිනිස්සු නෙමේ මිනිස් දූවිලි ගානට දාල.එයාල ලංකාවෙත් සිටිසන් නෙමේ.ඉන්දියාවෙත් සිටිසන් නෙමේ.රටක් නැති මිනිස්සු කියන්නෙ මිනිස් දූවිලි නේද?
මනිරත්නම් ලොක්ක මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන චිත්තරපටියක් කාලෙකට උඩදි හදල තියෙනව කියල පුලස්ති අහල තියෙනව.

පුලා අහන්නෙ මෙච්චරයි.එක බල්ලෙක් මේ ගැන කතා නොකරන්නෙ මක්කෙයි?
මානුසික හදවත් උනුකරන නිව්ස් විකුනන සුවර්නවාහිනියේ කැමරාව ආසාවට මේ මිනිස්සුන්ගෙ පුරස්න දිහා දික්වෙන් නැත්තෙ මක්කෙයි?කොහෙ හරි පාරක් බෝක්කුවක් කැඩුන එක ගැන ඩොකියුමෙන්ට්රි කොරන සිරස විමර්සන අවධානෙ මේ අන්ධකාර ජීවිත ගැන කතානොකරන්නෙ මක්කෙයි?

ජවිපෙ රෙඩ් කොම්රේඩ්ලා ගියර් එක මාරු කොරල ස්ටියරිං එක වෙන පැත්තකට හරෝල තියෙන්නෙ මේ අතර.
ඉන්දියාවෙ සරනාගත පුරස්නෙ ගැන ගිය පාර්ලිමේන්තුවේ විසේස කමිටුවක් දාන්න බිමල් රත්නායක බොසුයි රාමලිංගම් චන්දරසේකරන් බොසුයි යෝජනා කොරල වැඩ කොරල තිබ්බා.
( හැබැයි අපේ කෙලෙහිගුන දන්න ජනතාව එයාලගෙ අදෝමුඛයට ගහල අයින් කොරල මුතුහෙට්ටියා මරුවියා වගේ බුවාල පත්කොරගෙන තිබුන චන්දෙදි.නිකම් නෙවි.ලක්ස ගානක් මනාප දීල.සුබ අනාගතයක්!)
ද්වාරකා ගැනයි අනිත් රැදවුම් භාරයේ ඉන්න දෙමල තරුනයො ගැනයි ලොකු කැම්පේන් එකක් අන්තර් විස්ස විද්දියාල සිස්යබල මන්ඩලෙන් කොරනව පුලා නිව්ස් වලට දැක්ක.විස්ස විද්දියාල අස්සෙ රැග් කොරල මානසික රෝගීන් සක්කිලි ආතල් ගන්න වැඩේ අන්තරේ ඩිෆෙන්ඩ් කරන එකට පුලා ෆුල් එගේන්ස්ට් වුනත් මේ වැඩේට නං පුලස්තිගෙ සම්පූර්න සැලියුට් එක.
මේ අලකලංචි මැද රාමලිංගම් බොස් පහුගිය දාක කොලඹදි අතුරුදහන් උන දෙමල කොල්ලොන්ගෙ අම්මලා තාත්තලා හම්බෙලා ඒ අයගේ පුරස්න ගැන කතාකොරල තියෙනව.මේ අම්මලා තාත්තලා ආරංචියක් නැති තමන්නෙ පුතාලගෙ පින්තූර උස්සගෙන අඩා වැලපෙන හැටි දැක්කම පුලාට එකපාරට මතක් උනේ භීසන කාලෙ.එදා සිංහල අම්මලාගේ විලාපයයි මෙදා මේ දෙමල අම්මලාගෙ විලාපයයි ගත්තම තියෙන වෙනස මොකක්ද?
මේ උදවිය හම්බුනාය කියල රාමලිංගම් බොස්ව හමුදාවෙන් පුරස්න කොරලත් තිබ්බ.මහරජතුමා යුද්දෙට පස්සෙ ජාතිබේද සුද්ද කොරන්න යන හැටි නියමයි.දුකට පත් වුන ඈයොන්ගේ පුරස්න ගැන කතාකොරන උදවියගෙන් පුරස්න කොරනව.යාපනේ සොහොන් බිම් බුල්ඩෝසර් කොරල ඒවයෙ සුපර්මාකට් ගහන්න පැලෑන් කොරනව.ප්‍රබාකරන්ගේ ගෙදර සමතලා කලාම යාපනේ බලෙන් වෙසක් එකක් සැමරුවාම ජාතිබේද සමනය වෙලා නිකම්ම උතුර දකුන යාවෙයි කියල වෙන්නැති මේ උදවිය හිතාගෙන ඇත්තෙ.නීති උපාධියයි සාහිත්‍යය උපාධියයි වෙනුවට මුන්නැහෙලට සාමාන්‍ය දැනීම උපාදියක් දුන්න නං අඩුම තරමින් මීට වැඩිය මැචුවර්ඩ් විදිහකට කල්පනා කොරල බලන්නවත් මුන්දැලා යොමු වෙයි කියලය පුලා හිතන්නෙ.

තමිල්සෙල්වම්ගෙ ඔලුවට බෝම්බ වැටෙන එක ගැන තලු මර මර කතාකොරපු දෙමල මිනිස්සුන්ගෙ පුරස්න ගැන කෙල බිංදුවක් නොහෙලපු වීරවංසලා කොමාන්ඩ් කොරපු ජවිපෙ ගියර් මාරු කරපු එකට මොනව වුනත් පුලා මනාපයි.ද්වාරකාගේ පුරස්නෙ වගේ පුරස්න ගැන හරි විස්තරයක් පුලස්ති දැනගත්තෙත් උන්දැලාගෙ කැම්පේන් එක හින්ද.අඩුම තරමින් දෙමල චන්ද වැඩිපුර ගන්න අලියත් මේ වංගියෙ කට බලියගෙන අස්සෙ පුරස්න හදාගෙන නලිය නලිය ඉන්නව මිස මේ ගැන නෝ කතා නෝ සිනා.
මේ දෙමල අයගෙ පුරස්න ගැන අපිත් ඇහැක් විදිහකට මක්ක හරි කොරන්න ඕනෙය කියලයි පුලා කියන්නෙ.බොලොග් එකට පෝස්ට් එකක් දාල මේ වෙලාවෙ පුලාට කොරන්න පුලුවන් දේ පුලා කොරා.
තමුන්නැහෙලත් පුලු පුලුවන් විදිහට මොන මොනව හරි කොරන්න බැලුවොත් නේද හොද?