Monday, May 31, 2010

නෝ ෆ්‍රේම්ස් - කලබල නොවන්න.උඩ නොපනින්න.මෙත් සිත් වඩන්න.මෙන්න සැදැහැවතාට උත්තර


ඇත්තටම තද වෙලා තියෙන්නෙ නෝ ෆ්‍රේම්ස්ටද මිගාරටද කියල පුලස්තිට තාම හරියට නිච්චි නැහැ.පුලාට කෙලෝල ලියපු උඩ තියන රචනාවෙ කත්රුගෙ නම නෝ ප්‍රේම්ගේ උනාට පුදුමෙකට වගේ එලියට එන්නෙ අපේ ආදරබර මිගාර දොස්තර බොස්ගෙ කටහඩ.එහෙම නැතිව පරන තරහ තියාගෙන බනින බජාර් සගයෙක් වගේ පුලා මීට කාලෙකට උඩදි දාපු පෝස්ට් එකක් ගැන මිගාර බොස්ට පුලා එක්ක තියෙන ඇරියස් එකක්,තමන්ගේ පෝස්ට් එකකින් ඇරගන්න නෝ ප්‍රේම්ට මඤ්ඤංය?
එහෙම නෙමෙයි නං මිගාරයි නෝ ප්‍රෙමුයි කියන්නෙ දොස්තර ජෙකිලුයි මිස්තර හයිඩුයි වගේ එකෙක්මද?
දෙයියො දනී පුලා නොදනී.

( අතුරු කතා - මිගාර බොස්ට දෙන්න හැබැයි පනිවිඩයක් තියනව.දැන් හිංගල අලුත් අවුරුද්දත් අහවර උන එකේ ඔය පරන ඇරියස් අමතක කරල සන්සුන් වෙන්න.ඒ බොලොග් ලියවිල්ල උනත් මම බොස් ගැන තරහෙන් ලිවුව එකක් නෙමෙයි අපි දෙන්නගෙ සමානකම් ගැන ගෞරවෙන් ලියපු එකක් නෙ.ඒ හින්ද හිත නරක් කරගන්න එපා කොල්ලො ඔච්චර:D )

මගේ පරන ලියවිල්ලෙ යට කොමෙන්ටුවක් දාන පෙරමුනේ රාල "මෙන්න ඔයාට උත්තර" කියල නෝ ප්‍රේම්ගේ ලිපියෙ ලින්ක් එක දාල තිබ්බ.මේ සැදැහැවතුන් ඇත්තටම පුලස්තිගෙ උත්තරයක් බලාපොරොත්තු වෙනව ඇති නෙව.මේ විජ්වතුන්ගේ ගානට පුලාවත් වැටෙන එක ගැන මොනා නැතත් මාර ආතල්.ඒ ආතල් එක තියාගෙන ඔන්න පුලස්තිත් දෙන්නං උත්තර.

පුලා ගිය පාර ලියුම ලියුවෙ ඇයි?
ලංකා 1 බොලොග් එකක් අටෝගෙන උන්නැහෙගෙ ආගම ගැන ලිය ලිය හිටිය.ත්‍රිපිටකේටත් කිංඩි දැම්ම.ඒකට රෙස්පොන්ස් විදිහට ලංකා 1ට නෙමේ මුලු මුස්ලිම් සංහතියටම මරාගෙන මැරෙන මයිල් කෙලින් කරවන බොලොග් අවකාසෙ කලඹවන කලඹලා ආයෙ ආයෙ හොල්ලන විදිහෙ ප්‍රහාරයක් පෙරමුනේ රාලගේ අටුවාවෙන් කරන්න ගත්තා.මේ ප්‍රහාරෙට ලංකා 1 විතරක් නෙවි බුද්දාගමේ සමහර දේවල් පුරස්න කොරපු ( කිරිබත්ගොඩ ඥානානන්ද සුවාමීන් වහන්සේ ) ඇටමැස්සා,බියොන්ඩ් ෆ්‍රේම් විතරක් නෙවි,ඉතිහාසය ගැන අලුත් විදිහකට ලියපු පිටස්තරයා 2,විතරක් නෙවි තමන් සිවුරෙ ඉද්දි ලබපු ඇත්ත අත්දැකීම් ලබපු තරිදු කොල්ලා පවා අහුවුනා.
( සැප බඩු ගහන කොල්ලා - දොස්තර ජෙකිල්ටයි මිස්තර හයිඩ්ටයි මාර ලිංගික ඊරිසියාවක් නෙව බුදු අප්පචිච්යේ තියෙන්නෙ )
මේ ප්‍රහාරෙ මොන වගේ ප්‍රහාරයක්ද?බොලොග් අවකාසේ ධූවිලි ඇවිස්සුනා කිව්වෙ නිකං නෙමෙයි.බොලොග් අවකාසේ කැලඹෙනව කිව්වෙ නිකං නෙමෙයි.
උපුටන දෙකක් විතරක් දෙඤ්ඤං.

We can’t give development to the unarmed terrorists in the Country who are trying to seize this country by overpopulating themselves to become majority.
අපිට අවශ්‍යයි අළුත් කලු ජූලියක් , මේ තුප්පහි නීච පහත් ඉස්ලාමය ලංකාවෙන් අතුගාල දාන්න ඒක ලොකු උදව්වක් වේවී.

මේ පිටියෙ අප්පු නමින් කමෙන්ට් දාන උන්නැහෙ (රාලගෙ අටුවාව කියන එකේ සම කත්රු ) පල කරල තිවුන කොමෙන්ටු දෙකක්.

එකකින් මේ රටේ ඉන්න ලක්ෂ ගානක් මුස්ලිම් මිනිස්සු "ආයුද නැති ත්‍රස්තවාදින්" කියල හංවඩු ගහනව.අනෙකෙන් කලු ජූලියක් ඇති කරල ඒ තුප්පහි නීච ජාතිය ලංකාවෙන් අතුගාල දාන්න ඕනෙ කියනව.
බෞද්දයෙක්ට තියා හොද සිහියෙන් ඉන්න මෙලෝ බුවෙක්ට කියන්න පුලුවන් කතාවක් නෙවි මේක කියන එක ක්ලියර් නේද?ආගමික පිස්සුවකින් පරල වෙලා අනිත් වර්ගය සමූලඝාතනය කරන්න විනාස කොරන්න යෝජනා කොරන මේ වීරයන්ට පොඩි දෙයක් විතරක් මතක් කොරල දෙන්නයි පුලාට ඕනෙ උනේ.උන්නැහෙලා උඩ දාන ආගමෙත් ඇද කුද තියනව.ඉස්ලාමය වැරදි කියල ඒක සමූලඝාතනය කොරන්න ප්‍රපෝස් කොරන ඇත්තොන්ට තමන්ගේ ඇදෙත් පෙන්නුවම තමයි පුලා හිතන විදිහට වැඩේ හරි.ආගම් යුද්ද වල බොල් ගතිය හෙලිකරන්න පුලුවනිත් එතකොට තමයි.

පෙරමුනේ රාලලා මරාගෙන මැරෙන්න එන බුද්දාගමේ අවුල් තැන් කීපයක් පෙන්නන්න පුලස්ති ට්‍රයි කොරේ මේ හින්ද.පෙන්නනවනං මීට වඩා තැන් හෑව්.ඒත් මේ සදහනක් විතරයි.මෙන්න මෙතනදී පෙරමුනේ රාලලා ඩිෆෙන්සිව් වෙනව.අපි ආගම කියන්නෙ ත්‍රිපිටකේට විතරයි කියනව.ඒවයේ පූජකවරු අනුගාමිකයො සැදැහැවත්තු කොරන දේවල් ආගම නෙමෙයි කියල බැක්ෆුට් ඩිෆෙන්ස් එකක් ගහනව.ආගම කියන්නෙ පොත විතරයි නං බියොන්ඩ් ප්‍රේම්ගේ බොලොග් එකේ කමෙන්ටු වල කිරිස්තියානි පූජකයො පූජා තියන්න ගිහින් මැරුන බවලත්තු ගැන ලියුවේ මොකටෙයි?
මේ ඒ වගේ කොමෙන්ටුවක්-

//ඇට නැති මැස්සා යාඥා මධ්‍යස්ථාන වල මිනිසුන් මැරෙන විට සිටියේ කටත් පුකත් දෙකම වසා ගෙනයි. ඒ මරඛ වලට පාදිලියා වග කියන්න ඕන නැතුව ඇති!//
( මේ කමෙන්ටුව දාල තිබ්බෙ හෝමෝ සේපියන් නමින් උනාට බාසාව කාගෙද කියල පැහැදිලි නෙව.භිසන කාලෙ වගේ.කොල බලල්ලු කහ බලල්ලු ප්‍රා ඝ්‍රා නං ගොඩයි.හැබැයි ගේම දෙන්නෙ එකම සෙට් එක )

පුලස්තිගේ නිර්වචනේ පුලුල්.ආගම කියන්නෙ පොත විතරක් නෙවි.පෙරමුනේ රාල ආගම = පොත කියල බැක්වර්ඩ් යන්නෙ එහෙම නැතිඋනොත් ආගමික පූජකයන්,ආගමික සංස්ථා කොරපු වැරදි වැඩ තියෙනව ඒව පිලිගන්න වෙනව ඒක තමුන්ට අවාසියි කියල හිත ඇතුලෙන් දන්න හින්ද.මේක තව ඉස්සරහට ගෙනියමු.හිට්ලර් ගොයිය ලිව්ව මයින් කාම්ෆ් කියල පොතක් 1920 ගනන්වල.මේක තමයි නාසි බුවාලගේ මූලධර්මය.ඒක උඩ වැඩ කරපු පොරවල් තමයි මිලියන ගානක් යුදෙව්වො ගෑස් කොරේ.(පිටියෙ රාලට මුස්ලිමුන්ට කොරන්න ඕනෙ කොරල තියෙන්නෙත් ඒ වගේ එකක් නෙව )
මේක පෙන්නල නාසිවාදය වැරදි කොරල තියෙනව කියල කවුරුහරි කීවම තව ලොක්කෙක්ට කියන්න පුලුවන් අනේ නැහැ නාසිවාදෙ කියන්නෙ මයින් කාම්ෆ් පොත ඒකෙ ඔය ගෑස් කොරන කතා නැහැ ඒව කොරේ අනුගාමිකයො දර්සනේට මුකුත් කියන්න එපා කියල.ආතල් තර්කෙ නේද?නැහැ.නාසිවාදෙ කියන්නෙ පොතටයි පතටයි ඒව ඔලු උඩ තියාගෙන වැඩ කොරපු සියලු සතටයි සේරටම.ආගමත් එහෙමයි.

බුද්දාගම කියන සංස්ථාව වැරදි කොරේ නැද්ද එතකොට?කරන්නැද්ද එතකොට?කරනව.මේකයි පුලාගෙ ආගියුමන්ට් එක.අනිත් එකාගෙ මල්ලෙ ලුනු ගැන කතාකරන්න නං අපි සුද්ද වෙන්න ඕනෙ.ඒත් අපි කවුරුත් සුද්ද නැහැ.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු.එහෙම තියාගෙන අනිත් උන් හාස්‍යයට ලක්කරල බැහැර කරන්න ඕනෙ,උන් තුප්පහියො නින්දිතයො කලු ජූලියකින් උන්ව අතු ගාල දාන්න ඕනෙ කියල කියන එක බොලේ බොල් වැඩක්.

ඒ ආගියුමන්ට් එක උඩ පුරස්න හයක් විතරක් පුලා ලිව්ව.කලින් කිව්ව වගේ දානව නං තව පුරස්න හෑව්.ඒත් මේ හය දැම්මෙ ආගම් වෛරයෙන් අන්ධ වෙලා ඉන්න බුවාලගේ ඇහැට ඇනල තමනුත් හෙලුවෙන් කියල පෙන්නන්න.
ඒකට නෝ ෆ්‍රේම්ස් දෙන උත්තර වලට ලොකු ප්රති උත්තර දෙන්න ඕනෙ කමක් නැහැ.කෙටි උත්තර ටිකක් දෙඤ්ඤං.

1.ආන්ඩුව දහදෙනෙක්ගෙන් නමදෙනෙක් හින්දු / කතොලික යාපනේ තකහනියක් මහ විසාලෙට දහම් අමාවක් හමුදාව යොදෝල ගන්නව.මේව ආගමෙන් අන්ද වුන පිස්සො ටිකක් දකින විදිහ නෙමෙයි ඒ පැතිවල මිනිස්සු දකින විදිහයි වැඩිය වැදගත්.බෞද්ධයො සීයට අනූවක් අනූපහක් ඉන්න ගමක ආන්ඩුව මහා පරිමාන විදිහට ඉන්වෙස්ට් කොරල හමුදාව දාල නත්තල් උත්සව දානකොට ගමේ මිනිස්සුන්ට ආතල්ද?තමන්ගේ ගම්බිම්බවලට බෝම්බ දාපු හමුදාවක් විදිහටයි හමුදාව ගැන සාමාන්‍ය දෙමල මිනිහ හිතන්නෙ හරි හෝ වැරදි.එහෙම වෙලාවක ආන්ඩුව බලහත්කාරයෙන් මෙහෙම වැඩ කොරන කොට ඒව ඒ මිනිස්සුන්ට දැනෙන්නෙ ආක්‍රමන විදිහට තමයි.මේව කොරන්නෙත් තමන්ගේ හයිකාරකම පෙන්නන්න තමයි.

2.ලංකා 1 බොලොග් එක ත්‍රපිටකේ පුරස්න කරද්දි ඒක කොරපු විදිහක් තිබ්බ නෙව.බුද්දාගමේ උන් මී හරක්,උන් ත්‍රස්තවාදීන්,උන්ට කෙලවන්න ඕනෙ,කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ වගේ ටෝක් එතන තිබ්බෙ නැහැ.ලංකා 1 පුරස්න ටික මොන්ටිසෝරි පුරස්න ටිකක්.හැබැයි මොන්ටිසෝරි පුරස්න ටික සංයමේ තියාගෙන අහල තිබ්බ.
ඒකට පෙරමුනේ රාලලා රිඇක්ට් කොරපු හැටි කොයිතරම් හරිද?උත්තර දෙන්න ඕනෙ නං උත්තර දෙන්න ඕනෙ ක්‍රමයක් තියනව.අනෙකා කොන කැපූ එකා අන්ආම්ඩ් ටෙරරිස්ට් කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ කෙනෙක් කියල රිටර්න් දෙන එක ෆුල් සාටර්.බජාර් එකේදි වුනත් ගේම දෙන්නෙ ගේම ඉල්ලන එකාට.හෙල උරුමෙට බයිබලේ පුරස්න කොරන්න පුලුවන් නං මොන්ටිසෝරි තාලෙට හරි කමක් නැහැ වෙන එකෙක්ටත් ත්‍රිපිටකේ පුරස්න කොරන්න පුලුවන්.

3-තුන්වෙනි පුරස්නෙ සෝමාවති සිද්දිය ගැනය.කිරිස්තියානි දර්මේ අවුල් ගැන දිවඉනටයි රාලගෙ කල්ලියටයි ටෝක් දෙන්න ඇහැක් නං බුද්දාගමේ නමින් වෙන අවුල් ගැන බියොන්ඩ් ෆ්‍රේමට හරි ඇටමැස්සට හරි කතාකරන්න බැරිද කියල ඇහුවම නෝ ප්‍රේම් දෙන උත්තරේ රාලගෙ අටුවාවෙ ඒව ගැන කතාකොරල නැති බවයි.පුලා ලිව්වෙ රාලගෙ අටුවාව ගැන සාහිත්තිය විචාරයක් නෙවි.රාලලාගෙ කල්ලිය අරගෙන යන ආගමික යුද්ධය ගැන.රාලලගේ කල්ලියෙ පොරක් හෝමෝ සේපියන් නමෙන් බියොන්ඩ් ප්‍රේම්ගේ අඩවියේ කිරිස්තියානි මරන ගැන අහල තිබ්බ.මේ වගේ පුරස්න වලට වෙලාව වියදං කොරන එක පුලස්තිට කම්මැලි වැඩක්.එත් පවු නෙව.විජ්වතුන්ගෙ පුරස්න වලට ගෞරවේ තියන්න එපැය.

4-බුද්දාගම ව්‍යාප්තියේදි හිංසනය යොදාගත්තද නැද්ද?අනිත් ආගම් එක්ක බලද්දි අඩුයි කියන එකට පුලා සර්වාංගයෙන් එකගයි.ඒත් ඇත්තෙම නැද්ද?
ගෝඨාභය රජතුමාගේ කාලේ පිටේ හන ගහල මහායනික හාමුදුරුවරු බැනිෂ් කොරේ නැද්ද?අවුරුදු ගානක් තිබ්බ මහායානේ මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සෙ බිංදුවට වැටුන.ඉතිරි බිතිරි ටිකක් විතරයි ඉතිරි වුනෙ.ගිරි කියන නිගන්ටයගෙ සිද්දස්තානෙ කුඩු කරල අභයගිරිය හැදුවෙ.ඉන් රිටර්න් ගේමක් දෙන්න සංඝමිත්තර හාමුදුරුවො මහාවිහාරෙ කුඩු කලා.බිසවක් වහ දීල සංඝමිත්තර මැරුව.අබයගිරිවාදී මහසෙන්ට විරුද්දව ආගම වෙනුවෙන් මේගවර්න කැරලි ගහනව.දුටුගැමුනු යුද්ද කලේ සාසනය උදෙසා කියන්නෙ පුලස්ති නෙමේ මහාවංසෙ.ලේ හැලුන්නැද්ද?මිනී මැරුන්නැද්ද?දුටුගැමුනු මැරුවෙ මිනිස්සු එකහමාරයි කියල මහනාම හාමුදුරුවො ලිව්වෙ මැරුන අනිත් උන් දෙමල හින්දනෙ.
මේ සබ්ජෙක්ට් එකේදි බුද්දාගම = ඉස්ලාම් හරි කිරිස්තියානි හරි කියල කියන්න පුලා අන්තෙකට යන්නෙ නැහැ.ඒත් බුද්දාගමේ ඉතිහාසයෙත් කලු මාක්ස් හෑව්.නැතෙයි කියන්න බැහැ.
ඉතිහාසෙ මක්ක උනත් දැන් ඉන්න සමහර සැදැහැවත්තු පල්ලිවලට කෙලින එක,බෝම්බ ගහන එක ගැන නං හැබැයි ඕනෙ තරං කතාකොරන්න පුලුවං.සර්දාවෙන් උමතු වුන මුස්ලිම්කාරයෝ පිටරටවලදී අපරාධ කලා වගේ තමයි සර්දාවෙන් උමතු වෙලා පල්ලි වලට කෙලින,සිරසට මහ දවල් ගල් ගහන,සාරුක්ට බෝම්බ ගහන මේ සැදැහැවත්තුත් එක ඇවරියෙ කෙහෙල්.

5-පස්වෙනි පුරස්නෙ ඇහුවෙ බුද්දාගමෙ තියන ආතල් මිත්‍යාවක් ගැන.විද්යාව පාවිච්චි කොරල තමන්ගෙ ආගම හරි කියන්න හදන එක ඉස්ලාම්කාරයොත් කරනව.බුද්දාගමේ ඈයොත් කරනව.
(නව යුගයේ ආගම විද්යාවයි කියල දෙගොල්ලම මේ හින්ද පිලිත්ගන්නව)
දෙවිවරුන්ගෙ නායක සක්‍රයා ගැන පෙරමුනේ රාලගේ අටුවාවෙම මොකක්දෝ බයිලයක් තියනව පුලස්ති දැක්ක.මේ වගේ මිත්‍යා හැම ආගමේම තියනව.ඉස්ලාමයෙත් තියනව.බුද්දාගමෙත් තියනව.පැරරල් වර්ල්ඩ් ගැන නොදන්න බයිලයක් ගහන්න ගියාට වැඩේ අවුල් කියල නෝ ෆ්‍රේම්සුත් දන්නව.වයිඩ් බෝල්.ඒකට අපි යන්න අරිමු.

6-ඊලග පුරස්නෙ ආගම්වල ලමා අයිතින් ගැන.

//දරුවකුගේ ආගමික නිදහස අහිමි කිරීම කෙතරම් සාධාරණද? නමුත් ඉස්ලාම් යනු අන්ත අසාධාරණ ආගමක් හෙයින් මේ ප්‍රශ්න ඔවුන්ට පැන නොනගී. දෑස් හැර බලන්න, ඔබට ඉස්ලාම් ආගම අතහැරීමට මේ කාලයයි.//

නෝ ප්‍රේම් තමන්ගේ පරන ලිපියක මෙහෙම අහද්දි ඇහේ කදුලු එනව.ඉස්ලාමයේ ආගම් අයිතිය නැති කොරන හින්ද මුස්ලිම්කාරයොන්ට ප්‍රපෝසල් එක ආගම අතහරින්න.දරුවන්ගේ ආගමික අයිතිය නැති කරන්නෙ ඉස්ලාමයේ විතරයි වගෙ කියල හිතාගෙන ඉන්න හින්ද තමයි පොඩි කාලේ හය හතර නොදන්න බටු ඇට මහන කොරන එක ගැන පුලා ලියුවෙ.
දාසයට අඩු පොඩි උන් මහන කොරන එක වැරදියි කියල ඒ පාර පුලාට උත්තර දෙන නෝ ෆ්‍රෙම් උන්නැහේම කියනව.එතකොට වැරදි දෙයක් බුද්ද සාසනේ වෙනව කියල නෝ ප්‍රේම් පිලිගන්නව නෙව.ඉස්ලාමයේ ලමුන්ට වැරදි දෙයක් වෙන හින්ද ඉස්ලාම් කාරයොන්ට ආගම අතහරින්න කියල කියන නෝ ප්‍රේම් දැන් ඒ කටින්ම බුද්ද සාසනෙත් වැරදි දෙයක් වෙන හින්ද බුද්දාගම අත්අරින්න කියල කියමුද බලන්න?

තමුන්නෙ එක විතරයි හරි අනිත් උන් හාස්‍යයට ලක්කරල බොම්බාර්ඩ් කරන්න ඕනෙ මිලේච්ඡයො කියල හිතාගෙන ඉන්න එක තමයි ලොකුම මිලේච්ඡකම.පෙරමුනේ රාලයි ගෝලයො රොත්තයි පතුරන මේ ආගම්වාදෙ පුරස්න කොරන එකයි පුලස්තිට කොරන්න අවස්ය උනේ.ජාති පුරස්නෙකින් මේ රට අවුරුදු 30ක් ලේ හැලුව.ඒක අහවර උන ගමන් කොන කපපු එවුන් සුද්ද කරන කලු ජූලි පටන් ගන්න කෙකර ගාද්දි මේ රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙන කොල්ලෙක් විදිහට පුලස්තිටත් සයිලනස් එකේ ඉන්න අමාරුයි.
ඇත්ත දේසප්‍රේමය කියන්නෙ අනිත් එවුන් කැතිගාන්න ටෝක් කරන එක නෙමෙයි සාමය ගැන කොරන්න පුලුවන් මොනා හරි කොරන එක කියලයි පුලස්ති බොක්කෙන්ම හිතන්නෙ.

පලි-
කසාපබ්බතගෙ බොලොග් එකේ එස්එල් කියල නමකින් ෆොන්සේකගෙ නඩුවක් ගැන දාපු කොමෙන්ටුවක් ගැන නෝ ෆ්‍රේම්ට ලොකු කැසිල්ලක් තියෙන නිසා ඒ කැසිල්ලටත් බෙහෙතක් දෙන්න පුලා ට්‍රයක් දෙඤ්ඤං.
පෙඩ්රිකා ජෑන්ස්ට විරුද්දව ෆොන්සේකා නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල මුන්නැහෙට මාර අවුල.හරියටම කියනව නං පුලස්ති ෆොන්සේකා ලොක්කගේ සෙකට්‍රි නොවන හින්ද හේතුව නිච්චියටම නං දන්නෙ නැහැ.ඒත් මොලේ තියන ඕනෙ කෙනෙක්ට ඕකට උත්තරේ හොයාගන්න බැරි එකකුත් නැහැ.
අධෝමුඛය පුපුරන්න ඔන්න මෙන්න වර්ගයේ කක්ක බරකුයි කොන්ඩෙ පීරගන්න ඕනෙකමකුයි එක පාර හැදුනම නෝ ෆ්‍රේම් ඉස්සෙල්ලම දුවන්නෙ කක්කුස්සියටද කන්නාඩි මේසේ ගාවටද?
හිරේ ඉන්න මිනිහෙක් ඉස්සෙල්ල නඩු දාන්න ප්‍රමුඛතාවෙද මොකක්ද එක දෙන්නෙ තමන්ගේ හිරගත කිරීමට විරුද්ද එපීල් එකට කියන එක මොලේ කලදක් තියන ඕනෙ හරකෙක්ට තේරෙනව.සාමාන්‍ය මිනිස්සුන්ට නං කොන්ඩෙ පීරන එකට වැඩිය කක්කුස්සි අමාරුව ප්‍රමුඛයි.මහින්ද ප්‍රේම්ලා සමහර විට කොරන්නෙ අනිත් පැත්තද දන්නෙ නැහැ කියල හිතෙන්නෙ ඒ ඉසවුවෙන් නික්මෙන ආගම්වාදි ගද හින්ද

ආයෙත් පලි -
පුලස්ති මේ ලියන්නෙ හිට්ස් වැඩි කොරගන්න කියලත් පොඩි කිංඩියක් දාල තිබ්බ.අනේ මහත්තැන් මේකේ හිට් වැඩි උනා කියල පුලාට අමුතු දෙයක් ලැබෙනවද කීවනං.පුලස්තිට මේව කියෙව්වත් එකයි නැතත් එකයි.හරිය කියල හිතෙන දේ බය නැතිව පුලා ලියනව.පුලා මේක පටන්ගත්තෙත් ඒකට.කරගෙන යන්නෙත් ඒකට.හිට් කීයද කියල බලන්න උපකරනයක් තරම්වත් පුලස්ති අටෝගෙන නැහැ ඇත්තටම ;)

එහෙනං සියල්ලන්ට ජයවේවා!
මෙත් මල් පිබිදේවා!
ආගමික යුද්දෙට පුලාගෙ කොන්ට්‍රිබියුසන් එක දැනට මෙතනින් අහවරයි.ඕකට පැටලිලා රනවිරුවෙක් විදිහට මැරෙන්න උනොත් පුලාගේ පවුලත් අනාථයි.මුල්ගම්පොල බජාර් එකත් අනාතයි.

Sunday, May 30, 2010

පුලස්ති කොලඹ විස්ස විද්දියාලේ උපකුලපතිට වඩා පොරකි!


පුලස්ති වැඩිය ඉගෙන ගත්තෙ නැති උනාට කවි කියවන්න හරි ආසා කරන කොල්ලා.
අවසර කල් රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන කියන කවියට පස්සෙ පුලා වැඩියෙන්ම කැමති - උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ- කියන කවියට.ඇස්.මහින්ද හිමිලු නේද ඕක ලිව්වෙ?ඇස්.මහින්ද හිමි කියන නමට තේරුම් ගොඩාක් දෙන්න පුලුවන් නේද?
ඇස්ම හින්ද හිමි- ඇස් හින්ද හාමුදුරුවො කෙනෙක් වුනා
ඇස්ම හින්ද හිමි- asthma - ඇදුම හින්ද හාමුදුරුවො කෙනෙක් වුනා
පුලාගේ වනචර ඔලුවට ඔය වගේ විකාර අදහස්මයි එන්නෙ.සමාවෙන්න.ඒ උත්තමයට අපහාසයක් කොරා නෙමේ.නිකං හිතුන හින්ද ලිවුව.

ඒ උත්තමයගේ කවියෙ මිනිං එක මරේ මරු හින්ද පුලා මොනව නැතත් ඕක නං අනුගමනය කොරා.සිරිත් මල්දම වගේ වෙන පොත්වල කියන ඒව තඹ සතේකට මායිම් නොකලට පුලස්ති උස්තැන් දැකල හැකිලුනෙත් නැහැ හැකිලෙන්නෙත් නැහැ.මිටි තැන් දැකල පිප්පුවෙත් නැහැ පුප්පන්නෙත් නැහැ.
මුල්ගම්පොල හන්දියෙ බටයක් ගහගෙන ඉන්න පුලාගේ මේ කොලිටිය ආචාර්ය මහාචාර්ය උපාදි ගත්ත මහා උගතුන්ට නැහැ කියල පුලාට කිව්වෙ ත්‍රී වීල් සුගා.
"ඒ මොකෝ බොල ඒ?" පුලස්ති සුගාගෙන් ඇහුවම මෙන්න බොලේ සුගා පුලාට පරන නිව්ස් අයිටම් එකක් පෙන්නුව.මේක හද්ද පරනයි.ඒත් මැක්සම මැක්සම අයිටම් එක.

කොලඹ විස්ස විජ්ජියාලෙන් මිහිදු රජපස මහේන්‍ද්‍රයානන්ටයි උන්නාන්සෙගෙ මල්ලි පැටියටයි ආචාර්ය උපාධි දෙකක් පුදල.

මහින්ද මාම - Doctor of laws
ගෝඨාභය චූටි මාමා - Doctor of letters
( දැනගැනීම පිනිස - පුරුද්දට රජතුමා,ආරක්ෂක ලේකම්තුමා කියල ඉස්සර කිව්වට ලගදි ඉදල පුලා අමාරුවෙන් හරි මහින්ද මාමාට මාමා කියන්නත් මාමගේ මල්ලි ගෝඨාභය මාමාට චූටි මාමා කියන්නත් පුරුදු වෙනව.ලොකු පුටු වලට නෑයො විතරක් දාන්නෙ ඇයිද කියල ඇහුවම මහින්ද මාම අල් ජසීරා එකට කිව්වලු නෙව මුලු රටම උන්නැහෙගේ නෑදැයො කියල.මාර ආතල්.මුල්ගම්පොල බට පුලාට එහෙනං රටේ රජාත් නෑයා වුනා.දැන් මහින්ද පුලස්තිගෙ මාමා.ගෝඨාභය චූටි මාමා.ලබන අවුරුද්දට කදමලු බැදගෙන පුලා මැදමුලන පැත්තෙ යනව ඕං.ශිරන්ති නැන්දගෙ කිරිබත් කටක් කන්න.නාමල් මලයා එක්ක රගර් පාරක් ගහල යෝෂිත පොඩි මලය එක්ක ගුස්ති පාරක් අල්ලන්න )

"ඩොක්ටර් ඔෆ් ලෝස් කියන්නෙ ඇයිද බොල?" සුගා පුලාගෙන් ඇහුව.
"සිරාවට බොල.ලෝ කියන්නෙ නිතිය.ඩොක්ටර් කියන්නෙ දොස්තර.විස්ස විජ්ජියාලෙන් ලොක්කව නිතිඥ ගොයියලාට බෙහෙත් කොරන්න වත් අපොයින්ට් කරලද?" සුගාටයි පුලාටයි මේක පුරස්නයක්.ඊට වඩා පුරස්නෙ ගෝඨාභය චූටි මාමට දුන්න උපාදියේ තේරුම.
"ඩොක්ටර් කියන්නෙ දොස්තර.ලෙටරස් කියන්නෙ අකුරු.අකුරු වල දොස්තර?"
පුලාට මඥ්ඤං.මේවයෙ මීනිං එක අහන්නෙ මොකාගෙන්ය?අනෙ අම්මෙ මේ වගේ වෙලාවට තමයි අපේ දේසප්‍රේමය පිලිබද විසේසඥ වෛද්‍යතුමා මතක් වෙන්නෙ.මිගාර දොස්තර බොස් හිටිය නං කොච්චර දෙයක්ද අම්මපා මේව ගැන අහන්න තිබුන නෙව.මොනව නැතත් උන්නැහෙත් දොස්තරනෙ.ඒත් උන්නැහේ මේ වංගියෙ පස්චාත් උපාධියට පාඩම්.උන්නැහෙගෙ සටන කරට අරගෙන තියන පෙරමුනෙ රාලටයි කසාපබ්බතේ නාමල් අයියටයි කොහෙද උන්නැහෙට වගේ නොලේජ් එකක්.

ඇත්තටම මේ මක්කෙයි වෙලා තියෙන්නෙ කියල දැනගන්න පුලයි සුගයි ගියා ටියුසන් මාස්ටර් ගනිත කොටා හොයාගෙන.ගනිත කොටා ගනිත හරඹෙට වගේම අසිපත් හරඹෙටත් දස්සයා කියල ගමම දන්නව.
"ඩොක්ටර් ඔෆ් ලෝස් කියන්නෙ අයිසෙ" ගනිත කොටා කිව්ව. " නීතිවේදී උපාධියේ ඉහලම එක.ඩොක්ටර් ඔෆ් ලෙටර්ස් කියන්නෙ සාහිත්‍යසූරී.දර්ශනය ගැන ඉහලටම ඉගෙන ගත්ත අයටත් ඕක දෙනව"
සාහිත්‍යසූරිද?දර්සනසූරිද?දෙකම වෙන්න ඇති.පුලා හිතාගත්තා.

මහින්ද මාමා නීතිවේදින්ගෙත් නීතිවේදියෙක් උනේ කොහොමෙයි?ජීඇල් උත්තමය නං ඔය විසය ගැන පොත් හෙන තොගයක් ලියල තියනව කියල පුලා අහල තියෙනව.මහින්ද මාමා එහෙනං ඊටත් වඩා පොරක් වෙන්න ඇති.මහින්ද සින්තනය කියන්නෙ නිති පොතක්ය?කවුදෝ දන්නෙ.වෙන්නත් ඇති.හැබැයි ඒක ලියුවෙ මහින්ද මාමමය?
ගෝඨාභය චූටි මාමා සාහිත්‍යසූරි වුනේ කොහොමෙයි කියන එක ගැන නං හැකයක් නැහැ.උන්නැහෙ ලියන්න ඇති කියල හිතෙන කවි පොත් කීපයක නං සුගා උපකල්පනේ කොරා.
1.නිව්යෝක් නුවර සහ හද ( අමෙරිකන් සිටිසන් වෙලා ඉද්දි ලිව්ව එකක්)
2.නන්දිකඩාල් හටන ( වීර කාව්‍යයක්.දුස්ටයා ප්‍රභාකරන් )
3.නොමියෙමි ( සුයිසයිඩ් අටෙම්ප්ට් එකෙන් දිවි බේරා ගත්තම ලියුව එකක්)
4.ෆොන්සේකා හටන ( වීර කාව්‍යයක්.දුස්ටයා නන්දිකඩාල් හටනේ සහයක වීරයා වෙච්ච ෆොන්සේකා )
ගෝඨාභය චූටි මාමා ලියුව තව කවි පොත් ගැන ඔහෙලා තොරතුරු එහෙම දන්නවද?
තොරතුරක් දන්නවනං තරහ ගන්නෙ නැතිව සුගාට හරි පුලාට හරි ඒක දන්නන්න පුලුවන්ද?

උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ.ඉගෙන ගන්න එවුන් මොකක් හරි පුරස්නයක් ගෙනාවම ඒ සිස්යයොන්ට ගෑස් පිට ගෑස් පෙන්නන විස්ස විජ්ජියාලවල මහ පුටු තපින ඈයො උස් තැන් වල වැජඹෙන නායක කාරකාදීන්ට එක දාගන්න ඇකිලෙනවා විතරක් නෙවි රටේ නැති ගොබ්බ වැඩ කොරනව.නීති සාස්තරේට මෙලෝ සම්බන්දයක් නැති උදවිය නීතිවේදී.කවියක් තියා කවියක අකුරක්වත් ලිව්වද කියල හිතාගන්න බැරි වර්ගයේ උදවිය සාහිත්‍යසූරී.උපකුලපතිකම රැකගන්න,ප්‍රතිපාදන කොමිසොමට ප්‍රමෝසන් ගන්න මේ විදිහට බයාදු වෙන එක උගත්කමේ ලක්සනයක් වෙන්න ඇති.
උස්තැන් දැක හැකිලෙන නිවටයින්ට වඩා බටයක් ගහගෙන ඇනයක් නමාගෙන තමන්ගෙ පාඩුවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න අට පාස් නැති පුලා වීරයෙක් නෙමෙයිද කියල කිවුව නං?

Wednesday, May 26, 2010

බ්ලොග් ලෝකයේ මහා ආගමික සංග්‍රාමය


බොලොග් අවකාසේ දෙවනත් කරගෙන මහා ආගමික සංග්රාමයක් හතර පැත්තෙන් ඇවිලීගෙන ඇවිලීගෙන යනවා.කල් ඉකුත් උන කිරි වීදුරුවක් බීව වගේ දෙයි හාමුදුරුවනේ බඩ යන්නාහේ තර්ක විතර්ක මඩ කොහෙන් ඇදහැලෙනවද හිතාගන්න බැහැ.බ්ලොග් රසිකයෝ මැසි මත මැසි බදිමින් වාසල පවුරු මත නැගෙමින් සංග්‍රාමය නරඹන්නාහුය.ආප්ත ගෑනුද ආප්ප උයමින් සංග්‍රාමය කවරක්දැයි ඉස්සී ඉස්සී බලන්නාහුය.
ඈත ධූලින් වැසී ගිය පෙරමුනේ රාලය.මෑත සුදුමැලි වෙලා වචනයක් දෙකක් තටමන ලංකා 1 බ්ලොග්ය.ඈත වියරුවෙන් ගොජ දමන නෝ ෆ්‍රේම්ය.මෑත ඉන් රිටර්න් ගේම දෙන ඇට මැස්සාය.ඈත දුටු දුටූවන් කීතු කීතු කරමින් තම්බියා මරක්කලයා කොන කැපූ එකා ත්‍රස්තවාදියා යි කෑ ගාමින් වමනය කරන පිටියේ අප්පුය.මෑත කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්ට කිංඩි දාන බියොන්ඩ් ෆ්‍රේම්ය.
( අතර මැද අනේ බබාල ඔයාල ඔහොම ගහගන්න එක හොද නැහැ නේද කියල අසන මහමෙව්නා අසපු සංචිතයය )

බලාගෙන ඉන්නෙ බම්බුවටද?වලියක් කොතැනද පුලා එතන.මේ ගැන පුලස්ති කාලෙකට උඩදි ලියපු සිංදුවක් තමයි මේ.

ගේමක් දීල ගිය අවුරුද්දේ ගංජා ඔතලා ඇතුලෙත් හිටියේ මේ අවුරුද්දේ වීල් එලවලා බටයක් ගහලා ජීවත් වෙන්නේ පුලා අයියා මං හොදම කැ** මං ගේමකදී සරම කරේ තියං බැස්සෙ මං!

( මේ සෝන්ග් එක සිංග් කොරන්න ඕනෙ ඉරාජ්ගේ "පාතාලයා මං" කියන සිංදු කෑල්ලේ තනුව අනුව බව සලකන්න )
ඔන්න එහෙනං නමෝවිත්තියෙන් පුලත් බැස්සා ගේමට.

ඉස්ලාම් ආගම ආක්රමනශීලියි.පට්ට ඩේන්ජරස්.ඒකෙ උගන්නන්නේ අනිත් උන්ට කෙලවන එක.පොඩි කාලේ ඉදල පොඩි උන්ගෙ ඔලුවට දාන්නේ විෂ.පොඩි කාලේ උන්ගේ කොන කපනව.ලමා අයිතිවාසිකම් නැති කරනවා.හිංසනේ ප්‍රමෝට් කොරනවා.ආගම පැතිරුනේ කඩුවෙන්.උන් බලන්නේ වරිගේ බෝ කොරල ලංකාව අල්ලගන්න.ලංකාවේ සිංහල බෞද්ධයන්ට කෙලවන්න.උන්ගේ හීනේ ඕක තමා.පල්ලි වලදී උන්ගෙ පූජකයෝ දෙසන්නෙත් ඕකම තමා.හිංගලයන්ට කෙලවන හැටි.හිංගල රට අල්ල ගන්න හැටි.
ඒ අස්සෙ අවජාතක වාදීන් සෙට් එකක් බොලොග් අවකාසෙ ඉන්නව.මුන් උත්පත්තියෙන් හිංගල උනාට අවජාතක රැලක්.බලන්නෙම හිංගලකමට ගරහන්න.මුංට කිරිස්තියානි පූජා වල ගෑනු මැරෙන එක පේන්නෙ නැහැ.පේන්නේ සෝමාවතියේ මිනිස්සු මැරෙන එක.මුන්ට තව කොහෙ හරි නිකායක සුව කිරිමේ මෙහෙයකින් මිනිස්සු මැරෙන එක පේන්නේ නැහැ.පේන්නේ ඉස්ලාම් පල්ලිවලට බෞද්ධයො ඇටෑක් කොරන එක.මුං අපතයො.දෙමල ජාතිවාදීන්ට කඩේ ගියා.ඊට පස්සේ ෆොන්සේකාට රෙදි උස්සගෙන කඩේ ගියා.දැන් තම්බින්ටයි මිසනාරින්ටයි කඩේ යනව.උල තියන්න ඕනෙ අනිත් එකා තරුන හාමුදුරුවරු අතේ ගහන එක ගැන දහම් පාසල්වලට එන නංගි බබාලට සීන් කෝන් දාන එක ගැන ලියන හීරලුවා.සැප බඩු එක්ක ෆන් ගන්න මිත්‍යදෘස්ටිකයා.

පෙරමුනේ රාල පෙරමුනේ ඉන්න බෞද්ධ පිලේ තර්ක ටික ඔන්න."අනේ අපරාදේ කියන්න බැහැ.සාදු සාදු"තර්ක ටික අහපු පුලාගෙ පවුල සර්දාවෙන් කිවුව.පාවිච්චි කොරන වචන සෙට් එකෙන් බෞද්ධ කම වෑස්සෙනවා.අමා දහර ගලා යනව.

පුරස්න අංක 1 - යාපා පටුනයි දහම් අමාවයි කියල හෙට අනිද්ද යාපනේ කොටුවෙ වෙසක් සෙලිබ්‍රේසන් එකක් මහ පරිමානෙට ඕගනයිස් වෙනවා.හමුදාවේ සොල්දාදුවෝ ඒකට ගජරාමෙට වැඩ.දෙමල හින්දුනුයි ක්‍රිස්තියානිකාරයොයි 90%ට වඩා ඉන්න යාපනේ එක පාරටම දහම් අමාවක් රජයේ ෆුල් ස්පොන්සර්ෂිප් එක්ක මෙගා සයිස් එකෙන් බලෙන් පටවන එක මොකක්ද?ඒක ආක්‍රමනකාරී වැඩක් නෙමෙයිද?
මේක යාපනේ ඉන්න බෞද්දයන්ගේ ස්වෙච්ඡා වැඩක් නෙමෙයි හමුදාව දාල කෘතිමව කොරන ප්‍රොජෙක්ට් එකක් කියන එක ක්රිස්ටල් ක්ලියර්.

පුරස්න අංක 2 -හෙල උරුමෙ කියන හිංගල බෞද්ද පක්සෙ 2004 චන්දෙදි බුද්දාගම එකසිය ගානට දේශපාලනීකරනය කොරා.ප්‍රසිද්ද රැස්වීම්වල බයිබලේ පෙන්නලා ඒක විවේචනය කොරා.ඒකට ඇට්ටි හැලෙන්න කෙලියා.හෙල උරුමෙට බුද්දාගම දේසපාලනේට යොදාගන්න ඇහැකි නං,බයිබලේට ප්‍රසිද්ධියේ බනින්න ඇහැකි නං ලංකා 1බ්ලොග් කාරයා ත්‍රිපිටකේ ගැන ලියුවම තියන වැරැද්ද මොකක්ද?තව මොකෙක් හරි ත්‍රිපිටකේ පුරස්න කලාම තියෙන වැරැද්ද මොකක්ද?

පුරස්න අංක 3-කිරිස්තියානි පූජා වලදී මිනිස්සු මැරුනම පන කඩාගෙන ඒක ගැන ටීවි වල පත්තර වල හැමතැනම කතාකෙරුනා.පල්ලිවලට මැර ප්‍රහාරත් එල්ල කෙරුනා.සෝමාවතියේ බුදු රැස් තියෙනවා කියල අම්බ පොයියක් කෙලලා මිනිස්සු අන්දල මිනිස්සු ඒකේ හිරවෙලා මැරුනම ඒක ගැන කතාකොරන්න බල්ලෙක් නැහැ.ක්‍රිස්තියානියේ මිත්‍යා ගැන රට වටේ ටෝක් දෙන දිවඉන පත්තරේ ඇතුලු මීඩියා පොරවල් බුද්දාගමේ නමින් රට වටේ කෙරෙන මිත්‍යා වැඩ ගැන නෝ කතා නෝ සිනා.හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර වැඩ කොරල හම්බුකොරන එක ගැන නෝ ටෝක්.සෙත් ශාන්ති කර්ම කොරනවය අරක කොරනවය මේක කොරනවය කියල අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හම්බු කරන එක ඒවායෙන් කාර් ගන්න එක ගැන නෝ රිප්ලයි.
කිරිස්තියානි කාරයොන්ගේ ගොංපාට් ගැන දිවඉනටයි පෙරමුනේ රාලටයි කතා කොරන්න ආටිකල් කොරන්න ජජ්මන්ට් දෙන්න ඇහැක් නං බුද්දාගම්කාරයොන්ගේ ගොංපාට් ගැන බියොන්ඩ් ප්‍රෙම්ට හරි ඇටමැස්සට හරි ලියන්න බැරි ඇයි?සෝමාවතියෙ කොරපු බූරු වැඩේ බූරු වැඩක් කියල කිව්වම ඒක ගැන කතා නොකර "ඇයි ඔයාල කිරිස්තියානිකාරයොන්ගේ ගොං පාට් කතානොකරන්නෙ" කියල අහන එක මිසයිලෙට මුහුන දෙන්න බැරිව අන්ඩර්ග්‍රවුන්ඩ් යාමක්.

පුරස්න අංක 4-බුද්දාගම ව්‍යාප්ත වෙන්න ආයුද බලේ හිංසනේ යොදාගෙන නැද්ද?ථෙරවාදය මේ රටේ තහවුරු වුනේ කොහොමෙයි?අභයගිරියේ ලොකුවට හදල තිබ්බ මහායානය පුලුටක් ඉතිරි නොවෙන්න අතුරුදහන් වුනේ කොහොමෙයි?ඒවට ලේ හැලුවෙ නැද්ද?මිනී මැරුවේ නැද්ද?
මාගේ මේ වෑයම බුදු සසුන උදෙසාය කියල දුටුගැමුනු යුද්ධ කලේ සෙල්ලම් කඩු වලින්ද?ඒවට හාමුදුරුවරු ආසිර්වාද කොලේ නැද්ද?
යුද්දෙදි මැරුනේ මිනිස්සු එක හමාරය කියල මහාවංසේ බෞද්ධ හිමි නම ලියුවා නේද?හිංසනය ජස්ටිෆයි කොරෙ ඒ විදිහට නෙමේද?
හිංසනය කියන්නෙ එක ආගමක විතරක් තියන අමුතු එකක් නෙමේය කියලයි පුලා කියන්නෙ.ඕක බුද්දාගම ඇතුලු හැම ආගමේම ඉතිහාසෙ හෑරුවම හම්බෙනවා.දැන් කියයි ත්‍රිපිටකේ එහෙම එකක් නැහැ නේද කියල.පුලාට නං "ආගම" කියන්නෙ ත්‍රපිටිකෙයි පිරුවානා පොත්වහන්සෙයි විතරක් නෙමෙයි.පොතුයි ඒවා උඩ හදපු ආගමික සංස්ථායි ඒ සංස්ථාවල පූජකයොයි මේ සේරම ආගම.ක්‍රිස්තියානිය කියන්නෙ බයිබලය විතරක් නෙමේ.ඒක උඩ හදපු පල්ලි පල්ලි වල මතවාද දේසනා ඔය සේරම පුලාට නම් "ආගම".බුද්දාගමයි කිරිස්තියානියයි ඉස්ලාමයයි ඔය මොන මගුල උනත් ඒවයේ පටන්ගත්ත අය පටන්ගත්ත යහපත් අරමුනු නෙමේ ඒවා "ආගම්" වීම එක්කලා දැන් තියෙන්නෙ.මේ හැම ආගමම එක ඉත්තෙ පොල්.ව්‍යාප්ත වෙන්න හිංසනය මරන බය යොදාගත්ත.ඒකෙන් එකක් විතරක් අරගෙන මගේ එක ෂෝයි ඔයාගේ එක කක්කා කියන එක - ඇත්තටම අපේ අනුරාධ මල්ලිගෙ මොන්ටිසෝරි බබාල නං ඔය වගේ රන්ඩු කොරගන්නවා පුලා දැකල තියෙනව.

පුරස්න අංක 5-ඉස්ලාම් ආගමේ කුරානයේ බබා පාට් කොන්සෙප්ට් අල්ලගෙ අරයගෙ මෙයාගෙ කතා පෙරමුනේ රාලට මාර ෆන්නෙ.ඔන්න එහෙනං ෆන් ගන්න තවත් මූලාස්‍රයක්.

http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.html

බුද්දාගමේ තියන විස්වය ගැන මේ විග්‍රහය අප වෙත ගෙන එන්නේ චමිත රත්නායක ආදරනීය බොලොග් සහුර්දයායි.ඕක කියවල බලන්න.විස්වය හැදිල තියෙන හැටි බුද්දාගමේ දකින විදිහ ගැන සම්බාව්‍ය විදිහට මාර ඇනලයිසිස් එකක් දෙනවා.ආසාවට එකක් දෙකක් උපුටා දක්වන්නං.

//(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.//

මේ කියවෙන්නේ විස්වයේ තියෙන "කාමලෝක" ද මොකක්ද වර්ගයක් ගැන.ආතල් දාර්සනික විග්‍රහය නේද?මනුස්ස ලෝකෙ ඉදල යොදුන් 640ක් උඩට ගිහින් බලමුකො කාම ලෝකය තියෙනද කියල!කාම ලෝකයේ ආයුස ටික බලන්න.කුරානය වගේම තමයි මේ ගොං පාට් කියෙව්වමත් මාර සැපක් ගන්න පුලුවන් නේද?
මෙන්න තව එකක්.

//(8) යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.//

විස්වය ගැන බුද්ද දර්මයේ තියෙන්නෙ කොයිතරම් පිලෝසොපිකල් විග්රහයක්ද නේද මිත්තරවරුනි?දැන් යම ලෝකේ තියෙන්නේ මනුස්ස ලෝකෙට හැතැප්ම 2540 ක් විතර උඩින්.ඒකෙ ඉන්නව සුයාම කියල ලොක්කෙක්.තාම ඉන්න ලොක්ක එයාමද දන්නෙ නැහැ.එයාගේ බිරින්දෑ සිරිමා.අනේ මන්ද අග නම බන්ඩාරනායක වෙන්න ඇති.ඒ ලෝකේ වැසියෙක් අඩි 2250 ක් උසයිලු.කොච්චර ජොලිද සැදැහැවතුනි.කුරානයේ ගොං පාට් වලට හිනාවෙන එක නවත්තලා තමන්ගේ ඇහෙ තියෙන පරාලය දිහත් බලමුකො.අනුන්ගේ පරාලවලට වඩා තමුන්ගේ පරාලේ කොයි තරම් හා හා හා හාස්‍යජනකද?

පුරස්න අංක 6- පොඩි උන්ගේ කොන කපන එක ලමා අයිතිවාසිකම් නැති කිරීමක් නෙව.එතකොට පොඩි උන්ව මහන කොරන එක?ඒක ලමා අයිතිවාසිකම් සුරැකිමක් වෙන්න ඇති.බට්ටා පනින්න ඕනෙ වයසෙ බලෙන් සිල්ගන්වලා පන්සලක ගාල් කරල ලමා ජීවිතේ අහිමි කරවන එක ගැන කාටත් වඩා හොදට ඒ ජීවිතේ විදපු "සැප බඩු ගහන හීරලුවා" හෙලිදරවු කරල තියෙනවා.
සැප බඩු ගහන හීරලුවා එක්ක නෝ ෆ්‍රේම්ස්ට මෙච්චර ගෑස් තමන්ගේ පැන්ටසිය පුපුරුවලා දාපු හින්දද?

පුලා කියන්නේ මෙච්චරයි.කාගෙ කාගෙත් කිල්ලෝටවල ඩිංග ඩිංග හුනු හෑව්.කාගේ කාගෙත් අත්වල ඩිංග ඩිංග ලේ හෑව්.අනිත් එකා හෙලුවෙන් කියල ඇගිල්ල දික්කරන්න අත උස්සන්නෙ පරිස්සමෙන්.එහෙම කොරන්න ගියාම අතෙන් අමාරුවෙන් හරි වහගෙන ඉන්න තමුන්ගේ සිස්න බටේ ලෝකෙට ප්‍රදර්සනය වෙනවා.

Tuesday, May 25, 2010

අපේ රටේ රජ්ජුරුවො මහ බොරුකාරයෙක් - පුලස්තිගේ අප්‍රිකානුවාසී බෑනා කියයි


පුලාට මේ සුමානෙ සදුද ලියුම් කරදහියක් ලැබුන.විදේසෙකින්.පුලාට මාර හැපි.විදේසෙකින් ලියුම් කරදහි ලැබෙන මොන බුවාද මේ මුල්ගම්පොල වැයික්කියෙ ඉන්නෙ?
සන්තෝසෙට හූවක් තිබ්බ පුලා අහල පහල ගෙවල්වල කවුරු කවුරුත් අඩගහගෙන ආඩම්බරෙන් වටකොරගෙන ලියුම් කරදහිය කියෙව්වා.කරදහිය එවල තිබුනේ පුලස්තිගෙ බෑනා සදහම්.අහිංසක තරුන කොල්ලා.ජොබක් කොරන්න ඈත රටකට ගොහින් ඉන්නෙ.කාන්සාව.කෙල්ලෙක් නැතිකමට මට ලියුම් ලියනවා.
මගේ බොලොග් සහුර්දයන් එක්කල මම බෙදා හදාගන්නේ ඒ ලියුම කරදහිය.කියවල බලන්න කොච්චර සංවේදීද කියල.


2010 මැයි 18
අප්‍රිකාවේ ඔලුග්බුජා දූපතේ අගනුවර සිටය

ආදරනීය පුලස්ති මාමේ

මාමාගේ සැප සනීප කොහොමද?මම නම් හොදින් සිටිමි.ඒ කියන්නෙ මට හරි සැපය.සනීපය.
මේ දවස් වල මම ඉන්න දීපෙට එකසිය ගානට වැස්ස.නගර සේරම යටවෙලා.සමහරු මාමේ මේකට ගංවතුර කියනව.ඒ වුනාට ගංවතුර කියන්නෙ ගග පිටාර ගැලුවම එන වතුරට නේද?මෙහෙ නම් පිටාර ගලන්නෙ ගංගා නෙමේ.නගරවල කානු.
මේකට ඒ හින්ද කියන්නෙ "කානු වතුර" කියල.අලුත් කොන්සෙප්ට් එකක් "මේඩ් ඉන් ඔලුග්බුජා"කොන්සෙප්ට් එකක් මාමේ.
(මේ අලුත් කන්සෙප්ට් එක හොයාගත්තෙ කොලින් ද සිල්ව කියල මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ බුඩ්ඩි මතෙක් )
මාමා දන්නවයි මේ ලගදී මම ඉන්න දූපත් රාජ්ජයේ අගනුවර අපිකාවෙ ලස්සනම නගර වලින් එකක්,සංචාරය කරන්න ෂෝයි තැනක් කියල සුදු මහත්තුරු වගයක් තේරුවාලුනෙ.ජොලි නේද?සුදු මහත්තුරු අහසින් යද්දි අපේ අගනගරෙ දැකල.ඒක වැස්ස දවසක්ලු.ඉතින් ගහල උඩ ඉදන් පොටෝ එකක්.අම්මේ ලස්සන කියල හිතුවලු මාමේ.වතුර උඩ හදපු ලස්සන නගරයක් නෙව.මාර ආශ්චර්යමත් ජාතියක්ය මේ ජාතිය කියල හිතලලු ඒ සම්මානය අපිට පිදුවෙ.

මාමාගේ ක්ෂනික මෝචන අමාරුව දැන් හොදද?අනේ මන්ද මාමේ ඒ ලෙඩේ නම් මහ කුනුහරුප ලෙඩක් නෙව.දැන් මටත් හැදිල.මොකොද මම ඉන්න මේ දූපතේ කොරන්න පුලුවන් කිසි දෙයක් නැහැ.හැමදේම බෑන්.වැල සයිට් බෑන්.ඇඩල්ට් ඔන්ලි ෆිල්ම් බෑන්.සිගරට් බෑන්.මතත් බෑන්.
හැබැයි ඹක්කොම බෑන් අපි වගේ පුංචි පන්තියේ අයට විතරයි මාමේ.ඔය නයිට් කලබ්වල එහෙම ඔය කිසි බෑන් එකක් නැල්ලු.තියෙන්නෙ බෑන් චූන්ලු.සල්ලි හෑව් නම් මාමේ විනෝදය හෑව්.නෝ මනී?නෝ ෆන්.යෙස් මනී?යෙස් ෆන්.
මාමලා ඉන්න රට ඒ අතින් පුදුම වාසනාවන්තයි නැද්ද?.මේ වගේ ගෝත රටකට ඇවිත් මොන මහල්කෙලකටය අපි දුක් විදින්නෙ?

රහසින් කියන්නම් මාමෙ මේ දූපතේ ඉන්න රජතුමා සේරටම වඩා හෙරොයික් ඩයල් එක.ඔන්න මාමා පොරවල්.මූදු හතකට එහා නැල්ලු මේ වගේ අදිරාජ්‍ය විරෝධියෙක්ද මොකෙක්ද එකෙක්.දිව ටැපලෙනව.ඒත් එයාල නිතර දෙවේලේ කියන්නෙ ඔය වචනෙ තමා.
මේ රජතුමාලුනෙ පුලා මාමේ ලෝකේ අදිරාජ්‍ය විරෝධී සංකේතෙ.දැන් ලෝකේ පුරා පොරවල් අමරිකාවට විරුද්දව පෙලපාලි යන්නේ මේ දූපතේ මහජතුමාගේ පින්තූර අරගෙනලු.වියට්නාමේ එහෙම හෝ චි මිංගේ පිලිම කඩල දැන් අපේ රජාගේ පිලිමයක් කොන්ස්ට්‍රක්ට් කොරනවලු.නොම් චොම්ස්කි එහෙම නිතර දෙවේලේ දැන් උපුටා දක්වන්නෙ අපේ මහරජාගේ කතාවල උද්ධෘත පාඨලු.දෙයියම්පා මාමේ සහතික ඇත්ත.ඒ කාලෙ මා ඕගේ රතු පොත වගේ දැන් ලෝකෙ පුරා අදිරාජ්‍ය විරෝධියෝ කද්දි බොද්දි චූ කරද්දි ටොයිලට් යද්දි හැමවෙලාවෙම කියවන්නෙ අපේ රජතුමා මහන්සි වෙලා ලියපු "කොහෙන්ද චින්තනය" පොතලු.

ලෝකෙ පුරා දෙයියා වගේ අදහගෙන හිටියත් මාමේ දෙයිය වුනත් පොයිය දාන එක නම් හැබැයි එච්චර හොද දෙයක් නෙමෙයි නේද?
ලෝකෙට දෙයිය උනාට මේ දූපතේ මහරජතුමාගේ මහ කැත පුරුද්දක් තියෙනව නෙව.ඒ තමයි දෙයිය වගේ හිනාවෙවී පොයිය දාන එක.
එක පාරක් මෙතුමා හිනාවෙලා කීව නෙව "එක පාරින් මම විධායක රජකම අත්හරිමි.ජනතාවට පාලන බලය පවරමි" කියල.
මසුරන් හිනාව මාමේ.හැබැයි රජකමේ පලවෙනි ටර්න් එක හමාර වී ගෙන එනකොට ඒ හිනාවම දාල මෙතුමා කීවා "මා හට නැවත වතාවක් විධායක රජකම ලබා දෙව.මා මේ පුරය ඉසුරින් ආඩ්‍යමත් කරමි" කියල.එකපාරින් රජකම අත්හරින පොරොන්දුව කොහාට මකබැ උනාද නෑ.
අනේ හැබැයි මේ දූපතේ ඇච්චොන්ට කිසීම කිසීම කිසීම ගානක් නැහැ.කයිය නැතිව පොයිය දැම්මට මේ ඉතින් දෙයියනෙ.පෝලිමේ ගිහින් පුදනව රජකම හිටු කියල.

ඒ විතරක්ය මාමෙ දෙවෙනි පාර රජකමට ට්‍රයි කොරනකොට ආයෙත් ඔන්න දුන්න පොරොන්දුව හිනාව දාගෙන.
"මා හට බලය ප්‍රදානය කරව.මා රජයේ සේවයේ කඹුරන්නන්හට කහවනු දෙදහස් පන්සියයකින් වැටුප වැඩි කරමි!"
මේ පොරොන්දුවේ වටිනාකම ගැන කියන්න බුදු අප්පචිචියේ,ඒ කාලෙ විජ්වතුන් පෝලිම් ගැහිල ඉදිරිපත්කලා විග්රහයන්.විස්ස විජ්ජියාලවල ආර්ථිකවිද්‍යා දේසපාලනවිද්‍යා සමාජවිද්‍යා ලිංගිකවිද්‍යා තාරකාවිද්‍යා හැම පීඨෙකම ආචාරය මහාචාරය කතිකාචාර්ය ඩිමොන්ස්ට්‍රේටාචාර්ය බුවාල ඒ කාලෙ රූපවාහිනියෙමයි.දෙදාස් පන්සීයේ වටිනාකම.දෙදාස් පන්සීයේ වටිනාකම.
දැන් කෝ දෙදාස් පන්සීය?දෙදාස් පන්සීය ගැන කතාකරපු මහදැනමුත්තයි ගෝලයො රොත්තයි ගෞරවනීය නිශ්ශබ්දතාවයක.ආගම සිහිකරනවද කොහෙද.

මේ රටේ රජතුමා ඔන්න ඔය විදිහට හරියට බොරු කියනව කොරනව මාමෙ.එහෙම කොරන තවත් බොරුවක් කියල මේ ලියුම් කරදහිය අහවර කොරන්නම්.
රජතුමාගේ අනිත් පොයිය තමයි බෞද්ධ පොයිය.මාමට කියන්න රජතුමා හතර පෝයට සිල්ගන්න සැදැහවතාගේ පාට් එක නෙව රගන්නෙ.බුද්ධ රත්නෙටයි ධර්ම රත්නෙටයි මාර රැස්පෙක්ට් එක.තමන් කියන දේ වක පුහගෙන අහගෙන ඉන්නවනන් සංඝ රත්නෙටත් මෙතුමා රැස්පෙක්ට් තමයි
හැබැයි වැරදිලාවත් සංඝ රත්නෙ උනත් කමක් නැහැ එගේන්ස්ට් වචනයක් කිව්වොත් - මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි!
වෙන දේ ගැන සාක්කි පින්තූරෙකුත් එක්ක මම මාමට පෝස්ට් කොරල එවනව.මේ කරදහියෙ උඩම අලෝල තියෙන්නෙ ඒ පින්තූරෙ.

එහෙනම් මාම ඒ පින්තූරෙ නැන්දට දෙන්න.දීල මල් පහන් පුදල හවසට හවසට පින් දෙන්න.මාමාලයෙ රටේ රජතුමා මේ වගේ පොයිය දාන දෙයියෙක් නෙමෙයි කියල මේ බෑන දන්නව.ප්‍රතිපත්තියක් නැති පොලිටිකල් බයියලා දෙයියලා උනාම කොහෙ කොහෙත් ඔහොම තමා කියල මෙහෙ ඉන්න යාලුවෝ කියනව.ඒ උනාට මම නං ඒ කතාවට එගේන්ස්ට්.
ලෝකයක වැදුම් ලබන අධිරාජ්‍ය විරෝධී දෙයියා පොලිටිකල් බයියෙක් වෙන්නෙ කොහොමද?නේද?

- මීට මාමාගේ ආදරනීය බෑනා
සදහම් ගෙඩිගේ


පලි - ටොප් සීක්‍රට්.ලියුම් කරදහියේ අන්තිම චේදෙ - ඒක විතරක් ඉතිරි කරල ඉතිරි ටික පුච්චල දානවද මාමෙ?තරස්තවාදී නායක පීකේව කොහෙන්දො දීපංකරේකින් කුදලගෙන ආව වගේ මේ දේසේ රජතුමාගේ ඉන්ටලිජන්ස් සේවෙ මාරම මාරයි.මාමලගේ සිරි ලංකාවටත් සමහරවිට ඒ ඉන්ටලිජන්ස් එකෙන් රිංගලද කවුද දන්නෙ.
මගේ බුදු මාමන්ඩිට බුදුන්ගේම සරනයි!

Thursday, May 20, 2010

යුද ජයග්‍රහනයේ පලවෙනි සංවත්සරය



තමන්ගෙ ගොවිතැන් වැඩ ටික කරගන්න බැරිව,අස්වැන්න විකුනගන්න බැරිව අසරන වුන දුක් වුන නය වුන දස අතේ හූල්ල හූල්ල උන්න කෙල්ලොන්ට ඇගලුම් කර්මාන්තශාලා කියල මරු ආන්ස්වර් එකක් දුන්න අපේ රටේ නායක උතුමන්ලා කොල්ලොන්ට දුන්න සොලියුෂන් එක උනේ යුද්ධය.
නායක කාරකාදීන් වමාර වමාර කාපු හින්දම යුද්ධයක් උන මේ පුරස්නෙ කොල්ලොන්ගෙ රස්සා පුරස්නෙ වහගන්න නායක කාරකාදීන්ට මරු තුරුම්පුවක් උනා.දුප්පත් කොල්ලොන්ට හම්බ වුන මේ රස්සාව අම්බානක අවදානම් ජොබක් වුනත් ඒ අවදානම කවර් කොරන්න රනවිරුවො කියන ලස්සන දවටනය යෙදුන.දිස්නෙ ගහන ඒ ලේබලයයි හම්බ වුන තරමක් හොද පඩියයි හින්ද පාලකයන්ගෙ විනෝදය වෙනුවෙන් බෙල්ල දෙන්න අපේ ගම්වල කොල්ලො පේලි ගැහී ඉස්සරහට ආවා.හතර අතින් ජාතික ගීත වැයුනා.

ඒ පුරස්නෙ කොහොම උනත් හමුදාවට බැදුන කොල්ලො කලේ කඹේ උඩ යනව වගේ අම්බානක ඩේන්ජරස් ගේමක්.යුද්දෙ ඇවිලිලා යනකොට ආතල් එකේ චන්ද කොරපු නිමල් සිරිපාලලාට වඩා ත්‍රස්තවාදය පරද්දලා ලෝකය දිනන්න ලෝකය වටේ ගිහින් ෆන් ගත්ත බෝගොල්ලාගමලාට වඩා යුද්ද බිමේ මැරෙන මල මිනි වල පිනෙන් ටිවි වල දේසප්‍රේමීන් උන වීරවංසලාට වඩා යුද්ද බිමෙ ලේ හලපු සාමාන්‍ය පැලැන්තියේ කොල්ලො කරපු සැක්රිෆයිස් එක අන්තිම විසාල සැක්රිෆයිස් එකක්.

දැන් වැඩේ හමාර වෙලා අවුරුද්දක් හමාර වෙලා.රනවිරු ගෝසාව දැන් ඇහෙන්නෙ නැති තරම්.අපේ නායක කාරකාදීන්,ටිවි වලින් යුද්ද ආතල් ගත්ත මධ්‍යම පංතියෙ පොෂ් පොරවල්,ඒ කාලෙ කර උඩ තියාන හිටපු රනවිරුවො දැන් ඉන්නෙ කොහෙද?දැන් එයාලගෙ තත්වෙ මොකක්ද?
යුද්දෙ කාලෙ ෆන් එකේ හිටපු අපේ සමාජයේ දැන් තත්වෙ කොහොමද?ඒ ආතල් එකට මොකද වුනෙ?ඒ ෆන් එක ගංවතුරට ගහගෙන ගිහිල්ලද?

බඩු මිල දවසෙන් දවස අහස උසට යනව.ඒවට තැලිල පොඩිවෙලා මිනිස්සු කෙදිරි ගානව.පදික වේදිකාවක පුලුවන් විදිහට බිස්නස් එකක් කොරපු අය ඒවයෙන් විසි වෙනව.ලොකු සමාගම් වලට බදු දීල කැලෑ එලිවෙනව.යුද්ද කාලෙට ඉස්සෙල්ලත් යුද්ද කාලෙදිත් එක විදිහට හූල්ල හූල්ල හිටපු නෝමල් කැලෑසියේ මිනිස්සු අදත් ඒ විදිහටම හූල්ල හූල්ල ඉන්නවා.
යුද්දෙට ඉස්සෙල්ලා නායක කාරකාදීන් කලේ ආතල් එකේ වැජඹුන එක.
යුද්ද කාලෙදිත් උන්නැහෙලා කරේ යුද්දෙ පෙන්න පෙන්න ආතල් එකේ වැජඹුන එක.
දැන් යුද්දෙ ඉවර වෙලා.
තාමත් උන්නැහෙලා චන්ද පිට චන්ද කොර කොර කරන්නෙ ෆන් එකේ සැප ගන්න එක.
රනවිරුවන්ට මොකෝ උනේ?
බදු බර උහුලපු සාමාන්‍ය මිනිස්සුන්ට මොකද උනේ?
වෙන එකක් තියා "රනවිරුවන්ගේ රනවිරුවා" කියල නායක බුවාලම උඩ දාපු - ඒ උනාට තමන්ට අකිකරු වුන ජෙනරල් ෆොන්සේකා බොස්ට මොකද වුනේ?
අපි මේ ඉන්නෙ කවුරු හරි අටවපු උගුලක අහුවෙලාද?එහෙම උගුලක හිරවෙලා ඉන්න ගතියක් හැම වෙලේම දැනෙන්නෙ මට විතරද?

යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් ගිය තැන ඒ ගැන සන්තෝසය පල කරමින් සටහනක් දාන්න බැරි වුන එක ගැන පුලාට දුකයි.මේ ලිව්වෙ අරහෙන් මෙහෙන් ඔලුවට ආපු අයිඩියාස් ටිකක්.
අයිඩියාස් හරියකට පෙලගස්සගන්නත් අමාරුයි.
හතර අතෙන් වෙන දේවල් තේරුම් ගන්න අමාරු හින්ද මේ වංගියෙ අයිඩියාසුත් හරියකට ක්ලියර් එකට එන්නෙ නැහැ.