Tuesday, December 29, 2009

මහින්ද රාජපක්ෂ මානව හිතවාදියා හා මනෝ ගනේසන් දේශද්‍රෝහියා


පුලා ඊලග මහ චන්දෙදි මනෝ ගනේසන්ට චන්දෙ දෙන එක ගැන සලකලා බලනව.
ඊයෙ පෙරේදා උන්නැහේ ටීවි චැනල් වල දේශපාලන වැඩසටහන් වලට ඇවිල්ල කතා කොරනව දැක්කම මේ පුලාට හිතුනෙ මේ මනුස්සය ගැන අපි හිතන් උන්න දේවල් මොන තරම් වැරදිද කියල.
අපේ මීඩියා පොරවල් හා මීඩියා පොරවල් විසින් පොරවල් කොරල තියන විරවංශ වගේ බොරු ටෝක් පොරවල් කියන දේවල් විතරක් හින්ද ඇහුනෙ පුලා හිතාගෙන උන්නෙ ගනේසන් උන්නැහෙ දඹ කොටියෙක් කියල.ප්‍රබාකරන්,බාලසිංහම්,තමිල්සෙල්වම් ගාවට මනෝ ගනේසන්ගෙ නම මතක් වෙන තරමට මේ කතාව කියලයි තිබ්බෙ.
ඒ හැම කතාවකම බොරුව ගනේසන් උන්නැහෙ පෙන්නල දුන්න විතරක් නෙමෙයි තමන් යුද්ධ කාලෙ හිටපු ස්ථාවරේට හේතුවත් උන්නැහෙ ලස්සනට පැහැදිලි කලා.

88 ඒ කාලෙ ආන්ඩුව ජේවිපි කොල්ලොයි ජේවීපි නොකරපු කොල්ලොයි සේරම උස්සගෙන යනකොට,නඩු විභාග නැතුව මරල දානකොට ඒකට කිව්වෙ මානව හිමිකම් කඩකිරීමක් කියල නෙව.ඒක එහෙම කිව්වෙ කවුද?ඒක එහෙම කියපු නායකයා තමයි අද ජනාධිපති.
මහින්ද උන්නැහෙ ආන්ඩුව කරන මානව හිමිකම් කඩකිරීම්ද මොකක්ද එක ගැන ලෝකෙ වටේ ගිහින් කිව්වා.පෙත්සම් ගැහුවා.ඒ එක පෙත්සමක් හදන්න තිස්සනායගම් කියල මහත්තයත් උදවු වෙලා තියෙනවා කියල පුලා අහල තියනවා.ජීනිවා වලටත් (ජාත්‍යන්තරේට!බුදු අම්මේ කුමන්ත්‍රනකාරයෝ ලගින මහගෙදර!)ගිහින් ඒ කාලේ මහින්ද උන්නැහෙ ලංකාවෙ තිබ්බ ආන්ඩුවට විරුද්ධව කතා කොරා.(රට පාවා දුන්නා?)

දැන් පහුගිය කාලෙත් සුදු වෑන් වලින් ඇවිත් දෙමල කොල්ලන්ව උස්සන සීන් එකක් තිබ්බ.මේ ගැන කොරපු හෙලිදරවුව හින්ද ගජනායක කියල හමුදා ඔෆිසර් කෙනෙක් හිරේ දාන්නත් උන හින්ද එහෙම ඒව උනේ නැහැ කියල කියන්න බැහැ.
අනික අගනගරෙ ඉන්න දෙමල අය දන්නව එහෙම සීන් තිබුනද නැද්ද කියල.
(දැන් මේක කියෙව්ව ගමන් දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර බොස් නලාව උස්සගෙන පිඹගෙන ඇවිත් පුලාගෙන් අහයි "තමුසෙ කොහොමද එහෙම කියන්නෙ?"කියල.අහිංසක දෙමල කොල්ලන්ව පැහැර ගෙන ගියාද නැද්ද,සාමාන්‍ය දෙමල මිනිස්සු බයෙන්ද හිටියෙ නැද්ද කියන එක ගැන දෙමල කෙනෙක් එක්කම කතාකරල බලන්න.දැන්ම උත්තර දුන්නෙ පැදුරු වගේ දිග කමෙන්ට් දදා ඉන්නවට වඩා ඒක හොද හින්ද)
කොහොමහරි ඒ කාලේ රිචඩ් ද සොයිසා මැරුව වගේ මේ කාලෙ ලසන්ත වික්‍රමතුංගලා මැරුවා.පෝද්දල ජයන්තලාගේ කකුල් කැඩුවා.
සිංහල කොල්ලන්ගෙ අයිතිවාසිකම් වලට කෙලවද්දි සිංහල නායකයෙක් උන මහින්ද රාජපක්ෂලා එදා කතා කලා වගේ දෙමල අහිංසකයන්ට හානි වෙනකොට දෙමල මහජන නියෝජිතයෙක් විදිහට තමනුත් කතාකල බවයි ගනේසන් උන්නැහෙ කියන්නෙ.

සිංහල කොල්ලො (ඒ කාලේ ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො) පැහැරගෙන යද්දි ඒක ගැන ජාත්‍යන්තරේට කියන එක මානව හිතවාදය.
දෙමල කොල්ලො ( දැන් ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො)පැහැරගෙන යද්දි ඒක ගැන ලෝකෙට ඇහෙන්න කියන එක දේශද්‍රෝහය!
ගනේසන් කියන විදිහට - පුලාටත් හිතෙන විදිහට - මේ දෙකම වැරදියි.කොලඹ ලොජ්වල ඉන්න දෙමල අය පැය විසිහතරක් ඇතුලත කොලඹින් පිටුවහල් කොරන්න මේ ආන්ඩුව නියෝග කලා.මේවා මානව අයිතින් කඩවීම් කියන එක ගැන කතා දෙකක් නැහැ.වැරදිලාවත් එදා කොලඹ ඉන්න සිංහල මිනිස්සුන්ට එහෙම පිටුවහල් කිරීමේ නියෝගයක් දුන්න නං?කොටි උතුරෙ මුස්ලිම් අයව එහෙම පිටුවහල් කොරපු එක මානව අයිතින් කඩකිරීමක් වගේම ආන්ඩුවේ අර තීන්දුවත් අම්බානක වැරදියි.

වැඩේ කියන්නෙ එදා සිංහල අය මරද්දි ඒක වැරදි වෙන්නත් මෙදා දෙමල අය මරද්දි ඒක හරි වෙන්නත් හේතුව මොකක්ද?
වැරැද්ද නං එදා කලත් එකයි අද කලත් එකයි නේද?
එකම සබ්ජෙක්ට් එක කතා කරපු මහින්ද මානව හිතවාදියා වෙන්නත් ගනේසන් දේශද්‍රෝහීයා වෙන්නත් හේතුව මොකක්ද?
එදා මැරුන අය සිංහලයො උන එකයි මෙදා මැරුන අය දෙමලු උන එකයි නේද මේ වෙනසට හේතුව?
අපේ බුවාලට මේ වික්ටිම්ස් ගැන කැක්කුමක් නැත්තෙ ඒ අය දෙමල හින්ද නේද?
සිංහල අයගෙ ඝාතන මානව හිමිකම් කඩවීම් වෙන්නත් දෙමල අයගේ ඝාතන නිකම්ම නිකම් "යුදධ කාලෙ වෙන නොවැලැක්විය හැකි සිදුවීම්" වෙන්නත් හේතුව මොකක්ද?
මේ විදිහට දෙමල අයගෙ දුකට කදුලට සෙන්සිටිව් නොවෙන එකට අපි කියන්න ඕනෙ මොකක්ද?
පුලස්තිගේ කටට එන වචනෙ නං ජාතිවාදය.
ඔයාලට හිතෙන වචනෙ මොකක්ද?
කරුනාකරල මට දන්වන්න.
ලිපිනය - පුලස්තිගෙඩිගේ ඇට් ජීමේල් ඩොට් කොම්
බුදු සරනයි!

- පුලස්ති

පලි-
දැන් ඊලගට හිතේ හැටියට මට බනින ගමං අරකට වචනයක් යෝජනා කිරීමේ අවස්ථාව මං දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර දොස්තර මහත්තයට ලබාදෙන්න කැමැතියි.

Sunday, December 27, 2009

ජනාධිපති චන්දෙයි උතුරේ අයගේ චන්දෙයි පුලස්තියි


උතුරේ චන්දෙ දෙන්න සුදුසුකම් තියන මහ විසාල සෙනගකට මේ පාර චන්දෙ දෙන්න බැරි වෙන සින් එකක් තියෙන්නෙ කියල අද පත්තරවල තිබුන.
අවතැන් උන අයගේ ඇඩ් එක මෙතන ප්‍රධාන පුරස්නයක්ලු.
උතුරෙ අවතැන් අයටයි තව ගොඩකටයි අයිඩෙන්ටි කාඩ් නැති එක ලොකු අවුලක් වෙලා තියෙනව කියල මැතිවරන නිරීක්සක මහත්තයෙක් කියල තිබ්බ.තාවකාලික අයිඩෙන්ටි දෙනව කියල කිව්වත් ලක්ෂ ගානක සෙනගකට මාසෙකින් ඒව දීල ඉවර කරන එක ප්‍රැක්ටිකල් නැති හින්ද ( අපේ රාජ්‍ය අංශෙ වැඩ ඉතින් අපිනෙ දන්නෙ) මල කෙලියක් වෙයිලු.පැෆරල් එකයි කැෆේ එකයි කියන විදිහට උතුරේ 50%කට විතර චන්ද වැඩේ කොරවෙන සිද්දියක්ලු තියෙන්නෙ.

ජනාධිපති චන්දෙ අවුරුදු දෙකක් කලින් ගත්තෙ ඇයි?
මේකට උත්තර දුන්න මහරජානෝ කිව්ව දේ පුලාට හොදට මතකයි.
එක්සත් කොරපු රටේ හැමදෙනාගේම කැමැත්තෙන් බලේට එන්න උන්නැහෙට ඕනෙකම තියෙන හින්ද උතුරෙ අයගෙ කැමැත්තත් එක්ක ආයි රජවෙන්න එතුමට අවශ්‍ය උනාලු.
ඒක නං එතුමගෙ අරමුන ඒ එක්සත් කරපු රටේ උතුරෙ මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕනෙ වටපිටාව හොදට හදලම චන්දෙ කෝල් කරන්න තිබුනනෙ?
අයිඩෙන්ටි පුරස්න විසදලා ජනමතේද මොකක්ද එක හොදට ප්‍රකාශ වෙන පරිසරේ හදල නෙව චන්දෙට යන්න තිබුනෙ.
මේ කඩිමුඩියෙ චන්දෙ කෝල් කොරපු හින්ද අන්තිමට අයිඩෙන්ටි පුරස්න එකක්වත් විසදෙන් නැතිව 50%කට චන්දෙ නැති වෙන එක හෙන අපරාධයක් නෙමේද?

අපෙ මලයගෙ පොඩි උන්ට ටියුෂන් දෙන රූබන් ගනිත කොටා නං කියන්නෙ වෙන කතාවක්.
පොර කියන විදිහට 82 ජේ ආර්ගෙ කාලෙ යාපනේ දින්නෙ කොබ්බැකඩුව‍ ලොක්කා.
88 ‍ප්‍රේමදාසගෙ කාලෙ සිරිමාවෝ.
94 යූ ඇන් පී කාලෙ චන්ද්‍රිකා.
99 චන්ද්‍රිකාගෙ කාලෙ රනිල් බොස්
05 සන්ධාන ආන්ඩු කාලෙ කොටි චන්දෙ දෙන්න ඉඩ නොතිව්ව හින්ද හරියකට චන්ද නොවැටුනත් වැටුන චන්ද වැටුනෙ රනිල් බොස්ට.

ගනිත කොටා කියන විදිහට රාජ්‍යයේද මොකේද එකේ තියෙන්නෙ සිංහල ඔතෝරිටියක් හින්ද උතුරෙ මිනිස්සු ඒකට ප්‍රොටෙස්ට් කරන්න හැමපාරම තියෙන ආන්ඩුවට විරුද්ධව විපක්සෙට චන්දෙ දෙනවලු.ඒ සමීකරනෙ මෙදා පාර චන්දෙට ගත්තම උතුරෙ චන්ද ටික වැටෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙන්නෙ විපක්සෙට මිස රාජපක්සෙට නෙමෙයි.
උතුරෙ ජනමතය බලන්න ඕනෙ කියල ඒ මිනිස්සුන්ට අයිඩෙන්ටි වැඩේ කරගන්නවත් වෙලාවක් දෙන්නැතිව කඩිමුඩියෙ චන්දයක් ගෙනාවෙ ෂේප් එකේ ඒ මිනිස්සු සීන් එකෙන් අයින් කරල චන්දෙ ගොඩදාගන්නද?
ගනිත කොටාගෙ කතාවෙත් ගත යුත්තක් නැත්තෙම නැහැ කියල පුලස්තිට හිතෙනවා.

දඹර අමිල හිමි


2005 දී කොටි සංවිධානෙට සුනාමි සහන මන්ඩලේ ආන්ඩුව පුදන වෙලාවෙ ඒකට අත උස්සපු කැබිනට් එකේ අගමැතිගෙ නම මහින්ද රාජපක්ෂ.
ඒ වෙලාවෙ ඒකට පක්ෂව අගමැති අත උස්සනකොට ඒකට විරුද්ධව මාරාන්තික උපවාසෙකට වාඩි වුන හාමුදුරුවන්ගෙ නම දඔර අමිල.
සහන මන්ඩලේට අත උස්සපු අගමැති අද රජගෙදර.
සහන මන්ඩලේට විරුද්ධව උපවාස කල හාමුදුරුවො අද හිරගෙදර.

මේක දකින කොට පුලස්තිට හිතෙන දේවල් -

1.අමිල හාමුදුරුවො ඇත්තටම හොරෙක්ද?කොච්චර කාලයක් ඔය හොරකම කරගෙන ආවද?ජනාධිපති චන්දෙ හෙට අනිද්ද තියෙද්දිම එක පාරට ඒ ‍"මහා වංචාව" එලිදරවු උනේ අහම්බෙන්ද?

2.ෆොන්සේකා බොස්ට පිරිත් නූලක්වත් බදින්නැහැ කියල ආන්ඩුවේ හාමුදුරුවො කියනකොට,ෆොන්සේකා බොස්ට සංඝාඥා ගේන්න ඕනෙ කියල වීරවංශ මැතිදාගේ හාමුදුරුවො කියන කොට ෆොන්සේකා බොස් වෙනුවෙන් බය නැතුව කතා කරපු හාමුදුරු නමක් අමිල හාමුදුරුවො.උන්නාන්සේ ඊයෙ පෙරේද හොද පෞරුෂයක් තියාගෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදි ආන්ඩුවට දොස් කිවුවා පුලස්ති දැක්කා.
අනිත් හාමුදුරුවරු දෙකට ඇඔරෙද්දි තමන්ට චැලෙන්ජ් පාර දාන අමිල හාමුදුරුවො දැක්කම රජතුමාට හිතෙන්න ඇත්තෙ මොකක්ද?

3.ඒ හිතුන දේයි උන්නාන්සේගේ "හොරකම්" එලිදරවු වෙන එකයි අතර සම්බන්ධයක් තියෙනවද?

4.කොටි ප්‍රහාරෙකට උදවු කල ත්‍රස්තවාදියෙක් කියල ආරක්ෂක ලේකම් උන්නැහේ නම් කල එන්.විද්‍යාධරන් කියන මාධ්‍ය මහත්තයා කාලෙකට උඩදි හිරේට ගත්තෙ උන්නැහෙ ත්‍රස්තවාදියෙක් කියල අඩබෙර ගහල.ඒත් උන්නැහේ නිවැරදිකාරයෙක් කියල ඔප්පු උන හින්ද පස්සෙ සද්ද නැතිව ෂේප් එකේ රිලීස් කරල දැම්මා.තමන් ප්‍රසිද්ධියේ කොරපු චෝදනාවට ලේකම් උන්නැහේ ඇපොලොජයිස් පාරක්වත් කලේ නැහැ.
රජයේ වාහනයක් හොරට තියාගත්ත කියල ශ්‍රිපති සූරියආරච්චි බොස්ව අඩබෙර ගහල හිරේට ගත්ත.ඒත් ටික කාලෙකින් සද්ද නැතුව උන්නැහෙවත් රිලීස් කරන්න ආන්ඩුවට සිද්ද උනා.
දැන් අමිල හාමුදුරුවන් හොරෙක් වංචාකාරයෙක් කියල සද්දෙ දාල හිරේට අරගෙන තියෙනව.උන්නාන්සෙවත් විද්‍යාදරන්ව,ශ්‍රීපතිව වගේ පස්සෙ කාලෙක රහසින් සද්ද නැතිව රිලීස් කරයිද?
හැබැයි රිලීස් කරනකොට ජනවාරි 26 පහුවෙලා තියෙයිද?
දේශපාලන විරුද්ධකාරයොන්ගෙන් මෙහෙම පලි අරන් බය කරන එක කැත වැඩක්ද?නැත්තං සංවේදී පලපුරුදු නායකයන්ගෙ මවුබිම දිනවන වැඩක්ද?

5.සිරසෙන් සිද්ධිය ගැන පොඩි නිව්ස් සෙග්මන්ට් එකක් දැම්මට ස්වර්නවාහිනියයි දෙරනයි ඒක අත ගෑව විතරයි.ඒ ගැන අමිල හාමුදුරුවන්ගෙ සංවිධානෙන් කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් එක ගැන දාන්නවත් දෙරනේ උන්නැහෙලාට බැරි උනා.විස්ස විද්දියාලෙක උගන්නන,රටම දන්න හාමුදුරු නමක් හිරේට ගන්නව වගේ ඉම්පෝර්ටන්ට් නිව්ස් එකක් හරියට කවර් කරන්න මේ සමබර ප්‍රවෘත්ති සපයන බුවාලට බැරි මොකද?
එයාල බයද?
එයාලට තේරෙන්නැද්ද?
නැත්තං එයාල‍ට කොන්දක් වෙනුවට තියෙන්නෙ බටයක්ද?

පලි-
කොන්ද වෙනුවට තියෙන බටේ කීයකට හරි දෙනව නං පුලා අයියා හරි කැමතියි.ගාන සැර හින්ද බටයක් ගහපු කාලයක් මතක නැහැ.

Tuesday, December 22, 2009

ෆොන්සේකාගේ මහා (හෙන පට්ට සයිස්) පාවාදීම - අංක 2


පුලස්තිට ආයෙත් හිතුන ඔන්න ෆොන්සේකාගෙ පාවාදීම ගැන ලියන්න.මේක හෙන ආතල් ටොපික් එක.නිකම් කල්පනා කර කර ඉන්න කොට මරු මරු අයිඩියා හිතට නැගෙන්නෙ මදුරු කොයිල් එකකින් දුම් වලලු පිට වෙන්න වගේ.
මොනා උනත් මේ පුරස්නෙ ගැන හිතල පුලා මේ ටිකේ ඩිප්‍රෙස්ඩ්.මොකද තේරෙන්නෙ නැති සීන් ගොඩක් මේ සිද්ධියේ තියෙන හින්ද.

1.ෆොන්සේකා බොස් කරපු පාවාදීමේ ප්‍රකාසෙද මොකක්ද එක උන්නැහෙ කලේ නැහැ කියල දැන් උන්නැහෙ කියනව.ඒ කියන්නෙ උන්නැහෙ ඒක නිවැරදි කොරාලු.
දැන් නිවැරදි කොරපු එකක් ආන්ඩුව ආයි ආයි හෝද හෝද මඩේ දාන්නෙ මොකටෙයි?
ආන්ඩුවනෙ මේකට පට්ට පබ්ලිසිටිය දෙන්නෙ.ආන්ඩුව ඕකට දුන්න පබ්ලිසිටිය හින්ද තමයි පුලත් ඔහොම සීන් එකක් දන්නෙ.මොකද පුලාට ලීඩර් එක කියවන්න කඩ්ඩ දන්න එකක් ඇයි.
ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයොන්ට රටට තොන්ඩුව දාන්න නං ඕනෙ ඒකට හෙන පබ්ලිසිටියක් දීල ප්‍රචාරෙ කොරන්නෙ ආන්ඩුව නෙව.ප්‍රකාසෙ නිවැරදි කොරල තියෙද්දිත් ආයි ආයි පෝස්ටර් ගහමින් මෙහෙම එකක් කිව්ව කියල ප්‍රචාරෙ දෙන එකෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයොන්ට වැඩේ සිම්පල් වෙනවනෙ.පුලාට නං මේක අපභ්‍රංසයක්.පුලාගෙ පවුල නම් කියනව ඕකෙ අරමුන චන්දෙ වෙලාවෙ පොඩි දේශපාලන වාසියක් ගන්න එකලු.පවුල උනත් ඇත්ත කියන්න එපැයි.මගේ හාමිනේට පොඩ්ඩක් ලූස්.රට ගැන සංවේදී අපේ නායකයො ජාත්‍යන්තරේට ඔහොම චාන්ස් දෙයිද?දේශද්‍රෝහී පාදඩ බලු කතා!

2.ඊලග පුරස්නෙ නං ලගදි විපක්සෙනුත් නැගුන පුලාට මතකයි.
ෆොන්සේකා බොස්ට පාවලා දෙන්න මාර තදියමක් තිබ්බ කියල හිතමුකො
දැන් ෆොන්සේකා බොස්ට පාවලා දෙන්න ඔච්චර තදියමක් තියනව නං අමෙරිකාවේ නවත්තගෙන ප්‍රශ්න කොරද්දි ඕක හොද හිංගලෙන් උන්ට කියන්න තිබ්බනෙ.මොකද මේ ලංකාවට ඇවිල්ලම ඕක කිව්වෙ?
නැත්තං ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල හැමෝටම ඇහෙන්න කියන්න තිබ්බනෙ.ඔය මහා පාවා දීමේ ප්‍රකාශය සන්ඩේ ලීඩර් එකේ කර්තෘවරියට විතරක් හොරෙන් වෙනම ගෙන්නලා උන්නැහේ කිව්වෙ මක්කෙයි?
අනික මේ චන්දෙ ඉල්ලන්න ඉන්න මනුස්සයාට ඔය වගේ ප්‍රකාසයක් කොරා කියල තියෙන ලාබෙ මොකක්ද?
පුලාගෙ පවුල ආයෙ කියන්නෙ මෙතන ලොකු මුසාවක් හෝද හෝද මඩේ දානව කියල.ඒත් මම කලිනුත් කිව්වනෙ.නෝනට ටිකක් ලූස්
අනේ මන්ද මට නම් සිරාවට තේරෙන්නේ නැහැ

3. අනිත් එක හොරු ටිකක් ගෙවල් බිදුමක් කරා කියල හිතමු.එක හොරෙක් ෂේප් එකේ ගිහින් පොලිසියට කුත්තුව දුන්නොත් අපි කියනව පොර පාවාදුන්න කියල.
ගෙවල් බිදීමක් කරේ නැත්තං පාවලා දෙන්න දෙයක් නැහැ නෙව
එතකොට සුදු කොඩි සීන් එක කිව්වා නං කියපු එක පාවාදීමක් වෙන්නෙ එහෙම දෙයක් ඇත්තටම උන හින්දද?
ඒත් අපේ රනවිරුවොයි සංවේදී නායකයොයි මානුෂික හමුදාවයි එහෙම එකක් කොරයිද?

Saturday, December 19, 2009

ජනාධිපති සටන හෙවත් එක්ස්පීරියන්ස් සටන




සරත් ෆොන්සේකා බොස්ට දේශපාලනේ අත්දැකීම් නැහැ කියල නාමල් ඔටුන්න හිමි කුමරා අද කින්ඩි ටෝක් එකක් දෙනව පුලා ටීවි එකේ දැක්කා.
ඒ අස්සෙ හෙල උරුමෙ ගම්මන්පිල උපාසකතුමා තමන් මහ රජුට සපෝට් එක දෙන්නෙ මහ රජතුමාගෙ එක්ස්පීරියන්ස් නිසා කියල අද ටිවි එකේ කිව්වා.රාජ්‍ය පාලනය ගත්තම වැඩි එක්ස්පීරියන්ස් තියෙන්නෙ රජතුමාට මිස ජෙනරල්ට නෙමෙයිලු
ඇත්ත තමයි එක අතකට.පුලාටත් හිතෙනවා.
දේශපාලනේ කරන්න අවුරුදු ගානක එක්ස්පිරියන්ස් ඕනෙ කියන එක කාටවත් වඩා ශ්‍රී ලංකා එකේ නාමල් ඔ.හි,කුමරලයි ගම්මන්පිල උපාසකයයි දන්නව ඇති තමන්ගෙම සෙල්ෆ් එක්ස්පීරියන්ස්ද මොකක්ද එකෙන්.
ලෝකෙම පලවැනි අගමැතිනිය වුන ශ්‍රී ලංකා එකේ සිරිමාවො 1960 චන්දෙට ඇවිල්ල රටේ අගමැති වෙද්දි එයාට තිබ්බෙ ගෙදර කුස්සිය පාලනය කරල ලබපු අත්දැකීම් විතරයි නෙව.
හැබැයි හමුදාවක් පාලනය කරනව වගේය කුස්සිය පාලනය කරන එක?නේද?කොච්චර භාරධූර රාජකාරියක්ද?
පන්සලට වෙලා බනක් පිරිතක් කියාගෙන හිටපු හාමුදුරුවො හෙල උරුමෙන් පාර්ලිමේන්තුවට වඩිද්දි ඒ උන්නාන්සෙලට තිබ්බෙ ඇබිත්තයායි ගෝලයො ටිකයි දහම් පාසලේ කොල්ලො ටිකට තග දාල පාලනය කරල ලබපු අත්දැකීම විතරක් නෙව.හැබැයි ඒ අත්දැකීම එක්ක හමුදාව පරිපාලනය කරපු එක්ස්පීරියන්ස් එක ලගින්වත් තියන්න පුලුවන්ද?නේද?
ඒ හින්ද අත්දැකීම් වල අවශ්‍යතාව ගැන ටෝක් දෙන කොට මුන්නැහෙල හොද අවබෝදෙන් තමයි ඒ ටෝක් දෙන්නෙ කියන එක පුලාට තේරෙනව.
රාජ්‍ය පාලනය කරල වැඩි එක්ස්පීරියන්ස් තියන හින්ද ෆොන්සේකා බොස්ට නොදී රජතුමාට සපෝට් එක දෙනව කියල ගම්මන්පිල උපාසකයා කියනකොට නම් හැබැයි පුලාට පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වගේ එකක් එනව.
ඒක එහෙමනම් උන්නැහෙල මොකටෙයි 2005දි මහින්ද මහත්තයට සපෝට් කලේ?ඒ කාලෙ වැඩිය රාජ්‍ය පාලනය ගැන එක්ස්පීරියන්ස් තිබ්බෙ රනිල් හාමුට නොවැ.( 94 ත් අගමැති.2001- 2004 ත් අගමැති)
ජනාදිපති චන්දෙදි එන්නෙ එක්ස්පිරියන්ස් තියරිය නං දෙන්න තිබ්බනෙ සපෝට් එක රනිල්ට 2005 දි.
අහල නැද්ද වැල්ලෙ කොල්ලො බයිලා කියනවා
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
වහල තියන පාලු ගෙවල් වහල තියන පාලු ගෙවල්
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා

Thursday, December 17, 2009

කලාකාර පෙරහැර


1 කොටස
කලාකාර මහත්තුරු නෝනලා තොග පිටින් මහින්ද මහරජානන්ටලුනෙ සහයෝගය.ඒ අය අර ඇඩ් එකට සත පහක් ගත්තෙ නැහැලු.ඒ චෝදනා සේරම බොරුලු.තමන් ලක්ෂ පහක් ගත්තෙ නැහැලු.තමන් ඇඩ් එකට පෙනී සිටියෙ නොමිලේ නොමිලේ කියන්න අයි ටි එන් කැමරා එක ඉස්සරහ කලාකාරයෝ පෝලිමේ දගලනවා පුලා පෙරේදා දැක්කා.
- තමන්ම බැනපු මෙගා නාට්‍යවලට පස්සෙ ලැජ්ජා නැතිව ඔලුව රිංගවන ජාතියෙ කලාකාරයො අපිට ඉන්නෙ.ඒ අයට සත පහක්වත් ගෙව්වෙ නැහැ කියල හිතන්න පුලුවන්ද?-නිව්ස් බලන ගමන් නියපොතු හප හප හිටපු සදහම් අයියා ඇහුවා.
- කීයක් හරි හොයාගන්න තියන ඕනෙ කමට කලාව ගැන අන්දො සංසාරයක් නොදන්න මර්වින් සිල්ව දෙන කමෙන්ට්ස් ඔලුව නමාගෙන,නියපොත්තෙන් බිම හාර හාර අහගෙන ලජ්ජා නැතිව මෙගාස්ටාර් එකේ දගලන කලාකාරයො අපිට ඉන්නෙ.ඒ අය සත පහක්වත් ගත්තෙ නැහැ කියල හිතන්න පුලුවන්ද?-පුලස්තිත් කිව්වා.
-අපේ කලාකාරයෝ සෙට් එක නේද?-පුලාගෙ බොක්ක මුරා උත්තර දුන්නා.
- ඇඩ් එකට ලක්ෂ පහක් අරගෙන ටීවී එක ඉස්සරහ අපි ඒක කලේ නිකම් කියල කියන්න තව ලක්ෂ පහක් ගන්න ඇති-

2 කොටස
කේමදාස මාස්ටර් ගැන කතාවක් පුලස්ති අහල තියනවා.ජනාධිපති මන්දිරේ උත්සවයකට සංගීතය මෙහෙයවීම උන්නැහෙට බාරවෙලා තිබුනලු.රිහසල් කරමින් ඉන්නකොට රිහසල් කරන තැනට ටිකකින් ජනාධිපති එනවා කියල ආරංචිය ආවලු.ආරංචිය අවාම කේමදාස මාස්ටර් - එයා ආවට කමක් නැහැ ඔකෙස්ට්‍රා එකේ කවුරුත් නැගිටින්න එහෙම එපා-කීවලු.
-‍දේශපාලකයො කියන්නෙ චන්දෙන් එන යන අය.ඒ අයට නැති අවංකකමක්,ගෞරවයක් කලාකරුවන්ට තියෙන්න ඕනෙ.ඒ නිසා කලාකාරයෝ දේශපාලකයො ඉස්සරහ නැගිටින්න ඕනෙ නැහැ-මාස්ටර් කිව්වය කියල කියන්නේ ඔය වගේ කතාවක්.
මාස්ටර්ල වගේ කලාකාරයෝ එක්ක බලද්දි මේ මිනිස්සු කවුද?පුලස්තිට හිතෙනවා.
කලානිර්මාන මහින්ද චින්තනයට අනුව හැදෙන්න ඕනෙ කියල කිවිවෙ ආන්ඩුවෙ රැගුම් පාලක මන්ඩලයේ සභාපති.මේ වගේ අමන පටු මනසක් තියෙන නිලධාරී මැස්සන් වහපු,කලාත්මක වටිනාකම හදුනගන්න බැරිව චිත්‍රපටි තහනම් කරන ආන්ඩුවක ඒ කලා විහීන වැඩ ගැන කතා කරන්න මේ කලාකාර අයියලා අක්කලා ඇන්ටිලා අංකල්ලගේ කට ඇරුනෙ නැහැ.තමන්ම ප්‍රධාන චරිතය රගපාපු අක්ෂරය තහනම් කරපු එක ගැන කතාකරන්න වත් රන්දෙනිය බොස්ට කශේරුවක් නැහැ.ඒ වෙනුවට උන්නැහෙ සංවේදි නායකයගේ මෘදු හදවත ගැන ටෝක් දෙනවා.
අද ර‍ජතුමා බලවත් නිසා එතුමා ඉදිරියේ දෙකට නැමෙන මේ ඇත්තො හෙට බැරි වෙලාවත් ෆොන්සේකා දින්නොත් ඒ උන්නැහෙ ඉස්සරහ දෙකට නැමිල උන්නැහෙගෙ සංවේදිකම ගැන ටෝක් දෙනවා බලාගන්න පුලුවන් බවට මෙන්න පුලාගෙන් කැට.

3 කොටස
ප්‍රධාන දේශපාලන ස්ට්‍රීම් ‍එකේ අසික්කිත වැඩ විවේචනය කරල කාගෙවත් මැතිවරන වේදිකාවට නගින්න බැහැ කියල කිව්ව හින්ද බොබ් මාලේට වෙඩි තිබ්බා කියල පුලා අහල තියෙනවා.
මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන නොහිතා කොන්සර්වැටිව් විදිහට රට කොරවපු ඇමෙරිකාවෙ ආන්ඩුව විවේචනය කරල සිංදු කිව්ව කියල ජොන් ලෙනන්ව ඇමෙරිකාවෙන් පිටුවහල් කරන්නත් ගියා.
දේශපාලකයොන්ට සුදු හුනු ගාමින් උන්ගේ මජරකම් ගැන මුනිවත රකින එහෙයියො හැර කොන්දක් තියාගෙන හරි දේ වෙනුවෙන් ස්වාධිනව පෙනී උන්න බොබ් මාලේ,වික්ටර් හාරා,කේමදාස,නෙරූඩා වගේ කලාකාරයෝ කවදා අපේ රටේ බිහිවෙයිද?


කිරි සුවද රටක්වී මා නුවන් ඉවුරේ
ඒ රටට අඩගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ!

Wednesday, December 16, 2009

වැල බැලීම - සමාජ විද්‍යාත්මක විග්‍රහයක් (වගේ එකක්)


හතර පෝයට සිල්ගන්නවා කියල පෙන්වන සුචරිතවාදී සිංහල බෞද්ධ ථේරවාදි පිරිමි වැල වලට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්නෙ මොකද කියන එක පුලස්තිට මාර විහිලුවක්.
වැල - පන්ඩිතයන්ගේ භාසාවෙන් කියනවා නම් අසභ්‍ය දේවල් /චිත්‍රපටි/පින්තූර - මේව ගැන ප්‍රසිද්ධියේ කතාකරන්න කිව්වොත් සීයට අනූ අටක් අපේ බුවාල එගේන්සට් ටෝක් දෙන්නේ.ඔයා ඒව බලනවද?කියල ගැනු ලමය ඇහුවම අහිංසකයා වගේ "බලන්නේ නැහැ.දැකල තියනවා"කියල කියනවා.
නිකම් ඕනෙකමට බැලුව නෙමේ පාරේ යද්දි අහම්බෙන් දැක්ක වගේ.
වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටි තහනම් කිරීමේ ඒ ශ්‍රේෂ්ඨ තින්දුව රජතුමා ගත්ත විතරයි ‍මාර චියර් එකනෙ ඒකට ආවෙ.
හැබැයි කොච්චර චියර් දුන්නත් ඉන්‍ටනෙට් කැෆේ එකකට ගිහින් හිස්ටරි සර්ච් කලාම අපේ බුවාල වැඩිපුරම සර්ච් කොරල තියෙන්නෙ වැල සයිට්.
කනව බොනව දත් මදිනව නියපොතු හපනවා සංසර්ගයෙ හරි ස්වයංවින්දනේද මොකක්ද එකේ යෙදෙනවා වගේ ජීවිතේ තවත් අවශ්‍යතාවයක් විදිහටයි පුලා නම් වැල දකින්නෙ.
ඒක එහෙමයි කියල ප්‍රසිද්ධියෙ පිලිගන්න අපේ පිරිමි මැලි වෙන්නේ මොකද?
අවුරුදු දාසයේදී දෙයියනේ කියල කසාදයක් කොරගෙන පවුලක් පන්සලක් වෙලා හිටපු කාලේ නම් ඕව තිබුනත් මිනිස්සු ඕව ගනන් නොගන්න තිබ්බ.ඒත් කසාදයක් කොරගන්න රස්සා හදාගෙන හරිහමන් ස්ථාවරේකට එන්න තිහත් පනින අද වගේ කාලෙක වැල කියන්නේ සමාජ අවශ්‍යතාවයක්.මොන නීති දැම්මත් කොල්ලො හොරෙන් නෙට් කැ‍‍ෆේ ගානෙ රිංගන්නෙ ඒකයි.
වැල කිව්වම හැබැයි අහිංසක ගෑනුන්ව හොරෙන් වීඩියෝ කරල ඒව බෙදාහරින සීන් වලට නම් පුලා විරුද්දයි.එහෙම නොවන ස්වේච්ඡාවෙන් කරපු චිත්‍රපටි වගේ දේවල් නම් තියෙන්න ඕනෙ කියල කියන්න පුලා ලැජ්ජ වෙන්නෙ නැහැ.
මිගාර දොස්තර මහත්තයා වගේ තඩි සිංහල බෞද්ධ පිරිමිනුත් ( ප්‍රසිද්ධියේ නැතත්) මේ කාරනේදි නම් පුලා එක්ක එකග වෙයි කියලයි පුලාට හිතෙන්නෙ.
මිගාර හා පුලාගේ සන්ධානයට ජයවේවා!
තරුන පරම්පරාවේ ඊලග චන්දය වැල සයිට් වල තහනම ඉවත් කරන්නාට ලබාදෙන්න පෙලගැහෙමුද?
ඔබේ චන්දයෙන් එක එකාව දිනවන්නෙ නැතිව වෙනසකටත් එක්ක ඔබ දිනන්න.

Tuesday, December 15, 2009

ෆොන්සේකාගේ මහා (හෙන පට්ට සයිස්) පාවාදීම


සරත් ෆොන්සේකා බොස් ලීඩර් එකට කලා කියන ප්‍රකාශය ගැන ලියන්න පුලාටත් හිතුනා ඔන්න.මො‍කද හැමෝම ඕක ගැන ලියනවනෙ.
යුද රහස් හෙලි කරල යුද හමුදාව අපකීර්තියට පත්කරල රටට ද්‍රෝහි වෙලා ගිනි විජ්ජුම්බරයක් ෆොන්සේකා බොස් කලා කියල තමයි දැන් කවුරු කවුරුත් කියන්නේ.තමන් කිව්ව දේ හරියට පත්තරේ දාල නැහැ කියල ඩිෆෙන්සිව් පාරක් ගහන්නත් ෆොන්සේකා බොස්ට අන්තිමේදි සිද්ද වුනා.
ෆොන්සේකා උන්නැහෙ ජනාධිපති චන්දෙට ආපු ගමන් උන්නැහෙට විරුද්දව චෝදනා ගානක් ආව පුලාට මතකයි.රූපවාහිනි නාලිකා බදු අරගෙන ආරක්ෂක ලේකම් මැතිදා හතර අතේ ෆොන්සේකාට ගැහුව.
එතකොට කිව්ව කතා ටිකක් පුලාට යම්තම් යම්තම් මතකයි.
- මාධ්‍යවේදීන් මරන්න වැඩ කලේ ෆොන්සේකා බොස් කියල ලේකම් මැතිදා ඉගි කලා
-යාපනයෙන් පසුබහින්න ෆොන්සේකා තමයි කිව්වේ කියල එතුමා තවදුරටත් කිව්ව
දැන් පුලාට ආපු ප්‍රශ්නෙ තමයි එව්ව "යුද රහස්" නෙමෙයිද කියන එක.
ලසන්තව මැරුවෙ ෆොන්සේකා කියල කියන කොට ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයන්ට ෆොන්සේකාවත් යුදු අදිකරනෙට ගෙනියන්න පුලුවන්නේ?
පුලිදේවන්ගේ රහස ෆොන්සේකා එලියට දාන එක කැතයි වගේම ලසන්තගෙ රහස ලේකම් මැතිදා එලියට දාන එකත් කැත වෙන්න එපැයි.
‍ෆොන්සේකාට ගහන්න හමුදාව ඇතුලෙ සීන් එලියට අදින කොට ඒක නෝමල් වැඩක්.ෆොන්සේකා බොස් රිටර්න් එක දෙන්න හමුදාවේ ඇතුලෙ සීන් එකක් එලියට ඇද්ද ගමන් ඒක තමයි ද්‍රෝහිකම.
මතුපිටින් ගාල තියන ආරලු බුරලු ටික අයින් කලාම පුලාට නම් හිතෙන්නෙ මෙතන තියෙන්නේ පොලිටිකල් ප්‍රොපගැන්ඩා වැඩක් කියල.

අනික අපේ දේශහිතෛශී බුවාල මේකේ තියන පාවාදීම ගැන ටෝක් දෙනවා මිස ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන හිතන්නැති එක තමයි සීන් එක.නඩේසන් පුලිදේවන් හා නඩේසන්ගේ නෝනා සුදු කොඩි අරන් යටත්වෙන්න එනකොට හමුදාව වෙඩි තියල මැරුව කියන ප්‍රවෘත්තිය මීට ඉස්සෙල්ලත් පුලා අහල තියෙනවා.
ඒ වැඩේ තියෙන අසික්කිත කම ගැන දේශප්‍රෙමී සිංහල බෞද්ධ කටවල් වලින් කෙල බිංදුවක් එලියට එන්නෙ නැහැ නෙව.
සුදු කොඩි අරන් සරෙන්ඩර් වෙන කිසිම කෙනෙක් මරන්නෙ නැහැ කියන එක ලෝකෙම පිලිගන්න අදහසක්.ඒක නිකම් රතු කුරුසෙ වාහන වලට පහර දෙන්නෙ නැහැ වගේ සීන් එකක්.සම්මුතියක්.
නඩේසන් ත්‍රස්තයා කියමුකො.එතකොට නඩේසන්ගේ නෝන?ඒ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද?
කොටින්ට සරෙන්ඩර් වුන පොලිස් මහත්තුරු 600 ක් මරපු එක කොටි කරපු අමානුෂික වැඩක් නෙව.දැන් මේ කොරල තියෙන වැඩේ මානුෂික කම මොකක්ද?
යටත් වුන පොලිස් අයියල මරද්දි ඒක අමානුෂික වැඩක් වෙන්නත් යටත් වෙන කොටි මරද්දි ඒක මානුෂික වැඩක් වෙන්නත් තියන හේතුව පුලාට නම් තේරෙන් නැහැ.
යුද්ද කියන්නේ පුලාට තේරෙන විදිහට යුද්ද.තුවක්කුවක පතුරමක් අල්ලලා නැති වන්නි සටනෙන් ටෙලියක් බලනව වගේ ආතල් සීන් එකක් විදිහට යුද්දෙ ගත්ත අපේ මධ්‍යම පංතියේ ජාතිමාමක බුවාලට යුද්දේ මානුසික මෙහෙයුමක් වුනාට ඒකෙ ඇති මානුෂික කමක් නැහැ.
‍ෆොන්සේකා බොසුයි ගෝඨාභය උතුමයි තව තව මේ විදිහට රන්ඩු කරගන්නවට කවුරු නැතත් පුලා නම් ගොඩක් මනාපයි.
යුද රහස් කියල සමාජයෙන් හංගල තිබ්බ අදුරු රහස් එතකොට තව තව එලියට ඒවි.
පාලකයන්ගේ හා නිලධාරින්ගේ මේ අදුරු රහස් සමාජය දැන ගන්න ඕනෙ නැද්ද?
මේ කැත රහස් එලිවෙන තරමට යුද්දෙ දිහා බලාගෙන අතේ ගහන එක නවත්තලා යුද්දේ යුද්දෙක තියන භයානක කමෙන් තේරුම් ගන්න අපේ උන්නැහෙලා පුරුදු වෙයි.

මේ ඉතින් පුලා අයියට හිතෙන ටික.දේසද්‍රෝහි කතාවක් කිව්ව එහෙම නෙවෙයි ඕං.

Sunday, December 13, 2009

උද්ධමනය


පුලාගෙ අයියා සදහම්ගෙ නිවුන් පුතාල දෙන්න‌ ගිය පාර ඒ ලෙවල් කරා.පන්ඩුකට වෙච්ච මෙ සිද්දිය පුලාට කිව්වෙ මන්ඩුක.

ඉකෝන් සර් -කොහොමද පුතා මේ පාර ඒ ලෙවල් ඉකෝන් පේපර් එක ලේසිද?

පණ්ඩුක -ඔව් සර් මේ පාර ඇත්තටම කියනවනම් ගේමක්ම නෑ

ඉකෝන් සර් -මේ සැරේ පේපර් 1 ටිකක් ප්රැක්ටිකල් පැත්තට බරයි.....හැබැයි මං ඉලක්ක කරපුවා ගොඩක් ආවා නේද?

පණ්ඩුක -ඔව් සර්.අර උද්ධමනය නැති කරන හැටි ප්රශ්නෙ එහෙම එහෙන් පිටින්ම තිබ්බා....

ඉකෝන් සර් -ඉතිං මුදල් සැපයුම, ණය සැපයුම ගැන එහෙම ලිව්ව නේද හොඳට....?

පණ්ඩුක -එව්වනම් ලිව්වෙ නෑ සර්....එක පේළියෙන් ලියල දැම්මා

ඉකෝන් සර් -එක පේළියෙන්.........*!*!*

පණ්ඩුක -ඔව් සර්...සක්කරයගෙ පුතා වයිමා ආවත් උද්ධමනෙ විසඳන්න බෑ කියල ලිව්වා

parent's meeting (පේරන්ට්ස් මීටිං)


ආනිගෙ පියා -හෙලෝ ජනාධිපතිතුමා ද?

ලේකම් -ජනාධිපතිතුමාට දුරකථන ඇමතුම යොමුකරන්න අපිට බැහැ.මම එතුමගෙ ලේකම් කෙනෙක්. කියන්න ඔබතුමාට තියෙන ප්රශ්නය මොකද් ද?

ආනිගෙ පියා -මෙහෙමයි මහත්තයො අපේ පුතාලගෙ පන්තියෙ දෙමව්පිය රැස්වීම තියෙනවා මේ 17 වෙනිදා.

ලේකම් - ඉතිං

ආනිගෙ පියා -ඉතිං මහත්තයෝ මට එදා රාජකාරි වැඩක්.අපේ නෝනත් සවුදියෙ ඉන්නෙ.ගෙදරින් කාටවත් යන්න වෙන්නෙ නැහැ.... මේකයි මහත්තයො වැඩේ..ඕකට සහභාගී වුනේ නැත්තං ළමයට ප්රශ්න එයි ඉස්කෝලෙන්......මේ ප්රශ්නෙ ජනාධිපතිතුමා ට කියන්නයි කෝල් කළේ....

ලේකම් -දැන් ජනාධිපතිට කෝල් කළා කියල මොනව කරන්නද අයිසේ?

ආනිගෙ පියා -එහෙම කථාකරන්න එපා මහත්තය. ජනාධිපතිතුමාමනෙ කිව්වෙ එයා රජා නෙමෙයි භාරකාරයා කියල.

ලේකම් -ඔව් ඔව්. ඉතිං??????

ආනිගෙ -ළමයගෙ ටීචර් ළමයට කියල මහත්තයෝ අම්මටයි තාත්තටයි වැඩනම් භාරකාරයා එක්කං එන්න කියලා....

ටිබෙට් සානුව


අල්ලපු ගෙදර ආනි බබා ඉස්කෝලෙදිත් මරු වැඩකාරයාලු.මේ ආනි බබයි ඉස්කෝලෙ සරුයි අතර ඇතිවුන සංවාදයක්

සර් -ඕයි ආනි තමුසෙගෙ මොලේ තියෙන තැන මට පෙන්නපිය ගොනා

ආනි -ඇයි සර්?

සර් -බලනවකො තමුසගෙ පේපර් එක.
ටිබෙට් සානුව කොහෙද තියෙන්නෙ කියල අහල තියෙන්නෙ
1වෙනි උත්තරේ කට ගාවට දීලත් තියෙනවා ටිබෙට් කියලා
ඒත් තෝ ඉර ගහල තියෙන්නෙ 4 වෙනි උත්තරේට...ටිබෙට් සානුව තියෙන්නෙ ලංකාවෙ කියලා

ආනි -ඉතිං සර් අනිත් හැමෝම කියන නිසයි ගැහුවෙ.....

සර් -බොරු කියන්න එපා ඌරො...ඇයි තොට මේක උගන්නලත් ලංකාවෙ කියලා ලිව්වේ

ආනි -සමාවෙන්න සර්..
මගේ ඡන්දෙන් මවු බිම දිනවන්න කියපු නිසයි ඒ උත්තරේ තෝරගත්තෙ

මැච් එක


පුලාගේ අල්ලපු ගෙදර ආනි බබයි එයාගෙ අම්මයි අතර ඇතිවුන සංවාදයක්....


අම්මා - තෝ පොල් බූරුවා ක්රිකට් බල බල ඉඳපං.....

පුතා - මේක ලංකාවෙ මැච් එකක් අම්මා..

අම්මා -එහෙනං සංගක්කාරගෙ අම්ම ඇවිල්ලා උඹට විභාගෙ උත්තර ලියල දෙයි

පුතා -අම්මා ඔයා දේශද්රෝහියෙක් වෙන්න එපා...මට විභාගෙ වටින්නෙ නෑ

අම්මා -එහෙනං තොට වටින්නෙ මොන රෙද්ද ද?

පුතා -මට පළවෙනියට ත් වටින්නෙ මගෙ රට
දෙවනියට ත් වටින්නෙ මගෙ රට
තුන්වෙනියට ත් වටින්නෙ මගෙ රට


Saturday, December 12, 2009

මමම මතට තිතිති තිත



මහින්ද චින්තනය බොන එකට විරුද්ධයි.එතකොට මහින්ද බොන එකට පක්ෂද?
හෙල උරුමෙ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මාධ්‍යවේදියෙක් ඇහුව මතට එරෙහිව ඔච්චර ටෝක් දාන බොලා වහන්සේලා මහරජතුමා මාධ්‍යවේදින්ට පොව්වන එක ගැන මොකෝ සද්ද නැත්තෙ කියල.දුන්න උත්තරෙන් එහෙම පොවන සීන් එකක් වෙන බව අපේ ස්වාමින්ද්‍රයානන් වහන්සේ පිලිගත්තා
පුලස්ති නම් අහල තියෙන විදිහට මහ රජතුමාත් රජවෙන්න ඉස්සර ඇමති කෙනෙක් වෙලා උන්න සන්ධියේ නොබීවෙ නැහැ.
(රජ වුනාට පස්සෙ නම් බොන එක අත්හැරියද දන්නේ නැහැ.අත් හැරියත් මාධ්‍ය බුවාලට තමන්ගේ වියදමෙන් පොව්වන එකෙන් පේන්නේ උන්වහන්සෙත් බොන එකට විරුද්දයක් නැති වගනෙ)
කවුරු මොනව කිව්වත් ඇමතිලා නම් සෙට් වෙන්න ආසයි කියල මහින්ද විජේසේකර උන්නැහේ ප්‍රසිද්ධියේම කිව්ව පුලාට මතකයි
කාලෙකට උඩදි කොල පාට පැත්තට කොඩි ඇදපු,දැන් නිල් පාට කොඩි අදින්න සෙට් වෙලා ඉන්න අපේ සෙට් එකේ රූබන් ගොයියා නම් කොයි පාට කොඩි ඇද්දත් අදින එකට ගාස්තුව විදිහට ෂොට් එකක් ඉල්ලනව මයි.මන්ත්‍රී හාමුදුරුවරුත් අපරාදෙ කියන්න බැහැ ෂොට් එක දෙනවා.
දැන් බැලුවම මහින්ද රජතුමා බොන එකට සපෝට්
ඇමතිලා බොන එක ප්‍රමෝට්.
මන්ත්‍රීලාත් බොන එකට බැකප්.
ඒත් මහින්ද චින්තනේ බොන එකට විරුද්දයි!
පුලස්ති අයියාට දැන් පිස්සු වගේ.
බොල ඒ කියන්නේ මහින්ද මහින්ද චින්තනේට විරුද්දයි කියන එකද?
ඇමතිලා මහින්ද චින්තනේට විරුද්දයි කියන එකද?
මහින්දත් මහින්ද චින්තනේට එගේන්ස්ට් නම් ඒකට සපෝට් කවුද?