Saturday, August 21, 2010

මර්වින් සිල්වා සහ සංඝ සම්මේලනය


මර්වින් සිල්වා හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ ගුණ වැයීමේ සංඝ සම්මේලනයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක‍්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් වෙති.
කඹුරුගමුවේ වජිර, වටිනාපහ සෝමානන්ද, ඕමාරේ කස්සප යන හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසකගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී එම සම්මේලනය පැවැත්වෙන බවයි.
( lankatruth - 2010.08.20)

උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහන කරන්නයි යන්නේ ඇගේ කොලූ
ඌට නිකායක් වෙන් කොට තබා තිබේ
අපෙ මුනි බනේ ඒකද හාමුදුරුවනේ

පිරිත් නූල් බදිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අදනය යට ගසාගෙන
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරු
මහන කරන එකදැයි මුනි බනේ ගරු

කුනු හෝදන්න මහ තැන් වල අපේ රටේ
පන්සල් තමන් යැයි කි හොද වෙල්ලාව
ටිකට් විකුනලා පෙරහැර කරනකොට
කරඩු‍වෙ ඉදිවිද ධාතුන් වහන්සෙලා

රට දැය සමය රැකගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුන සමහර හිමිවරු නසති
කුල ගොත් ඥාති නිල තල සංග්‍රහ සොයමින්

කුඩාපොල වගේ විරු හාමුදුරුවරු
අදත් අපි අතර හිද මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහනකම!
(සුනිල් ආරියරත්න)

හිතවත් බොදුනුවනි,

රජයේ නිලධාරියෙක්ට අඩත්තේට්ටම් කල ප්‍රසිද්ධ අපරාධකාරයෙක් වන මර්වින් සිල්වා වෙනුවෙන් මේ ඇරෙන්නේ දේශපාලනය කිරීමේ වරද නිසා අසාධාරන විදිහට සිරගත කල සරත් ෆොන්සේකා වෙනුවෙන් කෙල බිදක් නොහෙලපු කටවල්ය.
මර්වින් සිල්වා වෙනුවෙන් මේ පෙනී සිටින්නේ රටේ අපමන සිද්ද වෙන අපරාධ අසාධාරනකම් ගැන කසාය බිවූ ගොලුවන් මෙන් නිහඩව සිටින,ඒවා නෑසුකන්ව පන්සල් වල භාවනායෝගීව වැඩ වාසය කල උදවියය.
මර්වින් සිල්වාගේ ඇමතිකම වෙනුවෙන් මේ කහින්නේ රාජපක්ෂ මහරජානන්ගේ මැර පොලිසිය තමුන්ගෙම වංශයෙ භික්ෂූන්ට මහ මග පහර දෙන විට මොහොතකටවත් වචනයක් වැය නොකල අයවලුන්ය.
දුසිල් භික්ෂූන් අල්ලා පුකේ තාර ගෑ යුතු බව පැවසුවේ හිටපු දේශපාලකයෙකි.
රට පාදඩ සාප්පුවක් කරන මර්වින් සිල්ව ලා,මර්වින්ලාව හදා වඩා කිරි පොවන ඉහල පෙලේ දේශපාලන නායකයන්,එම නායකයන්ගේ පාදඩකම් ලජ්ජා විරහිතව සාධාරනීකරනය කරන කසාවත් පෙරවූ වංචනිකයන් ඇතුලු සකල විධි දුසිලුන් අල්ලා පුකේ තාර ගෑ යුතු බවට කොතලාවලගේ වාක්කිය සංශේධනය කරන්නේ මුල්ගම්පොල පුලස්තිය.


Monday, August 16, 2010

එක්සත් ජාතික පක්ෂය - ගැහැනුද?පිරිමිද?නපුංසකද?



ජෙනරල් ෆොන්සේකාව වැරදිකරු කොරල යුජ අජිකරනෙ දුන්න තීන්දුව ගැන විසේසයෙන් කියන්න දෙයක් පුලස්තිට නැහැ.බඩේ අමාරුවට සුදු ලූනු ගිලින්නෙ වාතය පිටකරන්න මිස වෙන මොකටද.සාම කාලෙක යුජ අජිකරන අටවනකොටම මේකෙ අරමුන ෆොන්සේකා බොස්ව දඩුකදේ ගහන එක කියල ඕනෙ මී ගවයෙක් දැනගෙන හිටිය.යුජ අජිකරනෙ කියන්නෙ තමුන්ගෙ පලිගැනීමේ මිසන් එක කවර් කරගන්න හෙලුවෙන් ඉන්න ලොක්කාස්ලා ඇදගත්ත විනිවිද පෙනෙන ජංගි කෑල්ලක් විතරයි.එකම අවුල - ජංගිය ට්‍රාන්ස්පේරන්ට් කියල පෙන්නන්න පොඩි එකෙක් එකසිය හතලිස් ගානක් වෙච්ච ආන්ඩු පක්සයෙ හරි,ආන්ඩු පක්සෙ තොල් සූප්පු කරමින් ජීවත් වෙන සුමනසිරි ලියනගේ,වික්තර් අයිවන්,දම්ම දිසානායක වගේ ප්‍රගතසීලි උගජුන් අතර හරි හිටපු නැති එක.

යුජ අජිකරනෙ තීන්දුව එක්සත් ජාතික පක්සෙ හෙලා දැකල තිබුන.කරු ජයසූරිය මහත්තයා මේ තීන්දුව විවේචනය කොරල පහුවදාම ප්‍රෙස් රිලීස් එකක් කොරල තිබුන.ෆොන්සේකා උන්නැහෙ වෙන පක්සෙක වුනත් විපක්සයක් විදිහට මෙහෙම වැඩක් වත් කොරපු එක නරකම නැහැ.

ඒත් පුරස්නෙ තියෙන්නෙ එතන නෙමෙයි.
පලමු යුජ අජිකරනෙ ‍චෝදනාව වුනෙ ෆොන්සේකා බොස් හමුදාපති වෙලා ඉද්දි දේසපාලකයන් එක්ක සම්බන්ධකම් තිබ්බ කියන එක.උන්නැහෙ හමුදාපති වංගියෙ තමුන් එක්ක කතා කොලා කියල ටැක්සි අබේ,ජොන්ස්ටන් මුදුන්කොටුව,ලක්ස්මන් සෙනෙවිරත්න කියන උන්නැහේස්ලා ෆොන්සේකට විරුද්ධව සාක්කි දීල තිබුන.ජොන්ස්ටන් මුදුන්කොටුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රනයක සැකකාරයෙක් වුන දැනට අත්අඩංගුවෙ ඉන්න කොටි සැකකාරයෙක්ට නවාතැන් දුන්නා,අධිආරක්සිත කලාප පෙන්නල දුන්න කියල චෝදනා එල්ල වුන බුවෙක්.ඒ චෝදනාවයි ජොනී ගේ පිල් පැනීමයි අතර සම්බන්ධයක් තියෙනව කියල රට්ටු කියනව පුලාට ඇහිල තියනව.රට්ටු කියන කයි කතන්දර යුජ අජිකරනෙ විද්වතුන්ට එච්චර ගානක් නැතිව ඇ‍ති.
ඒකෙන් මේකෙන් ජොනීගෙ සාක්කියට අතිරේකව ෆොන්සේකා වැරදිකාරයා කොරන්න යුජ අජික‍රනෙ යොදාගන්නෙ යූඇන්පියේ ලොක්කෙක් වෙන,දැනටත් යූඇන්පියෙ සාමාජිකත්වය ඉහලින් දරන,ඒකෙ කෘත්‍යාධිකාරි මන්‍ඩලේ ධූරන්දර ලක්ස්මන් සෙනෙවිරත්නගෙ සාක්කිය.

ෆොන්සේකා වැරදිකාරයා කොරන්න යූඑන්පියේ කෘත්‍යාධිකාර මන්ඩලයෙ ලොක්කෙක් සාක්කි දෙනව.
ෆොන්සේකා වැරදිකාරයා වුනාට පස්සෙ ඒක හෙලා දැකල යූඑන්පියෙ කෘත්‍යාධිකාර මන්ඩලයෙම ලොක්කෙක් ප්‍රකාස නිකුත් කොරනව.
දැන් එතකොට යූඇන්පිය කියන්නෙ පක්සයක්ද?නැත්තං එහෙම්පිටින් පරස්පර දේවල් කියන කොරන මිනිස්සු ටිකක් තාවකාලිකව ලැගල ඉන්න අම්බලමක්ද?
මේ සේරම අස්සෙ තමුන්නෙ හිටපු ජනාධිපති අපේක්සකයාට පන්න පන්න ගහන එක ගැන හාංකවිසියක්වත් නැහැ වගෙ රනිල් විකුම්සිහ බොස් මහින්ද රාජපක්සට ධූර කාලෙ දික්කරල දෙන හැටි ගැන කතාකොරන්න දවස ගානෙ රජමැදුරට රිංගනව.‍රජතුමාගෙ ටී පාටියට සෙට් වෙනව.රජතුමා ඒකට උපකාර පිනිස විකුම්සිහගෙ අම්මිගෙ ලෙඩ බලන්න හොස්පිටල් යනව.
ෆොන්සේකගෙ සංගදිය රාජපක්ස - විකුම්සිහ මහා සාකච්ඡාවෙ න්‍යාය පත්‍රයෙ ගෑවිලාවත් නැහැ.

පුලස්තිගෙ පුරස්නෙ බොක්කෙන්ම එජාපයට හිතවත් ගමේ ගොඩේ සගයාස්ලට.
මොකක්ද මේ දෙබිඩිකම?මොකක්ද මේ ඩබල් ගේම් එක?
විපක්සය කියන්නෙ රටක විකල්ප ආන්ඩුව කියලයි කියන්නෙ.
අපේ රටේ විකල්ප ආන්ඩුව කියන්නෙ ප්‍රතිපත්තියක් ඉස්තාවරයක් නැති,හැම පැත්තටම පනුවො වගෙ නලියන මේ වගෙ ඩබල් ගේම්කාර දෙබිඩ්ඩො සෙට් එකකටද?

Wednesday, August 11, 2010

සිල්වා මර්වින් - ධෛර්යය අරගන්.නාඩා දැන් ඉතින් - හෙට දවස ජයගන්!


දයාබර මර්වින් සෑර් වෙත ලියමි (පිටපත් - පෙරමුනේ රාල හා පිටියෙ අප්පු )

හත්වලාමයි ‍සෑර්!!!!! වැඩේ පත්තු වුනා නේද?
මක්කෙයි මේ වුනේ?ග්‍රහයා නීච වෙලාද?සෑර්ගෙ ලොකු සෑර් සූර් වෙලාද?

ඇත්තටම දැන් සෑර් ඇමති නෙමෙයි හින්ද මර්වින් ගොයිය කියල ලියන්නත් පුලාට හිතෙනව.ඇමති නෙමෙයි නං සර්ගෙයි පුලාගෙයි වෙනස මොකක්ද නේද?මෙගා ඉස්ටාර් එ‍කේ චාන්ස් එකක් දුඤ්ඤනං පුලත් කියල පෙන්නන්නං කවි.කොහෙවත් ඉන්න අහිංසකයෙක්ට තග දාන එක පුලාටත් කොරන්න බැරි වැඩක්ය.ඒත් තවම සෑර් මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට් නෙව.ඒ හින්ද සෑර්ට පුලස්ති අයිය බයිය වෙන්නෙ නැතිව අයිය හරි ගොයිය හරි නොකිය තාම සෑර් කියල කියනව.

ඉතින් සෑර් ඔබතුමා පජාත මැර වැඩ කොරනව කියන එක අලුත් දෙයක්ද?නේද?
ඕක පුලා වගෙම කවුරු කවුරුත් දන්නව.පුලාට තියන අවුල මේකයි.මේක රජතුමත් නොදැන හිටිය නෙමෙයිනෙ.සෑර්ගෙ හිස්ටරිය ගත්තම පජාත වැඩ කොලේ සමෘද්ධි මල්ලිව ගස් බැන්ද දවසෙ විතරක් නෙමෙයි නෙව.
තමුන්නැහෙ සිරසෙ බුවාලව හීරුවා.ටිවි එක ඉස්සරහ බයහැක නැතිව උන්ට තග දැම්ම.ජාතික එකේ අර රැවුල්කාර අහිංසක මහත්තයට බිම පෙරලගෙන කෙලිය.තමුන්නැහෙට පාට් දාන්න ආපු රූපවාහිනියෙ බුවා‍ලගෙ පිටවල් වල සෝරො වගේ එක එක ලකුනු දැලිපිහි වලින් ඇන්ද.තමුන්නැහෙගෙම පලාතෙ ප්‍රාදේශීය සභා සභාපතිගෙ සරමෙ මූත්‍ර යන විදිහට වැඩ කෙරුව.උන්නැහෙගෙ ගෙදර කුඩු කලා.තමුන්නැහෙට විරුද්ධව යන්න ගිය උන්දැව ආයෙ තමුන්නෙ කකුල් දෙක ලගට බල්ලා වගේ ගෙන්න ගත්ත.
දෙනෝ දාහක් බලං ඉන්දැද්දි සිරසට මහ දවාලෙ මැර බුවාල එවල කෙලලා ගියා.ඒ විතරක්ය,කැලනි කැම්පස් එකත් ගොම්පස් කලා.කැලනියෙ අන්ඩර් ග්‍රැජුවෙට් මල්ලිලට පෝස්ට් ග්‍රැජුවෙට් පොරක් උන තමුන් කොයි තරම් වැඩර් ද කියල තමුන්නැහෙ පෙන්නුව.
ඇත්තටම හිතල බලන්න සෑර්,මේ කිසිම පජාත වැඩකදි මීක් නොකිව්ව මහරජතුමා එක පාරටම මේ දගලන්නෙ මක්කෙයි?
නින්දෙන් නැගිටල වගේ විනය පරික්සන තියන්නෙ මක්කෙයි?ඇමතිකම් අහෝසි කොර‍ගෙන,ආසන සංවිධායකකම අත්හිටුවගෙන තමුන්නැහෙට එරෙහිව අලි පාට් දාන්නෙ මක්කෙයි?

මේක රටේ සමහරුන්ට වගේම සෑර්ටත් බුදු පුරස්නයක් කියල පුලා දන්නව.යූඑන් එකේ ඩිප්ලොමැට්ස්ල හිටන් හිරකරගෙන මිනිස්සුත් කුලප්පු කොරගෙන වලං ගොඩට පැන්න ගොනා වගේ ලෝකෙටම පේන්න පිස්සු නටපු විමල් වීරවංසට රජතුමා සැලකුවේ ආදරෙන් වතුර පොවල ඔලුව අතගාල.මේ කවුරුත් නමවත් අහල නැති සමෘද්ධි මල්ලි කෙනෙක්ට පොඩි තගක් දැම්ම වගේද යූඇන් එකේ බුවාලව හිර කොරගෙන තොවිල් නටන එක?වීරවංසට එක හැන්දකින් බෙදල තමුන්නැහෙට වෙන හැන්දකින් රජතුමා බෙදනකොට මේ මොනවද වෙන්නෙ කියල තමුන්නැහෙට අදහගන්න අමාරු වුනා කියන එකත් පුලස්ති දන්නව.

ඒත් පස්සෙ කල්පනා කොරල බලද්දි මොකක්ද සීන් එක කියල හරියටම පුලාට ඒත්තු ගියා.
පොඩ්ඩක් බලන්න සෑර්,ජාතික රූපවාහිනියෙදි සෑර් කෙලියෙ කාටද?සිරස මාධ්‍යවේදියා කවුද?කැලනියෙ ගුටි කාපු මල්ලිලා කවුද?පිටවල් කපාගත්ත මාධ්‍යවේදියො මොනුන්ද?
මේ සේරම සිංහල බුවාල.එතකොට තමුන්නැහෙ ඊයෙ පෙරේද චාටර් කොල මොහොමඩ් නිසාම් කවුද?
උන්නැහෙ මුසල්මානුවෙක්!ඉස්ලාම් භක්තිකයෙක්!
සිංහල බුවාලව චාටර් කොරනකොට ඒක පයිසෙකට ගනං නොගත්ත මහරජතුමා මුස්ලිම් උන්නැහෙ කෙනෙක්ව චාටර් කොරපු ගමන්ම තමුන්නැහෙව සස්පෙන්ඩ් කොලේ මක්කෙයි?

ඔන්න මර්වින් මැතිතුමෝ රහස මාට්ටු වෙන තැන.

පුලස්තිගෙ පැහැදිලි කිරීම මේකයි.රජතුමා දැන් හොදටොම වෙනස් වෙලා.එතුමා මේ රට ඉස්ලාම් කිරීමේ ඉස්ලාම් ශුද්ධ යුද්ධයේ ඉත්තෙක් වෙලා.
පුලස්තිට තේරෙන විදිහට මේක පිටිපස්සෙ ලොකු කුමන්ත්‍රනයක් තියනව.බියොන්ඩ් ප්‍රේම්,ටැබූ,ඇට නැති මැස්සා වගේ අවජාතකවාදින් සිංහල බෞද්ධයන්ට වින කෙටුනම කටවත් අරින්නෙ නැහැ.මුස්ලිම් පල්ලියකට මක්ක හරි වුනාම තමයි බෙරිහන් දෙන්නෙ.බලං ගියාම අපේ ලොකු සෑරුත් ඒ වගෙ නෙව.සිංහල එවුන්ගෙ පිටවල් කැපුනට නෝ කතා නෝ බතා.මුස්ලිම්කාරයෙක් ගස් බැන්ද විතරයි මෙන්න බොලේ නැට්ට පාගගෙන!

තමුන්නැහෙට වුන දේ අන්තිම අසාධාරනයක් කියලයි පුලස්ති ඉදුරාම කියන්නෙ.මුල්ගම්පොල හොල්ලගෙන ඉන්න නල්ල මලේ මැරයෙක් වෙන පුලස්ති මැර ප්‍රජාව නියෝජනය කොරන ඇමතිවරයෙක් ආන්ඩුවෙ ඉන්න එක ගැන පුල් හැපි එකෙ හිටියෙ.ආන්ඩුවෙ මොන වැරැද්ද තිබුනත් හැම ප්‍රජාවටම නියෝජනයක් දෙන එක කොච්චර හොද දෙයක්ද.මේ ලගදි කේපි හරහා කොටි ප්‍රජාවටත් නියෝජනයක් දුන්න නෙව.
ඒ උනාට රජතුමා දැන් ඉස්ලාමීය ජිහාඩයේ කුමන්ත්‍රනේකට අහුවෙලා අපේ මැර නියෝජනය අපෙන් උදුරගෙන.

මේ ලැරි හැරි හැරී ඉන්නෙ නැතිව එල් ඕ එල් සී ගියා වගෙ මර්වින් සෑර් තමුන්නැහෙටත් දැන් තියෙන්නෙ හැරි හැරි ඉන්නෙ නැතිව වහාම ක්‍රියාත්මක වෙන එක.ඔබතුමා තනි වෙලා නැහැ.තනි වෙලා කියල එක මොහොතකටවත් හිතන්න එපා.තමුන්නැහෙට කෙලෙව්ව ජිහාඩ් කුමන්ත්‍රනේට ඉන් රිටර්න් ගේම දෙන්න සෑර් මූලිකත්වය ගන්න ඕනෙ.ජිහාඩය නස්තාර් කොරන්න ඇස් ඉස් මස් ලේ දන් දෙන්න සූදානං බුවාල සැට් එකක් ඉන්නව සයිබර් අවකාසෙ.පෙරමුනෙ රාලගෙ අටුවාව කියල උන්නැහෙල වෙනම ටීම් එකකුත් ෆෝම් කොරගෙනයි ඉන්නෙ.වහාම උන්නැහෙලට ඊමේල් එකක් යවන්න.කොම්පියුටරේ ඕන් කොරගන්න දන්නෙ නැත්තං දන්න කාගෙන් හරි අහගෙන හරි ඊමේල් එක යවාගන්න.ඉස්ලාමය සමූලඝාතනය වෙන තුරු නින්ද නොයන පිටියෙ අප්පු කියන සැදැහැවතා කලු ජූලියකින් ඉස්ලාමය සංහාරය කොරන්න මානගෙන ඉන්නව.අප්පුලට මදි වෙලා හිටියෙ තමුන්නැහෙ වගෙ කොන්ද පන තියන වීර සිංහලයෙක් තමයි.
ඒ අප්පුට එකතු වුනොත් තමුන්නැහෙ දෙවෙනි පුරන් අප්පු වෙලා තමයි නතර වෙන්නෙ ඕං.

එහෙනං සෑර්,රජතුමාගෙ තීරනය වින්නැහියක් නෙමෙයි වෙස් වලා ගත්ත ආසිර්වාදයක් කියල හිතන්න.පුලස්තිගෙ අවවාදය පිලිගන්න.තමුන්නැහෙට දුන්න මේ වටිනා උපදෙසට කවද හරි තමුන්නැහෙ පුලාට පින් දෙයි කියන එක විතරක් පුලා හොදට දන්නව.වැඩේ ලේසි වෙන්න මේකෙ පිටපතක් පුලස්ති පෙරමුනෙ රාලටත් යොමු කොරඤ්ඤං.තමුන්නැහෙට සුබ අනාගතයක්.ලග නොබලන්න.දුර බලන්න.පැමිනි දුක පැනි රසයි කියල හිතන්න.

ඒ වගත් මෙසේම
ඔබගේ ආදරනීය රසිකයා හා බැතිමතා
- පුලස්ති

Tuesday, August 10, 2010

පුලස්ති සංදේශය - පුලස්තිගේ පලමු කාව්‍ය නිර්මානය




මිත්‍රවරුනි

පුලස්ති වන මා තමුන්නාන්සෙලා මෙතෙක් කල් දැනගෙන සිටියෙ බොලොග් රචකයෙක් විදිහටය.ඒ වුනත් පුලස්ති තුල අංකුර කවියෙක්ද සැගව සිටී.මේ පලවෙන්නේ තරුන අවධියේ නාහෙට නාහන දඩබ්බරයෙක්ව සිටි වංගියේ පුලස්ති අතින් ලියැවුන චරිතාපදාන කවියකි.මාගේ කුලුදුල් නිර්මානය පිලිබද තමුන්නාන්සේලා ගේ අවංක අදහස් අපේක්ෂා කරමි.මා ලපටි සිතේ කවි සිතුවිලි මෝදු කරමින් කුඩා කල ඔලුව පිරිමදිමින් කවි කියා දුන් පුලාගේ අම්මම්මාව කුලුදුල් නිර්මානය එලි දක්වන මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කර සිටිමි.

පුලස්ති සංදේශය

පුලහස්ති මාරයා
තරුන දන වීරයා
දුදන ග්‍රහචාරයා
චීන අඩි ආචාරියා

කොහි සිටද ඔහු එන්නේ
කොයිබටද ඔහු යන්නේ
නොමැත කිසිවෙකු දන්නේ
සිතන්නට ඇයි වෙහෙස වෙන්නේ?

හිටි ගමන් මතු වෙනවා
සුලග වාගේ එනවා
ගැහැනු සිත් කලඹනවා
සැනෙන් නොපෙනී යනවා

රජයේ වරම් ලද්දෝ
පොලිස් නිලධර කිලුටු වැද්දෝ
මොහුට තරමින් මෙවන් ඇත්තෝ
වෙනත් කා හට බයක් ඇද්දෝ

අඩියක් ගහන්න
ගඩුවක් බහන්න
ඇනයක් නමන්න
ගුලියක් ගිලින්න

බටයක් අදින්න
වලියක් අදින්න
හුරුවක් වකන්න
මිනියක් මරන්න

අවැසි ඕනෑ දේකට
කියන් පනිවිඩ පුලා අයියට
යසස නැංවූ වියරු මොහුහට
වදියි පුදදෙයි මහ රජුන් වුව

ආයුබෝ වේවා
මහරජානෙනි....................!

Sunday, August 8, 2010

සිංහලයාට නැති දෙමලාට තියන අමුතු පුරස්නෙ මොකක්ද?



දෙමලාට තියන සිංහලයාට නැති අමුතු පුරස්නෙ මොකක්ද?සමහරවිට ලෝකෙ ආරම්භ වුනේ කොහොමෙයි කියන පුරස්නෙ ලගට ලංකාවෙ වැඩියෙන්ම අහල තියෙන පුරස්නෙ මේක වෙන්න ඇති.යුද්ධය ගැනයි ජාතින්ගේ පුරස්නෙ ගැනයි මාතෘකාවක් ඇදිල ආව ගමන් නලින් ද සිල්වා ඇදුරුතුමයි,ගු.අමරසේකර මැතිතුමයි,ඇස්.ඇල්.ගුනසේකර මැතිදුයි වගෙ නහුතයක් බුවාල ගත්කටටම කියන්නෙ "හහ් හිංගලයට නැති දෙමලට තියන අමුතු පුරස්නෙ කියහංකො බලන්න" කියන තර්කෙ.නලින් ද සිල්වානන් කියන විදිහට මේ පුරස්නෙට උත්තර දෙන්න දෙමල ජාතිවාදීන්,කසිකබල් මාක්ස්වාදීන්,බංකොලොත් ලිබරල්වාදීන්,ඇන් ජී ඕ කපුටන් - මේ එකෙක්වත් තාම සමර්ථ වෙලා නැහැ.උන්නැහෙට අනුව මේ හින්ද උන්නැහෙ දිනුම්.

යුද්දෙ තිබුන වංගියෙ දෙමල ඈයොන්ට සිංහල ඈයොන්ට ෆේස් කොරන්න නොවෙන අමුතු අමුතු රිද්දිලි වගයක් තිවුන.
හිංගලයෙක්ට ඕනෙ දීපංකරේක අයිඩෙන්ටිය පෙන්නුව ගමන් බය සැක නැතිව ගිය හැකි.ඒත් චෙක් පොයින්ට් වලදි දෙමලා දිහා බැලුනෙ අමුතු විදිහට.පැය විසි හතර පුරාම හිසේ ඉදල පාදාන්තය දක්වාම දෙමලාගේ සරිර දිහා හමුදාවයි පොලිසියයි රාජ්‍යයයි සිංහල සමාජයයි සැකෙන් කුකුසෙන් බැලුව.තුන්සිය හැටපස් දවසෙම තමන් උපන්න රටේ සැකයට ලක්වෙමින් ජීවත් වෙන එක මොනතරම් මානසික පීඩාවක්ද කියන එක ඒ පීඩාවට ලක්වුන අය මිස එහෙම දෙයක් ජීවිතේට අත්නොවින්ද කාර්වලින් සංචාරය කොරමින් දවල්ට ජාතික උරුමය ගැන බන කියල රෑට බියර් එකක් ගහල බුදියන්න යන මහාචාර්ය උතුමන්ලාට තේරෙන්නේ නැහැ.
මචං චිත්‍රපටියෙ රගපාපු දර්ශන් ධර්මරාජ් කියන නලුවා පාරෙ ඇවිදින්න යන අතරෙ පොලිසිය කුදලගෙන ගිය කතාව පුලස්ති අහල තියන ඒත් ගොඩක් දෙනෙක් අහල නැති කතාවක්.කමල් අද්දරආරච්චිට පොලිසියෙ අවුලක් නැතිව කොලඹ පාර දිගේ රෑට යන්න තියන නිදහස දෙමල නලුවෙක් වුන දර්ශන් ධර්මරාජ්ට නැතිවුනෙ ඇයි?.
වතුකරේ ගොඩක් ‍අයට අයිඩෙන්ටි නැහැ.මේ හින්ද වතුකරෙන් පිටට එන එක වතුකරේ ගොඩක් දෙමල අයට ඒ වංගියෙ ලොකු පුරස්නයක් වෙලා තිබ්බ.රස්සාවකට යන්න හැදුවත් සැකකොරල පොලිසියට අරන් යනව.
තමුන් වරදක් කරල නැතිවත් මෙහෙම නිරන්තරයෙන් සැකයට භාජනේ වෙන්න සාමාන්‍ය දෙමල මනුස්සයට සිද්ධ වුනේ ඇයි?උන්නැහෙල දෙමල විදිහට ඉපදුන හින්ද මිස වෙන මොකක්වත් හින්ද නෙමෙයි නේද?
සිල්වාගේ චතුස්කෝටිකේට මේව අහුනොවුනට පුලස්තිගෙ ‍චාටර් ඇන්ටනාවට මේ සීන් එක මීටර්.

මේ කතන්දරේට දෙන්න තියන එක උත්තරයක් තමයි ඒ යුද්ධෙ කාලෙනෙ කියන එක.
යුද්ධ කාලෙක මෙහෙම පීඩාවන් වෙනව ඒක සාමාන්‍යයි ඒක දෙමල මිනිස්සුන්ට විසේස පීඩාවක් නෙමෙයි කියල බොහෝ වෙලාවට කියවුනා.ඒකෙ ඇත්තක් නැතිවාම නෙමෙයි.රට වටේ බෝම්බ පිපිරෙන වෙලාවක සැක පහල කොරන එක නිවැරදිම නොවුනට වලක්වන්න අමාරු දෙයක් කියන එකේ ‍සාධාරනේකුත් තියනව.

ඒත් කචල් එක එන්නෙ මෙතන නෙමෙයි.යුද්ධය හමාර වෙලා රට ත්‍රස්තවාදෙන් මුදාගෙන එක්සත් කොරල එක්සිත් කොරල ඔය වගේ කොරන්න පුලුවන් හැමදේම කොරල දැන් අවුරුද්දකුත් පන්නලා තියනව.
දැන් තියන කතන්දරේ මොකක්ද?

ලක්බිමනිව්ස් පත්තරේ ඇහැ ගැටුන නිව්ස් අයිටම් එකකින් කියවෙන විදිහට උතුරෙ දෙමල ලමයි පහලොස් දාහක් මේ වෙනකොට ඉගෙන ගන්නෙ ගස්යට.රීසන් එක තමයි ඒ ලමයි හිටපු ඉස්කෝල එක්කො අවතැන් කදවුරු කොරල.නැත්නම් හමුදා කදවුරු කොරල.හමුදා කදවුරු වලට ඉස්කෝල පවර ගන්න හින්ද ගස්යට අකුරු කොරන එක හැර විකල්පයක් මේ ලමයින්ට නැහැ.
ඉන්ටර්නෙට් එකෙන් වැලක් බලල,හම්බෙන දෙයක් කාල,රෑට ඉතින් ඊට පස්සෙ බලල,ෆන් එකේ නිදාගෙන දෙමලට තියෙන අමුතු පුරස්න ගැන අහන මද්දියම පංතියෙ සිංහල බුවාලට වහලයක් සෙවනක් නැතිව ගහක් යට ඉගෙන ගන්න වෙලා තියෙන එකේ ට්‍රැජඩිය නොතේරෙන බව හැබෑව.
ඕමන්තෙයි මධ්‍ය මහා විද්දියාලය අවතැන් කදවුරු වලින් ගම්බිම්වලට එන දෙමල අයව රදවන තාවකාලික මධ්‍යස්ථානයක් කොරල තිවුන.දැන් යුද්දෙ අහවර වෙලා අවුරුද්දක් ගිහිනුත් තාම ඒක අවතැන් මධ්‍යස්තානයක්.කොලඹ ආනන්ද විද්දියාලෙ හමුදා කදවුරක් හරි රැදවුම් මධ්‍යස්ථානයක් හරි කොරල ඒකෙ ලමයින්ට බොරැල්‍ල හරියෙ ගහක් යට ඉගෙන ගනින් කියල කිව්ව නං,කොලඹ රාජකීය විද්දියාලෙ අවතැන් කදවුරක් කොරල හමුදාව දාල "රාජකීය" ලමයින්ට රීඩ් මාවතේ ගස්යට ඉදන් ඒ ලෙවල් කොරන්න කියල කිව්ව නං තත්වෙ කොච්චර ආතල්ද කියල පුලාට හිතෙනව.
මේ පාර අයවැයෙ ආරක්සක වියදම තව වැඩිවෙල තිවුන.උතුරුකරේ හමුදා සංකීර්න හතුපිපෙනව.සෙබල බල මුලු තරවෙනව.ඒවට ආන්ඩුව කෝටි ගනන් යට කොරනව.තමුන්ගෙ ඉස්කෝල හමුදා කදවුරු වෙලා තියෙන අතරෙ උතුරෙ ලමයි ගස් යට ඉගෙන ගන්නව.මේ සේරම මැද්දෙ උතුරෙ දෙමලට ආය මොනවද තියන අමුතු පුරස්නෙ කියල ගු.අමරසේකර සූරින් අපෙන් පන්ඩිතමානීව පුරස්න ‍කොරනව.සිරාවට නේද කියල අපිත් ෆන් එකේ දොයිය ගන්නව.

කොලඹ ඉන්න දෙමල අයව රෙජිස්ටර් කොරන පරන වැඩේ ඊයෙ පෙරේද ආයෙත් පොලිසියෙන් පටන්ගත්ත.
යුද්ධ කාලෙ කිව්වෙ යුද්ධෙ හින්ද කොටි අදුනගන්න රෙජිස්‍ටර් කොරනව කියල.දැනැ යුදදෙකුත් නැහැ.කොටිත් නැහැ.ත්‍රිසිංහලයත් එක්සත්.කොටින්ගෙ නායකය කේපීත් දැන් ආන්ඩුවෙ.උන්නැහෙ ගෝඨාබය රාජපක්ස උන්නැහෙගෙ ගෙදර බුදු පිලිමෙ දැකල වසී වෙලා බුදුන් සරන ගිහින්.
කොටි දමනය වෙලා සේරම කූල් වෙලා උතුරට වසන්තය පායලා සාමයත් උදාවෙලා තියෙන වෙලාවෙ ආයෙ කඩිමුඩියෙ දෙමල අය විතරක් තෝර තෝර රෙජිස්ටර් කොරන්නෙ ඇත්තටම අහවල් එකකටද?
සුදු දකුනු අප්‍රිකාවෙ අගනගරෙ ඉන්න කල්ලන්ව රෙජිස්ටර් කොරපු එකයි,හිට්ලර් යුදෙව්වන්ගෙ පපුවෙ තරු ලකුනු ගස්සපු එකයි කොලඹ දෙමල අය ලේඛනගත කොරන එකයි අතර ඒ තරම් වෙනසක් තියෙනවද?
පීඩනය තිවුනෙ යුද්ධ කාලෙ විතරයි කියන එක තවදුරටත් වලංගු නැහැ වගේ නේද?මේ කරුනු එච්චර හිතට ප්‍රියමනාපත් නැහැ වගේ නේද?දෙමලට ඇති අමුතු පුරස්නයක් නැහැ කොටිත් ඉවරයි යුද්දෙත් ඉවරයි දැන් මේක ආසියාවෙ ආස්චර්යෙ කියල හිතාගෙන බුදියගන්න එක තරම් ඇත්තටම සිද්‍ධ වෙමින් පවතින දේ එච්චරම සුන්දර නැහැ නේද?

පුලා දෙපාර්ශවයකට අනතුරු හගවනව.
එක - සේරම හරි කියල හිතාගෙන ඉන්න සිංහල සමාජෙට.හෙට තමුන්නැහෙලගෙ සුබ සිහින බිදින මරාගෙන මැරෙන බෝම්බකරුවන් අද උතුරෙ ගස්යට ඉගෙන ගන්නව.ඒ අයගෙ ඉස්කෝල තමුන්නැහෙලා පත්කොල ආන්ඩුව පැහැර ගෙන.
දෙක - ලක්බිම නිව්ස් එකේ රතින්ද්‍ර කුරුවිටට.කාටවත් වැඩිය නොතේරෙන කඩ්ඩෙන් ඔය රිපෝට් ලිව්වට කමක් නැහැ.සිංහලෙන් ඕව පත්තරේට දාන්න යන්නෙ බලාගෙන.කන්තෝරු කාමරේ පෝද්දල ජයන්තගෙ පින්තූරෙ ගහගෙන උදේ හවා කරුනාකොරල ජයන්තව සිහි කොරන්න.