Thursday, October 4, 2012

මහානුභාවසම්පන්න ලැක්ලාව්



චාර්යස් මහාචාර්යස් ලා ගේ වැඩ වර්ජනයට දැන් මාස තුනක් වෙනව.රාජපක්ෂස් ගේ ඉහට උඩින් වර්චස් පිඩක් හෙලීමේ පරමාර්ථයෙන් හෝ මැස්සෙක් වත් පියාසරස් කරන්නෙ නැති වංගියක මාස තුනක් අල්ලගෙන හිටපු එක ගැන ආචාර්යස් මහාචාර්යස්ලට පුලස්තිගේ සැලියුට් එක පලමුව!!ලියන එක එපා වෙලා ටුවෙන්ටි ටුවෙන්ටි එක බලාගෙන බීඩියක් ඇදගෙන ඈලි මෑලි වෙලා හිටපු වකවානුවක ආපහු ලියන්න ආත්ම ශක්තිය පුලාට ගෙනත් දුන්නේ ආචාර්යස් මහාචාර්යස් වර්ජනය කියල අවංකව කියනව මහත්වරුනි.

මේ වැඩවර්ජනය මොකක්ද මහත්වරුනි?

මේක පටන් ගත්ත කාලෙ එක එක බුවාස් ල එක එක එව්ව කිව්ව.එජාප ( රනිල්  පිල ) - එජාප ( කරු පිල ) - එජාප ( සජිත් පිල ) - ජවිපෙ - ෆොන්සේකා උන්නැහේගේ කාන්ඩය - මේ සේරම මුල ඉදලම මූනිච්චාවට හෝ මූන නොඉච්චාවට මේක සිරා අරගලයක් කියල තිබ්බ මුරුංගා අත්තේ ඉහලම.

නලින් ද සිල්වා - ඇස්බී - මහින්ද අසේබුන්දර - හඩ්සන් සොමරසිංහ - පෙරමුනේ රාල ගේ වැසිකිලිය - මේ කවුරු කවුරුත් මුල ඉදලම මේක දේසද්‍රෝහී - රාජ්‍ය විරෝධී - එන්ජීඕ- ඩයස්පෝරා - ග්‍රීක - යුදෙව් - ක්‍රිස්තියානි - හම්බ - අධිරාජ්‍යවාදී - නව යටත්විජිතවාදී  ජිල්මාට් එකක් කියල දැම්ම කානු පල්ලෙ පහලටම.

අවුලක් නැහැ නේද මහත්වරුනි.මේකෙන් තමුන්ගේ හොද්ද බොරවෙයි කියල හිතුනු අය වැඩේට විසිල් ගැහුව.මේකෙන් තමුන්ගේ හොද්දට කෙලවෙයි කියල හිතුනු අය වැඩේට ගල් ගැහුව.ඉෆ් ඉස් දිස් ඉස් නොට් ලයිෆ් වට් ඉස් ද ලයිෆ් ඔෆ් අ හොනස්ට් වයිෆ්?ඉස්න්ට් ඉට්?

ආන්ඩුවට සපෝට් ‍නැති බුවාස්ල අතරින් මේ සටනට විරුද්ධ වුනේ එහෙමත් බුවෙක්.ඒ බුවාස්ල අතර ඉදිරියෙන්ම හිටියා දීප්ති කුමාර ගුනරත්න නැමැති යුගයේ දාර්සනිකයා.( ඒක පුලස්ති එතුමාට දුන්න නම්බු නාමයක් නෙමෙයි.පැපරාසියා සගරාව කොරන සේපාල් අමරසිංහ ලොක්කයි ඒ විරුදාවලිය උන්නැහෙට දුන්නෙ.දැන් පැපරාසියා සගරාවේ කුනු කන්දල් ඕපාදූප සේරම මැද්දෙ මැද පිටු දෙක ඒ යුගයේ මහා දාර්සනිකයා වෙනුවෙන් වෙන් කොරල කියල පුලස්තිට කිව්වෙ මුල්ගම්පොල පත්තර කඩේ විමලරත්න කොල්ලා)

වෛද්‍යවරු ආචාර්යවරු වගේ මැද පංතියේ වෘත්තික බුවාස්ලා මේ කොරන්නෙ පඩි වැඩි කරගන්න දෙකයි පනහේ නැටුමක් කියල එතුමා මුල සිට ඉතාම ව්‍යක්තව අපිට කියල දුන්න.මේ දෙකයි පනහේ වැටුප් සටනේ පෙරමුන අරන් සිටින නිර්මාල් කියන පොන්නයාට ( ඒ ගුනරත්නයන් නිර්මාල් කොල්ලව හදුන්වන්න පාවිච්චි කරපු විසේසන පදේ )මේ මධ්‍යම පංතික බුවාල සෙට් එක එක්ක ගියාම අන්තිමේ සිද්ද වෙන්නෙ   ධම්ම දිසානායක වගේ පීචං ඩයල් එකක් වෙලා කෙලවර වෙන්නයි කියල එතුමා විද්වත් ලෙස අපිට පැහැදිලි කරල දුන්න.

ඉතින් පුලස්ති හිතුව - මොනව උනත් බොල මේක කියන්නේ යුගයේ දාර්සනිකයා නෙව.අඩියක් පුඩියක් ගහල බ්ලොක් කොරල නැති වැල සයිට් එකකට ඔලුව දාන්න නෙට් යන අපි වගේ හුදී ජනයින් වගේද කියවන හදාරන අධ්‍යයනය කොරන මේ මහා චින්තකයො?

දී.කු. ගුනරත්නයන් මෙහෙම ආචාර්යස්ලට ඇට්ටි හැලෙන්න නෙලන්න ගත්තේ වැඩවර්ජනය පටන් ගත්ත අවස්ථාවේ ඉදලමයි.ඒව කියවන අයට චීයා මේ ආචාර්යස්ලගෙ ශුකානුකම කියල නොහිතුනා නම් තමයි පුදුමේ.

මේ විදිහට ආචාර්යස් අරගලය මාසයක් දෙකක් ඇදිල ගියා.දී.කු.ගුනරත්නයන් ස්වකීය මහානුභාව සම්පන්න ත්‍රිමාන වෙබ් අඩවිය හරහා මේ තුට්ටු දෙකේ වැටුප් අරගලයේ රෙදි පෙරෙදි අඛන්ඩව ගැලෙව්වා.

මාසයක් ගියා.
ආචාර්යස්ලා පඩි නැතුවත් ගෙදර ගියෙ නැහැ.
මාස දෙකක් ගියා.
ආචාර්යස්ලා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.
තුන්වෙනි මාසයත් ආව.

තුන් වෙනි මාසෙ වෙනකොට මොකද වුනේ මහත්වරුනි?ලැක්ලාව් ආව.ලැක්ලාව් වේවා!දෙවියන් වහන‍්සේ ‍කී සේක.එවිට ලැක්ලාව් පහල විය!!

ලැක්ලාව්?කවුද බොලේ ලැක්ලාව්?

ලස්සන නම.කවදහරි දරු පැටියෙක් හම්බුන දවසට දරු පැටියට දාන්න හිතෙන වර්ගයේ නමක් නෙව මේක.ලැක්ලාව්.

දී.කු.ගුනරත්නයන්ගේ ධර්ම භාන්ඩාගාරික සමන් පුස්පකුමාර මහත්තැන් මෙන්න බොලේ තුන්වෙනි මාසෙ පටන් ගන්නකොට දිගට හරහට ලිපි ලියන්න ගන්නව මහානුභාවසම්පන්න ලැක්ලාව් ගැන කියල.මේවට කියන්නේ ජනප්‍රියවාදී අරගලලු.එව්ව ඉතින් එහෙම තමයිලු.එව්ව එච්චර අප්සෙට් නැල්ලු.ජාතිකවාදි හෙජමොනියට විරුද්ධව දැන් අධ්‍යාපන හෙජමොනිය උස්සන්න පුලුවන්ලු.අප්පේ සනීපේ.කවන්දයට න්‍යායික හිසක්ලු.

හිතුව විදිහට වැඩේ චොර උන් නැල්ලු.රනිලුත් පෙලපාලි ආවලු.රෝසිත් ආවලු.මෙච්චර කෙලි වෙද්දි දාර්සනිකය,තොප බයිලා මුමුනන්නේ මන්දැයි මහානුභාව සම්පන්න ලැක්ලාව් කිව්වලු.ඉතින් පඩි වැඩි කරගන්න නිර්මාල් නැමැති පොන්නයා කරපු දෙකයි පනහේ මධ්‍යම පංතික සටන එකපාරට අධ්‍යාපන හෙජමොනිය වුනාලු.පඩි සටන නැමැති දලඹුවාගෙන් අධ්‍යාපන හෙජමොනික සටන කියන සමනලයා එලියට ඇවිත් තටු සලන්න ගත්තලු.

මෙච්චර කල් යුගයේ දාර්සනිකයාගෙත් දාර්සනිකයා ලෙස වැජඹුනු ජිජැක් පප්පට මේ වෙනකොට ටිකක් අස්පෙට්ලු.මහානුභාවසම්පන්න ලැක්ලාව් ඉස්සරහ ජිජැක් පප්පා ගේ රස්මි කදම්භය අන්තරස්දහන් වෙලාලු.

මහානුභාවසම්පන්න ලැක්ලාව් - අප වෙත වඩිනු මැන!තුන් සිංහලයම ඔබගේ සෙවනට ගනු මැනව!!

Thursday, May 24, 2012

ජංගියා සංකල්පය ගැන තවදුරටත්



පුලස්ති ගිය වර පල කොරපු ඒ ඓතිහාසික පෝස්ට් එකෙන් ලංකාවට පලමු වරට ජංගියා සංකල්පය කියන ගැඹුරු සංකල්පය හදුන්වලා දුන්න.දැන් පුලස්ති උත්සාහ කරන්නේ මේ ගැඹුරු සංකල්පය තවදුරටත් නිදර්ශන මගින් පහදා දෙන්න.ඒකට වෙබ් අවකාසයේ සිත්තාකර්සනීය වෙබ් එකක් වන ත්‍රිමාන අඩවියේ කලින් කල පලවූ පෝස්ට් කීපයක උපුටන පුලස්ති ආධාර කරගන්නවා.

උපුටනය 1 -

"සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු ධනපති රාජ්‍යයන් වල ධනපතියන් විසින් පුවත්පත් කිරීම වැනි කාර්යයන් සාමාන්‍යයෙන් කරනු දක්නට නොලැබේ. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, වොරන්ට් බෆට් වැනි ධනපතියන් කිසි දිනෙක පුවත්පත් ආයතන ආරම්භ කරන්නට නොසිතන්නේ මේ නිසාය. නමුත් අපේ රටේ ධනපතියන්ට කාලයක පටන් පුවත්පත් ආරම්භ කිරීමේ උමතුවක් වැලදී තිබේ. මේ උදවියගේ ඒකායන අභිප්‍රාය වන්නේ මෙම ජනමාධ්‍ය ඔස්සේ පාලකයන් තමන්ට අභිමත ආකාරයකට පාලනය කරනු ලැබීමය"

(උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 මාර්තු 09)

ත්‍රිමාන වෙබ් අඩවියේ චින්තකයො මේ ලිපිය ලියල තියෙන්නෙ ශාන්ත විජේසූරිය කියන මාධ්‍ය උන්නැහෙව ටිරාන් අලස්ගේ පත්තරෙන් එලවිම නිමිති කොට ගෙන.අපේ රටේ ධනපතියන් පත්තර පටන් ගන්න බවත්,උන්ගේ ඒකායන අරමුණ හෙන කුජිත පජාත එකක් බවත් ත්‍රිමාන චින්තකයො අපිට කියනව. එතකොට මේ "ලංකාවේ පත්තර පටන් ගන්න ධනපතියො" ගැන විවේචනය ටිරාන් අලස් ලොක්කටත් අදාලයි කියල පුලස්තිට හිතෙනව.

හොදයි.ඊලගට අපි ෆොන්සේකා බොස්ව නිදහස් කරගන්න ටිරාන් ලොක්කා කල මැදිහත්වීම ගැන ත්‍රිමාණ චින්තකයන් දක්වන අදහසක් වෙත යොමුවෙමු.

උපුටනය 2 -

" විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ නායකයන්, වාමාංශික නායකයන්, අරගලකරුවන්, ශීෂ්‍ය ක්‍රියාධරයන් සහ මහා ජනමාධ්‍යවෙිදීන් ඇතුලු විවිධ වර්ගයේ බුද්ධිමත්හූ විවිධ න්‍යයන් ඉදිරිපත් කරමින් විවිධ තර්ක ගෙනහැර පාමින් රට වෙනස් කළ යුතු ආකාරය ගැන කියමින් සිටියි.

නමුත් මේ අය සමහර සරළ ප්‍රශ්ණ මගහැර යමින් සිටින බව අප දුටිමු. එවන් එක් සරල ප්‍රශ්ණයක් නම්
01- ටිරාන් අලස් යනු කවුද?
02-ටිරාන් අලස් කරමින් සිටින්නේ දේශපාලනය ද?
මෙවැනි ප්‍රශ්ණයක් මේ කිසිදු බුද්ධිමතෙකුට අසන්නට අමතක වන්නේ අහම්බයෙන් ද? නැති නම් මේ අය එවැනි ප්‍රශ්ණ හිතාමතා මඟහරිමින් ඉන්නවා ද? "

( උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 මාර්තු 24 )

ඊලගට පුලස්තිගේ අවධානය තරමක් පැරනි පෝස්ට් එකක් වෙත යොමුවෙනවා.පෙබරවාරි මාසයේදී ලිපියක් පලකරන ත්‍රිමාන චින්තකයින් ටිරාන් අලස් වර්ගයේ බුවාස්ලා ගැන මෙන්න මෙහෙම කියනවා.

උපුටනය 3 -

" මගේ ජෝක් මටම ජෝක් වීම වෙනත් කෙනෙකුට ජෝක් එකක් නොවේ. ව්‍යාපාරිකයෙකු කෙතරම් දේශීයව බැලුම් පිම්බුවත් යම් මොහොතකට පසු ප්‍රාග්ධනය ඊට වඩා ප්‍රසාරණය කර ගැනීමට යළි අපනයනය කළ යුතුය. භාණ්ඩයේ ජාත්‍යන්තර වෙළඳපොළ වටිනාකමට වඩා දේශීයව බැලුම් පුම්බන ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වන්නේ තමන් එකතු කළ ප්‍රාග්ධනය පිටරට පැටවීමේදීය. ලංකාවේ කිසිදු ධනවතෙකු ලෝක ආර්ථිකයේ නිල ධනවතකු නොවන්නේ මේ නිසාය. ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, රවී විජේරත්න, ටිරාන් අලස් වැනි ව්‍යාපාරිකයන්ට කලු සල්ලි සුදු කරනවාට වඩා වැඩි දෙයක් කළ නොහැක්කේ මේ නිසාය. "

( උපුටා ගැනීම - ත්‍රිමාන වෙබ් අඩවිය 2012 පෙබරවාරි 23 )

තැන් කීපයකින් උපුටා ගත්තු මේ කෑලි කැබැලි වලින් අපිට ටිරාන් අලස් උන්නැහෙ ගැන ත්‍රිමාන චින්තකයින් දක්වන අදහස් කීපයක් මෙහෙම ගොනු කොරගන්න ඇහැකි.

1.ටිරාන් අලස් කලු සල්ලි සුදු කරයි
2.ටිරාන් අලස් පත්තර බිස්නස් කරන්නෙ කැත පජාත අරමුණකිනි
3.ටිරාන් අලස් දන්න දේසපාලනයක් නැත.එයා බැලුම් පුම්බන  බිස්නස්කාරයෙක්.

දැන් පුලස්ති මේ විස්තරය බලල තරමක් ඔලුව කහලා කල්පනා කරනකොට තමයි නියම සිද්ධියක් මතක් උනේ.ටිරාන් අලස් පත්තර බිස්නස් කරන්න පටන්ගත්ත පලවෙනි පාර ඊයෙ පෙරේද පටන් ගත්ත මවුබිම පත්තරේ නෙමෙයි.2006 වගේ ඈත කාලෙකත් ටිරාන් ලොක්කා මවුබිම කියල පත්තරයක් ලෝන්ච් කොලා.ගෑස් ලිපේ යකඩ තැටිය රත් උනා කිව්වලු.ඒ පත්තරේ එක්ක ඒ කාලෙ ඒකේ 47 කියල අතිරේක කෑල්ලක් ආව.

ඒකේ 47 කියන මේ අතිරේක කෑල්ල සංස්කරණය කොලේ කවුද සහුර්දයිනි?ඒ අතිරේක කෑල්ල එඩිට් කොලේ පෙරදිග සුළං කියල සංවිධානයක්.ඒ පෙරදිග සුළං කියන සංවිධානයේ දැන් නම මොකක්ද සහුර්දයිනි?ඒකෙ දැන් නම සිරි ලංකා පෙරටුගාමී පක්ෂය.ඒ සිරිලංකා පෙරටුගාමී පක්සය කොරන වෙබ් සයිට් එකේ නම මොකක්ද සහුර්දයිනි?ඒකෙ නම - ත්‍රිමාණ -

වට් අ ස්වීට් වර්ල්ඩ් නේද සහුර්දයිනි?එතකොට ත්‍රිමාණ චින්තකයො අවුරුදු හයකට ඉස්සෙල්ලා ටිරාන් අලස් බුවා එක්ක සෙට් වෙලා පත්තර ගහනකොට : -

1.ඒ කාලෙ ටිරාන් අලස් කලු සල්ලි සුදු කලේ නැද්ද?ඒ කාලෙ එයාට තිබුණෙ සුදු සල්ලි විතරද?
2.ඒ කාලෙ එයා පත්තර බිස්නස් එකට බැස්සෙ කැත අරමුණකින් නෙමෙයිද?එයාට කැත සිතුවිලි පහල වෙන්න ගත්තෙ ඊයෙ පෙරේද ඉදලද?
3.ඒ කාලෙ එයා බැලුම් පුම්බන බිස්නස් කාරයෙක් නෙමෙයි නම් කවුද?බැලුම් විකුනන බිස්නස්කාරයෙක්ද?

කැත අරමුණින් පත්තර කරන,කලු සල්ලි සුදු කරන,පජාත ධනපතියො එක්ක එක්කහු වෙලා පත්තර ගහන එක විප්ලොවවාදී නියාය ඇසුරින් පහදන්නේ කොහොමෙයි සහුර්දයිනි?මතුපිටින් බැලුවම ලස්සනට හැන්ඩියට පොස් එකට‍ ඩෙනිම් ගහන් ඉන්න ඈයොන්ගේ කමිසය ටිකක් ඉස්සුවාම තමයි ඒ අයගෙ ජංගිය ඉරිලා කියල පේන්නෙ.ඒක බලන්න නම් හැබැයි කාට හරි කමිසය උස්සන්නම වෙනවා.

එහෙම කමිස උස්සන එක ලෙඩක්ද සහුර්දයිනි?
ඒ ලෙඩේ නම මොකක්ද?
හිස්ටීරියාවද?
ඩයරියාවද?
ඉංගිරියාවද?








ජංගියා සංකල්පය



සිංහල වෙබ් අවකාසය මේ ටික දොහක ඉදල බුද්ධිමය තෝතැන්නක්ද මොකක්ද එකක් වෙලා.රට පුරා ඉන්න චින්තකයන් බුඩ්ඩ්මතුන් වෙබ් අවකාසයට වැඩම කොරලා වගෙයි.මේ චින්තකයන් පරීක්සන කොරල තර්ක විතර්ක කොරල අලුත් අලුත් සංකල්ප හුදී ජනයා වෙනුවෙන් හදුන්වලා දෙනව.මේ වගේ බුද්ධි කලම්බනය වෙන අවකාසයකට ඔලුව දාන එකත් ඒ හින්ද අපි වගේ හුදී ජනයින්ට මාර එක්ස්පීරියන්ස් එකක්.

මේ දවස් වල නැගලා යන සංකල්ප දෙකක් තියෙනව.එකක් ත්‍රිමාන වෙබ් සයිට් එකෙන් හදුන්වලා දුන්න "නංගියා" සංකල්පය.අනික අපේ හිතවත් චාමි බොස් හදුන්වලා දුන්න "අක්කියා" සංකල්පය.හැමදාම හුදී ජනයෙක් විදිහට ඉන්නෙ නැතිව වෙනසකටත් එක්ක චින්තකයෙක් වෙන්න හිතාගත්තු මුල්ගම්පොල  පුලස්ති වන මම වෙබ් අවකාසයට හදුන්වලා දෙන අලුත්ම සංකල්පය තමයි "ජංගියා" සංකල්පය.

ජංගියා සංකල්පය නිදසුනක් ඇසුරින් : -


"දලදා මාලිගාවට යන තරුණයෙකි.අව් කණ්ණාඩි පැළද පොෂ් පෙනුමෙන් යුක්තව ඔහු මාලිගා පරිශ්‍රයට ඇතුලු වන්න උත්සාහ ගනී.විලාසිතාවට අනුව ඔහු සිය ඩෙනිම් කලිසම හැද සිටින්නේ තරමක් පහලට වන්නටය.


මාලිගාවට ඇතුලු වන ස්ථානයේදී පොලිස් නිලධාරියෙක් ඔහුව පරික්ෂා කරන්නට පටන් ගනී.පරීක්ෂාව සදහා ඔහු සිය දෑත් උස්සන අතර පොලිස් නිලධාරියා ඔහුගේ කමිසය අත පත ගාද්දී එය මදක් ඉහලට එසැවේ.


එවිට අවට සිටින සියල්ලන්ට ඩෙනිම් කලිසමට යටින් දිලිසි දිලිසී තිබෙන ඔහුගේ ජංගියා දිස්වේ.


ජංගිය සුදු පැහැතිය.එය ඉලාස්ටික් පටිය ගෙවී ගිය තරමක් පරණ වුනු ජංගියකි.


දලදා මාලිගාව වදින්නට යන,පෙනුමෙන් පොෂ් නූතන පෙනුම තියෙන තරුණයා ගේ ඉරුනු කිලිටි ජංගියා අවට සිටින්නවුන්ගේ දෑසට එක මොහොතකට හසුවේ"

ඔන්න ඕක තමයි ජංගියා සංකල්පය.මේ සංකල්පය මාර ගැඹුරුයි නේද?පුලා අයියා ඉතින් ඉදිරිපත් කලොත් ඉදිරිපත් කොරන්නෙ ගැඹුරු විශ්ලේෂනයක් තමයි සහුර්දයිනි!!මේ යුගයේ දේසපාලනය කිරීම සදහා මෙම ජංගියා සංකල්පය ගැන කියවා නැවත නැවත කියවා හොදට අවබෝධ කරගන්නා ලෙස අපි ඔබට කියන්නෙමු.