Wednesday, September 29, 2010
පුලස්තිගෙන් ආත්මීය කෙටිකථා තුනක් / Three aathmeeya short stories from Pulasthi
Saturday, August 21, 2010
මර්වින් සිල්වා සහ සංඝ සම්මේලනය
Monday, August 16, 2010
එක්සත් ජාතික පක්ෂය - ගැහැනුද?පිරිමිද?නපුංසකද?
Wednesday, August 11, 2010
සිල්වා මර්වින් - ධෛර්යය අරගන්.නාඩා දැන් ඉතින් - හෙට දවස ජයගන්!
Tuesday, August 10, 2010
පුලස්ති සංදේශය - පුලස්තිගේ පලමු කාව්‍ය නිර්මානය
Sunday, August 8, 2010
සිංහලයාට නැති දෙමලාට තියන අමුතු පුරස්නෙ මොකක්ද?
Sunday, July 11, 2010
තිලීපන්ගෙ කොටි උපවාසෙ vs වීරවංසගෙ සැප උපවාසෙ
මාරාන්තික උපවාස ලංකාවෙ කොච්චර තිබිල ඇද්ද?උත්තරය දන්න කෙනෙක් අත උස්සන්න.
මාරාන්තික උපවාස කියන්නෙ මොනවටද?
ඉල්ලීම ලැබෙන කම් උපවාසය.නැත්නම් මරනය.මේක විහිලුවක් වත් ෆන් එකක් වත් නෙමෙයි.කෙලවර වෙන්න පුලුවන් එක්කො ඉල්ලීම් ලැබීමෙන්.නැත්තං උපවාසකාරයගෙ මරනෙන්.
දැන් එතකොට එහෙම "මාරාන්තික" උපවාස කොරල ලංකාවෙ කි දෙනෙක් මැරිල තියනවද?
උත්තරය දන්නව වුනත් අත උස්සන්න එපා.තමුන්නැහෙල දේසද්‍රෝහියො වෙයි.
එහෙම මලේ එකම එක කෙනයි.ඒ කොටි "ත්‍රස්තයෙක්" වුන තිලිපන්.
විමල් බොස් එක්සත් ජාතින්ගෙ සංවිදාන කාර්යාලෙ ඉස්සරහ කොට්ටෙකුයි මෙට්ටෙකුයි දාගෙන ඇත්තටම පත බෑ වි ගත්තෙ තිලිපන්ට තියන රැකෝඩ් එක කඩන්න බොක්කෙන්ම හිතාගෙනද?දෙයියො දනී .වීරවංස සහ ගෝඨාබය - එයාලත් දනී.හුදී ජනයා නම් නොදනි.
තමුන් අදහන දෙයක් වෙනුවෙන් බඩගින්නෙ ඉදල මැරෙන එක සෙල්ලමක් නෙමෙයි.
තිලිපන් අවුරුදු 23කට උඩදි කොරපු දේ කොරඥ්ඥං කියල විමල් බොස් උපවාසෙට සැට් වුනාය කියලම හිතමුකො.ඒත් ඒ කොටි ත්‍රස්තයාට තිබුන හයිය තමුන්ට නැතෙයි කියන එක වීරවංස ඊයෙ හැන්දෑවෙ පෙන්නුව.
ඉල්ලිම ලැබුනෙත් නැහැ.මැන් කි බුන් බලු මයිලෙකට ඉල්ලිම ගැන ගනන් ගත්තෙත් නැහැ.වීරවංස මලෙත් නැහැ. සාමාන්‍ය කොටි ත්‍රස්තයෙක්ට තිබුන හයිය ලංකාවෙ දේසප්‍රේමයට අධි ගෘහිත දේවතාවාටවත් නැති එක ගැන තමුන්නැහෙලයෙ කල්පනාව කොහොමද?
ඒක සිංහලයගෙ අභිමානෙට එච්චර සෙට් වෙන්නෙ නැහැ කියලයි පුලස්ති අවංකව හිතන්නෙ.
තිලිපන් කොරපු දේ වීරවංසට කොරන්න බැරි වුනේ ඇයි?හේතු දෙකක් හින්ද ඒක එහෙම වුනා.
වීරවංස තමුන් කොරනව කියන ෆයිට් එකේ ඉන්නෙ සරීරෙන් නෙමෙයි කටින් විතරයි.පහුගිය වංගියෙ විරවංස ගැන හාවක් හූවක් තිබ්බෙ නැහැ.මහින්ද චන්දෙ දින්නට පස්සෙ ටොයිලට් පේපර් එකක් වගේ මදේ නැති ඇමැති කමක් ඇගේ ගහල සින් එකෙන් අයින් කොරල තිබ්බ වීරවංසට ප්‍රසන්ට් මාර්ක් කොරගන්න තියන උවමනාව හැර වෙන කිසි දෙයක් මේ සිද්දියෙ පුලාට පේන්නෙ නැහැ.
ඇත්තටම මැරෙනකම් උපවාස කොරන්න තරම් මේ පුරස්නෙ බරපතල වෙලත් නැහැ.එහෙව් එකේ බිල්බෝඩ් අගනගරෙ පුරා ගහගෙන තමුන්නෙ නාම ආයෙ පත්තර හෙඩ්ලයින් වලට අරගෙන විරවංස කොලේ පොලිටිකල් ඇඩ් එකක්.මුන් කී බැන් කමිටුව අකුල නොගත්තත් මුන්නැහෙ උපවාසෙන් නැගිට්ට ඒකයි.මොකද මැරුනොත් මේ ඇඩ් එකෙන් එන සල්ලි ගන්න බැහැ.
2.තිලිපන්ට අත හරින්න ගොඩක් දේවල් තිබ්බෙ නැහැ.ඒත් විරවංසට අත්අරින්න ගොඩක් දේවල් තියනව.තමුන‍්නෙ සැප ලයිෆ් එක,හෝකන්දර මාලිගාව,ජවිපෙන් අයින් වුනාට පස්සෙ අමාරුවෙන් මේන්ටේන් කරගත්ත සුඛෝපභෝගී ෆිගර් එක - මෙව්ව දාල යන එක සෙල්ලම් වැඩක්ද?කොටි ත්‍රස්තයට තමුන්නෙ ලයිෆ් එක සැක්රිෆයිස් කොරන එක සිමපල් වැඩක් වුනාට "දේසප්‍රේමියා"ට එහෙම නැහැ.කොටි ලයිෆ් එකේ නැති අත් හරින්න අමාරු ගොඩක් ආතල් දේවල් දේසප්‍රේමී ලයිෆ් එකේ තියනව.
තමුන් අදහන අරමුනක් වෙනුවෙන් දේසපාලනේ කොරනවයි බිස්නස් එකක් විදිහට දේසපාලනේ කොරනවයි කියන්නෙ දෙකක් කියන එකයි තිලිපන්ගෙ උපවාසෙයි වීරවංසගෙ සහවාසෙයි අපිට උගන්නන පාඩම.
පලවෙනි කෙනාට උපවාසෙ කියන්නෙ දේසපාලන විරෝදය දක්වන මෙතඩ් එකක්.දෙවනියාට උපවාසෙ කියන්නෙ බිස්නස් එක ප්‍රමෝට් කොරගන්න ඇඩ් එකක්.පලවෙනි කෙනාට ජිවිතේ කියන්නෙ දේසපාලනය.දේසපාලනේ වෙනුවෙන් ජිවිතේ සැක්රිෆයිස් කොරන එක ඒ හින්ද කොරන්න පුලුවන්.දෙවෙනි කෙනාට දේසපාලනය කියන්නෙ ජිවිතේ ගෙනියන්න තියන සැප ක්‍රමයක්.දේසපාලනේ හින්ද ජිවිතේ කැප කොරන එක ඒ හින්ද මේ ආත්මෙට වෙන්නෙ නැහැ.
විරවංසගෙ ඇඩ් එක සිරා වැඩක් කියල හිතාගෙන චියර් දාන උන්නැහෙල ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි.රට ජාතිය ගැන කටින් මොන ටෝක් දුන්නත් මැරෙන්නම උපවාසයක් කොරන්න කතා කලොත් ඔය එක මද්දියම පංතික ජාතිප්‍රේමියෙක් පැත්ත පලාතක එන්නෙ නැහැ.තමුන්නෙ සැප ජීවිත අත්අරින එක එච්චර ලේසි සෙල්ලමක් නෙමෙයි.
අපිව අන්දවන්න එන අයගෙ ඇන්දවිල්ල පෙන්නන්න - වීරවංස කොලා වගේ මෝඩ ඇඩුත් සිරා කියල හිතාගෙන රැවටෙන උන්නැහෙලා ඉන්න රටක සාක්සරතාවෙ 95% වුන එක මොන තරම් විහිලුවක්ද කියුවනං?
Friday, June 25, 2010
අතකින් බැන්කිය අතකින් රජපසය.මරන තුනක් ඇති පුලස්ති පැනි කෑය
Friday, June 18, 2010
ප්‍රභාකරන් පවුලයි රාජපක්ෂ පවුලයි
Sunday, June 13, 2010
කවන්ධය බැසිල්ගේය - ඔලුවයි ආත්මයයි සජින් වාස් ගුනවර්ධනගේය
Saturday, June 12, 2010
ආන්ඩුව අධෝමුඛයේ ඇගිලි ගහන විට සනිපයි අනේ තව තව කියන ඇත්තෝද මෙසිරිලක දිවි ගෙවති
Thursday, June 10, 2010
ඉරිදා ටියුෂන් තහනම හෙවත් ආන්ඩුව මිනිසුන්ගේ අධෝමුඛයන්හි ඇගිලි ගැසීම
Tuesday, June 8, 2010
දේසප්‍රේමී වීර සිංහලයිනි - දැන් සංස්කෘතිය ඔට්ටු නැද්ද?
Friday, June 4, 2010
ස්වයං වින්දනයයි බ්ලොග් ලිවිල්ලයි
Wednesday, June 2, 2010
අලුත් නිදහස දෙමල ඉරනම ජවිපෙ ගියර් මාරු කිරීම - මාතාකා තුනක් එකම ලිපියක ( 3 in 1 )
යුද්ද කාලෙදි ටීවි එකෙන් යුද්දය බැලුව.යුද්දෙට පස්සෙ කිරිබත් කෑව.ඊට පස්සෙ ආතල් එකක් ගන්න යාපනේ ගියා.ගිහින් පොටෝ ගැහුව.ආපහු ගෙදර ඇවිත් පොටෝ ටික ඇල්බම් වල ඇලෙව්ව.
අපේ බුවාලගෙ ආතල් එක ඔච්චරයි.
යුද්ධයේ ගින්න ඇවිලිලා ඇවිලිලා යද්දී අතට අහුවුන දෙයක් අරගෙන පෝලිම් ගැහිල ෂෙල් වෙඩි මැද්දෙ අනාථ කදවුරු වෙත ආව දාස් ගනන් දෙමල මිනිස්සු දැක්කම කදුලක් ඉනුවෙ නැති ඇස් දෙකක් මොකටද?
ජීවිත කාලයක් තිස්සෙ රැකබලා ගත්ත දේවල් වලට කෙල වෙලා තමන්ගෙ ලගම නෑයොන්ගෙ ජීවිත අත් පා සරීර නැතිවෙලා ජීවිතයක් අනාගතයක් නැතිව සරනාගත කදවුරු වල ගාල් උන දාස් ගනන් මිනිස්සු දැක්කම හුස්මක් නොනැගුනු හදවතක් මොකටද?
හැබැයි දකුනේ ඇස් කීයක ඇත්තටම ඒ වගේ කදුලු පිරුනද?දකුනේ හදවත් කියක ඒ වගේ සුසුම් නැගුනද?
මිත්තරවරුනි පුලස්ති කවියෙක් වෙන්න යනවද කියල හිතන්න එපා.ලගදී යාල්පානම් ගොහින් ආපු පුලාගේ සගයෙක් උතුරේ රියැලිටිය පුලාගේ මවිල් කෙලින් වෙන විදිහට විග්රහ කොලා.හැමදේම සුන්නද්ධූලි වෙලා තියෙන හැටි.යලි පදිංචි කොරනව කියල තහඩු කෑලි කීපයක් දීල පාරවල් දෙපැත්තෙ මිනිස්සු බල්ලො වගේ දාල තියෙන හැටි.මිනිස්සු හිගන්නො වගේ දකුනෙන් එන සංචාරක බුවාලට මොනා හරි දෙයක් විකුනගන්න ගිනි අවුවෙ වේලෙන හැටි.ඒව නොදැක්ක ගානට දකුනෙන් ට්‍රිප් යන බුවාල ෆන් රසය බිබී සන්ග්ලාස් වලින් සැරසී සැප ගන්න හැටි.පොටෝ ගන්න හැටි.
යාපනේ දහම් අමාවක් ගන්න හමුදාවටයි සංචාරකයන්ටයි තියෙන අයිතිය ගැන උගුර බැරෑඩි කොරගන්න බුවාල ජීවිත කාලකන්නි වෙලා තියෙන මේ පහල පැලැන්තියෙ බුවාලගෙ අයිතීන් ගැන ආසාවකට කතාකොරන්නෙ නැත්තෙ මොන හේතුවටද?
මේක අසංවේදීකමද?වර්ගවාදයද?
නැත්තං ඒ දෙකමද?
වස්සාන සිහිනයේ කතාව ගැන කටපාඩමින් දන්න අපෙ බුවාල කී දෙනෙක් ද්වාරකාගේ කතාව ගැන දන්නවද දන්නෙ නැහැ.ද්වාරකා කියන්නෙ පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගත්ත දෙමල සිස්යාවක්.ගම පුලාගෙ මතකෙ හැටියට කිලිනොච්චියෙ.මෙයාව යුද්දෙ අහවර උනාට පස්සෙ අත්අඩංගුවට ගන්නව.කිලිනොච්චිය ඉන්න කාලෙ කොටි එක්ක සම්බන්දකම් තිබ්බ කියන එක තමයි චෝදනාව.
අස්සට ගත්ත මේ තරුන සිස්යාව තවම ඇතුලෙ.
යුද්ද කාලෙ තිබ්බ වටපිටාව හින්ද අකමැත්තෙන් සමහරවිට කැමැත්තෙන් උනත් උතුරේ කෙනෙක් කොටි එක්ක ෆයිට් එකට සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි.ඒක දකුනෙ කෙනෙක් හමුදාව එක්ක සෙට් වෙනවට වැඩි වෙනසක් නැහැ.ඒත් යුද්දෙ ඉවර උන කාලෙක මේ සාමාන්‍ය මිනිස්සු පස්සෙ පන්න පන්න ඒ අයව හිර කොරන එක කොච්චර හරිද කියල පුලා කල්පනා කොරනව.දේසපාලන හේතු උඩ හිරේට අරගෙන තාම චෝදනාවක්වත් හරියට ගොනු කොරන්නෙ නැතිව රැදවුම් බාරයෙ ඉන්න දහස් ගනන් දෙමල තරුනයො ඉන්නව කියල පුලස්ති නිව්ස් අයිටම් එකක් දැක්ක.වැලිකඩ හිරගෙදර සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් කියල එක අවුරදු 33ක තරුනයෙක් අවුරුදු දාහතක් මේ විදිහට චෝදනාවක් නැතිව නඩු විභාගයක් නැතිව හදිසි නීතිය ඇතුලෙ හිරේ ඉන්නව කියල නිව්ස් එකක් දැක්කම පුලා හොල්මං උනා.
චෝදනාවක්වත් නැතිව අවුරුදු දාහතක් හිරගෙදරක ඉන්න එක!ලෝකයට අවුරුදු දාහතක් අන්දකාරෙ ඉන්න මේ මනුස්සයා එක මනුස්සයෙක් විතරක් වෙන්න පුලුවන්.ඒත් ඒ මනුස්සයට ඒ අවුරුදු දාහත කියන්නෙ මුලු ලෝකෙම නේද?මුලු තරුන කාලෙම නේද?
යුද්ද කාලෙදි දෙමල මිනිස්සු දෙවර්ගයක් රටින් පිටවෙලා ගියා.යමක් කමක් ඇති ඈයො යුරෙොපෙට.යමක් කමක් නැති ඈයො ඉන්දියාවට.තමිල්නාඩුවට ගිය දාස් ගනන් ඒ වගේ දෙමල මිනිස්සු තාම තමිල්නාඩුවේ සරනාගතයො විදිහට ඉන්නව.යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුද්දක්.මේ මිනිස්සු මිනිස්සු නෙමේ මිනිස් දූවිලි ගානට දාල.එයාල ලංකාවෙත් සිටිසන් නෙමේ.ඉන්දියාවෙත් සිටිසන් නෙමේ.රටක් නැති මිනිස්සු කියන්නෙ මිනිස් දූවිලි නේද?
මනිරත්නම් ලොක්ක මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන චිත්තරපටියක් කාලෙකට උඩදි හදල තියෙනව කියල පුලස්ති අහල තියෙනව.
පුලා අහන්නෙ මෙච්චරයි.එක බල්ලෙක් මේ ගැන කතා නොකරන්නෙ මක්කෙයි?
මානුසික හදවත් උනුකරන නිව්ස් විකුනන සුවර්නවාහිනියේ කැමරාව ආසාවට මේ මිනිස්සුන්ගෙ පුරස්න දිහා දික්වෙන් නැත්තෙ මක්කෙයි?කොහෙ හරි පාරක් බෝක්කුවක් කැඩුන එක ගැන ඩොකියුමෙන්ට්රි කොරන සිරස විමර්සන අවධානෙ මේ අන්ධකාර ජීවිත ගැන කතානොකරන්නෙ මක්කෙයි?
ජවිපෙ රෙඩ් කොම්රේඩ්ලා ගියර් එක මාරු කොරල ස්ටියරිං එක වෙන පැත්තකට හරෝල තියෙන්නෙ මේ අතර.
ඉන්දියාවෙ සරනාගත පුරස්නෙ ගැන ගිය පාර්ලිමේන්තුවේ විසේස කමිටුවක් දාන්න බිමල් රත්නායක බොසුයි රාමලිංගම් චන්දරසේකරන් බොසුයි යෝජනා කොරල වැඩ කොරල තිබ්බා.
( හැබැයි අපේ කෙලෙහිගුන දන්න ජනතාව එයාලගෙ අදෝමුඛයට ගහල අයින් කොරල මුතුහෙට්ටියා මරුවියා වගේ බුවාල පත්කොරගෙන තිබුන චන්දෙදි.නිකම් නෙවි.ලක්ස ගානක් මනාප දීල.සුබ අනාගතයක්!)
ද්වාරකා ගැනයි අනිත් රැදවුම් භාරයේ ඉන්න දෙමල තරුනයො ගැනයි ලොකු කැම්පේන් එකක් අන්තර් විස්ස විද්දියාල සිස්යබල මන්ඩලෙන් කොරනව පුලා නිව්ස් වලට දැක්ක.විස්ස විද්දියාල අස්සෙ රැග් කොරල මානසික රෝගීන් සක්කිලි ආතල් ගන්න වැඩේ අන්තරේ ඩිෆෙන්ඩ් කරන එකට පුලා ෆුල් එගේන්ස්ට් වුනත් මේ වැඩේට නං පුලස්තිගෙ සම්පූර්න සැලියුට් එක.
මේ අලකලංචි මැද රාමලිංගම් බොස් පහුගිය දාක කොලඹදි අතුරුදහන් උන දෙමල කොල්ලොන්ගෙ අම්මලා තාත්තලා හම්බෙලා ඒ අයගේ පුරස්න ගැන කතාකොරල තියෙනව.මේ අම්මලා තාත්තලා ආරංචියක් නැති තමන්නෙ පුතාලගෙ පින්තූර උස්සගෙන අඩා වැලපෙන හැටි දැක්කම පුලාට එකපාරට මතක් උනේ භීසන කාලෙ.එදා සිංහල අම්මලාගේ විලාපයයි මෙදා මේ දෙමල අම්මලාගෙ විලාපයයි ගත්තම තියෙන වෙනස මොකක්ද?
මේ උදවිය හම්බුනාය කියල රාමලිංගම් බොස්ව හමුදාවෙන් පුරස්න කොරලත් තිබ්බ.මහරජතුමා යුද්දෙට පස්සෙ ජාතිබේද සුද්ද කොරන්න යන හැටි නියමයි.දුකට පත් වුන ඈයොන්ගේ පුරස්න ගැන කතාකොරන උදවියගෙන් පුරස්න කොරනව.යාපනේ සොහොන් බිම් බුල්ඩෝසර් කොරල ඒවයෙ සුපර්මාකට් ගහන්න පැලෑන් කොරනව.ප්‍රබාකරන්ගේ ගෙදර සමතලා කලාම යාපනේ බලෙන් වෙසක් එකක් සැමරුවාම ජාතිබේද සමනය වෙලා නිකම්ම උතුර දකුන යාවෙයි කියල වෙන්නැති මේ උදවිය හිතාගෙන ඇත්තෙ.නීති උපාධියයි සාහිත්‍යය උපාධියයි වෙනුවට මුන්නැහෙලට සාමාන්‍ය දැනීම උපාදියක් දුන්න නං අඩුම තරමින් මීට වැඩිය මැචුවර්ඩ් විදිහකට කල්පනා කොරල බලන්නවත් මුන්දැලා යොමු වෙයි කියලය පුලා හිතන්නෙ.
තමිල්සෙල්වම්ගෙ ඔලුවට බෝම්බ වැටෙන එක ගැන තලු මර මර කතාකොරපු දෙමල මිනිස්සුන්ගෙ පුරස්න ගැන කෙල බිංදුවක් නොහෙලපු වීරවංසලා කොමාන්ඩ් කොරපු ජවිපෙ ගියර් මාරු කරපු එකට මොනව වුනත් පුලා මනාපයි.ද්වාරකාගේ පුරස්නෙ වගේ පුරස්න ගැන හරි විස්තරයක් පුලස්ති දැනගත්තෙත් උන්දැලාගෙ කැම්පේන් එක හින්ද.අඩුම තරමින් දෙමල චන්ද වැඩිපුර ගන්න අලියත් මේ වංගියෙ කට බලියගෙන අස්සෙ පුරස්න හදාගෙන නලිය නලිය ඉන්නව මිස මේ ගැන නෝ කතා නෝ සිනා.
මේ දෙමල අයගෙ පුරස්න ගැන අපිත් ඇහැක් විදිහකට මක්ක හරි කොරන්න ඕනෙය කියලයි පුලා කියන්නෙ.බොලොග් එකට පෝස්ට් එකක් දාල මේ වෙලාවෙ පුලාට කොරන්න පුලුවන් දේ පුලා කොරා.
තමුන්නැහෙලත් පුලු පුලුවන් විදිහට මොන මොනව හරි කොරන්න බැලුවොත් නේද හොද?
Monday, May 31, 2010
නෝ ෆ්‍රේම්ස් - කලබල නොවන්න.උඩ නොපනින්න.මෙත් සිත් වඩන්න.මෙන්න සැදැහැවතාට උත්තර
ඇත්තටම තද වෙලා තියෙන්නෙ නෝ ෆ්‍රේම්ස්ටද මිගාරටද කියල පුලස්තිට තාම හරියට නිච්චි නැහැ.පුලාට කෙලෝල ලියපු උඩ තියන රචනාවෙ කත්රුගෙ නම නෝ ප්‍රේම්ගේ උනාට පුදුමෙකට වගේ එලියට එන්නෙ අපේ ආදරබර මිගාර දොස්තර බොස්ගෙ කටහඩ.එහෙම නැතිව පරන තරහ තියාගෙන බනින බජාර් සගයෙක් වගේ පුලා මීට කාලෙකට උඩදි දාපු පෝස්ට් එකක් ගැන මිගාර බොස්ට පුලා එක්ක තියෙන ඇරියස් එකක්,තමන්ගේ පෝස්ට් එකකින් ඇරගන්න නෝ ප්‍රේම්ට මඤ්ඤංය?
එහෙම නෙමෙයි නං මිගාරයි නෝ ප්‍රෙමුයි කියන්නෙ දොස්තර ජෙකිලුයි මිස්තර හයිඩුයි වගේ එකෙක්මද?
දෙයියො දනී පුලා නොදනී.
( අතුරු කතා - මිගාර බොස්ට දෙන්න හැබැයි පනිවිඩයක් තියනව.දැන් හිංගල අලුත් අවුරුද්දත් අහවර උන එකේ ඔය පරන ඇරියස් අමතක කරල සන්සුන් වෙන්න.ඒ බොලොග් ලියවිල්ල උනත් මම බොස් ගැන තරහෙන් ලිවුව එකක් නෙමෙයි අපි දෙන්නගෙ සමානකම් ගැන ගෞරවෙන් ලියපු එකක් නෙ.ඒ හින්ද හිත නරක් කරගන්න එපා කොල්ලො ඔච්චර:D )
මගේ පරන ලියවිල්ලෙ යට කොමෙන්ටුවක් දාන පෙරමුනේ රාල "මෙන්න ඔයාට උත්තර" කියල නෝ ප්‍රේම්ගේ ලිපියෙ ලින්ක් එක දාල තිබ්බ.මේ සැදැහැවතුන් ඇත්තටම පුලස්තිගෙ උත්තරයක් බලාපොරොත්තු වෙනව ඇති නෙව.මේ විජ්වතුන්ගේ ගානට පුලාවත් වැටෙන එක ගැන මොනා නැතත් මාර ආතල්.ඒ ආතල් එක තියාගෙන ඔන්න පුලස්තිත් දෙන්නං උත්තර.
පුලා ගිය පාර ලියුම ලියුවෙ ඇයි?
ලංකා 1 බොලොග් එකක් අටෝගෙන උන්නැහෙගෙ ආගම ගැන ලිය ලිය හිටිය.ත්‍රිපිටකේටත් කිංඩි දැම්ම.ඒකට රෙස්පොන්ස් විදිහට ලංකා 1ට නෙමේ මුලු මුස්ලිම් සංහතියටම මරාගෙන මැරෙන මයිල් කෙලින් කරවන බොලොග් අවකාසෙ කලඹවන කලඹලා ආයෙ ආයෙ හොල්ලන විදිහෙ ප්‍රහාරයක් පෙරමුනේ රාලගේ අටුවාවෙන් කරන්න ගත්තා.මේ ප්‍රහාරෙට ලංකා 1 විතරක් නෙවි බුද්දාගමේ සමහර දේවල් පුරස්න කොරපු ( කිරිබත්ගොඩ ඥානානන්ද සුවාමීන් වහන්සේ ) ඇටමැස්සා,බියොන්ඩ් ෆ්‍රේම් විතරක් නෙවි,ඉතිහාසය ගැන අලුත් විදිහකට ලියපු පිටස්තරයා 2,විතරක් නෙවි තමන් සිවුරෙ ඉද්දි ලබපු ඇත්ත අත්දැකීම් ලබපු තරිදු කොල්ලා පවා අහුවුනා.
( සැප බඩු ගහන කොල්ලා - දොස්තර ජෙකිල්ටයි මිස්තර හයිඩ්ටයි මාර ලිංගික ඊරිසියාවක් නෙව බුදු අප්පචිච්යේ තියෙන්නෙ )
මේ ප්‍රහාරෙ මොන වගේ ප්‍රහාරයක්ද?බොලොග් අවකාසේ ධූවිලි ඇවිස්සුනා කිව්වෙ නිකං නෙමෙයි.බොලොග් අවකාසේ කැලඹෙනව කිව්වෙ නිකං නෙමෙයි.
උපුටන දෙකක් විතරක් දෙඤ්ඤං.
We can’t give development to the unarmed terrorists in the Country who are trying to seize this country by overpopulating themselves to become majority.
අපිට අවශ්‍යයි අළුත් කලු ජූලියක් , මේ තුප්පහි නීච පහත් ඉස්ලාමය ලංකාවෙන් අතුගාල දාන්න ඒක ලොකු උදව්වක් වේවී.
මේ පිටියෙ අප්පු නමින් කමෙන්ට් දාන උන්නැහෙ (රාලගෙ අටුවාව කියන එකේ සම කත්රු ) පල කරල තිවුන කොමෙන්ටු දෙකක්.
එකකින් මේ රටේ ඉන්න ලක්ෂ ගානක් මුස්ලිම් මිනිස්සු "ආයුද නැති ත්‍රස්තවාදින්" කියල හංවඩු ගහනව.අනෙකෙන් කලු ජූලියක් ඇති කරල ඒ තුප්පහි නීච ජාතිය ලංකාවෙන් අතුගාල දාන්න ඕනෙ කියනව.
බෞද්දයෙක්ට තියා හොද සිහියෙන් ඉන්න මෙලෝ බුවෙක්ට කියන්න පුලුවන් කතාවක් නෙවි මේක කියන එක ක්ලියර් නේද?ආගමික පිස්සුවකින් පරල වෙලා අනිත් වර්ගය සමූලඝාතනය කරන්න විනාස කොරන්න යෝජනා කොරන මේ වීරයන්ට පොඩි දෙයක් විතරක් මතක් කොරල දෙන්නයි පුලාට ඕනෙ උනේ.උන්නැහෙලා උඩ දාන ආගමෙත් ඇද කුද තියනව.ඉස්ලාමය වැරදි කියල ඒක සමූලඝාතනය කොරන්න ප්‍රපෝස් කොරන ඇත්තොන්ට තමන්ගේ ඇදෙත් පෙන්නුවම තමයි පුලා හිතන විදිහට වැඩේ හරි.ආගම් යුද්ද වල බොල් ගතිය හෙලිකරන්න පුලුවනිත් එතකොට තමයි.
පෙරමුනේ රාලලා මරාගෙන මැරෙන්න එන බුද්දාගමේ අවුල් තැන් කීපයක් පෙන්නන්න පුලස්ති ට්‍රයි කොරේ මේ හින්ද.පෙන්නනවනං මීට වඩා තැන් හෑව්.ඒත් මේ සදහනක් විතරයි.මෙන්න මෙතනදී පෙරමුනේ රාලලා ඩිෆෙන්සිව් වෙනව.අපි ආගම කියන්නෙ ත්‍රිපිටකේට විතරයි කියනව.ඒවයේ පූජකවරු අනුගාමිකයො සැදැහැවත්තු කොරන දේවල් ආගම නෙමෙයි කියල බැක්ෆුට් ඩිෆෙන්ස් එකක් ගහනව.ආගම කියන්නෙ පොත විතරයි නං බියොන්ඩ් ප්‍රේම්ගේ බොලොග් එකේ කමෙන්ටු වල කිරිස්තියානි පූජකයො පූජා තියන්න ගිහින් මැරුන බවලත්තු ගැන ලියුවේ මොකටෙයි?
මේ ඒ වගේ කොමෙන්ටුවක්-
//ඇට නැති මැස්සා යාඥා මධ්‍යස්ථාන වල මිනිසුන් මැරෙන විට සිටියේ කටත් පුකත් දෙකම වසා ගෙනයි. ඒ මරඛ වලට පාදිලියා වග කියන්න ඕන නැතුව ඇති!//
( මේ කමෙන්ටුව දාල තිබ්බෙ හෝමෝ සේපියන් නමින් උනාට බාසාව කාගෙද කියල පැහැදිලි නෙව.භිසන කාලෙ වගේ.කොල බලල්ලු කහ බලල්ලු ප්‍රා ඝ්‍රා නං ගොඩයි.හැබැයි ගේම දෙන්නෙ එකම සෙට් එක )
පුලස්තිගේ නිර්වචනේ පුලුල්.ආගම කියන්නෙ පොත විතරක් නෙවි.පෙරමුනේ රාල ආගම = පොත කියල බැක්වර්ඩ් යන්නෙ එහෙම නැතිඋනොත් ආගමික පූජකයන්,ආගමික සංස්ථා කොරපු වැරදි වැඩ තියෙනව ඒව පිලිගන්න වෙනව ඒක තමුන්ට අවාසියි කියල හිත ඇතුලෙන් දන්න හින්ද.මේක තව ඉස්සරහට ගෙනියමු.හිට්ලර් ගොයිය ලිව්ව මයින් කාම්ෆ් කියල පොතක් 1920 ගනන්වල.මේක තමයි නාසි බුවාලගේ මූලධර්මය.ඒක උඩ වැඩ කරපු පොරවල් තමයි මිලියන ගානක් යුදෙව්වො ගෑස් කොරේ.(පිටියෙ රාලට මුස්ලිමුන්ට කොරන්න ඕනෙ කොරල තියෙන්නෙත් ඒ වගේ එකක් නෙව )
මේක පෙන්නල නාසිවාදය වැරදි කොරල තියෙනව කියල කවුරුහරි කීවම තව ලොක්කෙක්ට කියන්න පුලුවන් අනේ නැහැ නාසිවාදෙ කියන්නෙ මයින් කාම්ෆ් පොත ඒකෙ ඔය ගෑස් කොරන කතා නැහැ ඒව කොරේ අනුගාමිකයො දර්සනේට මුකුත් කියන්න එපා කියල.ආතල් තර්කෙ නේද?නැහැ.නාසිවාදෙ කියන්නෙ පොතටයි පතටයි ඒව ඔලු උඩ තියාගෙන වැඩ කොරපු සියලු සතටයි සේරටම.ආගමත් එහෙමයි.
බුද්දාගම කියන සංස්ථාව වැරදි කොරේ නැද්ද එතකොට?කරන්නැද්ද එතකොට?කරනව.මේකයි පුලාගෙ ආගියුමන්ට් එක.අනිත් එකාගෙ මල්ලෙ ලුනු ගැන කතාකරන්න නං අපි සුද්ද වෙන්න ඕනෙ.ඒත් අපි කවුරුත් සුද්ද නැහැ.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු.එහෙම තියාගෙන අනිත් උන් හාස්‍යයට ලක්කරල බැහැර කරන්න ඕනෙ,උන් තුප්පහියො නින්දිතයො කලු ජූලියකින් උන්ව අතු ගාල දාන්න ඕනෙ කියල කියන එක බොලේ බොල් වැඩක්.
ඒ ආගියුමන්ට් එක උඩ පුරස්න හයක් විතරක් පුලා ලිව්ව.කලින් කිව්ව වගේ දානව නං තව පුරස්න හෑව්.ඒත් මේ හය දැම්මෙ ආගම් වෛරයෙන් අන්ධ වෙලා ඉන්න බුවාලගේ ඇහැට ඇනල තමනුත් හෙලුවෙන් කියල පෙන්නන්න.
ඒකට නෝ ෆ්‍රේම්ස් දෙන උත්තර වලට ලොකු ප්රති උත්තර දෙන්න ඕනෙ කමක් නැහැ.කෙටි උත්තර ටිකක් දෙඤ්ඤං.
1.ආන්ඩුව දහදෙනෙක්ගෙන් නමදෙනෙක් හින්දු / කතොලික යාපනේ තකහනියක් මහ විසාලෙට දහම් අමාවක් හමුදාව යොදෝල ගන්නව.මේව ආගමෙන් අන්ද වුන පිස්සො ටිකක් දකින විදිහ නෙමෙයි ඒ පැතිවල මිනිස්සු දකින විදිහයි වැඩිය වැදගත්.බෞද්ධයො සීයට අනූවක් අනූපහක් ඉන්න ගමක ආන්ඩුව මහා පරිමාන විදිහට ඉන්වෙස්ට් කොරල හමුදාව දාල නත්තල් උත්සව දානකොට ගමේ මිනිස්සුන්ට ආතල්ද?තමන්ගේ ගම්බිම්බවලට බෝම්බ දාපු හමුදාවක් විදිහටයි හමුදාව ගැන සාමාන්‍ය දෙමල මිනිහ හිතන්නෙ හරි හෝ වැරදි.එහෙම වෙලාවක ආන්ඩුව බලහත්කාරයෙන් මෙහෙම වැඩ කොරන කොට ඒව ඒ මිනිස්සුන්ට දැනෙන්නෙ ආක්‍රමන විදිහට තමයි.මේව කොරන්නෙත් තමන්ගේ හයිකාරකම පෙන්නන්න තමයි.
2.ලංකා 1 බොලොග් එක ත්‍රපිටකේ පුරස්න කරද්දි ඒක කොරපු විදිහක් තිබ්බ නෙව.බුද්දාගමේ උන් මී හරක්,උන් ත්‍රස්තවාදීන්,උන්ට කෙලවන්න ඕනෙ,කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ වගේ ටෝක් එතන තිබ්බෙ නැහැ.ලංකා 1 පුරස්න ටික මොන්ටිසෝරි පුරස්න ටිකක්.හැබැයි මොන්ටිසෝරි පුරස්න ටික සංයමේ තියාගෙන අහල තිබ්බ.
ඒකට පෙරමුනේ රාලලා රිඇක්ට් කොරපු හැටි කොයිතරම් හරිද?උත්තර දෙන්න ඕනෙ නං උත්තර දෙන්න ඕනෙ ක්‍රමයක් තියනව.අනෙකා කොන කැපූ එකා අන්ආම්ඩ් ටෙරරිස්ට් කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ කෙනෙක් කියල රිටර්න් දෙන එක ෆුල් සාටර්.බජාර් එකේදි වුනත් ගේම දෙන්නෙ ගේම ඉල්ලන එකාට.හෙල උරුමෙට බයිබලේ පුරස්න කොරන්න පුලුවන් නං මොන්ටිසෝරි තාලෙට හරි කමක් නැහැ වෙන එකෙක්ටත් ත්‍රිපිටකේ පුරස්න කොරන්න පුලුවන්.
3-තුන්වෙනි පුරස්නෙ සෝමාවති සිද්දිය ගැනය.කිරිස්තියානි දර්මේ අවුල් ගැන දිවඉනටයි රාලගෙ කල්ලියටයි ටෝක් දෙන්න ඇහැක් නං බුද්දාගමේ නමින් වෙන අවුල් ගැන බියොන්ඩ් ෆ්‍රේමට හරි ඇටමැස්සට හරි කතාකරන්න බැරිද කියල ඇහුවම නෝ ප්‍රේම් දෙන උත්තරේ රාලගෙ අටුවාවෙ ඒව ගැන කතාකොරල නැති බවයි.පුලා ලිව්වෙ රාලගෙ අටුවාව ගැන සාහිත්තිය විචාරයක් නෙවි.රාලලාගෙ කල්ලිය අරගෙන යන ආගමික යුද්ධය ගැන.රාලලගේ කල්ලියෙ පොරක් හෝමෝ සේපියන් නමෙන් බියොන්ඩ් ප්‍රේම්ගේ අඩවියේ කිරිස්තියානි මරන ගැන අහල තිබ්බ.මේ වගේ පුරස්න වලට වෙලාව වියදං කොරන එක පුලස්තිට කම්මැලි වැඩක්.එත් පවු නෙව.විජ්වතුන්ගෙ පුරස්න වලට ගෞරවේ තියන්න එපැය.
4-බුද්දාගම ව්‍යාප්තියේදි හිංසනය යොදාගත්තද නැද්ද?අනිත් ආගම් එක්ක බලද්දි අඩුයි කියන එකට පුලා සර්වාංගයෙන් එකගයි.ඒත් ඇත්තෙම නැද්ද?
ගෝඨාභය රජතුමාගේ කාලේ පිටේ හන ගහල මහායනික හාමුදුරුවරු බැනිෂ් කොරේ නැද්ද?අවුරුදු ගානක් තිබ්බ මහායානේ මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සෙ බිංදුවට වැටුන.ඉතිරි බිතිරි ටිකක් විතරයි ඉතිරි වුනෙ.ගිරි කියන නිගන්ටයගෙ සිද්දස්තානෙ කුඩු කරල අභයගිරිය හැදුවෙ.ඉන් රිටර්න් ගේමක් දෙන්න සංඝමිත්තර හාමුදුරුවො මහාවිහාරෙ කුඩු කලා.බිසවක් වහ දීල සංඝමිත්තර මැරුව.අබයගිරිවාදී මහසෙන්ට විරුද්දව ආගම වෙනුවෙන් මේගවර්න කැරලි ගහනව.දුටුගැමුනු යුද්ද කලේ සාසනය උදෙසා කියන්නෙ පුලස්ති නෙමේ මහාවංසෙ.ලේ හැලුන්නැද්ද?මිනී මැරුන්නැද්ද?දුටුගැමුනු මැරුවෙ මිනිස්සු එකහමාරයි කියල මහනාම හාමුදුරුවො ලිව්වෙ මැරුන අනිත් උන් දෙමල හින්දනෙ.
මේ සබ්ජෙක්ට් එකේදි බුද්දාගම = ඉස්ලාම් හරි කිරිස්තියානි හරි කියල කියන්න පුලා අන්තෙකට යන්නෙ නැහැ.ඒත් බුද්දාගමේ ඉතිහාසයෙත් කලු මාක්ස් හෑව්.නැතෙයි කියන්න බැහැ.
ඉතිහාසෙ මක්ක උනත් දැන් ඉන්න සමහර සැදැහැවත්තු පල්ලිවලට කෙලින එක,බෝම්බ ගහන එක ගැන නං හැබැයි ඕනෙ තරං කතාකොරන්න පුලුවං.සර්දාවෙන් උමතු වුන මුස්ලිම්කාරයෝ පිටරටවලදී අපරාධ කලා වගේ තමයි සර්දාවෙන් උමතු වෙලා පල්ලි වලට කෙලින,සිරසට මහ දවල් ගල් ගහන,සාරුක්ට බෝම්බ ගහන මේ සැදැහැවත්තුත් එක ඇවරියෙ කෙහෙල්.
5-පස්වෙනි පුරස්නෙ ඇහුවෙ බුද්දාගමෙ තියන ආතල් මිත්‍යාවක් ගැන.විද්යාව පාවිච්චි කොරල තමන්ගෙ ආගම හරි කියන්න හදන එක ඉස්ලාම්කාරයොත් කරනව.බුද්දාගමේ ඈයොත් කරනව.
(නව යුගයේ ආගම විද්යාවයි කියල දෙගොල්ලම මේ හින්ද පිලිත්ගන්නව)
දෙවිවරුන්ගෙ නායක සක්‍රයා ගැන පෙරමුනේ රාලගේ අටුවාවෙම මොකක්දෝ බයිලයක් තියනව පුලස්ති දැක්ක.මේ වගේ මිත්‍යා හැම ආගමේම තියනව.ඉස්ලාමයෙත් තියනව.බුද්දාගමෙත් තියනව.පැරරල් වර්ල්ඩ් ගැන නොදන්න බයිලයක් ගහන්න ගියාට වැඩේ අවුල් කියල නෝ ෆ්‍රේම්සුත් දන්නව.වයිඩ් බෝල්.ඒකට අපි යන්න අරිමු.
6-ඊලග පුරස්නෙ ආගම්වල ලමා අයිතින් ගැන.
//දරුවකුගේ ආගමික නිදහස අහිමි කිරීම කෙතරම් සාධාරණද? නමුත් ඉස්ලාම් යනු අන්ත අසාධාරණ ආගමක් හෙයින් මේ ප්‍රශ්න ඔවුන්ට පැන නොනගී. දෑස් හැර බලන්න, ඔබට ඉස්ලාම් ආගම අතහැරීමට මේ කාලයයි.//
නෝ ප්‍රේම් තමන්ගේ පරන ලිපියක මෙහෙම අහද්දි ඇහේ කදුලු එනව.ඉස්ලාමයේ ආගම් අයිතිය නැති කොරන හින්ද මුස්ලිම්කාරයොන්ට ප්‍රපෝසල් එක ආගම අතහරින්න.දරුවන්ගේ ආගමික අයිතිය නැති කරන්නෙ ඉස්ලාමයේ විතරයි වගෙ කියල හිතාගෙන ඉන්න හින්ද තමයි පොඩි කාලේ හය හතර නොදන්න බටු ඇට මහන කොරන එක ගැන පුලා ලියුවෙ.
දාසයට අඩු පොඩි උන් මහන කොරන එක වැරදියි කියල ඒ පාර පුලාට උත්තර දෙන නෝ ෆ්‍රෙම් උන්නැහේම කියනව.එතකොට වැරදි දෙයක් බුද්ද සාසනේ වෙනව කියල නෝ ප්‍රේම් පිලිගන්නව නෙව.ඉස්ලාමයේ ලමුන්ට වැරදි දෙයක් වෙන හින්ද ඉස්ලාම් කාරයොන්ට ආගම අතහරින්න කියල කියන නෝ ප්‍රේම් දැන් ඒ කටින්ම බුද්ද සාසනෙත් වැරදි දෙයක් වෙන හින්ද බුද්දාගම අත්අරින්න කියල කියමුද බලන්න?
තමුන්නෙ එක විතරයි හරි අනිත් උන් හාස්‍යයට ලක්කරල බොම්බාර්ඩ් කරන්න ඕනෙ මිලේච්ඡයො කියල හිතාගෙන ඉන්න එක තමයි ලොකුම මිලේච්ඡකම.පෙරමුනේ රාලයි ගෝලයො රොත්තයි පතුරන මේ ආගම්වාදෙ පුරස්න කොරන එකයි පුලස්තිට කොරන්න අවස්ය උනේ.ජාති පුරස්නෙකින් මේ රට අවුරුදු 30ක් ලේ හැලුව.ඒක අහවර උන ගමන් කොන කපපු එවුන් සුද්ද කරන කලු ජූලි පටන් ගන්න කෙකර ගාද්දි මේ රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙන කොල්ලෙක් විදිහට පුලස්තිටත් සයිලනස් එකේ ඉන්න අමාරුයි.
ඇත්ත දේසප්‍රේමය කියන්නෙ අනිත් එවුන් කැතිගාන්න ටෝක් කරන එක නෙමෙයි සාමය ගැන කොරන්න පුලුවන් මොනා හරි කොරන එක කියලයි පුලස්ති බොක්කෙන්ම හිතන්නෙ.
පලි-
කසාපබ්බතගෙ බොලොග් එකේ එස්එල් කියල නමකින් ෆොන්සේකගෙ නඩුවක් ගැන දාපු කොමෙන්ටුවක් ගැන නෝ ෆ්‍රේම්ට ලොකු කැසිල්ලක් තියෙන නිසා ඒ කැසිල්ලටත් බෙහෙතක් දෙන්න පුලා ට්‍රයක් දෙඤ්ඤං.
පෙඩ්රිකා ජෑන්ස්ට විරුද්දව ෆොන්සේකා නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල මුන්නැහෙට මාර අවුල.හරියටම කියනව නං පුලස්ති ෆොන්සේකා ලොක්කගේ සෙකට්‍රි නොවන හින්ද හේතුව නිච්චියටම නං දන්නෙ නැහැ.ඒත් මොලේ තියන ඕනෙ කෙනෙක්ට ඕකට උත්තරේ හොයාගන්න බැරි එකකුත් නැහැ.
අධෝමුඛය පුපුරන්න ඔන්න මෙන්න වර්ගයේ කක්ක බරකුයි කොන්ඩෙ පීරගන්න ඕනෙකමකුයි එක පාර හැදුනම නෝ ෆ්‍රේම් ඉස්සෙල්ලම දුවන්නෙ කක්කුස්සියටද කන්නාඩි මේසේ ගාවටද?
හිරේ ඉන්න මිනිහෙක් ඉස්සෙල්ල නඩු දාන්න ප්‍රමුඛතාවෙද මොකක්ද එක දෙන්නෙ තමන්ගේ හිරගත කිරීමට විරුද්ද එපීල් එකට කියන එක මොලේ කලදක් තියන ඕනෙ හරකෙක්ට තේරෙනව.සාමාන්‍ය මිනිස්සුන්ට නං කොන්ඩෙ පීරන එකට වැඩිය කක්කුස්සි අමාරුව ප්‍රමුඛයි.මහින්ද ප්‍රේම්ලා සමහර විට කොරන්නෙ අනිත් පැත්තද දන්නෙ නැහැ කියල හිතෙන්නෙ ඒ ඉසවුවෙන් නික්මෙන ආගම්වාදි ගද හින්ද
ආයෙත් පලි -
පුලස්ති මේ ලියන්නෙ හිට්ස් වැඩි කොරගන්න කියලත් පොඩි කිංඩියක් දාල තිබ්බ.අනේ මහත්තැන් මේකේ හිට් වැඩි උනා කියල පුලාට අමුතු දෙයක් ලැබෙනවද කීවනං.පුලස්තිට මේව කියෙව්වත් එකයි නැතත් එකයි.හරිය කියල හිතෙන දේ බය නැතිව පුලා ලියනව.පුලා මේක පටන්ගත්තෙත් ඒකට.කරගෙන යන්නෙත් ඒකට.හිට් කීයද කියල බලන්න උපකරනයක් තරම්වත් පුලස්ති අටෝගෙන නැහැ ඇත්තටම ;)
එහෙනං සියල්ලන්ට ජයවේවා!
මෙත් මල් පිබිදේවා!
ආගමික යුද්දෙට පුලාගෙ කොන්ට්‍රිබියුසන් එක දැනට මෙතනින් අහවරයි.ඕකට පැටලිලා රනවිරුවෙක් විදිහට මැරෙන්න උනොත් පුලාගේ පවුලත් අනාථයි.මුල්ගම්පොල බජාර් එකත් අනාතයි.