Saturday, November 21, 2009

ආයුබෝ වේවා ! ( මහ රජානන් හැර අනෙත් සියලු දෙනානෙනි)



මගේ නම පුලස්ති.මගේ ඉහ නිකට වයස බලල ගොඩක් අය මට කියන්නේ පුලස්ති අයියා කියලා.
අනුරාධ මල්ලිගෙ පොඩි අයට මම පුලස්ති මහප්පා.
ත්‍රී වීල් පාක් එකේ බොක්කවල් වලට මම නිකම්ම නිකම් පුලා.
පුලස්ති කව්වත්,පුලා කිව්වත්,පුලස්ති අයියා කිව්වත් ඒ හැම නමකින්ම හදුන්වන්නෙ එකම පංචස්කන්ධය තමයි.

පුලස්ති වන මට බ්ලොග් එකක් ලියන්න හිතුනේ දවසක්දා පාන්දර.කෑම මේසෙදී.
ආප්ප ගිලදාන අතරෙ මම දේශපාලනේ ගැන ටෝක් එකක් දෙන්න ගත්තා.
කවුරුත් මාව තඹේකට ගනන් ගත්තෙ නැහැ.
"මහප්පෙ වද නොදී කෑම ටික කන්නකො"අනුරාධ මල්ලිගෙ පොඩි එවුන් ටික කීව්වා.
අසූ හාරදාහට මට නැග්ගෙ පොඩි එවුනුත් මට ලොකු ටෝක් දාන නිසා
"හිටපියවු"මම දත් හපාගෙන මටම කියාගත්තා.
"උඹලට මාව එපා නම් මගේ අයිඩියාස් මම දානව සයිබර් අවකාශයට"

"ෆුල් ආතල්" මල්ලිගෙ ලොකු එකා කිව්වා.
"සයිබර් අවකාසෙ ගද ගහයි"අනුරාධ බොස් කිව්වා.
"පුලා මාර අයිටම් එකනෙ"පොල් ගන්න කඩේට ගිය වෙලාවක කතාව අහපු විමලරත්න මුදලාලි හිනා වෙවී කියල මගේ පිටට තට්ටුවක් දැම්මා
මගේ මාර්ගයෙන් ඉන්ටනෙට් එකට නම දාගන්න විමලෙ ලොක්කාට අයිඩියා එකක් තියෙනවද දන්නෙ නැහැ.

කොහොම හරි ඔන්න මම ලියන්න ගන්නවා.
මගේ අයිඩියා වලට බ්‍රේක් නැහැ වගේම මගේ ලිවිල්ලටත් ගියර් නැහැ.මේකේ ව්‍යාකරන හොයන්න එන්න එපා ඒ හින්ද.මම වැලයෙක් නොවුනට අලයෙකුත් නෙමේ.මේකට වාරන දාන්නත් එන්න එපා ඒ හින්දා.
අයිඩියා වලට වාරන දාන්නෙ නපුංසකයො නේද?
වාරන නැති (වානරයනුත් නැති) ලෝකයක - සබද අපි සෙට් වෙමු !

2 comments:

  1. එහෙනම් ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම්
    චියර්ස්!!!!

    ReplyDelete
  2. කමෝන් පුලා.. ඔහොම යං..! :)

    ReplyDelete