Friday, February 5, 2010

ලංකාව බහුවාර්ගික රටක්ද? - පුලස්තිගේ ගැඹුරු දේශපාලන විග්‍රහය



ලංකාව හිංගල බෞද්ධ රටක්ද?බහුවාර්ගික බහු ආගමික රටක්ද කියන එක ගැන බ්ලොග් බුවාල කිහිප දෙනෙක් බර සාරෙට ලියන එකේ පුලාටත් හිතුන ටොපික් එකට එන්ටර් වෙන්න.
නුවර පාර ලියන ලේඛක උන්නැහෙට අනුව ලංකාව හිංගල බෞද්ධ රටක්.
එක කන්ඩිෂන් එකකට යටත් වෙලා පුලස්තිත් ලංකාව හිංගල බෞද්ධ රටක් කියල පිලිගන්න ලැස්තියි.
කන්ඩිෂන් එක තමයි - ලංකාව ෆුල් සිංහල රටක් නං සත වර්ස ගානක් මේ රටේ පැල පැදියම් වෙලා හිටපු දෙමල අයටත් වෙනම රටක් දෙන්න එකග වෙන්න ඕනෙ.
දෙමල අයටත් වෙනම රටක් දීල ඒ අයට එහෙ ජීවත් වෙන්න දෙන්න එකග නං ලංකාව සිංහල රටක්ය කියල පිලිගන්න පුලා ලෑස්තියි.
එහෙම වෙනම රටක් දෙන්න අකමැති නං මේක දෙමල උන්දැලගෙත් රට,අපි කාට කාටත් මේක අයිතියි කියල පිලිගන්න වෙනවා.
මොකද වෙන කාගෙවත් රටක දෙකේ පංතියේ ඩයල් විදිහට ලැගල ඉන්න කවුරුත් කැමති නැති හින්ද.

මේ පුරස්නෙ එනකොට ගොඩක් බුවාල දාන ගොං පාට් තර්කයක් තියනවා.
අමෙරිකාවෙ සිංහල අය ඉන්නවය කියල අමෙරිකාවෙ සිංහල රාජ්‍ය භාෂාව කොරනවද?
සිංහල අයත් අමෙරිකාවේ විදිහට හැඩගැහෙන්න ඕනෙ නේද?
ඒ වගේ දෙමල අය සිංහල විදිහට හැඩ ගැහෙන්න ඕනෙ සාමය උදාවෙන්න කියල හිතන බුවාල ඉන්නවා.

මේ බුවාල තේරුම් නොගන්න බේසික්ම සීන් එක තමයි යුරෝපෙ රටක සිංහලයන්ගේ කන්ඩිෂන් එකයි ලංකාවේ දෙමලුන්ගේ කන්ඩිෂන් එකයි එකක් විදිහට ගන්න බැහැ කියන එක.
යුරෝපෙ සිංහල අය උන්නට ඒ අයට පරම්පරා දෙකකට වැඩි ඉතිහාසයක් නැහැ.
ඒත් ලංකාවේ ඉන්න දෙමල අයට සත වර්ස ගානක ඉතිහාසයක් මේ රටේ තියනවා.
මේ දුපතේ පරන කාලෙ සිංහල රජවරුන්ගේ සිංහල රාජධානි වගේම දෙමල රජවරුන්ගෙ දෙමල රාජධානිත් තිබුනා.
ලංකාවෙ දෙමල අයිඩෙන්ටිටි එක මේ හින්ද යුරෝපෙ සිංහල අයිඩෙන්ටිටි එකට වඩා හෙන ගැබුරට කාවැදිල තියන එකක්.
සමහර විට තව දසක කීපයක් ගතවෙද්දි යුරෝපෙ සිංහල බුවාල කොමියුනිටි එකක් විදිහට එස්ටැබ්ලිෂ් වුනොත් ඒකට අනුව තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඒ ඒ රටවල ආන්ඩු වලටත් සිද්ද වෙයි.ඔස්ට්‍රේලියාවෙ සමහර ප්‍රාන්තවල ප්‍රාන්ත භාසාවක් විදිහට සිංහල පාවිච්චි කරනව කියල පුලා අහල තියෙනවා.

කොහොම වුනත් දෙමල අයටත් මේ රටේ ලොකු උරුමයක් තියනව ඒ අයටත් මේ රට අයිතියි මේ රටේ සමාන අයිතින් ඒ අයටත් තියෙනව කියල පිලිගන්න ඕනෙ.
එහෙම පිලිගන් නැත්නම් තමන්ට දෙයියනේ කියල ජීවත් වෙන්න පුලුවන් වෙනම රටක් හදාගන්න එයාලට අවසර දෙන්න ඕනෙ කියලයි පුලා කියන්නෙ.
පුලා මේ අල්ලක් වගේ රට බෙදෙනවට කැමති නැති හින්ද මේ දෙකෙන් හොදම ඔප්ෂන් එක දෙමල අයගෙ අයිතිය පිලිඅරන් මේක ඒක වාර්ගික රටක් නෙමේ බහුවාර්ගික රටක්ය කියන ඉස්ථාවරේට යන එක හොදයි කියලයි හිතන්නෙ.

පුලස්ති ලියන ඒවයෙ ඉස්සර තිබුන ගැම්ම නැහැ කියල පුලස්තිගෙ යාලු බුවෙක් කිව්වා.
දෙමල උදවිය වෙන් කරල තමන් සුපීරියර් කියල හිතන්න සමහරුන්ට තියන ඇම්ම දැක්කම ලියන ඒවයෙ ගැම්ම නිකම්ම යනව කියල පුලස්තිට දැනෙනවා.
දෙමල මිනිස්සුන්ටත් මේ රට අයිතියි කියල පිලිගන්න එක කොච්චර සිම්පල් වැඩක්ද?
ඒ සිම්පල් වැඩේ කරල වලි නැතිව ඉන්න මෙච්චර පහසු මාර්ගයක් තියෙද්දි මේක අපේ විතරයි කියල බදාගෙන ගහ මරා ගන්න අපේ බුවාලට තියෙන ආසාව බස් වල යන ඇන්ටිලාට ජැක් ගහල මෝඩ ආතල් ගන්න තියන ආසාවටත් වඩා විකෘති ආසාවක් කියලයි පුලා හිතන්නෙ.

12 comments:

  1. @පුලා
    නියමයි නියමයි. අදහස් සම නැතත්, බහු යන්නට අර්ත කතනයක් දිපු එක ගැන

    පොඩි පැහැදිලි කිරිමයක් අවැසිය
    දන් පුලා උබ කියන විදිහට උතු-නැගෙ - ඓයිතිහාසික උරැමයක් දෙමළ ජනතාවට තියනවා කියලා. මචෝ ඔව්ව කට්න් කියනවා විතරයි ඔප්පු කරලා නැහැ.

    යුරෝපෙ සිංහල අය උන්නට ඒ අයට පරම්පරා දෙකකට වැඩි ඉතිහාසයක් නැහැ.

    දැන් ජීවත් වන යුරෝපීයන්ටත් අවු 100 ක් 200 ක ඉතිහාසයක් තමයි තියෙන්නේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ නුවර පාර
    උතුරු නැගෙනහිර දැන් දෙමල උරුමයක් නැද්ද එතකොට?
    යාපනේ රාජධානියක් කියල එකක් තිබ්බ කියල අහල තියෙනව නේද?
    උතුරෙ තේසවලමෛ කියල නීති පද්ධතියක් ගැන අහල තියෙනවද?ඒ දෙමල අයගෙ ඒ ප්‍රදේස වල තිබුන පාරම්පරික චාරිත්තරමය නිති.ඒවා කොච්චර ස්ථාපිත වෙලා තිබුනද කියන්නෙ සුද්දටවත් ඒවා මගහරින්න බැරිවුනා.ඒ හින්ද තේසවලමෛ සංග්‍රහය කියල එකක් ලියන්න වුනා සුද්දට.හරියට උඩරටදි උඩරට නීතිය කියල වෙනම එකක් පිලිගත්ත වගේ.
    අවරුදු සියගනනක් දෙමල අය මේ රටේ ජීවත් වෙනවා.ඒ අවුරුදු සියගනනට ඒ අය බට්ටා පැන පැන හිටියෙ නැහැනෙ.ඒ කාලය ඇතුලෙ හැදුන සංස්කෘතියක් හා උරුමයක් ඒ අයට මේ රටේ ( උතුරු නැගෙනහිර විතරක් නමෛ) තියෙනවා.
    ඒක ඔප්පු කරන්න කියනවට වඩා එහෙම උරුමයක් නැහැ කියල ඔප්පු කරා නම් තමයි වඩා හොද.ඇස්පනාපිට පේන ඇත්තක් ඔප්පු කරන්න දෙයක් නැහැනෙ.

    ReplyDelete
  4. @පුලා
    මම අන්මත ඉවසන හින්දා මගේ ලිපියට යටින් උබේ ලිපියට බැදියක් දැම්මා... ඒක ගැටලුවක් නම් මට කියන්න... මා එය අයින් කරන්න.

    අවු 100 දේමළ ජනාය ජිවත් වීම
    මචෝ ඔවුන් අවු 100 නෙමෙයි 1000 ගානක ඉතිහාසයක් තියනවා. අනික ඔය කියන විදිහට 100 ක් නම් අපටත් ඇමරිකාව හා ඕස්... වල අයිතිය ඉල්ලන්න පුලුවන්.

    මා ලග වැඩි විස්තර නැහැ, එත් මම දන්න දෙයක් තමයි. ඓතිකාසික ලිපි ලෙඛන වලින් උතු- නැගේ හි දෙමළ නිජභුමියක් නොවන බවට ඔප්පු කරලා තියනවා

    ReplyDelete
  5. @නුවර පාර

    චූටි ප්‍රශ්නයක්.
    මට තේරෙන්නේ නෑ බං. ඇමරිකාවේ හරා ඕස්... වල හරි අපට අයිතිය ඉල්ලන ලොජික් එක ඔය විදියට.
    අයිතිය දාමු පැත්තකට.
    ඔය ඇමරිකා වල හරි ඕස්.. වල හරි, කොහේ හරි සිංහල ජනපද එහෙම තිබෙනවැයි.
    තරහ අවසර. දැනගන්නයි මේ අහන්නේ ?

    තවත් චූටි එකක්:
    එතකොට මේ නිජභූමිය කියල කියන්නේ මොකද්ද? එතකොට කාගෙ හරි නිජභූමියක් වෙන්න මෙනවැයි තියෙන්න ඕන සුදුසුකම්.? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    ReplyDelete
    Replies
    1. පරණ පෝස්ටුවකට comment දාන එක හරිද මන්ද.. ප්‍රශ්නෙට උත්තරේ දන්න හින්දයි දාන්නෙ.........

      ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්‍රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය.. ඕස්ට්‍රේලියාවේ සුදු හම තියෙන ඈයන්ටත් අවුරුදු 200 කට වඩා ඉතිහාසයක් නැත. ඕස්ට්‍රේලියාවේ දෙමල ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශ ඇත.

      Delete
  6. @vReader
    මචෝ "ඇමරිකාවේ හරා ඕස්... වල හරි අපට අයිතිය ඉල්ලන ලොජික් එක" පුලාම උඩ ලියලා තියනවා

    නිජභුමි සංකල්පය ගැන නුවර පාර අලුත් ලිපියකට එක් කරන්නම්. නියම මාතෘකාවක් ඔයා මට මතක් කරලා දුන්නා. ස්තුතියි

    ReplyDelete
  7. ලංකාව බහුවාර්ගික රටක් ද යන ප්‍රශ්නයට මේ දින වල බොහෝ බ්ලොග් සහෘදයන් අවතීර්ණ වී ඇති බව පෙනේ. මොවුන් සමහරක් බහු වාර්ගික යන්න හරියට තේරුම් ගෙන සංවාදයෙහි යෙදෙනවාද යන්නප්‍රශ්නයකි. එබැවින් බහුවාර්ගිකත්වය කුමක්ද යන තැනින්ම අප පටන් ගනිමු. බහුවාර්ගිකතාවය යනු එකම රටක් තුල සහජීවනත්වයෙන් විවිධ ජනවර්ග ජීවත් වීමයි. නියම අරුතින් ගතහොත් ශ්‍රී ලංකාව ද්වි-වාර්ගික රටක් විය යුතුය. එනිසා ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් නොවන්නේ මන්ද යන්න මට නම් නොවැටහේ.

    More . . .

    ReplyDelete
  8. මචං පුලස්ති දෙමල ජාතියට මේ රටේ තියෙන්නේ අවුරුදු 300 ඉතිහසයක් විතරය්,,වැඩිදුර තොරතුරු මේ link එකෙන්ම download කරලා අහගන්න,,ඉතාම තාර්කිකව හිතලා ඔවා ලිවොත් හොදය් ඉදිරියට,,, මම ඔයාගේ බ්ලොග් රසිකයෙක්,,,,
    http://www.kalaya.org/audio14.html

    ReplyDelete
  9. එහෙනම් පුලස්ති ඔයා ඉන්දියා ආණ්ඩුවට කියන්න තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් කරන්න කියලා.

    ReplyDelete
  10. අඩෝ පුලස්ති උබ මාරයි.ඇත්තටම මාරයි.විවිද විදිහට බෙදෙන්න හදන cyber අවකාශය දැකල මට එපා වෙලා හිටියෙ.කාලකන්නි අන්ත්වාදි අතරෙ ඔබ වැන්නවුන් සිටීම දකීම මට මාර සතුටක් මචන්

    ReplyDelete
  11. ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්‍රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය.. ඕස්ට්‍රේලියාවේ සුදු හම තියෙන ඈයන්ටත් අවුරුදු 200 කට වඩා ඉතිහාසයක් නැත. ඕස්ට්‍රේලියාවේ දෙමල ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශ ඇත.

    ReplyDelete