Thursday, January 7, 2010

පහුගිය ටිකේ බ්ලොග් සටහනක් නොදැමීමට හේතුව


ඊයෙ පෙරේද බ්ලොග් කෑල්ලක් අටෝගෙන වැඩට බැහැපු මුල්ගම්පොල පුලා අයියා වෙනුවෙන්ම ප්‍රවීන බ්ලොග්කරු සහ දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය (MBBS)මිගාර දොස්තර බොස් වෙනම බ්ලොග් සටහනක් දැම්ම කියන ආරංචිය පැතිර ගියා විතරයි මුල්ගම්පොල ගමම ආනන්දයෙන් ඇලලී ගියා.
පුලාට මේ ආරංචිය ඉස් ඉස්සෙල්ලාම කිව්වෙ කොන්ඩෙ කප කපා ඉන්දැද්දි කොන්ඩෙ කපන තැනට ආපු බාබර් අබ්දුල්ලා.
"ඔබතුමා අපේ ගමට ආඩම්බරයක්!"මාව බදාගෙන අබ්දුල්ලා ලොකු හාදුවක් දුන්නා.
"ඒ වගේ ප්‍රසිද්ධ රටට දැයට සමයට වැඩ කොරපු මහත්තැන් කෙනෙක් පුලා ගැන කතා කරනව කියන්නෙ පුලත් හෙන ඩයල් එක වෙන්න ඇතිනේ?"ත්‍රී විල් පාක් එකේ පැචා මල්ලි කිව්වා.
පුලා පදිංචි ගෙදර පාරට හැරෙන තැන ගනිත කොටාගෙ සෙට් එක ලොකු තොරනක් ගැහුවා.
"ගමට කීර්තිය ගෙනා පුලා අයියා පිලිගනිමු!"
ඒකෙ ලොකුවට කොටල තිබුනා.
පහුගිය සුමානෙම ගමේ අයගෙ උපහාර උත්සව වලට යන්න උන හින්ද පුලාට බ්ලොග් ලියන්න ඉස්පාසුවක් තිබුනෙම නැහැ.පහුගිය සුමානෙ මොකුත් ලියවුන් නැත්තෙ ඒකයි ඔන්න.

දැන් මේක කියවන හැමෝටම පොඩි රහසක් කියන්නයි පුලාගේ සූදානම.
මිගාර බොස්ගෙ ලිපියට කමෙන්ට් දැම්ම අයිය කෙනෙක් ටැබූයි බියොන්ඩ් ෆ්‍රේම් ගැනයි කතාකරද්දි තියන වෛරි ස්වරූපයද මොකක්ද එක පුලා ගැන ලියද්දි නැත්තෙ ඇයි කියල ඒකෙ අහල තිබුනා.ඒකට මිගාර බොස් නැහැ එහෙම විසේසයක් නැහැ කියල උත්තර දීල තිබුනා.උන්නැහේ උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න වී කරලක් වගේ නැමෙන හින්ද හරි නිහතමානී හින්ද ඇත්ත හේතුව කිව්වෙ නැහැ.ඒත් ඔන්න ඔහෙ පුලා ගැන මිගාර බොස් වෛරී නොවෙන්න හේතුව (මිගාරට ගෞරවයක් විදිහට) කියල දාන්නං කියල පුලා හිතුව.

පුලා එක්ක මිගාර බොස් තරහ නොගන්නෙ අපි ඩබල අතර තියෙන සමානකම් දෙකක් හින්ද.
1.පුලා වගේම මිගාරත් හොදට බොන්න කැමතියි.
පොඩි වෙනසකට තියෙන්නෙ පුලා නිකම් නෝමල් කසියා ගහද්දි මිගාර ගහන්නෙ නියම දේශප්‍රේමී ගල්.ඒව සාමාන්‍ය කඩවල නැති ඇහැට පේන්නැති ජාතියක්.
දේශප්‍රේමි ගල් භාගයක් ගැහුවම වටේ සේරම පේන්නේ රුවිතෙට.
හොරුන්ගෙත් හොරු පවා කම්බා හොරු විදිහට ගරු කරන කම්බා ++ වර්ගයේ හොරුන්ව දේශප්‍රෙමි ගල් ගැහුවම පේන්නෙ දේසප්‍රේමියො විදිහට.මිනිස්සු කන්න නැතිව දුක් විදිද්දි මාසෙට ලක්සෙ ගානෙ ගෙවල් කුලී ගන්න නාස්තිකාරයෝ රොත්ත පේන්නෙ ජාතිහිතෛශී ඇමති මන්ඩලයක් විදිහට.වෘත්තිය සමිතිකාරයෝ පේන්නෙ කොටි විදිහට.වෙන අදහසක් ගේන බ්ලොග්කාරයෝ පේන්නේ ඉවත් කල යුතු කිනිතුල්ලො විදිහට.

2.පුලා වගේම මිගාර බොසුත් වැල සයිට් වල තහනම ඉවත් කරනවට පක්සයි.
ලගදි රෝසවත්තෙ තියන්න හිතාගෙන ඉන්න පශ්චාත් වැලවාදීන්ගේ මහා සම්මේලනේ සමාරම්භක දේසනේ දෙන්න ඉන්නේ මිගාර බොස්ට කියල කනින් කොනින් පුලාට ආරංචි උනා.
වැල බැලීමේ අයිතිය වෙනුවෙන් පුලා එක්ක එක මතේ නොසැලී,එකාවන්ව,එක්සිත්ව ඉන්න මිගාර දොස්තර බොස් පුලාට ටැබූට වගේ කුනුහබ්බෙන් බනින්නෙ මොන හිතකින්ද?

එන්න මිගා එන්න මිගා නැගිටලා
මෙන්න මිගා මෙන්න මිගා රසකතා
ගල් භාගෙ අරන් එන්න
රටට සෙත් පතා ගහන්න
එන්න මිගා එන්න මිගා නැගිටලා

6 comments:

  1. * නරලොව හොල්මන් .. !! *

    ReplyDelete
  2. හෙ හෙ...කියලා වැඩක් නෑ. මරු.

    ReplyDelete
  3. පුලා උබ හරි ලස්සන මනුස්සයෙක් බන්... එවුනත් එක එකා එක්ක දෙශපාලනය ගැන තර්ක කරන්න යන්න එපා. මම කැම්පස් එකට යද්දි මගෙ අම්ම බැරි බැරි ගාතෙ මට කිව්වෙ එකම දෙයයි " උබ එකෙදි ආගම ගැනයි දෙශපාලනය ගැනයි කාත් එක්කවත් තර්ක කරන්න වාද කරන්න යන්න එපා....උබ හරියි කියලා හිතෙනවනම් නිශ්ශබ්ද වෙයන්.. උබ වැරදි කියලා හිතෙනවානම් කියලා දුන්න එකාට ස්තුතිකරලා එක පිලිගනින්....

    ReplyDelete
  4. පුලස්ති මෙතන පෙන්නලා තියෙන්නේ තනිකරම පුලස්තිගෙ මතවාදීමය බංකොළොත් භාවය. නැත්නම් ඉතින් ඡායා රූප දාගෙනම විස්තර ලියන්න ඕනෙද? ඔය වගේ දෙකයි පණහේ වැඩ කරන බ්ලොග් අඩවිත් තියෙනවා. පුලස්තිත් ඒ ගානටම වැටිලා බව පෙනෙනවා. පුලස්ති, ඔබ මත්වාදීමය නපුංසකයෙකි. නැත්නම් තර්ක වලට තර්ක වලින් පිළිතුරු දීම හැර වෙනත් ක්‍රම භාවිතය නොකරනු අත.

    ReplyDelete
  5. @ රවා
    ස්තුතියි මචං.ඒත් දේශපාලනේ ගැන වාද කරන එක හරි සුන්දරයි කියල හිතෙන් නැද්ද?

    @ මිගාර
    ඔයා මට කරපු ගෞරවේට මාත් පෙරලා ගෞරවයක් කලා බොස්.ඒකයි ඔයා වෙනුවෙන්ම බ්ලොග් සටහනක් ලිව්වෙ.මට නපුංසකයා කීවම අපේ ෆිට් එකට මොකද වෙන්නෙ?

    ReplyDelete