Tuesday, June 8, 2010

දේසප්‍රේමී වීර සිංහලයිනි - දැන් සංස්කෘතිය ඔට්ටු නැද්ද?


අහුවෙන අහුවෙන හැම ජරාවම ආසාවෙන් භුක්ති විදින සතාට කියන්නෙ ඌරා කියල.දකින දකින අරුමෝසම් බඩුව ඇගේ එල්ලගන්න හය හතර නොතේරෙන එකාට කියන්නෙ පොඩි එකා කියල.

අවුරුදු හය හතකට උඩදි පුලස්ති දන්න හදුනන කොල්ලෙක් හිටිය අල්විස් බුවා කියල.බුවා ‍තරමක් පෝසත්.තාත්තට ගෙස්ට් හවුසයක් තිබුන ‍පල්ලෙකැලේ දිහාවෙ.ජනප්‍රිය දෙයක් තියෙන්නෙ කොහෙද අල්විස් බුවා එතන.බුවා කාලෙන් කාලෙට එක එක නිව්ස් අරන් එනව.
"මචං අපේ ගෙස්ට් හවුස් එකේ ෆිල්ම් එකක් ෂූට් කරා"
"මචං රන්ජන් රාමනායක ආව"
"මචං රන්ජන්ගෙ මාර ඇග"
"මචං අනර්කලිත් හිටියා"
"මචං අනර්කලිගෙ මාර හිනාව"
"මචං අනර්කලි මට හිනා උනා"
"මචං රන්ජන් මා එක්ක පොටෝ එකක් ගත්ත"
කට දෙපැත්තෙ කෙල වක්කරගෙන අල්විස් බුවා දවස පුරා කොරන්නෙ තාරකා වරුනාව.ලොකු ලොකු පොරවල් එක්ක තමන්ට ආස්රයක් තියෙනව කියල පෙන්නන්න අල්විස් බුවාට තිබුනෙ පුදුම අමාරුවක්.
අස්ස තිත්තනායක උන්නැහෙ කන්න එන්නෙ අල්විසාගෙ කඩේටලු.දැන් හත වැදිල හිටියට අවුරුදු හතකට උඩදි අස්ස තිත්තනායක නුවර පලාත හොල්ලපු වැඩර්.ඇස්බී හෝටලේට ආවලු.අරය ආවලු.මෙයා ආවලු.බාප්ප කෙහෙලියගෙ සෙකට්‍රිලු.
හංදියෙ කොල්ලො සෙට් එක අල්විසාට දාපු නම - පච අල්විස්.

පුලාට අල්විසාව මේ තකහනියෙ මතක් උනේ අපේ රටේ මහ තැනගෙ ෆේමස් මේනියාව ගැන කල්පනා කොලාම.ෆේමස් වෙන්න පුලුවන් කොයි බෝලෙට ගහලද අහුවෙන ඕනම බෝලෙකට ගහනව.අහුවෙන ඕනෙ අරුමෝසමක් එල්ලගන්නව.අහුවෙන ඕන වහුකුනක් ගිලිනව.

පල්ලිය ඩා වින්සි කෝඩ් තහනං කොලා.කිසිම වග විභාගයක් හාංකවිසියක අදාලකමක් නැතිව මහ තැන ලංකාවෙ ඩා වින්සි කෝඩ් තහනම් කොරා.උපාසකම්මලා චියර් එක දෙයි කියල අක්සරය තහනම් කොලා.උපාසක නෝනලා චියර් එක දෙයි කියල බොන එකට ලිමිට් දැම්ම.හාමුදුරුවරු චියර් එක දෙයි කියල දැන් ඉරිදට ටියුසන් තහනම් කොරන්න පැලැන.කිසි මහන්සියක් වෙන්නෙ නැතිව ෆේමස් වෙයි කියල හිතන ඕනෙ යෝජනාවක් හොද වේවා නරක වේවා ඉත සිතින් වැලදගත්ත.

හැබැයි මෙච්චර කල් මොන යෝජනාව වැලදගත්තත් ඒ හැම යෝජනාවම වැලදගත්තෙ සංස්කාතියද මොකක්ද එක ප්‍රමෝට් කොරල ඒකෙන් ෆේමස් වෙන්න.
හැට හුට හමාරක් යෝජනා ප්‍රපෝසල් අතරෙ මෙන්න එකපාරට ආපි අයිපා යෝජනාව.
මොන තරම් ආතල්ද?මොන තරම් සනීපද?
දෙපාරක් හිතුවෙ නැහැ මහ තැන පැන්නා.යෝජනාව දෝතින්ම වැලදගත්ත.
බොලිවුඩ් තාරකා ලක් අඹරේ පායන්න පටන් ගනී කියල හිතුව.අයිස්වර්යා ඇවිත් මිහිකත නලවාල යයි කියල හිතුව.බච්චන් ලොක්ක මාස කීපයකට උඩදි ආපු පාර රජ ගෙදරදි උන්නැහෙට රජ පවුලෙ කවුරු කවුරුත් අතට අත දුන්නෙ උන්නැහෙ එක්ක පොටෝ ගත්තෙ පච අල්විසා රන්ජන් එක්ක පොටෝ ගත්ත ආකාරය මතක් කරල දෙමින්.

බැදගත්ත වගේ පහසු නැහැ බෙරේ ගහන එක.බොලිවුඩ් කියන නම හැදිල තියෙන්නෙම හොලිවුඩ් කියන එක කොපි කොරල.බොලිවුඩ් එකේ මේ වංගියෙ තේමා ගීතය තමයි "බටහිර පන්නේ ගති ගුන අපිට තියෙන්නෙ" කියන පරන කැලිප්සෝ සිංදුව.
බිපාෂා අදින්නෙ කොට ගවුම්ය.සෙලීනා අදින්නෙ නාන ඇදුම්ය.සිනමා තිරය මත තොල් පෙති ඉරිලිය.ජවනිකා අතර කාමෝන්මාදී ගැයුම්ය.ජවනිකා අවසන ‍රාගෝන්මාදී කෙදිරිලිය.

මේ වගේ බුවාල සෙට් එකක් ඉස්සරහ ඉ‍හේ කනේ තියාගෙන රැකපු සංස්ක්රුතිය විකුනන්නෙ කොහොමෙයි?
සංස්ක්රුතිය කියන රැවුලද?බොලිවුඩ් ආස්වාදෙ කියන කැදද?
රැවුලෙන් මොන වැඩද මල්ලි කැද ලැබෙනවනම්!
මේ පෝස්ටයේ උඩින්ම තියෙන්නෙ සම්මාන උලෙලට ආපු සොපී චවුද්රි කියන තාරකාවගෙ පින්තූරෙ.සොපි චවුද්රි කියල නමක් පුලා ඇහුවමයි.රානි කාජල් අයිස්වර්යා වගේ නං නහුතයක් අහල තිබ්බත් එකෙක්වත් මේ මහා සිනමා සැනකෙලිය පලාතක ආවෙ නැහැ නෙව.සොපීගේ රූපෙ දැක්කම පුලාගෙ සිත පිනා ගියා.
මෙන්න තියනව කොල්ලනේ සංස්ක්රුතිය!මෙන්න තියනව කොල්ලනේ සංවර්ධනය!

පුලාගේ මේ පුරස්නෙ මර්වින් සිල්ව ගොයියටයි නලින්ද සිල්ව අයියටයි.

@ මර්වින් සිල්වා -මෙන්න බාගෙට ඇදගත්ත ගෑනියෙක්!
බාගෙට ඇදල නටන ගෑනු පෙන්නල සංස්ක්රුතියට වින කොරන සිරසට බස් හයර් කොරගෙන ගිහින් ගල් ගැහුව වගේ සොපී චෞද්රිලාව ගෙන්නපු මහ තැන ඉන්න සල්ගහ මන්දිරේටත් ගහමුද බලන්න ගල් පාරක්?

@ නලින් ද සිල්වා -මැක්සා ආතල් එක නේද බොස්?දැන් ජාතික චින්තනේට මොකෝ වෙන්නෙ?මහින්ද චින්තන සංවර්ධ‍නේ ඇතුලෙ ජාතික සින්තනේ නැද්ද?සංස්ක්රුතිය ගැන කතා කොරන එක තවදුරටත් ඔට්ටු නැද්ද?

මොනා නැතත් අයිපා බදාගත්ත එකෙන් ලෝක ඉතිහාසෙ අසාර්ථකම අයිපා එක කොරල පජාත උනත් ජනප්‍රිය වෙන්න කෑදර කමට හරි කමක් නැහැ සොපි චෞද්රිව ගෙන්නපු එකට පුලාගෙන් මහ තැනට ආචාරය.
නලින් ද සිල්ව වගේ සීයලගෙන් උපදෙස් ගන්නෙ නැතිව නාමල් බේබි වගේ නාඹර බුවාලගෙන් තව තව උපදෙස් ගන්න.උපදෙස් ගනිමින් ඔබ වහන්සේ චිරාත් කාලයක් වැජඹෙන්න.
සීයලගේ අන තියන රටක ඈනුම් අරිනවට වඩා බේබිල රට කෑවත් මක්කෙයි ඉන්න ටික දො‍හේ සන්තෝසයක් අරන් ඉන්න ඇහැක් නං.


13 comments:

  1. මෙවා කිපදෙනෙකුට තෙරෙනවා. මෙ වගෙ අති පන්ඩිතයින් මිනිස්සුන්ව මුලා කරලා කරන ප්‍රකාශ මිනිස්සුන්ව නොමග අරිනවා.. මචන් අයියා.. ඔනා දෙයක් කරාට කමක් නැහැ.. මම මෙක කරනවා.. මම මෙහෙම කෙනෙක් කියලා ලොකෙට කියලා.. රුපවාහිණියෙන් ලොකෙට පෙන්නන්නෙ එකක් කරන්නෙ තව එකක්... ඇත්තටම මෙ රුපවාහිණියෙ වැඩ කරන්නෙ සුද්දොත් එක්ක නිදාගත්තු ගණිකාවන්ගෙන් බිහිවුණ අවජාතකයො සෙට් එකක්ද.. මුන් රටට මොනා කරන්න හදනවද කියලා මට ලොකු ප්‍රශ්නයක්. යකො ලොක්කො කිව්වට මුන්ට කොන්දක් නැද්ද "සර් මෙක වැරදියි මට නම් බැහැ මෙක විකාශය කරන්න මෙක අපි පැය විසි හතරම විකාශය කරන සංස්කෘතියට විරුද්දයිනෙ " කියලා කියන්න.

    ReplyDelete
  2. මහ ලොකු විග්‍රහ නැතුවට පුලා ලොක්කව මාර පැත්තකින් විස්තර කරල තියෙනවනෙ.

    අයිෆා තිබුන එක ගැන මගේ එච්චර විරුද්ධත්වයක් නැහැ. ඒත් අවුල තියෙන්නේ හෙල උරුමය කට බලියගෙන ඉන්නකොට ඒ අයගෙම ආණ්ඩුවෙන් කරන එකනෙ. මේකට සිරස එහෙම හිටියනම් මර්වින් සිල්වට බේබෘක් පැත්තෙ වෙනම ගෙයකුත් අරන් දෙයි ඉන්න ගමන් ගලක් දෙකක් ගහ ගහ ඉන්න.

    ආණ්ඩුව ජාතිකවාදියි කිය කිය පස්සෙන් යන අයට මේකවත් පාඩමක් වේවා!!!

    ReplyDelete
  3. උන්ගෙ ජාතික වාදයත්,සංස්කෘතික කතන්දරත් හම්බකරන් කන රස්සාවනෙ.කසිප්පු කුඩු විකුණනව වගේ බිස්නස් එකක් විතරයි. කසිය මුදලාලි කසිප්පු බොන්නෙ නෑ. කුඩු මුදලාලි කුඩු ගහන්නෙත් නෑ. අහක ඉන්න ගෝතයෝ තමයි උන් දෙන දේවල් ගිලල නන්නත්තාර වෙලා තුට්ටු දෙකේ ආතල් ගන්නෙ.

    ReplyDelete
  4. පුලා, උඹේ පච අල්විස් ඇත්තටම දැං කොහෙද ඉන්නෙ? පොඩ්ඩක් හොයල බලපං. මට නං සැකයි.

    ReplyDelete
  5. එකෝන ආවත්, කොලොනියල් කසින් ලා ආවත්, ෂැගී ආවත්, රවි ශංකර් ආවත් මට අවුලක් නෑ මචං. IIFA වුනත් එහෙමයි. රහ කොතනද අපි එතන. මහලොකු කතන්දර කියන්නෙ නැතුව IIFA තිබ්බනම් කාටවත් මෙච්චර නාගන්න වෙ‍න්නේ නෑ. මිනිස්සුන්ව අන්දන්න ගිය පාර තමයි සොරි වෙලා ගියේ. අර පෙරමුණේරාළගේ තීම් එක "අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්වන්න" තමයි සිද්ධ වුනේ. (පෙරමුණේට විලිලැජ්ජා හිතෙයිද දන්නේ නෑ...)

    අනිත් එක පුලෝ, මම මේකේ පරණ ටික බැලුවා. අර අරාබියේ, බැංකොක් පැත්තේ තිබ්බ, අම්මට හුඩු ඉන්දියාවේ යන්න හිතනෙවා බං, අර කතාවක් තියෙනවනේ ඉටිපන්දම් නෙවෙයිනෙ කියලා... මට දුක අර අපේ වාහෙලා හිතුවා මේක මෙහෙ ගෙනත් දැම්ම ගමන් කඩානෙ බිදගෙන සංචාරක පොරවල් ලංකාවට එයි කියලා. උං දන්නේ නෑ මේක පෙන්වන්නේ "ඉන්දියාව" ගැන කියලා.

    අනිත් එක මචං හැම හැනකින්ම එන කොල්ලවයි බල්ලවයි ගෙට දාගෙන පොටෝ ගහලා ඇල්බම පුරවන එකත් එක්තරා මේනියාවක් කියලයි මට හිතෙන්නේ.... අනේ ඉතින් අහක ඉන්න රිතික්ලා අපේ ජීප් වලට නැග්ගට අපි මොනා කරන්නද?

    ReplyDelete
  6. මෙකුන් හරියට ඈදල ආවෙ නෑති නිසා තමයි ලොක්ක IIFA ගියෙ නෑත්තෙ

    ReplyDelete
  7. @bluesky said...
    කාගේ කාගෙත් හැටි දන්න නිසාද තාත්තා දාලා අම්මයි පුතයි ගියේ

    ReplyDelete
  8. කපුව දේවාලෙ කැත කරාට, නැත්තං දේව අනුහසික් ළමයෙක් බලාපොරොත්තුවෙන් එන ගැත්තියකට වැඩේ දුන්නට, පිං පෙට්ටියෙ සල්ලි වලින් රැට රැට කසිය ගැහැව්වට, ඒව දේව කෝපයට අහුවෙන්නෙ නෑ.
    අනික ලොක්කගෙ අදහස මේක ඉන්දියාවෙ ඊලඟ ප්රාන්තෙ කරන්නනෙ. මේ ගැන මාත් post එකක් දැම්මෙ ඔය උඹට තීන හිතේ අමාරුවෙන්ම තමයි. ඒත් ඉතින් එක අතකට අපටිත් අයිප..ක් ( ඉන්දියන් ප...ක්) කටෙ ගහගෙන් සූප්පු කොරන එක තමයි ඉස්සරහට කරන්න වෙන්නෙ, මේ ලොක්කො සොක්කො කියන , කරන දේ බැලුවම.

    ReplyDelete
  9. අය වැය ගේන්නේ නැතුව රජා රටේ සල්ලි උගේ අම්මගේ අප්පාගෙ බුදලේ වගේ පුතාට ජොගි නටන්න වියදම කරනවා
    අය වැය ගේනාවත් ඔකා වියදම් කරන්නේ ඕකට ඕන විදියට, ඒත් ඔකාගේ ජෝගි වලට කොච්චර අපි ගෙවන්න ඕනද කියලා එතකොට එලිවෙනවා ?
    ඔය විඅය්දම් කරපු සල්ලි වලින් අර අවතැන්වෙලා අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී ඉන්න මිනිස්සුන්ට ගෙවල් ටිකක්, ඉස්කෝලයක් දෙකක් හදලා දුන්නා නම් 'ජාත්‍යන්තර ප්‍රතිරුපේ'(දැන් ඔය මගුල කලේ එකට කියනවා නොවෑ ) වර්දනය කර ගන්න තිබුනේ නැද්ද
    ප්‍රතිරුපේ කෙසේ වෙතත් මෙකේ තාම මනුස්සයෝ කියලා ජාතියක් ඉතුරුවෙලා ඉන්න බවවත් පෙන්න ගන්න තිබුනා

    (අයිපා වේ එකම හොඳනම් හොර තක්කඩි දේශප්‍රේමි සන්ස්කෘතික පොලිසියේ රෙද්ද කඩාවැටීමයි )

    ReplyDelete
  10. මේ තියෙන්නේ මම මූනු පොතේ අයිෆා ගැන දාපු එකකට දේශප්‍රේමියෙකුගෙන් ආ කමෙන්ට් එකක්

    "salli nolabunata.ape rate e wage deyak karanna apita puluwan kiyala loketa api pennuwa,.......ape ratata ena ayawa piliganna widiya wena eka ratakatawath karanna beha kiyala den e aya dannawa.......itha keti kalayakin lassanatama karapu iifa eka lankawe kiyala gulf news eketh tibuna,,,,,,,, me hema dekinma lebenne ape ratata keerthiyak neda.........meya digu kaaleena ayojanayak misak 400 milion walin nawathina deyak neme......."

    . . .. .

    මේ තියෙන්නේ මගේ පිලිතුර . .

    "ඔව් ඔව් මල්ලි . . ලෙඩා මලත් බඩ සුද්දයිනේ නේද??? ඒ මදිද ????"

    ReplyDelete
  11. මේ තියෙන්නේ මම මූනු පොතේ ශෙයා කරපු ලිපිය . . ලංකා ටෘත් එකෙන් තමයි අරගෙන තිබුනේ . . .!

    අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විශාල මුදලක් වැයකර ඇති මුත් යළි ලැබී ඇත්තේ සුළු මුදලැකැයි වාර්තාවේ. උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 700ක් පමණ වැයකළමුත් ටිකට් පත් විකිණීම සහ සංචාරකයන්ට පහසුකම් සැපයීම හරහා යළි ලැබී ඇත්තේ රුපියල් මිලියන 400කටත් අඩු මුදලකි. අවසන් උත්සවය සදහා කලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් 14 ගුණයක මුදලක් වැයවී ඇති අතර මේ අසාමාන්‍ය වැඩිවීමට හේතුව තවමත් අනාවරණයවී නැත. මෙම උළෙල පැවැත්වීම හරහා ශ්‍රී ලංකාව සංචාරක භූමියක් ලෙස කීර්තියක් දිනා ගැනීමට අපේක්ෂා කළද සිදුවූයේ එහි ප්‍රතිපක්ෂයයි. අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමත් සමග ලංකාව යුද අපරාධ කරන රටක් සහ දෙමළ ජනතාවට හිරිහැර කරන රටක් ලෙස හදුන්වමින් ලංකාවට නොයන ලෙස තමිල්නාඩු සිනමා ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් ප්‍රචාරක සහ උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත්විය. එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ගෙන ආවේය. අයිෆා උළෙල නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයවූවා නොව එය තවත් බිද වැටුණු බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

    අයිෆා උළෙල නිමිත්තෙන් කළ බොහෝ වියදම් නාස්තිකාර වියදම්වීමේ ලකුණු පෙනෙන්නට ඇත. උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එහි ටිකට්පත් සාමාන්‍ය ජනතාව අතර අලෙවිවන්නේ නැත. කටුනායක සිට කොළඹට එහි ටිකට්පතක මිල රුපියල් 2500ක් වන අතර සාමාන්‍ය ජනතාව එතරම් ඉහළ මිලකට දුම්රිය ටිකට්පත් මිලදී ගන්නේ නැත. සාමාන්‍යයෙන් කටුනායක සිට කොළඹට කුලී රථයක් රුපියල් 2800කට ලබාගත හැක. මෙම දුම්රිය සුදු අලියෙක්වී ඇති අතර එය භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
    මේ අතර රුපියල් මිලියන 450ක් වියදම්කර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමද ඵල රහිතවී ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ මීට පෙර අසුන් 5000ක් තිබූ අතර විශාල මුදලක් වැයකර එය අලුත්වැඩියා කිරීමෙන් පසුව එම අසුන් ප්‍රමාණය 2000කට අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ 5000කට අසුන්ගත හැකි එකම ශාලාව ලෙස තිබුණේ එම ශාලාවයි. දැන් එම පහසුකමද ශ්‍රී ලාංකිකයන්ට අහිමිවී ඇත්තේ විශාල මහජන මුදලක්ද කාබාසිනියා කරමිනි.

    අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා ලංකාවේ සිනමාවට හෝ සංචාරක කර්මාන්තයට කිසිදු යහපතක් සිදු නොවූ අතර විශාල මුදලක් ඒ වෙනුවෙන් නාස්තිවූ බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූ බවත් විවේචකයෝ පවසති

    ReplyDelete
  12. දුකා අයියෙ කොහෙද මෙක තිබුනෙ... මාව මෙ වගෙ දෙවල් දකිද්දි වෙව්ලන්න ගන්නවා.... මාර මිනිස්සුනෙ ....... කවුද කිව්වෙ...

    ReplyDelete
  13. @ රවා

    ලංකාටෲත් සයිට් එකේ තියෙනව

    ReplyDelete