Thursday, June 10, 2010

ඉරිදා ටියුෂන් තහනම හෙවත් ආන්ඩුව මිනිසුන්ගේ අධෝමුඛයන්හි ඇගිලි ගැසීම


පුලස්තිගෙ අම්ම පුලස්තිට දහම් පාසල් යන්න කියලත් නැහැ.පුලස්ති ගිහිල්ලත් නැහැ.පුලස්ති ගිය ඉස්කෝලෙ මිස්‍ර එකක් හින්ද ගෑනු ලමයි එන දහම් පාසල පුලස්තිට අමුතු ආතල් එකක් උනෙත් නැහැ.

නගර වල අනවශ්‍ය විදිහට හැසිරෙන කපල්ස් රිමාන්ඩ් කොරන එකයි ඉරිද ටියුසන් තහනම් කොරන කතන්දරෙයි එකකට එකක් සෙට් වුන හොදට හිතල බලල ගත්ත තීරන වෙන්න ඕනෙය කියලයි පුලා හිතන්නෙ.දැලි රැවුලු එන වයස වෙනකොට කොල්ලො සීයේට අනූවක් දහම් පාසල් යන්නෙ සදාචාරෙ වර්දනය කොරගන්නද වර්දනය වෙච්ච වෙන මොකක් හරි චාරෙකට හරියන්න වෙනත් ෆන් එකක් ගන්නද කියන එක හංගන්න ඕනෙ දෙයක් නෙමේ.ඒත් දැන් දැන් කොල්ලොන්ට දහම් පාසලට වැඩිය ආතල් ස්පොට් ලව් සීන් වලට සෙට් වෙනව.හාමුදුරුවො ඔරවගෙන ඉන්න දහම්පාසලට වඩා ටියුසන් කැලෑසිය ඇහැට කනට පේන දැරිවියකට ඇල්ම බැල්ම දාන්න වටින තැන.කිසි ගතියක් නැති ලමා සාරියට වඩා ඇගේ හැඩේ බේරෙන කලිසම ගහල පංතිවලට එන දැරිවියො කොහොමත් ඇස පිනවන පිය දසුනක්.

දැන් ඉරිදට ටියුසත් බෑන් කොරල පාක්වල ඉන්න කපලුත් හතර අතේ අල්ලන්න ගත්තම මොකෝ වෙන්නෙ?
නාඹර වයසට එන යවුවන කොල්ලොන්ට තමන්ගෙ සොබාවික ආසාව පිරිමහගන්න තියන එකම තැන මොකක්ද?ඔන්න අර කතන්දර දෙක ලින්ක් වෙන තැන.අපේ බලදාරීන් මොනව නැතත් වස බුඩ්ඩ්මත් සෙට් එකක් කියන එක මේකෙන් ඔප්පු වෙනව.ඉරිද ටියුසන් තහනම් කොල පලියට අපේ කොල්ලො දහම් පාසල් යාවිය?හැබැයි කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ප්‍රසිද්ධ තැනක ඉන්න එකත් බෑන් කොලාම පස්සෙ ආස වුනා නැතා හරි කෙල්ලෙක්ට ඇහැක් වත් ගහන්න දහම් පාසලට හරි රිංගන එක හැර විකල්පයක් තියනවද?

"මෝඩ කතා කියන්න එපා මනුස්සයො" පුලාගෙ විග්‍රහය ඇහුවම පුලාගෙ බිරින්දෑ කිවුව.
"ඔය ලොකු ලොක්කන්ගෙ තීරන ගැන කතා කොරන්න ඔහෙට තියන උගත්කම මොකක්ද?"
"එතකොට අපිට දරුවෙක් හිටපු දවසට එයාට මොකෝ කොරන්නෙ?"
"දරුවෙක් නං දහම් පාසල් යවන්න ඕනෙ නැහැ.දැරිවියක් නම් යවන්න ඕනෙ"පුලාගේ වයිෆ් කියපි.
"ඇයි ඒ?"
"දැරිවියක් ඕකට ගියාට කමක් නැහැ.ගාතාවක් වත් පාඩම් කර ගන්නැතැ.දරුවෙක් නං වත්ත පහල බතල පාත්තියක් දාල දීල ඒක වගා දිගා කරන්න කියනව ඉරිද නිවාඩු නං.අඩුම තරමින් කීයක් හරි හොයාගන්නවත් ඇහැකි නෙව"
"හ්ම්" පුලා කිව්ව.පැලෑන් කොරාට වැඩක් නැහැ සේරටම කලින් පුලාට ලමයි ඉන්න එපැයි.

පුලස්තිට ලමයෙක් හිටියොත් තත්වෙ මොකක්ද?
ලමය ඉරිදට ගනිතය ඉගෙන ගන්න ටියුසන් යවනවද ආගම ඉගෙනගන්න දහම් පාසල් යවනවද අතේ වැඩක් ඉගෙන ගන්න වත්ත පහල බතල පාත්තියට යවනවද ඒක පුලස්තිගෙයි පුලස්තිගෙ දරුවාගෙයි බිස්නස් එකක්.ඒකට ආන්ඩුව ඇගිලි ගහන්නෙ මක්කෙයි?
යුද්ද කාලෙදි හැම දේකටම ආන්ඩුව එබිල බලන්න පුරුදු වුනා.ගෙදර නැවතිල ඉන්නෙ කවුද.උන් ඉන්නෙ මක්කටද.සාමාජික ගාන කීයද.උන්ගෙ රස්සා මොනවද.බස් එකෙකින් ගමනක් යද්දි බැස්සුව.අපේ ගමන් මලු අස්සට එබිල බැලුව.ඒව ඇතුලට ඇගිලි ගැහුව.පෝලිම් ගහල අපිව නවත්තගෙන හිටිය.
අපි මක්කවත් කිව්වෙ නැහැ.යුද්දයක් නෙව.ආන්ඩුවට අපේ ජීවිත ඇතුලට එබිල බලන්න ඇගිලි ගහන්න දීල කට වහගෙන ඉවසගෙන හිටිය.

ඒ පුරුද්ද දැන් එක්ස්ට්‍රීම් ගිහින් ඕනෙ මගුලටයි නැති මගුලටයි හැම එකක් ඇතුල්ටම එබෙන එක ඇගිලි ගහන එක ආන්ඩුව සිරිතක් කොරගෙන.ඉරිදට මගෙ ලමයව ටියුසන් යැවුවත් නැතත් ආන්ඩුවට තියන වාත අමාරුව මොකක්ද?ටියුසන් යවනව කියන්නෙ කුඩු ගහන්න යවනව වගේ නීති විරෝධී වැඩක්වත් කාගෙවත් අයිතියකට කෙලවෙන වැඩක්වත් නෙවෙයි නෙව.ආන්ඩුව මිනිස්සුන්ගේ පුද්ගලික වැඩ වලට ඉන්ටර්ෆියර් වෙන්න ඕනෙ ඒවයින් සමාජෙට හානියක් වෙනව නං හරි නීති විරෝධී වැඩක් වෙනව නං හරි විතරයි.අපේ ජීවිත අපේ මිස ආන්ඩුව අපිට නයට දුන්න එව්ව නෙමෙයි.
පුලස්ති රජතුමාට කියන්නෙ මෙච්චරයි.
තමුන්නැහෙට ඕනි නං නාමල් බබාව ඕනෙ දහම් පාසලකට යවාගන්න.අපේ දරුවොන්ට ඉරිදට උගන්නන්නෙ ආගමද ගනිතයද වත්තෙ බතල ඉන්දන එකද කියල අපි තිරනය කොරගන්නං.

16 comments:

  1. to my knowledge , the proposal is to prohibit the tuition classes on Sundays,,but there is no any sort of restrictions for the activities what children have to do on Sundays..It is a personal preference..either one can use the time to attend damma school or not

    ReplyDelete
  2. ඇත්ත. අපි කරන කියන දේවල් වලිං වෙන කාටවත් කරදරයක්, හිරිහැරයක් වෙන්නේ නැත්නම්, අපි මක්ක කළාම කාටවත් ඇති රුදාව මොකද?

    @Yasela Sumanasinghe: And that is exactly what the writer has done in the post; Discovering the relationship between the Tution-Ban and the Love-Ban.

    ReplyDelete
  3. මුලු රටම හිඟන්නගෙ තුවාලෙ වගෙ පැලැස්තර කැලි අලවලා එවා යටින් තියන තුවාල වලින් ඔජස් ගලනවා පෙනවා.දරුවො ගුණ දහම් ඉගෙන ගන්නෙ දෙමව්පියන්ගෙන්... අද දහම්පාසල් කියන්නෙත් සමජ පන්තිය නිරුපනය කරන තැනක්. ඕනෑ තරම් උගත්තු ඉන්නවා දහම් දැනුම 100 එත් කිසි කරුනාවක් දයාවක් හදවත ඇතුලෙ නැති. කිසි සිල්වත් කමක් නැති. අපි පංසිල් වලින් කිපයක්වත් රකිනවා. එත් ඔය ධර්මාචාර්‍ය කප් ගහපු උන් කුලියට අනුන්ගෙ ගුණ මකනවා. බැරි වෙලාවත් මහින්ද මහත්තයා කරන දෙයක් ධර්මයට පටහැණි කියලා කිව්වොත් බුදුහාමුදුරුවන්ටත් වැරදුනා කියලා ඔප්පුකරන්න පුළුවන් තරම් දහම් දැනුම තියන උගත්තු පිරිසක් ජාතික රුපවාහිණිය වට එකතුවෙලා ඉන්නවා.මුන්ගෙ දරුවන්වද ඉරිදා දහම්පාසල් ගිහින් ගුණයහපත් දරුවො කරන්න හදන්නෙ. නිවැරදි තිරණ ගැනිමෙ නිදහස නැති කරා, මිනිස්සුන්ගෙ උතුම් ගුණ මකලා රටෙ මිනිස්සුන්ගෙ හිත්වල වෛරය වැපුරුවා. නැති ගුණ ඇති කරලා මවලා පෙන්නුවා. බලයට මුලු පාලක පන්තියම සරත් ෆොන්සෙකා මහතාට කල දෙ අනගතෙ දවසක ජාතිය තුල විවාදයකට ඇවිල්ලා ඇත්ත එළිවෙවී. එතකොට ඔය සිංහල බෞද්ධයො කියලා සුදු ඇදුම් ඇදන් ඉන්න මිනිස්සුන්ට වැටහෙවි එදා අපි සරත් ෆොන්සෙකා මහත්තයට කරද්දි නිහඬව උන්න හින්දා නෙද අද අපෙ දරුවන්ට මෙ තත්වෙ උදාවුනෙ කියලා. මහින්ද මහත්තයගෙ රජය වටා එකතු වෙලා ඉන්න මිනිස්සු කපටියි.. නමුත් මම හිතන්නෙ කපටි මිනිස්සු මොඩයි කියලා. මොකද එයාල දෙයක් කරද්දි දුර කල්පනා කරලා බලලා කරන්නෙ නැහැ. මතට තිත තිබ්බා .. මමත් බොන්න ගත්තා.
    හොදට බලහල්ලා ඉතිහාසය වැඩිය ඔනා නැහැ අවුරුදු 60 ක් පස්සට දැන ගනිල්ලා. අපෙ දෙශපාලුවොම තමයි අපි කැවෙ. දුප්පත් මනුස්සයගෙ දරුවා ට ඉංග්‍රිසි නැති කරලා තමුන්ගෙ දරුවන්ව එංගලන්තෙ කෙම්බ්‍රිජ් ඇරියා.. පෙනවානෙ දැන් එයාලගෙ පරපුරෙ නැටි කෑලි තමයි දෙශපාලනයෙ ඉන්නෙ. කාලෙකට කලින් බොහොම තෙජසින් හිටපු පවුල් වල කඩා වැටිම් ගොඩාක් ඇති වෙනවා. සල්ලි බලය හැමතිස්සෙම තියෙන්නෙ නැහැ. දෙමව්පියන්ගෙන් තමයි දරුවො හැමදෙම ඉගෙන ගන්නෙ. බලය, තණ්හාව වෙනුවෙන් මොකද්ද කරන්නෙ එ දෙ නැවත ආපහු එනවා. කොච්චර බලගතු කෙනෙක් වුනත්.

    ReplyDelete
  4. රවා.. බොහොම හරි...

    ReplyDelete
  5. පුලෝ උඹ ගේමටද කතා කරන්නෙ.. හිටපිය උඹට දරුවො හදන්න දෙන්නෙ නෑ. රමණය කරන එක තහනම් කරනව ළඟදිම.

    ReplyDelete
  6. ඔය ටියුශන් කෙරුවාව ඔච්චර ඕන වුනේ ..ඔය ලොකු ලොක්කොන්ගෙ වැරැද්දෙන්ම තමා.....ඔක්කොටම ඉස්සර වෙලා අධ්‍යාපනේ තියන අඩු පාඩු හදන්න ඕන...

    ReplyDelete
  7. අපේ මිනිස්සු ඔක්කෝම බොහෝම අපූරුවට රැවටුනා. ශ්‍රී ලාංකිකයෝ කොහොමත් රැවටෙන ජාතියක් කියලා ඉතිහාසෙන් ඉඳන් පාඩම් තියෙනවනේ . . . දැන් මේ රැවටුනු රැවටිල්ලෙන් ගැලවිලා නියම ප්‍රජාතාන්ත්‍රික රටාවකට රට ගේන්න නම් මොන වගේ දේවල් කරන්න ඕනද කියන දේ සාකඡ්ඡා කරන්න ලොකූ සංවාදයක් ගොඩ නගන්න වෙනවා. ඒකට පාට පක්ෂ බේදයයක් නැතුව හැමෝම එකත් උවෙන්න වෙනවා. ඒත් මට හිතෙන්නේ තාම හැමොම තමන් රැවටුනු ප්‍රමානය හරියටම තේරුම් අරන් නෑ. ඒක නිසා තව ටික කාලයක් හැමෝමටම පරිප්පු කන්නම වෙනවා. පරිප්පුව දිරව ගන්න බැරි වුනු දවසක හැමෝම එකතු වෙලා යමක් කල යුතු වෙනවා

    ReplyDelete
  8. මේක ගැන හොඳම කතාවක් සන්නස්ගල සර් tv එකේ කිව්වා.. සර් කියනවා මේකෙන් අසාධාරනයක් වෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් සිසුන්ට කියලා. පෝසත් ලමයි ගෙදරටම ගුරුවරු ගෙන්නගෙන කරන පන්ති නවත්වන්න මේකෙන් බැහැනේ. ඉතින් එහෙම පැයට දාහ ගානේ ටියුශන් මිලට ගන්න බැරි දෙමව්පියන්ගේ දරුවන්ට තමයි කෙල වෙන්නේ. එ මනුස්සය කියන කරන බොහොමයක් වැඩ මට අල්ලන්නේ නැතිවුනාට මේ කතාවට නම් කටේ මසුරං දාන්න වටිනවා.

    ReplyDelete
  9. ඉරිදා පමණක් නොව අන් සෑම දවසකම ටියුෂන් නවත්වා ළමයින්ට ළමයෙක් වෙන්න ‍ඉඩ දිය යුතුයි පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතුයි එච්චරයි. බොරුවට කෑගහලා වැඩක් නැ

    ReplyDelete
  10. @ රවා
    සොබනි පෙන්නල දීල තියන විදිහට මේකත් අන්තිමට සල්ලි බලේ තියන ඈයොන්ට පුරස්නයක් නෙවි.දුප්පතාගේ බඩට තමා හැම එහෙකින්ම වදින්නෙ.ජනතාවාදී ආන්ඩුව!

    @ ලොකුබුවා
    මේකනේ මිත්රයා ඉස්කෝල හදනව නං අපිත් එගේන්ස්ට් නැහැ.ටියුසන්වලටය කියල අමුතුවෙන් වියදම් කොරන්නෙ මොකද.හැබැයි හරියට ඉස්කෝල පාලනය වෙන්නෙ නැති හින්දනෙ ලමයි ටියුසන් යන්නෙ.ආන්ඩුව එහෙනම් කොරන්න ඕනෙ ඉස්කොල ටික හරියට උගන්නන තැනට වැඩ සලස්වන්න.එහෙම නොකර ටියුසන් බෑන් කරල හරියනවද?

    @ අවුට්සයිඩර්
    වැඩේ කොරන එක නවත්තන්න ආපු දවසට නං හැබැයි මහජනයා කවුරු කවුරුත් සෙට් වෙලා ඒක කරන්න යන කෙනාට වැඩේ කොරයි :)

    @ others
    තැන්ක් යූ වේවා අදහස් වලට.මේ ගොබ්බ වැඩ වලට පක්ස නැති ටික දෙනෙක් හරි ඉන්න එක ගැන පුලාට මොනා නැතත් සැටිස්

    ReplyDelete
  11. ටිකක් සද්ද නැතුව කතාව යන හැටි බලාගෙන හිටියේ. මොකද මචං මේ සම්බන්ධයෙන් රාළලට එහෙම උත්තර දුන්න හින්දා ඒ ටිකම ආයේ ලියන එක තේරැමක් නෑනේ. අපේ එවුං මොන රෙද්දං තමන්ගෙ පක්ෂෙන් දැම්මත් රෙදි නැතුව ඒකට කඩේ යනවා. මේ වෙලා තියෙන්නෙත් ඒකම තමා. ඒත් උන් දන්නේ නෑ මේ කෙළවෙන් යන්නේ අපිටමයි කියලා.

    අනිත් කාරණේ දරැවනේ කල්පනා කරපල්ලා උඹලගේ අම්මලා තාත්තලා ගැන. ඊට පස්සේ අහලා බලපල්ලා අම්මලා තාත්තලා දහම් පාසල් ගියාද කියලා. අම්මල තාත්තලා සදාචාර සම්පන්න වෙලා තියෙන්නේ ටියුෂන් නොගිහින් දහම් පාසල් ගිය නිසාද යන්න හොයලා බලපල්ලා. ඒ ගමන්ම දහම් පාසලේ හිටපු සාදුලා ගැනයි මානවිකාවියෝ ගැනයි පොඩ්ඩක් අහලා බලපල්ලා. එතකොට එළිවෙයි "අපි නොදන්න මොනරතැන්න"

    දහම් පාසල් යවලා ළමයි සදාචාර සම්පන්න කොරන්න ඉස්සර වෙලා අපිට තියෙනවා බොහෝම බැරෑරැම් කාර්යයක්. ඒක තමයි පන්සල සදාචාර සම්පන්න කරගන්නවා කියන එක. මේක කිව්වා කියලා මගේ ඇගට කඩා පනින්නේ නැතුව තම තමන්ගේ පන්සල් ගැන නිවී සැනහිල්ලේ හිතලා බලන්න. (අපි නම් ඉතින් සූස්තියක් ගහලා තමයි හිතන්නේ)හැබැයි මේ ගැන හිතනකොට මතක් කරලම තමන්ගේ ආගමයි, ජාතියයි, පක්ෂයයි පැත්තකට තියලා හිතන්න. එතකොට තමයි බැලන්ස් එකේ හිතන්න පුළුවන්.

    නැත්නම් ඉතින් වක්කඩේ හංගපු හකුරැ ටිකට වෙච්ච දේ තමා.

    ReplyDelete
  12. මේවා මේ මිනිස්සුංගේ සැබෑ ප්‍රශ්න වහන්න කරන බොරු විකාර.බෝලර් ඔර්‍රෝලා බැට්ස්මන්ව විකාර කරලා කේන්ති ගස්සලා ඊළඟ බෝලෙං විකට් එක ගන්නවා වගේ චොර වැඩ මේවා. ඒක ස්පෝර්ට්ස්මන්ෂිප් එක නෙවෙයි වගේ මේකත් ගොං පාර්ට් එකක්. කෝ පොලිතින් තහනම?අර මයික්‍රෝන 10යේ කතාව. කෝ ටී වී පී කතාව?අර ජාන වෙනස් කරපු තහනම.අනිත් දාපු විකාර මටත් මතක නෑ.ලංකාවේ බහුතර ජනතාව කකුල් හතරෙං යනකම් අවස්ථාවාදියෝ මේ විදියට මෝඩ ආතල් දීලා බොර දියේ මාළු බායි.

    ReplyDelete
  13. යකෝ..ආණ්ඩුවක් මොකක් හරි පනතක් ගේන්නෙ රටේ යහපතට.නැතුව රට විනාස කරණ එක ඔය එක ආණ්ඩුවකවත් අදහස වෙලා නෑ.රටේ ඉන්න උන් ඒක තමන්ගෙ වාසියට හරව ගත්තට ආණ්ඩුවක් පලි නෑ.බන්ඩාරණායක මහත්තය සිංහල රාජ්‍යය බාසව කෙරුවෙ හැමෝටම මව් බසාව පාවිච්චි කරණ එක පහසු නිසා.එහෙම නැතුව ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කිව්වෙ නෑනෙ.මටනම් පේන්නෙ උඹල වාගෙ එවුන් ඉන්නකන් රටේ සදාචාරයක් විනයක් හදාගන්න බැරි වෙන පාටයි.

    ReplyDelete
  14. අපිට නම් ටියුෂන් ඔනේ නෑ අපි තාමත් ඉස්කෝලේ යනවනේ ඉගෙන ගන්න

    ReplyDelete
  15. මචන් ඕවා ආණ්ඩුවේ ගැට. , මොනවා හරි මිල වැඩි කරන්න ඕනේ උනාම තමයි ඔය බයිලා ගහන්නේ. මම හිතන්නේ මේ සැරේ ලයිට් බිල වැඩි වෙයි.
    කොහොම උනත් රජතුමා නාමල් බේබි ගැන නම් හිතනවා, අර වෙබ් අඩවි වගයක් තහනම් කලෙත් ඒ නොදරුව නරක් වෙනවටනේ,

    ReplyDelete
  16. Casino Review 2021: Play Free Slots at Jumba Casino
    Jumba Casino has had a lot of success 원주 출장마사지 with its live casino and table games, and they've done 동두천 출장안마 a great 익산 출장샵 job with their 문경 출장샵 casino. You might be 영천 출장마사지

    ReplyDelete