Sunday, June 13, 2010

කවන්ධය බැසිල්ගේය - ඔලුවයි ආත්මයයි සජින් වාස් ගුනවර්ධනගේය


රාජපක්ස සහෝදර සමාගම ගැන විවේචන ගේනකොට ජැක්සන් ඇන්තනී බොස් උත්තර දෙන්න මිඩංගු කොලේ වචන තුනයි.
"ඉතිහාසෙත් මෙහෙම තමයි! "

රාජපක්ස සඕදරයො තුන්දෙනා වගේ නැනින් නුවනින් තේජසින් අගතැන්පත් තුන් කට්ටුවක් පහුගිය කාලෙ අපේ රටේ මාධ්‍ය ඈයොන්ට හිටියෙම නැහැ.මිනිස් කුසකින් උපන්න මිනිස් පරාන තුනකට වගේ නෙමෙයි මේ තුන් කට්ටුව ගැන කතා වුනේ.ආස්චර්යය පාන්න පුලුවන් මහා බුවාල තුන්දෙනෙක් ගැන වගෙයි මාධ්‍ය බුවාස්ලා මහින්ද,ගෝඪාභය ,බැසිල් සඕදරයන් තුන්දෙනා ගැන ලිව්වෙ.කිව්වෙ.
යුද්ධය දිනා දුන් රනබිමේ නියමුවා ගෝඨාභය.
උන්නැහෙට පරපීඩක කාමුකත්වය තියන ස්ත්‍රී දූසන දුසිමක් කොරපු ආයුද හොරකම් කොරන වලත්තයෙක්ව උනත් දක්ෂ හමුදා නායකයෙක් කොරන්න ඇහැකි.කොහොමෙයි හැකියාව?
යුද්ධයට මග පෙන්වූ ජාත්‍යන්තරය දන ගැස්වූ විරයා මහින්ද.
ජේආර් යුද්දෙ කොරද්දි මුලු ලෝකෙම ජේආර්ට විරුද්ද වුනා.ජේආර්ට බැරි වුනා මේව නවත්තගන්න.ඒ වගෙය මහින්ද?කොහොමෙයි ජාත්යන්තරේ කලමනාකොරනය කල අපූරුව?ඉන්දියාව එහෙම දන ගස්සපු එක සිම්පල් වැඩක්ය විස්වකර්ම වැඩක් මිස? -
("දන ගහපු" ඒවයෙ එරියස් එක්ක දැන් සීපා වලින් අල්ලන්න යනව කියන එක පොඩ්ඩක් අමතක කරමු )
දුටුගැමුනු යුද්ද කරද්දි සද්ධාතිස්ස දකුන අස්වැද්දූවේ යම්සේද දොරින් දොර සිනා කැන් කැන්දමින් දකුනේ සංවර්ධන සංග්‍රාමේ කොලේ බැසිල්.මේ මහා යුද්ධයක් මැද්දෙ ලේසි පාසු සංවර්ධනයක්ද කොලේ.සංවර්ධනේ ගැන බැසිල්ට තියෙන නොලේජ් එක වෙන මොකාටවත් නැති හින්දනෙ ආන්ඩුවෙ නිල නොවන ලොක්කා විදිහට උන්නැහෙ ඒ වංගියෙ හිටියෙ.
රාජපක්ස සහෝදර තුන් කට්ටුව මේ හින්ද හිතාගන්න වත් බැරි වැඩ කොරන්න පුලුවන් මාරම පවුලක් විදිහටයි රාජ්‍ය රාජ්‍ය නොවන ජාතික විජාතික හැම මීඩියා එකකින්ම ලොකුවට පෙන්නල දුන්නෙ.

බැසිල් උතුමානන්ට ගම්පහ චන්ද ලක්ස 4ට වැඩිය හම්බුනෙ මේ සංවර්ධන ඉමේජ් එක හින්ද.විස්මකර්ම පවුලකින් පැවතගෙන එන මේ මහා සංවර්ධන මැජික් ලාම්පුව අත ගාපු ගමන් සංවර්ධන භූතයා එලියට එයි කියල ගම්පහ බුඩ්ඩිමත් ජනතාව කල්පනා කොරපු බවක් පෙනුන.ඒ පුදපු උපහාරෙට හරියන්න තියන හොදම අමාත්‍යංස කෑලි ටික එක්කාහු කොරල රජතුමා බැසිල් උතුමානන්ට බාර දුන්නා හා හා පුරා කියල අලුත් අමාත්‍යංසයක් - ආර්ථික සංවර්ධන අමාත්‍යංසය.කොහොමද ‍නම?තේජස බේරෙනව නේද?

සංවර්ධන අමාත්‍යංසය ගත්ත විතරයි බැසිල් උතුමානන් බැස්ස වැඩට.පොඩි පොඩි සද්ද උන්නැහෙට පුරුදු නැහැ.දානවනම් දාන්නෙ රටටම ඇහෙන ලොකු සද්දයක්.තමන් යටතේ තියන සංචාරක අමාත්‍යංසය පාවිච්චි කොරල වසරේ සංවර්ධන ව්‍යාපෘතිය හා හා පුරා කියල උන්නැහෙ පටන් ගත්තෙ මේ අනුව.ව්‍යාපෘතියෙ නම අයිපා.

http://www.lakbimanews.lk/news/laknew2.htm

ලක්බිමනිව්ස් ඉංගිරිසි පත්තරේ වැටුන මේ ලිපිය කවුරු කවුරුත් කියවල බලන්න වටින ලිපියක් කියලයි පුලා හිතන්නෙ.මේව ඉංගිරිසියෙන් දැම්මට ආසාවකට සිංහල ජහමනයාට කියවන්න හිංගලෙන් දාන්න තරම් අපේ මාධ්‍ය බුවාලට කොන්දක් නැත්තෙ ඇයිද කියල පුලස්ති දන්නෙ නැහැ.ලක්බිමනිව්ස් එකේ යන සීන් ලක්බිමේ නැහැ.අයිලන්ඩ් එකේ යන සීන් දිවඉනේ නැහැ.
ඇත්තට ලෝකෙ රටේ වෙන දේවල් දැනගන්න ඕනෙ ඉංගිරිසි කියවන කීපදෙනෙක් විතරයි සිංහල ජහමනයාට ඒව කැප නැහැ කියල මාධ්‍ය බුවාල හිතනව වගේ.

ඒකෙන් මේකෙන් ලිපියෙන් කියන දේවල් මෙහෙමයි.

1.අයිපා එකට ගිය මුලු වියදම එහෙම් පිටින්ම දරල තියෙන්නෙ ලංකාවෙ සංචාරක මන්ඩලේ.ඉන්දියාවේ අයිපා සම්මාන උලෙල කොරන ආයතනෙ සත පහක වියදමක් ඒකට දරල නැහැ.
අයිපා කියන්නෙ ඒ සමාගමේ ප්‍රොජෙක්ට් එකක්.ඒ කියන්නෙ ඇත්තටම වෙලා තියෙන්නෙ කොහෙවත් සමාගමක ප්‍රොජෙක්ට් එකක් සම්පූර්නයෙන් ලංකාවෙ ආන්ඩුවෙ වියදමින් කොරල දෙන එක.

2.අයිපා මුලු වැඩේට බිලියනකට කිට්ටු ගානක් සංචාරක මන්ඩලේ යට කොරල තියනව.ටිකට් වලින් හම්බෙල තියන ඉන්කම් එක මිලියන 15ටත් අඩුයි.ලංකාවෙ ඈයොන්ට තිබුන ටිකට් 500 කින් විකිනිල තියෙන්නෙ 75යි.ටිකට් 340 ක් ආන්ඩුවෙ ඇමතිවරුන්ගෙ පවුලෙ අය ජනාධිපති ලේකම් කාර්යාලෙ නිර්දේස කොරපු උදවියයි අතර නොමිලේ බෙදල දීල තියනව.ඉන්දියාවෙ ඉදන් අයිපා බලන්න එනවය කියපු උදවියට කටුනායක ඉදල දාපු විසේස කෝච්චියේ එක ටිකට් එකක්වත් විකිනිල නැහැ!

3.සල්මන් කානුයි තවත් ඉන්දියාවෙ නිලියකුයි හෙට අනිද්ද ආයෙත් සංචාරක අමාත්‍යංසයෙ ආරාධනෙන් ලංකාවට එන්න නියමිතලු.ඒකෙ සම්පූර්න අනුග්‍රහයත් සංචාරක මන්ඩලෙන්.මේ සේරම අහවර වෙද්දි වෙන වින්නැහිය පත්තරේට තොරතුරු දුන්න බුවා හදුන්වල තිබ්බෙ financial disaster එකක් -මහා ආර්ථික වින්නැහියක් විදිහට!මුලු පාඩුව මිලියන 300 පනී කියල තමයි පත්තරේ තියෙන්නෙ.

මේව දකිද්දි එන පුරස්න කීපයක් පුලා කොලේක ලියාගත්ත.

1.මිලියන් ගනන් මේ වගේ ගොබ්බ විදිහට නාස්ති කොරන්නෙ මේ රටේ ලක්ස ගානක් මිනිස්සු උතුරෙ හරියට ගෙයක් නැතිව තහඩු කෑලි දෙක තුනක් අටෝ‍‍ගෙන අනාථයො වගේ වැටිල ඉන්න වෙලාවක.රටේ මිනිස්සු කොට්ටාසයක් අනාථ වෙලා ඉන්න වෙලාවක ඒව වෙනුවෙන් වියදම් කොරන්න ඕනෙ සල්ලි මේ වගේ ගොං විදිහට වියදම් කොරන එක වැහි නැති වෙලාවක හෙන පාත්වෙන්න ඕනෙ විදිහෙ ක්‍රියාවක් නෙමෙයිද?

2.මේ විදිහෙ සල්ලි නාස්ති කිරීමක් වෙනකොටත් රටේ බුවාල කට පියාගෙන ඇයි?දේසප්‍රේමින් කියල මහ සද්දෙට ලෝකේට ඇහෙන්න කෑ ගහන තමන්ට විරුද්ද මතයක් ගේන එව්වොන්ට අවජාතකවාදියො කියල බැන අඩගහන බුවාල ට මේව පේන්නෙ නැද්ද?පෙනුනත් පෙනුනෙ නැහැ වගේ වෙන අහක් බලාගන්නවද?
රටේ මිනිස්සුන්ගෙ යහපතට දාන්න ඕනෙ සල්ලි මහ දවල් මේ වගේ කාබාසිනියා කොරනකොට ඒක ගැන කට ඇරෙන්නෙ නැති එකාගෙ තියන දේසප්‍රේමය මොකක්ද කියන එක පුලස්තිට පුරස්නයක්.රටට ඇත්තටම ආදරේ නං මේ වගේ වෙලාවට තමයි කටවල් ඇරෙන්න ඕනෙ.

3.ආර්ථික සංවර්ධන විසේසඥ සුපර් පවර් තියන පවුලේ සංවර්ධන යෝදයාගෙ අමාත්‍යංසෙ පලවෙනි ප්‍රොජෙක්ට් එක මේක.මාධ්‍ය බුවාල අපිට ඇන ඇන කිව්ව ආර්ථික කලමනාකොරන හැකියාව අයිපා එක පුරා බේරෙනව.විස්මකරුම පවුලේ විස්මකරුම සඕදරයෙක් මේ රටට විස්වකරුම විදිහෙ පාඩුවක් තමුන්නෙ පලවෙනි ප්‍රොජෙක්ට් එක විදිහට කොරල තියනව.
පුලා අහන්නෙ මෙච්චරයි.
බැසිල් උන්නැහෙට තියෙනව කිව්ව අර මහා සංවර්ධන ඥානය - ඒකට මක්කයි උනේ?
බැසිල්ගෙ කවන්දෙට මිහින් එයාර් කෝටි ගානක් කාබාසිනියා කොරපු සජින් වාස් වැහිලද නැත්තං ඇත්තටම බැසිල් කියන්නෙත් මේක ලියන පුලයි කියවන තමුන්නැහෙලයි වගේ නෝමල් බුවෙක්ද?

මේක මිත්රවරුනි වීරයෝ බූරුවෝ වෙන යුගයක්.දිව්ය බල තියනව කිව්ව විස්වකර්මයො නිකම්ම නිකම් ලොස් පොරවල් වෙන කාලයක්.



10 comments:

  1. ඔය කියන බැසිල් යම් කිසි වැඩක් කරලා තියනවා රටට. එ ගුණ අපි අමතක කරන්න හොද නැහැ. හැබැයි ඉට වැඩිය විනාසයක් කරනවා නම් අපි එ ගැන කතා කරන්න ඔනා. පුලා අයියා කිව්වා වගෙ විරයො බුරුවො කරන යුගයක් මෙක. ජනතාවට ලක්ෂයක යක දෙයක් කරලා, රුපියල් 2000 ගත්තට කමක් නැහැ, නමුත් මෙක ජනතාවට 2000 ක කරලා රුපියල් ලක්ෂයක් සාක්කුවෙ දාගන්නවා වගෙ නෙ පෙන්නෙ. දැන් මිලියන 300 ක් ඉවරයි කියන්නෙ.. ඔය 300 ත් ගිහින් තියන්නෙ අපෙ ම සිංහල මිනිස්සු ටිකක් අතර.

    අපි මෙ වගෙ තැන් වලදි මුකුත් කියන්න හොද නැහැ, අයි. ටී. එන් එකෙයි, දිනමිණෙයි දඟපන්දු දාන මහින්ද අබෙසුන්දර මොනවද මෙ ගැන කියන්නෙ කියලා අහන්න විතරයි තියන්නෙ.

    පත්තර වල විහිලු කතා ලියපු උන් ප්‍රධාන කතෘලා වෙලා, උන් මිනිස්සුන් ගෙ හදවත් ඇතුලෙ වෛරය වපුරවනවා, ජනාධිපතිතුමා මිනිස්සුන්ට මෛත්‍රිය, සදාචාරය උගන්වන්න දහම් පාසල් අරින්න හදනවා. එ අස්සෙ. ගොලයෙ රොත්ත වටෙම ඉන්න නාට්‍යාංගනාවො ටික ගෙනල්ලා මෙතන අරික්කාලක ඇදුම් අන්දවලා නටවනවා. මෙක නම් මරුම ඩ්‍රාමා එකක්

    ReplyDelete
  2. පුලා උන්නැහේට පොඩි පුරස්නයක්. මේ අයිෆා සෙල්ලම මෙච්චර විනාශයක් කරන බව පෙනුණා නම්, ඇයි ඒක පට ගන්නකලින් ඒ ගැන මොකුත් කිව්වේ නැත්තේ? මට පේන්නේ පුලා උන්නැහේ බලන් ඉන්නේ, රජය කරන ඕන වැඩක් වරදිනකම්, දෙඤ්ඤං බැටේ මානසිකත්වයෙන්. රජය අයිෆා පටන් ගත්තේ නරක අදහසකින් කියන්න අමාරුයි. එක්කෝ අක්කර්යක්ෂමතාවය නිසා හරි, එහෙම නැති නම්වෙනත් හේතු නිසා වැඩේ හරිගියේ නෑ. දැන් වැරදිලාවත් අයිෆා එක හරි ගිහින් හෙණ ආදායමක් ආවා නම් පුළා උන්නැහේ මේ විදියටම ලිපියක් දායිද?

    ReplyDelete
  3. පුලා කියන්නේ, දේශපාලන මඩ ගොඩකින් ඔලුව පුරෝ ගත්ත බූරුවෙක්..

    ReplyDelete
  4. එළ පුලෝ එළ, විවේචන ඇතත් බොහෝ කාරණා සමඟ එකඟවිය හැක... කවුරු ම්මොනව කිව්වත් ගහන එක රිදෙන්නම ගහපන්.. කඩේ යන ඒවුන්ට, ..ක දෙන ඒවුන්ට රිදුනට කොරන්ට දෙයක් නෑ.

    අයිෆා කියන්නේ බිස්නස් එකක්. මෙලෝ දෙයක් කර ගන්න බැරි ආන්ඩුව බිස්නස් කරන්න ගිහිල්ල හත් පොලේ ගාගත්ත මදිවට රෙන ඒවා කාලා දිරවගන්න බැරුව ඉන්නේ. ඉන්දියාවත් පිලිගන්නව තිබුනු අසාර්ථකම අයිෆා එක මේකයි කියළ. ලක්ෂ්මන් යාපා කියන මී හරකා. නොම්බර එකේ හරකෙක් බව මේකෙන් ඔප්පු උනා.

    පක්සෙට නැති උනත් ලංකා පත්තරේ කියවපන් තහනම් කරන්න කලියෙන්. ඒකේ ලියනව තාම බය නැතුව. වික්ටර් අයිවන්ගෙනම් කශේරුකාව අරලිය ගහ මන්දිරේ දාලා ඇවිල්ල අමතකවීමකින්.

    ReplyDelete
  5. @ රවා

    ඇත්ත.බැසිල් උතුමානන් උනත් කොරපු හොද දේවල් තියනව.ඒත් මේ වගේ දේවල් දකින්න ඒක බාදාවක් කොරගන්න ඕනි නැහැ.මේක අති සාර්ථක උලෙලක්ය කියල අයිටීඇන් එකේ කියනව පුලා අහගෙන හිටිය.අඩුම තරමින් තමුන්ට වැරුද්දක් වුනා කියන එකවත් නිහතමානීව පිලිගන්න බැහැ.මේ අති සාර්ථක උලෙලේ ඇත්ත ගනන් හිලවු මිනිස්සු අතරට යන්නෙ නැහැ.සිංහල ජාතික පත්තර මෙව්ව ගැන කතා කොරන්නෙ නැහැ.

    @ තරු
    බොහොම පින් ප්‍රශංසාවට :)

    @ මාතලන් - වික්ටර්ගෙ කෙහෙල්මල් පේජ් එක නැත්තං රාවය වුනත් නරක නැහැ :)
    අයිෆා කියන බිස්නස් එකට වෙන කිසි ‍රටක නොලැබුන සත්කාරයක් අපේ ආන්ඩුව කලා.වෙන කිසි රටක ආන්ඩු මේක බදාගත්තෙ නැහැ.ඒත බදාගද්දි ඒකෙන් වෙන්න පුලුවන් ලාබ පාඩු හරියට තක්සේරු කොරන්න ඕනෙ.අනික ප්‍රමුඛතාවෙට ඉඩ දෙන්න ඕනෙ.මේ වෙලාවෙ අවතැන් වෙච්ච අයගේ මහ බරපතල පුරස්නයක් තියෙද්දි වෙන අයට ලාබ හොයන්න මේ වගේ වියදම් කොරන එක හෙන සාටර්.

    ReplyDelete
  6. @ පෙරමුනේ රාල

    වැදගත් පුරස්නයක්.අපි කාට කාටත් කන්නාඩි තියනව.පෙරමුනෙ රාලටත් එහෙම එකක් තියෙනව නෙව.ඉස්ලාම් දර්මයෙ අගුන විතරක් මිස ගුනක් ගැන ආසාවට පෝස්ට් එකක් නොවැටෙන්නෙ ඒකනෙ.
    කන්නාඩි වලින් තොරව ලෝකෙ දිහා උපේක්සාවෙන් බලන්න පුලුවන් නං හොදයි.ඒත් පුලස්තිගෙ මනස තාම එච්චර දියුනු වෙලා නැහැ නෙව.
    බලවත්තු කොරන හොද ගැන කතාකොරන්න පුලා නැතිවට කොච්චර බුවාස්ලා ඉන්නවද.ඒත් බලවත්තු හොදට වැඩිය කොරන්නෙ මේ වගේ ගොබ්බ වැඩ නං අපිට වැඩියෙන් කතාකොරන්න වෙන්නෙ ඒව ගැන තමයි.
    1.අයිපා වගේ එකක් මේ වෙලාවෙ රජ‍යෙ වියදමින් කොරපු එක වැරදියි.මීට වඩා ප්‍රයෝරිටි දෙන්න ඕනෙ දේවල් ‍මේ වෙලාවේ හෑව් නිසා.
    2.අයිපා කොරපු විදිහ අන්තිම කචල්.
    යුද්දෙ දින්නම ඒකෙ ක්‍රෙඩිට් එක හමුදාපතිට නොදී පවුලට යනව නං මේ වගේ පාඩු වුන වැඩවලදිත් ඒ වගකීම පවුල බාරගන්න ඕනෙ නේද?ඒව ගැන කවුරුත් කතානොකරනකොට අහක ඉන්න අපි වගේ එවුනුත් පුලු පුලුවන් විදිහට එව්ව පුරස්න කොරනව.

    ReplyDelete
  7. පෙරමුණේ රාල මෙතෙන්ටත් ගොඩ බැහැල තියෙන්නේ. නම නම් පෙරමුණේ උනාට කතාව නම් හරිම පසුගාමියි.

    ReplyDelete
  8. සිංහළයෝ මොනතරම් මෝඩද.. යුද්දෙ ඉවරවෙලා අවුරුද්දයි ඒකෙ ජයග්‍රහණය අයිති කරගන්න කීදෙනෙක් නම් කුලල් කා ගන්නවද...!! ජනාධිපති නිසා නම් යුද්දෙ දිනුවෙ රටේ හමුදාව නිකං බලාගෙන හිටියද? හමුදාපති නිසානම් යුද්දෙ දිනුවෙ, ගුවන්හමුදාව අහසෙන් මල් දැම්මද?? නේවි එකේ උන් මාලු බෑවද?? උඹලගෙ රට විනාස කරන්න අමුතුවෙන් මොකෙක්වත් ඕනෙ නෑ.

    අද ආණ්ඩුව රටට හොඳ දෙයක් කරනවනම් ඒක නවත්තන්න අමුතුවෙන් විජාතික බලවේග ඕනෙ නෑ... ඕනතරම් "ශ්‍රී ලාංකිකයො" ම ඉන්නෙ...! රටට හෙන ගැහුවත් තමන්ගෙ දේශපාලනික උවමනා ඉ‍ටුකරගන්න විතරයි උඹලගෙ දේශපාලුවොන්ට ඕනෙ. ආණ්ඩුවෙත් එහෙමයි විපක්ශෙත් එහෙමයි. මෙහෙමත් රටක් දියුණු වෙයි ද??? උඩ බලාගෙන හිටපල්ලා උඹලට පුලුවන් ආසියාවෙ ආශ්චර්යම වෙන්න.

    ගියපාර චන්දෙට පොන්සේකා වෙනුවට ප්‍රභාකරන් විපක්ශෙන් ඉල්ලුවනං බලන්න තිබ්බා කැපුවොත් තමන්ගෙ ලේ පක්ශෙ පාටයි කියන කී දෙනෙක් නම් "සිංහළයො" ප්‍රභාට වීනා ගායනා කරනවද, ඌට චන්දෙ දෙනවද කියලා. අමතක කරන්න එපා, උඹලා විවේචනය කරන්නෙ උඹලගෙම රටේ ජනාධිපති ව, හමුදාපති ව, ආරක්ශක ලේකම් ව. උඹලගෙ රටට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
  9. @ Jatheeshan
    අනේ උඹෙ අහවල් එක.. එතකොට උන් මොනවා කලත් අපි හරි කියාගෙන ඉන්න ඔන...?? උඹලා හින්ද තමයි බන් රටට මේක වේලා තියෙනේ... කොහොම උනත් මැද ඡෙදෙ එක්ක නම් මම එකගයි...

    @ Others::::
    ඇත්තටම එළකිරි.... තවත්ට් ඇත්ත කතා කරන්න... උඹලාට ජය....
    ප:ලි: මම UNP,FPA,JVP වත් නොවෙමි....

    ReplyDelete
  10. රජය අයිපා පටන් ගද්දිම අනාගත්තා. ඒකට හේතුව තමයි අයිපා කියන්නේ මොකක්ද කියන එක රජය තේරැම් ගත්තේ නැහැ. ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරයේ (වෙනත් රටවල) ප්‍රසිද්ධ කරන්න කරන පොජෙක්ට් එකක් තමා IIFA කියන්නේ. වෙනත් විදිහකට කියනවනම් මෙහි ඒම් එක විදේශීය වෙළදපොළ. මේ සම්මාන උළෙල ඉන්දියාවේ ති‍යන්නේ නැතුව වෙන රටක පවත්වන ප්‍රධාන හේතුවත් මේකයි. මෙහි ප්‍රදර්ශනය වෙන්නේ ජනප්‍රිය ඉන්දියානු වාණිජ චිත්‍රපට. උළෙලේදී මූලිකත්වය ලැබෙන්නේ ඉන්දියානු සංස්කෘතිය. කොටින්ම මෙහි මාකට් කරන්නේ "ඉන්දියාව". මෙවැනි උළෙලකදී වෙනත් රටකට ලබා ගත හැකි වාසිය අවමයි. මක්නිසාද නිතැතින්ම මතුවන්නේ ඉන්දියාව. ගුවන් යානා ටිකට්පත්, හෝටල් ගාස්තු වැනි ලාභයක් පමණයි සත්කාරක රාජ්‍යයට ලැබෙන්නේ. නමුත් ඉන්දියාවට ඉතාමත් ආසන්නයේ ලංකාව පිහිටිම නිසා හෝටල් ගාස්තු වලදී පවා ලාභය අවම වූවා. අනෙක් පැත්තෙන් ඉන්දීය කොටි හිතවාදීන්ට මෙම IIFA නියම අවස්ථාවක් ලබා දුන්නා. ඒ මේ උළෙලට විරැද්ධ වීමට ඔවන්ට අවස්ථාව ලැබීම නිසා. අවසන් ප්‍රතිඵලය වූයේ වර්ජිත IIFA උළෙලක් පිළිබද ලොව පුරා ප්‍රචලිත වීමයි. ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ලංකාවේ කීර්තිය ඉහළ යාම වෙනුවට අනවශ්‍ය කතන්දරයක් ප්‍රචාරය කරන්නට අවස්ථාව සළසා දීමක් බදු විය.

    අනෙක් අතට යටිතල පහසුකම් සපයන කතාවක් එළියට දමා අපේ ආණ්ඩුව පැනලා දුන්නේය. ඒ උළෙලේ සංවිධායකයින් විසින් කළ යුතු බොහෝ දෑ "Full හින්දුස්ථාන්" වී ආණ්ඩුව සිදු කිරීමය. එමෙන්ම ලංකාවේ ජනතාවට ගොං පාට් එකක් දමන්නටද රෑපවාහිනිය, අයිටීඑන් හා දිණමිණ ලවා සූදානම් විය. එහි අතුරැපලය වූයේ ආණ්ඩුව මතුකරන දෑ IIFA මගින් නොලැබෙන බවට රටතුළ තාර්කික මතයක් ගොඩනැගීමයි. කතුවැකියට ආගිය කතා ලියන මහින්ද හා දිවයින කියූ පරිදි ආර්ථික සදරැස් නොවැටෙන බවත් මේ කෙළවෙන්නෙ තමන්ගේ සාක්කුවට බව ජහමනයාට වැටහුණි. ‍

    අවසානයේ සිදුවූයේ "අතින් කා හරක් බැලීමය" නැතහොත් "සල්ලිත් නෑ සනීපත් නෑ" වගේ වැඩක්ය. සමහරැ කියන විදිහට "පොටෝ මේනියාවට තිත" තැබූ උළෙලක් බවය.

    (ඔන්න මූ පුලාට කඩේ යනවා. ආණ්ඩුවීරෝධියා)

    ReplyDelete