Friday, June 18, 2010

ප්‍රභාකරන් පවුලයි රාජපක්ෂ පවුලයි





ඒ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.මේ පවුලෙ නායකයටත් තේජස් උඩු රැවුලක් තියනව.
ඒ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතා කලේ තමුන්නෙ මවු බාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.මේ පවුලෙ නායකයත් ලෝකෙට ගිහින් කතාකොලේ තමුන්නෙ මවුබාසාව මිස ඉංගිරිසිය නෙමෙයි.
ඒ පවුලෙ නායකය කිව්වෙ තමුන් තමුන්නෙ නිජබිමේ ගැලවුම්කාරයා කියල.මේ පවුලෙ නායකයත් කිව්වෙ තමුන්ගෙ නිජබිමට නිදහස ගේන්න තමා කැපවෙලා ඉන්නව කියල.
කොහොමහරි පවුල් දෙකේම නායකයො එන්ගේජ් වෙලා හිටියෙ එක වගේ බෙල්ල ගහල යන ගේමක.දෙපලගෙම හැම දේම රැදිල තිබ්බෙ යුද්ධය කියන ගේම් එක උඩ.

දකුනේ ලොකු තැනගෙ දේසපාලනේ එල්ලිල තිබ්බ නූල තමයි රට ජාතිය වෙනුවෙන් කොරපු යුද්දෙ.
බඩුවල ගාන වැඩියි කිව්ව එව්වොන්ට දුන්න උත්තරේ යුද්දෙ.මාධ්‍ය නිදහස ගැන කිව්වම කිව්වෙ යුද්දෙ යනව රට ජාතිය වෙනුවෙන් ඉවසපන් කියල.එහෙම ඉවසන්න බැහැ කිව්ව නාහෙට නාහන මාධ්‍යකාරයොන්ට බඩ පිරෙන්න බඩු ලැබුන.
පඩි වැඩිකරන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - යුද්දෙ යනව ඉවර වෙලා ඕනෙ තරම් වැඩි කොරඤ්ඤං කියන එක.
හොරකං නවත්තන්න කියන එව්වොන්ට දුන්න උත්තරේ - රට ‍බේරගන්න යුද්දයක් යන අස්සෙ ඔව්ව බලන්න ඇහැකිද පස්සෙ බලන්නං කියන එක.
මහ තැන ඇල්ලුවෙ ලොකු සූදුවක්.එක කාඩ් එකක් ගැස්සුනොත් පොලිටිකල් කැරියර් එකම විනාසයි.

උතුරෙ මහ තැන කලෙත් ජාතිය වෙනුවෙන් යුද්දෙ.උන්නැහෙගෙ බලයත් එහෙම්පිටින් බේස් වෙලා තිවුනෙ කොච්චර හොදට ගේම දෙනවද කියන එක උඩ.රස්සා නැති කොල්ලොන්ට තිබුන උත්තරේ ඊලම ලැබුනම සේරම විසදෙයි කියන එක.නස්තාර් වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට හම්බවුන උත්තරේ ජාතිය වෙනුවෙන් යුද්ධ කරපන් ඊලම හම්බුනාම වැඩේ ගොඩ කියන එක.
යාපන විස්ස විද්දියාලෙ ආචාර්යලා කොටි මානව හිමිකම් කඩනව කිව්වම කිව්වෙ යුද්දෙ යනව ජාතිය වෙනුවෙන් ඒක ඉවසපන් කියල.විරුද්ද අදහසක් කියපු දෙමල දේසපාලකයො සමූලඝාතනේ කොරද්දි කිව්වෙ ජාතිය වෙනුවෙන් මේක නොකර බැහැ කියල.
දකුනෙ බස්වලට බෝම්බ ඇටවුනේ ජාතිය වෙනුවෙන්.
උතුරෙ ඔලුවලට අහසින් බෝම්බ වැටුනෙත් ජාතිය වෙනුවෙන්.

ඒ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඊලම කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.
මේ පවුලෙ මහ තැන පොඩි මිනිහට ඒකීය රාජ්ජය කියන සුවර්ග රාජ්ජය පෙන්නල තමන්ගෙ දේසපාලන ගේම ගැහුව.

උතුරෙ මහ තැන මරල දැම්මට පස්සෙ උතුරෙ සාමාන්‍ය පංතියෙ කොල්ලො යුද්ද කරල මැරෙද්දි උතුරෙ මහතැන ගෙව්වෙ මාර ෆන් ලයිෆ් එකක් කියල පෙන්නන්න උන්නැහෙ හිටපු මාලිගාවල පොටෝ දකුනේ පත්තර වල දැම්ම.ස්විමිං පූල් වල වීඩියෝ ටීවි වල ප්‍රදර්සනය කොලා.
උතුරෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි උතුරෙ මහ තැන මාලිගාවල හිටිය එක හැබෑව වගේම දකුනෙ කොල්ලො කැලෑ වල මැරෙද්දි දකුනෙ මහ තැන හිටියෙත් මාලිගාවක තමයි.උතුරෙ ලොක්කගෙ මාලිගාව ගැන පුරස්න කරන මාධ්‍ය බුවාල ආසාවකට දකුනෙ මහ තැන යුද්දෙ කොරද්දි හිටියෙ කොහෙද ගත කොරපු ජීවිතේ සුඛෝපභෝගීද නැද්ද කියල අහන්න ඉස්සර වුනේ නැහැ.

දකුනෙ මහ තැන වගේම උතුරෙ ලොක්කත් පවුලෙ ලමයින්ට හරි ආදරෙයි.දෙන්නගෙම ලමයි ඉගෙන ගත්තෙ රට.දකුනෙ ලොකු පුතා එංගලන්තෙ ගිහින් ලෝ කොලා.අනිත් පුතා එංගලන්තෙ ගිහින් නාවික හමුදා සිල්පෙ ඉගෙන ගත්ත.
උතුරෙ ලොක්කගෙ පුතත් ඒ වගේ.ඒරොප්පෙ ගියා.පෙලහර පෑව.ඉංජිනේරු සිල්පෙ ඉගෙන ගත්ත.
වන්දිභට්ටයො ආයුබෝ වේවා කියල මෙහෙ ලොක්කට ප්‍රශස්ති ගීත හැදුව.
එහෙ වන්දිභට්ටයො හිරු දෙයියෝ කියල එහෙ ලොක්කට ප්‍රශස්ති ගිත හැදුව.

මාරාන්තික ජනමාන්තර හතුරො කියල බැලූ බැල්මට පෙනුනට ඒ ලොක්කයි මේ ලොක්කයි කොච්චර සමානද?පුලස්තිට හිතෙනව.
දෙන්නම දෙපැත්තට වෙලා දාං ඇද්ද.ජහමනයා ඉත්තො වෙලා කියන කියන විදිහට කොටුවෙන් කොටුවට පැන්න.
දෙන්නම තමුන් අදින්නෙ දාං දින්නොත් ගොඩයන්නෙ තමුන් කියල දැනං හිටිය.තමුන් ජාතිය වෙනුවෙන් කොටු පනිනව කියල ආඩම්බරෙන් හිතාගෙන ජහමනයාත් කොටුවෙන් කොටුවට පැනල බෙල්ල දුන්න.

ඒකෙන් මේකෙන් අන්තිමට උතුරෙ මහ තැන සෙල්ලමෙන් පැරදුනා.පැරදුන හින්ද දැන් කවුරු කවුරුත් උන්නැහෙට ද්‍රෝහියා කියනව.ත්‍රස්තවාදියා කියනව.මාලිගාවල හිටිය කියනව.මිනී මැරුව කියනව.උන්නැහෙගෙ උපන් ගෙදරත් සමතලා කරනව.ඒක උඩ සුපර මාකට් දානව.උන්නැහෙගෙ අවුරුදු දොලහේ පොඩි එකා මරපු එකත් මාර ෆන් කියනව.
පුලස්තිට තියන පුරස්නෙ සරලයි.
එහෙ උන්නැහෙ ද්‍රෝහියා වෙන්නත් මෙහෙ උන්නැහෙ විරයා වෙන්නත් හේතුව මොකක්ද?
එහෙ උන්නැහෙ විතරක් මිනීමරුව වෙන්නත් මෙහෙ උන්නැහෙ මිනී නොමරුව වෙන්නත් හේතුව මොකක්ද?
කොටින්ම කියනව නං එකම පෙතේ දෙපැත්තට වෙලා දාං ඇදපු මේ දෙන්නගෙ වෙනස මොකක්ද?
එක උන්නැහෙ කෙනෙක් සෙල්ලම දින්න එකයි අනිත් උන්නැහෙ සෙල්ලම පරාද උන එකයි හැරෙන්න පුලස්තිට නං මුන්නැහෙල දෙපලගෙ පේන එහෙමට වෙනසක් ඇත්තෙම නැහැ.



22 comments:

  1. ඔයා ඕනම ටික කියල නෑනෙ!.රැවුලයි අරකයි මේකයි ගැන තෙපලුවට. පිරභාකොරන් නැගී සිටියේ අපේ මිනිස්සුන්ගෙ ලේ මතින්. මහවිරු එකකට උන් සැමරුවෙ මෙහේ බෝම්බ පුපුරපුවා. ඒත් ජනාධිපති තුමා නැගී හිටියෙ ලේ මතින් ද?
    අනිත් එක තමයි පිරභාකොරන් ගෙ ලමයා ඒරොප්ප සාස්තරේ ඉගෙන ගත්තෙ රටක් බෙදීමට මහ විනාශයක් හා දේපල හානියක් කරන්න.

    අපේ අම්මල තාත්තල අපි ගමේ එනකම් බයේ බිරන්තට්ටු වෙලා හිටපු යුගය උදාකලේ පිරභා ඒත් ඒ යුගය නිමාකලේ ජනාධිපති තුමා.ඔයා කොහෙද ඒ දවස් වල හිටියෙ ලංකාවෙ නෙවෙයිද?

    තව කියන්න දේවල් නම් ගොඩයි ඉතින්.ඒත් මොකට ලියන්නද.
    මම හිතන්නෙ ඔයාට තියෙන්නෙ ලෙඩක්. ඒකනෙ දෙන්න සමානයි කියල පෙනෙන්න.

    ReplyDelete
  2. //වන්දිභට්ටයො ආයුබෝ වේවා කියල මෙහෙ ලොක්කට ප්‍රශස්ති ගීත හැදුව.
    එහෙ වන්දිභට්ටයො හිරු දෙයියෝ කියල එහෙ ලොක්කට ප්‍රශස්ති ගිත හැදුව.//

    ඔය උඩ පේන්නෙ නැද්ද එකෙක් ඇස් පනාපිටම?

    ReplyDelete
  3. @පිටස්තරයා
    තමුසෙලග දේශපාලන කුණු වලින් අපිට වැඩක් නෑ හලෝ.අපි කියන්නෙ රට වැසියො විධියට අපි අත්දකින දේ. කියපු දේ තේරුම් ගන්නවත් බැරුව නිකම් උපුටා දැක්වීම් කරන්න එනවා.පිටස්තරයෙක්ම තමයි.ලංකාවෙ මනුස්සයෙක් වෙන්න බෑ.

    ReplyDelete
  4. ඇයි වෙනස් කමුත් තියනවා
    ප්‍රබකරන් ලොක්ක රට යවලා උගන්නපු පුතා කොහොම හරි සට්න්බිමට කැඳෙව්වා
    රාජපක්ස ලොක්කා යුද්දේ ඉවර වෙනකම්ම යුද්ද්ට දුන්න කියපුපුතා හන්ඟන් හිටියා
    අනිත් අතින් නම් දෙන්නමසමානයි
    දෙමලජාතිවාදීන්ගේ වීරයාප්‍රබා ලොක්කා- උන්නැහේගේ වැරැද්දක් කිව්වොත් වේටි උස්සන් එන්නේ
    සින්හල ජාතිවාදීන්ගේ වීරයා මහි ලොක්ක උනැහේ ගේ වැරැද්දක් කිව්වොත් රෙදිඇන්දපු උන් රෙද්ද උස්සන් එනවා, ටයිදාපු උන් ටයි උස්සන් එනවා
    ප්‍රබා ලොක්ක නැගීහිටියේ දෙමල දුප්පත් කොල්ලන්ගේ ලේ මතින්
    මහි ලොක්කසින්හල දුප්පත් කොල්ලන්ගේ ලේ මතින්
    දෙන්නටම ඒ කොල්ලන් ගැන හැබෑ කැක්කුමක් නෑ

    ප්‍රබා ලොක්කට සාමය කියන්නේ මොක්කද්ද කියලවත් තේරුමක් නෑ- ඒක නිසා සාම ගිවිසුම් වලින් හරි ප්‍රයෝජනයක් ගන්නබැරි උනා
    මහිලොක්කටත් එච්චර තමයි - යුද්දේ ඉවර වෙලත් ප්‍රබා ලොක්ක මහ විරු දිනේ සැමරුවා වගේ යුද්දේම එල්ලිලා ඉන්නවා මිසක සමේ කියන්නේ මොකද්ද කියලවත් අවබෝදයක් නෑ

    දෙන්නගේම නූගත් කම මේකට හේතුවක් උනාද මන්දා
    (මොකද චන්ද්‍රිකා ලොක්කිට යුද්දේ වගේම සමේ විකුන්නන්න හැකියාවක් තිබුනා )
    මුන් දෙන්නට හැබැ සාමයක් ගෙන්න බැරි මදිවට අඩුම ගානේ සාමේ විකුන්නනවත් බෑ රටෙ යහපත වෙනුවෙන්

    //පිටස්තරයෙක්ම තමයි.ලංකාවෙ මනුස්සයෙක් වෙන්න බෑ. //
    ඒකනම් ඇත්ත ලන්කාවේ මිනිහෙක් නම් ගෝත්‍රවාදියෙක් වෙන්න එපැයි (මට ගොඩක් කල් වැරදීලා තිබුන්නා - ලන්කාවේ මිනිස්සු සැබෑ බෞද්දයෝ කියලා හිතන් හිටියා, ඒත් මුන් තරම් අපිරිකාවේ ගෝත්‍ර නායකයෝත් ගෝත්‍ර වාදී නෑ )

    ReplyDelete
  5. Kaniskha Dilshan ට

    මහින්ද රාජපක්ෂ කියන නායකයා යුද්ධය කරගන යැමට අවශ්‍ය දෙශපාලන තින්දුව ගත්තා. ගොඨාබය ආරක්ෂක ලේකම් තුමා හමුදාවට අවශ්‍ය දැ ලබා ගැනිමට නිසි සහායොගය ලබා දුන්නා. රටෙ සංවර්ධනයක් සුලූවෙන් හො සිදුවුනා. එය මම නැහැ කියන්නෙ නැහැ. නමුත් කනිශ්ක බුද්ධිය පාවිච්චි කරන්න, යුද්ධයට යන අතර තුරෙදි රජයෙ මාධ්‍ය හැසිරුනු ආකාරය ගැන කල්පනා කරන්න,ප්‍රභාකරන් මිය ගිය පුවත මිනිසුන් අතරට ගිය ආකාරය කල්පනා කරන්න. මහින්ද රාජපක්ෂ මහතා බලය, මාධ්‍ය හසුරවපු ආකාරය ගැන කල්පනා කරන්න. යුද්ධය දිනුවාට පසු සිදුවු සිදුවිම් පිළිවලින් කල්පනා කරන්න. මිනිසුන්ව හැගිම් වලින් අන්ධ කර වෛරය, ජාතිය තුලට රිංගවු ආකාරය ගැන පැහැදිලි කරන්න. එක රැයින් ජාතික විරයෙකු ජාති ද්‍රොහියෙකු වු ආකාරය කල්පනා කරන්න.. හොදට කල්පනා කරන්න, ජෙනරල් චන්දෙ ඉල්ලනවා කියපු ගමන් ගොඨාබය අයි.ටි.එන් එකෙ සිංහලෙ සියුම්ව එල්ල කල ප්‍රහාරයන්.. ඉන්පසු ජෙනරල් ගෙ ප්‍රතිචාර.. එවා අල්ලන් තමුන්ගෙ ජාතියට එක කතාවකුත් .. ජාත්‍යාන්තරයට තව කථාවකුත් කිව්ව රජයෙ මාධ්‍ය. හිතන්න ඔබ ජෙනරල් කියලා, ඔබ කියනවා නම් ඔබගෙ යටතෙ ඉන්න මිනිස්සු සුදු කොඩි ඔසවාගෙන ආපු අයට වෙඩි තිබ්බා කියලා, ඔබයි , ජානාධිපතියි ගස් යන්නෙ.. ඔබට බෙරුමක් නැහැ.. නමුත් රජයෙ මාධ්‍ය කුමක්ද දුප්පත්, නුගත් හැගීම් බර මිනිස්සුන්ගෙ හිත් වලට කෙටුවෙ... තමුන්ගෙ බලය රැක ගන්න මිනිස්සු අතර වෛරය පතුරවන නායකයා හැසිරෙන හැටි පෙන්නෙ නැද්ද.

    වැඩිය ඔනා නැහැ.. කරන දෙ කියන , කියන දෙ කරන .. විශිෂ්ඨ නායකයගෙ.. ව්‍යවස්ථා සංශොධනය එකතු කරපු යොජනා තුන මොකද්ද... ගොම්බුරුවන්ට තෙරෙනවා. නමුත් ජාතියට ඇති ආදරෙන් අන්ධ වුණ පොල්ගොබ්බයින්ට තෙරුම්ගන්න බැහැ. කනිශ්ක මෙරටෙ මිනිස්සු මොඩයි, හැගීම්බරයි, සුරියප්පෙරුමයි, අනිත් අයවයි දාලා හැගීම් ආවුස්සලා මෙ කරන වැඩෙ ඔයාගෙ මොලෙට පෙන්නෙ නැද්ද..

    අපිත් රට වැසියො තමයි, අපිත් මෙරටට ආදරෙයි..ඔයා විතරක් නෙමෙ. අපි ඔලුව පාත් කරගෙන ඉන්න වුනත් ලැහැස්ති අවංක එඩිතර කියන දෙ කරන, කරන දෙ කියන.. සංවෙදි නායකයෙක් යටතෙ.. මෙයා කොලෙ වහලානෙ ගහන්නෙ.. පුදුමයි එක්කො ඔයා රුපවාහිණියයි අයි.ටි.එන් එකයි බලාගෙන හොද සැප විදින පවුලක කෙනෙක්. රටෙ තොටෙ ඇවිදින්නෙ නැද්ද. දැන් ගොවියන්ගෙ පුත්තු ඔක්කොම කොලඹට එනවා. රස්සා හොයාගෙන.. තව පරම්පරා 10 යක් විතර ගියාට පස්සෙ ගොවියෙක්ව හොයාගන්න එක ලෙහෙසිවෙන්නෙ නැහැ.

    කියන දෙ කරන , කරන දෙ කියන නායකයෙකුට ආදරෙ කරන්න. එහෙම නැත්තම් බොරුවට ජාතික එක විතරක් බලලා, ඊයෙ වෙච්චි දෙ අද මතක නැතුව.. මහින්දගෙ ගුණ වයන්න එන්න එපා.. මහින්ද ජිනිවා යන්න ගියෙ 80 ගණන්වල.. රටෙ මානවහිමිකම් කඩනවා කියලා.. රට මුලින්ම් පාවදෙන්න සැලසුම් කරපු නායකයෙක් මහින්ද රාජපක්ෂ කියන්නෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ ඔයා හිතන තරම් දෙශප්‍රේමියෙකුත් නෙමෙ.

    මහත්තයො හොද තිරණ ගන්න අයට අතඋස්සලා චියර් එක දෙන්න, එක්සත් ජාතික පක්ෂයෙ වුනත්, ජෙ.වී.පි උනත්.
    මෙරටෙ නායකයො පනස් ගණන් වලදිත් කරෙ මිනිස්සුන්ව රවට්ටලා, බොරු පොරොන්දු සුළුජාතින්ට දිලා, රවට්ටපු එක විතරයි. ප්‍රභාකරන් ව ඇති කරෙ කවුද, ප්‍රභාකරන් කියන්නෙ මමත් ඔයත් වගෙම අම්මා කෙනෙක්ගෙ කුසකින් මෙලොකෙට ආපු කෙනෙක්.. මහින්ද රාජපක්ෂ මහත්මයගෙ ගෙ මෙ පියවර හින්දා ඉලඟ ප්‍රභකර්න්ව බිහිවෙන්නෙ දෙමළ ගැහැණු කෙනෙක්ගෙන් නෙමෙ.. සිංහල ගැහැණු කෙනෙක්ගෙ කුසකින්.

    ReplyDelete
  6. :D :D අපොහ්.. මම මේ Kaniskha Dilshan වගේ ගොබ්බයො ඉන්න රටේ නම් නෙමෙයි තමයි.

    //දෙමලජාතිවාදීන්ගේ වීරයාප්‍රබා ලොක්කා- උන්නැහේගේ වැරැද්දක් කිව්වොත් වේටි උස්සන් එන්නේ
    සින්හල ජාතිවාදීන්ගේ වීරයා මහි ලොක්ක උනැහේ ගේ වැරැද්දක් කිව්වොත් රෙදිඇන්දපු උන් රෙද්ද උස්සන් එනවා, ටයිදාපු උන් ටයි උස්සන් එනවා //

    :D :D

    ReplyDelete
  7. @ කනිෂ්ක

    ඔබතුමා එක පිලකට අන්ද විදිහට චියර් කරනව.ඒකයි ගැටලුව.
    පලවෙනි කමෙන්ට් එකේ ඔයා ලියපු කතන්දර ටිකම වෙනත් වචන වලින් දෙමල මනුස්සයෙකුත් ලියන්න ඉඩ තියනව.ඉඩ තියනව නෙමෙයි අනිවාර්යෙන් ලියනව.

    ඔයා ගෙදර එනකම් අම්ම බලාගෙන හිටිය එක වගේම උඩින් ඇවිත් බෝම්බ දාද්දි තමන්ගේ අම්ම තාත්තා ඇස් පනා පිට මැරෙද්දි දැනුන ‍ෆීලිං එක මොකක්ද කියල දෙමල අයත් කියයි.වතුකරයෙ අයට අයිඩෙන්ටි නැහැ.ඒ අය ඒ කාලෙ වතුකරෙන් පිට ආවෙ කොයි වෙලේ අයිඩෙන්ටි නැති හින්ද කුදලගෙන යයිද කියන බය තියාගෙන තමයි.කොලඹ නගරෙ දෙමල අය 600 ක් අතුරුදහන් වුනා පහුගිය අවුරුදු දෙක තුනට.එයාලගෙ අම්මලත් එයාල ගෙදර එනකම් ආසාවෙන් තමයි බලාගෙන උන්නෙ.
    මේ අත්දැකීම් ලියන්න ඒ මිනිස්සුන්ට අනාථ කදවුරු වල ඉන්‍ටර්නෙට් නැති එකයි වෙනස.විජයග්‍රහනය සමරද්දි තාම දාස් ගානක් අනාථ කදවුරු වල.එහෙම තියෙද්දි ඔබේ රට දිනාදුන් විරයා අයිෆා වලට කෝටි ගානක් යට කරනව.

    අපේ ජීවිත විනාස කලේ ප්‍රභා කියල ඔබතුමා කියද්දි අපේ ජීවිත කාලකන්නි කලේ රාජපක්ෂ කියල කියන තව අයත් ඉන්නව.මේක තමයි ගැටුම.මේක තමයි අර්බුදේ.අපිට‍ පෙන්නන්නෙ කතාවෙ එක පැත්තක් විතරයි.ඔයා නොදන්න ගොඩක් කතන්දර ‍මේක ඇතුලෙ තියනව.එයාලට පෙන්නුවෙත් කතන්දරේ එක පැත්තක් විතරයි.එයාල නොදන්න ගොඩක් දේවලුත් මේ කතන්දරේ ඇතුලෙ තියනව.

    ReplyDelete
  8. ලොකු වෙනස්කමක් තියෙනවා පුලා. ප්‍රභා පොළොවේ ෆයිට් කලා. මෙයා හමුදාව එහේ දාල මෙහෙ ස්ටේජ් වල ෆයිට් කලා. ලොකුම වෙනස්කම බලාගන්න විදිහක් නෑ. ප්‍රභා මැරැණේ දරු පවුලත් එක්කම අවසන් සටන් බිමේ. මෙයා නම් කොහොම කරාවිද?

    ReplyDelete
  9. @All
    මම මෙතන කිසිම පක්ෂයක් වෙනුවෙන් පෙනිහිටියෙ නැ. මට දේශපාලනයකින් ඇති වැඩකුත් නෑ. මම කිව්වෙ රටේ ජීවත්වෙන පුද්ගලයෙක් ලෙස මම අත්දුටු දේ එච්චරයි. ඔයාලයි පොට වරද්දගෙන ඉන්නෙ. හොඳයි මම කියන්නෙ නිදහසේ රටේ ඕන තැනකට යන්න වාතාවරනය සකස් කල එක වැරදි දෙයක්ද? මිනිස් බෝම්බ අතුගා දැමුව එක වැරදි දෙයක්ද. එහෙම කල කෙනා මහින්ද රාජපක්ෂ මහතාද, ෆොන්සේකා මහතාද , රනිල්ද, සෝමවංශද කියන එක මට වැඩක් නැහැ. හැබැයි ඕක නොවුනා නම් අදත් කී දාහක් බයේ ජීවත් වෙනවාද, කී දාහක් පරලොව ගිහින්ද. මම කියන්නෙ පිරබාකරන් කියන්නෙ සිංහල දෙමළ අපි කාටත් කොඩිවිනයක් වෙලා තිබුන දෙයක්.
    මහින්ද රාජපක්ෂ මහතාගෙ අඩුපාඩු කතාකරන එකට මම චෝදනා කරලා නෑ නෙ. මම කියලා තියෙන්නෙ දෙන්නගෙ සමානකම් විතරක් ඇයි කතා කරන්නෙ අසමානකම් පේනෙන්නෙ නැත්තෙ මොකද.

    @පිටස්තර
    මම ඔබට අනුකම්පා කරනව.ඔබට උත්තර දීලා මගේ කාලය නාස්ති කරගන්න උවමනා නෑ.

    ReplyDelete
  10. den umbage deyya prabakarannada.. umbala wage kaalakanni wenuwennda mage yaaluwo 2nek merune???

    ReplyDelete
  11. @ රේසර් එල් කේ
    මගෙ දෙයිය නං ප්‍රභාකරන් නෙමෙයි.

    @ හුරුල්ලා
    හිතන්න දෙයක් තියන කමෙන්ට් එකක්.මුන්නැහෙ නං දරු පවුල පූජා කොරන එකක් නැහැ.හැබැයි මුල් කාලෙ කොහොම වුනත් යුද්දෙ ගැන මුන්නැහෙටත් කැපවීමක් තිබ්බ කියල පුලස්ති හිතනව.මෙතුමගෙ ගොඩ යාම එහෙම්පිටින් රැදිල තිවුනෙ ඒක උඩ හින්ද.

    @ කනිෂ්ක - අවුලක් නැහැ සඕදරයා සඕදරයා හිතන්නෙ සිංහලයෙක් විදිහට.ඒක නැචුරල්.මම කියන්නෙ තව පැත්තක් තියනව කියල හිතන්න බලන්න.
    මේ වෙලාවෙ පවා උතුරෙ දෙමල අය ගතකරන ඇත්ත ජීවිත ගැන තොරතුරු අපෙන් වහංකොරලනෙ තියෙන්නෙ.ප්‍රභාකරන්ගෙන් දෙමල අයට තිබුව කියන කොඩිවිනෙයි දැන් අනාථ කදවුරුවල යුද්දෙ ඉවර කරල අවුරුද්දක් ගිහිල්ලත් තාම හිරකරල තියන එකේ කොඩිවිනෙයි අතර අමුතු වෙනසක් ඒ අයට තියෙනවද?

    ReplyDelete
  12. @ රවා

    ඔබතුමා ෆොන්සේකාට පුදුම කඩේ යාමක් නෙ කඩේ යන්නෙ? ෆොන්සේකා ගැන නොකියා මුකුත්ම කියන්න බැරිද? ෆොන්සේක කාලකණ්නි කතා ටිකාක් කිවුව නිසා ඔහුට හිමි තැන ඔහු අද ඉන්නවා. ඔහු සුපිරිසිඳු නෙළුමක් වගේ කියා පෙන්වන්න උත්සාහ කරන්න එපා. ඔහු වැඩ කරන්නේ වෛරයෙන් හා පළිගැනීමේ චේතනාවෙන් විතරයි.

    හිතන්න ඔබ ජෙනරල් කියලා, ඔබ කියනවා නම් ඔබගෙ යටතෙ ඉන්න මිනිස්සු සුදු කොඩි ඔසවාගෙන ආපු අයට වෙඩි තිබ්බා කියලා, ඔබයි , ජානාධිපතියි ගස් යන්නෙ.. ඔබට බෙරුමක් නැහැ

    පලයන් මුට්ටියෝ යන්න. ජෙනරලයා කියාවි මම කළේ අණ පිළිපදින එක විතරයි, මට කරන්න දෙයක් තිබුණේ නෑ කියලා. කරන්න යන්න්ත් ඒක බව ඕනෙම මොලේ කළඳක් තියෙනෙ කෙනෙක්ටත් ඉර හඳ වගේ පේන දෙයක්

    රටට හිතකර තීරණ ගැන අත් උස්සන්න කියන රවා ෆොනී ගේ ද්‍රෝහී කතා ගැන නෝ කතා. ඒ මොකද රවා ෆොනීට "ෂොපින් නේකඩ්" නිසා

    ReplyDelete
  13. මේ ඔක්කොම මහ කොටියා මරලා දාපු නිසානෙ. උන්දෑ හිටිය නම් ආතල් සොමියේ බෝම්බ වලට බයේ ඉන්න තිබුණා. ඒක නැතිකරපු මහ රජා බංග වෙලාම යන්න ඕනෙ. එළ එළ පුලස්ති!

    එක උන්නැහෙ කෙනෙක් සෙල්ලම දින්න එකයි අනිත් උන්නැහෙ සෙල්ලම පරාද උන එකයි හැරෙන්න පුලස්තිට නං මුන්නැහෙල දෙපලගෙ පේන එහෙමට වෙනසක් ඇත්තෙම නැහැ

    පුලස්තිට එහෙම පේන්නේ නැත්තේ අවජාතක කම නිසා. බෝම්බ වලින් දෙමළ මිනිස්සු මැරුණා. ඒක තමයි ඇත්ත. නමුත් ඒවා දැම්මේ කොටි මරන්න හිතාන මිසක් දෙමළ මිනිස්සු මරන්න නෙවෙයි. නමුත් ප්‍රභාකරන් බස් වලට බෝම්බ තිබ්බේ සාමාන්‍ය මිනිස්සු මරන්නමයි. (නෑ සමහර විට පුලස්තිට අනුව රතිඤ්ඤා හඬට පුරුදු කරන්න වෙන්න ඇති මයෙ හිතේ). මේ වෙනස පුලස්තිට පේන්නේ නෑ. අනික ප්‍රභාකරන් ගොයියා දිණුව නම් අද තත්වය කොහොම වෙයිද කියල නිකම් වත් පුලස්ති ගොයියා කියන්නේ නෑ. අන්න ඒක තමයි දෙවනි වෙනස.

    ReplyDelete
  14. අවතැන් වෙච්ච 450,000 කින් 400,000 නැවත පදිංචි කරල ඉවරයි. ඒ අයගේ ජීවන තත්වය එච්චර හොඳ නැත්වා වෙන්න පුළුවන්. (ඒ වුනාට පුලස්තිගේ දෙයියා මනෝගනෙෂන් ගොයියට ඕනේ වුනේ කොහොම හරි කඳවුරු වලින් නිදහස් කොරන්නනේ?) ඉතිරි 50,000 පදිංචි කොරන්න බෑ බිම් බෝම්බ නිසා. පුලස්ති ගොයියා මුහමාලේට ගොහින් බැලුව නම් පෙනෙයි අඩියෙන් අඩියට තියෙන බිම් බෝම්බ යාය. පාරට බහින්න කිවුවට් පුලස්ති ගොයියට මුත්‍රා පහවෙයි බයටම. එතකොට මේ අය පදිංචි කොරන්න ඕනෙ බිම් බෝම්බ උඩද? ඒව ඉක්මණින් අයින් කරන්න කියල ගොන් කතාවක් පුලස්ති කියයි. ඒත් ඉතින් ඔය කතාව බිම් බෝම්බ අයින් කරන හමුදාවෙ කොල්ලෙකුට කිවුව නම් මළ පහ වෙන්නම අහ ගන්න පුළුවන් වෙයි. ඕන්න තවත්ව් එනසක්. රාජපක්ෂ ගොයියා බිම්බෝම්බ හයි කලේ සැලසුමකට. ඒ හින්දා ඒවා ඔක්කොම දැනටම අයින් කරලා. ප්‍රභාකරන් ගොයියා හයි කලේ සැලසුම් නැතිව. මොකද උන්නැහේව එතකොට පරද්දන එක අමාරුනෙ? තවත් බොහොම වෙනස්කම් තියෙනවා. මේ හතරම ඇතිවෙයි කියලයි මම හිතන්නෙ පුලස්තිගෙ ජඩ භාවය තේරුම් ගන්න

    ReplyDelete
  15. //හොඳයි මම කියන්නෙ නිදහසේ රටේ ඕන තැනකට යන්න වාතාවරනය සකස් කල එක වැරදි දෙයක්ද?//
    අපෝ නෑ
    ඒත් ඒ නිදහස ලැබුනේ කාටද
    අපිට නේද
    අනිත් අයටත් ඒ නිදහස ලැබුනද
    අඩුමගානේ මාරන්තික ලෙඩකටවත් බෙහෙත් ගන්න යන්න නිදහසක් (සින්ගප්පූරු නෙවෙයි, වවුනියා ඉස්පිරිතාලෙට )මේ රටෙ සමහර අයට නෑ කියලා මල්ලි දන්නවද

    හැත්තප්ම බාහයක් එහා ඉන්න තමන්ගේ අම්මාව බලන්න යන්න නිදහසක් සමහර අයට (වැලිකඩ හිර ගෙදර නෙවෙයි ) නෑ කියලා මල්ලි දන්නවද

    අපිට ලැබුන නිදහස අපි බුක්ති විඳින විදිය නිසා මෙච්චර කල් මොනදේ නැතත් ගෙදර නිදා ගත්ත සමහරකට දැන් රෑට නිදා ගන්න වෙන්නේත් ගස් යට කියලා මල්ලි දන්නේ නැද්ද

    අපිට ලැබුන නිදහස අනිත් අයටත් ලබාදෙන්න ඔනේ කියලා මල්ලිට හිතෙන්නේ නැද්ද, අඩුම ගානේ එහෙම ලැබෙන කම් තමන්ගේ චිත්ත ප්‍රීතිය පිටතට නොපෙන්න හැදිච්ච මිනිස්සු වගේ හැසිරෙන්න ඕන කියලාවත් හිත්තෙන්නේ නැද්ද

    (චොක්ලට් එකක් ලැබුනාම ඒක තනියම නන්ගිලා මල්ලිලා බලාගෙන ඉඳිද්දී උඩ පැන පැන කන පොඩි ලමයිද තාම අපි )


    ප . ලි
    අපේ ලොක්කා ෆොන්සේකා උන්නෑහේට මෙහෙම කරන්නේ වෙන මොන වැරැද්දකටවත් නෙවෙයි චන්දේ ඉල්ල මාස දෙක තුනකට ඇඟේ ලේ පුච්චපු තරහාට
    ඒ ලොක්කා කියන පච අහලා එවා ගෙඩි පිටින් ගිලලා
    අපේ සමහර මිනිස්සුන්ගේ චිත්ත ප්‍රීතිය රටේ ඕන තැනකට යාමේ නිදහස වෙනුවෙන් මිනී මරපු ෆොන්සේකට දැන් ඒ මිනිස්සුම සලකන විදිය කතා කරන විදිය දැක්කාම නම් මට පොඩි කුහක සතුටක් ඇතිවෙනවා
    ඒත් උන්නෑහේගේ දූල දෙන්නා සහ බිරිඳෑ හෙලන කඳුලු දැක්කාම මට ඒ සතුට පෙන්නන්න හිතෙන්නේ නෑ

    ReplyDelete
  16. පුලස්තිට පුලුවන් නම් මේ ලිපිය දෙමලෙන් දාන්න
    එතකොට අපිට බලා ගන්න පුලුවන්
    ප්‍රබා වගේ වීරයෙකුව මහින්ද වගේ බූරුවෙකුට සමාන කර කියලා වේටි උස්සගෙන බැනගෙන එන උන් ටික
    දැනට අපිට පේන්න්නේ එක පැත්තක රෙදි උස්සන් එන අය විතරයිනේ
    දැන් ඒ හෙලුවේ කිසිම රහක් නෑ

    ReplyDelete
  17. ප. ලි .
    මිගාර අය්යාගේ හෙලුව ෆැකල්ටි කාලේ ඉඳම්ම දැකලා දැන්නම් හැබෑවටම තිත්තයි

    ReplyDelete
  18. @ නෝ ෆ්‍රේම්

    ඔයාගෙ කරුනු 4 ට කෙටි උත්තර

    1.එතකොට කොලඹ දෙමල අය අතුරුදහන් වුන එව්ව?එව්ව කලේ නොදැනගෙන‍ වෙන්න ඇති.බෝම්බ දාද්දි මිනිස්සු මැරෙනව කියල දැනගෙන තමයි බෝම්බ දැම්මෙ.කොටිත් බෝම්බ අටවද්දි මිනිස්සු මැරෙනව කියල දැන දැන තමයි ඇටෙව්වෙ.මිනී මැරිමට දඩුවම් දෙනකොට බොස් අදහසට වගේම දැනිමටත් දඩුවම්‍ දෙනව.මරන්නම හිතාගෙන කරත් මිනීමැරුම.මැරෙනව කියල දැන දැන යමක් කරල මැරුවොත් ඒත් මිනීමැරුම.

    2.ප්‍රබාකරන් දින්න නං තත්වෙ මොකක්ද දන්නවද?
    ඔයාල වගේ බුවාල නගුට අධෝමුඛයේ ගහගෙන කදුලු සලයි.රාජපක්ෂගෙ පින්තූරෙ තියාගත්ත කියල ඊලාම් පොලිසියෙ ඈයො ඔයාල වගෙ අයව කුදලගෙන යයි.තව අනාථ වෙන සිංහල ඈයො අනාථ කදවුරක දාල එයාලව බලාගන්න තුවක්කු ගත්ත දෙමල සෙට් එකක් දාල තියෙයි.ඒ අයව පහුකරගෙන දෙමල වන්දනා නඩ ෆන් එකේ ට්‍රිප් යයි.
    අද වෙල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.එහෙම නැතිව මහ ලොකු වෙනසක් නැහැ.දුඹුරු පාට බෙට්ටයි කහ පාට බෙට්ටයි පෙන්නල කහ පාට බෙට්ට ලස්සනයි කියල ඒකෙ සුවද බලන එක ඔයාලගෙ ආතල් එක වුනාට ඔය දෙකම අසූචි ගදයි.පුලස්තිට ඔය දෙපැත්තම එක වගෙ අපුලයි.අජූවයි.

    3.පදිංචි කරන කතාව ගිහින් බොස් කියන්න හම්බන්තොට පැත්තෙ වරායෙ වැඩ කරන චීනෙක්ට.පදිංචි කොරල තියන විදිහ එච්චර හොද නැහැ කියල තොලේ කටේ නොගැවි කියන අපූරුව නම් බොස් බලන්න ලස්සනයි.ඒව විදිමත් කොරන්න තියන සල්ලි තමයි අයිපා වලට සෙල්ලම් කෝච්චි දාල කාබාසිනියා කොරන්නෙ.ඒ ගැන එච්චරයි.මොකද බොස්ලට ඒ මිනිස්සු මිනිස්සු නෙමෙයි නිකම් සරිර වගයක් විතරයි කියන එක කතාකරන විදිහෙන්ම පේනව

    4.අන්තිම එක -රාජපක්ස ගොයිය බෝම්බ හයි කලේ සැලසුමකට කියන එක.ප්‍රභාකරනුත් මිනීමැරුවෙ නැහැ යුද්ද කලේ මාර සැලැස්මකට සිවිල් වැසියන් නොවැලැක්විය හැකි අවස්තා වල මැරුන මිස හිතල මැරුවෙ නැහැ කියන බුවාල ඩයස්පෝරාවෙ පදුරකට පයින් ගැහුවම දහයක් දොලහක් බොස්ට මුලිච්චි වේවි.එයාලත් එක්ක එකතු වෙලා බොස්ට හොද ‍සවාරියක් යන්න පුලුවන් කොහෙ හරි ගංගාවක් දිගේ.මොකද තමුන්නැහෙලගෙ ජාතියෙ වෙනස මිස හිතන පතන තේරුම් ගන්න විදිහෙන් එකම බෝට්ටුවෙ සහුර්දයො කියන එක පැහැදිලියි.

    ReplyDelete
  19. No Frames

    මිත්‍රයා.. හරි මිත්‍රයා අපි කතා කරමු.

    ඔබ පවසනවා "ජෙනරලයා කියාවි මම කළේ අණ පිළිපදින එක විතරයි, මට කරන්න දෙයක් තිබුණේ නෑ" කියා එයා බෙරෙයි.

    මිතුරා ඔබ මෙතන සිද්දිය තෙරුම් ගන්න. මෙහෙදි ජෙනරල් ප්‍රකාශ කරෙ. ජනාධිපති අණ දුන්නා කියා නොවෙයි. ගොඨාබය රාජපක්ෂ මහතා මුලික කරගෙන මෙය ප්‍රකාශ කරන්නෙ. ගොඨාබය රාජපක්ෂ යනු ආරක්ෂක ලේකම්. ඔහුගෙ කාර්ය සෙබලුන්ට අණ දිම නොවන බව වටහාගන්න. ඔහු අනවශ්‍ය විදියට මෙවාට ඇගිලි ගැසු බවට ජෙනරල් විසින් කරන ලද ප්‍රකාශයක්.

    ජෙනරල් කල ප්‍රකාශය “Gota Ordered Them To Be Shot”
    මෙ ආකාරයෙනුයි පත්තර වල පල වුනෙ.. මෙහි තෙරුම

    " ගොඨාබය අණ කර එයාලව මැරුවා " කියන ප්‍රකාශය නොව
    " ගොඨාබය අණ කරා එයාලට වෙඩි තැබිය යුතුයි " කියාය.

    ඉතින් මිතුරා මෙ ප්‍රකාශයෙන් සුදුකොඩි අරන් ආ අය මරපු බව ව්‍යුත්පන්න කලහැකිද... ?

    මෙ ප්‍රකාශය නිවැරදිව මිනිසුන් අතරට ගියෙ නම් වනුයේ ගොඨාබය මහතාගෙ සත්‍ය තත්වය ලොවට හෙලි විමයි. එය B.B.C සේවයට හා අනිකුත් ජාත්‍යන්තර ජනමාධ්‍ය වලට ලබාදුන් සාකච්චාවලදි මහතා පෙන්වු ආවෙගය හා බැදී පවතින්නකි.

    නමුත් සිදුවුයෙ.. සිංහල නුගත් හැගිම්බර මිනිසුන් තුල " ජෙනරල් යුද බටයින්ව, යුද්දය පාව දුන්නා " කියා තම මාධ්‍ය තුලින්,මිනිසුන් තුල ජෙනරල් කෙරෙහි වෛරයක් ඇති කලෙය. එය දෙශපාලන වාසි තකාය. දුප්පත් මොඩ මිනිසුන් " ඔකා අවජාතකයා " යන වචනයෙන් මා ඉදිරියෙ බනිද්දි, මාහට මතක් වුයෙ දින කිපයකට පෙර එම මුවින්ම ජෙනරල් වෙනුවෙන් කල ගුණ වැයුම්ය. එතැන් දෙකෙදිම මා නිහඬව සිටියෙ, ඔහු ඔබ වැනි කෙනෙකු නොවන බව මා උපකල්පනය කල නිසයි.

    යම් කිසි ලෙසක ජෙනරල් ප්‍රකාශ කලා යයි කියන එම සිද්දිය සිදුවුයෙ නම්, නිතිය තුල ප්‍රධාන වැරදිකරුවෙකු වනුයෙ, ගොඨබය රාජපක්ෂ මහතගෙ නියොගය ක්‍රියත්මක කල හැකි යැයි උපකල්පනය කල හැකි බ්‍රිගෙඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා මිස මහින්ද රාජපක්ෂ මහතාවත්, යුදහමුදාපති තුමාවත් නොවෙ. මක් නිසාද ආරක්ෂක ලේකම්ට මෙහෙයුම් අණ දිමට අයිතියක් නැත. බ්‍රිගෙඩියර් අණ පිළිපැද යුත්තෙ ඔහුට ඉහලින් එන යුදහමුදාපතිතුමාගෙ අණය. බ්‍රිගෙඩියර් ආරක්ෂක ලේකම්ගෙ අණ පිළිපැද්දා යනු ඔහු යුදහමුදා නිති උල්ලංගනය කරන්නෙකු බවයි. එවිට ජාත්‍යන්තරව එන බලපැම්වලට මුහුන දිය යුත්තෙ, ජනාධිපති හා යුදහමුදාපතිය. එම නිතීමය තත්වය ඔබ ඔය කියනා ආකාරයට " අනෙ මම දන්නෙ නැහැ, අරයා තමයි කරන්න කිව්වෙ... " වැනි හිඟන ලෙස බේරිමට නොහැක. ඔබට එය මොඩ මිනිසුන්ව මුලා කිරිමට යොදාගත හැක.

    මිතුරා ජෙනරල් මෙ ප්‍රකාශය කිරිමට දින දෙක තුනකට පෙර ස්වාධින රුපවාහිණි සේවයෙ " ඇතුලාන්තය " නම් වැඩසටහානෙදි , ගොඨාබය මහතා විසින් ඉතා කපටි ලෙස බස හැසුරු ආකාරය ඔබට මතක නැතැයි සිතමි. එම වැඩසටහන නරඹන මෙන් ඉල්ලමි.

    මිතුරා මම ෆොන්සෙකාටවත්, රාජපක්ෂ මහතාට වත් ,රනිල්ට වත් කඩෙ නොයමි. මම මනුස්සකම වෙනුවෙන් කඩෙ යමි. මිට දින කිපයකට කලින් මම ඔබෙගෙ බ්ලොගයෙදි මා ඇසු ප්‍රශ්නයට ඔබ පිළීතුරු නොදි තිබුනි. ඔබට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා යනු සරත් ෆොන්සෙකා මහතාට වඩා කපටි, වංක කෙනෙකු බවත් රටෙ අභ්‍යන්තරය තුල, රටෙ අභ්‍යන්තර පාලනය තුල කිසිම වෙනසක් සිදුවී නොවි ඇති බවත්. , එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, ප්‍රේමදාස , චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි අය මෙන් බොහො අවස්ථාවලදි , තමුන්ව, තමුගෙ බලය රැකගැනිමට රට ගැන නොහිතා , රටෙ මිනිසුන්ව උකසට තබමින් කටයුතු කරන නායකයෙක් බව මා හට සාධනය කල හැක.

    පුලස්තිට අමතකවු වඩාත් වැදගත්ම සමානකම ප්‍රකාශ කරමි

    ප්‍රභාකරන් විසින් තම ජනතාව තුල තම ප්‍රතිවාදියා වු සිංහලයා කෙරෙහි වෛරයක් ඉපැද්දුවෙය. එයින් සිදුවු මහා විනාශය ඇස් වලට පෙනුනි.
    මහින්ද රාජපක්ෂ මහතා විසින් තම ප්‍රතිවාදියන්ට විරුද්දව තම ජනතාව තුල වෛරය ඉපැද්දුවෙය. එහි විනාශය අනගතෙ දිනකදි නැරඹිය හැක.

    ReplyDelete
  20. //රාජපක්ෂ ගොයියා බිම්බෝම්බ හයි කලේ සැලසුමකට. ඒ හින්දා ඒවා ඔක්කොම දැනටම අයින් කරලා. ප්‍රභාකරන් ගොයියා හයි කලේ සැලසුම් නැතිව//
    රාජපක්ස ගොය්යා තමන් අටවපු එවා ගැන දන්න නිසා එව අයින් කරන්න ලේසියි
    ප්‍රබාකරන් ගොය්ය බෝම්බ ඇටෙව්වේ රාජපක්ස ගොය්යාට තැන් ටික කියලා නෙවෙයිනේ - ඒක නිසා ඒව ගලවන්න අමාරුයි ?
    හැබැයි ඉතින් ඕක අනිත් පැත්ත උනානම් ප්‍රබා ගොය්ය එයා අටවපු ටික එයා ගලවයි, රාජපස්ස ගොය්ය අටවපු ටික එහෙමම තියේවි
    ප්‍රබා ගොය්යා කියාවි මේ රජපස්ස ගොය්යා බෝම්බ අටවලා තියෙන්නේ හරිම අපිලිවෙලට අපිනම් ඇටෙව්වේ සැලසුමකට කියලා


    අනේ මේ නෝ ෆ්‍රේම් අපේ මිගාර අය්යා නොවේවා කියලා මම ප්‍රර්තනා කරනවා - මොකද උන්දෑට ඔයිට වැඩියනම් මොලේ ටිකක් තිබුනා

    ReplyDelete
  21. No Frames ට

    මෙ නිහඬ බව බිදෙන්න .... තව මොනවා හරි කියන්න


    මට කියා දෙන්න ..... ජෙනරල් ජාතිය පාවා දුන් ආකාරය ගැන....

    නැත්නම් ජාතික, ස්වාධීන රුපවාහිණිය ජාතිය පාවදුන් ආකාරය ගැන හරි....

    ReplyDelete
  22. ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    ReplyDelete