Friday, June 25, 2010

අතකින් බැන්කිය අතකින් රජපසය.මරන තුනක් ඇති පුලස්ති පැනි කෑය


ලංකාවෙ යුද අපරාද ගැන හොයන්න උපදෙස් ගන්න බැන් කි මූන් උ‍පදේසක මන්ඩලයක් පත්කොරගෙන තියනව.මේක ආන්ඩුව දිගටම එපා කිව්ව දෙයක්.මේ රට ගැන ‍හොයන්න විදේසෙකින් උපදේසක මන්ඩල දාන එක මේ රටේ ස්වෛරිභාවයට හොද නැතෙයි මානව හිමිකම් කඩවුනා නම් ඒව ගැන තමුන්ම හොයාගන්නම් කියන එකයි තමා ආන්ඩුව දිගටම කිව්වෙ.ඒත් ඒක මූන් ගනන් අරගෙන නැති හැඩක් තමයි තියෙන්නෙ.
මොනව උනත් එනපොට එච්චර හොද නැහැ කියන එක නම් පුලාට තේරෙනව.

පුලා මේ සටහන ලියන්නෙ මේ පුරස්නෙ ගැන කම්ප්ලීට් අයිඩියා එකක් දෙන්න නෙමෙයි.මොකද මේ පුරස්නෙ ගොඩක් අය හිතනව වගේ සරල නැහැ.දේසප්‍රේමී සෙට් එක දැන් එක පාරට කියයි උපදේසක කමිටු දාන්න පුලුවන් අපේ මලකදන් උඩින් කියල.තව සැට් එකක් මේ වැඩේ හින්ද පොඩි ෆන් එකක් ගනියි ආන්ඩුවට කෙලවෙන්න යන්නෙ ඊට පස්සෙ අපේ චාන්ස් කියල.
මේ දෙකම එක්ස්ට්රීම් දෙකක්.
ඉස් ඉස්සෙල්ලාම ආන්ඩුව අතින් යුද අපරාද වුනාද කියන එක ලිහාගන්න ඕනෙ පුරස්නයක්.එහෙම වුනා නම් වැරදි කොරපු අයට දඩුවම් දෙන්න ඕනෙ නේද කියන එක ඊලගට ලිහාගන්න ඕනෙ පුරස්නයක්.හැබැයි කලින් කිව්ව වගේ පුලා මේ ලියන්න යන්නෙ ඒ ගැන නෙමෙයි.මේ යුද අපරාද ගැන ලංකාවෙ ලොක්කොන්ට දඩුවම් දෙන්න එන දඩුවම් බාස්ලාගේ අවංකකම ගැන පුලා ට තියන ඇත්ත සැක සංකා ටික.

ආන්ඩුව යුද අපරාධ කලා මහා නස්පැත්තියක් කොලා යුද්ධ කාලෙ මානව අයිතිවාසිකම් සතේකට තැකුවෙ නැහැ කියන එක මොහොතකට උපකල්පනේ කොරමු.
දැන් මුන් කි බෑන්ට ඇත්තටම ලංකාව කියන රට විතරක් පේන්න තියන විසේස හේතුව මොකක්ද?
මුන් කී බෑන් හොයල බැලුවොත් ලංකාවට උතුරින් ඇෆ්ගනිස්ථානෙ කියල රටක් තියනව.මේ රටට 2001 අමරිකාව කියල රටකින් හමුදාවක් යවනව.ඊට පස්සෙ එහෙ තිබුන පාලනේ පෙරලලා දාල තමුන්නේ රූකඩ පාලනයක් පිහිටුවනව.එදා ඉදල ඇෆ්ගනිස්ථානෙ මාර යුද්දයක්.අමරිකාවෙ එයා පෝස් එක බෝම්බ දාල එක ගම්මානෙක එකසිය එකක් එකපාර මැරුනෙ මාස ගානකට ඉස්සර.මේ අයත් ගරිල්ල භටයො නෙමෙයි.සිවිල් වැසියො.
මුන් කී බෑන් ගෙ ඇස් දෙක නිව් යෝක් වල ඉදන් ඇප්ගනිස්ථානෙ පහුකරගෙන ඒක නොදැක්ක වගේ ලංකාව ගාවම නතර වෙන්නෙ මක්කෙයි?

මුංකි බෑන්ට බෑන් චූන් එකක් ගන්න ඕනෙම නං ඇප්ගනිස්ථානෙට උතුරට පොඩ්ඩක් වමෙන් ඉරාකෙ කියල තව රටක් තියනව.ඒකෙ රසායනික අවි තියනව කියල අමු බොරුවක් කියල ලෝකෙම රවට්ටලා 2003 අමෙරිකාව කියන රටයි එංගලන්තෙ කියන රටයි තමුන්නෙ හමුදා දාල ඒ රට ආක්‍රමනය කොරනව.එයා පෝස් අහසින් ඇවිල්ල ඉරාකෙ මිනිස්සුන්ගෙ ඔලු උඩට අත් හැරියෙ සෙල්ලම් බඩු නෙමේ.විනාසකාරී බෝම්බ.
පරන සිස්ටාචාරයක් වුන ඉරාක සිස්ටාචාරෙ සමතලා වෙලා ගියා.දැන් අවුරුදු 7 ක් ගිහින් තාම ඉරාකෙ එක දවසට හැම තැනම බෝම්බ පිපිරෙනව.ඉරාකෙන් අල්ලගෙන ගිය හිරකාරයො අමෙරිකාවෙ බන්ධනාගාර අස‍්සෙ දාගෙන දස වද දෙන හැටි පුලා කාලෙකට උඩදි මාද්දි වලින් දැක්ක.අබු ග්‍රෑන්ඩ් වගේ නමක් තමයි ඒ හිර කදවුරට තිබ්බෙ.කෲර වද හිංසා වලින් නිදහස කියල මහ ලොකු අයිතියක් මුන් කි බෑන්ගෙ සංවිධානෙන් ප්‍රකාසෙට පත්කොරල තියනව.යුද හිරකරුවන්ට සලකන්න ජිනිවා සම්මුතියය අර සම්මුතියය කියල අනන්ත අප්‍රමාන සම්මුති තියනව.බුස් - බ්ලෙයාර් - ඔබාමා කට්ටුව මේ සම්මුති වැඩිය ඇගට ගන්නෙ නැහැ කියන එක තමයි ඒ නිව්ස් දිහා බලද්දි තේරෙන්නෙ.

දෙවනි ලෝක යුද්දෙ අන්තිම වෙලාවෙ හිරෝෂිමා නාගසාකි කියන නගර සමතලා කලා.පරමානු බෝම්බ දාල ලක්ෂ ගානක් එක මොහොතෙන් මේ ලෝකෙන් අතුරුදහන් කරල දැම්ම.
වියට්නාමෙ කියන ස්වාධින රට ආක්‍රමනය කොරල අවුරුදු 20 ක් තිස්සෙ එක දිගට ඒ රටේ මිනිස්සුන්ගෙ ඔලු උඩට නාපාම් බෝම්බ අමෙරිකාවෙ හමුදාව අත්හැරිය.කොච්චර විනාසයක් මේ වයින් උනාද කියන්නෙ සමහර රසායනික ද්‍රව්‍ය හින්ද වියට්නාමෙ සමහර පැතිවල පස් උඩ තාම හරියට ගොවිතැන් කොරන්නවත් ඇහැක් වෙලා නැහැ කියල පුලස්ති අහල තියනව.
කියුබාව කියන ‍රටේ ජනාධිපති මරන්න සීඅයිඒ එක පැලැන් කොලා කියන එක ප්‍රසිද්ධ රහසක්.චිලි කියන රටේ ආන්ඩු පෙරලන්න හමුදා කුමන්ත්‍රන කරල දාස් ගනන් මරන්න අමෙරිකාව කොන්ත්‍රාත් දුන්න කියන එක ඉතිහාසෙ දන්න කවුරු කවුරුත් දන්නව.

මුන් කී බෑන්ට මේ කිසි දෙයක් නොපෙනෙන්නෙත් ලංකාවෙ වෙන ඒව විතරක් පෙනෙන්නෙත් මක්කෙයි හැබෑටම කියන එකයි පුලස්තිගෙ පුරස්නෙ.ශ්‍රී ලංකා ප්ලේ බයි රූල් කියල ක්‍රිකට් මැච් අතරෙ බැලුම් බෝල අල්ලන් ඉන්න ජාත්යන්තර මානව හිමිකම් බුවාලාස් අමෙරිකා ප්ලේ බයි රූල් කියල අමෙරිකාව පුට් බෝල් ගහන ග්‍රවුන්ඩ් ඉස්සරහ බැලුම් බෝල අල්ලනව පුලස්ති දැකල නැහැ.
වතුර ගලන්නෙ පහත් තැනින් විතරද?ඉරාකෙ දවසට මැරෙන පිච්චෙන මිනී මිනී නෙමෙයිද?ඒව පඹයොද?වෙන රටවල්වලට බලහත්කාරයෙන් කඩාගෙන පැනල අමු අමුවෙ මිනී මරන කොට ඒක මානව හිමිකම් කඩකිරීමක් නෙමෙයිද?එව්ව යුද අපරාධ නෙමෙයි නං මොන අපරාධද?

මේ ටික පුලා ලිව්වෙ අපේ දේසප්‍රෙමි සැට් එක කියන්න වගේ අරුනුත් වැරදි කරනව අපිත් ඒ වැරදිම කරනව තමයි ඒ හින්ද අපිට මුකුත් කියන්න එපා කියන තේරුමින් නං නෙමෙයි.ලංකා‍වෙ මානව හිමිකම් රෙකෝඩ් එක සවුත්තුයි කියන එක ගැන පුලස්තිට විවාදයක් නැහැ.
අපේ වැරදි අපි හදාගන්නෙ නැති හින්ද,මේව ගැන රට ඇතුලෙ කතාවක් නැති හින්ද,අපේ ලොකු පුටුවල ඉන්න බුවාල මානව හිමිකම් ගැන හිතන් නැතිව පිස්සු කෙලින හින්ද තමයි මුන් කී බෑන්ලට ලංකාවට එගේන්ස්ට් කමිටු දාන්න ඇහැක් වෙලා තියෙන්නෙ.
ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ඇහැට නෝට් වෙලා ඉන්න ලමයෙක් කොරන්න ඕනෙ පිනාට තමුන්ව කොටු කොරගන්න බැරි වෙන විදිහට හොදට හැසිරෙන එක.එහෙම හැසි‍රුනොත් පිනාට කොච්චර තදියම තිබ්බත් කොටු කොරගන්න එක ලේසි නැහැ.අනිත් ටීචර්ල එගේන්ස්ට් වෙනව.
හොදට හැසිරෙනව වෙනුවට ලමය කොරන්නෙ ඉස්කෝලෙ ලැට් ගානෙ කුනුහරුප ලියන එකනං,ඉස්කෝලේ ඇතුල්ට වැල පත්තර ගේන එක නං,පිනාගෙ ඔපිසිය යට වැල් ගොල්ලෙ හැංගිල දුම පේන්න ගංජ ගහන එක නං පිනාට දඩයම් කොරන වැඩේ ලේසියෙන් කොරගන්න පුලුවන්.ඇස්පනා පිට පිස්සු කෙලින නිසා වෙන ටීචර් කෙනෙක්ට උනත් ලමයව ඩිෆෙන්ඩ් කොරන්න බැහැ.

අපේ ලොක්කොත් යුද ජයග්‍රහනෙන් සුර් වෙලා යාපනේ දහම් අමා දාල සිංහල‍කරනය කොර කොර හිටිය.හදිසි නීතිය දිගටම තියාගෙන සාධාරන චන්ද තියන්නෙ නැතිව 17 වෙනි සංශෝධනේ ක්‍රියාත්මක කොරන්නෙ නැතිව ඒකාධිපති විදිහට වැඩ කොලා.යුද්දෙන් පස්සෙත් දෙමල හිරකාරයොන්ගෙ නම් ලිස්ට් එකවත් අඩුම තරමින් ප්‍රකාස කොරේ නැහැ.
අවතැන් උන අයගෙ පුරස්නෙ කොහෙත්ම සතුටුදායක විදිහට හැන්ඩ්ල් කොලේ නැහැ.යුද්දෙ ඉවර වුන ගමන්ම මානව හිමිකම් කවුන්සිලේදි දයාන් ජයතිලක ලොක්කා ගොඩක් දේවල් කොරන්න පොරොන්දු වුනා.ඒව විශ්වාස කොරපු ලෝකෙ රටවල් අමරිකාව මොන බයිල ගැහුවත් ලංකාවට පක්සව චන්දෙ දුන්න.

ඒත් දැන් අවුරුද්දක් ගිහින්.
අර පොරොන්දු වුන දේවල් කොරනව තියා අවතැන් අයගෙ පුරස්නෙවත් හරියකට විසදගන්න ආන්ඩුවට බැරි උනා.ඒව විධිමත් කොරන්න තියන සල්ලි වලින් අයිපා දදා ෆන් ගත්තා.නාමල් බබාට රිතික් එක්ක කාර් එකේ යන්න චාන්ස් ගත්ත.
ඇත්තටම කියනව නං මුන් කි බෑන්ට ලංකාවේ අධෝමුඛය අස්සෙ ඇගිල්ල ගහන්න පුලුවන් විදිහට රටේ මානව හිමිකම් කලිසම ගලෝල දැම්මෙ ආන්ඩුව.පහුගිය අවුරුද්ද හරියට ට්‍රයි කොලා නං යුද්ද කාලෙ මොනා වුනත් ඒව සේප් කොරගෙන ඉස්සරහට යන්න ලොක්කොන්ට හොදටම ඉඩ තිබ්බ.

ඒ කතාව පැත්තකින් තියමු.කිසි වගකීමක් නැතිව පිස්සු කෙලින අපේ ඉහල ඇත්තො ගැන අප්‍රසාදය තියනව වගෙම මානව හිමිකම් ගැන දිව දෙකේ ටෝක් දාන,තල්මහ හෙලුවෙන් මහ දවල් කොරන වැරදි දැක්කෙ නැහැ වගේ ඉදගෙන හාල්මැස්සො රෑට රෑට හොරෙන් කොරන වැරදි වලට විතරක් තග දාල තමුන් මහ වීරයො මානව හිමිකම් රකින ශ්‍රේෂ්ඨයො කියල පෙන්නන මුන් කි බෑන් වගේ ලොස් පොරවල් ගැනත් පුලස්තිට තියෙන්නෙ තදබල අපුලක්.
ඇමරිකාවයි එංගලන්තෙයි කියන්නෙ හෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියල සමහර ඈයො හිතාගෙන ඉන්නව.උඩින් තියන ලිබරල් එක හූරල දැම්මම යට තියෙන්නෙ දෙබිඩිකම මිලේච්ඡකම සම්පත්වලට තියන කෑදරකම මිස වෙන මොකක්වත් නෙමෙයි.

උතුරෙන් මුන් කි බෑන්ගෙ දෙබිඩිකම.දකුනෙන් අපේ ලොක්කගෙ අමනකම.
මේ දෙකට මැදිවෙලා ඉන්න අපි වගේ නෝමල් බුවාලට ඇදට වෙලා අතපය හකුලගෙන නිදාගන්නව හැරෙන්න කොරන්න වෙන දෙයක් තියෙනවද හැබෑටම?

13 comments:

  1. Hay, You got afraid that your beloved SF would get punished by the UN?

    ;-D

    ReplyDelete
  2. හොද ලිපියක්.සමබරව ලියල තියනවා!! එලකිරි....

    ReplyDelete
  3. ජාත්‍යන්තර ගැටළු කළමණාකරණය කරගැනීමේ දුර්වලතාවය මතයි ලංකා ආණ්ඩුව හිරවෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දයාන් ජයතිලක වැන්නවුන්ගේ ක්‍රියාකලාපය යුද්ධයෙන් පසුව ඉවරයි කියලා හිතුවා. ඒකත් ජෙනරල්ට කලා වගේ. යුද්ධ ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුව හැසිරැනේ අත්තනෝමතික ලෙස. එහි ප්‍රතිඵලය වුනේ අසහාය නායකයෙකු ලෙස ලාංකික ඉතිහාසය තුළ නමක් හදාගන්න පුළුවන් උන මහින්ද නැවත වරක් සාම්ප්‍රධායික දේශපාලන චරිතයක් බවට පත්වීම. අනෙක් කරැණ යම් ප්‍රශ්නයක් වඩාත් ඵලදායි ලෙස විසදණු වෙනුවට එම ගැටළුව පිළිබද දැනුමක් නැති පුද්ගයින්ට එය විසදීමට භාර කිරීම තුළ ගැටළුව තව තවත් සංකීර්ණ වූනා. මර්වින් සිල්වලා ලවා ප්‍රශ්න විසදිය හැකි යයි උපකල්පනය කිරීම මෙයට හේතුවයි. ජයග්‍රහණයෙන් උදම් වීම නිසා කළ "මෝඩචූන්" වැඩ අනන්තත් දකින්න පුළුවන්. අනෙක් අතට "ෂේප් එකයි පාරයි" කියලා තියෙන බජාර් එකේ න්‍යායවත් හරියට ක්‍රියාත්මක කරානම් ආණ්ඩුවට ගොඩ එන්න තිබුනා. හැම ප්‍රශ්නයකදිම "එකට එක කරමින් "චණ්ඩිපාට්" එක දැමීම තුළ ජාත්‍යයන්තරය දිනෙන් දිනම අපිත් එක්ක පැටළුණා. ජීඑස්පී ප්‍රශ්නේ එන්නෙත් ඒ එක්ක. අනෙක් පැත්තට ආණ්ඩුව ජීඑස්පී එපානම් මුලින්ම ඒ සදහා විකල්ප වලට යන්න තිබුණා. එහෙම උනානම් අද ජීඑස්පී කොන්දේසි ගැටළුව මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මර්වින්ලා, විමල්ලා ලවා සිංහලෙන් බැනලා ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා හිතීමත් විහිළුවක්. ජාත්‍යන්තරයේ ප්‍රශ්න විසදගන්න අත්දැකීම් තියෙන සෙට් එකක් අවශ්‍ය වෙනවා. පක්ෂ බේදයෙන් තොරව මේ සෙට් එකට මේක බාරදෙන්න වෙනවා. දයාන්ලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. කරලා පෙන්නලත් තියෙනවා.

    පුලා, ගොඩක් අය හිතන් ඉන්නේ අපි ප්‍රශ්න විවේචනය කරන්නේ මහින්ද විරෝධීව, එහෙමත් නැතනම් ලංකාවට විරැද්ධව කියලා. උඹේ ලිපියෙන් ඒ මතය බොරැ කියලා උඹ ඔප්පු කරලා තියෙනවා. මේ රට ගැන අපට කැක්කුමක් තියෙනවා. ඒක නාමල් බේබිට තියෙන කැක්කුමට එහා ගිය එකක්. හොද ලිපියක්.

    ReplyDelete
  4. හොද පෝස්ට් එකක් මචෝ!

    ReplyDelete
  5. @ එස් එල්
    එහෙම වෙන් නැහැනෙ බොස් උන්නැහෙ රට පාවල දුන්නම.උන්නැහෙට ඊලග යූඇන් මහලේකම්කම පුදන්නලු ඉන්නෙ කොරපු උදව්වට

    @ තිසර
    දයාන් උන්නැහෙ එක පාරක් කිව්ව අපි ලෝකෙට නගුට වනන කීකරු බලු කුක්කො වෙන්න හොද නැහැ වගේම දකින දකින සුද්දා හපාකන්න බුරාගෙන පනින පිස්සු බල්ලො වෙන්න ඕනෙත් නැහැ කියල.
    ජාත්‍යන්තර සම්බන්ධකම් හරියට තියාගන්න එකත් කලාවක්.දයාන් ලොක්කා එදා පොරොන්දු වුන දේවල් හරියට මහන්සි වෙලා කොරානම් අද මේ පුරස්න ගොඩක් නැති කරගන්න තිබුන.
    මහරජාගෙ වැරදි කියන එක රටට විරුද්ද වීමක් කියල සමහර ගොබ්සන්ලා හිතාගෙන ඉන්න බව ඇත්ත.රට = රජ වුනේ ඉස්සර කියල ඒ අයට අතමකයි.එයාලව වැඩිය ගනං ගන්න ඕනෙ නැහැ.රටට ආදරේ කොරනව කියන්නෙ ප්‍රදර්සනේට සිංහ කොඩිය වන වන ඉන්න එක නෙමෙයි රටේ මිනිස්සුන්ගෙ පුරස්න ගැන කතාකොරල ඒවට සහනයක් එන විදිහට පුලු පුලුවන් විදිහට වැඩකොරන එක කියලයි පුලා කියන්නෙ.

    ReplyDelete
  6. පුලස්ති

    මහින්ද හා එයාගෙ සහොදරයින්ව වත් රටත් අමාරුවෙ දැම්මෙ එයාගෙ වටෙ ඉන්න සගයො ටික දුර දිඟ නොබලා කටයුතු කල ආකාරය නිසායි. ගිය දෙසැම්බර් මාසෙ ජෙනරල් කරපු ප්‍රකාශයක් අර්ථ විකෘති කරලා මහා ජනතාවට පැටෙව්වා. එය පැය විසිහතරම විකාශය කලා. ජනතාව විස්වාස කරෙ ජෙනරල්ගෙ ප්‍රකාශයෙන් රටෙ හමුදාව ගස් යැමට ඉඩ තිබු බවයි. ජෙනරල් කෙරෙහි මිනිසුන් තුල වෛරයක් ඇති කිරිමට ගොසින් රටම අපහසුතාවයට පත් කලා.

    ඉන් පසු මෙ දඩබ්බර ලමයා තුල පුහුගර්වය බලන්න.
    හයියෙන් කෑගසා කියනවා.

    "කාටවත් මගෙ රටට ඇවිල්ලා පරික්ෂන කරන්න දෙන්නෙ නැහැ."
    "ඔහු එහෙම කලොත් මම ඔහුව එල්ලනවා "

    ගොටාබය මහතාට අමතක වී ඇත. දෙසැම්බරයෙහි ස්වාධින රුපවාහිණිය සාකාච්චාවෙදි ඔහු ජෙනර්ල්ට කල දෙ අද BBC සාකච්චා දී ඔහුට සිදුවි ඇත.

    රාජ්‍ය මාධ්‍ය තුල ඉන්නා දෙශප්‍රෙමි යැයි කියා ගන්නා මොඩ කිනිතුල්ලන්. " බලන්න ගොටා මහත්තයා කොච්චර නිර්භීතද.. එතන එහෙම කතා කරන්න " යැයි අර්ථ දක්වා මොඩ මිනිසුන්ගෙ සිත තවත් පිනවීමට පුළුවන.

    නමුත් නිර්භිතකම යනු බිය නොමැති කම නොව බිය නැති බව පෙන්විමට පුළුවන් හැකියාවයි. එය ගොටාබය මහතා පරික්ෂනයකට ඇති බිය එතනදි මැනෙවින් හෙලිකරයි.

    ගොටාබය මහතා ඇමරිකාව කල යුද්ධයත්, එහිදී මානවහිමිකම් කඩවු ආකාරයත් පලිහයක් ලෙස තබාගෙන කතා කළේ නම් ඇමරිකානු විරොධි රටවල් මීට වඩා අපවටා එක් රොක් වෙනු ඇත.

    ReplyDelete
  7. පසු..


    පුලා මට සොරි වෙන්න ඔනා. ඔයා අතනට එනවට අකමැති කමක් නෙමෙ තිබුනෙ, ඔයා ඇවිත් කරුණු ඔක්කොම එක පාර ගහලා දැන්මා, එතකොට එ කරුණු වල වටිනා කම අඩුවෙනවා. මම එකයි කිව්වෙ කොම්පිට්ටුවට පයි ගැහැව්වා කියලා.

    ReplyDelete
  8. @රවා
    රාළගේ ළපටි කතා ටිකට කියන්න ගොඩාක් දේවල් තිබුණා. ඒත් උඹටනේ ආරාධනා කරලා තිබුනේ. ඒකයි මැදට පැන්නේ නැත්තේ. අනිත් එක උඹ වැඩේ කොර වෙන්නම දුන්නනේ. ඒ ගැන මතක් වෙලයි ලිව්වේ. අර නිර්-රාමුවා මට කිව්වා තර්ක බූතයෙක් වෙන්න එපා කියලා. මොකද අපි පොයින්ට් එකක් දුන්නහම උන්ට උත්තර නැහැ. ජෙනරල් ගැන කියලා අනාගෙන ඉන්නේ ඒකනේ.

    ReplyDelete
  9. යුධ අපරාධ වුනේ නැහැ කියලයි කියන්නේ.එහෙනම් මොකටද බය වෙන්නේ?
    එක්සත් ජාතින් කියන්නේ නිකම් ආයතනයක් නෙවෙයි.බටහිර ගැති වුනත් ඒ අයගේ තීරණ වලින් ලංකාවට බලපැමක් වෙන්න පුලුවන්. කොහොමත් දැන් අනාගන්න හැටි ඉස්සරහටත් බලා ගන්න පුලුවන් වෙයි.

    ෆොන්සේකා වරදි නම් දඩුවම් දෙන්න ඔන. ඒත් පිල්ලෙයාන්,කරුණා කේපි වගේ අය කී දෙනෙක් මැරුවද?
    සිංහලයන්ගේ උතුම් වස්තුව කියන දලදා මාලිගාවට පවා ගේම දුන්නු එක ප්‍රශ්නයක් නෑ.

    අනේ
    අරන්තලාවෙ පොඩි හාමුදුරුවෝ අමු අමුවේ මරපු අය !!!!!!! හික් අද මහ ඇමතිල වෙලා.

    අනේ දේශප්‍රේමින් කියල කෑ ගහපු විමල්ලාට,චම්පිකලාට, පේන්නෙ නැද්ද?

    දිවි පුදපු අපේ කොල්ලන්ට මෙහෙමද සලකන්නේ?
    අනේ පව් අපේ ආමි එකේ කොල්ලො.
    මොනව කරන්නද? ජොබ් නැති නිසානේ කර ගහගෙන ඉන්නේ.

    රාජපක්ශයි,ෆොන්සේකයි ඉතිහාසේ නම දා ගන්නයි දගලන්නේ.

    අපේ නාමල් බබා මාස 6 කට හමුදාවෙ ඉදල බලන්න,ගිනි කාශ්ටක වව්නියාවෙ පාර චෙක් කරන්න.අපේ සුදු මහත නාමල් බබා කලු කෙට්ටු වෙන හැටි සංවෙදියි අප්පච්චිට උහුලන්න බැරි වෙවි.

    මොනව කරන්නද රටේ මිනිස්සුන්ගේ අවාසනාව..!!!!

    මමත් ආමි එකෙන් අයින් වුනේ මට සැලකිල්ලක් නැති නිසා.මම වැඩ කරේ රුහුණු ගජබා රෙජිමේන්තුවෙ 12 බල සේණාංකයේ.
    මම ආමි එකට බැදුනේ කොටි එකෙක් වත් ඉතුරු කරන්නේ නැහැයි කියල. ඒත් අන්තිමට කොටි ලොක්කෝ තුන් දෙනෙක් අද ඇමතිලා වෙලා.

    මේකටද මම දුක් වින්දේ ???????????

    ReplyDelete
  10. @ රවා

    ඒකෙ කිසි අවුලක් නැහැ සඕදරයා :)
    කොහොමත් ඒ ඩයලොග් එක යන හැටි දැක්කම කට නොදා බැරි වුනා.එකම දෙතුන් දෙනා එකතු වෙලා තමුන්ට මාර ජන සහයෝගයක් තියනවය කියල පෙන්නන්න නම් මාරු කොර කොර කොමෙන්ට් දාන එක හිරිකිත වැඩක්.රාලලගෙ දෙකයි පනහෙ ජිල්මාට් දකිද්දි නිකම්ම කමෙන්ට් දැමෙනව.
    හැබැයි මොනව නැතත් නෝ ෆ්‍රේම් කතාකොරන එකට පුලා ගරු කරනව.තමුන්නෙ මතය මොකක් වුනත් සංවාද කොරන්න උන්නැහෙ සූදානං.නෝ ෆ්‍රේම් = මිගාර කියල පුලා උපකල්පනය කොරන්න එක හේතුවක් මිගාර බොස්ටත් ඒ ගතිය තිබුන කියල පුලාට මතකයි.
    පිටියෙ අප්පුයි අනිත් වර්ගවාදී අප්පුලයි වගෙ බුද්ධිහීන නැහැ.

    @ රජා

    ලොකු කොටි ලොකු පුටුවල.ලොකු කොටි බෙල්ලෙ සයනයිඩ් එල්ලල යුද්දෙට දක්කපු පොඩ් පංතියෙ ඈයො හිරගෙවල්වල.උන් ඉන්නවද නැද්ද කියල අම්මල තාත්තලට දැනගන්න නම් ලැයිස්තුවවත් දෙන්නෙ නැහැ.‍මේ වැරදි වැඩ වලට කාට කාටත් කවදහරි උත්තර බදින්න වෙනව.

    ReplyDelete
  11. "මමත් ආමි එකෙන් අයින් වුනේ මට සැලකිල්ලක් නැති නිසා.මම වැඩ කරේ රුහුණු ගජබා රෙජිමේන්තුවෙ 12 බල සේණාංකයේ."

    Typical Fonseka mentality...........

    ReplyDelete
  12. අපෙ සාකච්චාව ඉතා හොදින් කෙරිගෙන යනවා, නමුත් මෙ නොප්‍රෙම් කියන කෙනා පැහැදිලිව පෙනෙන කරුණුත් ඉතාම බයාදු ලෙස පිළිගන්නෙ නැහැනෙ. හරිම පුදුමයි මෙ මිනිස්සු ගැන. බෞද්ධ කෙනෙක් හැමවිටම කල්පනා කරන්නෙ තමාව ආදෙශ කරගනිමින්, නොප්‍රෙම් සමහර තැන් වලදි කරුණු ඉදිරිපත් කරන්නෙ ඔහු මිනිසෙක් බවත් අමතක කරලා,

    පුලස්ති මගෙ කරුණු වල යම් වැරද්දක් , අතපසුවිමක් තියනවා නම් කරුණා කරලා එතනදිම මට පෙන්වා දෙන්න. එය මට කරනා උදව්වක්..

    ReplyDelete
  13. Pulasthi,

    Any comments

    http://peramunerala.wordpress.com/2010/06/29/%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA/#comments

    ReplyDelete