Tuesday, August 10, 2010

පුලස්ති සංදේශය - පුලස්තිගේ පලමු කාව්‍ය නිර්මානය




මිත්‍රවරුනි

පුලස්ති වන මා තමුන්නාන්සෙලා මෙතෙක් කල් දැනගෙන සිටියෙ බොලොග් රචකයෙක් විදිහටය.ඒ වුනත් පුලස්ති තුල අංකුර කවියෙක්ද සැගව සිටී.මේ පලවෙන්නේ තරුන අවධියේ නාහෙට නාහන දඩබ්බරයෙක්ව සිටි වංගියේ පුලස්ති අතින් ලියැවුන චරිතාපදාන කවියකි.මාගේ කුලුදුල් නිර්මානය පිලිබද තමුන්නාන්සේලා ගේ අවංක අදහස් අපේක්ෂා කරමි.මා ලපටි සිතේ කවි සිතුවිලි මෝදු කරමින් කුඩා කල ඔලුව පිරිමදිමින් කවි කියා දුන් පුලාගේ අම්මම්මාව කුලුදුල් නිර්මානය එලි දක්වන මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කර සිටිමි.

පුලස්ති සංදේශය

පුලහස්ති මාරයා
තරුන දන වීරයා
දුදන ග්‍රහචාරයා
චීන අඩි ආචාරියා

කොහි සිටද ඔහු එන්නේ
කොයිබටද ඔහු යන්නේ
නොමැත කිසිවෙකු දන්නේ
සිතන්නට ඇයි වෙහෙස වෙන්නේ?

හිටි ගමන් මතු වෙනවා
සුලග වාගේ එනවා
ගැහැනු සිත් කලඹනවා
සැනෙන් නොපෙනී යනවා

රජයේ වරම් ලද්දෝ
පොලිස් නිලධර කිලුටු වැද්දෝ
මොහුට තරමින් මෙවන් ඇත්තෝ
වෙනත් කා හට බයක් ඇද්දෝ

අඩියක් ගහන්න
ගඩුවක් බහන්න
ඇනයක් නමන්න
ගුලියක් ගිලින්න

බටයක් අදින්න
වලියක් අදින්න
හුරුවක් වකන්න
මිනියක් මරන්න

අවැසි ඕනෑ දේකට
කියන් පනිවිඩ පුලා අයියට
යසස නැංවූ වියරු මොහුහට
වදියි පුදදෙයි මහ රජුන් වුව

ආයුබෝ වේවා
මහරජානෙනි....................!

5 comments:

  1. සිව් මහ බඹුන්...
    දුන් විවරණෙන්...
    අපටත් පුලෙක් පහලව ඇතේ....

    ReplyDelete
  2. අවුල් සීන් එක්ක උනොත් කියනවා පුලාට/....

    න්යමෙට ගලපලා තියනවා///

    ReplyDelete
  3. දෙමල් චිත්‍රපටි වල ඉන්න බොරු කාරයෙක් ව හිතෙ මැවෙන්නෙ.. පුලා අයියා, නියමෙට මෙක කරලා තියනවා, නියමයි ආ...

    මම බඩ අල්ලාන් හිනාවෙලා ඉන්නෙ.. තව තියනවා හිනාව.. මුහුනෙ

    කොහෙන්ද හප්පෙ එ මෙච්චර කවි හැකියාවක්. කට්ටියම එක තැනකින් ඉගෙන ගත්තු අය වගෙ....

    ReplyDelete
  4. ගඩුවක් බහන්න, හුරුවක් වකන්න

    හකේ හක් හක් හා

    ReplyDelete