Wednesday, August 11, 2010

සිල්වා මර්වින් - ධෛර්යය අරගන්.නාඩා දැන් ඉතින් - හෙට දවස ජයගන්!


දයාබර මර්වින් සෑර් වෙත ලියමි (පිටපත් - පෙරමුනේ රාල හා පිටියෙ අප්පු )

හත්වලාමයි ‍සෑර්!!!!! වැඩේ පත්තු වුනා නේද?
මක්කෙයි මේ වුනේ?ග්‍රහයා නීච වෙලාද?සෑර්ගෙ ලොකු සෑර් සූර් වෙලාද?

ඇත්තටම දැන් සෑර් ඇමති නෙමෙයි හින්ද මර්වින් ගොයිය කියල ලියන්නත් පුලාට හිතෙනව.ඇමති නෙමෙයි නං සර්ගෙයි පුලාගෙයි වෙනස මොකක්ද නේද?මෙගා ඉස්ටාර් එ‍කේ චාන්ස් එකක් දුඤ්ඤනං පුලත් කියල පෙන්නන්නං කවි.කොහෙවත් ඉන්න අහිංසකයෙක්ට තග දාන එක පුලාටත් කොරන්න බැරි වැඩක්ය.ඒත් තවම සෑර් මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට් නෙව.ඒ හින්ද සෑර්ට පුලස්ති අයිය බයිය වෙන්නෙ නැතිව අයිය හරි ගොයිය හරි නොකිය තාම සෑර් කියල කියනව.

ඉතින් සෑර් ඔබතුමා පජාත මැර වැඩ කොරනව කියන එක අලුත් දෙයක්ද?නේද?
ඕක පුලා වගෙම කවුරු කවුරුත් දන්නව.පුලාට තියන අවුල මේකයි.මේක රජතුමත් නොදැන හිටිය නෙමෙයිනෙ.සෑර්ගෙ හිස්ටරිය ගත්තම පජාත වැඩ කොලේ සමෘද්ධි මල්ලිව ගස් බැන්ද දවසෙ විතරක් නෙමෙයි නෙව.
තමුන්නැහෙ සිරසෙ බුවාලව හීරුවා.ටිවි එක ඉස්සරහ බයහැක නැතිව උන්ට තග දැම්ම.ජාතික එකේ අර රැවුල්කාර අහිංසක මහත්තයට බිම පෙරලගෙන කෙලිය.තමුන්නැහෙට පාට් දාන්න ආපු රූපවාහිනියෙ බුවා‍ලගෙ පිටවල් වල සෝරො වගේ එක එක ලකුනු දැලිපිහි වලින් ඇන්ද.තමුන්නැහෙගෙම පලාතෙ ප්‍රාදේශීය සභා සභාපතිගෙ සරමෙ මූත්‍ර යන විදිහට වැඩ කෙරුව.උන්නැහෙගෙ ගෙදර කුඩු කලා.තමුන්නැහෙට විරුද්ධව යන්න ගිය උන්දැව ආයෙ තමුන්නෙ කකුල් දෙක ලගට බල්ලා වගේ ගෙන්න ගත්ත.
දෙනෝ දාහක් බලං ඉන්දැද්දි සිරසට මහ දවාලෙ මැර බුවාල එවල කෙලලා ගියා.ඒ විතරක්ය,කැලනි කැම්පස් එකත් ගොම්පස් කලා.කැලනියෙ අන්ඩර් ග්‍රැජුවෙට් මල්ලිලට පෝස්ට් ග්‍රැජුවෙට් පොරක් උන තමුන් කොයි තරම් වැඩර් ද කියල තමුන්නැහෙ පෙන්නුව.
ඇත්තටම හිතල බලන්න සෑර්,මේ කිසිම පජාත වැඩකදි මීක් නොකිව්ව මහරජතුමා එක පාරටම මේ දගලන්නෙ මක්කෙයි?
නින්දෙන් නැගිටල වගේ විනය පරික්සන තියන්නෙ මක්කෙයි?ඇමතිකම් අහෝසි කොර‍ගෙන,ආසන සංවිධායකකම අත්හිටුවගෙන තමුන්නැහෙට එරෙහිව අලි පාට් දාන්නෙ මක්කෙයි?

මේක රටේ සමහරුන්ට වගේම සෑර්ටත් බුදු පුරස්නයක් කියල පුලා දන්නව.යූඑන් එකේ ඩිප්ලොමැට්ස්ල හිටන් හිරකරගෙන මිනිස්සුත් කුලප්පු කොරගෙන වලං ගොඩට පැන්න ගොනා වගේ ලෝකෙටම පේන්න පිස්සු නටපු විමල් වීරවංසට රජතුමා සැලකුවේ ආදරෙන් වතුර පොවල ඔලුව අතගාල.මේ කවුරුත් නමවත් අහල නැති සමෘද්ධි මල්ලි කෙනෙක්ට පොඩි තගක් දැම්ම වගේද යූඇන් එකේ බුවාලව හිර කොරගෙන තොවිල් නටන එක?වීරවංසට එක හැන්දකින් බෙදල තමුන්නැහෙට වෙන හැන්දකින් රජතුමා බෙදනකොට මේ මොනවද වෙන්නෙ කියල තමුන්නැහෙට අදහගන්න අමාරු වුනා කියන එකත් පුලස්ති දන්නව.

ඒත් පස්සෙ කල්පනා කොරල බලද්දි මොකක්ද සීන් එක කියල හරියටම පුලාට ඒත්තු ගියා.
පොඩ්ඩක් බලන්න සෑර්,ජාතික රූපවාහිනියෙදි සෑර් කෙලියෙ කාටද?සිරස මාධ්‍යවේදියා කවුද?කැලනියෙ ගුටි කාපු මල්ලිලා කවුද?පිටවල් කපාගත්ත මාධ්‍යවේදියො මොනුන්ද?
මේ සේරම සිංහල බුවාල.එතකොට තමුන්නැහෙ ඊයෙ පෙරේද චාටර් කොල මොහොමඩ් නිසාම් කවුද?
උන්නැහෙ මුසල්මානුවෙක්!ඉස්ලාම් භක්තිකයෙක්!
සිංහල බුවාලව චාටර් කොරනකොට ඒක පයිසෙකට ගනං නොගත්ත මහරජතුමා මුස්ලිම් උන්නැහෙ කෙනෙක්ව චාටර් කොරපු ගමන්ම තමුන්නැහෙව සස්පෙන්ඩ් කොලේ මක්කෙයි?

ඔන්න මර්වින් මැතිතුමෝ රහස මාට්ටු වෙන තැන.

පුලස්තිගෙ පැහැදිලි කිරීම මේකයි.රජතුමා දැන් හොදටොම වෙනස් වෙලා.එතුමා මේ රට ඉස්ලාම් කිරීමේ ඉස්ලාම් ශුද්ධ යුද්ධයේ ඉත්තෙක් වෙලා.
පුලස්තිට තේරෙන විදිහට මේක පිටිපස්සෙ ලොකු කුමන්ත්‍රනයක් තියනව.බියොන්ඩ් ප්‍රේම්,ටැබූ,ඇට නැති මැස්සා වගේ අවජාතකවාදින් සිංහල බෞද්ධයන්ට වින කෙටුනම කටවත් අරින්නෙ නැහැ.මුස්ලිම් පල්ලියකට මක්ක හරි වුනාම තමයි බෙරිහන් දෙන්නෙ.බලං ගියාම අපේ ලොකු සෑරුත් ඒ වගෙ නෙව.සිංහල එවුන්ගෙ පිටවල් කැපුනට නෝ කතා නෝ බතා.මුස්ලිම්කාරයෙක් ගස් බැන්ද විතරයි මෙන්න බොලේ නැට්ට පාගගෙන!

තමුන්නැහෙට වුන දේ අන්තිම අසාධාරනයක් කියලයි පුලස්ති ඉදුරාම කියන්නෙ.මුල්ගම්පොල හොල්ලගෙන ඉන්න නල්ල මලේ මැරයෙක් වෙන පුලස්ති මැර ප්‍රජාව නියෝජනය කොරන ඇමතිවරයෙක් ආන්ඩුවෙ ඉන්න එක ගැන පුල් හැපි එකෙ හිටියෙ.ආන්ඩුවෙ මොන වැරැද්ද තිබුනත් හැම ප්‍රජාවටම නියෝජනයක් දෙන එක කොච්චර හොද දෙයක්ද.මේ ලගදි කේපි හරහා කොටි ප්‍රජාවටත් නියෝජනයක් දුන්න නෙව.
ඒ උනාට රජතුමා දැන් ඉස්ලාමීය ජිහාඩයේ කුමන්ත්‍රනේකට අහුවෙලා අපේ මැර නියෝජනය අපෙන් උදුරගෙන.

මේ ලැරි හැරි හැරී ඉන්නෙ නැතිව එල් ඕ එල් සී ගියා වගෙ මර්වින් සෑර් තමුන්නැහෙටත් දැන් තියෙන්නෙ හැරි හැරි ඉන්නෙ නැතිව වහාම ක්‍රියාත්මක වෙන එක.ඔබතුමා තනි වෙලා නැහැ.තනි වෙලා කියල එක මොහොතකටවත් හිතන්න එපා.තමුන්නැහෙට කෙලෙව්ව ජිහාඩ් කුමන්ත්‍රනේට ඉන් රිටර්න් ගේම දෙන්න සෑර් මූලිකත්වය ගන්න ඕනෙ.ජිහාඩය නස්තාර් කොරන්න ඇස් ඉස් මස් ලේ දන් දෙන්න සූදානං බුවාල සැට් එකක් ඉන්නව සයිබර් අවකාසෙ.පෙරමුනෙ රාලගෙ අටුවාව කියල උන්නැහෙල වෙනම ටීම් එකකුත් ෆෝම් කොරගෙනයි ඉන්නෙ.වහාම උන්නැහෙලට ඊමේල් එකක් යවන්න.කොම්පියුටරේ ඕන් කොරගන්න දන්නෙ නැත්තං දන්න කාගෙන් හරි අහගෙන හරි ඊමේල් එක යවාගන්න.ඉස්ලාමය සමූලඝාතනය වෙන තුරු නින්ද නොයන පිටියෙ අප්පු කියන සැදැහැවතා කලු ජූලියකින් ඉස්ලාමය සංහාරය කොරන්න මානගෙන ඉන්නව.අප්පුලට මදි වෙලා හිටියෙ තමුන්නැහෙ වගෙ කොන්ද පන තියන වීර සිංහලයෙක් තමයි.
ඒ අප්පුට එකතු වුනොත් තමුන්නැහෙ දෙවෙනි පුරන් අප්පු වෙලා තමයි නතර වෙන්නෙ ඕං.

එහෙනං සෑර්,රජතුමාගෙ තීරනය වින්නැහියක් නෙමෙයි වෙස් වලා ගත්ත ආසිර්වාදයක් කියල හිතන්න.පුලස්තිගෙ අවවාදය පිලිගන්න.තමුන්නැහෙට දුන්න මේ වටිනා උපදෙසට කවද හරි තමුන්නැහෙ පුලාට පින් දෙයි කියන එක විතරක් පුලා හොදට දන්නව.වැඩේ ලේසි වෙන්න මේකෙ පිටපතක් පුලස්ති පෙරමුනෙ රාලටත් යොමු කොරඤ්ඤං.තමුන්නැහෙට සුබ අනාගතයක්.ලග නොබලන්න.දුර බලන්න.පැමිනි දුක පැනි රසයි කියල හිතන්න.

ඒ වගත් මෙසේම
ඔබගේ ආදරනීය රසිකයා හා බැතිමතා
- පුලස්ති

3 comments:

  1. එහෙනම් ඒකයි මේ අපේ මහරජතුමා ඉරානයේ ලොක්කා එක්ක සෙට් වෙලා ඉන්නෙ. බලාගෙන යදිද් අපි ඔක්කොම වගේ ලොක්කත් කුමන්ත්‍රණයකට අහුවෙලා. හැබැයි ඒක අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණයක් නෙවේ. ජිහාඩ් කුමන්ත්‍රණයක්. කිරිබත්ගොඩ ටවුමේ හෙට අනිද්දට මුස්ලිම් කඩ ටිකක් වැටෙයි. බුදු මර්වින් අයියේ ලොක්කා බුදුන්ගේ දේශයට කෙළින්නයි යන්නේ. ධර්මේ අධර්මේ කරගෙන ගේමට බහින්න.

    (පෙරමුණේ රාළ ඇතුළු සෙට් එක කඩුවක් හදන්න කම්මල පැත්තට යනවා දැක්කා)

    ReplyDelete
  2. අම්මට සිරිවෙයි... මට ඒක නිච්චියක් උනේ නැති හැටියක්..... ඒ කියන්නේ පුලෝ ලොක්කත් "පල්ලියට සක" තිබ්බ එහෙනං......

    ReplyDelete
  3. ‍‍‍මෙයාට ආචාරිය උපාඩ්ය දුන්‍ ‍නේ අහවල් .... කටද දන්නෑ.

    ReplyDelete