Monday, August 16, 2010

එක්සත් ජාතික පක්ෂය - ගැහැනුද?පිරිමිද?නපුංසකද?



ජෙනරල් ෆොන්සේකාව වැරදිකරු කොරල යුජ අජිකරනෙ දුන්න තීන්දුව ගැන විසේසයෙන් කියන්න දෙයක් පුලස්තිට නැහැ.බඩේ අමාරුවට සුදු ලූනු ගිලින්නෙ වාතය පිටකරන්න මිස වෙන මොකටද.සාම කාලෙක යුජ අජිකරන අටවනකොටම මේකෙ අරමුන ෆොන්සේකා බොස්ව දඩුකදේ ගහන එක කියල ඕනෙ මී ගවයෙක් දැනගෙන හිටිය.යුජ අජිකරනෙ කියන්නෙ තමුන්ගෙ පලිගැනීමේ මිසන් එක කවර් කරගන්න හෙලුවෙන් ඉන්න ලොක්කාස්ලා ඇදගත්ත විනිවිද පෙනෙන ජංගි කෑල්ලක් විතරයි.එකම අවුල - ජංගිය ට්‍රාන්ස්පේරන්ට් කියල පෙන්නන්න පොඩි එකෙක් එකසිය හතලිස් ගානක් වෙච්ච ආන්ඩු පක්සයෙ හරි,ආන්ඩු පක්සෙ තොල් සූප්පු කරමින් ජීවත් වෙන සුමනසිරි ලියනගේ,වික්තර් අයිවන්,දම්ම දිසානායක වගේ ප්‍රගතසීලි උගජුන් අතර හරි හිටපු නැති එක.

යුජ අජිකරනෙ තීන්දුව එක්සත් ජාතික පක්සෙ හෙලා දැකල තිබුන.කරු ජයසූරිය මහත්තයා මේ තීන්දුව විවේචනය කොරල පහුවදාම ප්‍රෙස් රිලීස් එකක් කොරල තිබුන.ෆොන්සේකා උන්නැහෙ වෙන පක්සෙක වුනත් විපක්සයක් විදිහට මෙහෙම වැඩක් වත් කොරපු එක නරකම නැහැ.

ඒත් පුරස්නෙ තියෙන්නෙ එතන නෙමෙයි.
පලමු යුජ අජිකරනෙ ‍චෝදනාව වුනෙ ෆොන්සේකා බොස් හමුදාපති වෙලා ඉද්දි දේසපාලකයන් එක්ක සම්බන්ධකම් තිබ්බ කියන එක.උන්නැහෙ හමුදාපති වංගියෙ තමුන් එක්ක කතා කොලා කියල ටැක්සි අබේ,ජොන්ස්ටන් මුදුන්කොටුව,ලක්ස්මන් සෙනෙවිරත්න කියන උන්නැහේස්ලා ෆොන්සේකට විරුද්ධව සාක්කි දීල තිබුන.ජොන්ස්ටන් මුදුන්කොටුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රනයක සැකකාරයෙක් වුන දැනට අත්අඩංගුවෙ ඉන්න කොටි සැකකාරයෙක්ට නවාතැන් දුන්නා,අධිආරක්සිත කලාප පෙන්නල දුන්න කියල චෝදනා එල්ල වුන බුවෙක්.ඒ චෝදනාවයි ජොනී ගේ පිල් පැනීමයි අතර සම්බන්ධයක් තියෙනව කියල රට්ටු කියනව පුලාට ඇහිල තියනව.රට්ටු කියන කයි කතන්දර යුජ අජිකරනෙ විද්වතුන්ට එච්චර ගානක් නැතිව ඇ‍ති.
ඒකෙන් මේකෙන් ජොනීගෙ සාක්කියට අතිරේකව ෆොන්සේකා වැරදිකාරයා කොරන්න යුජ අජික‍රනෙ යොදාගන්නෙ යූඇන්පියේ ලොක්කෙක් වෙන,දැනටත් යූඇන්පියෙ සාමාජිකත්වය ඉහලින් දරන,ඒකෙ කෘත්‍යාධිකාරි මන්‍ඩලේ ධූරන්දර ලක්ස්මන් සෙනෙවිරත්නගෙ සාක්කිය.

ෆොන්සේකා වැරදිකාරයා කොරන්න යූඑන්පියේ කෘත්‍යාධිකාර මන්ඩලයෙ ලොක්කෙක් සාක්කි දෙනව.
ෆොන්සේකා වැරදිකාරයා වුනාට පස්සෙ ඒක හෙලා දැකල යූඑන්පියෙ කෘත්‍යාධිකාර මන්ඩලයෙම ලොක්කෙක් ප්‍රකාස නිකුත් කොරනව.
දැන් එතකොට යූඇන්පිය කියන්නෙ පක්සයක්ද?නැත්තං එහෙම්පිටින් පරස්පර දේවල් කියන කොරන මිනිස්සු ටිකක් තාවකාලිකව ලැගල ඉන්න අම්බලමක්ද?
මේ සේරම අස්සෙ තමුන්නෙ හිටපු ජනාධිපති අපේක්සකයාට පන්න පන්න ගහන එක ගැන හාංකවිසියක්වත් නැහැ වගෙ රනිල් විකුම්සිහ බොස් මහින්ද රාජපක්සට ධූර කාලෙ දික්කරල දෙන හැටි ගැන කතාකොරන්න දවස ගානෙ රජමැදුරට රිංගනව.‍රජතුමාගෙ ටී පාටියට සෙට් වෙනව.රජතුමා ඒකට උපකාර පිනිස විකුම්සිහගෙ අම්මිගෙ ලෙඩ බලන්න හොස්පිටල් යනව.
ෆොන්සේකගෙ සංගදිය රාජපක්ස - විකුම්සිහ මහා සාකච්ඡාවෙ න්‍යාය පත්‍රයෙ ගෑවිලාවත් නැහැ.

පුලස්තිගෙ පුරස්නෙ බොක්කෙන්ම එජාපයට හිතවත් ගමේ ගොඩේ සගයාස්ලට.
මොකක්ද මේ දෙබිඩිකම?මොකක්ද මේ ඩබල් ගේම් එක?
විපක්සය කියන්නෙ රටක විකල්ප ආන්ඩුව කියලයි කියන්නෙ.
අපේ රටේ විකල්ප ආන්ඩුව කියන්නෙ ප්‍රතිපත්තියක් ඉස්තාවරයක් නැති,හැම පැත්තටම පනුවො වගෙ නලියන මේ වගෙ ඩබල් ගේම්කාර දෙබිඩ්ඩො සෙට් එකකටද?

5 comments:

  1. ඔය නපුංසක ගතිය තේරිලා තමයි ... කස්ටිය ඔය ප්‍රතිසංවිධානෙ කරන්න යන්නෙ.
    ඒකෙන් පස්සෙවත් ඌ. ඇම්.පි. එක දේශ මාමකව රට ගැන හිතන, හොඳ කොන්දක් ඇති ... පක්ෂයක් බවට පත් වේවිදැයි අපි බලමු.
    මම නම් ඔය පක්ෂෙ එකෙක් නෙවෙයි. නමුත් රටට හොඳ විපක්ෂයක් අවශ්‍යයයි කියල හිතන එකෙක්.

    ReplyDelete
  2. උනුත් එකයි,මුනුත් එකයි,අරුනුත් එකයි,ඔක්කොම එකයි...

    ReplyDelete
  3. "අපේ රටේ විකල්ප ආන්ඩුව කියන්නෙ ප්‍රතිපත්තියක් ඉස්තාවරයක් නැති,හැම පැත්තටම පනුවො වගෙ නලියන මේ වගෙ ඩබල් ගේම්කාර දෙබිඩ්ඩො සෙට් එකකටද?"

    පුලා, මචං මුළු රටේම ඉන්නෙ එහෙම උන් උනාම ඉතින් අනිත් තැන් ගැන කුමන කථාද?

    ReplyDelete
  4. බොරු කතා දාන්න එපා කොට පොන්න හුත්තිගෙ පුතෝ

    ReplyDelete
  5. "යුජ අජිකරනෙ කියන්නෙ තමුන්ගෙ පලිගැනීමේ මිසන් එක කවර් කරගන්න හෙලුවෙන් ඉන්න ලොක්කාස්ලා ඇදගත්ත විනිවිද පෙනෙන ජංගි කෑල්ලක් විතරයි."

    සහතික ඇත්ත...

    ReplyDelete