Saturday, July 9, 2011

දේශද්‍රෝහී සංගක්කාර වහා සිරගත කරනු!


චැනල් ෆෝ වීඩියෝවට තොරතුරු දුන්නය කියල මහනුවර පලාතෙ පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන.වැඩිදුර පුරස්න කිරීම් වලට උන්නැහෙව රහස් පොලිසියට කුදලගෙන ගිහිල්ල තියෙනව.අත්අඩංගුවට පත්වෙලා ඉන්න පුද්ගලයාගේ නම කන්දවරන් වීදිස්වරන්.

ලහිලහියේ හමුදාව ක්‍රියාත්මක කරවලා ගල්පල්ලියට යවපු තවත් සිරකරුවෙක් දැන් අවුරුදු දෙකක් තිස්සෙ හිරේ ලැගල ඉන්නව.චෝදනාව - සුදු කොඩි අරන් ආව කොටි නායකයොන්ට හමුදාව වෙඩි තිබ්බ බව උන්නැහේ හෙලිදරවු කිරීම.ඒ මහත්තැන්ගෙ නම සරත් ෆොන්සේකා.

ඉතින් මොහොතකට සහුර්දයිනි,මේ කථා දෙකම ඇත්ත කියල අපි උපකල්පනය කොරමු.

ඒ කියන්නෙ විදිස්වරන් චැනල් ෆෝ එකට තොරතුරු දුන්න බවත්,ෆොන්සේකා බොස් සුදු කොඩි කථාව කීව බවත් මොහොතකට පිලිගම්මු.දැන් මේ ඩබලම කොරල තියෙන්නෙ මොනවද?

චැනල් ෆෝ වීඩියෝවේ සිද්ධි අනුසිද්ධිත් රට ඇතුලෙ සිද්ධ උන එව්ව.සුදු කොඩි සිද්ධිය කියන්නෙත් රට ඇතුලෙ හටගත්ත සිද්ධියක් අනුසිද්ධියක්.චැනල් ෆෝ ගැන පුලස්ති ගිය පාර ලීව ආත්ම ප්‍රකාසනේට පිලිතුරු බැදපු සමහර දේසප්‍රේමීන් පුලාගේ අම්ම ගැනයි තාත්ත ගැනයි බිරින්දෑගේ අහවල් එකයි ගැන කියල තිබුන මිස එහෙම සිද්ධි හටගත්තෙ නැති බවක් කියල තිබුනෙ නැහැ.තවත් සිහියෙන් පිලිතුරු බැන්ද සමහර දේසප්‍රේමීන් එහෙම සිද්ධි හටගත්ත පසුබිම සාධාරනීකරනය කලා මිස සිද්ධි හටගත්ත බවක් ප්‍රතික්සේප කොලේ නැහැ.

ඒ කියන්නෙ - වීදිස්වරන් හා ෆොන්සේකා දෙන්නම ( නැවතත් - ඒ ඩබල එහෙම කියල තියෙනව කියන උපකල්පනේට යටත්ව ) කොරල තියෙන්නෙ රටේ වෙච්චි ඇත්ත දෙයක් ගැන තොරතුරු ප්‍රසිද්ධියේ කිව්ව එක.

එතකොට පහුගිය දවසෙ ලෝඩ්ස් පිට්ටනිය මැද්දෙ කුමාර් සංගක්කාර කලේ මොකක්ද?

ලංකාවේ ක්‍රිකට් දේසපාලනිකකරනය වෙලා කියල සංගක්කාර එංගලන්තෙදි කොරපු ස්පිච් එකයි මේ වෙනකොට රට ගිනි තියන නිව්ස් එක.

ජාත්‍යන්තරය ඉස්සරහ,අපිව ගිලගන්න බලාගෙන ඉන්න විදේස කුමන්ත්‍රනකාරයෝ,එන්ජීඕ බූවල්ලෝ,පජාතයෝ,පෙරේතයෝ,කුම්භාන්ඩයෝ,අධිරාජ්‍යවාදියෝ සේරම ඉස්සරහ ලංකාවෙ ක්‍රිකට් පරිපාලනය අන්ත දුසිතයි කියල මුන්නැහෙ මහ සද්දෙට තමුන්නෙ දේසනයේදී කියෙව්වා.ක්‍රිකට් පරිපාලනය බලු වෙලා කියල උන්නැහෙ කිව්වා.උඩින් බැලුවත් යටින් බැලුවත් හරහට බැලුවත් ඇතුලෙන් බැලුවත් මේ කථාව එහෙම්පිටින්ම ලංකා ක්‍රිකට් ආයතනයේ,ලංකාවේ රජයේ,අපේ ක්‍රීඩා අමාත්‍යංසයෙ,ක්‍රීඩා අමාත්‍යංසය මෙහෙයවන ආන්ඩු‍වේ මූන හරි මැදට එල්ල කොරපු මිට මෙලවූ බොක්සිං ප්‍රහාරයක්.

චැනල් ෆෝ වීඩියෝවෙන් අපේ රට ජාත්‍යන්තරය ඉස්සරහ හෑල්ලු උනා වගේ,සුදු කොඩි කථාවෙන් අපි ජාත්‍යන්තරය ඉස්සරහ පච උනා වගේ සංගක්කාරගේ ලෝඩ්ස් දේසනයෙනුත් උනේ සමාන සිද්ධියක් නෙමෙයිද ආයුබොවන්ඩ?මෙච්චර කල් මේ දූපතේ ගෞරවයකට තිබුනෙ ක්‍රිකට් විතරයි.ඒකත් මහ දූසිත ක්සේත්‍රයක් කියල රටේ හිටපු ජාතික නායකයම කියනකොට - අපේ රට හෑල්ලු කොරන්න දිවා රෑ දත මැදගෙන ඉන්න කුමන්ත්‍රනකාරයොන්ට මේක හෙන පල්ලමක් නෙමෙයිද ආයුබොවන්ඩ?

හිටපු හමුදා නායකයා රට හෑල්ලු කොරපු එකට දන්ඩනය ගල්පල්ලියට දැක්කීම නං හිටපු ක්‍රිකට් නායකයා ඒ වගේ වැඩක් කොලාම දෙන්න ඕනෙ දන්ඩනය මොකක්ද?මහනුවර පදිංචි දෙමල ජාතික වීදිස්වරන් ‍රටේ උන ඇත්ත දෙයක් ගැන ලෝකෙට තොරතුරු දීල රට හෑල්ලු කලාට දෙන දඩුවම පොලිසියට කුදලගෙන යන එක නං මහනුවරම පදිංචි සිංහල ජාතික සංගක්කාර සමාන වැඩක් කොලාම දෙන්න ඕනෙ දන්ඩනය මොකක්ද?

සුදු කොඩි කථා කියල රට පාවලා දුන්න ෆොන්සේකාව එල්ලන්න ඕනෙ කියල ආරක්සක ලේකම් වහන්සේ බීබීසී කැමරාව ඉස්සරහ ගිගිරුවා.ර‍ටේ ක්‍රිකට් දූසිතයි කියල මේ අසිරිමත් දිවයින ගිලගන්න බලං ඉන්න පාපතරයන්ට අවජාතකවාදීන්ට රට පාවලා දුන්න සංගක්කාරව එල්ලන්න ඕනෙ කියල උන්වහන්සේ බීබීසිය ඉස්සරහ ගොරවන්නේ කවද්ද?

10 comments:

  1. ඇයි පුලස්ති ඔයා මේ කුණු අවුස්සන්නෙ? කොටි කියන්නෙ (දෙමළ නෙවෙයි හරිද?) ත්‍රස්තවාදීන්. අපේ හමුදාව උන්ව පරාද කරලා දැම්මා. ඒ යුද්දෙදි යම් යම් සිදුවීම් වුණා. ඒත් අපේ උන් යුද්ද කලේ දකුණට මරාගෙන මැරෙන බෝම්බ එවලා අහිංසකයන්ව මරපු, අරන්තලාවෙදි පුංචි හාමුදුරුවො කපලා කොටලා මරපු ජාතියෙ ඒ ත්‍රස්තවාදය නවත්තන්න. මටත් දෙමළ යාලුවො ඉන්නවා. අපි උන්ට යුද්දෙ ගැන කවදාවත් වචනයක්වත් කියන් නෑ. හිත රිද්දන කතා කියන් නෑ. අපි අද සැනසීමේ ඉන්නෙ ඒ ඊළම පරාජය වුණ නිසා. මට පේන්නෙ ඔයාට තියෙන්නෙ ආණ්ඩු විරෝධි හැඟීමක්....

    ReplyDelete
  2. ලිපියට අදාල නැති උනත් . .
    උඩ ඇනෝ කොමෙන්ට් එකෙන් කියන්න හදන්නේ යුද්ධකදී ත්‍රස්තවාදී කන්ඩායමක් කරන දේවල්ම රාජ්‍ය හමුදාවකිනුත් වෙන්න පුලුවන් කියන එකද?

    ඒක එහෙමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න සහෝ.

    රජයක් ත්‍රස්තවාදී කන්ඩායමක එරෙහිව මානුෂික මෙහෙවරක් හෙවත් සටනක් කරද්දී උනත් රජය ලෝක යුද සම්මතයන් පිලිපදින්න බැඳී ඉන්නවා.

    පුද්ගලිකව යම් යම් දේ වෙන්න පුලුවන්.

    උදාහරණෙකට සෙබලෙකුට තමන්ගේ හොඳම යාලුවා තමන්ගේ ඇස් ඉදිරියේදිම ත්‍රස්තවාදී ප්‍රහාරයකින් යනවා. ඔලු කටු කුඩු වෙලා ලඟම හිටපු තමන්ව තමන්ගේ ප්‍රාණ සමාන මිත්‍රායගේ ලේ වලින් නෑ වෙනවා.

    ඔහුට ත්‍රස්තවාදීන් එක්ක ඇති වෙන්න මරාගෙන කන්න කේන්තියක්. ඒ කේන්තියෙන් මෙහෙයවන සොල්දාදුවාට තමන් යුද නීති රීති පිලිපදින බවට සහතික කල බවක් මතකයට එන්නේ නෑ.

    ඒ තරහින් ඉන්න මොහොතක යටත් වුනු ත්‍රස්තවාදියෙක් යුද සිරකරුවෙක් කියන එක වත්, යුද සිරකරුවන්ට ම්ලේච්ඡ විදිහට සලකන එක, මරා දාන එක ජාත්‍යාන්තර යුද සම්මතයන්ට පටහැනි දඬුවම් ලැබිය හැකි වරදක් කියලා ඔහුට පෙන්නේ නෑ.

    ඒ සොල්දාදුවා වෙනුවට මම එතන හිටියනම් ඒ දේ මට වුනත් පොදුයි. මගේ පන වගේ යාලුව මගේ ඉදිරිපට මරපු එකට මට උන් එකට හතරක් මරන්න පුලුවන්.

    ඒත් කරුමෙට ඒ සිදුවීම කවුරුහරි වීඩියෝ කරලා හරි දින වකවානු එක්ක ලේඛන ගත කරලා හරි තිබිලා ජාත්‍යාන්තරයට ඒවා ලැබුනොත් වරදකරු වෙන්නේ අර සෙබලා විතරක් නෙමෙයි.

    හරියට හිට්ලර් සහ නාසි සංවිධානය මෙහෙයවපු දෙවෙනි ලෝක යුද්ධය නිසා මිය ගිය කෝටියකට අධික මිනිස් ඝාතන වලට මුලු ජර්මන් ජාතිකයන්ම අලුගෝසුවන් ලෙස හංවඩු ගැහුනා වගේ අර සෙබලා කරපු වරද නිසා මුලු ශ්‍රී ලංකාවම ශ්‍රී ලාංකිකයන්ම වැරදි කාරයන් වෙන්න ඉඩ තියෙනවා.

    අන්න එතනදී රටක් බේරා ගැනීම කියන දේ නිසාවෙන් අකමැත්තෙන් හෝ අර අපේම සෙබල සොයුරාට දන්ඩුවම් ලබා දීම කරන්න සිද්ද වෙනවා.

    ඉස්කොලෙය යන කාලේ පන්තියේ තුන් හතර දෙනෙක් තාප්පෙන් පැනලා ගිහින් කවුද පැන්නේ කියලා ප්‍රින්සිපල් අහද්දී පැනපු උන් පාවා නොදී මුලු පන්තියම ප්‍රින්සිපල් සර්ගෙන් ගුටි කන එකට වඩා දෙයක් මෙතන තියෙනවා සහෝදරයා . . .

    අපේ විතරක් නෙමෙයි අනාගතේ උපදින්න ඉන්න අයගේ පවා ගෞරවය ගැන ප්‍රශ්නයක් එතන තියෙන බව අකමැත්තෙන් උනත් අපි වටහා ගන්න ඕන නේද?

    ReplyDelete
  3. දුකා කියන දේ සමග එකඟ වෙමි.
    උඩ ඇනෝ කියන විදියට අපි අද සැනසීමේ ඉන්නෙ ඊළාම පරාජය වුණ නිසා වෙන්න ඇති. ඒත් ඊළාම් යුද්ධයක් ඇරැඹුණු හේතු තවම නැති වෙලා නෑ. යුද්ධයෙන් බැටකාපු උතුරෙ මිනිස්සු සැනසීමෙන් නෙවෙයි කියන එක නොදන්නවානම් ඒක අන්ධවීමක්. ඊයෙ පෙරේදා දවසක කෙනෙක් කියල තිබුණ ප්‍රභාකරන් හිටියනම් මීට හොඳයි කියල අද උතුරෙ දෙමළ මිනිස්සු හිතනව කියල. ඒ මොකද ඒ මිනිස්සු අද රෙන්ඩ යන එක හැරුණම අනෙක් සෑම දේම හමුදාවට දැනුම් දෙන්න ඕනි නිසා. ඉතින් පුතේ ඔයා වගේ අය සැනසීමේ හිටියට ඒ මිනිස්සු මිලිටරිකරණයේ වහලුන් ලෙස තවමත් හීන දකිනව. අක්‍රීය ප්‍රභාකරන්ල දහස් ගණනක් බිහිවෙමින් ඉන්නව ඇති. තුවක්කු දික්කරල බය කරගෙන සිටීම සාමය නොවේ.

    ReplyDelete
  4. @ දුකා

    විශිෂ්ටයි සර්!අවංකව මට කියන්න වෙන වචන නැහැ.වැරදි උනා කියල පිලිගන්න එක,වැරදිකල අයට දඩුවම් දෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි.වැරදි කලේ නැහැ සීරෝ සිවිලියන් කැෂුවලිටීස් කියල බොරු කියන එකෙන් යුද්ධයට පස්සෙවත් දෙමල අයත් එක්ක සුහදතාව වර්ධනය කරගන්න තියන ඉඩ තව ඇහිරෙනව.අපි කවුරු කවුරුත් අවංක උනොත් තමයි ඇත්ත සාමයකට අවස්ථාව හැදෙන්නෙ.මේ සරල ඇත්ත කියන එක අවාසනාවකට කොටි ලේබල්,එන්ජීඕ ලේබල් විතරක් නෙමෙයි - අම්මට තාත්තට බිරිදට බනින්න තරම් "දේසප්‍රෙමියොන්ව" පරල කරවන හේතුවක් වෙලා!

    @ ඇනෝනිමස්

    //ඇයි පුලස්ති ඔයා මේ කුණු අවුස්සන්නෙ? කොටි කියන්නෙ (දෙමළ නෙවෙයි හරිද?) ත්‍රස්තවාදීන්. අපේ හමුදාව උන්ව පරාද කරලා දැම්මා. ඒ යුද්දෙදි යම් යම් සිදුවීම් වුණා. ඒත් අපේ උන් යුද්ද කලේ දකුණට මරාගෙන මැරෙන බෝම්බ එවලා අහිංසකයන්ව මරපු, අරන්තලාවෙදි පුංචි හාමුදුරුවො කපලා කොටලා මරපු ජාතියෙ ඒ ත්‍රස්තවාදය නවත්තන්න. මටත් දෙමළ යාලුවො ඉන්නවා. අපි උන්ට යුද්දෙ ගැන කවදාවත් වචනයක්වත් කියන් නෑ. හිත රිද්දන කතා කියන් නෑ. අපි අද සැනසීමේ ඉන්නෙ ඒ ඊළම පරාජය වුණ නිසා. මට පේන්නෙ ඔයාට තියෙන්නෙ ආණ්ඩු විරෝධි හැඟීමක්..//

    මම කරන්නෙ කුනු ඇවිස්සීමක් නං කුනු අවුස්සන්න වෙන්නෙ කුනු තියන හින්ද නේද මිත්‍රයා?අපි කවුරු කවුරුත් එක්කාසු වෙලා කුනු ටික සුද්ද කරල බිම පිරිසිදුව තියාගත්ත නං කුනු ගැන පුරස්නයක් එන්නෙ නැහැ නේද?

    ReplyDelete
  5. මේක මේ ලිපියට අදාල නැහැ. නමුත් ලෝකෙ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරල දාපු ලංකාවෙ යුද අපරාද ගැන කතා කරන ජාත්‍යන්තරය ඇයි අනෙක් රටවල වෙන අපාරද ගැන කතා නොකරන්නෙ? ඉරාකෙට දාපු ගුවන් බෝම්බ වලින් අහිංසක මිනිස්සු කොච්චර මැරුනද? වෙන එකක් තියා ඔසාමව මැරුවෙත් නිරායුදව ඉන්නකොටනෙ. මම ඕව මෙහෙ(ඇමරිකාවේ උන්ගෙන් අහද්දි උන් කියන්නෙ යුද්දෙකදි ඕව සාමාන්‍ය දේවල් කියල. මෙහෙ කිසිම එකෙක් ඒවට විරුද්දව කතා කරන්නෙ නැහැ. ඔය යුද නීති මුන්ට වලංගු නැද්ද?

    ප.ලි.
    මම මට ආපු ඊමේල් එකක් දුකා අයියට එව්ව. පොඩ්ඩක් බලන්නකො.

    ReplyDelete
  6. මං මේ කතාව හැම තැනම ලිව්වා එකෙක්වත් ගනං ගන්නේ නෑ.

    මං අහන්නේ ඇයි ඔය කතාව සංගා කිව්වාය කියලා කියන්නේ? චැනල් ෆෝ එකෙන් ඩබ් කරලා වෙන්න බැරිද?

    තැන් තැන් වල ලිව්වා ඇති, මගේ බ්ලොග් එකේම දාන්න වෙනවා!

    ReplyDelete
  7. පුක නෑ වගේ නේද බොලවු?

    Gota lauds Sangakkara

    ReplyDelete
  8. අපිට තිබ්බා අන්තිම මොහොතෙ හරි සාම සාක්ච්චාවකට ගිහිල්ලා අහින්සක මිනිස්සු මැරෙන එක නවත්වා ගන්න. එහෙම කලානම් ප්‍රභකරනුත් ඒ ගැන සතු‍ටු වෙලා ඊලම අත අරිනවට ශුවර්. ඇමරිකාව වුනත් අපෙන් ආදර්ශයක් අරගෙන ඔය ජඩ ආක්‍රමන ඔක්කොම නවත්තනවා. අපි ඇත්තටම හරිම ආදර්ශමත් ජාතියක්. නන්දිකඩාල් කලපුවෙදි අපි අපේ අනන්යතාවය නැති කරගත්තා. මම දැන් අවුරුදු එකොලහක් සුද්දොන්ගෙ රටක ජීවත් වෙනවා. පුලස්තිත් මට පේන්නේ සුදු මහත්තැන්ල වගේ හොඳ හැදියාවක් තියෙන කෙනෙක්. ඇමරිකාවෙ මහත්තුරු ඔය අෆ්ගන් වලට මල් දමනව වගේ අපිටත් මල් දමන්න තිබ්බෙ. මල් සුවඳට ප්‍රභා හරිම කැමතියි.

    ReplyDelete
  9. මචො, සෙබල කියන එකාව කාලෙකට මිනිස්සු ඔලුවෙ තියගන්නවා. කාලෙකට වීසි කරල දානවා. පුලස්තියත් එක මිනිහෙක් විතරයි...

    ReplyDelete
  10. දම්රුවන්July 11, 2011 at 4:01 AM

    @ ano 05
    //මචො, සෙබල කියන එකාව කාලෙකට මිනිස්සු ඔලුවෙ තියගන්නවා. කාලෙකට වීසි කරල දානවා. පුලස්තියත් එක මිනිහෙක් විතරයි..//

    මෙහෙමයි, අපට එක එක කාලෙට ඒ ඒ රැකියා කරන අය කාලානුරූපීව වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට රජකාලේ ගොවියන්ට කිව්වේ "මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසුයි" කියලා. ඒ කාටෙ අනුවයි එහෙම කිව්වේ. දැන් එහෙම කියන්නේ නෑ නේ.. නේද? ගාමන්ට් කෙල්ලො කොල්ලො කියන්නේ නූගත් කණ්ඩායමක් කියලාහිතාගෙන හිටි අයට ඒ ගොල්ල වීරයෝ උනා කටුනායක සිද්ධියෙන් පස්සෙ. ඒත් තව ටික කාලෙකින් අර පරණ තාලෙටම ඒ අයටත් සලකයි.
    ඇත්තටම සෙබළා කියන්නේ තමන්ගෙ ඉහල නිලධාරියා අණ කරන ඕනෑම දෙයක් කරන්න බැඳිලා ඉන්න චරිතයක්. ඉතින් අවුරුදු තිහක්ම යුද්ධ කලේ ඒ ඒ ලොක්කො දෙන උපදෙස් අනුව ඒ ඒ අයට ඕනෑ හැටියට. ඒ නිසා කාලයක් පැරදුනා.. කාලයක් ෂේප් එකේ ගොඩදාගෙන ගියා .අන්තිමේට දිනුවා. ඉතින් යුද්දෙ දින්නට පස්සෙ වීරයො වුනා. (ඒ අයගෙ රස්සාවේ තියන අවදානම සහ සේවය අගයන්න බර පඩියකුත් එක්ක අනෙක් අයට නොලැබෙන සහන බරගාණක් දුන්නා. ඒවා තාමත් දෙනවනේ. ඉතින් යුද්ධය කාලේ ඒ අයට හොඳ පිළීගැනීමකුත් එක්ක ලොකු ගෞරවයකුත් තිබුනා.ඉතින් බොහො වෙලාවට ඒ අය කරපු නීති විරෝධී ක්රිීයා පවා ඉවසන්න මහජනයා පුරුදු වෙලා හිටියා.
    දැන් මොනවද ඒ අය කරන්නේ, අර පරණ විදියටම ලොක්කො දෙන ඕඩර්ස් ක්රි යාත්මක කරනවා..තව ආරක්ෂා ආරක්ෂාව කිය කියා සාමාන්යම ජනතාවට කරන හිරිහැර. (දන්නවානේ කරන වැඩ) ඉතින් ඒ අය සඳාකාලික වීරයෝ විදියට ඉන්න ඕනෙද කියන එක හිතලා බලන්න. ඔය ජාතියේ වැඩ නිසා යුද්ධෙ ඉවරවෙන්ම කලින්ම මටනම් ඒ අය (සම"හරක්" පමණක්)එපා වුනා.
    පුලස්ති මෙතන කථාකරන්නේ මම කියපු ජාතියේ වැඩ කළ අය ගැන මිසක් සමස්තය ගැන නෙවෙයි නේ. ඉතින් ඒක වැරදිද? මමනම් හිතන්නේ මෙහෙමයි..ඔවි. පුලස්තියා එක මිනිහෙක් විතරයි.හැබැයි ඒ, මේ තත්වෙ හරියට තේරුම් ගත්ත, අඳුරේ අතපත නොගාන එක මිනිහෙක්....

    ReplyDelete