Wednesday, July 13, 2011

මාරයාගෙ පංතියයි පුලස්තිගෙ පංතියයි

ලංකාවේ ක්‍රිකට් ගැන දන්න කිසි කෙනෙක් ක්‍රිකට් කන්ඩායමට සපෝට් කල පර්සි ගැන නොදන්නවා වෙන්න බැරුවා සේම සිංහල බ්ලොග් අවකාසය ගැන දන්න කිසි කෙනෙක් මාරයාගේ හෝරාව ගැන නොදන්නවා වෙන්න බැහැ.මාරයා ජනප්‍රිය වෙන්න හේතු බොහොමයි.මාරයාගෙ මාර ඇක්ස්පීරියන්ස් ගොන්නයි ඒ  මාර ඇක්ස්පීරියන්ස් ගොන්න ඇක්ස්ප්ලේන් කොරන මාර භාසා සෛලියයි බොහෝ දුරට ඒ ජනප්‍රියත්වයට හේතු උනා වෙන්න ඇහැකි.පුලස්තිට මාරයා ගැන ලියන්න හිතුනෙ මාරයා පසුගිය කාලෙ තැනින් තැන කල,පුලස්තිගෙ ඇහැ ගැටුනු ප්‍රකාසන තුනක් ගැන පුලස්ති තරමක් බොක්කෙන් බඩවැලෙන් කල්පනා කොරපු හින්ද.

මාර ප්‍රකාසය 1 - (රත්ගමයාගෙ අඩවියේදී ) විස්ස විද්දියාලෙට තේරුන නවකයන්ට දුන්න හමුදා පුහුනුව "බබා කෝස්" එකකි.ඒ කොබා බාස් එක වෙනුවට ලබන වංගියෙ සැර කෝස් එකක් දී නවකයන්ව "හැදිය" යුතුය.

මාර ප්‍රකාසය 2 - (තමන්ගේම අඩවියේදී ) මාරයා වන මම මහින්දට කඩේ යමි.ඒ බව මම ප්‍රසිද්ධියේ කියමි.2005 මහින්දට මා මුලු හදින් සද්භාවයෙන් පිරිත් කියූවෙමි.එතුමා වටේ ඉන්න අය නරක උනාට එතුමා රට ගොඩගන්නවා ඇත.

මාර ප්‍රකාසය 3- (තමන්ගේම අඩවියේ කොමෙන්ටුවක)මාරයා වන මම ඉහලට ඉගෙන ගෙන නැත.ලොකු රස්සාවක් කරන්නේද නැත.කුල්ටූර් මහත්වරු මෙන් නොව මං වගේ දුප්පත් ඈයො මහින්ද මහත්තයාට ආදරේය.අපි තුනේ පංතියෙ අය වෙන්න පුලුවන.මහින්ද විරුද්ධ වන බොහෝ දෙනා ලොකු පංතියේ අයයි.තුනේ පංතියෙ අපි එහෙම නැත.

මාරයාගේ වචනයෙන්ම නොවුනත් මේ සටහන් කලේ වරින් වර මාරයා පල කල අදහස් වල හරය.

මේ කරුනු සලකමින් පුලස්ති හිතුවෙ සරල දෙයක්.මාරයා කියන විදිහට පුද්ගලික ආරක්සක ආයතනයක සේවය කොරන උන්නැහෙ අයිති තුන්වෙනි පංතියට නං පුලස්ති අයිති වෙන්නෙ මොන පංතියටද?ඒකත් මාර පුරස්නයක්.මාරයා වගේම පුලස්තිත් ඉහලට ඉගෙන ගෙන නැහැ.මාරයා වගේම පුලස්තිත් කොරන්නෙ සුදු කරපටි ජොබක් නෙමෙයි.ඉස්සර වීල් එකක් කොලා.දැන් කොමියුනිකේසන් එකක වැඩ.ඇකඩමික් කොලිපිකේසන් නැතුවට මාරයා යමක් කමක් ගැන දන්නවා.පුලස්තිත් සහතික උපාධි නැතිවට යමක් කමක් කියවලා යමක් කමක් ගැන කථා කොරන්න අදහස් දක්කන්න ඇහැකියාව අරගෙන තියෙනවා.මාරයා බීමට ආසයි.පුලස්ති බටවලට ආසයි.

සමාවෙලා මට කියන්න,බලන්න මගෙ දෑස දිහා -  දැන් අපි දෙන්නම එක පංතියේ නෙමෙයිද?

දෙන්නම තුනේ පංතියෙ උනාට මාරයා පුලස්තිගෙන් වෙනස් වෙන තැන මොකක්ද?

මාරයා කියන විදිහට මහින්ද හාමුට තුනේ පංතියෙ ඈයො බොහොම  ආදරෙයි.ඉතිහාසයේ හිටපු අනෙත් වෙනත් ගොඩක් හාමුලාටත් තුනේ පංතියෙ අපි වගේ බයියො බොහොම ලෙන්ගතුව හිටියා.ඩීඇස් හාමු.ඩඩ්ලි හාමු.සිරිමා නෝනා.ප්‍රේමදාස මැතිතුමා.ඒ ලැයිස්තුවේ වර්තමාන නියෝජිතයා තමයි මහින්ද හාමු.තුනේ පංතියෙ බයියො උන්නැහෙලාට ආදරේ උනත් නැතත් උන්නැහෙලා කවුරුත් අයිති තුනේ පංතියට නෙමෙයි.මේ කවුරු කවුරුත් උත්තමයාස්ල අයිති වෙන්නෙ එකේ පංතියට.පුලස්ති ඒක හොදට දන්නවා.පුලස්තිට ඒක හොදට තේරෙනවා.

මේ හාමුලා අයිති පංතිය ඉහලයි.සුඛෝපභෝගීයි.හාමුලා කවදත් හිටියෙඋන්නෙ හරි විනෝදෙන්.හාමුලා කියන කරන හැමදේම කොරන්නෙ ඒ විනෝදය රැකගන්න මිස අහවල් මගුලකට නෙමෙයි.සිංහල දෙමල මිනිස්සුන්ව මේ හාමුලා ඉතිහාසයේ කෙටෙව්වෙ ඇයි?මිනිස්සුන්ගේ ඔලු මතින් අවි ආයුද ගත්ත මහා සංකීර්න රාජ්‍යයක් උන්නැහෙලා අටවගත්තෙ ඇයි?වරින් වර වරින් වර උන්නැහෙලා යුද්ධ කලේ ඇයි?හදිසි නීති පනවගෙන පාරවල් වහගෙන ඉන්නෙ ඇයි?මිලිටරි ට්‍රේනිං දීල විස්ස විද්දියාලවල කොල්ලන්ගෙ මොල හෝදන්නෙ ඇයි?

මේ කිසිම බම්බුවක් කොරන්නෙ මාරයා වත් පුලස්ති වත් අයිති තුනේ පංතියේ යහපතට නෙමෙයි තමුන්ගෙ එකේ පංතියෙ බලය ආරක්සා කොරගන්ට කියල පුලස්තිට තේරෙනවා.පුලස්තිට තේරෙන විදිහට දේසපාලනය කියන්නෙ මේ එකේ පංතිය තමුන්නෙ වරප්‍රසාදයි බලයයි ආරක්සා කොරගන්න ගහන ගේම් එකට.රනිල් හාමු,සජිත් හාමු,මහින්ද හාමු - මේ හැම හාමුම එකේ පංතියේ සඕදර මැම්බර්ස්ලා නෙමෙයිද?මේ මැම්බර්ස්ලා  දසක ගානක් තිස්සෙ රට උලා කෑවා.තාම උලා කනවා.ඒ උලා කන එක පවත්වගෙන යන්න තුනේ පංතියේ අපිව හරි හරියට කඩේ යවනවා.තුනේ පංතියෙ අපිව උන්නැහෙලා ඉතිහාසය පුරා බෙදුවා.සිංහල දෙමල කියල බෙදුව.යුඇන්පී ශ්‍රී ලංකා කියල බෙදුව.අපි හැමදාම රට,ජාතිය,පක්ෂය වෙනුවෙන් කියල හිතාගෙන මේ නායක උත්තමයාස්ලා වෙනුවෙන් කඩේ ගියා.තවමත් කඩේ යනවා.

එහෙම කඩේ යන එකම කෙනා මාරයාද?නැහැ.තව ලක්ස ගනනක් ඉන්නවා.

මාරයා කඩේ යන්නේ මහින්දට කියල හිතුවට ඇත්තටම උන්නැහෙ කඩේ යන්නෙ මහින්ද හාමුට නෙමෙයි.මහින්ද හාමුලා රකින්නෙ එකේ පංතියේ ආධිපත්‍යය.සුප්‍රිමසිය.ඒ නිසා ඇත්තටම මාරයා කොරන්නෙ වෙන මොකක්වත් නෙමෙයි - තුනේ පංතියේ ඉදගෙන එකේ පංතියට කඩේ යාම.සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉදගෙන ප්‍රභූ පැලැන්තියට කඩේ යාම.එකේ පංතියට කඩේ ගියා කියල ඉදල හිටල ලැබෙන ටොපියකට වඩා වැඩි දෙයක් තුනේ පංතියට ලැබෙන්නෙ නැහැ කියල පුලස්ති හොදටම දන්නවා.ඒ නිසා සුදු ඇදගත්ත එකේ කැලෑසියේ ප්‍රභුන්ට කඩේ යන එක පුලස්තිට අපුලයි.අමනයි.අජූවයි.අප්‍රසන්නයි.එකේ කැලෑසිය පස්සෙ බඩ ගගා චාටර් වෙවී ඉන්න එක දැන්වත් නවත්වලා සිංහල දෙමල,යූඇන්පී ශ්‍රී ලංකා වගේ බොරු භේද පැත්තකට කොරලා තුනේ පංතියෙ අපිට අපේ තනි දේසපාලනයක් පටන් ගන්න බැරිද?

අධ්‍යාපනයෙන්,කොරන රස්සාවෙන්,බොන එකෙන්,බට ගහන එකෙන් ගොඩක් දුරට පුලස්තිට සමාන මාරයා කියන සගයා මෙන්න මේ දේසපාලන තෝරාගැනීමේදී පුලස්තිට අසමාන වීම මොන තරම් අවාසනාවක්ද?

48 comments:

  1. ඒ පාර මාරයෙක් අල්ලගෙන. අනේ පුලස්ති මගෙ කරුමෙකට මම ඔයාගෙ බ්ලොග් එක කියවන්න කැමති තවත් එකෙක්. මමත් උදෙ' හවස රජාට බනින එකෙක්. මට පේන්නෙ දැන් උම්බ කරන්නෙ කොමෙන්ට් ගන්න, තව එකෙක් අවුස්සන්න ලියනවා මිසක් ලිපි වල හැබෑ අරමුනක් පේන්න නැහැ. දැන් පහලින් ලොකු ටෝකක් දීපන් ඒ වුනාට ඇත්ත ඒක කියල මේක කියවන ඕනෙ එකෙක්ට තේරෙනවා. දැන් ඉතින් මාරයට කෙලින්න බලාගෙන ඉන්න එවුන් ටික චූන් වෙනව මිසක් වෙන රෙද්දක් වෙයි කියලා හිතන්න අමාරුයි.හරි හමන් දෙයක් ලියහන් බන් කියවන එවුන් ගැනත් හිතල.

    ReplyDelete
  2. මචං පුලස්ති...

    අපි දෙන්නා එක පංතියේ වෙන්න ඇති..උඹ කියන විදියට..(මොකද උඹ මෙහෙම ලිව්වට ඇත්තටම කොහොම එකෙක්ද කියලා අපි කවුරුවත්ම පෞද්ගලිකව දන්නෙ නැහැනේ..?ලියන කොට ඕන විදියකට ලිව්වහැකිනේ බං..මටත් ඕනනං බැරියෑ වළව්වේ හාමු වගේ ටෝකක් දාලා ලියන්න..ඒත් මංනං කරන රස්සාව හුග දෙනෙක් දන්නවා..ඒ වගේම මං රස්සාව කරන තැනට ආව ගිය බ්ලොග් කරුවොත් ඒ ගැන දන්නවා..අනික මං හැංගිච්ච එකෙක් නෙවෙයි තවදුරටත්)

    ඉතිං මචං කියමනට හරි අපි දෙන්නා එක පංතියේ කියලා ඒකෙන් කියවෙනවද අපි දෙන්නම එකම විදියට හිතන්න ඕන කියලා..මේ ලෝකේ හැටි ඔහොම තමා බං..උඹ හිතන විදියට වෙන එකෙක්වත් හිතන්නේ නැහැ..මං හිතන විදියටත් එහෙමම තමයි.ඒ හින්දා මං හිතන විදිය ගැන දුක් නොවී උඹ හිතන විදිය ගැන දිගටම ලියපං මචං..

    ආ කියන්න ආව කාරණාව ඒක නෙවෙයි බං...

    අනේ බං මේ උඹලා ලිපි ලියන කොට මාව අල්ලගන්නේ නැතිව ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද..මය බැන්නටවත් කුණුහරප කිව්වටවත් මගේ අමනාපයක් නැහැ බං...ඒත් ඔහොම උඹලා මගේ නමම ඉස්සරහට ඇදලා අරගෙන දාලා ලියන්න ගියහම පෘතග්ජන පුද්ගලයෙක් වෙන මටත් නිකං මං පොරක්ය වගේ හැගීමක් එන්න පුළුවන් බං..ඒක එහෙම වෙන්න දෙන්න එපා..

    මොකද මං කැමති පොරක් නොවී මගේ පාඩුවේ ඉන්න..ඒත් දැන් ටික දවසක ඉඳලා කීප දෙනෙක්ම මාවම අල්ලගෙන ලිපි ලියනවා... එහෙම උනහම බං හිතෙන්නේ උඹලා බ්ලොග් එකට හිට්ස් වැඩි කරගන්න හරි කොමෙන්ට් වැඩි කරගන්න හරි දඟලනවා කියලා විතරයි... ඒත් එක්කම නොකියවෙන කතාව තමා නිකංම මං පොරක් වීම...

    ඉතිං බං උඹලා මාව පොරක් කියලා අන්දන්නේ නැතිව පාඩුවේ ලියහල්ලාකෝ උඹ ඔය කියන තුන්වෙනි පංතියේ බලවේගේ හදන හැටි ගැන ලිපි පෙලක්...හොඳයිනං අපිත් බලලා කොමෙන්ටුවක් දාලා යන්නං...

    එහෙම නැතිව ඇත්තටම උඹ ගාවත් එහෙම ලියන්න කියලා හර බර දෙයක් නැත්තං මෙහෙම ලිව්වට කමක් නැහැ...ඒත් බං උඹ මෙහෙම ලියනවා..තව අර ඇනෝ කෙනෙක් මාව පත්තරකාරයෙකුට සමාන කරලා ලියනවා..කව කව උන්දලා මගේ නම හෙඩිමට දාගෙන ලියනවා..පිස්සු නේද මචං...

    ඔච්චර වටින අදහස් තියෙන උඹ මොකටද මේ මාරයාව හෙඩිමට දාගෙන ලියන්නේ නේද..?

    පොඩ්ඩක් හිතලා බලහංකෝ... ඔන්න මං ගියා..මං මේ ලිව්වේ උඹට හිතන්න මිසක්..උඹේන් උත්තර බලාගෙන නෙවෙයි.. ඒහින්දා උත්තර නැතිවට කමක් නැහැ උඹ හිතපන්..අනිත් අයත් හිතයි...

    එහෙම නැතිව මෙතන වාද විවාද කරන්නවත්..තව ටිකකින් මේ කොමෙන්ටුවට යටින් ඇවිත් කොමෙන්ට් කරන අර ඇනෝනිමස් යාළුවන්ට උත්තර බඳින්නවත් මං එන්නේ නැහැ..ඒත් එයාලගේ ආතල් එක එයාලා ගන්නවට මගේ විරෝධයකුත් නැහැ...උඹත් ඔන්න ඔහේ ආතල් එකක් ගනින්..ඒත් එක්කම හිට්ස් ටිකකුත් අරං කොමෙන්ට් ටිකකුත් ගනින්..ඒත් ඊ ළග පාරවත් වැඩක් ඇති දෙයක් ලියහං මචං.. ඔන්න මං ගියා...

    ReplyDelete
  3. උඹට ලියන්නම දෙයක් නැත්නම් මෙහෙමවත් කරල බලපං.. මේක දැක්කෙ අභීත ගෙ ටිකක් හිනාවෙන්න එකේ...

    //ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි... බොරුනම් මගේ ලෝකය ලියන රංගගෙන් අහලා බලන්න..//
    ...................................

    well.. jokes apart..

    උඹ වගේ ලියන්න පුලුවන් එකෙක් මෙහෙම තත්වෙකට වැටුනෙ මක් වෙලාද බං...

    බටයක් ගහල හිතපං.... කකුල් දෙකෙන් හිටගනින්....

    මාරයට කියන්න තියෙන දෙයක් උගෙ බ්ලොග් එකේ ගිහින් කොමෙන්ට් කරපං... ඌ වෙන තැනක කොමෙන්ට් කරපු දෙයක් ගැන කේස් එකක් තියෙනවනම් එතන ඇදගනිං...

    මම මේ ඇනෝ ලියන්නෙ උඹව ඔය කරන වැඩේට අදහිරිය කරවන්න ඕන නිසා...

    ReplyDelete
  4. අපරාදේ, මේ ලිපිය නම් ගම් මුකුත් නැතුව ලිව්වනම් හරි.
    දැන් මේක පුලස්ති විසින් XXXට ගසන ලද මඩක් එහෙමත් නැතිනම් හිට්ස් හෝ කමෙන්ට්ස් වැඩි කර ගැනීමට ගන්නා ලද උත්සාහයක් බවට අර්ථ ගැන්වෙන්නයි යන්නේ.

    මට තේරෙන විදිහට පුලස්ති මෙතන කථා කරන්නේ එක් සමාජ කොට්ඨාශයක් ගැන. ඔවුන් හැමදාම කැමතියි හාමුලාගේ ප්රෙවේණි දාසයෝ වෙන්න. ඒ අය අද මහින්ද හාමුව රකීවි හෙට සජිත් හාමුව රකීවී. මේ අය පුලින්නෝ වෙලා ඉන්නේ මේ හාමුලා නිසාම බව ඒ අය කවදාවත් තේරුම් ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට, ඒ මහතුග රන්වැට පැන වදින කොට "අනේ සාදු පින් කළ උත්තමයෝ” කියන මේ අය, ඒ අයගෙම පන්තියේ ගුණවති පෝළිම පැන්නම "ඈ බොල බොන්ඩියේ" කියලා ඇගට ගොඩ වෙනවා.

    අනිත් කාරණේ, ඇයි මේ සමහර මිනිස්සු කමෙන්ට්ස්නුයි හිට්ස්නුයි ගැන මෙච්චරම වොරි වෙන්නේ?
    පුලස්ති කියන්නේ පරණ බ්ලොගර් කෙනෙක්. එයා ලියන දේවල් කියවන නිශ්චිත පාඨක පිරිසක් එයා හදාගෙන ඉන්නවා. කමෙන්ට්ස් හිට්ස් ගැනම හිතනවනම් ඔය XXXට මඩ ගහනවට වඩා කොයිතරම් මාතෘකා තියෙනව්ද ලියන්න. ඒත් (මට තේරෙන විදිහට) සමහර මිනිස්සුන්ගේ ඔළුවේ නිතරම වැඩ කරන්නේ කමෙන්ට්ස්, හිට්ස් සහ ෆලොවර්ස්ලා නම් ඒ අය අනිත් අය ගැන හිතන්නේ ඒ විදිහටම තමයි.

    කොහොමවුනත් බූමරංග විසි කළාම ඒක කැරකිලා කැරකිලා නැවත තමන් වෙත එනවා,
    එහෙම කැරකිලා එන බූමරංග වලට මූණ දෙන්න ලැස්ති නැතිනම්; එක්කෝ බූමරංග විසි නොකර නිකන් ඉන්න ඕන. එහෙමත් නැතිනම් බූමරංගවලට නොබියව මූණ දෙන්න ඕන.

    නැවතත් මට කියන්න තියෙන්නේ, අපරාදේ නම් ගම් යොදුවේ.

    ReplyDelete
  5. පුකස්ති,
    මටහිතෙන්නෙ ඔයා පට්ට කොලු කාරයෙක්.
    ඔයා තනියම ඉන්න මාරයගෙන් අහල මාරය බෑ කියනවා. පස්සෙ ඔරොප්පුවට මාරයට බ්ලොග් එකෙන් ගහනව(හීනියට හෙන ජෙන්ට වගේ පේන්න). පට්ට දුකක් හිතෙනව බන්. ඔය මාරයට උම්බට කැමති වෙන්න තිබ්බනෙ. අපට එතකොට සින්ඩියට ගියාම මේ වගේ ගූ පෝස්ට් බලන්න වෙන්නෙ නැහනෙ.

    ReplyDelete
  6. මේක හොඳ ලිපියක්. නමුත් මාලන් කිව්වා වගේ අපරාදෙ මේ නම් යෙදුවේ....
    ඒකෙන් උනේ උඹ ගේන පොයින්ට් එක නිකම් අල වෙලා යන එක.

    ReplyDelete
  7. පුලස්ති, ඇත්තටම මේකට මාරයාගේ නම ගාව ගන්නේ නැතුව පොදුවේ ලියන්න තිබ්බා. . .

    හිට්ස්, ෆොලොවර්ස්ලා නම් කන්නද කියලා පුලස්තිත් හිතන බව මම අනුමාන කරනවා.

    මොකද හිට්ස් ගැන හිතනවනම් පුලස්ති ලියන ස්ටයිල් එකෙන් සතියකට ලිපියක් ගානේ ලිව්වත් ටැබූට තරම්ම නැතත් හිට්ස් ගන්න පුලුවන් බව මම විස්වාස කරනවා.

    තුන්වෙනි පන්තියේ අපි පලමු පන්තියේ අයට කඩේ යන එක අපිට නතර කරගන්න විදිහක් නෑ මචන්.

    ඉස්සර හිටි රජුන් ඉදිරියේ බිම දිගාවෙලා "බඩගැත්තරයාට සමාව බය බෝයි හාන්දුරුවනෙ" කියලා වැඳ වැටුනු අපේ මුතුන් මිත්තන්ගේ ඒ දීන ගති අපේ ජාන වලින්ම අපිට ලැබිලා තියෙනවා.

    මහජන මුදලින් පඩි ගන්න ජනාධිපතිට මිස්ටර් ප්‍රසිඩන්ට් කියන්න බටහිර රටවල් වල අයට කොන්ද පන තිබ්බට "ගාමිනි පැරකුම් රජදරුවන්ගෙනෙ පැවතෙන මහා වීරයෝ" කියලා හරි "ලෝකෙන් උතුම් රට ලංකාවයි" කියලා හරි කියන අපේ රටේ බහුතරයකට ඒ සත්‍ය දකින්න (ජනාධිපති මහජන මුදලින් පඩි ගන්න කෙනෙක් බව සිතන්න, ඔහුත් අප හා සමානම පුරවැසියෙක් බව සිතන්න, මහජන මුදල් කාබාසිනියා කරන්න ඔහුට අයිතියක් නැති බව සිතන්න ) බෑ මචං . . .

    දැක්කත් ලේ වල තියෙන අර ජරා, දීන ජාන නිසා ඒ අසාධාරනය වෙනුවෙන් කතාකරන්න තරම් ස්වාධීනත්වයක් නෑ . . කොටින්ම කොන්ද පන නෑ . .

    අසාධාරනේ දැක්කම ඊට එරෙහිව කතාකරපල්ලා, සමාජයේ මිනිසුන් සියලු දෙනාම එක සමාන ලෙස සිතපලා කියලා අපේ ඊලඟ පරම්පරාවක් වත් මේ දීන කමෙන් ගලවා ගත්තොත් බටහිර රටවල් වල තියෙන නියම ප්‍රජාත්න්ත්‍රවාදය කියන එක නීතිය ඉදිරියේ හැමෝටම එක හා සමානව සලකන ප්‍රජාත්න්ත්‍රවාදයක් අපිට දකින්න ඇහැක් වෙයි . . .

    ReplyDelete
  8. මාරයාට කොච්චර කිව්වත් තෙරුම් ගන්න බැහැ. මාරයා තවමත් හිතන් ඉන්නෙ යුද්දෙ ඉවර කරෙ මහින්ද කියලා. මුලු රටෙම හැම දෙම විනාශ වෙනවා අදක්ෂ කපටි පාලකයෙක් හින්දා. එක ඇස් දෙකෙන් දැක දැකත් හැගිම් වලට වහල් වෙලා තිරණ ගන්නවා. මිනිස්සුන් කපටියි. එක වැරදි නැහැ.අදක්ෂ මෙ වැනි නින්දිත පාලනයක් නිසා මට මගෙ ජාතිය පිළිබදව තිබෙන ගෞරවයද ටිකෙන් ටික අඩුවෙනවා.

    ReplyDelete
  9. මගේ බ්ලොග් එකේ "දීනයෙක් ලෙස ජීවත් උනෙමි" කියලා මම පෝස්ට් එකක් ලිව්වෙත් ඒකමයි.

    නිවාඩුවට ආ වෙලාවක අපේම තුන්වෙනි පන්තියේ මිනිස්සු පලමු පන්තියට කඩේ යෑම ගැන උපන් අප්පිරියාවෙන් ලියපු (ඒ දවස්වල කියවපු සේපාලි මායාදුන්නගේ "දන්ඩ චක්‍ර" කියන නවල් එකත් අර අප්පිරියාවට හොඳට පෝර දැම්මා) තවත් නිසදැසකුත් තියෙනවා . . . >"බඩගැත්තරයාට සමාව බය බෝයි හාන්දුන්න්නේ" කියලා. වෙලාව තිබ්බොත් කියවපන්.

    ReplyDelete
  10. පුලස්ති, ඉතාම වටින කථාවක් . මේ උදාහරණයකට අරගත්තු , තමන් නිසා හිට්ස් වැඩි වෙනවාය කියල පුහු මාන්නෙක ඉන්න ඩයල් එක ගැන සටහන් නොකරම හිටිය නම් අගය තවත් වැඩියි .තමන් ගැන එච්චර ලොකු එකෙන් ඉන්න පොරකට පුලස්ති කියල තියන දේවල් දකින්න තරම් විචාර බුද්ධියක් තියෙන්න විදිහක් නැනෙ කොහොමත්

    ReplyDelete
  11. දුකා කියනව වගේ මේක ලේවල ප්‍රශ්නයක්.. අතීතයේ ඉඳලම බැලුවත්. අමන ගොන් රැලක් ජීවත් වෙන රටක් මේක. සුදු හමට පින් සිද්ධ වෙන්න යම් කිසි දැනුමක් ලබා ගත් පිරිසක් හිටියත් උනුත් යම් තැනකට ආවට පස්සේ අර ගෝත්‍රික සමාජයටම මං ගඡ්චනවා. මාරය කැමති දේ මාරය කරපු දෙන් උඹ කැමති දේ උඹ කරපන්. එක එකාගේ මති මතාන්තර වෙනස්. අනෙකාගේ මතයට ගරු කරණ එක තමයි නියම දේ.

    මටනම් උඹත් හරි මාරයත් හරි...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. පිස්සෙකුට දාහෙ කොලයක් දුන්නම ඌ ලණුවක් දාල ඒක බෙල්ලෙ ඒල්ලගන්නවා.
    උඹනං මාර මෝඩයෙක් පුලා.

    ReplyDelete
  16. //උඹනං මාර මෝඩයෙක් පුලා.//

    මාර මෝඩයෙක් කියන එක වැරදියි නේද

    මාර කිව්වාම මෝඩයා කියලා නිකන්ම කියවෙනවානේ

    ReplyDelete
  17. පරම්පරා ගාණක්ම අහිංසක මිනිස්සුන්ව හූරාකාල ධනපති වුණු හාමුල ගොවි කම්කරු නායකයන් ලෙස ඉදිරිපත් වෙද්දි උන්‍ කියන දේ පිළිගන්න මෝඩ තුන්වෙනි පංතියෙක් වෙන රටවලත් ඉන්නවද දන්නෙ නෑ. උන්ගෙ ලේවල තියෙන්නෙ හූරාකෑමේ ජාන විතරයි. ඉතින් උන් වෙන මොනව කරන්නද?
    කොහොම වුණත් අපේ ර‍ටේනම් මේ වෙනකම් සාමාන්‍ය මිනිස්සුන්ට ආදරයක් තියෙන, රටට ආදරයක් තියෙන එකෙක් රජවුණේ නෑ. හේතුව තුනේ පංතියේ එවුන් තමන්ගෙ නායකය විදියට පිළිගන්නෙ තමන්වම හූරගෙන කන එකාවයි.
    ඒ ජාන නැති එවුන් වෙනුවෙන් කඩේ යන දවසක් ආවොත් හැමෝටම ජීවත් වෙන්න රටක් හැදෙයි. නැත්නම් තව තවත් දුකෙන් දුකට යන බහුතරයක් බිහිවෙයි. අලුතින් අත්දැකීම් අවශ්‍ය නෑ. පුද්ගලික අත්දැකීම් වලින්ම අපිට ප්‍රායෝගිකව එය දැනෙන නිසා අපි එය දකිනව.
    කොහොම වුණත් පුලස්ති කිව යුතු දේ කීමේදී තවත් බ්ලොග්කරුවෙකු ඒකට ඈඳා ගැනීමෙන් උඹේ අදහස් වලට නෙවෙයි තැන ලැබෙන්නෙ. ඒක නිසා ඒක හොඳ දෙයක් ලෙස අනුමත කල නොහැකියි. කෙනෙක්ගෙ පුද්ගලික අදහස් හරහා විශ්ලේෂණ වලට යන්න එපා. එය පාත්‍ර වෙන්නා අපහසුතාවයට පත් වෙන්නක් නිසා.

    ReplyDelete
  18. @ සියලුම සහෘදයිනි

    බ්ලොග් අවකාසයේ වෙනත් ලේඛකයෙක් ලීව දෙයක් ගැන වෙනම පෝස්ට් එකකින් අදහසක් දක්වලා තියෙන වන් ඇන්ඩ් ඔන්ලි පුද්ගලයා පුලස්තිද?තමුන් වැඩි අධ්‍යාපනයක් නැති තුනේ පංතියේ මනුස්සයෙක් හැබැයි මහින්දට කඩේ යනව මහින්දට විරුද්ධ වෙන හැමෝම තුනේ නොවන පංති වල අය කියල මාරයා ලියල තිබුන එක කියවද්දීමයි මේ පෝස්ට් එකේ තියෙන අදහස පුලාගේ ඔලුවට ආවෙ.අපි තුනේ පංතියෙ නං අහවල් එකටද එකේ පංතියෙ උත්තමයාස්ලට කඩේ යන්නෙ?ඒ අදහස පෝස්ට් එකක් විදිහට දැම්මා.ඒ අදහස පිලිසිද ගත්තෙ මාරයා ලීව දෙයක් කියවපු නිසා හින්ද මාරයාගෙ නමත් සදහන් කලා.එච්චරයි.සරලයි.අදහස ආවෙ මාරයාගේ ප්‍රකාසයක් නිසා නං මාරයාගෙ නම නොලිය කතන්දරකාරයාගෙ නම ලියන්නද මහත්වරුනි? :D

    කොමෙන්ට් හිට්ස් වැඩි කර ගැනීම ගැන -

    අනේ මිත්තරවරුනි එහෙම වැඩි උනාය කියල හම්බෙන ලාභය මක්කද කීව නං?චැනල් ෆෝ ගැන ලිව්වමත් කියන්නෙ මේ හිට් වැඩි කොරගන්න ලියනව කියල.පංති බේදය ගැන ලිව්වමත් කියන්නෙ හිටි වැඩි කොරගන්න ලියනව කියල.මහින්ද ගැන ෆොන්සේකා ගැන පුලා හැමදාම ලියනව.උන්දෑලා ගැන ලීවම වැඩි නොවන හිට් මාරයා ගැන ලීවම වැඩි වෙනවද? පුලස්තිගෙ සටහන පුලස්තිගෙ ආත්ම ප්‍රකාසනය.මාකට් එක දිහා බලාගෙන කොත්තු සිංදු ගහන ඉරාජ්ට වඩා වෙනස් මිනිහෙක් වෙලා ඉන්න එක දාහෙන් සම්පතයි :)

    ReplyDelete
  19. මටනම් හිතෙන්නේ ඔය පංති කතාව හරිම් ව්‍යාජයක්. මට හිතෙන්නේ බලවතා සහ දුබලයා අතර ප්‍රශ්නයක් තියෙනවා. බලවතාට ඕනෙ බලවත් කම රඳවා ගන්න. දුබලයාට ඔනෙ දැනට සිටින බලවතාව පෙරලලා බලවතා වෙන්න. ඔය කියන සජිත් හාමුගෙ අප්පොච්චි ඔබතුමා කියන තුන්වෙනි පංතියේ කෙනෙක්. නමුත් උන්නැහෙ කලේ දුබල තැනින් ඇවිල්ල බලවතාට පහරදීලා බලවතා වීමයි. රුසියාවේ උනෙත් තුන්වෙනි පංතියේ යයි කියපු කට්ටිය නිලධාරින් වී බලවතා වීමයි. තුන්වෙනි පංතිය බලයේ සිටින අනිත් හැම රටේම තත්වයත් ඕකයි.

    ReplyDelete
  20. @ ඉස්තෝප්පුව

    //බලවතාට ඕනෙ බලවත් කම රඳවා ගන්න. දුබලයාට ඔනෙ දැනට සිටින බලවතාව පෙරලලා බලවතා වෙන්න//

    එහෙම වෙනව නං හොදයි මට අනුව.ඒත් වෙලා තියෙන්නෙ දුබලයා කැමැත්තෙනම් බලවතාගෙ යහපතට කඩේ යාමට කැප වී ඉන්න එකනෙ.

    //ඔය කියන සජිත් හාමුගෙ අප්පොච්චි ඔබතුමා කියන තුන්වෙනි පංතියේ කෙනෙක්. නමුත් උන්නැහෙ කලේ දුබල තැනින් ඇවිල්ල බලවතාට පහරදීලා බලවතා වීමයි//

    ඒ අප්පොච්චි තුන්වෙනි පංතියෙන් එකේ පංතියට පැනගත්ත කෙනෙක්.එහෙම ඈයෝ ඕනෙ තරං ඉන්නව.තමුන් ගියෙ සැන් ජෝස්ප් එකට කියල කියවගන්න ඕනෙ උනෙ තමුන්ගෙ මුල් වහගන්න නෙව.එයා බලවතා උනා කියල මක්කයි උන වෙනස?තුන්වෙනි පංතියෙ හැටදාහක් කොල්ලො කෙල්ලොන්ගේ මල සිරුරු ටයර් වල පිච්චුන එකට වඩා වැඩි දෙයක් උනාද?

    //රුසියාවේ උනෙත් තුන්වෙනි පංතියේ යයි කියපු කට්ටිය නිලධාරින් වී බලවතා වීමයි//

    එතකොට ඒ නිලධාරීන් පලවෙනි පංතිය වෙනව.එදාට උන්වත් පෙරලමු.එකේ පංතියේ බලය පෙරලන්න පුලුවන් නං නිලධාරීන්ගේ බලය කජ්ජක්ය බොස්?

    ReplyDelete
  21. මම හිතන්නෙ පන්ති භේදයක් පැවතීම සමාජයට අවශ්‍ය දෙයක් කියලයි.

    ReplyDelete
  22. නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින් හදපු වමේ අයටත් හැත්තෑ ගනං වල ඉඳලම තිබුණු ප්‍රශ්ණයක් තමයි මොකද උන් රොත්ත පිටින් යූඇම්පිය සහ සිරිලංකා එකේත් ධනපති පැක්ෂන් එකටම කත් අදින්නේ කියන එක...!!!

    අනේ පුලස්ති, ඔන්න ඔහේ මං ගැනත් එකක් ලියන්න මෙයා.

    ReplyDelete
  23. පෝස්ට් දෙකක් අතර වැඩිම කාලයක් ඇති පැරණිම බ්ලොගයක් හරියට දැක්කේ අද.ෂා හරි ලස්සනට පරණ ලිපි ලියල තියෙනවා.ඔයාත් බ්ලොග් එකේ මුල් ලිපි ටික නැවත කියවල බලන්න.හැබෑට මටත් ප්‍රශ්නයක් තියෙනවා.බ්ලොග් එකක් දිහා බලල කමෙන්ට් බලල ඔයාට පන්තිය කියන්න පුළුවන්ද?අනේ එහෙනම් මගේ පන්තිය මොකක්ද කියල කියන්නකෝ මට ඒක හොයා ගන්න බැරිව ඉන්නේ.

    ReplyDelete
  24. අපේ රටේ බොහොමයක් තුනේ පංතියේ ඈයෝ තමන් පලවෙනි පන්තියේ කියල හිතෙන හීන දකින්න ආසයි.ඉතින් උන්නැහේලා හීනවලදි තමන්ට සමාන වෙන පලවෙනි පන්තිය ආරක්ෂා කරගන්න බැඳිලා ඉන්නවා.ඒක තමයි තුනේ පන්තියේ බහුතරයක් ඉන්න රටක් හැමදමත් එකේ පංතියෙන් පාලනය කරන රහස.
    තවත් අතකින් බංඩාරණායක හාමු මහත්තයා අස්සයා පිටින් එනකොට,ඔලුවේ ජටාව අතට අරගෙන පාර අයිනේ කානුවට බහින එක සන්තෝසයට කාරණාවක් වෙච්චි අතීත නෑයන්ගේ අඩිපාරේම යන,ඒ සන්තෝසෙම විඳින නූතන පරපුරකුත් ඉන්නවා නොවැ.

    ReplyDelete
  25. @ radicaladahas

    එතකොට කුල භේදය?ඒකත් තිබුනනං මොකද?

    @ කතන්දර

    මාරයා ගැන ලීවට වඩා හිට්ස් ඒවිද?එහෙඥං ලියඥ්ඥං ;)

    @ JHOTHISHALANKA

    //බ්ලොග් එකක් දිහා බලල කමෙන්ට් බලල ඔයාට පන්තිය කියන්න පුළුවන්ද?//

    බැහැ සබද.ඒත් මාරයාම පැහැදිලි සිංහලෙන් කියල තිබ්බනෙ උන්නැහෙ තුන්වෙනි පංතියෙ කියල.ගහට ගහක් මොරටුවෙදි හම්බුනා වගේ සතුටක් හිතට ආව.මගේ පරන ලිපි ටික ආයෙ කියවන්න කියපු එකේ සැගවුනු උපහාසයක්ද තියෙන්නෙ?අවංකව මට ඒක තේරුනේ නැහැ.පුලුවන් නම් පහදන්න සබද

    @ දුකා,සිතුවිලිමන්ඩිය,අවුට්සයිඩර් සහ බුවා

    අදහස්වලින් දායක වෙලා මෙතනට යමක් එකතු කලාට ස්තුතියි.හිට් කොහොම උනත් පක්ස හෝ විපක්ස කොමෙන්ට් වලට පුලස්ති මනාපයි.විසේසයෙන් හිතන්න දෙයක් ඉතිරි කරන කමෙන්ට් වලට

    ReplyDelete
  26. මම හිතන්නේ නෑ පුලා මෙතන කරපු දේ වැරදියි කියලා.අපි බ්ලොග් වලින් කතා කරන්නේ සීමිත පිරිසිකට.ලංකාවේ ජනගහණය මිලියන 20ක් කියල හිතුවොත් ඒකෙන් 0.01ක් වත් නෑ බ්ලොග් කියවන්නෝ. ඒ ප්‍රතිශතේනුත් 90%කට වඩා වැඩියි තුන්වනි පන්තියේ මිනිස්සු.ඉතින් ඇයි අපි අපේ එකෙකුට ඌ වැරැද්දක් කරන්නේ කියලා පෙනි පෙනීත් ඌ වැරැද්දක් කරන්නේ කියල කියන එක වැරැද්දක් වෙන්නේ.

    ReplyDelete
  27. නෑ නෑ මම කියන්න ගියේ මුල් ලිපි ඉතා හොදයි කියලා.මේ ලිපියෙන් නම් එලොවට වැඩකුත් නැහැ මෙලොවට වැඩකුත් නැහැ.(ලියපු එකාටත් වැඩක් නෑ කියවන එකාටත් වැඩක් නෑ).ඔයාගේ මුල් ලිපි ඉතා කාලෝචිත බුද්ධිඝෝචරයි.සමහර ඒවා මම තාම කියවනවා.

    ReplyDelete
  28. මේ පුලස්ති විසින් ලියන ලද හොඳම ලිපිය නොවේ නම් හොඳම ලිපි කිහිපය අතුරින් එකකි. මෙහිදී 'මාරයා' කියන සැබෑ චරිතය යොදා ගැනීමේ කිසිදු වැරද්දක් මට නොපෙනේ. මාරයා යනු සාකච්ඡාවට නොගත යුතු වන්දනීය චරිතයක් නොවේ.

    කාලයකට පෙර 'බට්ටි' නමින් ටෙලි නාටකයක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය විය. මා මේ ටෙලියට පුද්ගලිකව අකැමැති මුත් එහි ගත යුතු යම් යම් දේ තිබිණි. මේ ටෙලියේ එක් චරිතයක් නම් "හුට්ටපරය" යන වචනය බහුල ලෙස භාවිතා කළ, නම අමතක වයසක චරිතයයි. මේ පුද්ගලයාද අයත් වන්නේ ඔය කියන තුන්වන පංතියටයි. නමුත් තම පාන්තික මූලයන් අමතක කරන ඔහු වලව්ව වෙනුවෙන් ප්‍රවේණි දාසකමේ නියැළෙමින්, වලව්වේ කුස්සියේ බත් දංකුඩ කමින් තම පංතියටම එරෙහි වෙයි.

    අප දන්නා මාරයාද මෙවැන්නෙකි. තමන් අයත් වන පංතිය පිළිබඳව දැඩි හීන මානයකින් පසුවන මාරයා හැකි ඉක්මණින් ධනවත් වීම තුළින් මධ්‍යම පංතියට පැණ ගන්නට මාන බලයි. ඊට මධ්‍යම පාංතික බ්ලොග්කරුවන්ගේ සහායද අයැදී. ඇමෙරිකාවේ සිට එවන කියුබානු සුරුට්ටුවක්ද, ඕස්ට්‍රේලියාවේ සිට ගෙනෙන චයිවාස් රීගාල් ස්කොච් විස්කි බෝතලයක්ද මේ හවසට ගල් බාගයක් දාන, සංජීවනී වලින් සොමියක් ගන්නා සවුදන් ජෙමාට මහාර්ඝ වස්තූන්ය. ප්‍රශ්නය එය එසේ වීම නොවේ. ඒ වෙනුවෙන් මේ පුද්ගලයා පළමු පංතියට තමා දාසයකු කර ගැනීමට කොන්දේසි විරහිතව ඉඩ සලසා දී තිබීමයි. ඔහුගේ සතුරන් වන්නේ තව දුරටත් (ඔහුට කිසි විටෙක ළඟා විය නොහැකි) සඳළු තලයේ සිට පෙර මඟ බලනා සිටු කුමාරිකාවන් නොවේ. තමාගේ පංතියේ, තමාගේම සහෝදර සහෝදරියන්ය. මහින්දතුමාගේ ආණ්ඩුව විසින් තම පන්ති සගයකු වෙඩි තබා මරා දැමීම වුව ඔහුට ගැටළුවක් නොවේ. ඒ මළ මිනියට කෙළ ගසා මහින්දතුමාට තව දුරටත් කඩේ යන්නට මාරයා කැමැතිය.

    මෙවැනි චරිත අති භයානකය මම සිතමි. ජයන්ත චන්ද්‍රසිරිගේ 'අත්' නාටකයේ ඒකාධිපතියාගේ සළුවට මුවා වී එන්නේ මෙවන් චරිතය. රුපියල් දාහක් වැඩි පඩි ඉල්ලා කරන අරගලයන්ට බයිසිකල් චේන් ගෙන එන්නේ මෙවන් චරිතය. සයිමන් නවගත්තේගමගේ 'සුද්දිලාගෙ කතාවේ' ආරච්චිල විසින් අහිංසක මිනිසකු වෙඩි තබා මරවන්නේ මෙවන් චරිතයක් ලවාය. මට නැරැඹීමට නොහැකි වූ බඹර වළල්ලේ පොඩි එකාද මෙවන් චරිතයකැයි කොතැනක හෝ දුටුවෙමි. මෙවැනි ලුම්පන් චරිත කවර හෝ සමාජයක ප්‍රගමණයට දරුණුතම බාධා වෙයි.

    මේ චරිතය විසින් 'හිට්ස්' ගැන කර ඇති ප්‍රකාශය අවඥාවෙන් බැහැර කරමි. සුළු පාඨක පිරිසක් අතර කෙරුමකු වී තමන් ගැන මහා ලොකුවට හිතා ඉන්නා මෝඩයකුගේ පුරසාරමක් හැර එහි වෙන යමක් නොවේ.

    ReplyDelete
  29. බුදු අම්මෝ ඔන්න ලුම්පන් මාරයා බයිසිචල් චේන් එකක් අරන් එනවෝ.
    මචන් වින්කලේ අර පැත්තේ අරහෙට පලයාන්..............................

    ReplyDelete
  30. තවමත් ලුම්පන් මාරයා බයිසිකල් චේන් අරගෙන නො එන්නේ ඇනෝ කවුදැයි නොදන්නා නිසා. නැතිනම් ලුම්පන් මාරයා බයිසිකල් චේන් වනලා ගොඩාක් කල්. 2005-6 කාලයේදී මහාචාර්ය සුචරිත ගම්ලත්, අශෝක හඳගම වැනි කිහිපදෙනකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැති දෙමළ-සිංහල කලා උළෙලකට බයිසිකල් චේන් අරගෙන ආවේ ඔය වගේ පිරිස් තමයි. හෝමාගම පල්ලිය ගිණි තියන්න හොකී පිති අරන් ගියෙන් අඟහරු ලෝකෙන් ආපු අය නෙවෙයි.

    ReplyDelete
  31. පන්ති ප්‍රාන්තර,ලුම්පන් චරිත ගැන කියන්න මම දන්නේ නැහැ.හැබැයි මාරයයි මමයි නාලන්දෙ ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ එක පන්තියේ ඉදලා තියෙනවා.(8 වසරෙදි වගේ)

    ReplyDelete
  32. මාරයාගේ හෝරාවගේ කථාව මෙසේය -

    //අනේ බං මේ උඹලා ලිපි ලියන කොට මාව අල්ලගන්නේ නැතිව ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද..මය බැන්නටවත් කුණුහරප කිව්වටවත් මගේ අමනාපයක් නැහැ බං...ඒත් ඔහොම උඹලා මගේ නමම ඉස්සරහට ඇදලා අරගෙන දාලා ලියන්න ගියහම පෘතග්ජන පුද්ගලයෙක් වෙන මටත් නිකං මං පොරක්ය වගේ හැගීමක් එන්න පුළුවන් බං..ඒක එහෙම වෙන්න දෙන්න එපා..//

    මිනිහෙක් ගැන ලියන්නෙ ඒ මිනිහ "පොරක්" නිසාද?ඇයි යකෝ මර්වින් සිල්වා ගැන ඔය හැමදාම වගේ නිව්ස් යන්නෙ?දැන් ඌ පොරද?මාරයියේ මාරයියේ කියල කෙල්ලො කිහිප දෙනෙක් ඇවිත් චූන් කල පලියට මැස්සෙක් උඩ ගිය තරම කිව්වලු!

    //තව අර ඇනෝ කෙනෙක් මාව පත්තරකාරයෙකුට සමාන කරලා ලියනවා.//

    අනේ බං සුනිල් මාධව ප්‍රේමතිලකත් එක්ක උඹට හැරෙන්නවත් බැහැ.ඒක නං නොණ්ඩි ගහන සංසන්දනයක්.ඒ යකා දැන් කොහොම උනත් එක්තරා කාලෙක ප්‍රතිපත්තියක් තියාගෙන මරණ තර්ජන නොතකා පත්තර රස්සාව කරපු එක්තරා විදිහක වීරයෙක්.නැති බැරි උන්ගෙ දේශපාලනය වෙනුවෙන් මොකක් හරි සේවයක් කල මිනිහෙක්.උඹ හිරිකිත නැතිව ලොක්කන්ට කඩේ යනව කියල ප්‍රසිද්ධියෙම කියන පීචං පොරක්.වහල්කම කියන්නෙ ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි.ඒත් තමුන්ගෙ වහල්කම මාරයි කියාගන්න වහලෙක් කියන්නෙ ගර්හාකටයුතු කුණපයක් කියල ලෙනින් කියල තියෙනව.ඒක නං මාරයාට නියමෙට ගැලපෙනවා.

    - විශ්ව

    ReplyDelete
  33. මේකනෙ කොලුවෝ, ඔය ගෙදරට නාකි වෙච්චි බඩුවක් දෙකක් ඇවිත් "මාරයියේ, මාරයියා මාරයි" කියන කොට මාරයියාගේ දර්ශකයත් අංශකේ අංශකේ හරි නඟින්න පටන් ගන්නවා. හැබැයි බලාගෙන යනකොට එහෙම කියලා තියෙන්නෙ ආච්චිලා. 40+, 45+ තමා. අර ප්‍රොෆයිල් ෆොටෝ එකට තරුණ කාලෙ පින්තූරයක් පාවිච්චි කරනවා. නැහ්නං අපිත් දන්නෙ නෑ මාරයියාත් අර කහවත්තෙ භූතයා වගේ වයසක ගෑනුන්ට කැමතිද කියලා. එහෙම හරි, මාරයියාගෙ ඔය මලකඩ බැඳිලා නඟින්නෙම නැතුව තියෙන දර්ශකේ හරි දැන් නඟින එක සුළු පටු දෙයක්ද? ඉතින් මාරයියා මාර සැටිස්. එච්චරයි කතාව. එකේ පන්තියක් හරි වෙන කෙහෙල්මලක් හරි නෑ.

    ReplyDelete
  34. මේක ඇවිල්ල බ්ලොග් කරුවන්ගේ පන්තිය. වෙන පන්ති නැහැ. කා කොටා ගන්නේ නැතිව ඉඳපල්ලා. අනුන් කියන ඒවා අපේ ඇඟේ ඇලෙන්නේ නැහැ, අපි අලවාගන්නේ නැත්නම්.

    කවුරු කොහොම කිව්වත් දැන් මහින්ද පළමු පන්තියටත් බොහෝ එහා ගොහින්ය. මනුෂ්‍යත්වයෙන් මිදුන, ශ්‍රී ලංකාවේ මෑතකදී බිහි වූ ශූරතම දේශපාලකයා මෙන්ම රවටන්නා ඔහුය. මහා භක්තියෙන් ඔහුට ඡන්දය දී ඔහුගේ කල්ක්‍රියාව ගැන බොහෝ කලකිරීමෙන් හිටියත් අපිට ඔහු එලවා වෙනත් කෙනෙකු ගෙන්වා ගැනීමට නොසිතෙන්නේ ඒ තරමට හෝ නායකත්වයක් දිය හැකි එකෙක් අපේ කාලකන්නි ගහනයෙන් බිහි වී නැති නිසාය. කොටින්ම මහින්දයා එලවා රට භාර දෙන්නට සුදුස්සෙක් නැත. ඉන්නා එවුන්ගෙන් හොඳම එකා ඔහුය. ඒ කියන්නේ ඔහු හොඳයි කියාද නොවේ. මහින්ද තවමත් පරක්කු නැත, අවංකව රට වෙනුවෙන් කැප වෙන්නේ නම ඔබ දුටුගැමුණු වන්නෙක් විය හැක. එසේ නොකර මේ යන විධියට හොරුන් කුඩු ජාවාරම් කාරයින් ආරක්ෂා කරන, පවුලේ දූෂණ, තමන්ගේ දූෂණ රකින ඔබ අවසානයේ ඉතිහාසගත වන්නේ ශූර හොරෙකු ලෙසය.... (ඇනෝ දාන්නේ ජීවිතාරක්ශාවටය)

    ReplyDelete
  35. හරි අපි හිතමුකො ප්‍රේමදාස මහත්තයා පළවෙනි පංතියට පැන්නා කියලා. ඒ වගේම අපි හිතමු දැන් ඔය කියන සමාජවාදී රටවල නිලධාරි පැලැන්තිය පළවෙනි පංතියට පැන්නා කියලා. එහෙමනම් ලෝකයේ තියෙන එක රටක් නම් කරන්න පළවෙනි පංතියක් නැති.
    ප්‍රේමදාස තුන්වෙනි පංතියේ 60000ක් මැරුවේ තමුන්ගේ බලය තියාගන්න. ඒ වගේම පළවෙනි පංතියේ හිටියා කියන ලලිත්ව, ගාමිණීව, හර්ෂව, කොබ්බෑකඩුව වගේ අයටත් ගේම දුන්නේ ඒ හේතුව නිසාමයි. ජේ.වී.පී. එක පන්දාහකට වඩා මැරුවේ තුංවෙනි පංතියේ අයව. ඒ නිසා ඔතන පංති ප්‍රශ්නයක් නැහැ. පංති විඥ්ඥාණයෙන් හැම දෙයක්ම දිහා බලන පුද්ගලයෙකුයි මැක්කගෙන් තොරව රචනාවක් ලියාගන්න බැරි ඉස්කෝල කොලුවකුයි අතර වෙනසක් නැහැ.
    මටනම් හිතෙන්නේ ධනවාදී සංවර්ධිත රටවල් විතරයි පළවෙනි පංතියේ සහ තුන්වෙනි පංතියේ වෙනස අඩු කරගෙන තියෙන්නේ. පංති විරහිත සමාජයක් කියන්නේ ප්‍රායෝගිකව නොසිතන මිනිසුන්ගේ මනෝරාජිත ලෝකයක්. කුමක් හෝ දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ යනවා කියන එක පළවෙනි පංතියට කඩේ යාමක් ලෙස පෙනෙන්නේ ඒ නිසයි. ප්‍රායෝගිකව සිතන මිනිසුන්නම් හිතන්නේ වැඩේ කරන්න පුළුවන් කියලා හිතන එහෙකුට සපෝට් කරලා කටින් බතල කොල හිටවන උන්ව කුණු කූඩයට විසිකරන එකයි. අද ලංකාවේ සිද්ධ වෙන්නේ එකයි.

    ReplyDelete
  36. අනේ බොල මාර කපයො, කඩේ ගියා නම් කට වහගෙන ඒ විදියට හිටපිය ඒවා ගැන පුරසාරම් කියවන්නෙ නැතුව. තොට ලජ්ජා නැද්ද අහිංසක මිනිස්සු ටිකක් පඩි වැඩි කර ගන්න ස්ට්‍රයික් කරන කොට හොරිකඩයෙක් වගේ ඒක කඩා කප්පල් කරන්න එළ පවුසියට පුක දීල ඒ හිලව්වට බස් කොන්දොස්තර කං ගත්තු හැටි කියවන්න. තොට ලජ්ජා නැද්ද පොඩි මිනිහගෙ හැම සතේම උදුර ගත්තු, නිකමට වත් පඩි වැඩි වීමක් නොදෙන, අර්ථ සාදකේටත් කෙළින්න යන මහින්දයා වගේ කපයෙකුට කඩේ යනවා කියලා පාරම් බාන්න. මේ බඩු මිළ වැඩි වෙන හැටියට අපේ දරු පවුල් වලට කන්න අඳින්න දෙන්නෙ තොගෙ අප්පොච්චිද බොල. වලව් වල බත් දංකුඩ නොකා දැන් වත් මිනිහෙක් වෙයන් මාරයියේ.

    ReplyDelete
  37. සුගතන් ආතාJuly 16, 2011 at 4:19 AM

    මේ මාරයයි, පුලස්තියි කියන්නෙ එකම එකා නේද? උන් දෙන්නම දෙන්නට ගහගෙන උන්ගෙ හිට්ස් වැඩිකරගන්නවා වගෙයි මටනං පේන්නෙ. එහෙම තමයි වෙන්න ඕනෙ. නියමයි පුතාලා!

    ReplyDelete
  38. පුලස්ති සෑර් මෙතන මතු කරන පුරස්නය වැදගත්ය. තුන්වැනි පන්තියේ යැයි කියගන්නා අයට මිහිඳුවා තමන්ගේ එකෙක් ලෙස, එනම් තුන්වනි පන්තියේ එකෙක් ලෙස පෙනෙන්නේ ඇයිද යන්නය. මිහිඳුවා රෙදි බැනියම් ඇඳ, උඩු රැවුල කරකවා, කුරහන් සාටකේ දමා, සුද්ද සිංහල කුනුහරුපයක් දෙකක් කී පමනින් තුන්වැනි පන්තියේ වෙනවාද එසේත් නැත්නම් ඊට, ජාතිය, ආගම වැනි සලුපිලිද අන්දවා ගැලරියේ ඉන්නා තුන්වැනි පන්තියේ එවුන්ට රඟ දක්වන නාටකයක්ද යන්න විසඳාගත යුතුය. තුන්වැනි පන්තියේ සෑර්ලා ඒ "ඇක්ටින් පාර" ගෙඩිපිටින් ගිලින්නේ ඇයි?

    ReplyDelete
  39. ගංගොඩවිල සෝමදාසJuly 16, 2011 at 9:57 PM

    දැන් බලන්න පින්වතුනි, අපේ ධම්මපදේත් තියෙනවා ඔය මාරයා ඇත්තා වගේ ඇත්තන් ගැන අපූරු ගාථාවක්. ඔය පින්වතුන්ගේ දැන ගැනීම උදෙසා මම ඒක කියන්නම්කො.

    යාව ජීවම්පි චෙ බාලො
    පණ්ඩිතං පයිරු පාසති
    න සො ධම්මං විජානාති
    දබ්බී සූපරසං යථා

    එයින් අදහස් වන්නේ පින්වතුනි සූප ව්‍යංජන රසය නොදන්නා හැන්ද සේම මෝඩයා කොයි තරම් පණ්ඩිතයන් ඇසුරු කළත් ඒ පණ්ඩිතයන්ගෙන් යමක් ඉගෙන නොගන්නා බවයි. අපේ මාරයා පින්වතාත්, පින්වතුනි ඒ හැන්ද වගේම තමයි.

    ReplyDelete
  40. ඒකනේ ළමයිනේ තුනේ පන්තියේ මම, අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහිල්ලා. ආණ්ඩුවට කොහොම හරි කෙළවලා තුනේ පන්තියේ උන්ගේ බඩට ගහන්නම ලංකාවට සම්බාධක දාන්න හදවනෙන. සිම්පල් ප්ලෑන් එකක් නේද මෙයා?

    ReplyDelete
  41. ඔක්කෝටම කලියෙන් සමහරුන්ට අංක ගණිතය කියල දෙන්න වෙලා නෙවැ.

    මාරයාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 145,418
    මාරයාගේ පෝස්ට් ගණන = 410
    එම නිසා මාරයාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 355

    දැන් බලමු මේ හරි හමන් සින්ඩියකවත් නැති, යලට මහට පෝස්ට් එකක් දාන ඇනෝනිමසා ගැන

    ඇනෝනිමසාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 26,721
    ඇනෝනිමසාගේ පෝස්ට් ගණන = 26
    එම නිසා ඇනෝනිමසාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 1,028

    ඒ කියන්නේ මේ අහක ඉන්නා ඇනෝනිමසාත් මාරයා වගේ තුන් ගුණයක් ජනප්‍රියයි නෙවැ.

    මාරයාට ඇති හිට් එකක් නෑ. ඕකට ඉන්නෙ ළිඳ ලඟ සංගමේ ඕපාදූප කියන ගොන් රෑනක් විතරයි. ඒ ඇරෙන්න වැඩකට ඇති කෙනෙක් ඕකගේ බ්ලොග් කඩමාල්ල කියවන්නෙ නෑ.

    ReplyDelete
  42. මාරයාගේ හෝරාවJuly 19, 2011 at 11:33 PM

    රට ජාතිය ආගම පිළිබද උපතේ සිට අපගේ මව්පියන් විසින් අප හට කියාදී ඇති බොහෝ දෑ මෙන්ම රට වෙනුවෙන් අපගේ මව්බිම වෙනුවෙන් හද තුළ ඇති අපිරිමිත භක්තිය විසින් මෙවන් පුගුලන් විසින් කරනු ලබන ද්රෝහී ක්‍රියා යන්තමින් වුවත් දුටු සැනින් නිහඩව සිටීමට නොහැකි වීම නිසා අපද නිරායාසයෙන්ම මෙවන් කතිකාවත් තුලට ඇදී ඒම වලක්වාලිය නොහැක.

    අවසාන වශයෙන් එකක් කිව යුතුය.

    ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක.

    ඒ කෙසේ වෙතත් සිහිතබා ගන්න...

    අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
    මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
    එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.

    එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.

    නුඹලා වැනි බත් බැලයන් කුමක් කීවද, කුමක් ලීවද,
    මෙරට වසන මා මෙන්ම රටට ආදරය කරන මිනිසුන් සිටිනා තාක් කල් එවැනි නායකයකු අපට අහිමි වීමට අප ඉඩ නොදෙමු.

    මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
    මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.

    ඉදින් තව දුරටත් ලියන්න..
    අපි බලා සිටිමු..
    නමුදු අප නිදි යැයි නොසිතන්න..
    ඇවසි වෙලාවෙදී අප නිසි පරිදි කටයුතු කරනු ලබන්නේය..
    හරියට අද මෙන්ම..

    ReplyDelete
  43. "සූස්ති ගුනේ said...
    මේක ලියන්නෙ චම්පකයාගෙ බත්බැලයෙක්. චම්පකයාගේ රති ක්‍රීඩා වලට උදව් පදව් කරපු එවුන්ට ලොකු ලොකු කුට්ටි හම්බුනාලු."

    තමුන්නැහෙ බලන් ඉන්න ඇති නේද? චම්පික රති කෙළියෙහි යෙදෙන විට ඔබ සිටියේ ඔහුගේ ඇද යටද,නැත්නම් ඔහුගේ ඇග යටද? නොඑසේ නම් එවන් වූ රති කෙළියක ප්‍රතිඵලයක් ලෙස ජාතක වූ අවජාතකයෙක්ද ඔබ? එසේ වීනම් ඔබගේ මව ඔබට චම්පිකගේ රති කෙළියෙහි තරම ඔබට කියා දී ඇතුවා වන්නට පුළුවන.
    අනේ උන්නැහේ තමුන්ගේ පාඩුවෙ ඔය ඉන්න විදියටම සූස්තියක් ඇද ඇද තව අවුරුදු 8ක් සිහිනයක අතරමග සිටියා නම් නරකද..?

    ReplyDelete
  44. @ මාරයාගේ හෝරාව

    හරිම සෞන්දර්යාත්මකයි බොස්!ඔන්න ඒ උතුම් ප්‍රකාසයට පුලස්තිගෙන් විසිල් පාරක්!!!!

    මේ ලිපිය බොස්ට මඩ ගහන්න ලියපු එකක් නෙමෙයි කියල සිහිය පත ඇතිව කියවන කොට තේරෙන්න ඕනෙ.මේකෙන් මතු කොරන්න ට්‍රයි කලේ වෙනත් කාරනයක්.ඒ කාරනේට තමුන්නැහේගේ කිසිම අවධානයක් යොමු වෙලා නැති එක ගැන දුකයි.

    //ඔබලාට රටක්, ජාතියක්,ආගමක්, ජන්මයක් නැතිවා හෝ තිබියදීත් ඒ පිළිබද හැගීමක් නැතිවා වන්නට පුළුවන. නොඑසේනම් ඔබලා අපගේ බස හසුරුවන විජාතිකයින්ද විය හැක//

    එතකොට මහින්දට කහින අය විතරයි ස්වදේශිකයො?අනිත් අය විදේශිකයො?

    //අපට මෙ රට හැර යන්නට වෙනත් රටවල් නොමැත.
    මෙ මව් බිමෙ උපන් අප මෙ පොළොවට ආදරය කරන්නෙමු.
    එහි ගහට කොළට සතා සීපාවාට ඇළට දොළට පමණක් නොව මෙ පොළව පිසගෙන හමා එන සුළං පොදටද ඇළුම් කරමු.//

    එතකොට ඔයා විතරද එහෙම ඇලුම් කොරන්නෙ?අනේ බොස් තමුන් උපන්න රටට ආදරය කරන්න අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නැහැ.අපිටත් යන්න වෙන රටවල් නැහැ.අපිත් මේ රටේ ඉපදිල මේ රටේ තැනතැන ගිහිල්ල මේකෙ මිනිස්සු එක්ක තෙම්පරාදු වෙලා මේකෙ පය ගහල මේකේ පොලාවට පස් වෙලා යන මිනිස්සු.රටට ආදරය කරනව කියන්නෙ ගොංපාට් එකට සිංහ කොඩිය වන වන ඉන්න එක නෙමෙයි.රටේ මිනිස්සුන්ට වරදක් අපරාදයක් වෙනව නං කතාකරන එකත් ඒකට අයිතියි.

    //එවන් වූ අපේ කම හදුනන මිනිසකු රටෙ නායකයා වීමඅප ලද පිනකි.
    //

    හෙජින් එකේ පාඩුව බදු විදිහට ගෙවද්දිත් ඔය පින ගැන සිහි කර කර ඉන්න සහෘදයා.දැන් අපේකම ඔච්චර අදුනනවඥං තමුන් ගත්ත වැරදි තීරනේ නිසා වුන හෙජින් පාඩුව තමුන්නෙ මුදලින් ගෙවන්න පුලුවන් නේද ඒ බර තුන්වෙනි පංතියේ ඔයාටයි මටයි පටවන්නෙ නැතිව?කරයිද එහෙම?එහෙම තියෙද්දිත් තමුන්නැහෙලා මේ එකේ පංතියෙ ප්‍රභූන්ට කඩේ යන එක අජූවයි.

    //මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
    මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.//

    අංකල් ජොන්සන් මේව ලියන්න අපිට සත පහක්වත් කවුරුත් ගෙවන්නෙ නැහැ.විරුද්ධ අදහසක් ලියපු ගමන් ඒක කුලියට ලියනව කියල හිතෙන එක මානසික රෝගයක්.‍මේ ලියන පුලස්ති ගැන තමුන්නැහෙ සත පහක දෙයක් දන්නවද?එහෙම ගෙවීමක් ගැන හෝඩුවාවක් තියෙනවද?පුලුවන් නං ඉදිරිපත් කරනු එම හෝඩුවාව!කරුනු වලට කරුනු වලින් උත්තර නොදී හිතින් මවාගත්ත මනස්ගාත වලින් ගහල දාන එක ගොංපාට් නේද අංකල් ජොන්සන්?ඒක තමුන්නැහෙගෙ සිංහල බෞද්ධකම එක්ක ගැලපෙන හැටි පහදනවද?

    ReplyDelete
  45. මාරයාගේ බ්ලොග් ලිවීම එක්තරා මට්ටමකට හෝ වාණිජ අරමුණකින් කෙරෙන "බඩගෝස්තරවාදී" එකකි. (උදාහරණ: තුෂර ජොතිෂ්‍ය කාර්යාලය, 137/6, ආයෝජන ප්‍රවර්ධන කලාප මාවත, වතුපිටිවල. - ඕං ඇඩ් එකකුත් දාල දුන්නා.) අන්තර්ජාලය හරහා කෙරෙන මේ ව්‍යාපාරයට මූලික වශයෙන් ඇදී එන්නේ මාරයගේ හෝරාව බ්ලොග් එකේ පාඨකයින්, ඔවුන්ගේ නෑදෑයින් හා හිතවතුන් බව පැහැදිළිය. එසේම මාරයා බ්ලොග් ලිවීම නතර කළොත් ඔහුට එදා වේල කන්නට පාර අයිනේ සිඟා කන්නට සිදු නොවුණත් සෑහෙන්න ලොකු බිස්නස් පාඩුවක් වන බව උපකල්පනය කළ හැකිය.

    එවන් "බඩගෝස්තරවාදී බ්ලොග් කලාවක" (මගේ නොව මාරයාගේ වචනය.) නියැලෙන මාරයා වැනි පුද්ගලයකු කිසිම සාක්ෂියක් නැතුව අනෙකුන් කුලියට ලියන්නේය කීම සදාචාරාත්මකද? එය ඔහුට ඔප්පු කළ හැකිද?

    ReplyDelete
  46. පුලාගෙ බ්ලොග් එක මම කියවන්නෙ ලොකු රුචියකින්. ගැබුරු යමක් සරලව ලියන්න පුල දන්නව. මේකත් ඒ වගේ ගැබුරු අදහසක් සරලව හා උපහාසයෙන් ලිවීමක් ලෙසයි මා දකින්නෙ.

    පුල ඔබ හා කතා බහකට කැමැතියි. හැකිනම් bumuthurunu@gmailමගින් ජී ටෝක් මගින් චැට් කරන්න එන්න

    ශාන් - බුමුතුරුනු

    ReplyDelete
  47. @ Shan

    බොහොම ස්තුතියි මිතුර.ඒත් අවුල තමයි ජී ටෝක් නං පාවිච්චි කෙරෙන්නෙ නැහැ.

    pulasthigedige@gmail.com

    අපි ලියල අදහස් හුවමාරු කරගමුද?

    ReplyDelete