Thursday, April 11, 2013

මහාචාර්ය ගම්ලත්ට එරෙහිව රා බීපු හරකෙක්



හාචාර්ය සුචරිත ගම්ලත් මලා. කණගාටුව. හැබැයි මේ පෝස්ටුව ඒ මරණය ගැන නං නෙමෙයි.

ඇනකොන්ඩා කියල බ්ලොග් එකක් කරගෙන යන මිත්‍රයෙක් ගම්ලත්ව පතුරු ගහලා පල කොරල තිබුන ලිපියක්. ගම්ලත් සිවුරු ඇරිය එකයි,ටැමිල්නෙට් එක ඔහුට ගුණ කියපු හැටියි,ගම්ලත් බීපු හැටියි,රීපු හැටියි සේරම අනපු කැලෑ පත්තරයක්.

මේ පෝස්ටුව හැබැයි ඒ කැලෑ පත්තරය ගැනත් නෙමෙයි.

එහෙනම්?

මේ පෝස්ටුව ඒ කැලෑ පේපර් එක යටින් පලවෙලා තිබුණු කොමෙන්ටුවක් ගැන. කොමෙන්ටුව ලියල තියෙන්නෙ මාරයාගේ හෝරාව ලියන අපේ බ්ලොග් මිත්‍රයා.

මෙන්න මේකයි කොමෙන්ටුව.

" .. දැනටනං ගම්ලත් උන්නැහේ ගජමුතු ඇතෙක් කොරලා හමාරයි අපේ කට්ටියක්... තව ටික දවසක් යද්දී ඔය ඇනකොන්ඩා කිව්ව ටිකත් වෙයි. හැබැයි අය කාව හරි කරේ තියං දුවන්නේ ඒකෙන් තමුන්ගේ වාසියට මොනවම හරි තියෙනකල් විතරයි.

ඔය පහු ගිය කාලේ කරේ තියං ගියේ හිටපු හමුදාපතිවරයාව..හිටපු අග්‍ර විනිශ්චකාරවරියව.. තාත්තා මැරුනු දුවෙක්ව...
හැබැයි මේ පාර අහු වෙලා තියෙන්නේ මල මිනියක්...

මට බය වෙන එකක් ගැන නෙවෙයි. කවදා හරි දවසක අර කොටි ජයලතුයි වික්‍රම බාහුයි මල දවසට ඕකුන් දෙන්නවත් මුංදලා ඇත්තු නෙවෙයි මැමත්ලා ඩයිනසෝර්ලා කොරයි කියලා...

මම ගම්ලත් ගැන මහ විසාගෙට දන්නේ නැහැ.. ඒත් ඔය මනුස්සයා පත්තරවල ලිපි හරහා කරපු දේවල් ටිකට අමතරව ඇන කොන්ඩා කියාපු බෞද්ධ හිමිවරුන් විසින් ලියාපු පොත පත සුළු වෙනස්කම් වලින් තමන්ගේ කරලා බල කරවපු බවනං හරියටම දන්නවා. ඒ එහෙම පොත් කිහිපයක් කියවලා ඒකක කරුණු වගයක් ගැන වැඩි විස්තරයක් දැනගන්න ප්‍රාෙද්ශීය සාසනාරක්ෂක බල මණ්ඩලයක ලේඛකාධිකාරී පණ්ඩිත හාමුදුරුනමක් හම්බ උන වෙලාවක... උන්නාන්සේ මගේ අතේ තිබුන පොත් දෙක දිහා බලලා කට කොනකින් හිනාවෙලා පන්සලේ පුස්තකාලෙට ගිහින් ඒ පොත්වල මුල් කතුවර හිමිවරුන්ගේ පැරණි පොත් ගෙනල්ලා පෙන්නලා අදාල කරුණු විස්තර කලාමයි....."


මේ මිත්‍රයා ලියපු ඒව ඇසුරින් පුලස්ති කැමතියි නිරීක්සන කීපයක් ව්‍යුත්පන්න කොරන්න.

1. මොහු ගම්ලත් ගැන මහ "විසාගෙට" දන්නෙ නැහැ. 2. මොහු ඒ මනුස්සයා ( ගම්ලත් ) පත්තර වලට ලියපු ලිපි හරහා කරපු දේවල් ගැන දන්නවාලු. ( හරි කැත දෙයක් ගම්ලත් පත්තර ලිපි හරහා කලා කියලයි ඒක කියවද්දී හිතෙන්නේ) 3. " අපේ කට්ටිය" හමුදාපතිව/ සිරානි බන්ඩාරනායකව " ඇතා" කරගත්තා වගේ ගම්ලත්ගේ මල මිනිය කරේ තියං යනවලු. ( කවුද මේ "අපේ කට්ටිය" කියල මාරයා කියන්නෙ නැහැ. හැබැයි ෆොනීවයි බනීවයි කරේ තියාගත්තේ විපක්සය නිසා ඔහු අදහස් කරන්නෙ විපක්සය කියල අපිට අනුමාන කොරන්න පුලුවනි)

දැන් අපි අහමු - ගම්ලත් කියන්නෙ කවුද?

සුචරිත ගම්ලත් ලීව පොත් කිහිපයක නම් මට මෙතැන ලියන්න අවසර. ලැයිස්තුව අති දීර්ඝයි. තෝරාගත් පොත් කීපයක් පමණක් ලියන්නම්.

සාහිත්‍ය කලා න්‍යාය

ශෝකයත් රසයක්ද?
බොල්ශෙවික්වාදය සහ සාහිත්‍ය කලා
කලාව හා විඥානවාදය
ඓතිහාසික භෞතිකවාදය හා කලාව
සෞන්දර්ය විද්‍යා ඉතිහාසය
කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය
රසවාද විවරණය
සාහිත්‍ය න්‍යාය - ඇතැම් ප්‍රශ්න
Indian aesthetics dramatic emotions

පරිවර්තන

මහාභාරතය
නාට්‍ය ශාස්ත්‍රයේ රසවාදය
සිංගප්පූරු දරැවා
ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍ය කලා
ලුඩ්විග් ෆොයාබාක් හා සම්භාව්‍ය ජර්මන් දර්ශනවාදයේ අවසානය
දාස්දල සුගන්ධය හා වෙනත් ජාත්‍යන්තර කෙටිකථා
මහා පරිනිර්වාණ සූත්‍රය
ස්ව්‍යාෂ්ක් වීර වෘත්තාන්තය
ශ්‍රී ජයදේවයන්ගේ ගීතගෝවින්දය
අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය

නාට්‍ය කලාව

ශකුන්තලා නාට්‍ය සේවනය
බටහිර නාට්‍ය හා රංග කලාව
නාට්‍ය ප්‍රවේශය
මනමේ නාට්‍ය සේවනය

සාහිත්‍ය විචාර

ගුත්තිල විනිස
උම්මග්ග ජාතක ප්‍රවෙශය
සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප
මේ මියුරු පදැති සැලලිහිණිය
වාද ප්‍රතිවාද
විචාර ප්‍රතිවිචාර
මහගම සේකර හා සමාජ යථාර්තය
සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාශනය

ලැයිස්තුව එතැනින් නතර කරනවා. මාරයා මේ පොත් වලින් කීයක් කියවලා තියෙනවද කියල පුලස්ති දන්නෙ නැහැ.

ගම්ලත් ගේ පොත් කියවපු කෙනෙක් මේ පාඨකයින් අතර ඉන්නවා නම් උන්නැහෙලා සාක්ෂි දරාවි මොන තරම් රසවත්, මොන තරම් ස්වාධීන භාසාවකින් උන්නැහේ සමහර ගැඹුරු සංකීර්ණ දේවල් පවා විස්තර කරනවාද කියලා. පුලස්ති දන්න තරමින් උන්නැහේ භාෂා හතරක පහක විතර ප්‍රවීණත්වයක් තිබුණු පුද්ගලයෙක්. ඔහු ඉවර කරපු සිංහල - ඉංගිරිසි සබ්ද කෝසය අති විශිෂ්ට නිමැවුමක් කියලා පුලස්ති අහල තියෙනවා. කලා විචාර ක්ෂේත්‍රයේ දී ගම්ලත් අලුත් විචාර න්‍යායක් හදුන්වලා දෙන්න හැත්තෑ අසූ ගණන් වල මූලික වෙලා ක්‍රියා කොලා.

දැන් මේ මනුස්සයා ගැන "විචාරයක්" ලියන මාරයා උන්නැහේ කවුද? උන්නැහේ කවුරු උනත් උන්නැහේගේ විචාරය දැක්කම පුලස්තිට තේරුන එක තමයි එතුමාගේ ලෝකය කොයි තරම් පුංචිද කියන එක. ඒ පුංචි ලෝකයේ ඉන්නෙ මහින්දයි, ෆොන්සේකයි, අගවිනිසුරුවරියයි, කොටියි ඔය ජාතියේ බඩු ටිකක් විතරයි.

සිත් ගන්නා සුලු කාරණේ එතුමාගේ ලෝකය පුංචි වෙන එක නෙමෙයි. තමුන්ගේ අගුටුමිටි ලෝකයේ අගුටුමිටි ආම්පන්න වලින් ගම්ලත් වගේ මනුස්සයෙක්ව මැනල ඒ ගැන ජජ්මන්ට්ස් පාස් කොරන එක.

මේ ඉන්ටර්නෙට් යුගය මොන තරම් අපූරුද? මෙලෝ අනන්‍යතාවයක් නැතිව අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන්ට මේ ඉන්ටර්නෙට් අවකාසය ඇතුලෙ දේශපාලන විචාරකයෝ / සාහිත්‍ය විචාරකයෝ වෙන්න අවස්ථාව ලැබිල තියෙනව. ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියන්නා වාලේ විචාර ලියනව. තමුන් හැමෝටම වඩා දන්නවාය කියා හිතනවා. ඉස්සර කාලෙ යම් විසයක් ගැන ලියන්න නම් ඒ විසය ගැන කියවල හොයල බලල තියෙන්න ඕනෙ කියල එකක් තිබුණා. ඒත් මේ යුගේ - පස්චාත් නූතන යුගේ කියලලු මේකට කියන්නෙ - ඒ මක්කවත් නෑ. වැලක් බලල ඇදේ බඩු හලාගන්න එකට එහා දෙයක් නොදන්න ගොං බයියන්ටත් මේ යුගයේ ගම්ලත්ව විචාරය කරන සිරා විචාරකයින් බවට පත්වෙන්න අවස්ථාව හම්බෙලා තියෙනව.

කොච්චර අපූරුද නේද මහත්වරුනි? ඒකනෙ මේ පුලස්තිත් බ්ලොග්කාරයෙක් වෙලා තියෙන්නෙ!

හැබැයි ගම්ලත් මැරුණට පස්සෙ එක එක කැලෑ පත්තර ලිය ලිය ඔහු පණ්ඩිත හාමුදුරුවරුන්ගෙන් පොත් කොපි කලා ( ඒත් ඒ පොතේ නම මට මතක නැහැ) කියල කියන කොන්ද පන නැති පැන්න පොටවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි - ගම්ලත් ගජමුතු ඇතෙක් නෙමෙයි. හැබැයි ඒ මනුස්සයා දේසපාලන පරමාදර්ස තිබුණ, ජීවිතයේ අන්තිම මොහොත වෙන තුරු ඒ පරමාදර්ස පාවලා නොදුන්න ගැඹුරු හැදෑරීමක් කියවීමක් තිබුන, මුලු පරම්පරාවකට මග පෙන්නුම් කරපු මිනිහෙක්. ‍මේ රටේ සාහිත්‍ය විචාර කලාවෙ එක යුගයක්. මහින්ද රාජපක්සගෙ අධෝමුඛේ හිලෙන් ලෝකය දැක දැක ඉන්නෙ නැතිව එලියට බැහැල බලපං. අහස අපමණ උසයි. ලෝකය බොහොම විසාලයි.



43 comments:

  1. "මේ ඉන්ටර්නෙට් යුගය මොන තරම් අපූරුද? මෙලෝ අනන්‍යතාවයක් නැතිව අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන්ට මේ ඉන්ටර්නෙට් අවකාසය ඇතුලෙ දේශපාලන විචාරකයෝ / සාහිත්‍ය විචාරකයෝ වෙන්න අවස්ථාව ලැබිල තියෙනව. ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියන්නා වාලේ විචාර ලියනව."
    රිලවුන්ට දැලිපිහි අහු වුනාම ඔහොම තමා අනේ.

    ReplyDelete
  2. ඔයා මේ පොස්ට් එක දැම්ම එකෙනුත් ඔය මාරයා උඩ යනවා, උගේ අනන්‍යතා අර්බුදය එච්චර ලොකුයි. මේකට පුද්ගලික මානසික රෝග සමාජ ගත විම කියලා දීප්තිලා කිව්වා.

    ReplyDelete
  3. මාරයා උන්නැහේට එයාගේ "මහින්ද මහත්තයාට" එරෙහිව ඉන්න (මතවාදීව වුනත් ඇති ) කොයි මනුස්සයත් එක ගොඩේ තමයි . ෆොන්සේකා , අගවිනිසුරු පස්සේ හිටිය එජාපයට මහාචාර්ය ගම්ලත් එක්ක ගණුදෙනුවක් තියෙන්න විදිහක් නැතිබව එයැයිට මතකයක් නෑ . "අපේ ලොක්කට විරුද්ධ නම් ඔක්කොම එකයි" න්‍යායේන් එලියට ඇවිත් ගරු කටයුතු උගත් පුද්ගලයෙකුට ඒ ගෞරවය දෙන්න කටයුතු කරනවා නම් හොඳයි

    ReplyDelete
  4. අම්මපා පුලස්ති [සොරි පුලස්ති මහත්තයා] උඹේ කටේ කොන්ඩ කැවුමක් දාන්න වටිනවා. දැන් බලන්න මේ මාලන් සමරවික්‍රම මහත්තයා; නියම සමාජ විචාරකයෙක් වෙලා තියෙන්නේ [මටම හිනා සමහර වෙලාවට]. අවශ්‍ය ඉන්ටර්නෙට් කනෙක්ශන් විතරයි.

    ""මේ ඉන්ටර්නෙට් යුගය මොන තරම් අපූරුද? මෙලෝ අනන්‍යතාවයක් නැතිව අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන්ට මේ ඉන්ටර්නෙට් අවකාසය ඇතුලෙ දේශපාලන විචාරකයෝ / සාහිත්‍ය විචාරකයෝ වෙන්න අවස්ථාව ලැබිල තියෙනව. ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියන්නා වාලේ විචාර ලියනව. තමුන් හැමෝටම වඩා දන්නවාය කියා හිතනවා. ඉස්සර කාලෙ යම් විසයක් ගැන ලියන්න නම් ඒ විසය ගැන කියවල හොයල බලල තියෙන්න ඕනෙ කියල එකක් තිබුණා. ඒත් මේ යුගේ - පස්චාත් නූතන යුගේ කියලලු මේකට කියන්නෙ - ඒ මක්කවත් නෑ. වැලක් බලල ඇදේ බඩු හලාගන්න එකට එහා දෙයක් නොදන්න ගොං බයියන්ටත් මේ යුගයේ ගම්ලත්ව විචාරය කරන සිරා විචාරකයින් බවට පත්වෙන්න අවස්ථාව හම්බෙලා තියෙනව.""

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මාරයා කියන්නෙ මොන වගේ චරිතයක්ද කියලා බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා දුන්නම පිළිගත්තේ නෑ නේද මාලන්?

      Delete
    2. මේක මාරයට විතරක් අදාල කතාවක් නෙමෙයි. ඉන්ටර්නෙට් පොරවල් කියලා හිතන් ඉන්න අපි හැමෝටම [මමත් ඇතුළුව] අදාල කතාවක්.

      Delete
  5. මාරයා යනු මානවයකු සේ හඳුන්නා දෙන්නට වත් තරම් නොවන මට්ටමේ තිරිසන් ගතිගුණ ප්‍රදර්ශනය කරන්නෙකි. ඊට ඔහුටම දොස් කියා ඵලක් නොවේ. දෙමාපියන්ගේ වැරදි, දෙමාපියන් අතර ගැටුම්, පෞරුෂයක් නැති පියෙක්, දුක්බර ළමාකාලයක් වැනි දේ තුළින් ඔහු තුළ වර්ධනය වූ සමාජ වෛරයයි ඔහු මේ දිගින් දිගටම වපුරන්නේ. අවාසනාවකට මෙන් සිවුරේ සිටි කාලය තුළ මේ සමාජ වෛරය අඩු වීමකට වඩා වැඩි වීමක් පෙනේ. (නවක භික්ෂූන් වැඩිහිටි භික්ෂූන්ගේ අනවරත ලිංගික අතවර වීම වලට ලක්වීම හා ඒ හේතුව නිසා ඔවුන් තුළ පැසවන වෛරයක් ඇතිවීම සංඝ සමාජය තුළ සාමාන්‍ය සිද්ධීන්ය.) අද වන විට ඔහුගේ මෙම වෛර ප්‍රදර්ශන කාමය ඔහුටම පාලනය කර ගත නොහැකි තත්වයකට ගොස් ඇත. ඔහු මහාචාර්ය සුචරිත ගම්ලත්ට නඟන දෝෂාරෝපනය ඒ වෛරය පිටකර ගැනීමේ හස්ත ශුක්‍ර මෝචනයකි. බල්ලෙක් බිරුවාට කඳු පාත් නොවේ. තිරිසනකුගේ තිරිසන් කියමන් ගැන කුමට කලබල වෙමුද?

    ReplyDelete
  6. /වැලක් බලල ඇදේ බඩු හලාගන්න එකට එහා දෙයක් නොදන්න ගොං බයියන්ටත් මේ යුගයේ ගම්ලත්ව විචාරය කරන සිරා විචාරකයින් බවට පත්වෙන්න අවස්ථාව හම්බෙලා තියෙනව./

    මේක නම් මාරයාට කියන එක වැරදියි. මොකද මාරයාගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන ගෑනු ගණනාවක් (විවාහක ගැහැනුන්ද ඇතුළුව) ලැහැස්ති වෙලා ඉන්නේ එයාගේ සියළුම ලිංගික අවශ්‍යතා සපුරන්න. ඔන්න අටමට නම් මේ කතාව අපූරුවට ගැලපෙනවා.

    ReplyDelete
  7. මාරයාට පුළුවනි මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. මම මාරයාගෙ පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාන්නම් මේක බලන්න කියල.

    සුචරිත ගම්ලත් යුග පුරුෂයෙක්. අවිවාදිතයි. මං ඒ ගැන කියන්න යන්නෙ නැහැ. ශිෂ්ටාචාරයට පත් මිනිස්සු මළවුන්ට අගෞරව කරන්නෙ නැති බව ඇනකොන්ඩලාට හා මාරයාට අමතක වෙලා ඇති ඔක්කටම වඩා.

    මේක පුලස්ති මහත්තයෝ ඇත්තටම යුගයේ හැටි. වඳුරන්ට දැළි පිහි ලැබීම භයානකයි. ඒත් දැළි පිහි විකුණන එවුන්ගෙ විෂන් ස්ටේට්මන්ට් එක වෙලා තියෙන්නෙ "2015දී සියළුම වඳුරන්ට දැළිපිහියක්"

    ReplyDelete
    Replies
    1. මළවුන් ගැන විවේචනය වැරදියි කියන කතාවට නම් එකඟ වෙන්න බැහැ. එහෙම වුණොත් අපට කිසිම දෙයක් ගැන කතා කරන්න බැරි වෙනවා. මළවුන් විවේචනය කළාට කමක් නැහැ, නමුත් සාධාරණව. කොපි කළාය කියලා කියන පොතේ නම වත් කියන්න බැරි නම් ඒක සාධාරණ විවේචනයක් නෙවෙයිනේ. අනෙක සුචරිත ගම්ලත් වගේ කෙනෙක් මැරුණත් නැතත් මාරයා අතින් විවේචනය වීම කියන්නේ ගලක් ළඟට ගිහින් පඩයක් ඇරලා ගල වැටෙයි කියලා බලා ඉන්න එක.

      Delete
    2. ඔබ හරි, මා සඳහන් කළේ පෞද්ගලික චරිතයේ කාරණා ගැන. මළවුන්ගේ පොදු ක්‍රියාවක් (උදා. හිටපු රාජ්‍ය පාලකයකුගේ දේශපාලන පියවරක් වැනි) ගැන නෙවෙයි.

      Delete
  8. මාරයාගේ ඔය කියන ලිපිය කොමෙන්‍ටුවක් දාන්නටවත් තරම් නොවන අපහාසාත්මක ලිපියකි. එයින් ඔහුගේ මානසික මට්ටම ඉතාමත් හොඳින් පෙන්වයි. ඔහු වැන්නවුන්ට අනුකම්පා කල යුතුය. කෙනෙකුට රෝගයක් තිබීම ගැන ඔහුට බැන්නාට පලක් නැත. කල යුත්තේ මානසික සායනයකට යොමු කිරීමයි.

    මාරයා වැන්නවුන් ගම්ලතුන්ට කෙලින්ම අපහාස කරද්දී , තව සමහරු ඔහුව පසසන නියායෙන් ඔහුට අපහාස කලහ. සතර දිගන්තය නම් බ්ලොගයක් ලියන පාරාජිකා වූ දේශපාලුවෙක් වන පරනවිතාන කරුනාරත්න එබන්දෙකි.

    ReplyDelete
  9. 1. ඉන්ටර්නොට් ලාබ නිසා යනුවෙන ්කරන චෝදනාව මට අර ඉස්කෝල නිසා ගමේ පොල් කඩන්න කොල්ලෙක් නැති වුනා යන රදලයෙකු ගේ කතාව සිහි කරයි. මෙහෙම කියන්නහේතුව විදග්ධ බමුණු කුලයක් බිඳ වැටිලාද?

    2. සුචරිත ගම්ලත් නිර්දය විවේචනය කළ, ලැබූ කෙනෙක්. මෙහි අළුත් දෙයක් නෑ.

    3. පරණ සාහිත්‍ය පොත්වල අළුතින් කර ඇත්තේ ශුද්ධ කර අටුවා, ටීකා, ටිප්පනි ලියා අළුතින් පල කිරීම තමයි. බඩුවන්තුඩුවේ, අමරසේකර, කුමාරතුංග, කළුකොඳයාවේ, ගම්ලත් යන එකී නොකී හැමෝම කලේ එයම තමයි.පුලස්ති ගේ ලයිස්තු2වන් කියවෙන පරිදි ඒ ආකාරයට කළ පරණ පොත්වල නව එඩිෂන් වලට අමතරව ගම්ලත් ගමක පොත් ලියා තියෙනවා. එහි විවාදයක් නෑ.

    4. මෙතන එලිෆන්ට් ඉන් ද රූම් තමයි ගම්ලත් එදා සිට අවසාන මොහොත දක්වාම දෙමල ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම. ඔහුට හතුරු ප්‍රහාර එල්ලවීමට ප්‍රභලම කාරණය ඒකයි.

    ReplyDelete
    Replies
    1. 3. ඇනකොන්ඩගේ ලිපියේ හැටියට නං.. ගම්ලතුන්.. අර මුලින් කියපු කට්ටියගෙන් වෙනස්.. මිනිහා කරන ඒවා කොරලා.. ගියා.. අපි තාම ඒවට සණ්ඩු වෙනවා.. අනේ මන්දා අප්පා..

      Delete
    2. චතුර පුතු ඕකට ඔච්චර හිත මෙව්වා කර ගන්ට එපා.පුතාට තියෙන්නේ අල රොටියක් හදන්නේ කොහොමද කියල මාරයා ගුරුතුමා ලියපු එකක් ,සෙට් වෙච්ච කෑල්ලක් ගැන අර අඩවි රජු චූටි බට්ටිච්ච ලියපු එකක් වගේ හිත තෝන්තු නොවෙන බ්ලොගක් බලල ආතල් එකක් ගන්න එපයි.අපි මොන්ටිසෝරියේ ඉද්දි ඒ ලෙවල් ෆිසික්ස් පන්තියට වැරදිලා හරි ගියොත් ඔලුවේ කැක්කුම එනවා චුටි මොලේ තෝන්තු වෙනවා!

      Delete
    3. කකා - අපොයි නැහැ.අපි වගේ නිර්ප්‍රභූ ඩයල් වලට නමක් තියෙන ගම්ලත් වගේ අයව ප්‍රශ්න කොරන්න බැහැ කියන එක නෙමෙයි මං මේ කිව්වෙ.පුරස්න කරනව නම් ඒක මොකක් හරි පදනමක් උඩ කොරන්න අවශ්‍යයයි. ගම්ලත් දේසපාලන ක්‍රියාකාරිකයෙක් කලා විචාරකයෙක්. මේ මනුස්සයව විචාරය කරනව නං අඩුම තරමින් ඒ මනුස්සයා කීවේ මොනවද කලේ මොනවද කියන එක ගැන අවම කියවීමක් වත් තියෙන්න අවස්‍යයයි.මේ ඩයල්වලට එහෙම මෙලෝ කියවීමක් නෑ.එහෙම කියවීමක් කොරන්න මහන්සි වෙන්න අවස්‍යතාවයකුත් නෑ.ඉන්න‍ සයිබර් යුගේ උනාට ලෝකය හරිම පුංචියි.මං මතු කලේ ඒ කාරණාව.

      Delete
    4. කතන්දරකාරයා: අමරසේකර සුද්ද කරපු පුරාන සාහිත්‍ය පොත් මොනවද කියලා කියන්න කො අපිත් ආසයි කියවන්න.

      Delete
    5. ළමයා, මේ කියන්නේ මුදළිඳු අමරසේකර ගැනයි.

      Delete
  10. අද ලංකාවේ ආර්ථික විශ්ලේෂකයෙකු දේශපාලන විචාරකයෙකු වීමට උවමනා අන්තර්ජාල සම්බන්දතාවයක් පමණි.ඒ අනුව ගත් කල මාරයා නමැති බ්ලොග්කරුවාද දේශපාලන විචාරකයෙකි ආර්ථික විශ්ලේශයෙකි.තමන් රුපියල් දෙදහස් පන්සීයකින් මාසෙ කෑම වියදම පිරිමහ ගන්න බවත් ඒ නිසා රටේ බඩු මිල වියදමක් නැති බවත් පෙන්වූ ආර්ථීක විද්වතෙකි.අවුලක් නැත මේ සන්ද්දයන්තයන් වඳ ව ගොස් කැරපොත්තන් මකුණන් සහ කුහුඹුවන් තමුන් ඩයිනොසරයින් යයි සිතන යුගයයි.ආතල් කැඩිය යුතු නැත.මේකේ ආතල්ම කෑල්ල නම් ................

    Chatura WijekoonApril 4, 2013 at 12:07 PM
    බලං ගිහාම කම්බ හොරෙක් නොවැ.. මං නම් ඔය මනුස්සයා ගැන ඔච්චර දෙයක්වත් දන්නෙ නෑ මාරයො.. ඇනකොන්ඩා ටත් ස්තුතියි මේ තොරතුරු ටිකට.. ඇත්තටම මට නං මෙයා නැති වුණාට ඒ හැටි සංවේගයක් උපන්නෙ නෑ.. ඒ මෙයාගෙ හැටි දැනගෙන නෙවෙයි.. මට මෙයා ගැන තේරුමක් තිබුණෙම නෑ..
    .................
    ගම්ලත් ගැන මෙලෝම දෙයක් නොදන්නා මේ සිගිති බ්ලොග්කරුවා ලිඳේ පතුලේම හිඳිමින් ලිඳෙන් එලිය කොහොමදැයි තවත් ලිං මැඩියෙකුගෙන් අසා දැන ගනියි.ප්‍රශ්නයක් නැත අපේ ගමේ කොපි කඩේ කාලෙ කමින් දාම් අදින්නට ආ අබිලින් මාමා දේශපලනයේ සිට ආර්ථිකය කලාව දක්වා හැම අටමගලක් ගැනම තමන්ගේ විචාර සපයයි.නමුත් මෙව්වා තමුන්ගේ දැනුමේ හැටියට කාලෙ කන්නට වැනෙන වාචාලයන් මිස අනෙකක් නොවන බව තේරුම් ගන්නට ගමේම සිටි මොඩයා උනු බණ්ඩාද දැන සිටියේය.එහෙම බැලුවම මේ චතුර වැනි කොල්ලන් පවුය!

    ReplyDelete
  11. ඇත්තටම මෙතන සිදුවන ලොකුම අපරාදය නම් ගම්ලතුන් ගැන එක කොමෙන්ටුවක් වැටෙද්දී මාරයා ගැන කොමෙන්ටු දහයක් වැටීමයි.මෙහෙම බැලුවම මම ගම්ලත්ටත් වඩා පොරක් නේදැයි මාරයා සිතන්න්නට බැරි නැත.ත්‍රීවිල් එකේ යන ගමන් ත්‍රීවිල් මල්ලි කියන කතා බස් එකේ යන ගමන් කොන්දොස්තර අයියා කියන කතා බැස්ස ගමන් අපි අමතක කර දමමු.වඳුරාගේ දැලි පිහිය නම් මේ සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි කතා බ්ලොගෙන් ලොග් අවුට් වූ සැනින් අමතක කර දමා අනේ පවු කියනවා හැර මෙවැනි කොමෙන්ටු තුලින් සිදු වන්නේ කබ්බන් තවත් ෆෝම් වීමකි.!තම තම නැණ පමණිනි!

    ReplyDelete
  12. @මේ ඉන්ටර්නෙට් යුගය මොන තරම් අපූරුද?.........
    එක්තරා බ්ලොග්කරුවෙක් ගුණදාස අමරසේකර මහතාට මඩ ගහල ලිපියක් ලියද්දිත්, මේ විදියට ම ඉන්ටර්නෙට් විචාරකයෝ වැලයන අතට ම මැස්ස ගහල කොමෙන්ට් දැම්මා. එක් විචාරකයෙක් ඇහුවා “ගුණදාස අමරසේකර මොනවද ලියල තියෙන්නනේ“ කියලත් (ඔහු පාවිච්චි කරල තිබුණේ මේ වචන ම නෙවේ). මම පුලස්ති වගේ ම අමරසේකර මහතා ලියපු පොත් ලැයිස්තුවක් ම ලියල ඒ ලිපියට කොමෙන්ට් කළා. මම දන්නේ නෑ අර “විචාරකයා“ ඒවායින් කීයක් කියවල තියෙනවද කියල.ඒත් එදා මගේ කොමෙන්ට් එකට නම් කවුරුවක් උත්තර දුන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගුණදාස අමරසේකර ඉස්සර ලිව්ව ඒවයි දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන දෙන පඩ ටෝකුයි ඇහුවා නම් ඇඬෙනවා සහෝදරයා . කෙනෙක්ගේ දේශපාලනයට විරුද්ධ නම් ගහන එක වෙනම කථාවක් , හැබැයි ඒ මනුස්සයගේ වෙච්ච අනික් සේවාවක් පහත් කරනවා නම් ඒක සාධක සහිතව කල යුතුයි

      Delete
    2. ඉතිං ඒකම තමයි මමත් කියන්නේ බුවා.

      Delete
    3. ජයශ්‍රී මෙතන මතු කරන්න හදන අදහසට මම කැමතියි. ඔවු ජයශ්‍රී ඒ මේ කාසියේ අනිත් පැත්ත.

      Delete
    4. "ගුණදාස අමරසේකර මොනවාද ලිව්වේ?" කියන එකට උත්තරය ඔහු ලියූ පොත් ලැයිස්තුවක් නෙවෙයි. ලියපු පොත් ගණනින් කෙනකුගේ ප්‍රඥාව මනින්න පුළුවන් නම් ඩීමන් ආනන්දත් මහා ප්‍රාඥයෙක්. ප්‍රශ්නය අමරසේකර හරි ගම්ලත් හරි මොනවාද හරයක් ඇති දෙයක් ලියලා තියෙන්නේ කියලා. එතැනදි ගම්ලත් කියන්නෙ මහා සාගරය නම් අමරසේකර කියන්නෙ පුංචි මඩ වලක් විතරයි.

      Delete
  13. අපිට තියෙන පුරස්නෙ තමා ගුණදාස අමරසේකර මැරුණු දාටත් පුලා මෙහෙම කියයිද කියල. අද ඇනකොන්ඩා දාන විවේචනේ එදාට පුලා ප්‍රම්‍රඛ නඩෙන් එකවට මෙන්න කැට!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව ම මිත්‍රයා. මේක තමයි මිනිසා ගේ දෙබිඩි ස්වරූපය. තමන් අප්‍රිය කෙනෙක් මොන තරම් උසස් දෙයක් කලත් ඒක හෙලාදකිනවා. තම වීරයා අගයන්ට යොදාගන්න තියරිය, තම විරැද්ධවාදියා සම්බන්ධයේදී අමතකකර දමනවා.

      Delete
    2. ආයුබොවන්ඩ මට නඩයකුත් නැහැ. මං තනි පංගලමේ ඉන්න මනුස්සයා.ගුණදාස අමරසේකරගෙ අදහස් වලට මං එකග නැති උනාට උන්නැහෙ යම් කියවීමක් තියෙන මනුස්සයෙක්.ඒ වගේ හාදයෙක් ගැන උනත් මං මේ කියපු එක අදාළයි.

      දැන් සතුටුයි නේද?

      Delete
    3. විමල් වීරවංස ගුනදාස අමරසේකර එක්කලා හවුලේ බඩු ගහන කතාව ඔන්න මැරෙන්න ක්ලින්ම සටහන් හලා ගවුරවයෙන්. එයා මළාම එයා ලියපු දේ මිසක් එයා බඩු ගහපු එක ප්‍රශ්නයක් කර නොගන්න.

      Delete
    4. මින්ස්සුන්ට ඔප්පු කරන්න බැරි කැලෑපත්තර ගහන්න එපා කියල ලියන ලිපියකට ඒ විදියෙම කොමෙන්ට් එකක් දානව මේ හාදය.

      Delete
    5. අමරසේකර ගැන උඩින් කියලා ඇති. මෙතැනදි මා පුලා එක්ක එකඟ නැහැ. අමරසේකර කියන්නේ සරච්චන්ද්‍ර විසින් තනිකරම මුලින් ඩබ්ලිව්. ඒ. ද සිල්වාට හා පසුව මාර්ටින් වික්‍රමසිංහට ගහන්න පුම්බපු හිස් කළයක්. අමරසේකර හරයක් ඇති දෙයක් ලියලා තියෙනවා නම් ඒ (විටෙක ගම්ලත්ම කිවා වගේ) හාවා හඳ දැක්කාටත් වඩා කලාතුරකින්. ඒ වගේ හිස් මිනිහෙක් ගම්ලත් වගේ කෙනෙක් එක්ක සැසඳිය යුතු නැහැ. අවශ්‍යම නම් ඔන්න ජැක්සන් ඇන්තනි, සෝමරත්න බාලසූරිය වගේ අය එක්ක සසඳන්න.

      හැබැයි අමරසේකර කියන්නේ ඉතාම හොඳ දත් දොස්තර කෙනෙක්. ඒකෙ කිසිම තර්කයක් නැහැ.

      Delete
    6. ඒ කාලෙ කවුද කිව්වලු දොස්තරලා තුන් වර්ගයක් ඉන්නවා කියලා.

      1. දත් දොස්තරලා
      2. නොදත් දොස්තරලා
      3. නොදත් දත් දොස්තරලා

      අමරසේකර අයත් වුණේ ඔය තුන්වැනි කැටගරි එකට.

      Delete
  14. මේ සාකච්ඡාව මම වෙනත් තලයකට ගෙන යන්නට අදහස් කරමි.

    මාරයාම විවිධ අවස්ථාවන්හීදී කළ සඳහන් අනුව ගතහොත් ඔහුගේ ජීවිතය යනු ඉග්මාර් බර්ග්මන් නිර්මාණය කළාක් බඳු සිතුවම් පට අඩු ගණනේ තුන හතරකට මුලාශ්‍රයකි. විශේෂයෙන්ම ඔහුගේ බිඳුණු ළමාවිය හා ඒ ඇසුරින් ගොඩ නැඟෙන මානසික අර්බූද දක්ෂ සිනමාකරුවකුට ඉතාම හොඳින් ගැළපෙන අමු ද්‍රව්‍යය සිතමි. මාරයාම කියන පරිදි ඔහුගේ මව පියා දැනුවත්වම අනියම් සම්බන්ධයක් ගෙන ගොස් ඇත. මේ දෙදෙනාම හවසට එකට සෙට් වෙන්නට තරම් මිතුරන් වූ බවට ඔහු වරෙක කීවේය. මෙසේ වූයේ මන්ද? දුර්වල පෞරුෂයකින් යුතු පුද්ගලයකු හැටියට අප දකින මාරයාගේ පියා (වෘත්තීයෙන් බස් කොන්දොස්තර කෙනෙකු වූ මොහු අසූවේ වර්ජනයට ලක්ව රැකියාව අහිමි කර ගනී. පසුව ඔහුගේ බිරිය විසින් කරන ලද පිහියා ඇනුමකට වරද භාරගෙන සිර ගත වේ.) ලිංගිකව බෙලහීන පුද්ගලයකු වූයේද? තම දෙමාපියන්ගේ ගැටළු සහිත ලිංගික ජීවිතය කුඩා දරුවන් දෙදෙනාගේ පෞරුෂය බිඳ දැමීමට හේතු වූයේ කෙසේද? නාලන්දා විද්‍යාලය බඳු පාසලක ඉගෙන ගැනීමට වරම් ලැබුණද, මාරයා ඔහුගේ අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්නේ ඇයි?

    ඔහුගේ නව යොවුන් වියද තවත් එවැනිම සංකීර්ණ සිනමා වෘත්තාන්තයක් වේ. දුර්වල පෞරුෂයකින් යුතු නව යොවුන් තරුණයා තම නිවසේ නැවැතීමට එන නෑනා සමඟ ව්‍යාවභචාරී ලිංගික සම්බන්ධයක් ගොඩ නඟා ගැනීම හා එය දෙමාපියන්ට හසු වීමෙන් පසුව කළ කිරී මහණ වන්නට යෑම. කළ කිසිම රැකියාවක් වැඩි කලක් කර ගෙන යන්නට බැරිව අසාර්ථක වීම. ඔහුගේ බාල සහෝදරයා සමඟ මතු වූ පැසවන වෛරය. ඉන්පසු භික්ෂු ජීවිතයදී මුහුණ දෙන්නට ඇතැයි සිතිය හැකි සංකූලතා. මේ අපූර්ව සිනමා නිර්මාණයකට ගැලැපෙන අමුද්‍රව්‍ය නොවේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචං. දැන් මේක උඹ ලියල දැම්මනෙ. අද රෑ මාරයා කල්පනා කරනව මේ ට්‍රෙන්ඩ් එකෙන් තව ජනප්‍රිය වෙන්නෙ කොහොමද කියල.

      අනිද්දා ඉඳන් වැටෙන පොස්ට් වල විශේෂ වෙනස්කමක් වෙයිද කියල හෙව්වොත් ඔච්චර තදට විශ්ලේෂණය කරන්න අවශ්‍ය නැති වෙනව.

      Delete
    2. අපි මෙතන "මාරයා" කියන පුද්ගලයව අමතක කරලා, පුලස්ති මතු කරන අදහස අල්ල ගන්න බලමුද..? [මම කියන්නේ මාරයා කියන්නේ මේ සාම්පල් එකේ එක නීරීක්ෂණ වස්තුවක්, එසේත් නැතිනම් එක ලැබ් රැට් කෙනෙක් විතරයි කියලා]

      Delete
  15. මට මේ ලියපු එක කිසිම පදනමක් නැතිවිදියට තමයි පේන්නෙ..
    කතන්දර මහතා වැදගත් කතාන්දර කෑලි ටිකක් කියලා තිබෙනවා....

    ටැබූ අරුණි වැනි ජාතික පන්ඩිතයින් අකුරක් ලියන විට ඒ දිහා වැඳගෙන බැලීමත් අපි වැනි කිසිම පදනමක් නැති අවිද්‍යාත්මක බ්ලොග් ලියන අපි දකින විදිය විතරක් ලියන අය දිහා පහත් විදියට බැලීමත් කියන දෙකම එකම කාසියෙ දෙපැත්ත..

    ඔබට මෙතනදි ගම්ලත්ට සාධාරනයක් කරන්න ඕනි නම් මාරයා කිසිම විදියකින් ගාවගන්න නැතුව මාරයා ගේ පා්සට් එක දැක්ක ගමන් අනික් පැත්තට ගම්ලත් ගැන විකි පේජ් එකක් වගේ එකක් ගහලා බ්ලොග් කරන්න තිබුනා....

    එතකොට දන්න අය දන්නවා ගම්ලත් කියන්නෙ කවුද කියලා...මේක නිකං අර අන්ද්රේ පිටරටින් ආපු පන්ඩිතයා එක්ක පයිට් කරන්න ගියා වගේ.අන්දරේ මීහරක් හමකින් වහපු ලොකු ඉරටු මිටියක් පොතක් වගේ තියාගෙන පන්ඩිතයා ඉන්න ඒරියා එකෙන් එහෙ මෙහෙ ගියා පන්ඩිතයා බය කරන්න

    .ඔබ විසින් පොත් ගොඩාක් කියවලා තියෙනවා ඒ නිසාම ඔබ ගොඩක් දේවල් දන්නවා කියලා අගවලා තියෙනවා...ඒ කියන්නෙ අමුවෙං කිව්වොත් පොත් මතින් ගොඩනගාගත් පන්ඩිතමානය....

    දැන් මම ගම්ලත් දන්නෙම නැහැ...ඒත් මිනිහා මැරුනට පස්සෙ පේපර් ආටිකල් එකකින් මිනිහා ගැන දැනගන්නවා...මං ඒක පදනම් කරගෙන මම මගේ බ්ලොග් එකේ බුකියෙ මගේ මතය දානවා....ඒක මගේ මතය මිසක් මහා විසාල මතය වෙන්නෙ නැහැ කවදාවත්...
    එහෙම විය යුතුත් නැහැ...

    සමහර ජනප්‍රිය මාධ්‍ය වල යන තුප්පහි වැඩත් එක්ක බැලුවාම සමහර වෙලාවට මාරයලා කකාලා දැන් ඉදිරියෙන් ඉන්නවා...ඒවා වගකීමක් තියෙන ලොකු සයිස් මාධ්‍ය....ඒවා එච්චර ලොකු වෙලත් කිසිම වග විබාගයක්නැතුව නිවුස් දානකොට අපි මාරයාලා පොඩ්ඩක් අපි දකින කෝනෙන් යමක් කීවම ඔයාල ලොකු පොත් අරං අපි බයකරන්න එනවා...

    අනික මාරයා බඩු ගහපු එක උගේ වැඩක්...මිනිහා සිල් ගත්තද නැද්ද කියන එකත් එයාගෙ වැඩක්...ජනප්‍රිය ඩයල් ගැන කියනකොට එයාලගේ පුද්ගලිකත්වය පැත්තක දාන්න ඕනි කියන අයම මාරයා වැනි සුලුපරිමාන මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ඇදලා අරං කබරයා දාන් වගේ පතුරු ගහනවා...

    මිනිස්සු අදහස් දක්වන්නෙ තමුං දකින පැත්ත අනුව...ඒකට පැහැදිලිවම නිදහස තියෙනවා....යම් කෙනෙක් ගම්ලලත් ගැන දැනගන්නෙ මාර පෝසට් එකෙන් නම් ඒක ගම්ලත්ගෙ වැරැද්දක්ද? මාරයාගේ වැරැද්දක්ද මේ වාෙග් ගොඩාක් පොත් කියවපු ලොකු බුවාලගේ වැරැද්දක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අමිල ඔයා බයවෙන්න එපා ඔයාගේ ගමේ සීන් ටික කවුරුවත් මෙතන දිග අරින එකක් නැහැ....

      Delete
    2. මොකද මේ මලිත්ට ගහන කොට චංචලා අඬන්නෙ?

      Delete
  16. හැබැයි දෙමල ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටීම යනු ලංකාව බෙදීම සඳහා පාර කැපීම බව අපි අමතක නොකල යුතුය. ඔහුට දේශද්‍රෝහී ලේබලය ඇලවිම සාධාරන වන්නේ එබැවිනි.

    ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්‍රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය..

    ReplyDelete
    Replies
    1. /දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි./

      ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ මූලාරම්භය වූයේ ශ්‍රී ලංකාවයි. එනිසා ඔබේ තර්කය අනුව ඔවුන්ට මෙරට නිජ බිමක් ඉල්ලීමට අයිතිය ඇති බව ඉබේම ඔප්පු වේ.

      Delete
    2. /ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ මූලාරම්භය වූයේ ශ්‍රී ලංකාවයි/

      හුකෑස්! කතාව එහෙම නම්, තමිල්නාඩුවේ හැත්ත උපවාස කොරන්නේ මොකද?

      දෙවෙකි එක, කතාව ඇත්ත බව ඔප්පු කොරන්නේ කොහොමද?

      Delete
    3. ඔප්පු කරන්න දෙයක් නැහැනෙ මිගාර මහත්තයෝ. ලාංකීය දෙමළ ජනතාවගේ නිජබිම ලංකාව ඇර තූත්තුකුඩිය වෙන්න බැහැනෙ. දැන්වත් යනවද පව් නොදී.

      Delete
    4. මැක්කා පැනල වගේ

      Delete