Saturday, April 13, 2013

තමිල්නාඩුවෙත් විගඩම් - නිදහස් චතුරස්‍රයෙත් විගඩම්



තමිල්නාඩුවේ නලු නිළි කැල එක් දිනක මහා උපවාසයක් කලා. හේතුව - ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ලු.

හැරෙන තැපෑලෙන් මෙන්න එනවා රිටර්න් එක කොළඹින්.

කමල් හසන්ට එරෙහිව රවින්ද්‍ර රන්දෙණිය.
රජිනි කාන්ත්ට එරෙහිව ශ්‍රියන්ත මෙන්ඩිස් .
විජේට එරෙහිව  මාලනී ෆොන්සේකා.

ලංකාවේ නලු නිලි කැල රට වෙනුවෙන් උපවාසෙක !

ස්ටාර් වෝර්ස් - ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රොඩක්සන් එක දැන් දකුණු ආසියාවේදී !

ආරක්සක අමාත්‍යංසයෙ  වෙබ් අඩවිය වාර්තා කොරන විදිහට ලංකාවේ නලු නිළි කැල එක්කාසු වෙලා අධිස්ටාන පූජාවක් කොරල දෙවියන්ගෙන් යැද්දාලු - විදේස බලවේග වල කුමන්ත්‍රණ වලින් රට රැකදෙන්ට කියල. අයි.ටී.එන් වෙබ් අඩවිය කියන විදිහට සිරි ලංකාවට ඇවිල්ල තමිල්නාඩුවේ නලු නිලියන්ට සැබෑ තත්වය මොකක්ද කියා දැක බලාගන්න කියල ආරාධ‍නා කොරන එකලු එතුමන්ලා එතුමියන්ලාගේ අධිෂ්ඨාන පූජාවේ අරමුණ.

පූජාවේ නම - එන්න සත්‍යය දකින්න.

මේ පූජාවේ පුලස්තිගේ වඩාත්ම සිත්ගත් ඡායාරූප කීපයක් පහත පල කෙරේ.



විචාරය - මෙය සෞන්දර්යාත්මක ඡායාරූපයකි . ගීතා කුමාරසිංහ මැඩම් තදින් ඇස් දෙක වහගෙන. රට දැය සමය ගැන තියෙන කැක්කුම මූන පුරා ගලා යන හැටි මොන තරම් සුන්දරයිද?


මෙය ඊටත් වඩා සෞන්දර්යාත්මක ඡායාරූපයකි. සියත ටීවී එක ගිනිගත්තා වගේ හදියක් මගේ රටට නං වෙන්න එපා කියල සංගීතා නෝනා සත්‍යග්‍රහයේ.


ගීතා මැඩම් ජනමාධ්‍යයට - "බුදු අම්මේ මගෙ ජාතිය අනතුරේ හින්ද  මේ දවස්වල නින්ද යන්නෙත් නෑ අනේ"


After party - ප්‍රියසාද් ගෙ දැරිවියො තුන්දෙනා රට වෙනුවෙන් යුතුකම ඉටු කරල ඉවර කරල පින්තූරයකට පෝස් කරනව.සෝ ස්වීට් !

හොදයි. දැන් මේ නලු නිලියො සේරම තමිල්නාඩු බුවාස්ලට කියන්නෙ ලංකාවට ඇවිත් සත්‍යය දකින්න කියල. රවීන්ද්‍ර රන්දෙණිය උන්නැහේ කියල තිබුණු විදිහට බොරු ප්‍රචාර වලින් තමිල්නාඩු නලු නිලියො නොමග ගිහින්ලු.

මොකක්ද බොලේ මෙච්චර මේ වීසා අරගෙන ඇවිත් දකින්ඩ කියන සත්‍යය?

1. අපේ නලු නිළි කැල අධිස්ටාන පූජාව තියල දවස් දෙකක් ගියෙ නැහැ.යාපනේ දී උදයන් පත්තර කන්තෝරුව ගිනිබත් කලා. ඒක ගිනිබත් කොරල පැය විසිහතරක් යන්ඩ ඉස්සර පරීක්සනයක් වත් නොතියා ආණ්ඩුව කියාපි " උදයන් ගිනිතබා ගත්තේ උදයන් විසින් මයි" කියල.


මේ උදයන් කන්තොරුවේ මුද්‍රණ යන්ත්‍ර ගිනි තියල තිබුණු ආකාරය. නිදහස් චතුරස්‍රයේ තිබුණ ගාම්භීරකම මෙතැන නෑ වගේ නේද?

2. අපේ නලු නිළි කැල උපවාස කොරන්න ටික දොහකට කලින් කොලොන්නාවේ මීතොටමුල්ලේ ජනතාවත් උපවාසයක් කොලා. ඒ අයට පීඩා කරන කුණු කන්ද ඉවත් කොරන්න කියලයි උපවාසය . පොලිසිය ඇවිල්ල නිර්දය විදිහට ඒ උපවාසය කල මිනිස්සුන්ට ගසල බසල ඒ ජනතාව එතැනින් ඉවත් කලා.


මේ පොලිස් ලොක්කො ඒ උපවාසයට වාඩි වූ කාන්තාවක් සිරගෙට ඇදන් යන දර්සනය. ගීතා මැඩම් ගේ නාරි ලාලිත්‍යය මී‍තොටමුල්ල මේ සහෝදරියගේ සිරුරේ නැහැ නේද?

සුකුමාර නලු නිළියනි, ලිප්ස්ටික් උලාගෙන ෆේෂල් ගාගෙන මාධ්‍යයට පේන්න සැප උපවාස කරන මහත්ම මහත්මියෙනි, මෙන්න බොලවු ඇත්ත! මෙන්න බොලවු සත්‍යය! ‍

යාපනයේ දී අර ගිනි ගෙන දැවෙන්නේ සත්‍යය නොවේ නම් වෙන මොකක්ද?
මීතොටමුල්ලේ දී අර පොලිසිය විසින් කුදලාගෙන යන්නේ සත්‍යය නොවේ නම් වෙන මොකක්ද?

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්සනය කොරපු ගරිල්ලා මාකටිං චිත්‍රපටියෙ ජවනිකාවක කමල් අද්දරආරච්චිට ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහෙම කියනව.

" උඹල මල් වඩම් දීල පාවඩ එලල මගුල් බෙර ගහල වඩම්මපු දෙයියා යක්ෂයෙක් කියල දැන්වත් තේරෙනවද?"

( හත්වලාමයි! ජයන්ත,කමල්,ශ්‍රියන්ත ට්‍රිබලම මේ අදිස්ටාන පූජා ෆිල්ම් එකෙත් ඉන්නවා)

උතුර ද දකුණ ද කියල වෙනසක් නැහැ ආයුබොවන්ඩ. රෙජිමය මේ වෙන කොට සමාජෙට ඉහලින් නැගී සිටින , මිනිස් නිදහසට කෙල ගහන යක්ෂයෙක් බවට පත්වෙලා හමාරයි.

දෙමලුන්ට එරෙහිව මර්දනය!

ආණ්ඩුව පුරස්න කරන, සිංහලයින්ට එරෙහිව මර්දනය!

තමුන්ගෙ පුරස්න වලට විරුද්ධව හටන් ‍කොරන්න පෙළඹෙන - කටුනායක, හලාවත, මීතොටමුල්ල හැම අස්සක මුල්ලක හැම වර්ගයකම මිනිස්සුන්ට එරෙහිව මර්දනය!මර්දනය! මර්දනය!

මේ නලු නිලි උත්තම උත්තමාවියොන්ගෙ ආරාදනෙන් තමිල්නාඩුවේ එවුන් ලංකාවට ආවොත් උන්ට දකින්න තියෙන " සත්‍යය" මේ මර්දනය, මේ මිලේච්ඡකම, මේ නීතියක් නැති කම, මේ පාදඩ කම මිස වෙන මොකක්ද?

මහත්වරුනි,

රට වෙනුවෙන් ව්‍යාජ මූනක් මවාගෙන වොයිස් කට් දෙන ගීතා මැඩම්ගේ පින්තූරයයි කුණු වලට විරුද්දව උපවාස කොරලා පොලිසියෙන් ගුටි කන මීතොටමුල්ල අර සහෝදරියගේ පින්තූරයයි අරගම්මු .



ව්‍යාජත්වයෙයි නිර්ව්‍යජත්වයෙයි වෙනස නේද මේ?
ආත්මය පාවා දීමෙයි  හැබෑ පුරස්න වලට විරුද්ධව සටන් කිරීමෙයි වෙනස නේද මේ?

නම නොදන්නා සොයුරිය, මම ඔබේ කටු සහිත අත සිඹිමි.


[[ ප.ලි - තමිල්නාඩුවෙ සෙට් එකටත් කියන්න තියෙන්නෙ මේකම තමයි. මේ රටේ දෙමළ මිනිස්සු දහස් ගණනින් මරා දැමෙන කොට නොතිබුණ " ආදරයක් " එක පාරට ටීවී කැමරා ඉස්සරහ පෙන්නන කොට, ඔහෙලගෙ රටේ දුප්පත්කමින්, කෝටියක් පුරස්න වලින් මිරිකෙන සහෝදර දෙමළ මිනිස්සු ගැන නැති " ආදරයක්" එක පාරට මේ රටේ දෙමළ මිනිස්සු වෙනුවෙන් මීඩියා ඉස්සරහ පෙන්නන කොට, ඒක හරි ව්‍යාජයි හලෝ! තමිල්නාඩුවෙත් මුල්ගම්පොලක් තිබුණ නම් මේ වගේ සටහනක් දෙමළෙන් ලියල දාන්න පුලස්ති කෙනෙක් ඒකෙන් හොයා ගන්ඩ තිබුණා ]] 








7 comments:

  1. පුලා අද කෙලින්ම කියලා තියෙනවා කියන්ට තියෙන දේ., වහෙන් ඔරෝ, ව්‍යංග, අනම් මනම් මුකුත් නැහැ.

    ඔය උඩින්ම දාපු රූපෙ ෆේස්බුකියේ නම් කරලා තිබ්බේ " මියගිය බව නොදැන ජීවත් වෙන්නෝ " කියලා

    ReplyDelete
  2. තමිල්නාඩු නළුවො දෙමළ ජාතිවාදය අවුස්සන එක හොඳද?ඒක පිටුපස තිබෙන්නෙත් දේශපාලනය තමයි.මේ වගේම තමයි ඒකත්.රටට හතුරුකම් කරන නළුවො විතරද හොඳ.සුචරිත ගම්ලත් හොඳ දේශද්‍රෝහී ගෝල පරම්පරාවක් බිහි කරලා තමයි තොලොන්ජි වෙලා ගියෙ

    ReplyDelete
    Replies
    1. සිංහල තේරෙනවද අයිබෝවන්ඩ? කියල තියෙන්නෙ මොකද්ද කියල ආපහු විවේකෙන් කියවලා බලන්ඩ.

      Delete
  3. මගේ කොමෙන්ට් එකේ කොටසක්, ප.ලි යේ කොටසක් විදියට පුලා ම දාලා.

    “ඔහෙලගෙ රටේ දුප්පත්කමින්, කෝටියක් පුරස්න වලින් මිරිකෙන සහෝදර දෙමළ මිනිස්සු ගැන නැති " ආදරයක්" එක පාරට මේ රටේ දෙමළ මිනිස්සු වෙනුවෙන් මීඩියා ඉස්සරහ පෙන්නන කොට, ඒක හරි ව්‍යාජයි හලෝ! තමිල්නාඩුවෙත් මුල්ගම්පොලක් තිබුණ නම් මේ වගේ සටහනක් දෙමළෙන් ලියල දාන්න පුලස්ති කෙනෙක් ඒකෙන් හොයා ගන්ඩ තිබුණා“

    ReplyDelete
  4. @" උඹල මල් වඩම් දීල පාවඩ එලල මගුල් බෙර ගහල වඩම්මපු දෙයියා යක්ෂයෙක් කියල දැන්වත් තේරෙනවද?"

    එතන දියසෙන්(ශ්‍රියන්ත) ගේ ඊළඟ දෙබස මතකද?

    “එතකොට අපි මොක්කුද? අපිත් යක්කු තමයි. ඒත් මොන යකෙකුටවත් වටින්නේ නෑ තමුසෙ හොස්පිටල් එකේ ඉන්න එක ගැන තද වෙන්න“

    ReplyDelete
  5. තමිල්නාඩුවෙත් පුලාල ඕනැ තරම් ඇති. මොකද අපි දෙමළ දන්නවද, දෙමළෙන් ලියන බ්ලොග් කියවනවද නෑය කියල කියන්න?

    ReplyDelete
  6. [යාපනයේ දී අර ගිනි ගෙන දැවෙන්නේ සත්‍යය නොවේ නම් වෙන මොකක්ද?]

    උදයන් කියන්නේ ඇත්තද? එක බොරුවක් තව බොරුවක් පිච්චුවා. එච්චරයි. ඒනෙ වෙන දෙයක් ඇත්තෙම නෑ

    ReplyDelete