Sunday, July 28, 2013

දයාසිරිගේ පක්ෂ මාරුව සමග ඇති වන ඥානවිභාගමය ගැටලුව - පුලස්තිගේ පලමුවැනි තිසීසය


" අන්න දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා" පුලා පහුගිය දවසක ගෙට ගොඩවෙච්ච ඇසිල්ලේ සුරේඛා ඉස්සරහ‍ට දුවගෙන ඇවිත් කීවා. සුරේඛාගේ මූනෙ දුක වෑහෙනවා.

" ඉතින්?" පුලා ඇහුවා.

" කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් නේද? ආණ්ඩුවට බැනපු හැටියට රෙද්දක් ඇදගෙන යන්න පුලුවන් ද ඔහොම ආණ්ඩුවට?"

සුරේඛා පැවතගෙන එන්නෙ කැපුවත් කොළ පරම්පරාවකින්. ඒ හින්දයි මේ ඇස් දෙකේ කදුලු.

දයාසිරි ජයසේකර ආණ්ඩුවට සෙට් උන එක මාර නිවුස්සෙක පහුගිය දවස් කීපයෙම. ලේසියෙන් කදුලක් එන්නෙ නැති සුරේඛගෙ ඇහිනුත් කදුලු මේ සංගදිය හින්දම.

දයාසිරි මුඛරි කථිකයෙක්.
ගායකයෙක්.
සුපිරි තරුවක්.
විවාදකයෙක්.
ටීවි සංවාද වලට ඇවිදින් මහින්දගෙ ආණ්ඩුවට හොම්බෙන් යන්න දුන්නු සිරා කොල්ලෙක්.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොබියව කථාකල තරුන දේසපාලකයෙක්.

මේ දයාසිරිට තිබුන ප්‍රතිරූපය.

ඒත් ඇත්තටම දයාසිරි මේ කවුරුත් නෙමෙයි.දයාසිරි කියන්නෙ දයාසිරිමයි. බලයට කෑදර තවත් එක මිනිහෙක්. එච්චරයි.

පුරස්නෙ රනිල් පක්සෙන් කපන එක නම් හදාගන්න තිබුනෙ නැද්ද අලුත් පක්සයක්?
පුරස්නෙ රනිල් ඒකාධිපති එක නම් ඒකාධිපති කියල තමාම කියපු මහින්දගෙ රජයට එකතු වෙන එකෙන් ලැබේද විසදුමක්?
පුරස්නෙ රනිල් එක්ක පාෂාණ සෙල්ලම කරන්න ඔයා අකමැති එක ද?
පාෂාණ සෙල්ලමට අකමැතියි නම්, පක්සයක් හදාගන්නත් බැරි නම් යන්න ති‍බුණෙ නැද්ද ගෙදර? අයිය එක්ක එකතු වෙලා දාගන්න තිබුන් නැද්ද හොද සංගීත කණ්ඩායමක්? දයාසිරි ඇන්ඩ් කිත්සිරි - ලයිව් ඉන් කොන්සර්ට්. ඒ නම ගතියක් නැත්තං - සිරි ඇන්ඩ් සිරි ලයිව් ඉන් කොන්සර්ට්. සිරි බ්‍රදර්ස් - ලයිවු ඉන් කොන්සර්ට්. මම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්. කරන්න තිබුණෙ නැද්ද හොද සංගීත ප්‍රසංගයක්?

වයඹ මහ ඇමතිකම වගේද සංගීතය? නේද?
බලය වොඩ්කා නම් සංගීතය බියර්. වොඩ්කා වගේද බියර්? නේද?

" දැන් එතකොට සුරේඛට තේරෙනව නේද වාස්තවික යථ දැනුමට ගන්න බැහැ කියල?"

" මොකක්?" සුරේඛා ඇහුවා.

" දයාසිරි කියන්නෙ යථ. ඒක දැනුමට ගන්න හදනකොට අපි යථාර්ථයන් නිර්මාණය කරගන්නවා. දයාසිරි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න සිරා කොල්ලෙක් කියන්නෙ ඒ වගේ යථාර්තයක්. දයාසිරි ආණ්ඩුවට විරුද්ධ ප්‍රතිපත්තිගරුක චරිතයක් කියන්නේ ඒ වගේ යථාර්ථයක්. යථාර්ථය කියන්නෙ යථ දැනුමට ගේන්න දරන උත්සාහය"

" තමුසෙ අද බීලද?" සුරේඛා ගද බලන්න පුලාගේ මුවට මුව ලංකලා.

මං වහාම ඇයව මගේ පැත්තට ඇදගෙන සුරේඛාගේ මුව සිප ගත්තා.

" සුරේඛා, ඔයා ලස්සනයි කියන්නෙ මම හදාගත්ත යථාර්ථයක්. ඔයා ලස්සනත් නෑ කැතත් නෑ මුකුත් නෑ. ඔයාව දැනුමට ගේනකොට මම හදාගන්නව ඔයා ලස්සනයි කියල යථාර්ථයක්. මහින්ද දේසප්‍රේමීයි කියන්නෙත් එහෙම එකක්. විමල් රටට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. විග්නේස්වරන් දෙමළ ජාතියට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. ඥානසාර බුද්ධාගමට ආදරෙයි කියන්නෙත් එහෙම එකක්. අපි හදාගත්ත යථාර්ථ. සැබෑවෙදි මේ එකක්වත් එහෙම නෑ. මහින්ද දේසප්‍රේමිත් නෑ. නැත්තෙත් නෑ. හිස්. විමල් රටට ආදරෙත් නෑ. විග්නේස්වරන් දෙමළ ජාතියට ආදරෙත් නෑ. ඥානසාර බුද්ධාගමට ආදරෙත් නෑ. ආදරේ නැත්තෙත් නෑ. මුකුත් නෑ. වර්ණයක් නැති යථ අපි වර්ණවත් යථාර්ථයකට පෙරල ගන්නව. මහින්ද කියන්නෙ මහින්ද. විග්නේස්වරන් කියන්නෙ විග්නේස්වරන්. ඥානසාර කියන්නේ ඥානසාර. මූනක් ඔලුවක් හොම්බක් පුරුෂ නිමිත්තක් තියෙන මාංශමය ශරීර. මේ කවුරුත් තුල සාරයක් නෑ. ඒ අයගේ සාරය හදන්නෙ අපි"

" එතකොට මම?" සුරේඛා ඇහුවා.

" ලෝකයේ සාරයක් තියෙන එකම සාරය මධ්‍යසාරය" මම කීවා.

" පුලා ඔයා හරිම නෝටි" සුරේඛා කීවා.

" සුරේඛා මම නෝටි නෑ. නෝටි කියල කියන්නෙ ඔයා මාව දැනුමට ගන්න උත්සාහ කරද්දී හදාගන්න යථාර්ථයට. ඒ හින්ද ඒක සැබෑව කියල ගන්න එපා. දයාසිරි පැන්න එකත් එහෙමයි. සැබෑ දයාසිරියි ඔයා දන්න දයාසිරියි කියන්නෙ දෙන්නෙක්. කුමටද සොබනියෙ ඒ නිසා කදුලු සලන්නේ? ගිහින් ඒ නිසා හරක් මස් ටිකක් ලෑස්ති කරන්න අද රෑට. හවසට සෙට් වෙන්ඩ ගණිත කොටා එනව කිව්ව"

" අදත් බීමක්ද?" සුරේඛා ඇහුවා.

" ඔවු " පුලස්ති වන මම කීවා." දයාසිරි ආණ්ඩුවට ආපු එක සමරනව. කුණු ගොඩකට තවත් කුණු මල්ලක් එකතු විය. එක් කුණු කන්දක උස සෙන්ටිමීටරයකින් අඩු වෙද්දී අනිත් කුණු කන්දේ උස තවත් සෙන්ටි මීටරයකින් වැඩි විය"



6 comments:

  1. LASSANATA LIYALA THIYANAWA, MARE MARU.

    ReplyDelete
  2. මේ ගැන අපේ අව්‍යාජ මාරයියාගේ විශ්ලේෂණය බලපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. මහ හොරාගෙ බලුගැත්තෙක්ගෙන් පේන අහන්ට ආශාවක් ඇතිවෙලා වගේ. හිකිස්...

      Delete
    2. මාරයා කියන්නෙ ගැත්තෙක් විතරක් නෙවෙයි සල්ලි වලට ඕනෑම ජඩ වැඩක් කරන්න ලැහැස්ති තිරිසනෙක්. ඕකට ඇති තරම් ගාණක් දුන්නොත් තමන්ගෙම අම්මව වුණත් රේප් කරයි. අද දේශපාලුවන්ගෙ ආරක්ෂක හමුදාවල ඉන්නෙ ඔය වගේ පරයි.

      Delete
  3. /* එක් කුණු කන්දක උස සෙන්ටිමීටරයකින් අඩු වෙද්දී අනිත් කුණු කන්දේ උස තවත් සෙන්ටි මීටරයකින් වැඩි විය. */

    මං මේ කතාවම කලින් දෙතුන් තැනක දී කිව්වේ ඡන්දයක් අඩුවුණා සහ වැඩිවුණා කියලයි. ඊට වඩා වෙනසක් මටත් පේන්නේ නෑ.

    ReplyDelete
  4. /* " පුලා ඔයා හරිම නෝටි" සුරේඛා කීවා. */

    නෝටි කියන්නේ ආදරේට!

    ReplyDelete