Friday, February 5, 2010

සෝමරත්න දිසානායක උතුරෙත් කැම්පේන් එක කොලා නං?


උතුරු නැගෙනහිර ආසන ටික රාජපක්ස උන්නැහෙ පරාද වෙලා තියෙන එක ගැන නියම හේතුව සෝමරත්න දිසා බොස් පහුගිය දා ප්‍රකාස කොලා.
කලාකාරයන් විදිහට උන්නැහෙලගෙ පනිවිඩේ උතුරට ගෙනියන්න බැරි උනාලු.ඒ හින්ද උතුරෙ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න තියන චාන්ස් එක නැතිවෙලා නොමග ගියාලු.
පහුගිය පලාත් පාලන චන්දෙ වවුනියාවේදි ආන්ඩුව පරාද වුනාම ගුනදාස මරුසේකර ලේඛකතුමා කියල තිබුන ඊටත් වැඩිය ආතල් කතාවක්.ත්‍රස්තවාදියගෙ පාලනේ යටතේ ඉදල හදක් මනසක් නැති සතුන් පිරිසක් බවට උතුරෙ මිනිස්සු පත්වෙලාලු.හදක් මනසක් නැති හින්ද හරි වැරැද්ද තෝරගන්න බැරිලු.ආන්ඩුව උතුරට මෙච්චර වැඩ කොරලත් හරියට කලගුන සලකන්න දන්නැත්තෙ හදක් මනසක් ඒ මිනිස්සුන්ට නැති හින්ද කියල උන්නැහෙ දිවඉන පත්තරේට ලියල තිබුන පුලාට මතකයි.
සෝමරත්න දිසාලයි ගුනදාසලයි පියදාසලයි සේරම හිතාගෙන ඉන්නෙ උතුරෙ මිනිස්සු කියන්නෙ හරක් ටිකක් කියල.උන් නොමග ගිහින් උන්ට "බුද්ධිය" දෙන එක තමන්ගෙ වැඩක් කියල මෙයාල හිතාගෙන ඉන්නෙ හරියට "සත්‍යය"දන්න එකම කස්ටිය මෙයාල වගේ.
කලාකාරයෝ කියල ලංකාවේ හදුන්වන උදවිය කල්පනා කරන විදිහ කොච්චර පටුද කියන එක පෙන්නන්න මීට වඩා උපහැරන ඕනෙද?

1.උතුරෙ මිනිස්සුන්ගෙ ඔලුවලට බෝම්බ අත් හරින කොට නොඇරුන දිසාලගේ කටවල්
2.උතුරෙ මිනිස්සුන්ගෙ ලමයි කම්බි වැටවල් වලට කොටු කරල උන්ව සරනාගතයො විදිහට ලෝකයෙන් වෙන් කරද්දි නොඇරුන දිසාලගෙ කටවල්
3.දෙමල භාසාවෙන් තමුන්ට දැනෙන දේ ලියුව හින්ද අවුරුදු විස්සකට දෙමල මාධ්‍යවේදින් හිරගත වෙද්දි නොඇරුන දිසාලගෙ කටවල්
4.කප්පම් ඉල්ලන්න ආරක්සක අංස වල සමහරුන්ගෙත් අනුදැනුම ඇතුව දෙමල මිනිස්සු කොලඹදී අන්තරස්දාන වෙනකොට නොඇරුන දිසාලගෙ කටවල්
5.ලොජ් වල උන්න දෙමල අය එක රැයෙන් කොලඹින් බලෙන් පිටමං කරන විදිහට ආරක්සක ලේකම් නියෝග දීල ඒ මිනිස්සුන්ගේ මූලික අයිතීන් කඩල දාද්දි නොඇරුන දිසාලගෙ කටවල්
6.දර්ශන් ධර්මරාජ් වගේ දෙමල නලුවො දෙමල උන හින්ද පොලිසියෙ අඩත්තේට්ටම් වලට ලක්වෙද්දි නොඇරුන දිසාලගේ කටවල්
මේ කටවල් වලට වඩා කානු කටවල් සහ කක්කුස්සි කටවල් සුවදයි කියල දෙමල මිනිස්සු දන්නවා.

දෙමල මිනිස්සු කියන්නෙ දකුනින් උතුරට බුද්ධිය එක්ස්පෝට් කරනකං හරි තීරනයක් ගන්න බැරිව ඉබාගාතේ යන මන්ද බුද්දික සෙට් එකක් නෙමේ.මේ චන්දෙදි දෙමල අය දුන්න තීරනේ නොදන්නාකමට නොමග ගිහින් දුන්න එකකුත් නෙමේ.එයාලට දැනෙන දේට එයාල රිඇක්ට් කරල තියෙනවා චන්දෙදි.
සිංහල ලමා චිත්තරපටිකාරයන්ගෙ උදවුව නැතිව හිතන්න වත් දෙමල මිනිස්සුන්ට බැහැ කියල හිතන එක තමයි මේ පුරස්න ගොඩක මුල.
දෙමලු කියන්නෙ හද මනස නැති,දෙකේ පංතියේ මෝල්ලු ටිකක් කියල හිතන් නැතිව ආත්ම ගෞරවයක් තියන කොමියුනිටි එකක් කියල දකුනෙ බුවාල තේරුම් ගන්නකං සුබ අනාගතේ අනාගතේටම කල්දාන්න වෙයි කියලයි පුලස්ති කියන්නෙ.

3 comments:

  1. පුලා මෙ මිනිස්සු ගොඩක් වෙලාවට කලාවට වැඩිය කරන්නෙ බිස්නස්. මෙ මිනිස්සු ඔය මොකක් හරි දෙයක් අල්ලන් ලියලා සල්ලි දාලා හම්බ කරනවා. ඇත්ත බොරුව දන්නවා, නමුත් තමුන්ගෙ ආර්තිකෙට, තමුන්ගෙ තැන් නැතිවෙයි කියලා යි එතන ඉන්නෙ. අනිත් එක මෙ මිනිස්සුට ටක් ගාලා තෙල වදිනවා. අයෙ මුකුත් කල්පනා කරන්නෙ නැහැ. ඇයි මෙහෙම වෙන්නෙ, එහෙම නම් මෙහෙම වෙන්න ඔනා නෙද... එවා නැහැ චිත්‍රපටි කැලි වල වගෙ කඩුව අරන් එන එකා තමයි දුෂ්ටයා... මල් ටික අරන් වදින්න යන එකා විරයා. නමුත් අරු ඇයි කඩුව අරන් එන්නෙ, අරු ඇයි මල් ටික අරන් යන්නෙ. එවාගැන කල්පනා කිරිල්ලක් නැහැ... කල්පනා කරන්නෙත් නැහැ. මෙ විචාර බුද්ධියක් නැති ගොබ්බයො ටිකක් සිනමාවට රිංගලා සිනමාවත් ඉවරයි හික්.. හික්..

    ReplyDelete
  2. සම්පූර්ණයෙන් එකඟයි ඔබේ කතාවට. මුන් වෙලෙන්දො

    ReplyDelete
  3. ඇත්ත පුලා. දිසාගේ කෙරුවාව හින්ද රේණුකාට චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිකම ලැබෙන්න නියමිතයි. එ් විතරක් නෙමෙයි. පහුගිය මාස ගානෙම මන්දිරේ දන්සැලේ බත් බෙදපු ජැක්සන්ට රූපවාහිනියත් සින්නක්කර ලියලා දෙන්න නියමිතයි. ඔය තියෙන්නේ සංවේදී නායකයාගේ සංවේදී කෙරුවාව. සංවේදී නායකයා ගැන කියපු කලාකරුවෝ කරගත්ත වගේම ඡන්දය දුන්න කට්ටියටත් හෙට අනිද්දම එපා කියනකං දෙන්න පටං ගනියි. එදාට අතගගා මතක් කරන දේවල් දැන්මම හිතාගත්තත් කමක් නෑනේද?

    ReplyDelete