Tuesday, May 25, 2010

අපේ රටේ රජ්ජුරුවො මහ බොරුකාරයෙක් - පුලස්තිගේ අප්‍රිකානුවාසී බෑනා කියයි


පුලාට මේ සුමානෙ සදුද ලියුම් කරදහියක් ලැබුන.විදේසෙකින්.පුලාට මාර හැපි.විදේසෙකින් ලියුම් කරදහි ලැබෙන මොන බුවාද මේ මුල්ගම්පොල වැයික්කියෙ ඉන්නෙ?
සන්තෝසෙට හූවක් තිබ්බ පුලා අහල පහල ගෙවල්වල කවුරු කවුරුත් අඩගහගෙන ආඩම්බරෙන් වටකොරගෙන ලියුම් කරදහිය කියෙව්වා.කරදහිය එවල තිබුනේ පුලස්තිගෙ බෑනා සදහම්.අහිංසක තරුන කොල්ලා.ජොබක් කොරන්න ඈත රටකට ගොහින් ඉන්නෙ.කාන්සාව.කෙල්ලෙක් නැතිකමට මට ලියුම් ලියනවා.
මගේ බොලොග් සහුර්දයන් එක්කල මම බෙදා හදාගන්නේ ඒ ලියුම කරදහිය.කියවල බලන්න කොච්චර සංවේදීද කියල.


2010 මැයි 18
අප්‍රිකාවේ ඔලුග්බුජා දූපතේ අගනුවර සිටය

ආදරනීය පුලස්ති මාමේ

මාමාගේ සැප සනීප කොහොමද?මම නම් හොදින් සිටිමි.ඒ කියන්නෙ මට හරි සැපය.සනීපය.
මේ දවස් වල මම ඉන්න දීපෙට එකසිය ගානට වැස්ස.නගර සේරම යටවෙලා.සමහරු මාමේ මේකට ගංවතුර කියනව.ඒ වුනාට ගංවතුර කියන්නෙ ගග පිටාර ගැලුවම එන වතුරට නේද?මෙහෙ නම් පිටාර ගලන්නෙ ගංගා නෙමේ.නගරවල කානු.
මේකට ඒ හින්ද කියන්නෙ "කානු වතුර" කියල.අලුත් කොන්සෙප්ට් එකක් "මේඩ් ඉන් ඔලුග්බුජා"කොන්සෙප්ට් එකක් මාමේ.
(මේ අලුත් කන්සෙප්ට් එක හොයාගත්තෙ කොලින් ද සිල්ව කියල මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ බුඩ්ඩි මතෙක් )
මාමා දන්නවයි මේ ලගදී මම ඉන්න දූපත් රාජ්ජයේ අගනුවර අපිකාවෙ ලස්සනම නගර වලින් එකක්,සංචාරය කරන්න ෂෝයි තැනක් කියල සුදු මහත්තුරු වගයක් තේරුවාලුනෙ.ජොලි නේද?සුදු මහත්තුරු අහසින් යද්දි අපේ අගනගරෙ දැකල.ඒක වැස්ස දවසක්ලු.ඉතින් ගහල උඩ ඉදන් පොටෝ එකක්.අම්මේ ලස්සන කියල හිතුවලු මාමේ.වතුර උඩ හදපු ලස්සන නගරයක් නෙව.මාර ආශ්චර්යමත් ජාතියක්ය මේ ජාතිය කියල හිතලලු ඒ සම්මානය අපිට පිදුවෙ.

මාමාගේ ක්ෂනික මෝචන අමාරුව දැන් හොදද?අනේ මන්ද මාමේ ඒ ලෙඩේ නම් මහ කුනුහරුප ලෙඩක් නෙව.දැන් මටත් හැදිල.මොකොද මම ඉන්න මේ දූපතේ කොරන්න පුලුවන් කිසි දෙයක් නැහැ.හැමදේම බෑන්.වැල සයිට් බෑන්.ඇඩල්ට් ඔන්ලි ෆිල්ම් බෑන්.සිගරට් බෑන්.මතත් බෑන්.
හැබැයි ඹක්කොම බෑන් අපි වගේ පුංචි පන්තියේ අයට විතරයි මාමේ.ඔය නයිට් කලබ්වල එහෙම ඔය කිසි බෑන් එකක් නැල්ලු.තියෙන්නෙ බෑන් චූන්ලු.සල්ලි හෑව් නම් මාමේ විනෝදය හෑව්.නෝ මනී?නෝ ෆන්.යෙස් මනී?යෙස් ෆන්.
මාමලා ඉන්න රට ඒ අතින් පුදුම වාසනාවන්තයි නැද්ද?.මේ වගේ ගෝත රටකට ඇවිත් මොන මහල්කෙලකටය අපි දුක් විදින්නෙ?

රහසින් කියන්නම් මාමෙ මේ දූපතේ ඉන්න රජතුමා සේරටම වඩා හෙරොයික් ඩයල් එක.ඔන්න මාමා පොරවල්.මූදු හතකට එහා නැල්ලු මේ වගේ අදිරාජ්‍ය විරෝධියෙක්ද මොකෙක්ද එකෙක්.දිව ටැපලෙනව.ඒත් එයාල නිතර දෙවේලේ කියන්නෙ ඔය වචනෙ තමා.
මේ රජතුමාලුනෙ පුලා මාමේ ලෝකේ අදිරාජ්‍ය විරෝධී සංකේතෙ.දැන් ලෝකේ පුරා පොරවල් අමරිකාවට විරුද්දව පෙලපාලි යන්නේ මේ දූපතේ මහජතුමාගේ පින්තූර අරගෙනලු.වියට්නාමේ එහෙම හෝ චි මිංගේ පිලිම කඩල දැන් අපේ රජාගේ පිලිමයක් කොන්ස්ට්‍රක්ට් කොරනවලු.නොම් චොම්ස්කි එහෙම නිතර දෙවේලේ දැන් උපුටා දක්වන්නෙ අපේ මහරජාගේ කතාවල උද්ධෘත පාඨලු.දෙයියම්පා මාමේ සහතික ඇත්ත.ඒ කාලෙ මා ඕගේ රතු පොත වගේ දැන් ලෝකෙ පුරා අදිරාජ්‍ය විරෝධියෝ කද්දි බොද්දි චූ කරද්දි ටොයිලට් යද්දි හැමවෙලාවෙම කියවන්නෙ අපේ රජතුමා මහන්සි වෙලා ලියපු "කොහෙන්ද චින්තනය" පොතලු.

ලෝකෙ පුරා දෙයියා වගේ අදහගෙන හිටියත් මාමේ දෙයිය වුනත් පොයිය දාන එක නම් හැබැයි එච්චර හොද දෙයක් නෙමෙයි නේද?
ලෝකෙට දෙයිය උනාට මේ දූපතේ මහරජතුමාගේ මහ කැත පුරුද්දක් තියෙනව නෙව.ඒ තමයි දෙයිය වගේ හිනාවෙවී පොයිය දාන එක.
එක පාරක් මෙතුමා හිනාවෙලා කීව නෙව "එක පාරින් මම විධායක රජකම අත්හරිමි.ජනතාවට පාලන බලය පවරමි" කියල.
මසුරන් හිනාව මාමේ.හැබැයි රජකමේ පලවෙනි ටර්න් එක හමාර වී ගෙන එනකොට ඒ හිනාවම දාල මෙතුමා කීවා "මා හට නැවත වතාවක් විධායක රජකම ලබා දෙව.මා මේ පුරය ඉසුරින් ආඩ්‍යමත් කරමි" කියල.එකපාරින් රජකම අත්හරින පොරොන්දුව කොහාට මකබැ උනාද නෑ.
අනේ හැබැයි මේ දූපතේ ඇච්චොන්ට කිසීම කිසීම කිසීම ගානක් නැහැ.කයිය නැතිව පොයිය දැම්මට මේ ඉතින් දෙයියනෙ.පෝලිමේ ගිහින් පුදනව රජකම හිටු කියල.

ඒ විතරක්ය මාමෙ දෙවෙනි පාර රජකමට ට්‍රයි කොරනකොට ආයෙත් ඔන්න දුන්න පොරොන්දුව හිනාව දාගෙන.
"මා හට බලය ප්‍රදානය කරව.මා රජයේ සේවයේ කඹුරන්නන්හට කහවනු දෙදහස් පන්සියයකින් වැටුප වැඩි කරමි!"
මේ පොරොන්දුවේ වටිනාකම ගැන කියන්න බුදු අප්පචිචියේ,ඒ කාලෙ විජ්වතුන් පෝලිම් ගැහිල ඉදිරිපත්කලා විග්රහයන්.විස්ස විජ්ජියාලවල ආර්ථිකවිද්‍යා දේසපාලනවිද්‍යා සමාජවිද්‍යා ලිංගිකවිද්‍යා තාරකාවිද්‍යා හැම පීඨෙකම ආචාරය මහාචාරය කතිකාචාර්ය ඩිමොන්ස්ට්‍රේටාචාර්ය බුවාල ඒ කාලෙ රූපවාහිනියෙමයි.දෙදාස් පන්සීයේ වටිනාකම.දෙදාස් පන්සීයේ වටිනාකම.
දැන් කෝ දෙදාස් පන්සීය?දෙදාස් පන්සීය ගැන කතාකරපු මහදැනමුත්තයි ගෝලයො රොත්තයි ගෞරවනීය නිශ්ශබ්දතාවයක.ආගම සිහිකරනවද කොහෙද.

මේ රටේ රජතුමා ඔන්න ඔය විදිහට හරියට බොරු කියනව කොරනව මාමෙ.එහෙම කොරන තවත් බොරුවක් කියල මේ ලියුම් කරදහිය අහවර කොරන්නම්.
රජතුමාගේ අනිත් පොයිය තමයි බෞද්ධ පොයිය.මාමට කියන්න රජතුමා හතර පෝයට සිල්ගන්න සැදැහවතාගේ පාට් එක නෙව රගන්නෙ.බුද්ධ රත්නෙටයි ධර්ම රත්නෙටයි මාර රැස්පෙක්ට් එක.තමන් කියන දේ වක පුහගෙන අහගෙන ඉන්නවනන් සංඝ රත්නෙටත් මෙතුමා රැස්පෙක්ට් තමයි
හැබැයි වැරදිලාවත් සංඝ රත්නෙ උනත් කමක් නැහැ එගේන්ස්ට් වචනයක් කිව්වොත් - මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි!
වෙන දේ ගැන සාක්කි පින්තූරෙකුත් එක්ක මම මාමට පෝස්ට් කොරල එවනව.මේ කරදහියෙ උඩම අලෝල තියෙන්නෙ ඒ පින්තූරෙ.

එහෙනම් මාම ඒ පින්තූරෙ නැන්දට දෙන්න.දීල මල් පහන් පුදල හවසට හවසට පින් දෙන්න.මාමාලයෙ රටේ රජතුමා මේ වගේ පොයිය දාන දෙයියෙක් නෙමෙයි කියල මේ බෑන දන්නව.ප්‍රතිපත්තියක් නැති පොලිටිකල් බයියලා දෙයියලා උනාම කොහෙ කොහෙත් ඔහොම තමා කියල මෙහෙ ඉන්න යාලුවෝ කියනව.ඒ උනාට මම නං ඒ කතාවට එගේන්ස්ට්.
ලෝකයක වැදුම් ලබන අධිරාජ්‍ය විරෝධී දෙයියා පොලිටිකල් බයියෙක් වෙන්නෙ කොහොමද?නේද?

- මීට මාමාගේ ආදරනීය බෑනා
සදහම් ගෙඩිගේ


පලි - ටොප් සීක්‍රට්.ලියුම් කරදහියේ අන්තිම චේදෙ - ඒක විතරක් ඉතිරි කරල ඉතිරි ටික පුච්චල දානවද මාමෙ?තරස්තවාදී නායක පීකේව කොහෙන්දො දීපංකරේකින් කුදලගෙන ආව වගේ මේ දේසේ රජතුමාගේ ඉන්ටලිජන්ස් සේවෙ මාරම මාරයි.මාමලගේ සිරි ලංකාවටත් සමහරවිට ඒ ඉන්ටලිජන්ස් එකෙන් රිංගලද කවුද දන්නෙ.
මගේ බුදු මාමන්ඩිට බුදුන්ගේම සරනයි!

6 comments:

  1. කෑගැස්සෙන ලදි..

    ReplyDelete
  2. ඇරුනු කට වහගන්න බැරුව.....

    ReplyDelete
  3. අඩේ නියමයි පුලා අයියා... කරදහිය කියෝල අහවර වෙද්දි අහල පහල ගෙවල් වල එව්වන්ට මක්ක හිතුණද මන්දා..

    ReplyDelete
  4. "මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි!"

    මහරජ ගැන මම අහපු හොදම වචන ටික. මේකට අයිතිද පුතාලගේ ඒවත් කනවා කියන එක.

    හැබැයි පුතෝ "කයි" කෙසේ වෙතත් ඉස්සරහට අපිට "......යි"

    බෑනටත් උඹටත් එදාවේල නිකායේම පිහිටයි... ආරක්ෂාවයි...

    ReplyDelete
  5. සිරා සිරා! ඔලුග්බුජාව තමයි රට! :D

    ReplyDelete