Wednesday, June 2, 2010

අලුත් නිදහස දෙමල ඉරනම ජවිපෙ ගියර් මාරු කිරීම - මාතාකා තුනක් එකම ලිපියක ( 3 in 1 )




යුද්ද කාලෙදි ටීවි එකෙන් යුද්දය බැලුව.යුද්දෙට පස්සෙ කිරිබත් කෑව.ඊට පස්සෙ ආතල් එකක් ගන්න යාපනේ ගියා.ගිහින් පොටෝ ගැහුව.ආපහු ගෙදර ඇවිත් පොටෝ ටික ඇල්බම් වල ඇලෙව්ව.
අපේ බුවාලගෙ ආතල් එක ඔච්චරයි.

යුද්ධයේ ගින්න ඇවිලිලා ඇවිලිලා යද්දී අතට අහුවුන දෙයක් අරගෙන පෝලිම් ගැහිල ෂෙල් වෙඩි මැද්දෙ අනාථ කදවුරු වෙත ආව දාස් ගනන් දෙමල මිනිස්සු දැක්කම කදුලක් ඉනුවෙ නැති ඇස් දෙකක් මොකටද?
ජීවිත කාලයක් තිස්සෙ රැකබලා ගත්ත දේවල් වලට කෙල වෙලා තමන්ගෙ ලගම නෑයොන්ගෙ ජීවිත අත් පා සරීර නැතිවෙලා ජීවිතයක් අනාගතයක් නැතිව සරනාගත කදවුරු වල ගාල් උන දාස් ගනන් මිනිස්සු දැක්කම හුස්මක් නොනැගුනු හදවතක් මොකටද?
හැබැයි දකුනේ ඇස් කීයක ඇත්තටම ඒ වගේ කදුලු පිරුනද?දකුනේ හදවත් කියක ඒ වගේ සුසුම් නැගුනද?

මිත්තරවරුනි පුලස්ති කවියෙක් වෙන්න යනවද කියල හිතන්න එපා.ලගදී යාල්පානම් ගොහින් ආපු පුලාගේ සගයෙක් උතුරේ රියැලිටිය පුලාගේ මවිල් කෙලින් වෙන විදිහට විග්රහ කොලා.හැමදේම සුන්නද්ධූලි වෙලා තියෙන හැටි.යලි පදිංචි කොරනව කියල තහඩු කෑලි කීපයක් දීල පාරවල් දෙපැත්තෙ මිනිස්සු බල්ලො වගේ දාල තියෙන හැටි.මිනිස්සු හිගන්නො වගේ දකුනෙන් එන සංචාරක බුවාලට මොනා හරි දෙයක් විකුනගන්න ගිනි අවුවෙ වේලෙන හැටි.ඒව නොදැක්ක ගානට දකුනෙන් ට්‍රිප් යන බුවාල ෆන් රසය බිබී සන්ග්ලාස් වලින් සැරසී සැප ගන්න හැටි.පොටෝ ගන්න හැටි.
යාපනේ දහම් අමාවක් ගන්න හමුදාවටයි සංචාරකයන්ටයි තියෙන අයිතිය ගැන උගුර බැරෑඩි කොරගන්න බුවාල ජීවිත කාලකන්නි වෙලා තියෙන මේ පහල පැලැන්තියෙ බුවාලගෙ අයිතීන් ගැන ආසාවකට කතාකොරන්නෙ නැත්තෙ මොන හේතුවටද?
මේක අසංවේදීකමද?වර්ගවාදයද?
නැත්තං ඒ දෙකමද?

වස්සාන සිහිනයේ කතාව ගැන කටපාඩමින් දන්න අපෙ බුවාල කී දෙනෙක් ද්වාරකාගේ කතාව ගැන දන්නවද දන්නෙ නැහැ.ද්වාරකා කියන්නෙ පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගත්ත දෙමල සිස්යාවක්.ගම පුලාගෙ මතකෙ හැටියට කිලිනොච්චියෙ.මෙයාව යුද්දෙ අහවර උනාට පස්සෙ අත්අඩංගුවට ගන්නව.කිලිනොච්චිය ඉන්න කාලෙ කොටි එක්ක සම්බන්දකම් තිබ්බ කියන එක තමයි චෝදනාව.
අස්සට ගත්ත මේ තරුන සිස්යාව තවම ඇතුලෙ.
යුද්ද කාලෙ තිබ්බ වටපිටාව හින්ද අකමැත්තෙන් සමහරවිට කැමැත්තෙන් උනත් උතුරේ කෙනෙක් කොටි එක්ක ෆයිට් එකට සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි.ඒක දකුනෙ කෙනෙක් හමුදාව එක්ක සෙට් වෙනවට වැඩි වෙනසක් නැහැ.ඒත් යුද්දෙ ඉවර උන කාලෙක මේ සාමාන්‍ය මිනිස්සු පස්සෙ පන්න පන්න ඒ අයව හිර කොරන එක කොච්චර හරිද කියල පුලා කල්පනා කොරනව.දේසපාලන හේතු උඩ හිරේට අරගෙන තාම චෝදනාවක්වත් හරියට ගොනු කොරන්නෙ නැතිව රැදවුම් බාරයෙ ඉන්න දහස් ගනන් දෙමල තරුනයො ඉන්නව කියල පුලස්ති නිව්ස් අයිටම් එකක් දැක්ක.වැලිකඩ හිරගෙදර සෙල්ලපිල්ලෙයි මහේන්ද්‍රන් කියල එක අවුරදු 33ක තරුනයෙක් අවුරුදු දාහතක් මේ විදිහට චෝදනාවක් නැතිව නඩු විභාගයක් නැතිව හදිසි නීතිය ඇතුලෙ හිරේ ඉන්නව කියල නිව්ස් එකක් දැක්කම පුලා හොල්මං උනා.
චෝදනාවක්වත් නැතිව අවුරුදු දාහතක් හිරගෙදරක ඉන්න එක!ලෝකයට අවුරුදු දාහතක් අන්දකාරෙ ඉන්න මේ මනුස්සයා එක මනුස්සයෙක් විතරක් වෙන්න පුලුවන්.ඒත් ඒ මනුස්සයට ඒ අවුරුදු දාහත කියන්නෙ මුලු ලෝකෙම නේද?මුලු තරුන කාලෙම නේද?

යුද්ද කාලෙදි දෙමල මිනිස්සු දෙවර්ගයක් රටින් පිටවෙලා ගියා.යමක් කමක් ඇති ඈයො යුරෙොපෙට.යමක් කමක් නැති ඈයො ඉන්දියාවට.තමිල්නාඩුවට ගිය දාස් ගනන් ඒ වගේ දෙමල මිනිස්සු තාම තමිල්නාඩුවේ සරනාගතයො විදිහට ඉන්නව.යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුද්දක්.මේ මිනිස්සු මිනිස්සු නෙමේ මිනිස් දූවිලි ගානට දාල.එයාල ලංකාවෙත් සිටිසන් නෙමේ.ඉන්දියාවෙත් සිටිසන් නෙමේ.රටක් නැති මිනිස්සු කියන්නෙ මිනිස් දූවිලි නේද?
මනිරත්නම් ලොක්ක මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන චිත්තරපටියක් කාලෙකට උඩදි හදල තියෙනව කියල පුලස්ති අහල තියෙනව.

පුලා අහන්නෙ මෙච්චරයි.එක බල්ලෙක් මේ ගැන කතා නොකරන්නෙ මක්කෙයි?
මානුසික හදවත් උනුකරන නිව්ස් විකුනන සුවර්නවාහිනියේ කැමරාව ආසාවට මේ මිනිස්සුන්ගෙ පුරස්න දිහා දික්වෙන් නැත්තෙ මක්කෙයි?කොහෙ හරි පාරක් බෝක්කුවක් කැඩුන එක ගැන ඩොකියුමෙන්ට්රි කොරන සිරස විමර්සන අවධානෙ මේ අන්ධකාර ජීවිත ගැන කතානොකරන්නෙ මක්කෙයි?

ජවිපෙ රෙඩ් කොම්රේඩ්ලා ගියර් එක මාරු කොරල ස්ටියරිං එක වෙන පැත්තකට හරෝල තියෙන්නෙ මේ අතර.
ඉන්දියාවෙ සරනාගත පුරස්නෙ ගැන ගිය පාර්ලිමේන්තුවේ විසේස කමිටුවක් දාන්න බිමල් රත්නායක බොසුයි රාමලිංගම් චන්දරසේකරන් බොසුයි යෝජනා කොරල වැඩ කොරල තිබ්බා.
( හැබැයි අපේ කෙලෙහිගුන දන්න ජනතාව එයාලගෙ අදෝමුඛයට ගහල අයින් කොරල මුතුහෙට්ටියා මරුවියා වගේ බුවාල පත්කොරගෙන තිබුන චන්දෙදි.නිකම් නෙවි.ලක්ස ගානක් මනාප දීල.සුබ අනාගතයක්!)
ද්වාරකා ගැනයි අනිත් රැදවුම් භාරයේ ඉන්න දෙමල තරුනයො ගැනයි ලොකු කැම්පේන් එකක් අන්තර් විස්ස විද්දියාල සිස්යබල මන්ඩලෙන් කොරනව පුලා නිව්ස් වලට දැක්ක.විස්ස විද්දියාල අස්සෙ රැග් කොරල මානසික රෝගීන් සක්කිලි ආතල් ගන්න වැඩේ අන්තරේ ඩිෆෙන්ඩ් කරන එකට පුලා ෆුල් එගේන්ස්ට් වුනත් මේ වැඩේට නං පුලස්තිගෙ සම්පූර්න සැලියුට් එක.
මේ අලකලංචි මැද රාමලිංගම් බොස් පහුගිය දාක කොලඹදි අතුරුදහන් උන දෙමල කොල්ලොන්ගෙ අම්මලා තාත්තලා හම්බෙලා ඒ අයගේ පුරස්න ගැන කතාකොරල තියෙනව.මේ අම්මලා තාත්තලා ආරංචියක් නැති තමන්නෙ පුතාලගෙ පින්තූර උස්සගෙන අඩා වැලපෙන හැටි දැක්කම පුලාට එකපාරට මතක් උනේ භීසන කාලෙ.එදා සිංහල අම්මලාගේ විලාපයයි මෙදා මේ දෙමල අම්මලාගෙ විලාපයයි ගත්තම තියෙන වෙනස මොකක්ද?
මේ උදවිය හම්බුනාය කියල රාමලිංගම් බොස්ව හමුදාවෙන් පුරස්න කොරලත් තිබ්බ.මහරජතුමා යුද්දෙට පස්සෙ ජාතිබේද සුද්ද කොරන්න යන හැටි නියමයි.දුකට පත් වුන ඈයොන්ගේ පුරස්න ගැන කතාකොරන උදවියගෙන් පුරස්න කොරනව.යාපනේ සොහොන් බිම් බුල්ඩෝසර් කොරල ඒවයෙ සුපර්මාකට් ගහන්න පැලෑන් කොරනව.ප්‍රබාකරන්ගේ ගෙදර සමතලා කලාම යාපනේ බලෙන් වෙසක් එකක් සැමරුවාම ජාතිබේද සමනය වෙලා නිකම්ම උතුර දකුන යාවෙයි කියල වෙන්නැති මේ උදවිය හිතාගෙන ඇත්තෙ.නීති උපාධියයි සාහිත්‍යය උපාධියයි වෙනුවට මුන්නැහෙලට සාමාන්‍ය දැනීම උපාදියක් දුන්න නං අඩුම තරමින් මීට වැඩිය මැචුවර්ඩ් විදිහකට කල්පනා කොරල බලන්නවත් මුන්දැලා යොමු වෙයි කියලය පුලා හිතන්නෙ.

තමිල්සෙල්වම්ගෙ ඔලුවට බෝම්බ වැටෙන එක ගැන තලු මර මර කතාකොරපු දෙමල මිනිස්සුන්ගෙ පුරස්න ගැන කෙල බිංදුවක් නොහෙලපු වීරවංසලා කොමාන්ඩ් කොරපු ජවිපෙ ගියර් මාරු කරපු එකට මොනව වුනත් පුලා මනාපයි.ද්වාරකාගේ පුරස්නෙ වගේ පුරස්න ගැන හරි විස්තරයක් පුලස්ති දැනගත්තෙත් උන්දැලාගෙ කැම්පේන් එක හින්ද.අඩුම තරමින් දෙමල චන්ද වැඩිපුර ගන්න අලියත් මේ වංගියෙ කට බලියගෙන අස්සෙ පුරස්න හදාගෙන නලිය නලිය ඉන්නව මිස මේ ගැන නෝ කතා නෝ සිනා.
මේ දෙමල අයගෙ පුරස්න ගැන අපිත් ඇහැක් විදිහකට මක්ක හරි කොරන්න ඕනෙය කියලයි පුලා කියන්නෙ.බොලොග් එකට පෝස්ට් එකක් දාල මේ වෙලාවෙ පුලාට කොරන්න පුලුවන් දේ පුලා කොරා.
තමුන්නැහෙලත් පුලු පුලුවන් විදිහට මොන මොනව හරි කොරන්න බැලුවොත් නේද හොද?

3 comments:

  1. අපේ රටේ ඇත්තටම ඉන්නේ හරි පුදුම මිනිස්සු
    අවුරුදු දෙදාස් ගානක් තිස්සේ මේ රටේ තියන බුද්දාගමෙන් මොනව ගත්තද කියලා හිතෙන්නේ මේ වෙලාවට
    88/ 89 කලේ කම්පනය වුන හිත් බලන කොට කම්පනය වෙල තියෙන්නේ තමන්ගෙ උන්ට කෙලවුන නිසා
    ඒ මිනිස්සු විඳපු සහ විඳින දුක ගැන කතා කරන්න ගියාම මෙහෙ ඉන්න මිනිස්සු හැසිරෙන විදිය ගැන කතාකරල වැඩක් නෑ

    ReplyDelete
  2. ‍අර සරණාගතයෝ ටික නිදහස් කොරන්ඩ "ලෝක සරණාගත දිනය" එනකන් ඉන්නේ බං. කලබල නොවී හිටහං. අනිත් එක බං මිනිහෙකුගේ ජීවිතෙන් බාගයක්ම ආණ්ඩුව ගානේ කන්ඩ, බොන්ඩ, ඉන්න හිටින්න තැනක් දීලා තියෙන එකම මදෑ (හිරේ උනත්). අන්න එහෙමයි අපි... ජාති බේද නෑ...
    අනිත් එක බං "කෙළවන න්‍යායෙන්" පෝෂණය වෙච්චි අපි කාටහරි කෙළවෙනකම් බලන් ඉන්න පුරැදු වෙලා තියෙන්නේ.... අද දෙමළාට කෙළවෙනකම් බලාගෙන ඉන්නවා... හෙට තම්බියාට... අනිද්දා සිංහලයාට... (දෙමළා, තම්බියා හා සිංහලයා යන්න අපහාසාත්මක යොදා නොගත් බව කරැණාවෙන් සළකන්න.)
    ඔව් මේ ලිපියට ගොඩක් දේ ඒ අසරණයින් වෙනුවෙන් කරන්න බැරිවේවි... ඒත් කතා නොකර සිටීමට වඩා චවනයක් හෝ කතා කිරීම වටිනවා.

    අපිට බඩගිනි වෙන විදිහටමයි උන්ටත් බඩගිනි වෙන්නේ...


    "කන්නතිල් මුත්තමිට්ටාල්" තමයි චිත්‍රපටිය.

    ReplyDelete
  3. එක්නැලිගොඩ සරත් ෆොන්සේකා වාගෙ අයත් හිටිය හෝ ඉන්නව කිය්ලත් මතක් කරල දුන්න නම් හොඳයි..යුද්දෙන් පස්සෙ අනාත උන ගොඩට ෆොන්සේකා පවුලත් දමන්න පුලුවන් කියල මම හිතන්නෙ...

    ReplyDelete