Thursday, May 24, 2012

ජංගියා සංකල්පය



සිංහල වෙබ් අවකාසය මේ ටික දොහක ඉදල බුද්ධිමය තෝතැන්නක්ද මොකක්ද එකක් වෙලා.රට පුරා ඉන්න චින්තකයන් බුඩ්ඩ්මතුන් වෙබ් අවකාසයට වැඩම කොරලා වගෙයි.මේ චින්තකයන් පරීක්සන කොරල තර්ක විතර්ක කොරල අලුත් අලුත් සංකල්ප හුදී ජනයා වෙනුවෙන් හදුන්වලා දෙනව.මේ වගේ බුද්ධි කලම්බනය වෙන අවකාසයකට ඔලුව දාන එකත් ඒ හින්ද අපි වගේ හුදී ජනයින්ට මාර එක්ස්පීරියන්ස් එකක්.

මේ දවස් වල නැගලා යන සංකල්ප දෙකක් තියෙනව.එකක් ත්‍රිමාන වෙබ් සයිට් එකෙන් හදුන්වලා දුන්න "නංගියා" සංකල්පය.අනික අපේ හිතවත් චාමි බොස් හදුන්වලා දුන්න "අක්කියා" සංකල්පය.හැමදාම හුදී ජනයෙක් විදිහට ඉන්නෙ නැතිව වෙනසකටත් එක්ක චින්තකයෙක් වෙන්න හිතාගත්තු මුල්ගම්පොල  පුලස්ති වන මම වෙබ් අවකාසයට හදුන්වලා දෙන අලුත්ම සංකල්පය තමයි "ජංගියා" සංකල්පය.

ජංගියා සංකල්පය නිදසුනක් ඇසුරින් : -


"දලදා මාලිගාවට යන තරුණයෙකි.අව් කණ්ණාඩි පැළද පොෂ් පෙනුමෙන් යුක්තව ඔහු මාලිගා පරිශ්‍රයට ඇතුලු වන්න උත්සාහ ගනී.විලාසිතාවට අනුව ඔහු සිය ඩෙනිම් කලිසම හැද සිටින්නේ තරමක් පහලට වන්නටය.


මාලිගාවට ඇතුලු වන ස්ථානයේදී පොලිස් නිලධාරියෙක් ඔහුව පරික්ෂා කරන්නට පටන් ගනී.පරීක්ෂාව සදහා ඔහු සිය දෑත් උස්සන අතර පොලිස් නිලධාරියා ඔහුගේ කමිසය අත පත ගාද්දී එය මදක් ඉහලට එසැවේ.


එවිට අවට සිටින සියල්ලන්ට ඩෙනිම් කලිසමට යටින් දිලිසි දිලිසී තිබෙන ඔහුගේ ජංගියා දිස්වේ.


ජංගිය සුදු පැහැතිය.එය ඉලාස්ටික් පටිය ගෙවී ගිය තරමක් පරණ වුනු ජංගියකි.


දලදා මාලිගාව වදින්නට යන,පෙනුමෙන් පොෂ් නූතන පෙනුම තියෙන තරුණයා ගේ ඉරුනු කිලිටි ජංගියා අවට සිටින්නවුන්ගේ දෑසට එක මොහොතකට හසුවේ"

ඔන්න ඕක තමයි ජංගියා සංකල්පය.මේ සංකල්පය මාර ගැඹුරුයි නේද?පුලා අයියා ඉතින් ඉදිරිපත් කලොත් ඉදිරිපත් කොරන්නෙ ගැඹුරු විශ්ලේෂනයක් තමයි සහුර්දයිනි!!මේ යුගයේ දේසපාලනය කිරීම සදහා මෙම ජංගියා සංකල්පය ගැන කියවා නැවත නැවත කියවා හොදට අවබෝධ කරගන්නා ලෙස අපි ඔබට කියන්නෙමු.

9 comments:

  1. ෂිහ්. මගෙ එකට වඩා ගැඹුරුයිනෙ බං. හිටිං ගේමක් දෙන්ඩ ඔරිජිනල්ස් කියෝලම එනකං.

    ReplyDelete
    Replies
    1. කොච්චර ගැඹුරුද කියන්නෙ මාත් වෙලාවකට කල්පනා කොරනවා ඒකෙ ගැඹුර ගැන

      Delete
  2. අදමයි මම හිතන්නේ මම මේ පැත්තට ආවේ.ආයෙත් එන්නම්.සංකල්පය මුහුද වගේ ගැඹුරැයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ්!

      Delete
  3. බලාගෙන ගියාම ලංකාවේ දේශපාලනය අරටුව වෙලා තියෙන්නෙ ජංගියා සංකල්පෙනෙ බොල..

    ReplyDelete
    Replies
    1. ඒක පුලස්ති හොයාගන්න කම් කවුරුත් හොයා නොගත්ත එකනෙ පුදුමෙ.නේද?

      Delete
  4. පුලස්ති ලිව්වොත් ගැඹුරුයි. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉසිවරයෙක්ගෙ නමක් නෙව සහෘදය

      Delete
  5. ෆොටෝ එක නොගැලපේ. මෙන්න මේවායින් එකක් වඩා සුදුසුයි.

    http://danielmarshall.net/wp-content/uploads/2010/01/Bonds3.jpg

    ReplyDelete