Thursday, October 4, 2012

මහානුභාවසම්පන්න ලැක්ලාව්



චාර්යස් මහාචාර්යස් ලා ගේ වැඩ වර්ජනයට දැන් මාස තුනක් වෙනව.රාජපක්ෂස් ගේ ඉහට උඩින් වර්චස් පිඩක් හෙලීමේ පරමාර්ථයෙන් හෝ මැස්සෙක් වත් පියාසරස් කරන්නෙ නැති වංගියක මාස තුනක් අල්ලගෙන හිටපු එක ගැන ආචාර්යස් මහාචාර්යස්ලට පුලස්තිගේ සැලියුට් එක පලමුව!!ලියන එක එපා වෙලා ටුවෙන්ටි ටුවෙන්ටි එක බලාගෙන බීඩියක් ඇදගෙන ඈලි මෑලි වෙලා හිටපු වකවානුවක ආපහු ලියන්න ආත්ම ශක්තිය පුලාට ගෙනත් දුන්නේ ආචාර්යස් මහාචාර්යස් වර්ජනය කියල අවංකව කියනව මහත්වරුනි.

මේ වැඩවර්ජනය මොකක්ද මහත්වරුනි?

මේක පටන් ගත්ත කාලෙ එක එක බුවාස් ල එක එක එව්ව කිව්ව.එජාප ( රනිල්  පිල ) - එජාප ( කරු පිල ) - එජාප ( සජිත් පිල ) - ජවිපෙ - ෆොන්සේකා උන්නැහේගේ කාන්ඩය - මේ සේරම මුල ඉදලම මූනිච්චාවට හෝ මූන නොඉච්චාවට මේක සිරා අරගලයක් කියල තිබ්බ මුරුංගා අත්තේ ඉහලම.

නලින් ද සිල්වා - ඇස්බී - මහින්ද අසේබුන්දර - හඩ්සන් සොමරසිංහ - පෙරමුනේ රාල ගේ වැසිකිලිය - මේ කවුරු කවුරුත් මුල ඉදලම මේක දේසද්‍රෝහී - රාජ්‍ය විරෝධී - එන්ජීඕ- ඩයස්පෝරා - ග්‍රීක - යුදෙව් - ක්‍රිස්තියානි - හම්බ - අධිරාජ්‍යවාදී - නව යටත්විජිතවාදී  ජිල්මාට් එකක් කියල දැම්ම කානු පල්ලෙ පහලටම.

අවුලක් නැහැ නේද මහත්වරුනි.මේකෙන් තමුන්ගේ හොද්ද බොරවෙයි කියල හිතුනු අය වැඩේට විසිල් ගැහුව.මේකෙන් තමුන්ගේ හොද්දට කෙලවෙයි කියල හිතුනු අය වැඩේට ගල් ගැහුව.ඉෆ් ඉස් දිස් ඉස් නොට් ලයිෆ් වට් ඉස් ද ලයිෆ් ඔෆ් අ හොනස්ට් වයිෆ්?ඉස්න්ට් ඉට්?

ආන්ඩුවට සපෝට් ‍නැති බුවාස්ල අතරින් මේ සටනට විරුද්ධ වුනේ එහෙමත් බුවෙක්.ඒ බුවාස්ල අතර ඉදිරියෙන්ම හිටියා දීප්ති කුමාර ගුනරත්න නැමැති යුගයේ දාර්සනිකයා.( ඒක පුලස්ති එතුමාට දුන්න නම්බු නාමයක් නෙමෙයි.පැපරාසියා සගරාව කොරන සේපාල් අමරසිංහ ලොක්කයි ඒ විරුදාවලිය උන්නැහෙට දුන්නෙ.දැන් පැපරාසියා සගරාවේ කුනු කන්දල් ඕපාදූප සේරම මැද්දෙ මැද පිටු දෙක ඒ යුගයේ මහා දාර්සනිකයා වෙනුවෙන් වෙන් කොරල කියල පුලස්තිට කිව්වෙ මුල්ගම්පොල පත්තර කඩේ විමලරත්න කොල්ලා)

වෛද්‍යවරු ආචාර්යවරු වගේ මැද පංතියේ වෘත්තික බුවාස්ලා මේ කොරන්නෙ පඩි වැඩි කරගන්න දෙකයි පනහේ නැටුමක් කියල එතුමා මුල සිට ඉතාම ව්‍යක්තව අපිට කියල දුන්න.මේ දෙකයි පනහේ වැටුප් සටනේ පෙරමුන අරන් සිටින නිර්මාල් කියන පොන්නයාට ( ඒ ගුනරත්නයන් නිර්මාල් කොල්ලව හදුන්වන්න පාවිච්චි කරපු විසේසන පදේ )මේ මධ්‍යම පංතික බුවාල සෙට් එක එක්ක ගියාම අන්තිමේ සිද්ද වෙන්නෙ   ධම්ම දිසානායක වගේ පීචං ඩයල් එකක් වෙලා කෙලවර වෙන්නයි කියල එතුමා විද්වත් ලෙස අපිට පැහැදිලි කරල දුන්න.

ඉතින් පුලස්ති හිතුව - මොනව උනත් බොල මේක කියන්නේ යුගයේ දාර්සනිකයා නෙව.අඩියක් පුඩියක් ගහල බ්ලොක් කොරල නැති වැල සයිට් එකකට ඔලුව දාන්න නෙට් යන අපි වගේ හුදී ජනයින් වගේද කියවන හදාරන අධ්‍යයනය කොරන මේ මහා චින්තකයො?

දී.කු. ගුනරත්නයන් මෙහෙම ආචාර්යස්ලට ඇට්ටි හැලෙන්න නෙලන්න ගත්තේ වැඩවර්ජනය පටන් ගත්ත අවස්ථාවේ ඉදලමයි.ඒව කියවන අයට චීයා මේ ආචාර්යස්ලගෙ ශුකානුකම කියල නොහිතුනා නම් තමයි පුදුමේ.

මේ විදිහට ආචාර්යස් අරගලය මාසයක් දෙකක් ඇදිල ගියා.දී.කු.ගුනරත්නයන් ස්වකීය මහානුභාව සම්පන්න ත්‍රිමාන වෙබ් අඩවිය හරහා මේ තුට්ටු දෙකේ වැටුප් අරගලයේ රෙදි පෙරෙදි අඛන්ඩව ගැලෙව්වා.

මාසයක් ගියා.
ආචාර්යස්ලා පඩි නැතුවත් ගෙදර ගියෙ නැහැ.
මාස දෙකක් ගියා.
ආචාර්යස්ලා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.
තුන්වෙනි මාසයත් ආව.

තුන් වෙනි මාසෙ වෙනකොට මොකද වුනේ මහත්වරුනි?ලැක්ලාව් ආව.ලැක්ලාව් වේවා!දෙවියන් වහන‍්සේ ‍කී සේක.එවිට ලැක්ලාව් පහල විය!!

ලැක්ලාව්?කවුද බොලේ ලැක්ලාව්?

ලස්සන නම.කවදහරි දරු පැටියෙක් හම්බුන දවසට දරු පැටියට දාන්න හිතෙන වර්ගයේ නමක් නෙව මේක.ලැක්ලාව්.

දී.කු.ගුනරත්නයන්ගේ ධර්ම භාන්ඩාගාරික සමන් පුස්පකුමාර මහත්තැන් මෙන්න බොලේ තුන්වෙනි මාසෙ පටන් ගන්නකොට දිගට හරහට ලිපි ලියන්න ගන්නව මහානුභාවසම්පන්න ලැක්ලාව් ගැන කියල.මේවට කියන්නේ ජනප්‍රියවාදී අරගලලු.එව්ව ඉතින් එහෙම තමයිලු.එව්ව එච්චර අප්සෙට් නැල්ලු.ජාතිකවාදි හෙජමොනියට විරුද්ධව දැන් අධ්‍යාපන හෙජමොනිය උස්සන්න පුලුවන්ලු.අප්පේ සනීපේ.කවන්දයට න්‍යායික හිසක්ලු.

හිතුව විදිහට වැඩේ චොර උන් නැල්ලු.රනිලුත් පෙලපාලි ආවලු.රෝසිත් ආවලු.මෙච්චර කෙලි වෙද්දි දාර්සනිකය,තොප බයිලා මුමුනන්නේ මන්දැයි මහානුභාව සම්පන්න ලැක්ලාව් කිව්වලු.ඉතින් පඩි වැඩි කරගන්න නිර්මාල් නැමැති පොන්නයා කරපු දෙකයි පනහේ මධ්‍යම පංතික සටන එකපාරට අධ්‍යාපන හෙජමොනිය වුනාලු.පඩි සටන නැමැති දලඹුවාගෙන් අධ්‍යාපන හෙජමොනික සටන කියන සමනලයා එලියට ඇවිත් තටු සලන්න ගත්තලු.

මෙච්චර කල් යුගයේ දාර්සනිකයාගෙත් දාර්සනිකයා ලෙස වැජඹුනු ජිජැක් පප්පට මේ වෙනකොට ටිකක් අස්පෙට්ලු.මහානුභාවසම්පන්න ලැක්ලාව් ඉස්සරහ ජිජැක් පප්පා ගේ රස්මි කදම්භය අන්තරස්දහන් වෙලාලු.

මහානුභාවසම්පන්න ලැක්ලාව් - අප වෙත වඩිනු මැන!තුන් සිංහලයම ඔබගේ සෙවනට ගනු මැනව!!

28 comments:

  1. "නායකයා යනු වාස්තවික යකඩ ගුලිය හිල් කරන ආත්මීය ඊතලයයි" මම කියන ඒවා දොහොත් මුදුන් දීලා පිළිගන්න කොල්ලෝ දුසිමක් ඉන්න එකම මැදා විප්ලවයට. පොඩ්ඩක් හිටුකෝ නිර්මලයා කෙලවගන්නකන්, කල්‍යනන්දට දීපු ගේම දැක්කනේ, සති දෙකක් මඩ ගහපු නිවුස් දාලා මම ම කොමෙන්ට්ස් දානවා.
    දීප්ති කුමාර

    ReplyDelete
  2. ඇති යන්තම් එහෙම හරි ලියන්න පටන් ගත්තා.

    මේ දවස්වල හැමෝගෙම කටගැස්ම ඉතිං ඕක නෙව.

    ReplyDelete
  3. =ලැක්ලාව් වේවා!දෙවියන් වහන‍්සේ ‍කී සේක.එවිට ලැක්ලාව් පහල විය=
    විශිෂ්ටයි. දීර්ඝ කාලෙකට පස්සේ ලියන්න පටන් අරගෙන. සතුටුයි. දැන් තිබෙන ගැටළුව...
    what is hegemony...? මධ්‍යම පාංතික සටනක් හෙජ්මොනියක් අතර වෙනස කෙබඳුද ?

    හෙජ්මොනිය කියන වචනයේ තේරුම දැන සිටීම අර සමන් මහත්තයා කියන්නට උත්සාහ කරාපු කාරණාව තේරුම් ගන්න වඩාත් පහසුවක් වෙනවා. දාර්ශනික අරුත් පසිදලීම පසෙක තිබියදී සලකා බැලුවහොත් හෙජමොනිය කියන්නේ කිසියම් අවස්තාවක පවතින ප්‍රපංචයන්ට දේශපාලනික වශයෙන් ඉතාම තදින් බලපෑම් කල හැකි දේ. උදාහරණයක් වශයෙන් මේ මොහොතේ ලෝක දේශපාලනයේ හෙජමොනි රාජධානිය ඇමරිකාව. ඒ වගේම මේ මොහොතේ ලාංකීය දේශපාලනයේ හෙජමොනිය වන්නේ දේශප්‍රේමී පෙරමුණයි. ඊට පහසුවෙන් අභියෝග කළහැකි අනෙක් හෙජමොනිය වන්නේ නැත්නම් හෙජමොනියක් කළ හැක්කේ අධ්‍යාපනය කියලයි අර සමන් උනදැ කියලා තියෙන්නේ
    =මේ මම දන්න විදිහ ඈ..=

    ReplyDelete
  4. ආ .... කාලෙකින් ලියලා තියෙන්නේ...අනේ මන්ද මේ ආචාරිල මහචාරිලට පඩි මදි වෙලා....පොඩ්ඩක් හොයල බලල කියහන්කෝ ඔය ලැබීම් ලැබුනට පස්සේ ආචාරිලගේ වැටුප කීයද කියලා....

    ReplyDelete
  5. ....මෙය පුලස්තිගේ මෙම පෝස්ට් එක ගැන කොමෙන්ටුවෙක් නොවන බව කරුණාවෙන් සලකන්න....
    මචං උඹට ආපහු ලියන්ට හිතක් හැදුන එක ගැන බොහොම සතුටුයි. ඒක නෙවෙයි මට කියන්ට ඕන උන දේ.. මම උඹව දැක බලාගන්ටම නැති උනත් දෙතුන් වතාවක්ම උඹේ හන්දියට ඇවිත් උඹ ගැන ඇහුවා.. (ඇත්තටම කියනවනම් දංගොල්ලට යන ගමන් ජොයින්ට් එකක් ගන්ට..) කොහොම උනත් උඹ ගැන දන්න කවුරුවත්වම මුන ගැහුනේ නෑ.. උඹ ඇත්තටම මුල්ගම්පලමද ඉන්නේ...:)

    ReplyDelete
  6. සති කිහිපයකට පෙර FUTA එකේ නිර්මලී රංජිතා නුවරදී පොර ටෝක් දුන්නේ අපි ආණ්ඩුවට කියපු කාලේ ඉවරයි, ආණ්ඩුව අපි කියන දේ අහන්නේ නැත්නම් අපි ජනතාවට කියනවා. බර්ටෝලට් බ්‍රෙෂ්ට් කිවා වගේ වෙන ජනතාවක් තෝරා පත්කර ගන්නවා කියලාය.

    එසේ කිව් නිර්මලී රංජිතාම දැන් අනේ සර් අපට තව අදින්න අමාරුයි. ඔන්න ඔහේ කටුවක් හරි දෙන්න, අපි වැඩට එන්නම් කියන තත්ත්වයට පත් වී තිබේ.

    එස්. බී. හෝ ආණ්ඩුව කලබල විය යුතු නැත. ඔහොමම තව ටික දවසක් යන්න දෙන්න. මොනවත් දෙන්න ඕනෑම නැත. නිර්මලී රංජිතාලා බඩ ගාගෙන එන හැටි පෙනෙනු ඇත.

    හිනා විය යුත්තේ මේවාටය.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට පෙනෙන සිහින ගැන මෙයට දින දෙකකට උඩදී කතන්දරකාරයාද ලීවේය. එස්.බී නැමැති දේශපාලන නන්නත්තාරයාත්, ඔහුගේ නන්නත්තාරවීම රස ඕජෝව පෙරමින් බලා සිටින ජනාධිපතිවරයා ඇතුළු පිරිසත්,තම සැබෑ මුහුණුවරින් පැමිණ ප්‍රතිචාර දැක්වීමට නොහැකි පුරුෂ ධෛර්‍ය අහිමි කරගත් මෙවනි ඇනෝලාත් මේ දිනවල දකින්නට කැමතිම සිහිනය වන්නේ FUTA එකේ ඇත්තන් ජනාධිපතිවරයා පාමුලට එන ආකාරයයි. එවැනි සිහින බලාපොරොත්තු මනුෂ්‍යයන්ට පොදු කාරණාවක් නිසා ඒ ගැන වරදක් කීමට අපට නොහැකිය.

      FUTA සංවිදානයේ ක්‍රියාකාරීන් මේ දිනවල ගෙවා දමමින් සිටින්නේ අති දුෂ්කර කාල පරිච්චේදයක් බැව් අසත්‍යයක් නොවේ. නමුත් ඒ දුෂ්කරතා හමුවේ ඔවුනට සැලකිය යුතු මහජන සහයෝගයක් හිමිව තිබේ. ඊයේ බාලා තම්පෝලා රුපියල් ලක්ෂ 5 ක් නිර්මාල්ලාට පරිත්‍යාග කළේය.

      FUTA පෙනී සිටින්නේ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙනි. නැතිනම් එසේ පෙනී සිටින්නට ඔවුනට බලකැරැනු ලැබීය. තම පෞද්ගලික වැටුප් වැඩිවීම ජාතික තලයට ගැලපෙන ගැටළුවක් වශයෙන් ප්‍රතිනිර්මාණය කරගැනීමට ඔවුනට සිදුවූවායි කියමු. නමුත් අවසාන විග්‍රහයේදී FUTA සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි. රටේ අධ්‍යාපනය වෙනුවෙන් පාලකයන් උදාසීන වන්නේ ඇයි? වාමාංශිකයැයි කියාගන්නා ආණ්ඩුවක් අන්ත දක්ශිනාංශික යූඇන්පියටත් වඩා දකුණු ඉවුරේ ගමන් කරමින් සිටි. මෙරට අධ්‍යාපනයට 1995 වනවිට 3.5% වෙන්කරතිබුණු අතර අදවනවිට එය 1.86% දක්ව පහළ බැස තිබේ. ඔබ දන්නවාද ඔබගේ නිවසට පැමිනෙන විදුලි මනු කියවන්නාගේ වැටුප මෙරට ගුරුවරයකුගේ වැටුපට වඩා වැඩි බව. සිදුවිය යුත්තේ අර අසරණයාගේ වැටුප අඩුකිරීම නොව ගුරුවරුන් ඇතුළු අධ්‍යාපනික වුර්තිකයන්ගේ වැටුප් සාදාරණ මට්ටමකට ගෙන ඒමයි. ඔවුන්ගෙ සේවාවන් ගුණාත්මක තත්වයකට ගෙන ඒමට පිඹුරු පත් සකස් කිරීමයි. වැසීයන ගම්බද පාසල් නව අධ්‍යාපනික මුහුණුවරකින් භාවිතාවට ගැනීමයි. නමුත් ඔබ වැනි ඉඳුල් කන කවන්ධයන් ඉතිහාසයේ සෑම මොහොතකම වාර්තාවී තිබේ. වර්තමානයේ අප ඔවුන්ව හදුන්වන්නේ පිම්පියන් ලෙසයි.

      Delete
    2. 'නොමිළේ අධ්‍යාපනය' අයිතියක් නොව පිනට ලැබෙන වරප්‍රසාදයකි. මුලින්ම එය තේරුම් ගන්න.

      ගෙදරට එන විදුලි බල කියවන්නාගේ වැටුප ගුරුවරයකුගේ වැටුපට වඩා වැඩි නම් මම සතුටු වෙමි. මන්ද විදුලි මනු කියවන්නා ඵලදායක කර්මාන්තයක නියැළි කෙනකු හෙයිනි. ගුරුවරයකු එසේ ඵලදායි කර්මාන්තයක නියැළි කෙනෙක් නොවේ. ඔවුන් සමාජයට ඵලදායි පුරවැසියන් බිහි කරන්නේය කීම මිථ්‍යාවකි. මේ රටේ විශ්ව විද්‍යාල වලින් බිහි වන්නේ රස්සාවක් හොයා ගන්ට වත් බැරි නිකම්මුය. මැට්ටන්ය. තව දුරටත් එවන් මැට්ටන් තැනීම පිණිස මහජන මුදල් නාස්ති කළ යුතු නොවේ.

      සැබෑ පිම්පීන් මහජන මුදල් නාස්ති කරන එවුන්ට කඩේ යන ඔබ වැන්නන්ය.

      Delete
    3. ඔබගේ කොමෙන්ටුවෙන් මතුවන ඔබ ගැන සලකන විටදී නම් ගුරුවරුන් යනු ඵලදායි කර්මාන්තයක නියැළි කෙනෙක් නොවේ යන්න පරම සත්‍යක් බැව් පැහැදිලි වෙයි.
      එමෙන්ම ඔබ ඵලදායී පුරවැසියන් යනුවෙන් හදුන්වන්නේ කවුරුන්දැයි තවදුරටත් පැහැදිලි කරදෙන්නේ නම් මැනවි.
      එමෙන්ම සැබෑ පිම්පීන් " මහජන මුදල් නාස්ති කරන එවුන්ට කඩේ " යන උන් ය යන අදහසද මම පිළිගනිමි.අධිවේගී පාරවල් තනමින්, මාසයක් යන්නටත් පෙර කඩා වැටෙන ගුවන් පාලම් තනමින්, නැව් අහලකින්වත් නොයන තැන්වල වරායන් පිහිටුවමින්, නව ගුවන් සේවා පිහිටුවමින්, රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ පවත්වමින්
      මහජන මුදල් කාබාසිනියා කරන්නේ මොක්කුන්දැයි රටම දන්නා නිසාය.

      Delete
    4. ලංකාවේ දේශපාලකයින් ගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වන්නේ ඔබ වැනිම මැට්ටන් පමණෙකි. ඊට වඩා මැටිකම ගුරුවරුන් කියන ජාතිය දේශපාලකයින්ට වඩා වෙනස්ය ඔබ මෝඩ ලෙස විශ්වාස කිරීමයි. නැත. දෙගොල්ලෝම එකය. දැන්වත් දැනගන්න.

      රස්සාවක් වත් හොයා ගන්නට බැරි මැට්ටන් බිහි කරන විශ්ව විද්‍යාල වලට මුදල් යට කිරීම නැව් නෝන වරායන්ට මුදල් යට කිරීමට හැම අතින්ම සමානය.

      Delete
  7. මේ කොමෙන්‍ටු ලියන ඇනෝ වාසනාවන්තයෙකි. මක් නිසාද යත් ඔහු ලියන්නේ කුමක්දැයි ඔහු නොදන්නා බැවිනි. ඔහුගේ මොලය එතරම් කුඩාය.

    ReplyDelete
    Replies
    1. අනේ බං! මම නෙවෙයි නම් උඹද දන්නෙ මං ලියන්නෙ මොනවද කියලා?

      Delete
    2. ඇනෝ ඔබ අංගොඩ මානසික රෝහලේ නේවාසිකයෙක් විය යුතුය.තවමත් ප්‍රතිකාර නොගත්තේ නම් වහාම පොලිසිය මාර්ගයෙන් හෝ රෝහල් ගතවෙන ලෙස ඉල්ලමි.

      Delete
    3. තමන්ගේ මතවදයට එරෙහි සියල්ලන්ම පිස්සන් සේ හංවඩු ගැසීම මෙරට බංකොළොත් චින්තකයින්ගේ සාමාන්‍ය සිරිතය. එයින් ඔවුහු එම මතවාදයන්ට පිළිතුරු නොදී සිටීමට නිදහසට හේතුවක් සොයා ගනිති.

      මෙරට ඊනියා විශ්ව විද්‍යාල වලින් බිහි කරන ඊනියා උගතුන් වැඩි පිරිසක් තමන්ට යැපෙන්නට රස්සාවක් වත් හොයා ගන්නට බැරිව ආණ්ඩුවෙන් රස්සා හිඟා කන මැට්ටන් පිරිසක් බව මා කියන විට ඔබ එයට එකඟ නොවේ නම් විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන්ට රස්සා තියාගෙන පෝලිමේ ඉන්නා ව්‍යවසායකයින් ඔබ පෙන්නා දිය යුතුය. ලංකාවේ "රැකියා විරහිත උපාධිධාරීන්" කියා පිරිසක් නැති බව ඔව පෙන්නා දිය යුතුය. ඔබට ඒ දෙකම කළ නොහැකි බව මම දනිමි.

      Delete
  8. යකෝ මේ යුනිලීවර් එකේ පොටොගැෆි පේපර් විකුනගන්ඩ බැරුව රස්සාවෙන් එලෙව්ව මොරටුවේ නැන්දගේ නැන්දගේ ගෙදරට වෙලා පිනට කාපු ගුණය නේද?

    ReplyDelete
  9. වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සේය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල, සෞඛ්‍ය, ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.

    පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.

    සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

    සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.
    Amila Gunarathna

    ReplyDelete
  10. අම්මට හුඩු, රනිල් වික්‍රමසිංහත් වමාට සපෝර්ට් කරන්න එලියට බහියි කියල දී. කු. ගුණරත්න හිතුවේ නැහැ. වමා කතා කරන කොට නින්ද යනවා වගේ කුණු කතා කියා කියා මඩ තලි තලි ගහමින් දී .කු. ගුණරත්න ආතල් ගත්තා. එත් වමාට පුළුවන් වුනා නිදාගෙන හිටපු රටක් අවදි කරවන්න. වමාගේ වැඩේ නැගල යනකොට ඔන්න දැන් ලක්ලාව්ගේද මොකාගේද රෙද්ද අස්සේ හැංගිලා ප්‍රගතිශීලියෙක් වෙන්න හදනවා. අනේ ගුණයෝ අපි නොදන්න උඹේ දේශපාලනය! මහින්දට ගං කබරයා කියලා සඳරුවන් ලියන එක වැරදි වගේම උඹත් උඹේ දේශපාලන විරුද්ධ වාදීන්ට අමාරිස්, හැලපයා, පැණියා වගේ කුණුහරුප කියන එක වැරදියි කියල දැන්වත් තේරුම් ගනින් අවස්තාවාදියෝ.

    ReplyDelete
  11. පිං ගුණයා එක්ස් එකේ ටොයිලට් එකක් විසේස ගෑනු දෙන්නෙක්ට වෙන් කරලා ඌත් අර "ඔනේ ප--ක්ට " කියල බෝඩ් එක ගහපු ටොයිලට් එකට බඩ ගෑවා මතකද??

    ReplyDelete
  12. නිර්මලී රංජිතා නංගී, දඹරා අමිලා නංගී, ඔය ගොල්ල මහ රජාගෙ දෙපතුල් ලොවින්න යන්නෙ කවද්ද නංගී?

    ReplyDelete
    Replies
    1. .බෝ තොගේ අම්මා ළගට නිදිවදින්න යන දවසට තමයි යන්න හිතාගෙන ඉන්නේ

      Delete
  13. අපේ යුව රජා බැසිල් මහත්මා
    ඔන්න අපිට පඩි වැඩි කර දෙනවලු
    අනේ බුදුන් දැක නිවන් දකිත්වා
    එතුමට විතරයි දුක තේරෙන්නේ

    පෙරටුගාමියෝ - අන්තරෙ කොල්ලෝ
    පාවාදුන්නැයි සටන බනිනවලු
    අනේ තොපි ගිහින් හාල් ගරල්ලා
    තොපිට මොටද අපි කඩේ දුවන්නේ

    ඔන්න රට වටේ සල්ලි නැති නිසා
    එකින් එකට ඉස්කෝල වැහෙනවලු
    අනේ මොටද අපි කරදර වෙන්නේ
    අපේ ළමයි නෑ ඕවට යන්නේ

    නිකම් කට තියං ඉන්න බැරි එවුන්
    සියේට හය දැන් කොහෙද අහනවලු
    ඕකුන් කුරුසේ ඇණ ගහපල්ලා
    ඔවුන් තමයි අපෙ ආතල් කන්නේ

    සීයට හය වළලන්ට හදන කොට
    මුන් තව ඒකම කූරු ගානවලු
    අනේ තොපිට වෙන වැඩක් නැද්ද බං
    ඕකම අහලා අප රිද්දන්නේ

    පඩි වැඩි වීලා - අලි තන්තෝසයි
    අපි මහ වීරයො කියා හිතෙනවලු
    සීයට හය දැන අමතක කරපං
    ඇයි තව ඕවට කරදර වෙන්නේ

    ReplyDelete
  14. බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා - අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා - ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා - ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ - පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි - දුන්න එස්බියා
    නිරුවතින් එදා - මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා - සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා - අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී - ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී - ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී - ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී - ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා - ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා - අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා - අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා - වඳිමු සාදු කිය කියා

    ReplyDelete
  15. මහත්වරුනි, විදුලි බිල කියවන්නටත් අකුරු ඉගැන්නුවේ ගුරුවරුන් බව මතක තබා ගන්න. ඔබනම් ඕපපාතිකව ලිටරසිය ලබා උපන් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම දැන් විදුලි බිල කියවන්න ලිටරසිය ලබා දෙන්නෙත් විශ්ව විද්‍යාලෙදිද?

      Delete
  16. මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

    විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

    ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

    ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

    නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

    මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

    ReplyDelete
  17. "ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete
    Replies
    1. මේ කක්කුස්සි කටේ ගදට මට ටැබූ සබ්ජෙක්ට්ස් කියල බ්ලොග් කෑල්ලක් ලිවුව හාදයාව මතක් වෙන්නෙ මොකද?

      Delete