Thursday, February 25, 2010

1980 ලංකාව - රිපීට් ටෙලිකාස්ට් එක ලගදීම රිදී තිරයේ


එක්සත් ජාතික පක්සයට අලියා නැතිව බැරිලු.ලොකුම පක්සෙ විදිහට අලියා අත් හරින්න බැහැලු.
මහ චන්දෙදි හංසය අත් හරින්න ඒ පක්සෙ මහත්තුරු ගේන තර්කෙ ඕං ඔය විදිහයි.
ඔටුන්න නිකම්ම ඔලුවට වැටෙන කම් කට බලියගෙන නලිය නලිය ඉන්න එක අලියගෙ පුරුද්දද කියල පුලස්ති හරියට දන්නෙ නැහැ.ඒත් මේ වෙන දේවල් බලන් ඉන්දැද්දි පුලාට හිතෙන එක දෙයක් තියෙනවා.
කන්දක් පල්ලෙහට බැහැගෙන යන බ්‍රේක් නැති වාහන කබලක් වගේ - ලංකාව ආයෙමත් 80 දසකෙට පල්ලම් බැහැගෙන යනවා.

80 දසකෙයි මේ උදාවෙන්න යන 10 දසකෙයි වෙනස මොකක්ද?
එදා රජා ජුනියස් රිචඩ් ජයවර්ධන උතුමානන් වහන්සෙ.
මෙදා රජා පර්සි මහේන්ද්‍ර රාජපක්ස උතුමානන් වහන්සෙ.
එදා රජ කලේ යූඇන්පිය.
මෙදා රජ කොරන්නෙ ශ්‍රිලනිපය.
ඔය වෙනස හැර අනෙත් හැමදේම දැන් එක වාගේ වී ගෙන එන සිද්දියක් තියෙන්නේ.

82 චන්දෙට පස්සෙ ඒ කාලෙ විපක්සෙ බිංදුවට වැටුන.කෑලි කෑලි කැඩුනා.සිරිමා විපක්ස නායිකාවගේ ප්‍රජා අයිතියට කෙලෙව්වා.විජයලා සිරි ලංකා එක කඩාගෙන ගියා.සිරි ලංකා කියල එකක් ඉතිරි නොවන තරමට ඒක හත් අට පොලකට කැඩුන.ආන්ඩුවේ බුවාල විපක්සෙට එලව එලව කෙලෙව්වා.අනේ අපිට ගහනව කියල අඩනව ඇරෙන්න සිරි ලංකා එකේ ගුටි කන අහිංසකයන්ට කොරන්න දෙයක් තිබ්බෙ නැහැ.
දෙමල කොමියුනිටි එකටත් ඇඩෙන්න පොලු පාරවල් වැදෙන්න ගත්තා ඒ අස්සෙ.කොටි සංවිධානෙ කියන එක දන ගාන්න පටන් ගන්න කාලෙටත් ඉස්සර ඉදලම දෙමල කොමියුනිටි එක දෙකේ කොලේට දැම්ම.යාපනේ සංවර්ධන සභා චන්දෙ කොල්ල කෑව.දෙමල මිනිස්සුන්ට ප්‍රජාතන්තරවාදෙද මොකක්ද එක ( අර කතිරෙ ගහල කස්ටියට දියවන්නාවට ටිකට් අරන් දෙන වැඩේ ) ගැන තියන විස්වාසෙත් නැති බංග කොරල මහ යුද්දෙකට පාර කැපුවා.
අන්තිමේදී 80 දසකෙ ඉවර වුනේ ඒ දසකය - කොහොමත් කලු පාට - නිදහසෙන් පස්සෙ ලංකාවේ ඉතිහාසෙ වැඩියෙන්ම කලුපාට දසකය විදිහට රෙකෝඩ් එකක් තියල.

විපක්සෙ වෙන් වෙලා තරග කොරන මේ චන්දෙට පස්සෙ ඇදෙන්න නියමිත වෙලා තියෙන චිත්‍රයත් ඔයිට දෙවෙනි නැහැ කියලයි පුලා කියන්නෙ ඕන්න.
මේක අද ( 2010 නවම් මහේ 25 වෙනිද) කිව්ව කියල ලියලම තියාගන්න.
මේ චන්දෙන් පස්සෙ රාජපක්ස උතුමානන් 3න් දෙක කොහොම වුනත් වැඩි බහුතරේ ගන්න තියෙන චාන්ස් එක ඉහලයි.ඊට පස්සෙ වැඩියෙන්ම කෙල වෙන්නේ තමන්ගේ ලකුන බදාගත්ත එක්සත් ජාතික පක්සෙට.ඕකෙ ඉන්න හැට හුට හමාරක් ආයෙත් පුරුදු විදිහට ආන්ඩුව පැත්තට ක්‍රොස් කරන්න විසාල පොසිබිලිටියක් තියෙනවා.
2004 ආපු තමන්ගෙ ලිස්ට් එකේ 40 ගානක් රැකගන්න බැරි වුන එජාප නායක උන්නැහෙ 2010 එන ලිස්ට් එක රැකගන්නව කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?
පක්සෙ මාරු කරන් නැහැ කියල ලියුමක් ලියල දුන්නම සේරම හරියයි කියල හිතාගෙන ඉන්න වර්ගයෙ නායකයො නං විපක්සෙ ඉන්නෙ වැඩේ තව ආතල් කෝටියයි.

ආන්ඩුව කොයියම්ම විදිහකට හරි 3 න් 2 ගත්තට පස්සෙ 80 දසකයේ බේස් එක 2010 ට හුනු බදාම ඇතිව හොද පදමට වැටෙනවා.
අධි බලැති විධායක ජනාධිපතිකම + විසේස බහුතරයක් තියන (විධායකයට නගුට වනන පොමනේරියන් පැටවු සෙට් එකක් ඉන්න) පාර්ලිමේන්තුව.
මේ විචල්‍යයන් දෙකේ එකතුව දැම්මම සමීකරනයේ අනිත් පැත්ත හැදෙන හැටි ගැන දැන ගන්න ඕනිම නං පහුගිය කාලේ ආචාර්ය ඇතා රූපවාහිනියෙ පෙන්නපු ඉඩි අමින් එකේ සීන් ටික මතක් කොර ගන්නා ලෙස පුලස්ති වන මම නිර්දේශ කොට සිටිමි.පාලනයක් නැති බලයක් අතට ආවම උගන්ඩාවෙය සිම්බාබ්බුවේය ලංකාවෙය කියල වෙනසක් නැහැ ආයුබොවන්ඩ.

අලිය බදාගෙන ඉන්න බුවාලට කෙලිය තමයි කියල තේරෙන්න ගන්නෙ ඔයිට පස්සෙ 80 දි සිරිලංකා එකට වැදුන වගේ තමන්ටත් වදින්න ගන්නකොට.

පුලස්තිට තේරෙන විදිහට රනිල් බොස් අලිය බදාගත්තෙ අලියට ආදරේට වැඩිය ෆොන්සේකට තියන බයට.ෆොන්සේකා බොස්ව අස්සට ගන්න ඉස්සර හයිඩ් එකේ තිබ්බ රැලියෙදී යූඇන්පී කාරයෝ ඇතුලු හිටපු මහ සෙනගෙන් රනිල්ට වැදුන අත්පුඩියයි ෆොන්සේකා ආවම වැදුන චියර් එකයි දෙක අහලකින් තියන්න බැරි බව නොතේරෙන්න රනිල් බොස් බබෙක් නෙමෙයි.රනිල් බොස් අලියට ඔච්චර ආදරෙයි නං ගිය ජනාදිපති චන්දෙදි විතරක් අලිය අත්හැරියෙ මොකටෙයි?අලිය පිටේ නැගල පොර වගේ ඒකටත් ඉල්ලන්න තිබුන නෙව තනියම!

ජේආර් උතුමාගේ ඇග්රෙසිව් ගේමට ෆේස් කරන්න සිරිමලගේ දුර්වල ලීඩර්සිප් එකට හයියක් තිබ්බෙ නැහැ.රාජ්‍ය බලේ පිටාර ගලද්දි අන්තිමට විපක්සෙටයි සුලු ජාතීන්ටයි උතුමා හිතන විදිහට නොහිතන අනිත් හැමෝටමයි එදා වුනේ අධෝමුඛයේ නගුට ගහගෙන ගෙවල් අස්සෙ හැංගෙන්න.
එහෙම හැංගෙන්න බැහැ කියල හිතුව ගටක් තිබ්බ බුවාල දෙවර්ගයක් අධික රාජ්‍ය හිංසනයට එදා ප්‍රති හිංසනය මාර්ගයෙන් චැලෙන්ජ් කොලා.
එක සෙට් එකක් උතුරෙදි.
අනිත් සෙට් එක දකුනෙදි.
අන්තිමේදී උනේ මොකක්ද?
ආයෙමත් මේ රග දැක්වෙන්න යන්නෙ ඒ පරන නාඩගමමද?

19 comments:

  1. නියමයි පුලා මෙක තමයි විස්තරෙ ඉතිහාසය හැමදාම මෙ මිනිස්සුන්ට අමතකයි. මිනිස්සුන්ට රාජ්‍ය මාධ්‍ය වල පෙන්නන දෙවල වලට රැවටිලා ඉන්නෙ. මෙක ආපහු එකාලෙ වගෙ වෙනවා. මහ රජතුමා ඔහොම ගියොත් , ඇත්තට ජෙනරල් සරත් ෆොන්සෙකාව අත්අඩංගුවට ගත්තට මොකද තාම ආංඩුවෙන් කිසි සද්දයක් බද්දයක් නැහැනෙ. කො අර චොදනා පත්‍රය, කො විරුද්ද සාක්ෂි..?

    කවුරු හරි මෙක දකින කෙනෙක් මට පොඩ්ඩක් කියලා දෙන්න මෙ මගෙ හිතෙ තියන ප්‍රශ්නෙ ට උත්තරයක්.....?
    පුලා උබට පුළුවන්නම් එත් කමක් නැහැ....

    ජානාධිපතිවරණය තියන කාලෙ.. රජයෙ මාධ්‍ය ජෙනරල්ට එල්ල කරපු චොදනා.....
    1. හොරා... සල්ලි හොරකම් කර ඇත.
    2. මවුබිම පාවා දෙන්නා.... මවුබිම පාවා දි ඇත.
    මෙ ආදි විශාල ලෙස දවසකට 1 ගනනෙ පමණ එල්ල කරන ලදි.

    නමුත් දැන් අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ මෙ කියන කිසි චොදනාවකට නොවෙ. එ කියන්නෙ රජයෙ මාධ්‍ය මිනිස්සුන්ව නොමග යවනවාද...?

    ReplyDelete
  2. අනේ මන්දා..
    ඒත් ම.රා. ට හොරා හොරා කිව්වා විතරනේ. ඡන්දෙට පස්සෙ උනත් නඩු දාන්න තිබ්බනේ විපක්ෂයට.

    ReplyDelete
  3. @ රවා
    මම නං හිතන්නෙ මේකයි.ආන්ඩුවෙ මාධ්‍ය දන්නව තමන් ගහන්නේ අතේ රෝල් කියල.ආන්ඩුවෙ ලොක්කොත් දන්නව ඒව අතේ රෝල් කියල.ඒ උනාට ඒ අතේ රෝල් ෆිෂ් රෝල් කියල හිතාගෙන ගිලින බුවාලගෙන් පිරුන රටක් හින්ද මේක අතේ රෝල්කාරයන් අධෝමුඛයෙනුත් හිනා වෙවී අතේ රෝල් නිස්පාදනේ යසට කොරගෙන යනවා.
    දැන් අලුත්ම සීන් එක ෆොන්සේකා බොස්ට විරුද්දව නඩු විභාගෙ සිවිල් උසාවියකටලු ගේන්නේ ඒ පාර.
    යුද අදිකරනෙට මොකද දන්නෑ උනේ?
    යුද අදිකරනෙටම එයාව යවන්න ඕනෙ කියල යුද හමුදා පනත එහෙම අරගෙන ඇද බාපු බරසාර තර්ක දැන් අපි අනිත් කනින් පිට කරන්න ඕනෙද?

    ReplyDelete
  4. SF ට විරුද්ධ චෝදනා සිවිල් අධිකරනයේ අහනවා කියල කොහෙද තිබුනේ? අපට ඇහුනේ නම් විදේශ විනිමය වංචා කිරීම ගැන නඩුව නම් සිවිල් අධිකරණයේ අහනවා කියලයි. පුලස්ති අපට ඕකට යොමුවක් දෙන්නකෝ බලන්න.

    ශේෂ්ඨාධිකරණයත් කියල තියෙනවා හමුදාවෙන් අත් අඩංගුවට ගැනීම හරි කියල. පුලස්ති ඒක දැක්කෙ නැද්ද නැත්නම් නොදැක්කා වගේ ඉන්නවද?

    ReplyDelete
  5. @ nadeesthoughts විධායක ජනාධිපතිට නඩු දාල වැඩක් තිෙයනවද?
    ඉතිහාසය පුනරාවර්තනය වේ.

    ReplyDelete
  6. පුලා. උඹ හරි. රනිල් ලොක්කා නැවතත් ආණ්ඩුවට ..කදී නසින්නට සූදානම් වෙනවා. ඒ නිසා දැන් අපිටත් තීරණයක් ගන්න වෙලා තියෙනවා. විහේෂයෙන්ම අපේ රටේ "බුදියගෙන ඉන්න" විපක්ෂෙන් අපිට වැඩක් නැහැ. අතීත‍ය දිහා බලපුවහම අරගල කරලා දිනාගත්ත්‍තු දේවල් විතරයි තියෙන්නේ. අනෙක් අතට එජාප යෙන් මන්ත්‍රීකම් අරගෙන ආණ්ඩුවට එකතු නොවෙයි කියලා හිතන්න අමාරැයි. රනිල් ලොක්කා හිතන් ඉන්නේ "ලියුම" තමයි භාණ්ඩේ කියලා. ඒත් ඒක කොන්ඩේ බැදපු චීන්නූ පාවිච්චි කරපු ක්‍රමයක් බව තෙරෙද්දි කෙළවෙලා තියෙයි. දිවුරැම් පෙත්සම් ගැන අපට "පූර්වාදර්ශ" තියෙනවනේ.

    කොහොමටත් මේ ජන්දේ තීරණාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයට. නිවැරදි වෙන්න කියලා නැවත වරක් රනිල් ලොක්කගෙන් අපට ඉල්ලන්න වෙලා තියෙනවා.

    ReplyDelete
  7. @No Frames

    යුධ හමුදා අධිකරණයෙන් සරත් පොන්සේකා අත්අඩංග=වට ගැනීම නිවැරදි බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර නැහැ. එහිදී මතුවී තිබෙන්නේ යුධ අධිකරණයෙන් ඔහුට ඇති චෝදනා විභාග කරන්නට කාලයක් ලබා දීමේ අවකාශයයි. මක්නිසාද යත්, යම් වැරදිකරැවෙකු හෝ නිවැරදිකරැවෙකු වශයෙන් තීරණය කරන්නේ නඩු විභාගයකින් පසුවයි. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ සදහා අවකාශය ලබා දී තිබෙනවා. අනෙක් අතට රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අනෙක් සියළු නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ය. ඒ අනුව යුධ නීතිය යන්න ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතු බවයි මගේ හැගීම. නැතිනම් යුධ හමුදාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය හිමිවෙයි. මක්නිසාද යත්, නැතිනම් හමුදා නීථිය උත්තරීතර නීතිය බවට පත්වෙයි.

    අනෙක් අත‍ට සරත් පොන්සේකා සිද්ධියේදී "භාවිත ක්‍රමය" පිළිබද ආණ්ඩුවටද නිවැරදි දැක්මක් නැත. නැත්නම් විටෙක හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බව පවසා සිටියත් තවත් විටෙක සිවිල් අධිකරණයට ඉදිරිපත් කරන බව ජී.ඇල්. පවසයි. මෙය තවත් එක් අනාගැනීමක්ද? සටකපටකමකද? යන්න තේරැම් ගැනීමට බලා සිටිය යුත=ය.

    ReplyDelete
  8. මා සිතමින් සිටි දේ ඔබ ලියා ඇත. මේ 1982 යි.
    1. ජවිපෙ තහනම් වීමට ඉඩ ඇත.
    2. එජාප ය තව වරක් දෙකට හෝ 25 ට කැඩීම ට නියමිතය.
    3. ශ්‍රී ලන්කා කාරයින් 1982 යූ එන් පී කාරයන් ලෙස හැසිරීම (කොළ ශ්‍රී ලංකා)දැනටමත් සිදුවේ.
    4.රනිල් ළමාතැනිය සිරිමා සේම පක්සය ඇතුලේ පිස්සු කෙලිමින් සිටීම ඇර වෙන යමක් කිරීමට අසමත් වනු ඇත.

    ඊටත් වඩා ජරා හා ජඩ දේ සිදු වීමට නියමිත නමුත් උත්ප්‍රාසය නැති කිරීමට කැමති නැති නිසා නිහඬ වෙමි.

    ReplyDelete
  9. @ Alaya

    විධායක ජනපතිනිය වූ චන්ද්‍රිකාට අස්වූ පසු නඩු දැම්මේ නැද්ද? හොරුන්යැයි කිවූ සහොදර සමාගමට නඩු දාන්න කාගෙන්වත් තහනමක් නෑ නොවේද?

    ReplyDelete
  10. @nadeethoughts
    අර ඊ කොලමක් ලියපු ප්‍රගීත් ට වෙච්චි දේයි, විජෙදාස රාජපක්ස ට වෙච්ච් දේයි, සරත් ෆොන්සේකා ට වෙච්චි දේයි දැක දැක මොකා නම් නඩුදායි ද.. බොරු නම් සනත් ජයසූරියගෙන් කණට කරල අහන්න එයා ව චන්දේ ඉල්ලන්න පෙළඹුව දුරකථන ඇමතුමේ අන්තර්ගතය.

    ReplyDelete
  11. @naddethoughts
    ඔය වගේ කතා 1982 යූ එන් පී කාරයොත් කිව්වා.

    ReplyDelete
  12. nadeesthoughts
    අණ්ඩුවෙ ඉන්න අවංක මිනිස්සුන්ට වැඩක් කරන්න දෙන්නෙ නැහැ. නරක ජඩයො ටික ඉහල තැන් වලට රිංගන් පගා ගහනවා, කොමිස් ගහනවා , මිනිස්සුන්ගෙ හිත් වල වෛරය පතුරොනවා. එක ඔයා දැකලත් මෙ ආණ්ඩුවෙන් ඔයාට වාසියක් වෙනවා කියලා හිතලා ඔයා මෙහෙම අණ්ඩුව කරන දෙ හරි කියලා කියනවනම් එක රටට කරන ද්‍රොහිකමක් ලෙස මම දකින්නෙ..මම පුංචි උදාහරනයක් දෙන්නම් ASP කෙනෙක් මාරු කරා කලුතරට එයාගෙ වැරැද්ද එයා මහින්ද රාජපක්ෂගෙ කටවුට් එකක් ගැලවිම. එයාගෙ බිරිද මගෙ ඉස්සරා එයාට බනිනවා, අනිත් මිනිස්සු වගෙ හම්බ කරන්නෙ නැතුවා එයා පිස්සු නටනවා කියලා. asp සැබැවින්ම මහත්තයෙක්. එක අපිට තෙරුනා.


    No Frames ට
    "ශේෂ්ඨාධිකරණයත් කියල තියෙනවා හමුදාවෙන් අත් අඩංගුවට ගැනීම හරි"

    මෙ කොතනදිද කියලා තියන්නෙ... දිනමිනෙ එක්සත් ජාතින්ගෙ නිරික්ෂන වර්තාවෙ චන්දෙ ගැන තිබුනා වගෙද...?
    ඇත්තටම ඉතිහාසයම තමයි මෙ නැවත් සිදුවන්නෙ... ජාතික මාධ්‍ය තුලින් තොරතුරු අරගෙන තර්ක කරන්න එන්න එපා. ඔය ස්වාධින එක මහ නායක හිමිවරු පැවසු කරුනුත් අර්ථ විකෘති කරලා දැම්ම උන්නෙ. උන් තමුන්ගෙ අම්මාව උනත් විකුනයි චන්දෙට.. තනතුරු වලට, සල්ලිවලට රට පාවා දෙන උනුයි,අවංකව වැඩක් කරලා නිහඩව ඉදිරියට එන්න දගලන උනුයි අතර වෙනස අදුනගන්න දැන ගන්න ඔනා.

    දැන් ආණ්ඩුව කරන දෙ හරි කියලා කියන කස්ටිය .... තමුන්ගෙ දරුවො අහන ප්‍රශ්න කිපයකට උත්තර දෙන්න ලැස්ති වෙන්නලා. නැත්නම් උන් අපිට හෙන ඉල්ලයි. ඇයි තාත්තෙ මෙ වගෙ දෙයක් වෙද්දිත් ඔයාලා මෙහෙම හිටියෙ, ඔයාට මෙ පුංචි දෙ වත් තෙරෙන්නෙ නැත්ද කියලා....

    ReplyDelete
  13. මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන මිනිස්සුන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා දිනමිණ, ස්වාධින එකයි, ජාතික එකයි, ඔය තුනෙ ඇරෙන්න වෙන ඔනාම තැන් කින් කරුණු අරන් කථා කරන්න එන්න කියලා.

    ReplyDelete
  14. @ nadeesthoughts : චන්ද්‍රිකා නෝනා අයින් උනාට පස්සෙනෙ නඩු දැම්මෙ. එහෙනම් මහින්ද මහත්මයා අයින් වෙනකම් බලන් ඉන්න වෙනව නේද ? අනික පරණ කියමනක් තියෙනව නේද හොරාගෙ අම්මගෙන් පේන අහනව කියලත් ? එතකොට කෝප් වාර්තා වල අඩංගු දෙපැත්තේම උන්ගේ කෙරුවාවල් බොරුද ? (වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව)

    @ රවා : මේව ගැන කතා කරල වැඩක් නැහැ.
    මට මතක් වෙන්නෙ ඇමරිකන් හමුදාවෙන් සදාම් හුසේන්ව මරා දමපු ආකාරය. ඒ මනුස්සය මරණයෙන් පස්සෙ වීරයෙක් උනා.
    මේක හොරු එකතුවෙලා ජීවිතේ රැකගන්න කරණ සටනක්. අපි මේවට අනුකම්පා කරමුද / විරුද්ධ වෙමුද ? නැත්නම් මේ ප්‍රවාහයටම එකතුවෙමුද කියලා තීරණය කරමු.

    ඉතිහාසය පලමු වර ශෝකාන්තයක් ලෙසද පසුව ප්‍රහසනයක් ලෙසද පුනරාවර්තනය වෙනව කියල තමයි කියන්නෙ. ඒකත් ඉදිරියෙදි බලාගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  15. @ තිසර

    කොලේ වහලා ගහන්න එපා. SF මූලික අයිතිව0සිකම් පෙත්සමෙන් ඉල්ලුවේ තමන්ට හමුදා නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට හා ඒ නිසා හමුදාව මගින් අල්ලා ගැනීම වැරදි බව ප්‍රකාශ කරන ලෙස තමයි ඒ ක තිබුනේ.

    SF වැරදිද නැද්ද යන්න අධිකරණය තීරණය කරයි. හමුදා නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිති තමයි. ඔබේ තර්කය මොකද්ද කියල කිවුව නම්?

    ඔබ තවමත් ඉහත කී සිද්ධියට සම්බන්ධ පුවතකට යොමුවක් දුන්නේ නෑ. යන්නේ කොහෙද කියල ඇහුඋවම මල්ලේ පොල් වගෙයි පිළිතුරු ලියන්නේ.

    ReplyDelete
  16. @ රවා

    SF ට හෙලුවැල්ල පේන විදියට කඩේ යන ඔබ සිතන්නේ SF පරම පිවිතුරු නෙළුමක් වගේ එකක් කියාය. SF මාට්ටු වී ඇත. මොනවයින් බේරුනත් විනිමය වංචාවෙන් බේරෙන්න බෑ. මොකදා ඇමරිකාව කියලනෙ තිඔයෙන්නේ ඒ ගිඔල්ල SFට සල්ලි දුන්නේ නෑ කියල. එතකොට කොහොමද ඩොලර් 700,000 සේප්පුවේ තියෙන්නේ?

    ආණ්ඩුවට විරුද්ධව, SFට පක්ෂව, රණවිරුවන් යුධ අධිකරණයට ගෙන යන්න හදන උන්ට උදවු කරන උඹලගේ ලමයි උඹලට ඉල්ලන්නේ වැහි නැති හෙණ. ඒකට ලැස්ති වෙල ඉඳපල්ලා

    ReplyDelete
  17. [මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන මිනිස්සුන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා දිනමිණ, ස්වාධින එකයි, ජාතික එකයි, ඔය තුනෙ ඇරෙන්න වෙන ඔනාම තැන් කින් කරුණු අරන් කථා කරන්න එන්න කියලා]

    lanka-e-news, Daily Mirror වගේ එව්වද?

    ReplyDelete
  18. Me kathawe loku parahak thiyenava. JR ta 80s valadi e hati jana shayogayak thibbe ne. Namuth dan inna ekaata mara sira support ekak thiyenne. Ekayi prime reason eka umbalata kela wenna.

    Anduvata banina kattiyage vedanaava therenava. Menna hethu.

    1. JVP eke antha paraajaya [yantham SF andagena shape unath] gana thiyena baya saha lajjava

    2. Ranila PE eka maga arala GE ekata venama illimen jeppanta haa SF ta dunna gema gana thiyena kenthiya

    3. SF vaadinge kisima hethuvak nathi mahinda vairaya [hiti gaman giya december valadi pahala vechcha]

    4. Kochchara gahuvath mahindayata vadinne nathi eka

    5. Umbala kiyana apabransha saamaanya mahajanayaa ganan ganne nathi eka [exe presidency eka avul, power stations, dams haa bridges kiyanne thanikara waste ekak, basic rights diyavu, media freedom to write any shit thing, take teh war heroes to war tribunals, provide for "unknown" tamil aspirations etc]

    6. Sf va remand dammata ballo visi pahakata vadaa biruwe nathi eka [kiwwe mandela/Su ki kiyala. Iran type riots kiyala. Anthimata bus dekaka senagath ne]


    [ithiriya pahala...]

    ReplyDelete
  19. [digatama kiyavanna...]

    Mekayi kollo prashne.

    Mahindaya ekka sellam be. Uu lankaame thibba saamanya prajathanthare gaanata thamayi inne, habayi uu enemies la ta denava nathi wenna. Onaama daksha minihek ohomayi. Adaksha evun [ranil/CBK] ta hariyata kara ganna bari kama misak. Nathuwa e gollo meyaata vadiya prajathanthravaadi vela neveyi.

    Kohoma hari purasaaram dodapu vipakse kelagannava. Me livva ekaaath uu ma kiyana vipaksha valiyata petrol daanava.

    Man mahinda ge gottek neveyi. Uge guna aguna apatath penava. Habayi umbala kiyana baagayak bahubutha. Ithiri baage vairaya. Karunu galapaa honda de honda hatiyatath naraka de naraka hatiyatath kivva nam minissu umbala va pili ganiyi. Ranila vage, SF vage, Somawansa vage kenthiyen hari yati giriyen hari ke gahuvama [ke gahuvata kamak ne, eth vachana vala aththe pirisindu vairaya pamanayi neda] apita hari appiriyayi macho.

    Mahindayata 2/3 labiya yuthu ne.. Uu exe prez ahosi karana ekakuth ne. Hari plan ekak nathuwa eka ahosi kirimata man kohomath viruddayi. E nisa umbala [vipaksa] ekkahu vela [eka list ekata neveyi] puluvan tharam seat ganilla eka rate prajathanthare ta hondayi.

    Mehema ekinekaa ta bana gaththa ma venne oya thiyena deka hamaarath nathi vena eka vitharayi. danatath maha janayaata umbalaa hari ma hirikithayi.

    [ivarayi]

    ReplyDelete