Thursday, May 20, 2010

යුද ජයග්‍රහනයේ පලවෙනි සංවත්සරය



තමන්ගෙ ගොවිතැන් වැඩ ටික කරගන්න බැරිව,අස්වැන්න විකුනගන්න බැරිව අසරන වුන දුක් වුන නය වුන දස අතේ හූල්ල හූල්ල උන්න කෙල්ලොන්ට ඇගලුම් කර්මාන්තශාලා කියල මරු ආන්ස්වර් එකක් දුන්න අපේ රටේ නායක උතුමන්ලා කොල්ලොන්ට දුන්න සොලියුෂන් එක උනේ යුද්ධය.
නායක කාරකාදීන් වමාර වමාර කාපු හින්දම යුද්ධයක් උන මේ පුරස්නෙ කොල්ලොන්ගෙ රස්සා පුරස්නෙ වහගන්න නායක කාරකාදීන්ට මරු තුරුම්පුවක් උනා.දුප්පත් කොල්ලොන්ට හම්බ වුන මේ රස්සාව අම්බානක අවදානම් ජොබක් වුනත් ඒ අවදානම කවර් කොරන්න රනවිරුවො කියන ලස්සන දවටනය යෙදුන.දිස්නෙ ගහන ඒ ලේබලයයි හම්බ වුන තරමක් හොද පඩියයි හින්ද පාලකයන්ගෙ විනෝදය වෙනුවෙන් බෙල්ල දෙන්න අපේ ගම්වල කොල්ලො පේලි ගැහී ඉස්සරහට ආවා.හතර අතින් ජාතික ගීත වැයුනා.

ඒ පුරස්නෙ කොහොම උනත් හමුදාවට බැදුන කොල්ලො කලේ කඹේ උඩ යනව වගේ අම්බානක ඩේන්ජරස් ගේමක්.යුද්දෙ ඇවිලිලා යනකොට ආතල් එකේ චන්ද කොරපු නිමල් සිරිපාලලාට වඩා ත්‍රස්තවාදය පරද්දලා ලෝකය දිනන්න ලෝකය වටේ ගිහින් ෆන් ගත්ත බෝගොල්ලාගමලාට වඩා යුද්ද බිමේ මැරෙන මල මිනි වල පිනෙන් ටිවි වල දේසප්‍රේමීන් උන වීරවංසලාට වඩා යුද්ද බිමෙ ලේ හලපු සාමාන්‍ය පැලැන්තියේ කොල්ලො කරපු සැක්රිෆයිස් එක අන්තිම විසාල සැක්රිෆයිස් එකක්.

දැන් වැඩේ හමාර වෙලා අවුරුද්දක් හමාර වෙලා.රනවිරු ගෝසාව දැන් ඇහෙන්නෙ නැති තරම්.අපේ නායක කාරකාදීන්,ටිවි වලින් යුද්ද ආතල් ගත්ත මධ්‍යම පංතියෙ පොෂ් පොරවල්,ඒ කාලෙ කර උඩ තියාන හිටපු රනවිරුවො දැන් ඉන්නෙ කොහෙද?දැන් එයාලගෙ තත්වෙ මොකක්ද?
යුද්දෙ කාලෙ ෆන් එකේ හිටපු අපේ සමාජයේ දැන් තත්වෙ කොහොමද?ඒ ආතල් එකට මොකද වුනෙ?ඒ ෆන් එක ගංවතුරට ගහගෙන ගිහිල්ලද?

බඩු මිල දවසෙන් දවස අහස උසට යනව.ඒවට තැලිල පොඩිවෙලා මිනිස්සු කෙදිරි ගානව.පදික වේදිකාවක පුලුවන් විදිහට බිස්නස් එකක් කොරපු අය ඒවයෙන් විසි වෙනව.ලොකු සමාගම් වලට බදු දීල කැලෑ එලිවෙනව.යුද්ද කාලෙට ඉස්සෙල්ලත් යුද්ද කාලෙදිත් එක විදිහට හූල්ල හූල්ල හිටපු නෝමල් කැලෑසියේ මිනිස්සු අදත් ඒ විදිහටම හූල්ල හූල්ල ඉන්නවා.
යුද්දෙට ඉස්සෙල්ලා නායක කාරකාදීන් කලේ ආතල් එකේ වැජඹුන එක.
යුද්ද කාලෙදිත් උන්නැහෙලා කරේ යුද්දෙ පෙන්න පෙන්න ආතල් එකේ වැජඹුන එක.
දැන් යුද්දෙ ඉවර වෙලා.
තාමත් උන්නැහෙලා චන්ද පිට චන්ද කොර කොර කරන්නෙ ෆන් එකේ සැප ගන්න එක.
රනවිරුවන්ට මොකෝ උනේ?
බදු බර උහුලපු සාමාන්‍ය මිනිස්සුන්ට මොකද උනේ?
වෙන එකක් තියා "රනවිරුවන්ගේ රනවිරුවා" කියල නායක බුවාලම උඩ දාපු - ඒ උනාට තමන්ට අකිකරු වුන ජෙනරල් ෆොන්සේකා බොස්ට මොකද වුනේ?
අපි මේ ඉන්නෙ කවුරු හරි අටවපු උගුලක අහුවෙලාද?එහෙම උගුලක හිරවෙලා ඉන්න ගතියක් හැම වෙලේම දැනෙන්නෙ මට විතරද?

යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් ගිය තැන ඒ ගැන සන්තෝසය පල කරමින් සටහනක් දාන්න බැරි වුන එක ගැන පුලාට දුකයි.මේ ලිව්වෙ අරහෙන් මෙහෙන් ඔලුවට ආපු අයිඩියාස් ටිකක්.
අයිඩියාස් හරියකට පෙලගස්සගන්නත් අමාරුයි.
හතර අතෙන් වෙන දේවල් තේරුම් ගන්න අමාරු හින්ද මේ වංගියෙ අයිඩියාසුත් හරියකට ක්ලියර් එකට එන්නෙ නැහැ.

5 comments:

  1. පුලා මෙකම තමයි ගොඩක් දුරට විස්තරෙ මගෙත්, මට පුදුමයි කිරිබත් කවාගත්තු වුන්(ප්‍රභාකරන්ව මැරුනු වෙලෙ) මෙ ජෙනරල් වෙනුවෙන් මුකුත් කතා කරන් නැත්තෙ ඇයි කියලා, ප්‍රගීත් මහත්මයත් අතුරුදහන් වෙලා ගොඩාක් කාලයක් දැන් මිනිස්සු එක එක දෙ කියනවා.. මිනිස්සු මොඩයි කියලා ඉස්සලාම දැනගත්තෙ සිරස කරපු මනුස්සයා, පස්සෙ රජයෙ ඉන්න මහතැන් වලටත් වැටහුනා , පස්සෙ සිරස කරපු දෙම ජාතික එකෙ කරන්න ගත්තා. එකයි වුනෙ, සිරස කරෙ ඉන්දියවෙන් ගෙන්වපු දෙවල්, ජාතික එකෙ කරෙ ලංකාවෙ හදපු දෙවල්, දිව දෙකෙ මිනිස්සු, කොන්දක් නැති ව වැනෙන මිනිස්සු කිපදෙනෙක්ව ලංකරගෙන මෙ කරන විකාරය බුද්ධිය පොඩ්ඩක් හරි තියනවා නම් තෙරෙනවා.. මහින්ද මහත්තයා දෙශපාලනයෙ පරිනතයි කියලා කිව්වට සොබාදහම ගැන මුකුත්ම දන්නෙ නැහැ වගෙයි. මුදල, බලය, කිර්තිය, ප්‍රශංසාව මෙ හැමදෙයක්ම් හැසිරෙන හැටි ගැන දන්නෙ නැහැ වගෙයි. ජෙනරල් itn එකෙ කරපු සාකච්චා ඔක්කොම මං ගාව තියනවා. එවත් එක්ක පහුගිය කාලෙ ජෙනරල්ට itn එකෙ බැනපු දෙවල් බලපු හාම මට පුදුම මෙ මිනිස්සුද මෙ තැන්වල පාලනය කරන්නෙ කියලා. යුද්ධය ඉවරයි.. ලංකාවෙ මිනිස්සු අන්ධ කරලා තියන්නෙ මාධ්‍ය තුලින්.. හැබැයි මෙයාලට මෙක කරන්න හැමදාම බැහැ... එක සොබාදහමෙ නිතියක්, මිට කලින් හිටපු, චන්ද්‍රිකා,ප්‍රෙමදාස, ජේ, අර් කට්ටියම හිතුවෙ හැමදාම රජවුනා කියලා නමුත් කිව්වෙ අපි තාවකාලික බාරගත්ත කියලා, මෙයත් එ පාරෙම යන්නෙ.

    ReplyDelete
  2. පුලා, කාලෙකට පස්සේ...
    ඒත් ලියපු ටිකට මෙන්න සැලියුට් එකක්...
    රණවිරැවා වේගයෙන් ආමිකාරයා පොලිස්කාරයා වීගෙන යනවා...
    ජෙනරාල් පාවාදෙන්නෙක් වෙලා...
    ඒත් විමල් වීරවංශලා, චම්පික රණවකලා, නාමල් රාජපක්ෂලා අමාත්‍යංශ වල කොඩි උස්සනවා...
    අම්මලා තාත්තලා, දූ දරැවෝ, භාර්යාවෝ රට වෙනුවෙන් නැති වෙච්ච තමන්ගේ එකාලගේ අඩුම තරමින් වන්දියවත් නැතිව ලතවෙනවා...
    අනේ කාලේ ආශ්චර්යයේ වාසේ කිව්වලු...

    ReplyDelete
  3. ඒ ‍දේවල් එහෙම සිද්ධ වුණාට මේ රටේ ඉන්න පෝරිසාදයෝ ඒක පිළිගන්නෙ නෑ නේද අදත්. පහුගිය කාලෙ ඡන්ද ආතල් එක ගත්ත. නායකයන්ටම බැනල වැඩක් නෑ. පෝරකේට දඟගේට යවන්න ඕනි අසත්පුරුෂයෝ සිහසුන් මත හිඳවන්නෙ වෙන කවුරුත් නෙවෙයි අද බඩගින්නේ වේලෙන අහිංසකයො කියන මොට්ට ජනතාවම තමයි නේද?

    ReplyDelete
  4. Pulasthi,

    I replied to your comment at https://www.blogger.com/comment.g?blogID=1012259489902547458&postID=4957203357434484054&pli=1

    "මිනිහව හිරේ තියාගෙන පුලුවන් නං නඩු දාපං කියන එකත් මාර විරකමක් නේද ලොක්කා?දාමුකො බලන්න එලියට.ඊට පස්සෙ නඩුවෙ ප්‍රමාදෙ ගැන කතාකරමු නේද?"

    පුලස්ති ලොක්ක නෑට්ට පාගාගෙන කතාකරන්නෙ මොකද? දෑන් Fonseka මහතා අතුරුතහනම් නියොග, මානවහිමිකම් නඩු බර ගානක් ඉදිරිපත් කරලා තියෙන්නෙ යසට වායුසමනය කරපු හිර ගෙදර ඉදන්. එතකොට Fredrika Janz විරුද්ධ නඩුවත් එහෙම ඉදන් පවරන්න පුලුවන්නෙ! ඈයි පරක්කු? අර ගහට ගිය මිනිහ වගෙ බොරු මෝඩ තර්ක ඉදිරිපත්කරන්නෙ නෑතුව ඈත්ත පිලිගන්න.

    Care to respond to that!

    ReplyDelete
  5. මහින්ද මහත්තයා දෙශපාලනයෙ පරිනතයි කියලා කිව්වට සොබාදහම ගැන මුකුත්ම දන්නෙ නැහැ වගෙයි. මුදල, බලය, කිර්තිය, ප්‍රශංසාව මෙ හැමදෙයක්ම් හැසිරෙන හැටි ගැන දන්නෙ නැහැ වගෙයි.

    Any Song Free Download...100% FREE
    English Songs, Sinhala Songs,Hindi Songs, Audio Songs, Video Songs,Rock, Hip-Hop,
    Audio, Pop, Rap, RNB,Classic, Reggie, Techno, Vocal, Blues, Jazz, Remix



    Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
    Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
    Sinhala song download

    ReplyDelete