Wednesday, May 26, 2010

බ්ලොග් ලෝකයේ මහා ආගමික සංග්‍රාමය


බොලොග් අවකාසේ දෙවනත් කරගෙන මහා ආගමික සංග්රාමයක් හතර පැත්තෙන් ඇවිලීගෙන ඇවිලීගෙන යනවා.කල් ඉකුත් උන කිරි වීදුරුවක් බීව වගේ දෙයි හාමුදුරුවනේ බඩ යන්නාහේ තර්ක විතර්ක මඩ කොහෙන් ඇදහැලෙනවද හිතාගන්න බැහැ.බ්ලොග් රසිකයෝ මැසි මත මැසි බදිමින් වාසල පවුරු මත නැගෙමින් සංග්‍රාමය නරඹන්නාහුය.ආප්ත ගෑනුද ආප්ප උයමින් සංග්‍රාමය කවරක්දැයි ඉස්සී ඉස්සී බලන්නාහුය.
ඈත ධූලින් වැසී ගිය පෙරමුනේ රාලය.මෑත සුදුමැලි වෙලා වචනයක් දෙකක් තටමන ලංකා 1 බ්ලොග්ය.ඈත වියරුවෙන් ගොජ දමන නෝ ෆ්‍රේම්ය.මෑත ඉන් රිටර්න් ගේම දෙන ඇට මැස්සාය.ඈත දුටු දුටූවන් කීතු කීතු කරමින් තම්බියා මරක්කලයා කොන කැපූ එකා ත්‍රස්තවාදියා යි කෑ ගාමින් වමනය කරන පිටියේ අප්පුය.මෑත කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්ට කිංඩි දාන බියොන්ඩ් ෆ්‍රේම්ය.
( අතර මැද අනේ බබාල ඔයාල ඔහොම ගහගන්න එක හොද නැහැ නේද කියල අසන මහමෙව්නා අසපු සංචිතයය )

බලාගෙන ඉන්නෙ බම්බුවටද?වලියක් කොතැනද පුලා එතන.මේ ගැන පුලස්ති කාලෙකට උඩදි ලියපු සිංදුවක් තමයි මේ.

ගේමක් දීල ගිය අවුරුද්දේ ගංජා ඔතලා ඇතුලෙත් හිටියේ මේ අවුරුද්දේ වීල් එලවලා බටයක් ගහලා ජීවත් වෙන්නේ පුලා අයියා මං හොදම කැ** මං ගේමකදී සරම කරේ තියං බැස්සෙ මං!

( මේ සෝන්ග් එක සිංග් කොරන්න ඕනෙ ඉරාජ්ගේ "පාතාලයා මං" කියන සිංදු කෑල්ලේ තනුව අනුව බව සලකන්න )
ඔන්න එහෙනං නමෝවිත්තියෙන් පුලත් බැස්සා ගේමට.

ඉස්ලාම් ආගම ආක්රමනශීලියි.පට්ට ඩේන්ජරස්.ඒකෙ උගන්නන්නේ අනිත් උන්ට කෙලවන එක.පොඩි කාලේ ඉදල පොඩි උන්ගෙ ඔලුවට දාන්නේ විෂ.පොඩි කාලේ උන්ගේ කොන කපනව.ලමා අයිතිවාසිකම් නැති කරනවා.හිංසනේ ප්‍රමෝට් කොරනවා.ආගම පැතිරුනේ කඩුවෙන්.උන් බලන්නේ වරිගේ බෝ කොරල ලංකාව අල්ලගන්න.ලංකාවේ සිංහල බෞද්ධයන්ට කෙලවන්න.උන්ගේ හීනේ ඕක තමා.පල්ලි වලදී උන්ගෙ පූජකයෝ දෙසන්නෙත් ඕකම තමා.හිංගලයන්ට කෙලවන හැටි.හිංගල රට අල්ල ගන්න හැටි.
ඒ අස්සෙ අවජාතක වාදීන් සෙට් එකක් බොලොග් අවකාසෙ ඉන්නව.මුන් උත්පත්තියෙන් හිංගල උනාට අවජාතක රැලක්.බලන්නෙම හිංගලකමට ගරහන්න.මුංට කිරිස්තියානි පූජා වල ගෑනු මැරෙන එක පේන්නෙ නැහැ.පේන්නේ සෝමාවතියේ මිනිස්සු මැරෙන එක.මුන්ට තව කොහෙ හරි නිකායක සුව කිරිමේ මෙහෙයකින් මිනිස්සු මැරෙන එක පේන්නේ නැහැ.පේන්නේ ඉස්ලාම් පල්ලිවලට බෞද්ධයො ඇටෑක් කොරන එක.මුං අපතයො.දෙමල ජාතිවාදීන්ට කඩේ ගියා.ඊට පස්සේ ෆොන්සේකාට රෙදි උස්සගෙන කඩේ ගියා.දැන් තම්බින්ටයි මිසනාරින්ටයි කඩේ යනව.උල තියන්න ඕනෙ අනිත් එකා තරුන හාමුදුරුවරු අතේ ගහන එක ගැන දහම් පාසල්වලට එන නංගි බබාලට සීන් කෝන් දාන එක ගැන ලියන හීරලුවා.සැප බඩු එක්ක ෆන් ගන්න මිත්‍යදෘස්ටිකයා.

පෙරමුනේ රාල පෙරමුනේ ඉන්න බෞද්ධ පිලේ තර්ක ටික ඔන්න."අනේ අපරාදේ කියන්න බැහැ.සාදු සාදු"තර්ක ටික අහපු පුලාගෙ පවුල සර්දාවෙන් කිවුව.පාවිච්චි කොරන වචන සෙට් එකෙන් බෞද්ධ කම වෑස්සෙනවා.අමා දහර ගලා යනව.

පුරස්න අංක 1 - යාපා පටුනයි දහම් අමාවයි කියල හෙට අනිද්ද යාපනේ කොටුවෙ වෙසක් සෙලිබ්‍රේසන් එකක් මහ පරිමානෙට ඕගනයිස් වෙනවා.හමුදාවේ සොල්දාදුවෝ ඒකට ගජරාමෙට වැඩ.දෙමල හින්දුනුයි ක්‍රිස්තියානිකාරයොයි 90%ට වඩා ඉන්න යාපනේ එක පාරටම දහම් අමාවක් රජයේ ෆුල් ස්පොන්සර්ෂිප් එක්ක මෙගා සයිස් එකෙන් බලෙන් පටවන එක මොකක්ද?ඒක ආක්‍රමනකාරී වැඩක් නෙමෙයිද?
මේක යාපනේ ඉන්න බෞද්දයන්ගේ ස්වෙච්ඡා වැඩක් නෙමෙයි හමුදාව දාල කෘතිමව කොරන ප්‍රොජෙක්ට් එකක් කියන එක ක්රිස්ටල් ක්ලියර්.

පුරස්න අංක 2 -හෙල උරුමෙ කියන හිංගල බෞද්ද පක්සෙ 2004 චන්දෙදි බුද්දාගම එකසිය ගානට දේශපාලනීකරනය කොරා.ප්‍රසිද්ද රැස්වීම්වල බයිබලේ පෙන්නලා ඒක විවේචනය කොරා.ඒකට ඇට්ටි හැලෙන්න කෙලියා.හෙල උරුමෙට බුද්දාගම දේසපාලනේට යොදාගන්න ඇහැකි නං,බයිබලේට ප්‍රසිද්ධියේ බනින්න ඇහැකි නං ලංකා 1බ්ලොග් කාරයා ත්‍රිපිටකේ ගැන ලියුවම තියන වැරැද්ද මොකක්ද?තව මොකෙක් හරි ත්‍රිපිටකේ පුරස්න කලාම තියෙන වැරැද්ද මොකක්ද?

පුරස්න අංක 3-කිරිස්තියානි පූජා වලදී මිනිස්සු මැරුනම පන කඩාගෙන ඒක ගැන ටීවි වල පත්තර වල හැමතැනම කතාකෙරුනා.පල්ලිවලට මැර ප්‍රහාරත් එල්ල කෙරුනා.සෝමාවතියේ බුදු රැස් තියෙනවා කියල අම්බ පොයියක් කෙලලා මිනිස්සු අන්දල මිනිස්සු ඒකේ හිරවෙලා මැරුනම ඒක ගැන කතාකොරන්න බල්ලෙක් නැහැ.ක්‍රිස්තියානියේ මිත්‍යා ගැන රට වටේ ටෝක් දෙන දිවඉන පත්තරේ ඇතුලු මීඩියා පොරවල් බුද්දාගමේ නමින් රට වටේ කෙරෙන මිත්‍යා වැඩ ගැන නෝ කතා නෝ සිනා.හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර වැඩ කොරල හම්බුකොරන එක ගැන නෝ ටෝක්.සෙත් ශාන්ති කර්ම කොරනවය අරක කොරනවය මේක කොරනවය කියල අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හම්බු කරන එක ඒවායෙන් කාර් ගන්න එක ගැන නෝ රිප්ලයි.
කිරිස්තියානි කාරයොන්ගේ ගොංපාට් ගැන දිවඉනටයි පෙරමුනේ රාලටයි කතා කොරන්න ආටිකල් කොරන්න ජජ්මන්ට් දෙන්න ඇහැක් නං බුද්දාගම්කාරයොන්ගේ ගොංපාට් ගැන බියොන්ඩ් ප්‍රෙම්ට හරි ඇටමැස්සට හරි ලියන්න බැරි ඇයි?සෝමාවතියෙ කොරපු බූරු වැඩේ බූරු වැඩක් කියල කිව්වම ඒක ගැන කතා නොකර "ඇයි ඔයාල කිරිස්තියානිකාරයොන්ගේ ගොං පාට් කතානොකරන්නෙ" කියල අහන එක මිසයිලෙට මුහුන දෙන්න බැරිව අන්ඩර්ග්‍රවුන්ඩ් යාමක්.

පුරස්න අංක 4-බුද්දාගම ව්‍යාප්ත වෙන්න ආයුද බලේ හිංසනේ යොදාගෙන නැද්ද?ථෙරවාදය මේ රටේ තහවුරු වුනේ කොහොමෙයි?අභයගිරියේ ලොකුවට හදල තිබ්බ මහායානය පුලුටක් ඉතිරි නොවෙන්න අතුරුදහන් වුනේ කොහොමෙයි?ඒවට ලේ හැලුවෙ නැද්ද?මිනී මැරුවේ නැද්ද?
මාගේ මේ වෑයම බුදු සසුන උදෙසාය කියල දුටුගැමුනු යුද්ධ කලේ සෙල්ලම් කඩු වලින්ද?ඒවට හාමුදුරුවරු ආසිර්වාද කොලේ නැද්ද?
යුද්දෙදි මැරුනේ මිනිස්සු එක හමාරය කියල මහාවංසේ බෞද්ධ හිමි නම ලියුවා නේද?හිංසනය ජස්ටිෆයි කොරෙ ඒ විදිහට නෙමේද?
හිංසනය කියන්නෙ එක ආගමක විතරක් තියන අමුතු එකක් නෙමේය කියලයි පුලා කියන්නෙ.ඕක බුද්දාගම ඇතුලු හැම ආගමේම ඉතිහාසෙ හෑරුවම හම්බෙනවා.දැන් කියයි ත්‍රිපිටකේ එහෙම එකක් නැහැ නේද කියල.පුලාට නං "ආගම" කියන්නෙ ත්‍රපිටිකෙයි පිරුවානා පොත්වහන්සෙයි විතරක් නෙමෙයි.පොතුයි ඒවා උඩ හදපු ආගමික සංස්ථායි ඒ සංස්ථාවල පූජකයොයි මේ සේරම ආගම.ක්‍රිස්තියානිය කියන්නෙ බයිබලය විතරක් නෙමේ.ඒක උඩ හදපු පල්ලි පල්ලි වල මතවාද දේසනා ඔය සේරම පුලාට නම් "ආගම".බුද්දාගමයි කිරිස්තියානියයි ඉස්ලාමයයි ඔය මොන මගුල උනත් ඒවයේ පටන්ගත්ත අය පටන්ගත්ත යහපත් අරමුනු නෙමේ ඒවා "ආගම්" වීම එක්කලා දැන් තියෙන්නෙ.මේ හැම ආගමම එක ඉත්තෙ පොල්.ව්‍යාප්ත වෙන්න හිංසනය මරන බය යොදාගත්ත.ඒකෙන් එකක් විතරක් අරගෙන මගේ එක ෂෝයි ඔයාගේ එක කක්කා කියන එක - ඇත්තටම අපේ අනුරාධ මල්ලිගෙ මොන්ටිසෝරි බබාල නං ඔය වගේ රන්ඩු කොරගන්නවා පුලා දැකල තියෙනව.

පුරස්න අංක 5-ඉස්ලාම් ආගමේ කුරානයේ බබා පාට් කොන්සෙප්ට් අල්ලගෙ අරයගෙ මෙයාගෙ කතා පෙරමුනේ රාලට මාර ෆන්නෙ.ඔන්න එහෙනං ෆන් ගන්න තවත් මූලාස්‍රයක්.

http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.html

බුද්දාගමේ තියන විස්වය ගැන මේ විග්‍රහය අප වෙත ගෙන එන්නේ චමිත රත්නායක ආදරනීය බොලොග් සහුර්දයායි.ඕක කියවල බලන්න.විස්වය හැදිල තියෙන හැටි බුද්දාගමේ දකින විදිහ ගැන සම්බාව්‍ය විදිහට මාර ඇනලයිසිස් එකක් දෙනවා.ආසාවට එකක් දෙකක් උපුටා දක්වන්නං.

//(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.//

මේ කියවෙන්නේ විස්වයේ තියෙන "කාමලෝක" ද මොකක්ද වර්ගයක් ගැන.ආතල් දාර්සනික විග්‍රහය නේද?මනුස්ස ලෝකෙ ඉදල යොදුන් 640ක් උඩට ගිහින් බලමුකො කාම ලෝකය තියෙනද කියල!කාම ලෝකයේ ආයුස ටික බලන්න.කුරානය වගේම තමයි මේ ගොං පාට් කියෙව්වමත් මාර සැපක් ගන්න පුලුවන් නේද?
මෙන්න තව එකක්.

//(8) යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.//

විස්වය ගැන බුද්ද දර්මයේ තියෙන්නෙ කොයිතරම් පිලෝසොපිකල් විග්රහයක්ද නේද මිත්තරවරුනි?දැන් යම ලෝකේ තියෙන්නේ මනුස්ස ලෝකෙට හැතැප්ම 2540 ක් විතර උඩින්.ඒකෙ ඉන්නව සුයාම කියල ලොක්කෙක්.තාම ඉන්න ලොක්ක එයාමද දන්නෙ නැහැ.එයාගේ බිරින්දෑ සිරිමා.අනේ මන්ද අග නම බන්ඩාරනායක වෙන්න ඇති.ඒ ලෝකේ වැසියෙක් අඩි 2250 ක් උසයිලු.කොච්චර ජොලිද සැදැහැවතුනි.කුරානයේ ගොං පාට් වලට හිනාවෙන එක නවත්තලා තමන්ගේ ඇහෙ තියෙන පරාලය දිහත් බලමුකො.අනුන්ගේ පරාලවලට වඩා තමුන්ගේ පරාලේ කොයි තරම් හා හා හා හාස්‍යජනකද?

පුරස්න අංක 6- පොඩි උන්ගේ කොන කපන එක ලමා අයිතිවාසිකම් නැති කිරීමක් නෙව.එතකොට පොඩි උන්ව මහන කොරන එක?ඒක ලමා අයිතිවාසිකම් සුරැකිමක් වෙන්න ඇති.බට්ටා පනින්න ඕනෙ වයසෙ බලෙන් සිල්ගන්වලා පන්සලක ගාල් කරල ලමා ජීවිතේ අහිමි කරවන එක ගැන කාටත් වඩා හොදට ඒ ජීවිතේ විදපු "සැප බඩු ගහන හීරලුවා" හෙලිදරවු කරල තියෙනවා.
සැප බඩු ගහන හීරලුවා එක්ක නෝ ෆ්‍රේම්ස්ට මෙච්චර ගෑස් තමන්ගේ පැන්ටසිය පුපුරුවලා දාපු හින්දද?

පුලා කියන්නේ මෙච්චරයි.කාගෙ කාගෙත් කිල්ලෝටවල ඩිංග ඩිංග හුනු හෑව්.කාගේ කාගෙත් අත්වල ඩිංග ඩිංග ලේ හෑව්.අනිත් එකා හෙලුවෙන් කියල ඇගිල්ල දික්කරන්න අත උස්සන්නෙ පරිස්සමෙන්.එහෙම කොරන්න ගියාම අතෙන් අමාරුවෙන් හරි වහගෙන ඉන්න තමුන්ගේ සිස්න බටේ ලෝකෙට ප්‍රදර්සනය වෙනවා.

18 comments:

  1. පුලා,
    මං ඔයා කියල තියෙන හැමදේටම එකඟ නොවුනත් ග්‍රවුන්ඩ් එක සමතලා කරල හැමෝටම සම අවස්ථාවක් හැදෙන විදිහෙ සටහනක් දැම්මට ස්තූතියි.

    ඔයාගෙ සටහනේ බුද්ධාගම ගැන තියෙන කරුණු ගැන වෙනම කථා කරන්න ඕන. අපි ඒ ගැන පස්සෙ කථා කරමු. මොකද මං ආසයි මේ බ්ලොග් අවකාශයේ ඉන්න බුද්ධාගමේ අයිතිකාරයන් ඒ ගැන කියන දේවල් මුලින් කියවල ඉන්න.

    ReplyDelete
  2. පුලාගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගන්න උත්සාහක් නොවෙයි මේක.

    //පොඩි උන්ගේ කොන කපන එක ලමා අයිතිවාසිකම් නැති කිරීමක් නෙව.එතකොට පොඩි උන්ව මහන කොරන එක?ඒක ලමා අයිතිවාසිකම් සුරැකිමක් වෙන්න ඇති.//

    ළමා කාලෙදි මහණ කරපු අයගෙත් ළමා අයිතිවාසිකම් නැති වෙනවා කියල පිලිගනිමුකො. ඒත් ඒ අය වැඩිහිටි වුනාම සිවුරු අරින්න කාගෙන්වත් බාධාවක් නෑ. ඔය ඇරපු අයත් ඉන්නෙ.

    ඒත් පොඩි කාලෙ 'කොන කැපුවහම' ලොකු වෙලා ඒක ඕනෙ වුනොත් වවාගන්න පුළුවන්ද? මහණකිරීම ළමා අයිතිවාසිකම් නැති කිරීමක් නම්, ඒ වැඩේට කියන්න නමක් තියනවද?

    ReplyDelete
  3. පුලා බෞද්ධයෙක් ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ, නමුත් පුලා බෞද්ධ දහමෙ තියන නිදහස මෙ ලොකෙ කිසිම තැනක නැහැ. අපිට ඔන නම් විතරයි හැමදෙම, පංසලකට දයක වුනෙ නැත්තම් පාංසකූලෙටෙ එන්නෙ නැහැ කිව්වට බොරු, අපෙ හමුදුරුවො මගෙ යහලුවෙකුගෙ තාත්තා කෙනෙකුගෙ පාංසකූලෙට වැඩියා කිසිම සද්දයක් නොදා... වෙන කිසිම ආගමක නැහැ මෙච්චර නිදහසක් මෙච්චර පුළුල්ව ගිය සිතීමෙ පරාසයක්, සිවුර කියන්නෙ බොහොම දරගෙන ඉන්න ආමාරු දෙයක් ගිහිකෙනෙකුට, එනිසයි දැන් ලොකු හාමුදුරුවරු පොඩි කාලෙම ලමයින් මහණ කිරිමට උත්සහා කරන්න. තමුන්ට එදා වෙල පිරිමහා ගන්න බැරි උදවිය තමුන්ගෙ ලමයින්ව සාසනෙට බාර දෙනවා, නමුත් මෙ අතර ඉන්නවා තරුන වියට පැමිණ බුදුදහාම ගැන නිවැරදි අවබොධය ලැබුණු පසුවත් සාසනෙට පා තබන මිනිස්සු....

    තර්කයත් එක්ක ඔබ කියන දෙ වැරදි නැහැ, ඔබ තර්කයට අනුව නිවැරදියි, නමුත් මහත්මයා, තර්කය සැම තැනදිම නිවැරදි දෙයක් නොවෙයි.. විද්‍යාව ... ,ගණිතය... සැම විටදීම නිවැරදි නොවෙයි.. යන්න ඔබ වටහාගත යුතුයි.

    ReplyDelete
  4. පුලා, මුලින්ම මගේ ප්‍රියතම ටී ෂර්ට් එකේ පික්චර් එක දැම්මට තෑන්ක්ස්.

    බුදුන්වහන්සේ දේශනා කල බුදු දහම සහ අද එදාවේල නිකායන් වල ගණින්නාන්සේලා දේශනා කරනු ලබන බුදු දහම අතර තිබෙන පරතරය හේතුවෙන් තමයි මෙවැනි ගැටළු මත්‍තුවන්නේ. දායකයන්ට "සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි" කියලා දේශනා කරන නායක හාමුදුරැවෝ පන්සලේ වටේ තාප්පයක් ගහනවා. බුදු දහමට අනුව සියල්ල අනිත්‍යයි කියල මිනිස්සුන්ට ජීවිතේ තිත්ත කරනවා. ඒ නිසා වෙළද ව්‍යාපාර ආදියේදී වෙනත් ආගම් වල අයට වඩා බොද්ධයා පසුගාමී වෙනවා. බුදු දහම සංඝයා වහන්සේලා විසින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා වෙනස් කර ගැනීම නිසයි අද වන විට බුදු දහමට මේ තත්වය උදා වී තිබෙන්නේ. අන්‍ය ආගම් කෙරෙහි ඊර්ෂ්‍යාව පැතිරවීමේ මූලික වගකීම අනිාර්යයෙන් භික්ෂුව භාරග යුතු වෙනවා. "නහී වේරේණ වේරාණී" කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    විශේෂයෙන්ම බුදු දහම තුළ උපැවිදි වීම පිළිබද දැඩි නීතියක් පනවා නැහැ. ගැටළුව තිබෙන්නේ වැරදි කිරීම සදහා සමහර භික්ෂූන් වහන්සේලා "භික්ෂු ප්‍රතිරෑපය" භාවිතා කිරීමයි. අනෙක් අතට "ව්‍යාපාරික භික්ෂූන් වහන්සේලා" හා "අසපුගත භික්ෂූන් වහන්සේලා" විසින් මේ වන විට බුද්ධාගම ඔවුන්ගේ සුඛ විහරණය සදහා ඉතාමත් නිර්දය ලෙස පාවිච්චි කරනු ලබනවා. එහි විපාකය වී තිබෙන්නේ නියම බුදු දහම යටපත් වී මොඩර්න් බුදු දහමක් නිර්මාණය වීමයි. තරගෙට පිරිත් දමාගෙන ගුවන් විදුලි හා රෑපවාහිනී නාළිකා දවසම පිස්සු කෙළින්නේ ද එහි අතුරැ පලයක් ලෙසයි.

    සියල්ලන්ට නොවුනත් සමස්තයක් ලෙස ගත් කල ඔබ ඉතාමත් වැදගත් කරැනු කිහිපයක් මතු කර තිබෙනවා.

    "අපට යමක් කිරීමට නිදහස තිබේ නම් අනෙක් අයටද එම නිදහස තිබිය යුතුය"

    ReplyDelete
  5. මේ ගොන්නාස්සේ.
    සිංහල බෞද්ධයාට කොන්දක් කෙලින් තියාගෙන , බය නැතුව ඉන්න, ලෝකෙන් තියෙන එකම රට ශ්‍රී ලංකාව විතරයි. වෙන කොහේවත් සිංහලයට අපේ කියලා ඉන්න තැනක් නෑ. පිටරටවල ඉන්න අය ඒකත් හොඳට දන්නවා. තවමත් ලංකාවේ සිංහල බහුතරයක් ඉන්න නිසා තමයි ඔය අනික් ආගම්වල අයට ඕනෙ ඕනෙ විදිහට ඩෙගා නටන්න නිදහසක් තියෙන්නේ. අනිත් රටවල එහෙම පුළුවන්ද කියලා බලන්න. සමහර රටවල්වලට බුදු පිලිමයක්වත් අරන් යන්න දෙන්නේ නෑ. තවත් සමහර රටවල් වල ඒ ආගමට හැරැණේ නැත්නම් සෑහෙන අයිතීන් ප්‍රමාණයක් අහිමි වෙනවා. ලංකාවේ එහෙමද ?. අපි සිංහලකමයි, බෞද්ධාගමයි රැකගන්නයි කෑ ගහන්නේ. ඔහේම කියලා තියෙන විදිහට මට නිකමට වගේ ඔහේගේ ජාතකේ ගැනත් සැකයක් ඇතිවෙනවා.
    අනිත් එක ඔබේ සමහර තර්ක වලින් ඔබේ උගත්කමක් ගැන යම් ප්‍රදර්ශණයක් කලත් ඔබේ බුද්ධිමත්කමක් ගැන නම් කිසිදූ තැනක පෙන්නුම් කිරීමක් නැති බවත් මට තේරැම් යනවා.

    ReplyDelete
  6. nadeesthoughts,

    ඔය "කොණ කපන" එක ගැනත්, (http://taboosubjects.wordpress.com/2009/03/25/250) බාල කාලෙදි මහණ කිරීම ගැනත් (http://taboosubjects.wordpress.com/2009/03/23/188) දෙකම ගැන මා ලියා තිබෙනවා. මෙයින් වඩා නරක කෝකද කියා තර්ක කිරීම නෙවයි අවශ්‍ය මේ දෙකම නතර කිරීම. මේ දෙකම අද සිද්ද වෙන විදියට අමානුෂිකයි.

    පුලෝ, හොඳ ලිපියක්.

    ReplyDelete
  7. ප්‍රතිචාර සියල්ලටම තැන්ක් යූ අ ලොට් !

    @ රවා
    මේකයි රවා මුල් බුද්දාගමයි දැන් මේ ලංකාවේ පතුරවන්න යන බුද්දාගමයි දෙකක්ය කියල තමා පුලා හිතන්නෙ.රවාගේ ස්ටෝරිය ඇත්ත.වෙන ආගම් වලට වඩා සිතීමේ නිදහස පට්ට විදිහට බුද්දාගමේ තියෙනවා.ඒත් අද ඉන්න බුද්දාගමේ අයිතිකාරයො කියාගෙන ඉන්න අය හැසිරෙන විදිහ මේක එක්ක ගැලපෙනවද?මේක ලියුවෙ අර ඇවිලිලා යන ආගම් යුද්දෙ අල්ලලා.පුලස්තිට බුද්දාගමේ සමහර පොයින්ට්ස් ගැන පුරස්න තිබුනට ( ෆිලොසොෆිකල් ඒව) මුල් බුද්දාගමේ කියල තියන අල්පේච්ඡ විදිහට ජීවත් වෙන හාමුදුරුවරු ගැන නෙමේ මේ විවේචනේ.මේක ෆැෂන් එකක් කොරගත්ත වෙන ජාතිකයන් තලන්න පෙලන්න කොන් කරන්න ඒ අයට ත්‍රස්තවාදින් කොන කැපූ එවුන් කියල ගරහන්න ට්‍රයි කොරන තමන් ගැන කරන විවේචනයක් වත් ඉවසගන්න බැරි ( ඥානානන්ද හිමිට ඇටමැස්සා කරන විවේචනය අපහාසයක් නෙමේ.මේක බුද්දාගමේ තියන සිතීමේ නිදහස එක්ක තේරුම් ගන්න බලමු.පෙරමුනේ රාලලා රිඇක්ට් කොරපු හැටි බුද්දාගමට කොයිතරම් එකගද? ) පටු අරමුනු වෙනුවෙන් ආගම යූස් කරන බුවාලටයි මේ ක්‍රිටිසිසම් එකේ වැඩි හරිය.

    @ තිසර
    හරියට හරි බොස්.ජයවේවා!පුලස්තිට නං පොඩි ලමයි මහන කරවන එක එච්චර හොද දෙයක් නෙමෙයි.බුදු හාමුදුරුවො කිව්වෙ ජිවිතය කලකිරෙන අය තමන්ගේ අවබෝධෙන් මහන වෙන්න ඕනෙ කියල.ඒ වුනාට තමන්ගේ පන්සලේ අයිතිය ගෙනියන්න නැයො වෙන ලමයි දුප්පත්කමට ලමයි මහන කොර කොර කරන වැඩෙන් හානිය වෙන්නෙ සාසනේටම නේද?බුද්දාගමට ඇත්තටම ආදරේ නම් හිතන්න ඕනෙ ඕව ගැන මිස ඉස්ලාම්කාරයොන්ව මකබෑ කරල දාන හැටි ගැන නෙමේ.තමන්ගෙ එක හරියට හදාගත්තම වෙන මොකාටවත් ඒක නැති කොරන්න බැහැ.

    @ නදී - ඔයාට උත්තරේ ටැබූ අයිය දීල තියෙන හින්ද වැඩිපුර කතාකරන්න යන්නෙ නැහැ.පොඩි කාලෙ අසාමාන්‍ය ඇට්මොස්ෆියර් එකක ස්වබාවික ආවේග තහනම් කොරල හැදෙන එකෙක් එලියට ආවම ඇතිවෙන මානසික අසමබරතාවෙත් කැපුව කොන වගේ ආයෙ වැවෙන්නෙ නැහැ නෙව.

    @ හෙලයා - සම්පූර්න ඇත්ත.පුලස්ති ඉගෙන ගෙනත් නැහැ.බුද්දිමතුත් නැහැ.ඒක නෙව මුල්ගම්පොල හන්දියෙ බටයක් ගහගෙන වල බැහැල ඉන්නෙ :)

    ReplyDelete
  8. මගේ මිත්‍රයා. උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්.
    මම අදහස් කලේ, මේ කතා කිරීමේ ඇත්ත පැත්ත දැනගැනීම සමාජගතව වෙනවා කියන එක. එතන්ට ඉගෙනීමක්වත් දැන් කරන දෙයක් වත් අදාල නෑ.. :)

    අනිත් එක.. ජාතියට, ආගමට වදිනකොට මටත් රිදෙනවා මිත්‍රයා. ඒකයි ප්‍රශ්ණේ.

    ReplyDelete
  9. Baudda Mdayanwa criththiyani karama un, ratatath agamatath renava

    ReplyDelete
  10. @ ටැබූ: මම ඒ දෙක සංසන්දනය කරලත් නෑ. එකක්වත් කරන්න ඕනෙ දේවල් කියලත් නෑ. දෙකම නතර කරන එක හරි දේ කියන්නෙත් නෑ. මගෙ අදහස ඔය දෙකටම ළමා අයිතිවාසිකම් නැති කරනවා කියලා කෑ ගහන්න ඕනෙ නෑ කියන එකයි. ලොකු වෙලා, පොඩි කාලෙදි තමන් නොදැනුවත්ව හෝ ඒකට කැමති වෙන අයත් ඇති. අකමැති අයත් ඇති.

    @ පුලා: "අසාමාන්‍ය ඇට්මොස්ෆියර් එකක ස්වබාවික ආවේග තහනම් කොරල හැදෙන එවුන්" කසාද බැඳගෙන අපූරුවට සාමාන්‍ය ගිහි ජීවිත ගත කරනවා. බොරුද කියල අහල බලන්නකො 'හීරලුවා' කියල කියාගන්නා තරිඳුගෙන්. මානසික අසමබරතා පොඩි කාලො ඉඳන් ගිහියො වෙච්ච අයටත් තියෙන්නෙ.
    ඒත් මට පෙන්නන් පුළුවන්ද පොඩිකාලෙ කපපු 'කොණ' වැවිච්ච කෙනෙක්ව.
    මට කියන්න ඕනෙ වුනෙ පොඩිකාලෙ මහණකරන එකයි, කොණ කපන එකයි සංසන්දනය කරන්න බෑ කියන එකයි.

    ReplyDelete
  11. පිස්සු හැදෙනවා........

    නියම ලිපියක්!.

    ReplyDelete
  12. පුලෝ, හොඳ ලිපියක්

    ReplyDelete
  13. ගොඩක් අදහස් එක්ක එකඟ වෙන්න පුඵවන් ලිපියක්.

    ReplyDelete
  14. බුද්ධාගමට ලොකුම පහර වදින්නෙ බෞද්ධයන්ගෙන්ම තමයි. සිවුරක් පොරවගෙන දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් තමන් බුද්ධ පුත්‍රයන් ලෙස හඳුන්වා ගනියි. ඔවුන් බුදුන් වහන්සේගේ මූලික ධර්මයන් අමුඅමුවේම වැරැදි ලෙස අර්ථකතනය කරමින් යොදා ගන්නේ හුදෙක්ම තක්කඩි දේශපාලකයින්ගේ වන්දිභට්ටයන් බවට පත්වී ඇති බැවිනි. මිෂනාරීන් හෝ මුසෙල්මානුවන් එතරම් විනාශයක් බෞද්ධ දර්ශනයට සිදු නොකරයි. ඔවුන්ට එසේ කිරීමේ හැකියාවක්ද නොමැත.

    ReplyDelete
  15. මෙන්න ඔයාට උත්තර. බාගෙට කියවලා කිච වෙන්නෙ නැතුව සම්පූර්ණයෙන් කියවලා උත්තර දෙන්න

    ReplyDelete
  16. හිතවත් පුලා අයියේ,

    කොණ කැපීම සහ ලමා මහණකරණය.... පෝස්ට් එකක් දාන්න නියම මාත්රුකාවක්.. මම එහෙනම් පෝස්ට් එකකින්ම උත්තර දෙන්නම්කෝ. දවස් දෙක තුනක් දෙන්න හොඳේ. මේ දවස් වල සැප බඩුවත් එක්ක හරි වැඩ අනේ. ඉතින් වෙලා නෑ බ්ලොග් ලියන්න. ඔබට ජේසු පිහිටයි. අල්ලා දෙවි සරණයි

    මෙයට
    මානසික අසහනයක් නම් නැති
    හීරලුවා මල්ලි

    ReplyDelete
  17. පොඩිකාලේ මහන කෙරීමට අහූනෙත් නැති, කොන කැප්පීමට අහුවුනෙත් නැති අපි කොහොමද දෙකෙන් වැඩිපුර අමානුශික දේ තෝරන්නේ

    අපිට තියන අයිතිය මොකද්ද වැඩිපුර රිදෙන්නේ වේවැලෙන්ද , පේරකෝටුවෙන්ද කියලා තෝරන්න ඒදෙකෙන් ගුටි කන්නේ අපි නෙවෙයි නම් සහ ඒ දෙකෙන් ගුටි කන්නේ තමන් දවලට කන්න කැමති දේ තෝරගන්නවත් අයිතියක් නැති පොඩි දරුවෙක්නම්

    මහන කරන් හොඳට සලකන පන්සල් වගේම, නිර්වින්දනය යටතේ කොන කපන අවස්තාත් තියනවා

    එහෙම කියලා දරුවොන්ගේ ජීවිතේ ලොකුවෙනසක් කරන්න වැඩිහිටියන්ට තියන අයිතිය මොකද්ද (මේකට ගෑනු දරුවන්ගේ කන විදීමත් අයිතියි- අඩුම ගානේ දැන් ඒක කරන්නෙ නිර්වින්දනය යටතේ )

    ලොකු උනාම අමතක වෙනවා කියලා දරුවෙක්ට අමානුශික වේදනාවක් දෙන්නත්,
    ලොකු උනාම සිවුර අත අරින්න පුලුවන් කියලා දරුවෙක්ට නිදහසේ සෙල්ලම් කිරීමට තියන අයිතිය , තමන්ගේ පවුල එක්ක ඉන්න තියන අවස්තාව සහ අපයෝජනය ලක් නොවී ඉන්න තියන අයිතිය නැති කරන්න අපිට තියන අයිතිය මොකද්ද ?

    අඩුම ගානේ මේ දේවල් කරන කොට අපි ඒ දරුවාගෙන් අහන්නවත් ඕන නැද්ද ?

    ලෙනින් හරි කවුරු හරි කිව්ව රටක සදාචාරේ මනින්න පුලුවන් දරුවොන්ට සලකන ආකරයෙන් කියල්ලා

    ReplyDelete
  18. cont...
    දරුවෙක් වෙනුවෙන් වැඩිහිටියෙක් තීරනය ගන්නවානම් ඒ තිරනය ඒ දරුවාට යහපතක් කිරීමේ (දරුවාට මිසක් හතර වරිගේටවත්, සන්ස්කුරුතියටවත් නෙවෙයි ) සද්බාවයෙන් ගන්න එකක් වෙන්න ඕන

    පොඩිකලේ මහන කරන්නේ දරුවට නිරවානය අවබෝදවෙයි කියලා හිතලා සද්බාවයෙන්ද එහෙම නැත්තම් අනේ මෙකා තුන්වේලට! කාල ඇඳලා ඉඳියි කියලා හිතලද?

    පොඩි එකෙක්ට තමන්ගේ අම්මා තාත්තා ලඟ කාල ඇඳලා ඉන්න බැරි රටකට කියන්න ඕන කාලකන්නි රටක් කියලා නෙවෙයිද?

    ReplyDelete