Sunday, May 30, 2010

පුලස්ති කොලඹ විස්ස විද්දියාලේ උපකුලපතිට වඩා පොරකි!


පුලස්ති වැඩිය ඉගෙන ගත්තෙ නැති උනාට කවි කියවන්න හරි ආසා කරන කොල්ලා.
අවසර කල් රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන කියන කවියට පස්සෙ පුලා වැඩියෙන්ම කැමති - උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවෙන්නේ- කියන කවියට.ඇස්.මහින්ද හිමිලු නේද ඕක ලිව්වෙ?ඇස්.මහින්ද හිමි කියන නමට තේරුම් ගොඩාක් දෙන්න පුලුවන් නේද?
ඇස්ම හින්ද හිමි- ඇස් හින්ද හාමුදුරුවො කෙනෙක් වුනා
ඇස්ම හින්ද හිමි- asthma - ඇදුම හින්ද හාමුදුරුවො කෙනෙක් වුනා
පුලාගේ වනචර ඔලුවට ඔය වගේ විකාර අදහස්මයි එන්නෙ.සමාවෙන්න.ඒ උත්තමයට අපහාසයක් කොරා නෙමේ.නිකං හිතුන හින්ද ලිවුව.

ඒ උත්තමයගේ කවියෙ මිනිං එක මරේ මරු හින්ද පුලා මොනව නැතත් ඕක නං අනුගමනය කොරා.සිරිත් මල්දම වගේ වෙන පොත්වල කියන ඒව තඹ සතේකට මායිම් නොකලට පුලස්ති උස්තැන් දැකල හැකිලුනෙත් නැහැ හැකිලෙන්නෙත් නැහැ.මිටි තැන් දැකල පිප්පුවෙත් නැහැ පුප්පන්නෙත් නැහැ.
මුල්ගම්පොල හන්දියෙ බටයක් ගහගෙන ඉන්න පුලාගේ මේ කොලිටිය ආචාර්ය මහාචාර්ය උපාදි ගත්ත මහා උගතුන්ට නැහැ කියල පුලාට කිව්වෙ ත්‍රී වීල් සුගා.
"ඒ මොකෝ බොල ඒ?" පුලස්ති සුගාගෙන් ඇහුවම මෙන්න බොලේ සුගා පුලාට පරන නිව්ස් අයිටම් එකක් පෙන්නුව.මේක හද්ද පරනයි.ඒත් මැක්සම මැක්සම අයිටම් එක.

කොලඹ විස්ස විජ්ජියාලෙන් මිහිදු රජපස මහේන්‍ද්‍රයානන්ටයි උන්නාන්සෙගෙ මල්ලි පැටියටයි ආචාර්ය උපාධි දෙකක් පුදල.

මහින්ද මාම - Doctor of laws
ගෝඨාභය චූටි මාමා - Doctor of letters
( දැනගැනීම පිනිස - පුරුද්දට රජතුමා,ආරක්ෂක ලේකම්තුමා කියල ඉස්සර කිව්වට ලගදි ඉදල පුලා අමාරුවෙන් හරි මහින්ද මාමාට මාමා කියන්නත් මාමගේ මල්ලි ගෝඨාභය මාමාට චූටි මාමා කියන්නත් පුරුදු වෙනව.ලොකු පුටු වලට නෑයො විතරක් දාන්නෙ ඇයිද කියල ඇහුවම මහින්ද මාම අල් ජසීරා එකට කිව්වලු නෙව මුලු රටම උන්නැහෙගේ නෑදැයො කියල.මාර ආතල්.මුල්ගම්පොල බට පුලාට එහෙනං රටේ රජාත් නෑයා වුනා.දැන් මහින්ද පුලස්තිගෙ මාමා.ගෝඨාභය චූටි මාමා.ලබන අවුරුද්දට කදමලු බැදගෙන පුලා මැදමුලන පැත්තෙ යනව ඕං.ශිරන්ති නැන්දගෙ කිරිබත් කටක් කන්න.නාමල් මලයා එක්ක රගර් පාරක් ගහල යෝෂිත පොඩි මලය එක්ක ගුස්ති පාරක් අල්ලන්න )

"ඩොක්ටර් ඔෆ් ලෝස් කියන්නෙ ඇයිද බොල?" සුගා පුලාගෙන් ඇහුව.
"සිරාවට බොල.ලෝ කියන්නෙ නිතිය.ඩොක්ටර් කියන්නෙ දොස්තර.විස්ස විජ්ජියාලෙන් ලොක්කව නිතිඥ ගොයියලාට බෙහෙත් කොරන්න වත් අපොයින්ට් කරලද?" සුගාටයි පුලාටයි මේක පුරස්නයක්.ඊට වඩා පුරස්නෙ ගෝඨාභය චූටි මාමට දුන්න උපාදියේ තේරුම.
"ඩොක්ටර් කියන්නෙ දොස්තර.ලෙටරස් කියන්නෙ අකුරු.අකුරු වල දොස්තර?"
පුලාට මඥ්ඤං.මේවයෙ මීනිං එක අහන්නෙ මොකාගෙන්ය?අනෙ අම්මෙ මේ වගේ වෙලාවට තමයි අපේ දේසප්‍රේමය පිලිබද විසේසඥ වෛද්‍යතුමා මතක් වෙන්නෙ.මිගාර දොස්තර බොස් හිටිය නං කොච්චර දෙයක්ද අම්මපා මේව ගැන අහන්න තිබුන නෙව.මොනව නැතත් උන්නැහෙත් දොස්තරනෙ.ඒත් උන්නැහේ මේ වංගියෙ පස්චාත් උපාධියට පාඩම්.උන්නැහෙගෙ සටන කරට අරගෙන තියන පෙරමුනෙ රාලටයි කසාපබ්බතේ නාමල් අයියටයි කොහෙද උන්නැහෙට වගේ නොලේජ් එකක්.

ඇත්තටම මේ මක්කෙයි වෙලා තියෙන්නෙ කියල දැනගන්න පුලයි සුගයි ගියා ටියුසන් මාස්ටර් ගනිත කොටා හොයාගෙන.ගනිත කොටා ගනිත හරඹෙට වගේම අසිපත් හරඹෙටත් දස්සයා කියල ගමම දන්නව.
"ඩොක්ටර් ඔෆ් ලෝස් කියන්නෙ අයිසෙ" ගනිත කොටා කිව්ව. " නීතිවේදී උපාධියේ ඉහලම එක.ඩොක්ටර් ඔෆ් ලෙටර්ස් කියන්නෙ සාහිත්‍යසූරී.දර්ශනය ගැන ඉහලටම ඉගෙන ගත්ත අයටත් ඕක දෙනව"
සාහිත්‍යසූරිද?දර්සනසූරිද?දෙකම වෙන්න ඇති.පුලා හිතාගත්තා.

මහින්ද මාමා නීතිවේදින්ගෙත් නීතිවේදියෙක් උනේ කොහොමෙයි?ජීඇල් උත්තමය නං ඔය විසය ගැන පොත් හෙන තොගයක් ලියල තියනව කියල පුලා අහල තියෙනව.මහින්ද මාමා එහෙනං ඊටත් වඩා පොරක් වෙන්න ඇති.මහින්ද සින්තනය කියන්නෙ නිති පොතක්ය?කවුදෝ දන්නෙ.වෙන්නත් ඇති.හැබැයි ඒක ලියුවෙ මහින්ද මාමමය?
ගෝඨාභය චූටි මාමා සාහිත්‍යසූරි වුනේ කොහොමෙයි කියන එක ගැන නං හැකයක් නැහැ.උන්නැහෙ ලියන්න ඇති කියල හිතෙන කවි පොත් කීපයක නං සුගා උපකල්පනේ කොරා.
1.නිව්යෝක් නුවර සහ හද ( අමෙරිකන් සිටිසන් වෙලා ඉද්දි ලිව්ව එකක්)
2.නන්දිකඩාල් හටන ( වීර කාව්‍යයක්.දුස්ටයා ප්‍රභාකරන් )
3.නොමියෙමි ( සුයිසයිඩ් අටෙම්ප්ට් එකෙන් දිවි බේරා ගත්තම ලියුව එකක්)
4.ෆොන්සේකා හටන ( වීර කාව්‍යයක්.දුස්ටයා නන්දිකඩාල් හටනේ සහයක වීරයා වෙච්ච ෆොන්සේකා )
ගෝඨාභය චූටි මාමා ලියුව තව කවි පොත් ගැන ඔහෙලා තොරතුරු එහෙම දන්නවද?
තොරතුරක් දන්නවනං තරහ ගන්නෙ නැතිව සුගාට හරි පුලාට හරි ඒක දන්නන්න පුලුවන්ද?

උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ.ඉගෙන ගන්න එවුන් මොකක් හරි පුරස්නයක් ගෙනාවම ඒ සිස්යයොන්ට ගෑස් පිට ගෑස් පෙන්නන විස්ස විජ්ජියාලවල මහ පුටු තපින ඈයො උස් තැන් වල වැජඹෙන නායක කාරකාදීන්ට එක දාගන්න ඇකිලෙනවා විතරක් නෙවි රටේ නැති ගොබ්බ වැඩ කොරනව.නීති සාස්තරේට මෙලෝ සම්බන්දයක් නැති උදවිය නීතිවේදී.කවියක් තියා කවියක අකුරක්වත් ලිව්වද කියල හිතාගන්න බැරි වර්ගයේ උදවිය සාහිත්‍යසූරී.උපකුලපතිකම රැකගන්න,ප්‍රතිපාදන කොමිසොමට ප්‍රමෝසන් ගන්න මේ විදිහට බයාදු වෙන එක උගත්කමේ ලක්සනයක් වෙන්න ඇති.
උස්තැන් දැක හැකිලෙන නිවටයින්ට වඩා බටයක් ගහගෙන ඇනයක් නමාගෙන තමන්ගෙ පාඩුවෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න අට පාස් නැති පුලා වීරයෙක් නෙමෙයිද කියල කිවුව නං?

8 comments:

  1. ආ කාලෙකින් ඇවිත් තියෙන්නේ..
    සංතෝෂයි දකින්න ලැබීම ගැන..

    ReplyDelete
  2. සිරා! කෙලින් කතාව

    ReplyDelete
  3. පුලස්ති අයියා.. මෙක උගත් කමෙ ලක්ෂනයක් නෙමෙයි.. ඇත්තටම මෙක සුදුසු කම් ඇති මිනිස්සුන්ට වඩා..මොට්ට මොඩ, බයාදු උන් නැමිලා, පූ... දිලා උඩට රිංග ගන්නවා. රටෙ රජාට මිනිහෙකුගෙ අවංක කම හොයාගන්න බැහැ.. වටෙම වට කරන්න ඉන්නෙ ප්‍රශස්ථි වයන උන්.. එකෙක් වත් නැහැ "මහරජතුමනි.. ඔය ඉන්නෙ හෙළුවැල්ලෙන්නෙ" කියන්න.

    ReplyDelete
  4. @ පුලස්ති

    පණ දාගෙන මඩ ගැහුවට kauruth wediya ගනන් ගන්නෙ නැහැ නේද?කමෙන්ට් හතරයි.හික් හික් හික්

    ReplyDelete
  5. @ හිරන්‍යා

    කමක් නැහැ කමක් නැහැ.ඔයා හරි ගනං ගත්ත හින්දනෙව කමෙන්ටුවක් දැම්මෙ .

    @ අනිත් අය - ස්තුතියි ස්තුතියි.රවා- සම්පූර්න ඇත්ත කතාව.රජතුමා හෙලුවෙන් ගිය සීන් එකයි මෙකයි නං සම්පූර්නයෙන් ගැලපෙනව.අන්තිමට හෙලුව පෙන්නල දෙන්න පොඩි එකෙක් ඕනෙ උනා.අපේ රටේ එහෙම පොඩ් එකෙක්වත් නැති එක තමයි දුක

    ReplyDelete
  6. //අපේ රටේ එහෙම පොඩ් එකෙක්වත් නැති එක තමයි දුක //

    ඒ වගේ පොඩි උන් කොහෙද දැන්, එක්කො උන්ගේ කොන කපලා, එක්කො ඉස්කෝලෙට දානා ආගම මාරු කරලා (මාරු කරන්න ආගමක් පොඩි උන්ට තියනවද කියලනම් මම දන්නේ නෑ ) එහෙමත් නැත්තම් මහන කරලා, ඔය මොකක්වත් නැත්තම් දකින දකින කොල්ලටයි බල්ලටයි බිම දිගාවෙලා වන්දින්න නිවටයෝ කරල

    ReplyDelete