Saturday, June 12, 2010

ආන්ඩුව අධෝමුඛයේ ඇගිලි ගහන විට සනිපයි අනේ තව තව කියන ඇත්තෝද මෙසිරිලක දිවි ගෙවති


පුලස්ති අන්තිම පාර ලියුව සටහනට පෙරමුනේ රාලගේ කන්ඩායමේ ලීඩිං ප්ලෙයර් නෝ ප්‍රේම් ආයිත් ගුස්තියක් ඇදපු ආරංචිය පුලාට හම්බවුනේ ටිකක් පරක්කු වෙලා.දවසේ වැඩ ඉවර වෙලා මහන්සි වෙලා ගෙදර ආපු වෙලාවෙ මේ ආරංචිය හම්බුනාට පස්සෙ පුලස්ති කල්පනා කොලා.
මුන්නැහෙට උත්තර දෙනවද?
මදුරු කොයිල් එකක් පත්තු කොරගෙන නිදාගන්න යනවද?
නිදාගන්න එක යෙහෙකි කියල හිතුනත් ආයෙත් මොටද කියල පුලස්ති කල්පනා කොරපු හින්දයි මේ කෙටි උත්තරේ ලියන්නෙ.

පෙරමුනේ රාලගෙ ටීම් එකේ රැස් ටිකක් බැහැපු ගතියක් තමයි පහුගිය ටික දොහේ පේන්න තියෙන්නෙ.කුරානය ගැන විග්රහ කොරන්න ගිහින් රාලගෙ ටීම් එකේ රිසර්ව් ගහන පිටියෙ අප්පු හත් පොලේ ගාගත්තට පස්සෙ පිටියෙ අප්පු වැඩිය ලියන්න කොරන්න යන්නෙ නැහැ.යූ ටියුබ් වීඩියෝවක් දාල නම ඉස්සරහ එක ලකුනු කොරගන්නව.
විසල් අප්පු කියන උන්නාන්සෙත් ‍නෝ ටෝක් නෝ ස්මයිල්.පස්චාත් වෛද්‍ය උපාධිය හමාර කොරල හරි වෛද්‍ය උපාධියේ වැඩ තියෙද්දි රට ජාතිය බේරගන්න එක ඊට වැඩිය ඉම්පෝර්ටන්ට් හින්ද හරි ගේමට එන්ටර් වෙලා ඉන්න මිගාර දොස්තර බොස් පෙරමුනෙ රාල එක්ක නෝ ප්‍රේම් නමින් මුලු කන්ඩායමේ බර අදිනව.රෙදි හෝදනව.
ආතල් එක කියන්නෙ මිත්‍රවරුනි නෝ ප්‍රේම් අන්තිමට ලියපු ලියමන් හතරෙන් දෙකක්ම ලියල තියෙන්නෙ පුලා ගැන!
මුල් කාලෙ නං මෙහෙම දෙයක් උනාම මුල්ගම්පොල ගමම ආතල් එකෙන් ඇලලිලා ගියා වුනාට දැන් දැන් එහෙම ආදර පිලිගැනීමක් ගමෙන් උනත් පුලාට හම්බවෙන්නෙ නැහැ.
හේතුව අංක 1 - නම ඉන්ටර්නෙට් එකෙන් වැටෙන එක වුනත් හැමදාම වුනාම ඕල්වේස් දකින කුකුලාස් කරමල වයිට් වෙනව
හේතුව අංක 2 - නෝ ප්‍රේම් කියන නම අපේ ගම් වලට එච්චර දිරවන්නෙ නැහැ.මිගාර දොස්තර බොස්ගෙ නමට තියෙන කීර්තිය ද මොකක්ද එක බියොන්ඩ් ප්‍රේම්ගෙ නම කොපි කොරල හදාගත්ත මේ දියාරු නමට නැහැ නෙව.

පුලා අන්තිමට ලියුව ලියමනේ හරය ආන්ඩුවට මිනිස්සුන්ගෙ අධෝමුඛේ ඇගිලි ගහන්න එපා කියන එක.පුලස්ති නම් එහෙම ඇගිලි ගහනවට මනාප නැහැ.ඒත් තමන්ගේ අධෝමුඛේ ඇගිලි ගහන එක සනීපයි කියල හිතන ඒකට මනාපයක් තියන ඒකෙන් මාර සැපක් ගන්න නෝ ප්‍රේම් වගේ බුවාලත් ඉන්න එක හරිම සෝයි වැඩක්.
ඉරිදට ලමය ටියුසන්ද යන්නෙ දහම් පාසල්ද යන්නෙ කියන එක තීරනය කොරන එක ලමයගෙයි ලමය වදාපු අම්මගෙ අප්පගෙයි වැඩක් කියලයි පුලා කිව්වෙ.නීතිය පිලිගත්ත වැඩකට ලමය යොදවන කම් ඒකට ඇගිලි ගහන්න ආන්ඩුවටවත් මොකාටවත් බැහැ.මේ සිම්පල් තියරිය අල්ලගන්න බැරිව නෝ ප්‍රේම් විකාර කියවන්නෙ මේ විදිහට.

" එසේ නම් දරුවාට පුලස්ති පහර දුන්නත්, පාසල් නො‍යවූවත්, ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත්, අඩු වයසින් විවාහ කර දුන්නත්, මෙහෙකාර සේවයේ යෙදවූවත්, ගණිකා නිවාසයකට දුන්නත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආණ්ඩුවට අයිතියක් නොතිබිය යුතුය!"

දරුවව පුලස්ති ඉස්කෝලෙ යවන් නැහැ කියන්නෙ මොකක්ද?නීති විරෝධී වැඩක්.ඒකෙන් ලමයගෙ අයිතියක් කඩ වෙනව.ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත් අඩු වයසින් කසාද බැන්දුවත් ලමයගෙ අයිතියකට කෙලවෙනව.ගනිකා නිවාසෙට දැම්මත් වැඩකාරකමට දුන්නත් එහෙමයි.මේව වලදී ආන්ඩුව මැදිහත් වෙන්න ඕනෙ තමයි.මොකද මෙතන අපරාධයක් වෙනව.සමාජ විරෝධී වැඩක් වෙනව.අයිතිවාසිකමක් කඩ වෙනව.
ඒත් ඉරිදට ටියුසන් යවන එකෙන් - ඒ කියන්නෙ දරුවට උගන්නන එකෙන් - කඩ වෙන අයිතිවාසිකම මක්කද කිව්ව නං?
ලමයි ඉස්කෝලෙ අරින් නැතිව තියන එක හොද නැහැ කියන එකට ලෝකෙ පුරා රටවල ඈයො එකග වෙලා අත්සන් කොරපු ප්‍රඥප්ති තියනව.ලමයි ගනිකා සේවයේ යොදෝන එක,වැඩකාරකමට දෙන එක අපරාධ විදිහට පිලිගෙන සයින් කොරපු ජාත්යන්තර එකගතා තියනව.ලමා අයිතිවාසිකම් වගේ එව්ව අපේ රටවල ලෝකල් නීතියට එන්නෙ මේ ජාත්‍යන්තර සම්මුති වලින්.
දැන් ලමයෙක් ඉරිදට ටියුසන් යවන එක ඒ විදිහෙ ලමා අයිතිවාසිකම් කඩවීමක් කියල අත්සන් කොරල තියෙන ප්‍රඥප්තිය ‍මක්කද කියල අපිටත් දැනගන්න කිවුව නං?

ලමයගෙ කිසි වැඩකට ආන්ඩුව මැදිහත් වෙන්න බැහැ කියල පුලස්ති කියල නැහැ.පුරවැසියන්ගෙ වැඩ වලින් එහෙම්පිටින් අයින් වෙලා තපස් රකින කොරොස් යකා වගේ කට බලියගෙන ආන්ඩුව ඉන්න ඕනෙ කියන එක නෙමේ පුලා කියන්නෙ.ආන්ඩුව තියෙන්නෙ සමාජයේ වැඩ ටික කලමනාකොරනය කොරන්න.එතකොට ලිමිට්ස් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ නිදහසට අනවස්‍ය විදිහට ඇගිලි ගහනව නං කඩාගෙන පනිනව නං ඒක වැරදියි.ආන්ඩු මිනිස්සුන්ගෙ නිදහසට ගරු කොරන්න ඕනෙ.කාටවත් හානියක් නැති වැඩක් කවුරු හරි කොරනව නං ඒකෙන් සමාජෙට පුරස්නයක් වෙන්නෙවත් කාගෙවත් අයිතියක් කඩවෙන්නෙවත් නැත්තං මිනිස්සුන්ගෙ පුද්ගලික වැඩ වලට ඇගිලි ගහන්න ආන්ඩුවට ඉඩක් නැහැ.

ඇප්ගනිස්තානෙ තලෙයිබාන්ල පිරිමි රැවුල වවන හැටි ගැන නීති දාන්න ආව.ගෑනු අදින ඇදුම ගැන නීති දාන්න ආව.
සිංහල රජ ‍කාලෙ උඩරට රජ්ජුරුවො පල්ලෙහා කුල වල ඈයො අදින හැටි නාදින හැටි ගැන නීති දැම්ම.ජර්මනියෙ හිට්ලර් ගොයිය යුදෙව්වො ඇදුමෙ තරුවක් ගහගෙන යන්න ඕනෙ කියල ලිමිට් දැම්ම.
මේ හැමදේම ආන්ඩු ලිමිට් පන්නල එක්ස්ට්‍රීම් ගිය තැන්.ඇප්ගනිස්තානෙ පිරිමි යට රැවුල වැවුවත් නැතත් ඒකෙන් කාටවත් ඇති ක‍රදරයක් නැහැ.පල්ලෙහා කුලේ එකා උඩුකය වැහෙන්න රෙද්දක් ඇන්දට ඒකෙන් කාගෙවත් ඇගේ මයිල් ගැලවෙන්නෙ නැහැ.යුදෙව්වා තරුවක් නොගහගෙන ගියාට ආර්ය බුවාස්ලාට පිලිකා හැදෙන්නෙ නැහැ.පුද්ගලික වැඩ වලට කැමති කැමති විදිහට ඇගිලි ඔබ්බන එක බලයෙන් මත් වෙච්ච උද්දච්ච ඒකාදිපති ආන්ඩු ඉතිහාසෙ පුරා කොරපු දෙයක්,කොරන දෙයක්.

නෝ‍ ප්‍රේම් ඊට පස්සෙ මෙහෙම කියනව.

"කුඩු ගැසීම නිතිවිරෝධී කර ඇත්තේ ආන්ඩුව මිසක් වෙන අයෙක් නොවේ. නැත්නම් කුඩු ගැසීම නීති විරෝධි නැක. කුඩු ගැසුවා කියා වෙන කාගේවත් අයිතියකට කෙළ වෙනෙනද නැත."

කුඩු ගහන එක ආන්ඩුව තහනම් කොරල තියන හින්ද අපරාදයක්.ඒ වගේ ටියුසන් තහනම් කොලාම ඒකත් අපරාදයක් වෙනව.එතකොට දෙකම එක වගේ වෙනවයි කියන එකයි මුන්නැහෙගෙ තර්කෙ.මුන්නැහෙට අනුව කුඩු බිස්නස් වලින් සමාජෙට නරකක් වෙන හින්ද ඒක අපරාදයක් හින්ද තහනම් කොලා නෙමෙයි.තහනම් කොරපු හින්ද කුඩු බිස්නස් කියන එක නරක එකක් වුනා.

කුඩු නීති විරෝදී වෙන්නෙ මක්කෙයි?මේ ගැන පුලා දන්න අදුනන සුපුන් නීතිඥ බොස් නියම ආන්ස්වර් එකක් දුන්න.
සිවිල් වැරදියි අපරාද වැරදියි කියන්නෙ වර්ග දෙකක්.සිවිල් වැරදි ඇතිවෙන්නෙ තනි පුද්ගලයො දෙන්නෙක් අතර.අපරාද වැරැද්දක් එහෙම නෙමෙයි.මම මගේ අල්ලපු ගෙදර මිනිහ මැරුවය හිතමු.ඒකෙදි කඩවෙන්නෙ උන්නැහෙගෙ අයිතිය විතරක් නෙමේ.අපරාද ගැන බයක් සමාජෙ පැතිරෙන හින්ද සමාජෙම අයිතියක් කඩ වුනා කියලයි සැලකෙන්නෙ.සිවිල් නඩුවලදි වගේ නෙමෙයි අපරාද කේස් වලදී රජය මැදිහත්වෙලා නඩු දාන්නෙ ඒකයි.
කුඩු ගහන එකෙන් එක පාරට බැලුවම පේන්නෙ කුඩු ගහන එකාටවත් මක්කවත් වෙන්නෙ නැහැ කියල.ඒත් කුඩු කියන්නෙ නිකම් කුඩු ටික හලාගෙන උරන එක නෙවි.ඒක ක්‍රියාවලියක්.ඒව ගහන උන් වෙනම මානසිකත්වයකට ගිහින් පිස්සු කෙලිනව.දේපල වලට කෙලවන්න ඉඩ තියෙනව.මනස විකෘති කොරන නිසා අපරාද වලට පෙලඹෙන්න තියන පොසිබිලිටිය වැඩියි.මේක සමාජෙට ත්‍රෙට් එකක් හින්ද කුඩු බිස්නස් එක තහනම් බිස්නස් එකක් අපරාද වගකීම වැටෙන ජොබක් විදිහට බෑන් කොරල තියනව.කුඩු වල දරුනු කම හින්ද ඒක ලගතියාගෙන ඉන්න එක වුනත් ඒ හින්ද තහනං.මොකද ඒකෙන් බිස්නස් එකට අනුබලයක් වෙනව කියල සැලකෙන හින්ද.

පුලා මේ හෑල්ල කිව්වෙ මක්කෙයි?නෝ ප්‍රේම්ගෙ ප්‍රේම් එකට නොපෙනුනට කුඩු බිස්නස් වලින් සමාජෙ අයිතිවාසිකම් කඩවෙනව.සමාජෙට ඒක පුරස්නයක් වෙනව.මේ කාරනේ ලෝකෙම පිලිගත්ත එකක් හින්ද තමයි අන්තරාදායක මත්ද්‍රව්‍ය වගේ දේවල් නවත්තන්න ලෝකෙ පුරා රටවල් ඇග්රීමන්ට් වලට සයින් කොරල බුදු ගේමක් දීල තියෙන්නෙ.හොරකම් කොරන එක,මිනී මරන එක,කුඩු විකුනන එක,ගෑනු දූසනේ කොරන එක මේව නීති විරෝදී කොරල තියෙන්නෙ පාලකයන්ට ෆන් එකක් ගිය හින්ද නෙමෙයි.මේවයින් සමාජයට පුරස්නයක් වෙනව මේව සමාජයේ අයිතිවාසිකම් ක‍ඩ කොරන ඉන්සිඩන්ට්ස් හින්ද.

දැන් පුලස්ති ආයෙත් අහන්නෙ මෙච්චරයි.ඉරිදට ලමයෙක්ව ඉගෙන ගන්න අතිරේක පංතියකට යැව්වය කියල සමාජෙට ත්‍රෙට් එකක් තියනවද?කාගෙවත් ඇගේ හොරි හැදෙනවද?කාටවත් බඩ එලිය යන්න ගන්නවද?
කුඩු විකුනන එකයි,ගෑනු දූසනේ කොරන එකයි එක්ක මේ හින්ද ඉරිදට ටියුසන් යන එක සංසන්දනේ කොරන්න බැහැ.අරව තහනම් කොරපු රීසන් එකක් තියනව.ඒ රීසන් එක ටියුසන් යනව වගේ කාටවත් කරදරයක් නැති පුද්ගලික ජීවිතේ වැඩකට ආදේස කොරන්න බැහැ.
කුඩු බිස්නස් කියන අපරාධයයි ටියුසනුයි එක වගේ කියල කියන කෙනෙක් ඉන්නව නං පුලාට ඇත්තටම පුදුමයි.ඇත්තටම උන්නැහෙ ඇම් බී බී ඇස් නං වෙන්න බැහැ.සමහර විට නෝ ප්‍රේම් ඇත්ත වෙන්නත් ඇති.‍නෝ ප්‍රේම් කියල ලියන්නෙ මිගාර වෛද්‍ය බොස් නොවෙන්නත් ඇති.පන්හිද එක්ක ලියුව වංගියෙ නං මිගාර දොස්තර බොස් මේවගේ ගොබ්බ සැසදීම් කොලා කියල මතකයක් පුලාට නැහැ.

නෝ ප්‍රේම් මෙහෙමත් කියනව.

"ඉරිදා ටියුෂන් පන්ති පැවැත්වීම මගින් දහම් පාසල් යාමට දරුවන් අධෛර්යමත් කිරීමක් සිදු වේ."

දැන් අපි ඔය ලයිස්තුව හුරතල් ලමයි දෙන්න වගේ එක්කාසු වෙලා තව දික්කරමුද නෝ ප්‍රේම්?

ඉරිද ටියුසන් තහනම් කොලා කියමු.ඉරිද උදේට ටිවි එකේ ස්කුබි ඩූ පෙන්නව.හාමුදුරුවොන්ගෙ බන අහනවට වඩා ස්කුබි ඩූ කොච්චර සෝයිද?ඒකෙන් ලමයි දහම් පාසල් නොයා ගෙදර රැදෙන්න ඉඩ තියනව.දහම් පාසල් යන එක අධෛර්යමත් වෙන්න ඉඩ තියනව.
එහෙනම් ඉරිද උදේ කාටුන් පෙන්නන එකත් තහනම් කොරමුද?

ඉරිද ටියුසනුත් නැතිව නිවාඩු කොලාම පස්සෙ සමහර ලමයි දහම් පාසල් යන්නෙ නැතිව දවල් වෙනකම් නිදාගන්න ඉඩ තියනව.පුලා වගේ නාහෙට නාහන එකෙක් නං ‍කොරන්නෙම් ඕක තමයි.දැන් ලමයින්ට දවල් වෙනකම් නිදාගන්න දුන්නොත් දහම් පාසල් යන එක අධෛර්යමත් වෙනව.පනතක් ගෙනල්ල ඉරිද දවල් වෙනකම් නිදාගන්න එකත් තහනම් කොරමුද?
දහම් පාසල් යන එක අධෛර්යමත් කොරන තව කොච්චර රීසන් තියෙන්න පුලුවන්ද?දැන් මේ හැම එකක්ම තහනම් කොරන්නද යන්නෙ?එතකොට හරිද?ඇගේ වාත අමාරුව හොද වෙයිද?

ලමයෙක් දහම් පාසලට යන්නෙ නැතිව ටියුසන් යනව නං ඒකට රීසන් එකක් තියනව.ඌට දහම් පාසලට වඩා ටියුසන් එක වටිනව.ගාථා පාඩම් කොරනවට වඩා ගනන් ටිකක් ඉ‍‍ගෙන ගන්න එක හොදයි කියල ඌ හිතනව.දහම් පාසල් ඔච්චර සෝයි නම් ටියුසන් අයින් කොරල දහම් පාසල් යන්න එපැයි.තමන්ව ප්‍රමෝට් කොරගන්න දහම් පාසලට ඕනි නං කොරන්න තියෙන්නෙ ඒකට මොනව හරි වැඩපිලිවෙලක් හදන එක.ටියුසන් කියන තරගකාරයා එක්ක තරග කොරන්න බැරිව ආන්ඩුව ලව්ව තග දාල බලෙන් තරගකාරයා දන ගස්සන එක අලුතින් ආපු සෙල්ෆ් සර්විස් තියන කාගිල්ස් එක එක්ක තරග කරන්න බැරි පරන විදිහට බඩු විකුනන මුදලාලි රෑට චන්ඩි ලව්වා කාගිල්ස් එකේ වීදුරු කුඩු කරනව වගේ දෙකයි පනහෙ වැඩක් කියල අවසන් වසයෙන් පුලස්ති ප්‍රකාස කොරනව.


පසු වදන - (පිටපත මහින්ද අබේසුන්දරගෙන්නං නෙමෙයි හැබැයි.නෝ ප්‍රේම්ට මාර පුරස්නයක් වෙලා තියෙන පුලාගෙ අනන්යතාව ගැන පුලස්ති ගෙඩිගේ ගෙන්)

1.නෝ ප්‍රේම් තමුන්නෙ ලියුම පටන් ගන්නෙ පත නෝ බෝල් එකකින්.පුලස්තිගෙ අනන්‍යතාව හොයන්න උන්නැහෙ හිනායන ගේම් එකක් දීල පුලස්ති = මකබාස් කියල සමීකරනයක් හදල.මකබාස් කියල ලියන මහත්තය මේක කියවනව නං කරුනාකරල අත දිග්ගරල නෝ ප්‍රේම් දැම්මෙ නෝ බෝල් එකක් කියල සංඥා කොරන්න.

2.නෝ ප්‍රේම් පුලා ගැන ලස්සන විස්තරේකුත් ඊට පස්සෙ කොරල තියනව.මුල්ගම්පොල වැඩිය උගත්කමක් නැති කෙනෙක් වගේ හිටියට පුලා කියන්නෙ කොලඹ ඉන්න ඉංගිරිසි දන්න පස්චාත් උපාධියක් කොරපු ඩයල් එකක්ලු!බුදු අම්මේ සනීපෙ.යම්තම් බොලොග් කෑල්ලක් අ‍ටවගෙන අත පත ගාල කොම්පියුටර් සාස්තරේ ඉගෙන ගත්ත පුලා ගැන මේ වැදගත් මහත්තුරු කොයි තරම් ඉහලින්ද හිතාගෙන ඉන්නෙ හැබෑටම.මේ ටික දකින්න පුලාගෙ මැරිච්ච අප්පච්චි වත් හිටිය නං කියල පුලා වෙලාවකට හිතනව.ඉස්කෝලෙ යන වංගියෙ වල බැහැල ගුටි කෑවට මහ ලොකුවට කැම්පස් ගිහින් අවුට් වෙලා ඉන්න බුවාලටවත් නැති පිලිගැනීමක් වර්නනාවක් නෙව පුලාට මේ හම්බවෙන්නෙ.

ජීවිතේ මල් නෝ ප්‍රේම් ඉන්න කල්!

3.තරහ අවසර.මොනව උනත් තමන්ට අයිති නැති ටයිටල් ගන්න පුලස්ති කැමති නැහැ.පුලස්ති අම්මපා කොලඹ නෙමේ.මුල්ගම්පොල.මුල්ගම්පොල තියෙන්නෙ නුවර.කොලඹ ඉදන් බස් එකේ එද්දි පේරාදෙනිය පාරෙ මල්වත්ත පහුකොරගෙන එන්න.අලුත් පාරට දාන්නෙ නැතිව කෙලිංම ආවම කිංග්ස්වුඩ් කියල තඩි ඉස්කෝලයක් හම්බවෙනව.ඒක ඉස්සරහ තියන ලුම්බිනි කියන ඉස්කෝලෙට තමා පුලා ගියෙ.
ඒ හරිය තමයි මුල්ගම්පොල.කිංග්ස්වුඩ් එක ගාව අතුරු පාරින් පල්ලෙහට බැස්සම හම්බවෙයි බාබර් සාප්පුවක්.ඒක කොරන බාබර් ගෙන් අහන්න පුලස්තිගෙ ගෙදර කොහෙද කියල.මේං කියල ඇගිල්ල දික්කරල පෙන්නයි.

එහෙනම් නිවාඩුවක් හම්බුනම එන්න නෝ ප්‍රේම්.දවල්ට කන්න කුරහන් තලපයක් එක්ක ගෝල්ඩ් ලීෆ් බටයක් දෙඤ්ඤං.ගම්මු අපි හිංගල බෞද්ධ මොඩර්න් ආතල් එකක්!











11 comments:

  1. ඔයාට කියන්න තියෙන දෙයක් වැල් වටාරම් නැතිව කිව්වොත් අපිට ලේසියි අපි මේ පස්ස පැත්තෙ අමාරුවක් තියෙන නිසා වාඩිවෙලා මේව බලන්නෙ නෑ...ඔයාලගෙ පල්හෑලි කියවන්න....

    ReplyDelete
  2. මගේ හැඟීමත් ළමයින්ව බලෙන් දහම් පාසැල් යවන්න කියලා ඉරිදාට ටියුෂන් තහනම් කරපු එක වැරදි වැඩක් කියන එකයි . .

    දහම් පාසැල් ප්‍රචලිත කරන්න පාඩම් පොත් කටපාඩම් කරවන දේට අමතර ව තාත්වික දහම් දැනීමක් ලබා දීම තුලින් නාට්‍ය සෞන්දර්ය වගේ දරුවන්ගේ දස්කම් එලි දක්වන්න තෝතැන්නක් සාදා දීමකුත් කෙරෙනවා කියා . . . . දහම් පාසැල් යන දරුවන් හා ඔවුන්ගේ මාපියන් තුලින් සමාජයේ කතිකාවක් බිහිකර . . . ඒ මඟින් දරුවා ඉරිදාට පංති යවනවාට වඩා වැදගත් යමක් දහම් පාසැල් අධ්‍යාපනයෙන් වෙනවා කියලා අන් දෙමාපියන්ට මානසික බලපෑමක් කොට දරුවන් දහම් පාසල් ගෙනවා ගැනීමයි සිදුවිය යුත්තේ මා සිතනාකාරයට

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. @ indi

    මගේ නිවන මගේ පැල්පතයි නෙව සඕදරයා.තමුන්නාන්සෙට මේක පල්හෑල්ලක් උනාට මේක මට මගේ ආත්ම ප්‍රකාසනය :D

    ReplyDelete
  5. @ indi : මොනා උනත් කඩේ යන බුලට් වලට අමාරුයි..

    ReplyDelete
  6. මම කීවෙ සමරයිස් කරල ඕනිම ටික කියන්න පුලුවන්නම් හොඳා කියල....අර උඩින් තියෙන කතා ටික අදාලම නෑනෙ ඔයා කියන්න හදන දේට...

    ReplyDelete
  7. දහම් පාසල් ගියහම "ශිෂ්ඨ සම්පන්න වෙනවා" කියන එකට සටිපිකේට් එකක් දෙන්න පුළුවන් ගොබිලෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙනවද?

    අනෙක් එක පුලෝ, ගොඩක් දහම් පාසල් වලට ඇති වෙන්න ළමයි එනවා. මුං කියන වයසේ එවුං (පළමු වසරේ සිට) බොහෝ විට දහම් පසල් ඒමට නොහැකි වන්නේ 10 වසරට ඉහළ එව්වොන්ට. මොකද ඕලෙවල් ගේම අතහරින්න බෑනේ. අදටත් දහම් පාසල් වල එන්ටරන්ස් ලිස්ට් එක බැලුවාම ළමයි තුන්දාහ පැනලා. අර උඹලගේ මල්වත්තට එහා තියෙන පන්සලෙ වේටින් ලිස්ට් එක හෙන දිගයිලු නේද? ඉරිදා ටියුෂොං තහනම් කරා නොකාල කියලා මේ ලිස්ට් එක අඩුවෙන්නේ නැහැ. මේක පැෂන් එකනේ කොල්ලෝ. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න ටියුෂොං තහනම් කරලා දහම් පාසල් යවන්න හදන පොරවල් වලට මේක මීටර් වෙන්නේ නෑ. මොකද පුලෝ, මුං බජාර් එක ගැන දන්නෙ නෑ. බජාර් එකට බහින්නේ නැතුව ගේම යන්නේ කොහොමද කියලා තේරැම් ගන්න අමාරැ බව දන්වනනේ. ගොඩ ඉදලා පීනන්න බැහැනේ. අනික මචෝ, අපි ඔය කොයි කොයි දහම් පාසල් වලත් හිටපු එකනේ. අපි දන්නවනේ අල වගේද ගෝවා කියලා. ගොනා හැරෙන්නේ පොල් පැලේට ෂොට් එක දෙන්න කියලා මුන්ට තෙරෙන්නේ නෑ.

    ළිදේ ඉන්නා ගෙම්බන්ට වඩා රැඩිකල්වාදී උගුඩුවන් වීම ආතල් නැද්ද? මේ එළියට පනින්නේ බණ්ඩලාගේ ඉරිසියාවයි. කුහකකමයි. කොටින්ම කියනවානම් දිරවන්නේ නැති කමයි.

    ReplyDelete
  8. @ තිසර

    ෆන් එක කියන්නෙ දහම් පාසල් කියල හදාගෙන තියෙන මොඩල් එක සම්පූර්නයෙන් කතෝලික මොඩල් එකක්.මල්වත්තට එහාතියෙන පන්සලේ උන්නාන්සෙ කෙනෙක් ඊයෙ පෙරේද කොටුවක් පනින්න ගිහිනුත් හොද සෙල්ලමක් වුනා.මේ වගේ ඇත්තොන්ගෙන් තමයි පොඩි උන්ගෙ සදාචාරෙ වර්දනය කොරන්න පැලැන් කොරන්නෙ.
    පැන්ටසියෙ තියන දහම් පාසලයි පොලොවෙ තියන දහම් පාසලයි දෙකක් කියන එක අන්තවාදෙන් අන්ධ වුනාම පේන් නැතිව යනව.

    @ දුකා - සම්පූර්න ඇත්ත.බල කොරල දහම් අධ්‍යාපනේ දෙන්න යන එක බුද්දාගමටවත් එකගද මන්ද

    @ ඉන්දි - ඉතින් මොනව කරන්නද සඕදරයා.ඒ උඩ තියන ටික මගෙ ආත්ම ප්‍රකාසනේ නෙව.ආත්ම ප්‍රකාසනේ සමරයිස් කොරන්න බැහැනෙ.මේක අනික පත්තරයකුත් නෙමේනෙ.තැන්ක් යූ හැබැයි යෝජනාවට :)

    ReplyDelete
  9. අම්මප මේ දහම් පාසල් කියන එක නම් මල විකාරයක්. කොල්ලොන්ට සරම් අන්දවලා , කෙල්ලොන්ට රදී අන්දවලා, මොන සංස්කෘතියක් රකින්නද හදන්නේ. ඉරිදට සරොම අන්ද ගත්තම තමයි සන්ගිස්කෘතිය රැකෙන්නේ. ඒ මදිවට ඒවායේ ඉඩ නැහැ. කබල් බැංකු උඩ වාඩි වෙලා මොන ධර්මයක්ද ආයුබෝන්.

    ReplyDelete
  10. It is impossible to send my kids to Dhamma School. my son cant understand Sinhalese... very sorry for my Sinhalese Buddhist culture. and also my brother send his son to the temple. after a months time Reverend loku saadu tried to have a gay sex with his son. can anyone of u talked to a monks. it is always embarrassing... we cant...don't send kids to the temples.

    ReplyDelete
  11. //අම්මප මේ දහම් පාසල් කියන එක නම් මල විකාරයක්. කොල්ලොන්ට සරම් අන්දවලා , කෙල්ලොන්ට රදී අන්දවලා, මොන සංස්කෘතියක් රකින්නද හදන්නේ//
    ඒ විතරක් නෙවෙයි ඒ සන්ස්කුරුතිය කෙල්ලොන්ගේ ලමාසාරි අස්සෙනුයි, කොල්ලන්ගේ සරම් අස්සෙනුයි හොඳට පේනවා
    හාමුදුරුවන්ට නම් චූන් ඇති
    හෙලුව පෙනුනත් මොකද සින්හල ක්‍රමේටනේ :D

    ReplyDelete