Friday, June 4, 2010

ස්වයං වින්දනයයි බ්ලොග් ලිවිල්ලයි


අතින් සන්තෝසයක් ගන්න එකට කියන්නෙ ස්වයං වින්දනේ කියල පුලස්ති දැනගත්තෙ ඕලෙවල් කොරන කාලෙ.
සොයං වින්දනේ නියම ටොපික් එක.පුලස්ති දන්න තරමින් සීයෙට අනූඅටක් කොල්ලො අතේ තියෙන රසේ දන්නව.හිතේ හැටියට අතේ රසය ගන්න අය පොතේ පතේ දැනුම දෙන්න ඉස්සෙල්ල එක්ස්පීරියන්ස් වලින්ම තමයි මේ ගැන ඉගෙන ගන්නෙ.ගොඩක් වෙලාවට අහම්බෙන්.සිස්න බටය නිකම් අතපත ගගා ඉන්න කොට හෝස් එකෙන් වතුර විදින්න වගේ සුක්රානු පිට වෙන හින්ද පලවෙනි එක්ස්පීරියන්ස් එකෙන්ම බය වෙන සීන් එක ගොඩක් කොල්ලාස්ලාට පොදු සිද්දියක්.

නව යවුවන කාලෙ ජීවිතේ කොම්ප්ලිට් කොරන වියුහය තමයි සොයං වින්දනේ.කාමර වල දොරවල් අගුලු දාගෙන,තමන් කැමති මොකක් හරි රූපයක් දිහා බලාගෙන නැත්තං හිතෙං මවාගෙන මේ කරන වැඩේ තවුතිසා දිව්ය ලෝකයට සෙට් වුනා වගේ වැඩක්.සුරාන්තය තරම් එක්ස්ට්රීම් අවස්ථාවක් වෙනත් නැහැ.අපි එතකොට ඉන්නෙ මේ ලෝකෙ නෙමේ.අපි හිතින් මවා ගත්ත වෙනම ලෝකෙක.ජීවිතේට තොල් සූප්පු කොරන්න අතින් අල්ලන්න ලගට යන්න චාන්ස් එකක් නොලැබෙන නිලියක් ගායිකාවක් එක්ක තනිවෙන මොහොත මාර පැන්ටසියක්.
දැන් අයිඩියා එකක් නං අපිට වචන වලින් කියන්න ඇහැකි.
"මම ගෙදර යමි"
"මම නාන්න යමි"
"මම කොන්ඩෙ කහමි"
මේ වගේ "අදහස්" ඕනෙ තරං වචනෙට නගන්න ඇහැකි.ඒත් සොයං වින්දනේ එක්ස්ට්රීම් වෙන අවස්ථාවෙ සරීර‍යට දැනෙන "හැගීම" වචනෙට නගල විස්තර කරන්න පුලුවන්ද?
පුලුවන් කෙනෙක් ඉන්නව නං අත උස්සන්න.පුලාට නං බැහැ.අදහස් සහ හැගීම් අතර වෙනස තමයි ඕක.

සොයං වින්දනෙං නවයවුවන වයසෙ බුවෙක් එක්ස්පෙක්ට් කොරන්නෙ මොකක්ද?හීන ලෝකයක් මවාගෙන සතුටු වෙන්න.තමන්ගෙ තෘප්තිය සම්පූර්න කොරගන්න.තමං කැමති නිලිය,ගායිකාව,අල්ලපු ගෙදරක ඉන්න තරුන ගෑනු ලමය ( සමහර විට වයසක ගැහැනු ලමයා වෙන්නත් ඇහැකි ) එහෙම නැත්තං ඉස්කෝලෙක උගන්නන ගුරුවරියක් වගේ ඇත්ත ලෝකෙදි තමන්ට ස්පර්ස කොරන්න නොලැබෙන කෙනෙක් එක්ක පරිකල්පනය කොරපු ලෝකෙක සෙට් වෙලා ජීවිතේ සම්පූර්න කොරගන්න.ජිවිතේ තියෙන හිස්කම වහගන්න.මේක තමයි සොයං වින්දනේ යට තියන හරය.

පුලස්ති‍ගෙ තර්කෙ මේකයි.අපි කොරන අනිත් ගොඩක් දේවලුත් ඒ වගේ.
සයිබර් අවකාසෙ අපි බොලොග් අටවගන්නෙ ඇයි?අමුතු අමුතු නං දාගෙන වැඩ කිඩ පෙන්නන්නෙ ඇයි?
ලේසිම ආන්ස්වර් එක තමයි "කෙනෙක්"වෙන්න.
ඇත්ත ජිවිතෙන් නොලැබෙන ආතල් එකක් ගන්න.ජීවිතේ පූර්න කොරගන්න.

තමුන් කියන දේ කවුරු හරි එකෙක් අහගෙන ඉන්නවට කවුරු කවුරුත් ආසයි.
නිකමෙක් විදිහට ඉන්නවට වැඩිය කෙනෙක් වෙන්න කවුරු කවුරුත් ආසයි.
මුස්ලිම්කාරයොන්ට බඩ යන්න වචන ‍වලින් කෙලියම තමන්ට තෘප්තියක් ලැබෙනව කියල පෙරමුනෙ රාල හිතනව.ඇත්ත ‍ලෝකෙදි ගන්න බැරි ආතල් එක සයිබර් අවකාසෙ මනක්කල්පිත කලු ජූලි හදාගෙන පිටියෙ අප්පු ගන්නව.දෙමලට කුනු කතා කියල කසාපබ්බත බොස් වින්දනයක් ගද්දි තමන් රට බේර ගන්න ඉන්න වීරයා කියල හිතෙන් හිතාගෙන මිගාර දොස්තර බොස් වෙනම ෆන් එකක් ගන්නව.
ඒ ඉවුර වගෙම මේ ඉවුරත් එහෙමයි.
හතර අතේ තියෙන සබ්බ සකලමනාවටම පන්න පන්න ගහල ටැබූ තමන්ගෙ මනස තාප්තිමත් කොරගන්නව.මහින්ද රාජපක්ස කියන හතුරාව පතුරු ගහල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් භූමිකාවක් රගපෑව කියල බියොන්ඩ් ප්‍රේම් වගේ ඈයො සන්තෝස වෙනව.දනපති ක්‍රමේට ලිපියක් ලියල කිංඩි කොරල විප්ලවේට තමුන් සේවයක් කොරා කියල ඩබ්ලියු ත්‍රී ලංකා  වගේ බුවාල මානසිකව සන්තෝස වෙනව.ෆන් එකක් ගන්නව.
තාක්සන ලිපි ලියන සමහර ඈයො කොහෙන් හරි කොපි පේස්ට් කොරගෙන ලිපියක් දාල ට්‍රයක් දෙන්නෙ පොරක් වෙන්න.ආගමික බොලොග් ලියන ඈ‍යො තමන් ලෝකයට දහම් පනිවිඩයක් දීල විසාල සේවයක් කොරා කියල තනියම සන්තෝසයක් ගන්නව.කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව දොර වහගෙන තම තමන්නෙ මනෝ ලෝකවල "රජ" වෙනව.

එතකොට පුලස්ති කොරන්නෙ මොකක්ද?
රාජපක්ස ලොක්කව දිරවන්නෙ නැති හින්ද පුලස්ති උන්නැහෙට හතර අතේ කෙලිනව.ඇත්ත ලෝකෙදි රජතුමාව මූනට මාට්ටු උනොත් පුලා මොනව කරයිද?අනෙ අම්මෝ මොනව වෙයිද අයි ඩෝන්ට් නෝ වයි.රියැලිටි එකේදි කොරන්න බැරි දේවල් අපි අන්තර්ජාල අවකාසෙ කියන පැන්ටසි එක ඇතුලෙ වීරයො වගෙ කොරනව.ඒකෙන් සුරාන්තයට පත්වෙලා ජිවිතේ කොම්ප්ලීට් කොරගන්නව.
හරියට රියැලිටි එකේදී සංසර්ගය කොරන්න බැරි අයිස්වර්යා එක්ක ෆැන්ටසි එකේදි රමනය කොරල සතුටු වෙන අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ.

ඉතිං මිත්රවරුනි බොලොග් ලිවිල්ලයි සොයං වින්දනෙයි එක වගේ නෙවෙයිද?
මේ දෙකෙන්ම කෙරෙන්නෙ එකම කාර්ය භාරය නෙවෙයිද?


32 comments:

  1. චිකේයියා, ලියල තියෙන කැත කතා!

    ස්වයං වින්දනය නං නෙමේ, ගුණදාස අමරසේකර එයාගෙ පොතක ලියල තිබුණ, සංස්ර්ගයේ යෙදිල ශුක්‍රාණු පිටවෙනකොට එන හැඟීමයි, තදින් කක්ක බරක් තිබිල කක්ක කළාම එන හැඟීමයි එක වගේය කියල.

    ගුණදාස අමරසේකර, "කෘන්තක රදනක පීඨයෙ" ඉන්න කාලෙ මුල්ගම්පොල බෝඩ් වෙලාවත් හිටියද මන්ද?

    ReplyDelete
  2. පුලස්ති අයිය කියන කතාවත් සහතික ඇත්ත නේද....
    හි හි... මක් කොරන්නද, හැමොටම තම තමුන්ගේමයි කියල ෆැන්ටසි ලොකයක් වත් තියෙන්න එපා‍යැ... ඉතිං රියැලිටි ලෝකෙදි කොරන හරඹ වලට වැඩි දෙයක් සයිබර් අවකාසෙ ‍දාලා රියැලිටි ලෝකේ කවුරුත් නොදන්න හාදයො සයිබර් අවකාසෙ පොරවල් වගේ ඉන්නවා...
    හැමෝම වගේ මාත් එහෙමයි...

    ReplyDelete
  3. කථාව ඇත්ත පුලෝ............

    ReplyDelete
  4. අර තාක්සනික ආගමික උදාහරන ටිකකුත් දුන්නා නං තමා හොඳ.. :D (අපිව ගාවනොගෙන) :D

    ReplyDelete
  5. පුලා මුල්ගම්පොල බටයක් ගහගෙන හිටියට දීප්තිලත් හොම්බෙන් යන විග්‍රහ නෙ කරන්නෙ.

    ReplyDelete
  6. හරියටම හරි..ඔබ නිවැරදියි....නියම කතාව .....උපරිමයි.......

    ReplyDelete
  7. පුලා ඔයට අමතක වුනා තවත් සමහරු හිතෙ තියන දෙ හිර කරගෙන ඉඳලා ඉඳලා පිස්සු වැටෙන්න කිට්ටු වුනාම බ්ලොග් ලියන්න එනවා.. ඇවිල්ලා ලියද්දි පිස්සු වැටෙනවා..

    ReplyDelete
  8. නියමයි පුලස්ති :P
    මගේ ජිවීතේ මට අමතක නොවන බ්ලොග් ලිපියක්
    සහතික ඇත්ත

    ReplyDelete
  9. :D

    [
    අර්ත කතනයක්: බ්ලොග් ලිවීම

    විදුලි බලය,ක්‍රියාත්මක වන පරිගණකයක්, ජනේල් රමුවක් හෝ උඩුබුන්ට් යන සම්මතත්තව යටතේ, සිංහල යතුරු ලියනය හොඳින් පාව්ච්ච් කල හැකි මානවකයෙක්, තම ස්වයං වින්දනය උදෙසා, සෑබැ ලොව අත්දකිනා හෝ සැබෑ ලොව ක්‍රියාත්මක කල නොහැකි දෑ අකුරු කර බ්ලොයක් හරහා එළි දැක්විම හෙවත් බ්ලොගින් වින්දනය බ්ලොග් ලිවීම නම් වෙයි.



    ]

    ReplyDelete
  10. :D :D
    සිරා කතාව මිත්‍රයා. 100% ක් ඇත්ත

    ReplyDelete
  11. සහතික ඇත්ත....

    ReplyDelete
  12. නියම කතාව බං . . . සිරාවටම ලියලා තියෙනවා . . . !!

    ReplyDelete
  13. සහතික ඇත්ත...මම අහපු කියවපු හොදම Post වලින් එකක්...

    ReplyDelete
  14. : D
    මේක comment විතරක් කරන අපිටත් පොදුයි
    පොඩ්ඩක් විතර ලැජ්ජත් හිතුනා (ස්වයන් වින්දන කතාවට නෙවෙයි, කියන්නේ ඇත්ත නේද කියලා හිතලා )
    හැබැයි කතාව ඇත්ත

    ReplyDelete
  15. ටොප් ක්ලාස්.. සම්පූර්ණයෙන්ම එකඟයි..

    ReplyDelete
  16. අම්මට සිරි!මෙච්චර කොමෙන්ටු ගානක් පුලා දැක්කමයි පුලාගේ බොලොග් එකට වැටුන.කලටිපොල් කතා වලට වඩා සොයං වින්දන කතාව නැගල යනව වගේ

    @ කතන්දරකාරයා ( රහසින් ) - මේක ලියන්න අමුද්‍රව්‍ය පහල වුනේ ඇත්තටම කොහොමද දන්නවද?තමුන්නැහෙගෙ බොලොග් එකේ අර අයිස්වර්යාගේ පින්තූරයක් දාල ලියල තිවුන බ්ලවුස් කතාව දැකල
    අමරසේකර බොස් මුල්ගම්පොල හිටියද කියන්න බැහැ.මෙහෙ මුස්ලිම් අය ගොඩයි.සමහර විට මුස්ලිම් කෙල්ලෙක්ගෙන් බූට්ස් පාරක් වත් වැදිලද දන්නෙ නැහැ මෑන්ස් පස්සෙ කාලෙක මෙච්චර සිංහල ඔන්ලි ඩයල් එකක් උනේ.

    @ කනියා
    උදාහරන දෙන්න ඇහැක් නං ආසයි.ඒත් පුලා වැඩිය තාක්සන ලිපි අතපත ගාන්නෙ නැති එකනෙ සිද්දිය.ත්‍රී වීලර් එකක් දුවන තාක්සනේ ගැනවත් ලිපියක් දැම්ම නං කියවන්න තිබ්බ

    @ පිටස්තරයා - දීප්ති කිව්වෙ ඇක්ස් එකේ දීප්තිද?දූ දරුවො එකේ දීප්තිද?අම්මෙ පලවෙනි කෙනාට නං මං බයයි

    @ රවා - සහතික ඇත්ත තමයි.

    @ වැප් - ඔය නිර්වචනේ දාමුද බොලොග් සංගමේ ව්‍යවස්ථාවට?

    @ සියල්ලන් - ස්තුති වේවා තමුන්නැහෙලයෙ කමෙන්ට් වලට.බොලොග් ලිවිල්ලෙයි සොයං වින්දනෙයි වෙනසක් පුලාට මීටර් වුනා.සොයං වින්දනේ බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝර්ස්.කවුරුත් ඒක දිහා බලාගෙන ඉදල ඒක ගැන කමෙන්ට් කොරන්නෙ නැහැ.
    (නියම අතේ පාර.එල එල කියල :) )
    බොලොග් වැඩේ සොයං විනදනේට වැඩිය වෙනස් වෙන තැනක් තමයි ප්‍රතිචාර දාන එක නේද?

    ReplyDelete
  17. පුලා පොලිටික්ස් ලියද්දි ඔක්කොම ඇවිල්ලා කියවලා යනවා. මුකුත් වචනයක් නැහැ දෙන්නෙ නැහැ. බලපන් පුලා එකෙත් හැටි sex සබ්ජෙක්ට් එකක තියන වචනයක් දෙකක් දැම්ම ගමන් පෙරලි පෙරලි කමෙන්ට්ස්. මම ත් හැමදාම එනවා මෙ පැත්තෙ මමත් දැක්කමයි ඔබෙ බ්ලොග් එකෙ මෙච්චර කමෙන්ට් ගානක්.

    ReplyDelete
  18. එළස්...
    මචං පුලෝ... තලමල්විල පැත්තේ බඩු ටිකක් වත් සෙට් වුනාද?
    දරැ ගැහැව්වාට මෙහෙම අයිඩියාස් එන්නේ නෑනේ..
    නැත්තං පැළයක් වවලා ගැහැව්වාද?
    අපිටත් පොඩියක් තියපං. මුල්ගම්පල පැත්තේ දාන්නං විසිට් එකක්...

    ස්වයං වින්දනේ කියද්දි මචං මට මතක් වුනේ. අපේ යාළුවෙක් හිටියා "ගොට්ටා" කියලා. හැමදාම මු‍ ඔකෙදී ගොට්ටක් පාවිච්චි කලා.

    ReplyDelete
  19. අෆ්ෆා.. නියම ටෝක්ස් එක.. ලැජ්ජාවෙ බෑ.. :D ආයෙත් බ්ලොග් ලියන්නත් මොකද්ද වගේ.. :D

    ReplyDelete
  20. මේකෙ ගෑනු ලමයි ස්වයං වින්දනේ ගන්න හැටි ලියල නෑනෙ.. :D ඒකත් තිබ්බනම් පංකාදු 5යි.. :D

    ReplyDelete
  21. කියල තියෙන ඔක්කොම කතා ඇත්ත. නමුත් එක කතාවකට පමණක් මම විරුද්ධයි.
    “තාක්සන ලිපි ලියන ඈයො කොහෙන් හරි කොපි පේස්ට් කොරගෙන ලිපියක් දාල ට්‍රයක් දෙන්නෙ පොරක් වෙන්න.“
    කියන එකට.

    කොපි+පේස්ට්+ට්‍රාන්ස්ලේට් ක්‍රමයට තාක්ෂණීක ලිපි දාන අය නැතුවා නෙමේ. නමුත් තමන් අත්හදා බලලා ලැබුනු ප්‍රතිඵල ගැන, තමන්ට ඇතිවූ ටෙක්නිකල් ගැටලුවක් නිරාකරණය කරගත්තාම ඒක අනිත් අයටත් වැදගත් වේවි කියලා ඒ ගැන, වැදගත් ටෙක්නිකල් මාතෘකාවක් ගැන ලිපි කීපයක් කියවලා ඒවායින් වැදගත් කරුණු අරගෙන, තාක්ෂණික ලිපි ලියන උදවිය බොහොමයි. ඒ අයගෙන් ඉටුවෙන්නෙත් ලොකු සේවයක්. විශේෂයෙන්ම ලිනක්ස් පරිසරය ගැන සිංහලෙන් ලියන ලිපි ඒ පරිසරයට අලුත් අයට මසුරන් වගේ.

    ඔබේ වාක්‍යයෙන් එන්නෙ සියලුම තාක්ෂණික ලිපි ලියන්නො කොපි-පේස්ට් බුවාලා වගේ අදහසක්.

    ReplyDelete
  22. ඇත්ත පවත්නා ඇත්තටක් වඩා ඇත්ත වුනාම තමන්වත් පිළිගන්නෙ නෑ. ඒ මෙහෙමයි මම බොලාග් කරුවන්ගේ රෙද්ද ගැලෙව්වා කියල ඔබටත් චුන් වේන්නෙ නැද්ද. ඔබ ඔය කරන්නේ දේශපාලන කතාවක් - කොහෙම කළත් මම ඔබේ ලිපියට කැමතියි.....ඕක තමයි අපේ "සින්න සින ආසෙයි" එහෙම නැත්තං "මගේ චූන් මටම චූන් කියන්නෙ"

    ReplyDelete
  23. @ රවා - සමහරවිට පුලස්තිගෙ පොලිටිකල් අදහස් වැඩි දෙනෙක්ට දිරවන්නෙ නැතිව ඇති :D

    @ තිසර - ගොට්ටක්?මැවිලා පෙනේවි රූපේ!

    @ ඉන්දරේ - කියල තියන කියන කතාව ඇත්ත තමයි.ඒකෙන් වැරදි මීනිං එකක් එන්නෙ.ඒක එඩිට් කොරන්නම්.ස්තුතියි පෙන්නලා දුන්නට

    @ හකුනා මටාටා -

    //ඔබ ඔය කරන්නේ දේශපාලන කතාවක් // ;)

    ReplyDelete
  24. ලැජ්ජ හිතෙන කතා නේ... ඕව මචන් කරාට හෙළි කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි දන්න අය දන්නව තමයි කරන අය කරනව තමයි ඒත්... එළිපිට කරන්න ඔන දේවලුයි එපා දේවලුයි කියල දෙකක් තියනව එහෙම දෙයක් නැත්නම් කක්ක කරන්න වැසිකිලියක් ඔනද? කාමර වලට දොරවල් ඕනද? විලි වහගන්න ඇදුම් ඕනද? (මගේ පොර ටෝක්)

    ReplyDelete
  25. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  26. සොයං වින්දනය කියන්නෙ මේ කියල තියන හස‍්ත කර්මාන්තයට විතරක් නෙමෙයි ඕයි.
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තේරුම අරගනින්. එහෙම ගත්තම බොලොග් ලිවිල්ලයි සොයං වින්දනෙයි එක වගේ කියන්න ඕනෙ නෑ. බොලොග් ලිවිල්ල සොයං වින්දනේ එක කොටසක් නෙ!

    ReplyDelete
  27. ගොඩක් කට්ටිය කතාවට එකග වෙලා ඔබේ ස්වයං වින්දනයට සහයෝගය දක්වලා තියෙනවා. ඒත් බ්ලොග් වලට අභියෝග කරන ඔබේ ස්වයං වින්දනය ප‍්‍රශ්ණ කරන්න හිත එපා කිව්වට මේ ටික නම් අහන්නම හිතෙනවා.

    බ්ලොග් ලියන එක ස්වයං වින්දනයක් නම් ඔබේ ආතල් ගැනීම මේ වන විට පන්සීයකට ආසන්න පිරිසක් දැකලා තියෙනවා විතරක් නෙමෙයි. තිහකට අධික පිරිසක් ඔබටම කියලා තියෙනවා මාර ආතේ පාර මල්ලි කියලා. එහෙව් එකේ ඔබ තව දුරටත් හිතනවාද බ්ලොග් ලිවීම ස්වයං වින්දනයක් කියලා. අනික ඔබ නොදන්නවා වුණාට පහුගිය මැතිවරණ කාලේදී ඔබ ඔය කියන ස්වයං වින්දන බ්ලොග් කෙරුවාවට තහනමක් දාන්නත් මහින්දලා ලෑස්ති වුණා. ඉතිං අපිට නම් තේරෙන්නෑ ඔබ මේ තරම් ප‍්‍රසිද්ධියේ ස්වයං වින්දනය කරන කෙනෙක්ද කියලා. එක්කෝ ඔබ පොඩි කාලේ ඉදලා කරලා තියෙන්නේ ස්වයං වින්දනය නෙමෙයි. ඒක ප‍්‍රදර්ශන කාමුකත්වයක කියලා තේරුම් ගන්න වෙනවා.

    ReplyDelete
  28. @ හෂාන්

    එහෙනං අපි බොලොග්කරනය සොයං වින්දනෙයි ප්‍රදර්සන කාමයෙයි රිමික්ස් එකක් කියල කියමු :)

    ReplyDelete