Saturday, August 21, 2010

මර්වින් සිල්වා සහ සංඝ සම්මේලනය


මර්වින් සිල්වා හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ ගුණ වැයීමේ සංඝ සම්මේලනයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක‍්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් වෙති.
කඹුරුගමුවේ වජිර, වටිනාපහ සෝමානන්ද, ඕමාරේ කස්සප යන හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසකගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී එම සම්මේලනය පැවැත්වෙන බවයි.
( lankatruth - 2010.08.20)

උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහන කරන්නයි යන්නේ ඇගේ කොලූ
ඌට නිකායක් වෙන් කොට තබා තිබේ
අපෙ මුනි බනේ ඒකද හාමුදුරුවනේ

පිරිත් නූල් බදිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අදනය යට ගසාගෙන
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරු
මහන කරන එකදැයි මුනි බනේ ගරු

කුනු හෝදන්න මහ තැන් වල අපේ රටේ
පන්සල් තමන් යැයි කි හොද වෙල්ලාව
ටිකට් විකුනලා පෙරහැර කරනකොට
කරඩු‍වෙ ඉදිවිද ධාතුන් වහන්සෙලා

රට දැය සමය රැකගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුන සමහර හිමිවරු නසති
කුල ගොත් ඥාති නිල තල සංග්‍රහ සොයමින්

කුඩාපොල වගේ විරු හාමුදුරුවරු
අදත් අපි අතර හිද මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහනකම!
(සුනිල් ආරියරත්න)

හිතවත් බොදුනුවනි,

රජයේ නිලධාරියෙක්ට අඩත්තේට්ටම් කල ප්‍රසිද්ධ අපරාධකාරයෙක් වන මර්වින් සිල්වා වෙනුවෙන් මේ ඇරෙන්නේ දේශපාලනය කිරීමේ වරද නිසා අසාධාරන විදිහට සිරගත කල සරත් ෆොන්සේකා වෙනුවෙන් කෙල බිදක් නොහෙලපු කටවල්ය.
මර්වින් සිල්වා වෙනුවෙන් මේ පෙනී සිටින්නේ රටේ අපමන සිද්ද වෙන අපරාධ අසාධාරනකම් ගැන කසාය බිවූ ගොලුවන් මෙන් නිහඩව සිටින,ඒවා නෑසුකන්ව පන්සල් වල භාවනායෝගීව වැඩ වාසය කල උදවියය.
මර්වින් සිල්වාගේ ඇමතිකම වෙනුවෙන් මේ කහින්නේ රාජපක්ෂ මහරජානන්ගේ මැර පොලිසිය තමුන්ගෙම වංශයෙ භික්ෂූන්ට මහ මග පහර දෙන විට මොහොතකටවත් වචනයක් වැය නොකල අයවලුන්ය.
දුසිල් භික්ෂූන් අල්ලා පුකේ තාර ගෑ යුතු බව පැවසුවේ හිටපු දේශපාලකයෙකි.
රට පාදඩ සාප්පුවක් කරන මර්වින් සිල්ව ලා,මර්වින්ලාව හදා වඩා කිරි පොවන ඉහල පෙලේ දේශපාලන නායකයන්,එම නායකයන්ගේ පාදඩකම් ලජ්ජා විරහිතව සාධාරනීකරනය කරන කසාවත් පෙරවූ වංචනිකයන් ඇතුලු සකල විධි දුසිලුන් අල්ලා පුකේ තාර ගෑ යුතු බවට කොතලාවලගේ වාක්කිය සංශේධනය කරන්නේ මුල්ගම්පොල පුලස්තිය.


5 comments:

  1. වැරැද්ද මිනිස්සුන්ගෙයි. සිවුරක් අඳින්න ඕනි කෙනෙකුට පුඵවන් මොකද කලිසමක් ෂර්ට් එකක් ගන්න යන වටිනාකමවත් ඊට වැය වෙන්නෙ නෑ.

    ඉතින් ලාභෙට සිවුරු තියෙන නිසා ඒව අරන් ඇඳගත්තට භික්ෂුවක් නොවන බව මිනිස්සු දැන ගතයුතුයි. ඇත්තටම මොවුන් භික්ෂූන් නෙවෙයි.

    ReplyDelete
  2. @ Outsider,
    ඒ කතාවට නම් මම එච්චර එකඟ නෑ. මොකද මොවුන් භික්ෂූන් නොවේ කිව්වහම වෙන්නේ මේ ගැටළුව නිෂේධ වීම.
    මම කියන්නේ සිවුරක් දාගත්තහම භික්ෂුවක් තමා. සිවුරු දාගෙන හොරු ඉන්නවනම් තම සංභයේ ගෞරවය ආරක්ෂා කර ගන්න එක හොරු නොවෙන හාමුදුරුවරුන්ගෙ වැඩක්.
    අන්‍යාගමික මෙහෙයුම් කරලා බයිබල් අත් අඩංගුවට ගන්න පුලුවන්නම් හොරු එලවන්නත් පුලුවන්නෙ.
    හැබැයි ඉතිං ඔබ කිව්වා වගේ මේකෙදි සාමාන්‍ය මිනිස්සුන්ගේ රෝල් එකකුත් තියෙනවා. යකාගෙ හැටියට විමානෙ කියනවනේ.

    ReplyDelete
  3. මරු වැඩේ කියන්නෙ ඒ හාමුදුරුවරු කියනව මර්වින් යහපත් සිතින්ලු ඒ දේ කලේ.එතකොට අපිටත් ඔය සමහර වෙලාවට ඇතිවෙන යහපත් සිතිවිලි ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැඟුවොත් හොදට තියෙයි.ඇදගෙන ගිහිල්ල අතුරුදහන් කරල දායි.

    ReplyDelete
  4. හරි වැරද්ද දකින්න තරම් ශක්තිමත් කශේරුකාවක් නැති හෙවත් කොන්ද පන නැති අමනයෝ මහජනයා වුනු රටක මීට වැඩිය නොපනත් කම් සිදුවෙනවා බලාගෙන කතා කරන්න කොන්ද පන තියෙන උන්ට කොන්ද කඩාගෙන බලන් ඉන්න වෙනවා . . මොනා කරන්නද . . . කොසොල් රජුගේ සිහින ටික තමයි සිහි වෙන්නේ

    ReplyDelete
  5. නිවැරදි කිරීමක් කිරීමට අවසර... සිවුර දාගත්තවුන් භික්ෂුන් නොවේ.. භික්ෂුන් යනුවෙන් හැඳින්වෙන්නේ මගේ හැදෑරීම අනුව ආර්යයින්ට එරෙහිව චින්තන විප්ලවය සඳහා නිවැරදිව පුහුණු වූ කාඩර්වරුන්ට පමණකි.. ඒ නිසා දැන් පඬු රෙදි ඇඳ සිටින්නවුන් හට ගණින්නාන්සේලා හෝ සිවුරු දරා සිටින්නන් හෙවත් චීවරධර ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමි.. අදාල චින්තන භික්ෂුන්හට අදාල ක්‍රියාව නොකරයි නම් ඔහු නොඅනුමානව ඉහත නම් දෙකෙන් එකකට සුදුස්සා වනු ඇත.. ඉතින් එහෙනම් දැන් විවරනය කරගන්න පුළුවන් නොවැ...

    ReplyDelete