Saturday, April 23, 2011

කොටි සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියා නොකල බව රජය පිලිගනියි! / Don't CONDEM koti sanvidhanaya - Government


රජය ගහල තියෙන යූ ටර්න් එක ගැන ඇහුව පුලස්ති විස්මයෙන් විස්මයට පත් උනා.ගහපු යූ ටර්න් එක ඒ තරමටම මඥ්ඥං යූ ටර්න් එකක්.ලෝකය මැව්වෙ දෙවියන් වහන්සේ කියල බුදු හාමුදුරුවො කියන්නා වාගේ,මැරුනට පස්සෙ ආයෙත් උපදිනව කියල ජේසුස් වහන්සේ කිව්ව වගේ,වෛරයෙන් වෛරය නොසංසිදේ කියල මහම්මද් උන්නාන්සෙ කිව්ව වගේ යූ ටර්න් එකක් රජය ගහල තියෙන්නෙ.

එල්ටීටීඊ සංවිධානය යුද්දයේ අන්තිම කාලයේ කිසිම වරදක් කලේ නැහැ කියල මෙන්න ඒ පාර ආන්ඩුව කියනව!

මේක ආරංචි වුන පුලස්ති ඔලුව ඔල්මොරොන්දං ගහගෙන ගෙදර වටේ ඇවිද ඇවිද හිටියා.කොටි කියන්නෙ මිනීමරු සෙට් එකක්,උන් ඉන්නකං රටට වගතුවක් නැහැ,රට දියුනු කරන්න නං උන්ව සමූලඝාතනය කොරන්න ඕනෙය කියල අපිට කිව්වෙ ආන්ඩුවම නෙව.චම්පික රනවකලා,විමල් වීරවංසලා කොටින්ගේ මිනීමරු ගතිය ගැන,ලේ පිපාසිත ත්‍රස්තවාදී භයංකර භීෂනකාරී මායාකාරී ගතිය ගැන කී තරමක් දේවල් පහුගිය අවුරුදු හය හතට කන් පිරෙනකම් නැවත නැවත නැවත නැවත නැවත නැවත කිව්වද?දැන් මෙන්න ඒ සේරම වෙනස් කරලා.එක පාරට ආන්ඩුව එක හඩින් මුලු හදවතින් එක්සත්ව එක්සිත්ව කියනව කොටි මිනීමැරුවේ නැතිලු!

"මොනවද අයිසෙ මේ උදේ පාන්දර විකාරයක් කියවන්නෙ?වැඩක් නැත්තං මේ රෙදි ටික වේලගන්න උදවු වෙනවකො"පුලස්තිගෙ පවුල පුලස්ති කිව්ව ආරංචිය අහල තරමක සද්දයක් දැම්මා.
"‍මොකක්ද විකාරය?" පුලා පවුලගෙන් තරහෙන් ඇහුව.මේ දීගේ කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.පුලාගේ අදහස් වලට කිසිම තැනක් ලැබෙන්නෙ නැහැ.
"කොහෙද ආන්ඩුව කියල තියෙන්නෙ කොටි මිනීමැ‍රුවෙ නැතෙයි කියල?තමුසෙගෙ විකාර.මම නං කිසිම තැනක දැක්කෙ නැහැ ඔහොම දෙයක් කියනව" පුලාගේ පවුල ( පුලාගේ ගෙදර එස්සත් ජාතීන්ගේ සංවිධානය නං ඒකෙ මුන් කී බෑං තමයි පුලා'ස් වයිෆ් ) නිවේදනය කලා.

"දන් නැත්තං අහගන්න"පුලස්ති පැහැදිලි කොරන්න පටන් ගත්තා.

"දැන් මුං කී බෑන් අරහෙ රිපෝට් එකක් දාල තියෙනව.ඒක දන්නවද?"පුලා ඇහුවා.
"ඔව?"පුලා'ස් වයිෆ් කිව්වා.
"ආන්ඩුව ඒ වාර්තාව ගැන එක හෙලා මොකක්ද කියන‍්නෙ?මේක අසත්‍ය,පදනම් විරහිත,බොරු කරුනු මත පදනම් වුන,සත පහක ඇත්තක් නැති අධිරාජ්‍යවාදීන්ගේ පටු අරමුනකට හදපු ප්‍රෝඩාවක් මුලාවක් වංචාවක් කෙප්පයක් අවලාදයක් මඩක් නීච පච මුසාවාදයක් කියලනෙ"

"ඔවු"පුලා'ස් වයිෆ් හුම්මිටි තිබ්බා.

"ඉතිං ඒ රිපෝට් එකේ කියන්නේ මොනවද?ඒකෙන් ආන්ඩුවට කාරනා පහක් යටතේ යුද වැරදි වලට චාජ් කොරනකොට කොටින්ට කාරනා හයක් යටතේ යුද වැරදි වලට චාජ්‍ කොරල තියෙනව.
කොටි සිවිල් වැසියො මිනිස් පලිහක් විදිහට යොදා ගත්තලු.
කොටි කලාපයෙන් පැනල යන්න ගිය අහිංසකයන්ව මරල දැම්මලු
ලමයින්ව බලෙන් යුද‍්දෙට ගත්තලු.
බලෙන් මිනිස්සුන්ගෙන් වැඩ ගත්තලු.
මරාගෙන මැරෙන ප්‍රහාර කොරල සිවිල් වැසියන්ව මරල දැම්මලු.
ආන්ඩුවට චෝදනා පහක් කරද්දී මුන් කී බෑං කොටින්ට චෝදනා හයක් කොරල තියෙනව"

"ඉතිං"පුලා'ස් වයිෆ් පුලාගේ තර්කය තේරුම් ගන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ.

"ඉතිං දැං ආන්ඩුව කියනවනෙ මේ මුන් කී බෑංගේ වාර්තාව බොරු කියල.මේකෙ කරුනු වලට කිසි පදනමක් නැල්ලු.මේකෙ තියෙන්නෙ හොයල බලන්නෙ නැතිව ලියපු එව්වලු.ඉතිං වාර්තාව සම්පූර්න බොරුවක් නං කොටි ගැන තියෙන කෑල්ල විතරක් ඇත්ත වෙන්න බැහැ නෙව.මේක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව බොරු කරුනු දාල ලියල තියෙන පච වාර්තාවක් කියල ආන්ඩුව කියනව නං ඒකෙ‍ කොටි ගැන තියෙන කෑල්ලත් ඉබේම බොරු වෙනවා.

ඒ කියන්නෙ - ආන්ඩුව කියන විදිහට මේ වාර්තාව තනි බොරුවක් නං

කොටි සිවිල් වැසියන්ව මිනිස් පලිහක් විදිහට යොදාගෙන නැහැ.ඒක බොරු.
කොටි තමුන්නෙ කලාපෙන් පනින අයව මරල නැහැ.ඒක පච.
ලමයි බලෙන් යුද්දෙට අරගෙනත් නැහැ.ඒකත් බොරු.
උන්ගෙන් බලෙන් වැඩ අරගෙනත් නැහැ.ඒකත් පච.
මරාගෙන මැරෙන සුයිසයිඩ් ඇටෑක් දිලත් නැහැ.බේගල්.
මේ කතා සේරම බොරු.පච.අදිරාජ්යවාදී කුමන්ත්‍රන!"

"ඈ?"පුලාස් වයිෆ් ඇසි බැමි උඩට ඉස්සුවා.

"ඒ කියන්නෙ සොදුරු සුරේඛා ( ඒ පුලා'ස් ෆැමිලී'ස් නේම් ) ආන්ඩුව යූ ටර්න් ගහල.එක්කො කොටි මිනීමැරුවා කියල ආන්ඩුව මෙච්චර කල් කියපු කතාව බොරු.නැත්තං මුන් කී බෑන්ගේ වාර්තාව අසත්‍යයයි කියල දැං කියන කතාව බොරු.ආතල් නේද?"

"ආතල්නෙ" තමුන්නෙ වල්ලභයාගේ සූක්සම තර්ක ඥානේ දැකල සොදුරු සුරේඛා අත්පුඩියක් ගැහුව.

"අපි නටමුද?"
"නටමු"
"නටමු?"
"ජාතික කොඩිය අරන් නටමු"

මුහුදේ යමු මසුන් මරන්න
සුරේඛා ඔරුව දියත් කරන්න
හා හා හා
අඹු දරු රැකගන්න අපිට ආනමඩුවෙ යන්න
සුරේඛා ඔරුව පදින්න!!!!

5 comments:

  1. මක්කටෙයි අර ආනමඩු යන්නෙ?

    ReplyDelete
  2. ai katawath kadeyanne manusseyek vidiyata hitapan ko
    monawa unath oka mee ratatama hoda ne ne
    ubamonawa kiwath ubath lankawen pitata giyama lankaweekek ne

    ReplyDelete
  3. @ කතන්දර

    ඒක ලස්සන සිංදුව‍ නේද?

    @ මහිම

    මටත් දුකයි රටට වෙන්න යන මේ නස්පැත්තිය ගැන.හැබැයි මුන් කී බෑන්ගේ රපෝර්තුව බොරු ‍හින්ද කොටි කිසි වරදක් කලේ නැහැ කියන එක හෙලිදරවු උනාට පස්සෙ ඊටත් වැඩිය දුකයි.මම මෙච්චර කල් ත්‍රස්තවාදියෝ කියල බැන්නේ මේ කිසි වරදක් කරල නැති බුවාලා සෙට් එකකටද කියල.

    ReplyDelete
  4. ඔයාට තේරෙන්නේ නැද්ද ඔතන තියෙන කතන්දරය.කොටින්ට චෝදනා 6ක් ඉදිරිපත් කලාට කෝ ඒවට උත්තර දෙන්න හෝ දඩුවම් දෙන්න අවසන් කාලයේ කොටින්ට අණදීපු කොටි නායකයෝ.ඒ සේරම දැන් මළවුන් අතර.(ඒගොල්ල යුධ අධිකරණයට ගේන්න නම් අපායට තමයි යන්න වෙන්නේ).ඒකයි කියන්නේ මේ වාර්තාව කනිකරම ලංකා හමුදාව ඉලක්ක කරගත්ත එකක් කියල.

    ReplyDelete
  5. "කොටි සිවිල් වැසියන්ව මිනිස් පලිහක් විදිහට යොදාගෙන නැහැ."

    මූන් වාර්තාවෙ එහෙම තියෙන්නේ කොහේද? Human Shields කියන වචනෙ ඔතන තියෙනවද කියල ඇස් ඇරල බලන්න

    ReplyDelete