Wednesday, September 29, 2010
පුලස්තිගෙන් ආත්මීය කෙටිකථා තුනක් / Three aathmeeya short stories from Pulasthi
Saturday, August 21, 2010
මර්වින් සිල්වා සහ සංඝ සම්මේලනය
Monday, August 16, 2010
එක්සත් ජාතික පක්ෂය - ගැහැනුද?පිරිමිද?නපුංසකද?
Wednesday, August 11, 2010
සිල්වා මර්වින් - ධෛර්යය අරගන්.නාඩා දැන් ඉතින් - හෙට දවස ජයගන්!
Tuesday, August 10, 2010
පුලස්ති සංදේශය - පුලස්තිගේ පලමු කාව්‍ය නිර්මානය

Sunday, August 8, 2010
සිංහලයාට නැති දෙමලාට තියන අමුතු පුරස්නෙ මොකක්ද?
Sunday, July 11, 2010
තිලීපන්ගෙ කොටි උපවාසෙ vs වීරවංසගෙ සැප උපවාසෙ
මාරාන්තික උපවාස ලංකාවෙ කොච්චර තිබිල ඇද්ද?උත්තරය දන්න කෙනෙක් අත උස්සන්න.
මාරාන්තික උපවාස කියන්නෙ මොනවටද?
ඉල්ලීම ලැබෙන කම් උපවාසය.නැත්නම් මරනය.මේක විහිලුවක් වත් ෆන් එකක් වත් නෙමෙයි.කෙලවර වෙන්න පුලුවන් එක්කො ඉල්ලීම් ලැබීමෙන්.නැත්තං උපවාසකාරයගෙ මරනෙන්.
දැන් එතකොට එහෙම "මාරාන්තික" උපවාස කොරල ලංකාවෙ කි දෙනෙක් මැරිල තියනවද?
උත්තරය දන්නව වුනත් අත උස්සන්න එපා.තමුන්නැහෙල දේසද්රෝහියො වෙයි.
එහෙම මලේ එකම එක කෙනයි.ඒ කොටි "ත්‍රස්තයෙක්" වුන තිලිපන්.
විමල් බොස් එක්සත් ජාතින්ගෙ සංවිදාන කාර්යාලෙ ඉස්සරහ කොට්ටෙකුයි මෙට්ටෙකුයි දාගෙන ඇත්තටම පත බෑ වි ගත්තෙ තිලිපන්ට තියන රැකෝඩ් එක කඩන්න බොක්කෙන්ම හිතාගෙනද?දෙයියො දනී .වීරවංස සහ ගෝඨාබය - එයාලත් දනී.හුදී ජනයා නම් නොදනි.
තමුන් අදහන දෙයක් වෙනුවෙන් බඩගින්නෙ ඉදල මැරෙන එක සෙල්ලමක් නෙමෙයි.
තිලිපන් අවුරුදු 23කට උඩදි කොරපු දේ කොරඥ්ඥං කියල විමල් බොස් උපවාසෙට සැට් වුනාය කියලම හිතමුකො.ඒත් ඒ කොටි ත්රස්තයාට තිබුන හයිය තමුන්ට නැතෙයි කියන එක වීරවංස ඊයෙ හැන්දෑවෙ පෙන්නුව.
ඉල්ලිම ලැබුනෙත් නැහැ.මැන් කි බුන් බලු මයිලෙකට ඉල්ලිම ගැන ගනන් ගත්තෙත් නැහැ.වීරවංස මලෙත් නැහැ. සාමාන්‍ය කොටි ත්රස්තයෙක්ට තිබුන හයිය ලංකාවෙ දේසප්රේමයට අධි ගෘහිත දේවතාවාටවත් නැති එක ගැන තමුන්නැහෙලයෙ කල්පනාව කොහොමද?
ඒක සිංහලයගෙ අභිමානෙට එච්චර සෙට් වෙන්නෙ නැහැ කියලයි පුලස්ති අවංකව හිතන්නෙ.
තිලිපන් කොරපු දේ වීරවංසට කොරන්න බැරි වුනේ ඇයි?හේතු දෙකක් හින්ද ඒක එහෙම වුනා.
වීරවංස තමුන් කොරනව කියන ෆයිට් එකේ ඉන්නෙ සරීරෙන් නෙමෙයි කටින් විතරයි.පහුගිය වංගියෙ විරවංස ගැන හාවක් හූවක් තිබ්බෙ නැහැ.මහින්ද චන්දෙ දින්නට පස්සෙ ටොයිලට් පේපර් එකක් වගේ මදේ නැති ඇමැති කමක් ඇගේ ගහල සින් එකෙන් අයින් කොරල තිබ්බ වීරවංසට ප්‍රසන්ට් මාර්ක් කොරගන්න තියන උවමනාව හැර වෙන කිසි දෙයක් මේ සිද්දියෙ පුලාට පේන්නෙ නැහැ.
ඇත්තටම මැරෙනකම් උපවාස කොරන්න තරම් මේ පුරස්නෙ බරපතල වෙලත් නැහැ.එහෙව් එකේ බිල්බෝඩ් අගනගරෙ පුරා ගහගෙන තමුන්නෙ නාම ආයෙ පත්තර හෙඩ්ලයින් වලට අරගෙන විරවංස කොලේ පොලිටිකල් ඇඩ් එකක්.මුන් කී බැන් කමිටුව අකුල නොගත්තත් මුන්නැහෙ උපවාසෙන් නැගිට්ට ඒකයි.මොකද මැරුනොත් මේ ඇඩ් එකෙන් එන සල්ලි ගන්න බැහැ.
2.තිලිපන්ට අත හරින්න ගොඩක් දේවල් තිබ්බෙ නැහැ.ඒත් විරවංසට අත්අරින්න ගොඩක් දේවල් තියනව.තමුන්නෙ සැප ලයිෆ් එක,හෝකන්දර මාලිගාව,ජවිපෙන් අයින් වුනාට පස්සෙ අමාරුවෙන් මේන්ටේන් කරගත්ත සුඛෝපභෝගී ෆිගර් එක - මෙව්ව දාල යන එක සෙල්ලම් වැඩක්ද?කොටි ත්රස්තයට තමුන්නෙ ලයිෆ් එක සැක්රිෆයිස් කොරන එක සිමපල් වැඩක් වුනාට "දේසප්‍රේමියා"ට එහෙම නැහැ.කොටි ලයිෆ් එකේ නැති අත් හරින්න අමාරු ගොඩක් ආතල් දේවල් දේසප්‍රේමී ලයිෆ් එකේ තියනව.
තමුන් අදහන අරමුනක් වෙනුවෙන් දේසපාලනේ කොරනවයි බිස්නස් එකක් විදිහට දේසපාලනේ කොරනවයි කියන්නෙ දෙකක් කියන එකයි තිලිපන්ගෙ උපවාසෙයි වීරවංසගෙ සහවාසෙයි අපිට උගන්නන පාඩම.
පලවෙනි කෙනාට උපවාසෙ කියන්නෙ දේසපාලන විරෝදය දක්වන මෙතඩ් එකක්.දෙවනියාට උපවාසෙ කියන්නෙ බිස්නස් එක ප්‍රමෝට් කොරගන්න ඇඩ් එකක්.පලවෙනි කෙනාට ජිවිතේ කියන්නෙ දේසපාලනය.දේසපාලනේ වෙනුවෙන් ජිවිතේ සැක්රිෆයිස් කොරන එක ඒ හින්ද කොරන්න පුලුවන්.දෙවෙනි කෙනාට දේසපාලනය කියන්නෙ ජිවිතේ ගෙනියන්න තියන සැප ක්‍රමයක්.දේසපාලනේ හින්ද ජිවිතේ කැප කොරන එක ඒ හින්ද මේ ආත්මෙට වෙන්නෙ නැහැ.
විරවංසගෙ ඇඩ් එක සිරා වැඩක් කියල හිතාගෙන චියර් දාන උන්නැහෙල ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි.රට ජාතිය ගැන කටින් මොන ටෝක් දුන්නත් මැරෙන්නම උපවාසයක් කොරන්න කතා කලොත් ඔය එක මද්දියම පංතික ජාතිප්රේමියෙක් පැත්ත පලාතක එන්නෙ නැහැ.තමුන්නෙ සැප ජීවිත අත්අරින එක එච්චර ලේසි සෙල්ලමක් නෙමෙයි.
අපිව අන්දවන්න එන අයගෙ ඇන්දවිල්ල පෙන්නන්න - වීරවංස කොලා වගේ මෝඩ ඇඩුත් සිරා කියල හිතාගෙන රැවටෙන උන්නැහෙලා ඉන්න රටක සාක්සරතාවෙ 95% වුන එක මොන තරම් විහිලුවක්ද කියුවනං?