Saturday, November 21, 2009

වීරවංශ මට කියන්න - බලන්න මගේ දෑස දිහා




විමල් වීරවංශ මැතිදා දක්ෂ කතිකයෙකි.ඒ මැතිදා ජවිපෙන් අයින් වුනේ ජවිපෙ පීලි පැනලා කියාගෙනය.ජාතික නිදහස් අරගලය හරහා සමාජවාදයට කියන විජේවිර තියරියෙන් ජවිපෙ පිටපැන්න නිසා ඒ තියරිය හරියට ප්‍රැක්ටිස් කොරන්න තමන් ජාතික නිදහස් පෙරමුන හදන සාකච්ඡාව ඓතිහාසික මැයි 01දා කල බවයි එතුමා කිව්වෙ.
උන්නැහෙ පාර්ලිමේන්තුවේ කරපු දුක්බර කතාව අහන ගානට ඒ කාලෙ පුලස්තිගේ පවුලට ඇඩුනා.එහෙම සෝබර මූඩ් එකේ හිටපු පුලස්තිගේ පවුලට විතරක් නෙමේ පුලස්තිටත් අලුත් පක්ෂය හදනව කීවම හෙන සතුටක් ඇතිවුනා.
එදා සිට අද දක්ව උන්නැහෙ කීව කතා කිහිපයක් පුලස්තිගේ හිතේ රෙකෝඩ් වෙලා තියෙනවා.
වෙනසකටත් එක්ක ඒ රෙකෝඩ් ටික ආයෙ ප්ලේ කරල බලන්න පුලාට හිතුනා.

ජවිපෙ ඇතුලෙ කුමන්ත්‍රනකාරයො දෙන්නෙක් ඉන්නව.ඒ අය එජාපයත් එක්ක අත යටින් ගනුදෙනු කරනව.ඒ ගනුදෙනු ලගදීම තමන් එලිදක්වන පොතකින් සාක්ෂි සහිතව එලිදරවු කරනව කියල ජවිපෙන් අයින් වුන ගමන් විමල් මැතිදා කීව.
ඇස් ඇරගෙන ඉතින් අපිත් බලන් හිටියා ඒ කිව්ව පොත එනකම්.අනුර දිසානායක රවි කරුනානායකගේ ගෙදෙට්ට රිංගන පින්තූර සහිත මරු පොතක් එලියට එයි කියලයි පුලා හිතුවේ.
අන්තිමට නැත්ත වෙනුවට ඇත්ත කියල පොතක් ආව.ටිල්වින් ලොක්කගෙයි සෝමවංශ ලොක්කගෙයි ලිපි ටිකකුයි විමල් මැතිදාගෙ ලිපි වගේකුයි හැරෙන්න ඒකේ තිබුන මගුලක් නැහැ.ලගදීම හෙලිකරනව කිව්ව කුමන්ත්‍රනයයි කුමන්ත්‍රනකාරයොයි කෝ?
අම්මට සිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
ලෑලි ගෙදර නෑ
කඩල ගිහිං බං

ජානිපෙ හදපු විමල් මැතිදා කීවා තමන් මේ හැදුවෙ ජවිපෙට විකල්පයක් නෙමෙයි.එජාපයට හා ශ්‍රීලනිපයට විකල්පයක් කියල.ඒ කියන්නෙ ප්‍රධාන පක්ෂ දෙකෙන් ගේම ඉල්ලන පක්ෂයක්.
විමල් ආන්ඩුව එක්ක බුදියන බව ජවිපෙ කියනකොට විමල් මැතිදා පෙරලා කිව්වෙ ජවිපෙ එජාප එක්ක නිදාගත්තට අපි නම් එහෙම නොවන බවයි.
ප්‍රධාන පක්ෂ දෙකෙන් ගේම කෝල් කරන එක කොහොම වුනත් දැන් නම් විමල් මැතිදා දාඩිය දාගෙන ආන්ඩුවේ වැසිකිලිය හෝදන බවයි පේන්නෙ.ආන්ඩුවේ සල්ලි,මාධ්‍ය හා වාහන නැතිනම් මොහොතක් පවතින්නවත් බැරි තැනක නේද එතුමා ඉන්නෙ කියල මතක් වෙද්දි
සද බබලයි.වලාකුලු ඔබ මොබ පාවී පාවී යයි.

පී බී ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් රාජ්‍ය සේවය පැත්ත පලාතකට ඔහුව ගන්න එපා කියල රජතුමාට විමල් මැතිදා තග දැම්මෙ ගේම නම් ගේම සාමෙ නම් සාමෙ සයිස් එකෙන්.
ටික දවසකට පස්සෙ ඒ ආර්ථික ඝාතකයා රාජ්‍ය සේවයට ගත්තට කමක් නැහැ හැබැයි භාන්ඩාගාර ලේකම්කම නම් දෙන්නම එපා කියල එතුමා ටෝන් එක පොඩ්ඩක් ලිහිල් කලා.
අධෝ වාතයකට ඒ කතාව නොසලකපු රජතුමා ජයසුන්දරව භාන්ඩාගාර ලේකම්කමටම දැම්මා.
අපගේ කතානායකයා ඉන්පසු සිය නගුට සගවා ගත්තේ කොහේද?
ඔබේ පිලිතුර 7788 ට send කරන්න.
ජයග්‍රාහකයාට වටිනා ජෙල් පැකට් එකක් සමග ජාතික කොඩියක් තිලින කෙරේ.

ජවිපෙ අත් හැරල තමන් ජානිපෙට ආවට ජානිපෙ අත්හැරල තමන්ට යන්න තියෙන්නෙ ගෙදර තමයි කියල නන්දන බොස් කිව්ව.
2007 අය වැය කාලෙ විමල් මැතිදා ජවිපෙ දාල යනව කියල ඕපාදූප යනකොට ජවිපෙ දාල තමන්ට යන්න තියෙන්නෙ දේශපාලන කනත්තට විතරයි කියල උන්නැහෙ උජාරුවෙන් කීවා.
නන්දන දැන් ඉන්නේ ගෙදරද?
වීරවංශ මැතිදා දැන් ඉන්නේ කනත්තේද?

මට කියන්නෙ ඔය හිත වෙත පෙම් කරන්නද?
ඔබ හට පෙම් කරන්නද?

4 comments:

  1. ඔබ ලියන දේ වලටයි, ලියන විධියටයි මම නම් කැමැතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. හොද විලාසයක් තියෙනවා.

    ReplyDelete
  3. ගොඩක් හොඳයි.... එලට යනවා...

    ReplyDelete