Saturday, December 12, 2009

මමම මතට තිතිති තිත



මහින්ද චින්තනය බොන එකට විරුද්ධයි.එතකොට මහින්ද බොන එකට පක්ෂද?
හෙල උරුමෙ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මාධ්‍යවේදියෙක් ඇහුව මතට එරෙහිව ඔච්චර ටෝක් දාන බොලා වහන්සේලා මහරජතුමා මාධ්‍යවේදින්ට පොව්වන එක ගැන මොකෝ සද්ද නැත්තෙ කියල.දුන්න උත්තරෙන් එහෙම පොවන සීන් එකක් වෙන බව අපේ ස්වාමින්ද්‍රයානන් වහන්සේ පිලිගත්තා
පුලස්ති නම් අහල තියෙන විදිහට මහ රජතුමාත් රජවෙන්න ඉස්සර ඇමති කෙනෙක් වෙලා උන්න සන්ධියේ නොබීවෙ නැහැ.
(රජ වුනාට පස්සෙ නම් බොන එක අත්හැරියද දන්නේ නැහැ.අත් හැරියත් මාධ්‍ය බුවාලට තමන්ගේ වියදමෙන් පොව්වන එකෙන් පේන්නේ උන්වහන්සෙත් බොන එකට විරුද්දයක් නැති වගනෙ)
කවුරු මොනව කිව්වත් ඇමතිලා නම් සෙට් වෙන්න ආසයි කියල මහින්ද විජේසේකර උන්නැහේ ප්‍රසිද්ධියේම කිව්ව පුලාට මතකයි
කාලෙකට උඩදි කොල පාට පැත්තට කොඩි ඇදපු,දැන් නිල් පාට කොඩි අදින්න සෙට් වෙලා ඉන්න අපේ සෙට් එකේ රූබන් ගොයියා නම් කොයි පාට කොඩි ඇද්දත් අදින එකට ගාස්තුව විදිහට ෂොට් එකක් ඉල්ලනව මයි.මන්ත්‍රී හාමුදුරුවරුත් අපරාදෙ කියන්න බැහැ ෂොට් එක දෙනවා.
දැන් බැලුවම මහින්ද රජතුමා බොන එකට සපෝට්
ඇමතිලා බොන එක ප්‍රමෝට්.
මන්ත්‍රීලාත් බොන එකට බැකප්.
ඒත් මහින්ද චින්තනේ බොන එකට විරුද්දයි!
පුලස්ති අයියාට දැන් පිස්සු වගේ.
බොල ඒ කියන්නේ මහින්ද මහින්ද චින්තනේට විරුද්දයි කියන එකද?
ඇමතිලා මහින්ද චින්තනේට විරුද්දයි කියන එකද?
මහින්දත් මහින්ද චින්තනේට එගේන්ස්ට් නම් ඒකට සපෝට් කවුද?

2 comments:

  1. සරළව ගත්‍‍තොත්. ඔය මතට තිත කියන්නෙ පොඩි කිතිකැවිල්ලක් වගේ එකක්. අපි කවුරුත් කැමතියි, බිව්වත් නොබිව්ව වගේ ඉන්න...

    --
    ප.ලි:
    මම නං සිරාවට තාම බොන්නෙ නෑ... තාම වයස මදි!

    ReplyDelete
  2. ඇයි මම... මම සපොර්ට් නේ

    ReplyDelete