
චන්දෙදි පැරදුන පැත්තට සපෝට් එක දුන්න නිසා පුලා පහුගිය ටිකේ හිටියේ මුඛයයි අධෝමුඛයයි ගෙදරයි කාමරේ දොරයි සේරම වහගෙන ඔලුවත් වහගෙන රෙද්දක් පොරෝගෙන හිතේ බයෙන්.
මා වැනි බිලින්දා - මරුවා යයිද කැන්දා සීන් එකක් වෙයි කියල පුලස්තිට හිතුනෙ චන්ද කැම්පේන් එක චන්ද කැම්පේන් එකක් නොවී මාර යුද්දයක සයිස් එකට අන්තිම දවස් කීපයේදී පත් උන හින්ද.සරත් බොස් හිටපු හෝටලේ වටකරල මොකක්දෝ කෙලියක් කලා කියල ආරංචි වුනාට අපරාදෙ කියන්න බැහැ අපි වගේ නෝමල් පොරවල් වලට නං කියන්න තරම් කරදරයක් වුනේ නැහැ ඔන්න.කරදරයක් නොකරන බව දැනං උන්න නං පාරට බැහැල ආතල් එකේ කිරිබත් කෑල්ලක් ගිලින්න තිබුන නේද කියල හිතල පුලාගෙ හිත විස්සෝප වුනා.
ප්‍රභාට කෙල වුනාමත් අපි කිරිබත් කනවා.
ප්‍රභාට කෙලවපු එකාට කෙලවුනාමත් අපි කිරිබත් කනවා.
ලුනු මිරිස් එක්ක කිරිබත් හරි රහයි නේද?
ස්වාධීන මැතිවරන කොමිසොම් නොතිබ්බට සාමකාමී විදිහට චන්දෙ කොරල අපේ මහරජතුමා අපිට හොද ආදර්සයක් දීල තියෙනවා.
මේ ගැන හිතල සන්තෝසෙන් ඉන්න කොට පුලාගේ බොක්ක මුරා ඇවිත් එක එක කුනු කතා කියන්න ගත්තා.
- ෆොන්සේකා බොස් ආරක්සක කටයුතු ගැන සංවේදී දේවල් හෙලි කල නිසා අත් අඩංගුවට ගන්න යනවලු -
- ෆොන්සේකා බොස්ගෙ ආරක්සක බටයො සෙට් එකක් හිරේට අරගෙන පාර මැද දන ගස්සලා තිබ්බලු -
- ලංකා ඊ නිව්ස් එකේ මාධ්‍යවේදි උන්නැහෙ කෙනෙක් ආ ගිය අතක් නැතිලු -
- ලංකා ඉරිදා එකේ කර්තෘ මහත්තයා හිරේලු -
- සුසිල් අධ්‍යාපන තුමාගෙන් බැසිල් ගැන අහපු විදේස මාධ්යවේදිනිට සියරටට නොමිලේ ටිකට් එකලු-
( බැසිල්ට රිදෙන්න විසිල් කරාම සුසිල්ට තද වෙන බව විදේස කුමන්ත්‍රනකාරයෝ දැන්වත් දැන ගන්න ඕනෙ )
- සෝමවංස උන්නැහෙට ආරක්සක ලේකම්තුමා කෝල් එකක් දීල සද්දෙ දාලලු-
ලු ලු ලු.මේ වගේ "ලු" ආරංචි එනකොට පුලාගේ කනට ටැබූ ලොක්කා ගේ කටහඩ ඇහෙන්නා ඇහෙන්නා වගේ උනාලු.
- දත මැද ගනින් රාලේ -
- දත මැද ගනින් රාලේ -
වහාම වැසිකිලියට වැදිල හොදට දෙතුන් පාරක් දත් මැදගත්ත පුලස්ති එලියට ආවෙ අනේ මම නං මුකුත් කලේ නැහැ මම සපෝට් කලේ අසෝක සුරවීර මහත්තයගේ පොල් ගෙඩියට වගේ මානසිකත්වයකින් හරිම සැහැල්ලුවෙන්.
ඒ උනාට කොච්චර දත් මැද්දත් කට කහන ගතියක් දැනෙන හින්ද මේ ටික විතරක් (රහසින්)කියන්නම්.
මහරජතුමා චන්දෙ හදිස්සියෙ කෝල් කලේ මුදාගත්ත ප්‍රදේස වල අයගෙ ජනමතේ දැනගන්නලුනෙ.හරිම උතුම් චේතනාවක් නෙව තිබිල තියෙන්නෙ.
හැබැයි උතුරෙ බුවාල රජතුමානන් වහන්සේ තමන් වෙනුවෙන්ම හදිසියේ මහ වියදමක් කරල කෝල් කරපු චන්දෙ තඹ සතේකට ගනන් අරගෙන නැහැ වගේ නෙව පේන්නෙ.
බාගෙට බාගයක් උදවිය චන්දෙ දීල නැහැ.
දුන්න උදවිය කෙලින්ම වෝට් කොරල තියෙන්නෙ විපක්සෙට.
උතුරු නැගෙනහිර එක ආසනයක්වත් රජතුමා දිනල නැහැ.
උතුරෙ ජනමතේ දැනගන්න කොරපු මිසන් එක ටිකක් චාටර් වෙලා වගේ නේද?
උතුරු වසන්තෙ තාම උදා වුනේ නැද්ද මන්ද.
ක්රලලක් ක්රලලක් කට කට ක්රලලක් ක්රලලක් කට කට
රහස ඉවරයි.
මේ ටික දැන් මම ප්‍රසිද්දියේ හයියෙන් කියනවා.
තමන්ව කොටි ග්රහනයෙන් මුදාගත්තු වීරෝදාර නායකයාට කලගුන සලකන්න නොදන්නා උතුරේ ගුනමකුවන්ට සාපවේවා!සාපවේවා!සාපවේවා!