Friday, January 1, 2010

කතිරය ගසා කලගුන සලකමුද? අඩියක් ගසා අපි කරපු කතා බහේ වාර්තාව


වාර්තා කරන්නේ - පුලස්ති ගෙඩිගේ ( මුල්ගම්පොල අච්චාරුවත්තේ සිට)

"තිස් අවුරුදු ශාපයෙන් රට නිදහස් කරගත්තෙ අපේ ජනාධිපතිතුමා.ඒ හින්ද එතුමට චන්දෙ දෙන්න"
තිස් එක් වෙනිද රෑ පොඩි තිතට මත පාටියකට සෙට් උන වෙලාවෙ පරුමුඛයා කිව්වා.
"නිදහස් කරගත්තෙ එයා විතරද?" අනුරාධ මල්ලි ඇහුවා.
"නායකත්වය දුන්නෙ එයා"පරුමුඛයා මේසෙට පහරක් ගහල ගිගිරුවා.
"යුද බිමට ගිහින් ගේම දුන්නෙ කවුද?"
"ඕඩර් එක දුන් නැත්තං යුද බිමට යන්න පුලුවන්ද?"
"ඕඩර් එක දුන්නට යුද බිමට ගිහින් වැඩේ නොකලනං යුද්දෙ දිනනවද?"
"ප්‍රේමදාසට ජේආර්ට චන්ද්‍රිකාට කොරන්න බැරි උන එක ජනාධිපතිතුමානෙ කලේ"
"ප්‍රේමදාස ඕඩර් දුන්න.ජේආර් ඕඩර් දුන්න.ඒ එකෙක්ගෙවත් ඕඩර් හරියට කරන්න කවුරුත් හිටියෙ නැහැ.මහින්දත් ඕඩරේ දුන්න.මේ පාර ඕඩරේ හරියට කරන්න පොරක් හිටියා.එතකොට කවුද වීරයා?"
"තමුසෙලගෙ විවාදෙ ගොං විවාදයක්නෙ" ගල් භාගයක් අතේ තියාගෙන හිටපු ගනිත කොටා කිව්වා.
"කුකුලද බිත්තරෙද ඉස්සෙල්ල ආවෙ වගේ ගොං කතා කියවන්නැතිව නිදහසේ අඩියක් ගහන්න තියන අයිතිය ගැන කතා කරමුකො.ඒක පිලිගන්නෙ රජාද?ජෙනරල්ද?"

"ඒ උනාට මේක හෙන අසාධාරනයි"ටික වෙලාවකට පස්සෙ පරුමුඛයා ආයෙත් කිව්ව.
"මක්කෙයි අසාධාරන?"ගනිත කොටා ඇහුවා.
"රට බේරගත්ත එකට කලගුන සලකන්න හරි ජනාධිපති දිනවන්න ඕනෙ"
"පිස්සු එකයි"පුලාට කියවුනා.
"කලගුන සලකන්න චන්දෙ දිදී ඉන්න ගියා නං 48 ඉදලම රටේ බලයේ ඉන්නෙ යූඑන්පිය.ඇයි නිදහස අරන් දුන්නට ඩීඑස් ලොක්කගෙ පක්සෙට කලගුන සලකන්න එපැයි"
"කලගුන සලකන්න ඕනෙ නං ජනාධිපතිගෙ ලොකු පිලිමයක් හදමු!"මුරා බාස් කිව්වා.
"ඒකට අවුරුදු පතා ලොකු මල්මාලයක් දාමු!"මල් අයිස් ගංජ වලින් කලු උන දත් දෙපල පෙන්නලා හිනා උනා.
ෆොන්සේකා බොස්ගෙ දත් කලුවෙලා තියෙන්නෙ ගංජ ගහල කියල මහින්ද අබේසුන්දරයානන් වදාල දවසෙ ඉදල මල් අයිස් බොක්කෙන්ම සරත් බොස්ට සපෝට් එක.
"කලගුන සලකන වැඩේ ඒ විදිහට කොරල මේ වෙලාවෙ හොදම පොලිසි එක ෆෝවඩ් කරන බුවාට චන්දෙ දෙමු.
චන්ද එන්නෙ ඉස්සරහට කරන දේවල් කරන්න මිනිස්සු බලයට පත්කොරන්න මිස කලගුන සලක සලකා ඉන්න නෙවෙයි නෙව"පුලා බෝතල් පාටියේ පොලිටිකල් චැප්ටර් එක ක්ලෝස් කලා.

"දන්නවද මචං වැඩක්?"මුරා බාස් ඊලග චැප්ටර් එකට මුල පිරුවා.

ඇඩල්ට්ස් ඔන්ලි කන්ටෙන්ට් වලට බ්ලොග් සංගමේ ඉඩ නොදෙන හින්ද පාටි කොන්වර්සේෂන් එකේ ඊලග චැප්ටර් එක ලියන්න බැරි වීම ගැන පාඨකයනි!මට සමාවුව මැනවි!

කොහොම හරි ඒකෙන් මේකෙන් අර ෆොන්සේකා බොස්ගෙ ටීවි ඩිබේට් චැලෙන්ජ් එකට රජතුමා එන් නැති එක හොදයි කියල පුලස්තිට හිතෙනව.ඒ ආවත් චැම්පියන් උඹද?මමද? කියල ඩබල මරා ගනියි.ඉස්සරහට වෙන දේ ගැන ක්ලියර් වැඩපිලිවෙලක් ගැන ඩබලෙන් කවුරුත් කතා කරයිද කියල පුලාට නං ෂුවර් නැහැ.

8 comments:

  1. "කලගුන සලකන්න චන්දෙ දිදී ඉන්න ගියා නං 48 ඉදලම රටේ බලයේ ඉන්නෙ යූඑන්පිය.ඇයි නිදහස අරන් දුන්නට ඩීඑස් ලොක්කගෙ පක්සෙට කලගුන සලකන්න එපැයි"

    :D :D

    ReplyDelete
  2. එදා සරත්ම අදත් හිටියනම් මොනා හරි කියන්න තිබුනා...හැබැයි එදා රජාමයි අදත් ඉන්නෙ...එක වටිනවා..

    ReplyDelete
  3. "ෆොන්සේකා බොස්ගෙ දත් කලුවෙලා තියෙන්නෙ ගංජ ගහල කියල මහින්ද අබේසුන්දරයානන් වදාල දවසෙ "

    මේ දේශනාව මන් අදනේ ඇහුවේ

    ReplyDelete
  4. ප්‍රේමෙලා, ජේ ආර් ලා, චන්ද්‍රිකා ලා වගේ හිටපු ලොක්කො ඔර්ඩර් දුන්නට, ඉන්දියාවයි, බටහිර රටවල් වලුයි රවලා බලන කොට බය වෙලා, හමුදාව බැරක්ක වලට සීමා කරලා, වඩමාරච්චි මෙහෙයුම නවත්තලා, ඉන්දු-ලංකා ගිවිසුම් ගහලා, සටං විරාම ගිවිසුම් ගහලා ඔර්ඩර් කැන්සල් කරානෙ. "බටහිර නැතුව මොකුත් බෑ, යුද්ද කරොත් ආර්ථිකේ වැටෙනවා" වගේ කතා කිය කිය ජාමෙ බේර ගත්ත මිසක්, දැන් ඉන්න රජා වගේ "යකා බැරි නං යකාගේ ආච්චිගෙන් හරි උදව් ඉල්ලං", සුද්දන්න්ට පුං ගහ ගන්නෙයි කියලා කොටින්ට ගහන්න ඕන ආයුද ගන්න සල්ලියි, අන්තර්ජාතික දේෂපාලන සහයෝගයයි "යකාගේ ආච්චිගෙන්" ගත්තෙ නැහැනෙ. එහෙම නොකර නං, ජෙනරාල් යුද්ද කරන්නෙ ගල් කටස් වලින් ද.

    කලින් පාරවල් වල යුද්දෙ ඉවර කරන්න බැරි වුනෙ මේ වගේ කොන්ද කෙලින්, සුද්දන්න්ට බය නැති, නායකයෙක් හිටපු නැති නිසා. ජෙනෙරාල් වගේම දක්ෂ හමුදා නිලධාරීන් වන කොබ්බැකඩුව ල, විමලරත්න ල ට යුද්දෙ ඉවර කරන්න කලින් ආපහු හැරෙන්න වුනේ ඒ කාලෙ හිටපු රටේ නායකයො ඉන්දියාවටයි සුද්දන්ටයි පන බයේ හිටපු නිසා. එහෙම නායකයෙක් හිටිය නං, මෙදා පාරත් වෙන්න ජෙනරාල් ට යුද්දෙ නවත්තලා ඇමරිකාවයි, නොර්වෙයි එන්ගලන්තෙයි කියපු විදියට සාකච්චා කරන්න තමයි!

    මතකයි නෙ විපස්සයා ගෙ කොන්ද පන නැති කමෙ තරම. සටන් විරාමෙ නිසා, ඇමරිකාවයි, එන්ගලන්තෙයි, නොර්වෙයි ඇවිල්ලා කොටි මට්‍ටු කරයි කියලානෙ උන්නැහෙ පාරම් බබා හිටියෙ. ඔහොම නායකෙයෙක් හිටිය නං, මොන ජෙනරාලුත් යුද්ද කරල ඉවරයි.

    ReplyDelete
  5. මමත් හිතන්නේ නැහැ මේ දෙන්නටම රටක් හැදිමේ සැලසුමක් තියෙනවා කියලා. විශේෂයෙන් රාජපක්ෂ ගොයිය දැංවත් තේරුම්ගත්තොත් හොදයි මේ‍ක උගේ බූදලයක් නොවන විත්තිය.

    ReplyDelete
  6. * ගණිත කොටා = නිවුටන් කොටා නෙවෙයි නම් එච්චරයි. උඹ ලියන්න ඕනි ටික නියමෙට ලියනවා. හෙන පට්ට සයිස් පාවාදීම 2 මරු. *

    ReplyDelete
  7. Mano Ganesan met the Chinese Ambassador and requested not to supply weapons to Sri Lanka during the humanitarion operations. He is a terrorist supporter and not a human rights activist. Mano Ganesan never bothered to work on restricting LTTE's arms procurement or financial assistance.

    Isn't it sad that today Sarath Fonseka is in Mano Ganesan's side. If China listened to Mano's request, Sarath Fonseka would have had to fight with bows and arrows.

    http://www.thaindian.com/newsportal/south-asia/china-denies-supplying-heavy-weapons-to-sri-lanka_10029573.html

    ReplyDelete
  8. අපරාදෙ ඔතන දෙමල මිනිහෙක් හිටියෙ නෑ.. එහෙනම් අහගන්න තිබුනා ‍ඌ කාගෙ පැත්තෙද කියල.. මරු මරු...

    ReplyDelete