Saturday, January 9, 2010

මහා ආයුද හොරකම - ආන්ඩුවේ කැම්පෙන් එකට කෙලවන තුරුම්පුව


ෆොන්සේකා බොස්ගෙ ආයුද හොරකමක් ගැන ආන්ඩුව බෙරිහන් දෙන බෙරිහන් දිවිල්ල ආන්ඩුවට වාසිය කියල සමහර බුවාල හිතුවට පුලස්තිගෙ අයිඩියා එක නං ඕක ආන්ඩුවට පට්ට අවාසියි.

සරත් ෆොන්සේකා උන්නැහෙට සිවිල් දේශපාලකයෙක්ගේ ලක්ෂන නැතෝ කියල උන්නැහෙ ආපු ගමන් කටිටිය බෙරිහන් දෙන්න පටන් ගත්තා.
උන්නැහෙට දේසපාලන පලපුරුද්දක් නැතෝ කියල ඔන්න ආයෙත් කැ කොස්සන් ගහන්න පටන් ගත්තා.
පුලස්තිට තේරෙන විදිහට ආන්ඩුවේ කැම්පේන් එක සම්පූර්නයෙන් බේස් වෙලා තිබුනෙ ඔය පලපුරුද්දෙ කතාව මත.

හැබැයි අවාසනාවකට.එච් ටී ටී පී.( තිත් දෙකයි.ඉරි දෙකයි ) සොරි ඩොට් කොම්!
දැන් නම් ආන්ඩුව නාගෙන තියෙනවා.
පුලා හිතන්නෙ ආන්ඩුවට ඉන්නෙ ගොං උපදේසක සෙට් එකක්.මහරජතුමාට මහ මෝඩ උපදෙස් නෙව දෙන්නෙ.
දැන් හැමෝම කෑ ගහන්න පටන් ගෙන ඔන්න සරත් ෆොන්සේකා බොස් ආයුද හොරකම් කලා කියලා.
ෆොන්සේකා ලොක්කා හොරකම් කලා කියන වාරයක් වාරයක් ගානේ වදින්නෙ ෆොන්සේකා බොස්ට නෙමේ ආන්ඩුවේ කැම්පේන් එකේ පදනමට කියල මේ උපදේසක බුවාලට තේරෙන්නෙ නැද්ද හැබෑටම.

අවුරුදු ගනන් දේසපාලනේ තෙම්පරාදු වෙලා අපේ මන්ත්‍රී බුවාලා හොදම පලපුරුද්ද අරන් තියෙන්නෙ මොකටෙයි?
අහු නොවී හොරකම් කරන්න මිස වෙන මොකටද.
මාවිල්ආරු වන්දි ටිකේ ඉදල රොහිත අබේගුනවර්ධන සෑර්ගේ වත්කම් ප්‍රකාසනේ වෙනකම් බාල විදිහට ගෙනාපු ඉන්දියන් බෙහෙත් කුප්පිවල ඉදල කොන්ත්‍රාත් පිටට දීල පාලම් හදපු එක වෙනකම් - අනේ අම්මේ කොයි තරම් නං ලිස්ට් එකක්ද?ඕවා ගැන කියනව විතරයි නෙව.එක හොරකමක්වත් ඔප්පු උනේ නැහැනෙ.
දැන් බලන්නකො ආන්ඩුවම කියන හැටියට ෆොන්සේකා බොස්!
රෝහිත අබේගුන බොස්ලා කැලේ.
ලෝකේ හොදම ආරක්ෂක ලේකම්,ලෝකෙ කාර්යක්සමම ජනාධිපති - මේ හැමෝගෙම කනට විදල ආරක්සක ලේකම් සබාපතිකම් කොරන ලොජිස්ටික් එකත් ගොනාට අන්දල 2005 ඉදල අවුරුදු 3ක්ම මාර ගේමක්නෙ දීල තියෙන්නෙ!
අවුරුදු තුන හමාරක් කොරපු හොරකම ගැන දැනුයි යම්තම් ආන්ඩුවෙ ඇත්තොන්ට ඉගියක්වත් දැනිල තියෙන්නෙ.ඒ ඇවිල්ලත් ඒක උසාවියේ ඔප්පු කරන්න බෑ.ඒකනෙ උසාවි නොයා ටීවි ගානේ විවාද කර කර රස්තියාදු වෙන්නෙ.
කොච්චර සූර හොරකමක්ද?
දේසපාලකයෙක් වෙන්න මීට වඩා හොද සුදුසුකමක් තවත් මොකටෙයි ඉතින්?
සිවිල් දේසපාලකයෙක් වෙන්න ෆොන්සේකාට සුදුසුකම් නැහැ පලපුරුද්ද නැහැ කියල ආයි ඇමති කෙනෙක් කටක් ඇරල කියන්නෙ කොහොමද කිව්ව නං දැන්?
මේකෙන් වෙන්නෙ ආන්ඩුවේ කැම්පේන් එකටම වදින එක නේද?

ඊලග මෝඩ කතාව තවත් උන්නැහෙ කෙනෙක් කියපි.
රටට හිනා මූන දාගෙන හිටියට බිත්තර ආප්ප 40ක් කන්න ගෙනාවම ෆොන්සේකා බොස් ඒකෙන් 39ක් සේවකයගේ මූනට ගහනවලු.
මේවා කිව්වම අවාසිය ආන්ඩුවටමයි කියල පුලා හිතන්නෙ.
රජතුමා හිනා මූන දාගෙන කරන වැඩ බලමු.
තමන්ගෙ ගෝල බාලයො ලව්වා ලීෆ්ලට් බෙදන උන්ට කෙලිනවා.
පෝද්දල ජයන්ත බොස්ගෙ කකුල් දෙකට කෙලිය.
ලසන්ත බොස්ව සෙත්තපෝච්චි කලා.
කීත් නොයාර් උන්නැහෙට රට යන්න වැඩ සැලැස්සුවා.
බලාගෙන ගියාම මේ වගේ අපත වැඩ කොරන්න රජතුමාට තියෙන පලපුරුද්ද ෆොන්සේකා බොස්ටත් හොදට තියෙනව නෙව.
රජතුමා වගේ අනුන් ලව්වා නෙමේ ගහන්න ඕනෙ බිත්තර ආප්පෙ තමන්ම මූනට කෙලල අරිනව.
නිර්භීත දේසපාලකයෙක්ගේ ලක්සනයක්!

ඒ හින්ද පුලාගේ නිගමනය-
ආන්ඩුවේම ප්‍රචාර අනුව ෆොන්සේකාට සිවිල් දේශපාලකයෙක් වීමේ සුදුසුකම් හා පලපුරුද්ද නැහැ කියන අදහස බිද වැටී තිබේ.
රජතුමා තරම්ම දේසපාලකයන්ට අවශ්‍ය කොරන ගුනාංග වලින් ෆොන්සේකා බොස් සපිරිය.
දේසපාලන පලපුරුද්ද නැහැ කියල හිතල ෆොන්සේකා ට චන්දෙ දෙන්නෙ නැහැ කියල හිතාගෙන උන්න කොල්ලෙනි - පෝලිම් ගහල චන්දෙ දීපල්ලා.
මෙන්න නියම පලපුරුදු දේසපාලක නායකයෙක්!

19 comments:

  1. පුලා මාර තර්කනෙ ඉදිරිපත් කරන්නෙ ඇග සිතල වෙලා යනවා...

    ReplyDelete
  2. එළකිරි පුලො, අනික බන් අද හෑම පත්තරේම දාලා තියෙන විදියට අවි අයුද කිව්වට ගෙනල්ලා තියෙන්නෙ බෑටරි ටිකක්නෙ, SF ඒ අතින් බලනකොට අනික ඈමතිල කරන දෙවල් වලට කිට්ටු වෙන්නවත් බෑනෙ,

    මෙන්න දෑන් අලුත්ම සෙල්ලම්, වෙන අඩුපාඩුවක් හොයගන්න බෑරිම තෑන දන් ආන්ඩුවට කියන්න වෙලා තියෙන්නෙ මෙච්චරය්

    http://jathikachinthana.blogspot.com/2010/01/traitor-sarath-fonseka-lost-both.html

    ReplyDelete
  3. මචං පුලෝ... එළ වැඩේ..

    මේකටම සම්බන්ධ තවත් ආතල් කරැණක් තියෙනවා.

    ‍අපේ සරත් බොස්ට විරැද්ධව ලිංගික බලහත්කාරකම් තියනවලු.
    රනිල් ට පොන්නයා කියලා චන්දේ දෙන්න එපා කියපු අයට දැන් ඒ කාරණේ කියන්නත් බෑ. ලංකාවේ අදටත් ජනපි%යතම නළුවෙක් තමයි කමල් අද්දරආරච්චි. ඔහුටත් ලිංගික බලහත්කාරකම් ගැන චෝදනාවක් තිබුනා. ඒත් ඔහු අදටත් සුපර්ස්ටාර්....

    (මේ ගැන W3Lanka එකෙත් පෝස්ට් එකක් තිබුනා)

    දැන් බලපුවාම සරත් බොසුත් එළකිරි සුපර් ස්ටාර් කෙනෙක්....
    ඉතින් ‍බොල චන්දේ නොදී කොහොමද?

    හනික වරෙව් කොල්ලනේ... නටනටා වරෙව්...

    ReplyDelete
  4. පත්තර වල මම දැකපු තව එකක්.
    අමෙරිකාවේ කොම්පැනියක් තියනව කියන්න තමයි සේරම ලිපිලේඛන තියෙන්නෙ.
    ඒත් අමෙරිකාවේ කොම්පැනියෙන් "ආයුද ගෙනාව" කියන්න කිසිම සාක්ෂියක් එතන නැහැ.
    අංක හතර දාල නිකම් ආයතනයේ නම විතරක් දාල ඒක දිගට ලියල තියෙනව විතරයි.ඒකට ඩොකියුමන්ට් එකක් නැහැ.
    ඔප්පු කල යුතු අත්‍යවශ්‍යම දේට අදාල ඩොකියුමන්ට් එකක් නැතිවයි අර දැන්වීම දාලා තියෙන්නෙ.
    අමෙරිකාවෙ බෑනට කොම්පැනියක් තිබුන කියන එක සේරම දන්නව.ප්‍රශ්නෙ ඒකෙන් ආයුද ගෙනාවද කියන එකනෙ.
    එහෙමනම් ආයුද ගෙන්නපු බවට ලිඛිත සාක්ෂියක් තියෙන්න ඕනෙ.ඒ සාක්ෂිය පත්තර දැන්වීමේ නම් නැහැ.හොදට ආයි පාරක් කියවලා බලන්න.

    ReplyDelete
  5. හැබැයි ඉතින් ෆොන්සේක බොස්ට පක්ෂව මෙච්චර සාක්කි තියෙද්දී, ආණ්ඩුව කරන්නේ රට බොරුවක් බව පෙනෙද්දී, දයාසිරි ජයසේකර උන්නැහේ ආඳෙක් වගේ ලිස්සල ගිය එක තමයි තේරුම් ගන්න බැරි.

    ReplyDelete
  6. ela ela pulaa . . . ohoma yan . . . ehenam "onna maath "nirpaaakshikayaa" wenuwen tawa paarak kade yanawaa . . hik hik . ..

    ReplyDelete
  7. පුලාට තේරෙන විදිහ ගැන අපටත් පලවැනි post එකේ ඉඳන්ම හොඳට තේරෙනව පුලෝ. පුලා කෙලින්ම (ජනරාල්ට) රනිල්ට ජයවේවා කියල කිව්වනං ඉවරයිනෙ. ඔලුව වටේ අතදාල නාහෙ අල්ලන්නෙ නැතිව.

    ReplyDelete
  8. සරත් බොස් හොරෙක් කියලා ඔප්පු කරන්න මසුරං චෑන්ස් එකක් තියෙද්දි විවාදෙට අාපු බඩු දෙකෙන් එකෙක=ටවත් බැරිඋනානේ දෙන්නං බැටේ කියලා එකෙක=ට විවාද කරන්න. ඇටිකෙහෙල් කාපු උෘරෝ වගේ දෙන්නටම ඕනේ කිව්වා. මුන් දෙන්නටම තිබුනේ සින්ගල් මවුත් එකක් ද දන්නේ නෑ.

    ReplyDelete
  9. @ Thisara

    කෝ ඉතින් ඔච්චර අගේ තියෙන සාක්කි අරන් ආපු ජයසේකර උන්නැහේ හෙමින්ම බෝලෙ ස්වර්ණවාහිනියට පාස් කරල මාරු වුනානෙ? තනියම වාද කරන්න පුළුවන්ද හබෑට?

    ReplyDelete
  10. අනික පුලස්ති ඇනොනිමස් පිළිතුරු වලට ඉඩ දීලා නැත්තේ මොකද දන්නෙ නෑ හැබෑටම

    ReplyDelete
  11. @මිගාර

    රතුඉර පටන් ගන්නකන් අපි ඔක්කොම බලන් හිටියෙ විමල්ගෙයි දයසිරිගෙයි සංවාදයක්නෙ, අනික විමල් ලොක්කා පහුගිය ටිකේ බෙරිහන් දුන්නෙ හරියට ඔනම එකෙක් එක්ක වාදෙට ලෑස්ති වගෙනෙ, අනික දයසිරි බොස් කිව්වනෙ දෙන්නගෙන් කෑමති කෙනෙක් කියන්න ඒ කෙනත් එක්ක විවදෙට ලෑස්ති කියලා, එහෙම කියද්දිත් විමල් ලොක්ක නිකන් බඩුවක් වගෙ ඈඹරෙන්න ගත්තනෙ රාජිත නෑත්නම් මට තනියෙන් බෑ මෙයා කියලා,

    අභියොගෙ කලෙ විමල්නෙ, ඉතින් උන්නෑහෙට පුලුවන් වෙන්න එපෑයි තනියම කොර ගන්න, නිකන් බඩුවක් වගෙ ඈඹරෙන්න නෑතිව, අනික චොදනා කරන මිනිහ එපෑයි ඔප්පු කරන්න, අනික් කෙන නහෑයි කියලා ඔප්පු කරන සිරිතක් නෑහෑ නොවෑ,

    දෑන් මම මිගාර ලොක්කට මඩක් ගෑහුවොත් ඔබතුමා ඒක එහෙම නොවෙයි කියල ඔප්පු කරන්න මහන්සි වෙනවද? මඩ ගහන එකා එපෑයි තනියෙන් හරි ජනතාව වෙනුවෙන් ඒ දේ කොරන්න. ඔකවත් තේරුම් ගන්න බෑරිද?

    ReplyDelete
  12. @ Nikama

    කතාව තිබුනේ ෆොන්සේක මහත්තයගේ නියොජිතයන් එක්කෙනෙක් හෝ වැඩි ගණනකට එන විදියට. ඔය විදියට බොරු කිවුවට මොකුත් ඔප්පු වෙන්නේ නෑ. ස්වර්ණවාහිනිය ලස්සනට කරුනුත් එක්ක ඔප්පු කරලා පෙන්නුවා දයාසිරි මහත්තයා දෙන්නෙක් එන බව දැන සිටි බව. පැහැදිලිවම දයාසිරි මහත්තයා කළේ ලිස්සලා ගිය එක.

    අනික ඔබේ උදාහරණය ගැලපෙන්නේ නෑ. ඔයා කියන්නෙ ඒක මඩක් කියල. එතනින්ම ඔයාගෙ දේශපාලන ධ්‍රැවීයතාවය පේනවා. මම කියන්නේ ඒක චෝදනාවක් කියල විතරයි. මම කාට හරි චෝදනා කරනව නම්, ඒ චෝදනා දෙස වෙනින් කෝනෙකින් බලන්න පුළුවන් කෙනෙක්ගෙ උදවු ගැනීම මම නම් අනිවාර්යයෙන් කරනවා. එතකොට කලින්ම එන විසංවාද හඳුනාගෙන ඒවාට ලෑස්ති වී ඉන්නට පුළුවන්.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හෑමොටම දෙශපලනයක් තියෙනවනෙ සහොදරයා, දෑන් ඔබතුමාට එහෙව් එකක් නෑතිද, එකද ඔබතුමා පහත් ගනයේ SF ගෙ ලිංගික අවයව ගෑන කියන්න තරම් පහත් උනෙ, හොදයි චොදනාවක් කියමුකො, ඉතින් ජනතවගෙ හිත සුව පිනිස දයාසිරි කිව්වම එක්කෙනෙක් වාදෙට එන්න කියල එන්න තිබ්බනෙ, මොකො දෙන්නෙක් එකතු වෙලා කොරන්න තරම් අමාරු චොදනාවක්ද?, මං කියන්නෙ ලොක්ක විමල් ලොක්කත් හිතුවෙ නෑ කවුරුවත් අභියොගේ භාරගනී කියලා, අනික වෙනත් කොනෙකින් බලන කෙනෙක් කියලා ඔබතුමා අදහස් කලෙ අන්ඩුවෙම කෙනෙක් උන රාජිතගෙ අදහස්ද? එතකොට ඔය චොදනාව විමල්ගෙ පුද්ගලික චොදනාවක්ද? එකද රාජිතගෙ මෑදහත් අදහස් දක්වන්න එක්කන් අවෙ, අනෙ සහො!!

    ReplyDelete
  15. "හෑමොටම දෙශපලනයක් තියෙනවනෙ සහොදරයා, දෑන් ඔබතුමාට එහෙව් එකක් නෑතිද, එකද ඔබතුමා පහත් ගනයේ SF ගෙ ලිංගික අවයව ගෑන කියන්න තරම් පහත් උනෙ"

    කොහේදිද කියල පෙන්නුව නම්?

    "දයාසිරි කිව්වම එක්කෙනෙක් වාදෙට එන්න කියල එන්න තිබ්බනෙ, මොකො දෙන්නෙක් එකතු වෙලා කොරන්න තරම් අමාරු චොදනාවක්ද?,"


    ඉතින් මිත්‍රයා දයාසිරි මහත්තයමනේ කිවුවේ එක්කෙනෙක් බැරි නම් දෙන්නෙක් එක්ක එන්න කියල? අර ස්වර්ණවාහිනියෙ යස අපූරුවට පෙන්නුවෙ. වාද කරන සංඛ්යා ගැන ඔබත් ප්‍රශ්න කරල කරන්නේ දයාසිරි මහත්තය වාදයෙන් පැන යාම සාධාරණීකරණය කරන්න. විමල් මහත්තයා කිවුවනෙ ඉදිරියෙදි දෙන්නෙක් එක්කම එන්න කියල. අපි බලමු එදාටත් දයාසිරි මහත්තයා ලිස්සයිද කියල.

    "අනික වෙනත් කොනෙකින් බලන කෙනෙක් කියලා ඔබතුමා අදහස් කලෙ අන්ඩුවෙම කෙනෙක් උන රාජිතගෙ අදහස්ද?"

    නඩු වලදි සමහර විට නීතිඥ මහත්වරු කීප දෙනෙක් එකම පක්ෂයට කතා කරන්නෙත් ඕකයි. නඩුවේ එක් එක් අංශ දිහා විවිධ විදියට බලන්න පුළුවන් නිසා. අනික් අතට විමල් මහත්තයට වඩා සමහර රජයේ ක්‍රියා පටිපාටි ගැන රාජිත මහත්තයට දැනුමක් තියෙන බව මට නම් හිත්නවා (අටුවන් බැහැපු පොලිතීසියෙක් නෙ?) ඒ අනුව කලින් එන බව දන්වා දෙන්නෙක් ආපු එකේ කිසිම වැරැද්දක් මට පේන්නේ නෑ

    ReplyDelete
  16. ඔබ ඉදිරිපත් කල බ්ලොග් අඩවිය පහත් මානසිකත්වයක් ඇති පිරිසක් විසින් තමන්ට උත්තර දෙන්නට බැරි විසංවාද ඇති කරන්නන්ට මඩ ගැසීමට භාවිත කරන්නක්. එම අඩවිය චින්තන පර්ෂදයට අයත් නොවන බව එම සංගමය විසින් පවසා තිබෙනවා. මෙය ආණ්ඩුවේ බ්ලොග් අඩවියකුත් නොවන බව කිව හැකියි. මෙය පවත්වාගෙන යන පිරිස ගැන යම් ඉඟියක් ලැබි තියෙන අතර ඉදිරියේ ඒ ගැන ක්‍රියාත්මක වන්නට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  17. අඩෙ මිගාට තදවෙලා වගෙ ,ඇයි ඔච්චර කිපෙන්නෙ ඔයදැන් ලොකු ලමයෙක්නෙ බO,

    ReplyDelete
  18. පත්තරෙ දල තිබුන ලොකු ඇඩ් එකෙන් මටනම් දෙවල් කිහිපයක්ම තෙරුනා
    1.ජෙනරාල්ගෙ බෑනා ජෙනරාල්ගෙ නෑයෙක් බව
    2.ඇමරිකාවෙ එකම ගෙදරක පදින්චි බව
    3.දනුන තිලකරත්නට කොම්පැනියක් තියෙනබව
    4.යුද්ද කාලෙ ලOකාවට දුරදක්න,කැමරා වැනි අති බයානක යුද උපකරන ගෙන්වා ඇතිබව

    ReplyDelete