Friday, January 15, 2010

පුලස්තිගේ අති විශේෂ හෙලිදරවුව!


හිතාදර දෑ හිතකාමී බ්ලොග්කරුවෙනි,

පුලස්තිගේ මේ සූදානම රටට වින කොරන මහා දේශද්‍රෝහී පාවාදීමක් හෙලිකරන්න!ඒ හින්ද උඩට ගත්ත හුස්ම ආයෙ හෙලන්නෙ නැතිව මේකට හොදට සවන් දෙන්න.
ආන්ඩුවයි කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංසෙයි මහ බරපතල හවුලක් ඇතිකරගෙන තියෙනව කියල පුලස්ති වගකීමෙන් කියනවා.
මේ එකගතාවෙ ඇති වෙලා තියෙන්නෙ පහුගිය සති කීපය ඇතුලෙ.
පුලස්ති මේ නිගමනේට ආවෙ මේ කියන කාරනා උඩ.

1.කොටි සංවිධානෙට උදවු කලා කියල දෙමල ජාතිවාදය වැපිරුවා කියල ආන්ඩුව හිරේට අරගත්ත තිස්සනායගම් කියන කොටි හිතවාදී බෙදුම්වාදි මාධ්‍යකරුවා ආන්ඩුව නිදහස් කොරලා.කොටි මාධ්‍යකරුවන්ව එකපාරට නිදහස් කොරන්න ආන්ඩුව කටයුතු කොරන්නෙ මොකටෙයි?

2.යාපනේ ඇදිරි නීතිය අයින් කොරන්න දවස් කීපයකට උඩදි තීන්දු කොරල තියෙනවා.ජාතික ආරක්සාවට කෙලවෙන මේ වගේ පියවර ආන්ඩුව ගන්නෙ මොකටෙයි?

3.අධි ආරක්ෂිත කලාප වල ආයෙ මිනිස්සු පදිංචි ‍කොරන්න ආන්ඩුව කටයුතු කොරනව කියල පහුගිය දවස් වල ඉංගිරිසි පත්තර වල දාල තිබුන කියල පුලාට ආරංචි උනා.මේ වගේ කොටි සංවිධානෙට ආයෙ හිස ඔසවන්න ඉඩ දෙන වැඩ ආන්ඩුව කොරන්නෙ බම්බුවටද?

4.ඉංගිරිසි පත්තර වල චෝදනා නැති කොටි සැකකරුවන් නිදහස් කරන්න යනව කියලත් ලියල තිබුනලු.චෝදනා නැති උනාට මුන් කොටි නෙව.හැම චෝදනාවම ඔප්පු කරන්න පුලුවන්ද?මේ අය ත්‍රස්තවාදෙ වැලැක්වීමේ පනත යටතේ ආරක්සක ලේකම්තුමාගෙ නියෝග උඩ රදවල තිබ්බෙ නිකම් ඇයි?තඹ සතේක වැඩක් නැති,ස්ත්‍රී දූසන කරපු,විනයක් නැති සරත් බොස්ව යුද්දෙ දිනන හමුදාපති කෙනෙක් බවට පත්කොරපු ඒ අති දක්ෂ ශ්‍රේෂ්ඨ ආරක්සක ලේකම් මැතිදා නිකම් මිනිස්සුන්ව හිරේට දානවද?ඒ අය කොටින්ට ගෑවුන අය.ඒ කොටි සැකකරුවන් නිදහස් කොරාම අම්මේ මාර විනාසයක් නෙව වෙන්නෙ.දැන් ගිහින් හංගල තියෙන ආයුද ගොඩ අරගෙන ආයෙ යුද්ද කරන්න පටන් ගනියි.

5.ඊපීඩිපි සංවිධානෙ එක්ක ජනාධිපති චන්දෙට රජතුමා එකගතාවෙකට ඇවිල්ල තියනවා.ඒ එකගතාවෙ ගැන ඒ සංවිධානෙන් කොරපු ප්‍රෙස් රිලීස් එක තාම කවුරුත් රිජෙක්ට් කොරල නැහැ.ඒකෙන් උතුරු නැගෙනහිර දෙමල නිජබිම කියල පිලිගන්නවා,ස්වයංපාලන කලාපයක් දෙනවා කියල සදහන් කොරල තියෙනවා.
ඊයෙ සිරසට ආපු දත් දොස්තර පරාජිත තමන් 13 + පිලිගන්න බව කිව්වා ප්‍රසිද්ධියේ.13 වෙනි සංශෝධනෙන් එහාට ගියාම රට ඒකීය නෙමෙයි.ෆෙඩරල්.
සංඥාව ෆෙඩරල් මොකද කියන්නෙ ජෙනරල් කියල අහපු කසාපබ්බත කොල්ලෝ ලාල්කාන්තගෙ කොන්ද ගැන අහන්න ඉස්සෙල්ලා ඔය කොල්ලගෙ කොන්ද පෙන්නන්න දැන් ලියමුකො ලිපියක් 'සංඥාව සන්ධීය මොකෝ කියන්නේ මහින්දය!' කියල.

මේ කරුනු දිහා බැලුවම මහා කුමන්ත්‍රනේක ඉව පුලාට දැනෙනවා.විපක්සෙ ඔය කාරනා ( කොටි සැකකරුවන්ගෙ පුරස්නෙ,අධි ආරක්සිත කලාපෙ පුරස්නෙ.තිස්සනායගම් උන්නැහෙගෙ පුරස්නෙ) ගැන කතා කරද්දි ඒක කොටි කුමන්ත්‍රනයක් කියලනෙ කිව්වෙ.දැන් කුමන්ත්‍රනේ කොන්ත්‍රාත් එක විපක්සෙන් ආන්ඩු පක්සෙට බාර දිලා.
(සමහර විට ඒක කොලේ කේපී බුවා වෙන්න ඇති).
කැලේ ගහක් නහන්න අධිරාජ්‍යවාදීන් ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් යුදෙව් ග්‍රීක මූලධර්මවාදීන් යොදාගන්නෙ කැලේ ගහක්මලුනෙ.දැන් ආන්ඩුවේ ජය නහන්න ආන්ඩුවම යොදාගන්න බෙදුම්වාදී කොටි කුමන්ත්‍රනකාරයෝ වැඩ කරනවා.

රටට ජාතියට බොක්කෙන්ම ආදරේ හින්ද ඔන්න කුමන්ත්‍රනේ පුලා හෙලිකලා.
මේ කුමන්ත්‍රනේ බයානකයි.(දැනටමත් පුලස්තිගෙ ඇගේ මවිල් කෙලින් වෙලා )
රනවිරුවන් හෙන ගේමක් දීලා දිනාගත්ත රට පාවලා දෙන්නයි යන්නෙ!
කසාපබ්බත කොල්ලෝ මල කෙලියයි.නිලන්ත බොස් එක්කම නැගිටිනු!
රට ජාතිය බේරාගමු!
මිගාර දොස්තර මහත්තයෝ ‍ලෙඩ්ඩු සෙට් එකත් එක්කම අවදි වනු!
කුමන්ත්‍රනේ පරදවමු!
සිංහල රටට මෙහෙම කෙලවන හැටි තවත් නං බලාගෙන ඉන්ඩ පුලුවන්ද හැබෑටම!

- මීට
දේශප්‍රේමී,
සිංහල,
බෞද්ධ,
පුලස්ති

5 comments:

  1. අඩෙ පුලා මෙ උබ මොකද කරන්නෙ...උබව උස්සයි..අනික උබට ජාතිවාදියෙක් කියලා ලෙබල් ගහයි. බ්ලොග් එකට ලස්සන දෙයක් දාපන් බන්... කොහොමත් රජා දිනයි ..මොකද කොළබින් පිට ගම්වල මිනිස්සුන්ගෙ හිත්වලට ජාතික එකයි අයි.ටි.එන් එකයි විස කවලා ඉවරයි.. කොලබයි, මහනුවර එවගෙ ලොකුතැන් ජෙනරල් දිනයි. මෙ චන්දෙන් තමයි මම ලංකාවෙ වැඩිපුර ඉන්නෙ බුද්ධිමත් අයද නැත්නම් මොඩ අයද කියලා දැනගන්නෙ....

    ReplyDelete
  2. මචං පුලෝ....

    මේ රටේ ගොබ්බයෝ හිතන් ඉන්නේ දේශපෙරේමියෝ ඉන්නේ උංගෙ පිලේ විතරයි කියලා. යූඑන්පියේ හා අනෙක් පක්ෂ වල අයට රට ගැන කැක්ක=මක් නෑ කියලා. මේ රට නැති වුනොත් මේ ලක්ෂ 47 ට ඇමරිකාවේ පුරවැසි භාවය දෙනවද? තමන් මහා බුද්ධිමත් කියලා පෙන්නන්න දේශපෙරේමියෝ කියලා පෙන්නන් උන්ගේ වාසියට විතරයි.

    අන්තර්ජාලය ඔස්සේ එකත= වෙන සහෘදයන් වෙනුවෙන් අපි කරන්න පුළුවන් දෙයක් කරමු.

    ඔබට ජය පුලා.

    අපි පතමු සියළු දෙනාට බුද්ධිය පහල වේවා කියලා.

    සුභ අනාගතයකට විශ්වසනීය වෙනසක්.

    ReplyDelete
  3. කෝ මූ? සුදු වෑන් එකකින් හයර් එකක් වත් ගිහින්ද මන්ද.

    ReplyDelete