Friday, January 15, 2010

නාමල් මගෙ බබෝ - කලබල වෙන්න එපෝ!


ආදරනීය නාමල් බබා වෙත ලියමි

බබා ලන්ඩනයේදි එමිලි කාන්තන් එක්ක ගත්ත පින්තූරේ පබ්ලික් කොරන්න මංගල සමරවීරයි ජේවිපි බුවාලයි බුදු ගේමක් අරගෙන යන බව පුලාට ආරංචි උනා.බබාට මේ පොරවල් කොරන නොපනත්කම හින්ද ඇඩෙන්න එනවා කියල හිතෙන හින්දයි මේ ලියුම ලියන්නෙ ඔන්න.
නාමල් බබා හෙට රජවෙන යුවරජු විදිහට එමිලිකාන්ත්ව හම්බුන එක ගැන පුලාගෙ කිසි අප්සෙට් එකක් නැහැ.රජිනිකාන්ත් වගේ හැන්ඩ්සම් ලුක් එකක් නැති උනත් එමිලිකාන්ත් මාර අයිටම් එක කියල පින්තූරෙන්ම පේනවා.ලන්ඩන් වල හම්බෙලා පොඩි අඩියක් එමිලිකාන්ත් එක්ක ගහලා මොන දේ බබා කතාකලත් ඒකෙ කිසි වරදක් පුලා නම් දකින්නෙ නැහැ ඕන්න.තමන් කැමති පොරක් එක්ක ටෝක් එකක් දාල ආතල් එකක් ගත්තම තියන වැරැද්ද මොකක්ද?නේද?

ඒත් බබා එකට ෆොටෝ ගහන්න ගිය එක තමයි පොඩි කොස්සකට තියෙන්නෙ.
බබාගෙ අප්පච්චිත් බබා වගේම ඕනෙ එකෙක් එක්ක සෙට් වෙන මනුස්සයා.හැබැයි අප්පච්චි බබා වගේ පොටෝ ගහන්න යන්නෙ නැහැ.2005 කොටි බුවාලත් එක්ක පොඩි ඇයි හොදයියකට අප්පච්චිලා ට්‍රයි කලා කියල මංගල බුවා කිව්වට ඒව ඔප්පු කොරන්න පෲෆ් ඒ බුවාට නැත්තේ බබාගෙ අප්පච්චි මොන යකා එක්ක ටෝක් කලත් ඒවා ක්ලෝස්ඩ් ඩෝස් පස්සෙ පොටෝ නොගහ කොරපු හින්ද.

දැන් බබා බයවෙලා ඇති මේ වැඩේ පත්තු වුනොත් අප්පච්චිගෙ චන්ද වැඩේට කෙලවෙයි කියල.(අප්පච්චිට කෙලවුනොත් බබාටත් කෙලවෙනවා නෙව)
ඒ උනාට මේ තකහනියෙ පුලා මේ ලෙටර් එක ලියන්නෙ කලබොල වෙන්න කාරියක් නැති බව දන්නන්න.
ඔය පින්තූරේ කොපි සේරම අද බෙදල දුන්නත් ඕක ගැන මෙන්සන් පාරක් දැම්මෙ සිරසෙ උන්නැහෙලා ටික විතරයි.සුවර්නවාහිනියේ මධ්‍යස්ථ මීඩියා පොරවල් නිකමටවත් ඒ ගැන මෙන්සන් කොරේ නැහැ.අනිත් උන්දැලත් එහෙම තමයි.අප්පච්චිගෙ දන්සැල් වලින් කාල මේ මිඩියා පොරවල් කෙලෙහි ගුන හොදට තියනවා.එමිලිකාන්තන් ඉන්න පොටෝ එකක් නෙමෙයි ,බබා එමිලිකාන්තන්ගෙ කරට අතදාගෙන ඉන්න පොටෝ එකක් දීල සල්ලි ගෙවුවත් මේ මීඩියා පොරවල් නං කපේකට ඔය පින්තූරේ දාන්නෙ නැහැ.
ඕක වැඩිම වුනොත් ලංකා පත්තරේ රාවය ඉරුදින වගේ පත්තර පඩංගු කීපයක යයි.ඕව කවුරුත් වැඩිය බලන එකක් ඇයි.
උත්තරයක් දෙන්නම ඕනෙ වුනත් බබා දෙන්න උත්තරයක් තියනවා.
ලංකා පත්තරේ = ජේවීපි
ඉරුදින = යූඇන්පී
රාවය = කොටි / ඇන් ජී ඕ
රටට කෙලවන්න බලාගෙන ඉන්න සෝමවංස රනිල් සම්බන්ධන් හවුල ඩුප්ලිකේට් විදිහට පින්තූරයක් හදල කරන කුමන්ත්‍රනයක් මේක කියල වීරවංස වගේ ඩයල් එකක් ලව්වා ටිවි ප්‍රෝග්‍රෑම් දෙකක හොද සද්දෙට කිව්ව නම් වැඩේ නිකම්ම යට යයි.

නැත්තං මෙහෙමත් පුලුවන්.
එමිලිකාන්ත්ව බබා හම්බුනේ මහින්ද චින්තනය ගැන කියල දෙන්න කියල කියන්න.එමිලිකාන්තන් රටේ ඒකීය භාවය පිලිගන්න පොරොන්දු වුනා හරි මොකක් හරි කටට එන කෙහෙල්මලක් කියල දාන්න.කරුනව,පිල්ලෙයාන්ව,කේපීව දමනය කොරපු රාජපක්ස පවුලට එමිලිකාන්තන් පොරක්ද කියල සූරියප්පෙරුම වගේ කට හැකරයෙක් ලව්වා හතර පස් පාරක් කියවන්න.
ඊලගට එමිලිකාන්ත්ගේ සල්ලි ගත්තෙ රටේ සංවර්ධනේට කියල ඊලග ඇසිදිසි විද්යුත් මාධ්‍ය කතිකාවතේ ඔය කවුරු හරි ආර්ථික විද්‍යා බුවෙක් දාල කියවන්න.ගෝලීය ආර්ථිකේ කඩන් වැටෙද්දි ලංකාවේ 3 % ආර්ථික වර්ධන වේගේ රදවගත්තෙ ඔය සල්ලි වලට පින් සිද්ධ වෙන්න කියල කොලඹ විස්ස විජ්ජාලෙ ධම්ම දේශපාලනාචාර්ය තුමාගේ ලස්සන භාසාවෙන් දිවයිනට ලිපියක් ලියව ගන්න.
ඔන්න බබෝ ගොඩ යන විදි!
බබාගෙ නිල් බලකායෙන් මැරුනා කියන ආච්චි අම්මා ගෙදර ගහගෙන ඉන්නෙ බබාගෙ අප්පච්ච්ගෙ පින්තූරෙය ඒ මරල තියෙන්නෙ පුද්ගලික කෝන්තරේකටය කියල කිව්වම ඒකත් පිලිගන්න බුවාලා ඉන්න රටක් නෙව මේක.පත්තරේක වැටුන පස්සෙ පැහැදිලියෙන් රිජෙක්ට් කල නිකම්ම නිකම් පේපර් රිපෝට් එකක් බේස් එක කොරගෙන අන්තර්ජාතික අධිකරනයේ නඩුවක් පවරන්න යනව කියල කිව්වම ඒකත් රස කර කර ගිලින බුවාල ඉන්න රටක් නෙව මේක.
හිතට එන ඕනෙ මගුලක් දෙයියම්පා සහතික ඇත්ත වගේ ඇස් ලොකු කරගෙන.ගිරිය පුප්පගෙන කියල දාන්න පුලුවන් වීරවංස,සුරියප්පෙරුම වගේ හොද ගෝලයො සෙට් එකක් රජතුමාට උපදෙස් දෙන රටක්නෙ මේක.
ඒ වගේ ආසාවෙන් ටොපී ගිලින බුවාල ජීවත්වෙන,හොද රහට ටොපී ගිල්ලවන දස්සකමත් තියන බුවාල රජකම් කරන රටක මොනවද නාමල් බබෝ කරන්න බැරි?

ඒ හින්ද බබා බය වෙන්නෙ නැතිව ඉන්න.ඔය පින්තූරේ ගැන අඩ අඩා නොකා නොබී ඉන්නෙ නැතිව බුදුන්ට පහනක් පත්තු කරල හිතේ සැහැල්ලුවෙන් ටොයිලට් ගිහිල්ල නිදාගන්න යන්න.
බබාට තවත් උපදෙස් ඕනෙ නම් මේ පුලස්තිට වහාම කෝල් එකක් දෙන්න.
081 223 46 23

ඔබේ සේවයට ලැදි
- පුලස්ති අයියා

17 comments:

  1. බය වෙන්න එපා කුක්කු බබෝ, දැන්මම..
    ඔයා චෝයි බබා..
    දැන් දොයියන්නකෝ!!!

    ReplyDelete
  2. අඩො පුලා උබ මෙ මොකද කරන්නෙ.. තමුන්ගෙ දුරකතන අංකෙත් දාලා...උබත් දේශපාලනෙ ගැන විතරමයි...ටිකක් අනිත් උන්ගෙ දෙවල් වලට එබිලා බලහල්ලකො.. එ මිනිස්සුත් මොකද කරන්නෙ කියලා...පුලු පුලු වන් කාලෙ යමක් කමක් හම්බ කරලා රට පනින මිනිස්සුන්ට මුකුත් කියන්න එපා...

    ReplyDelete
  3. රසවත් විදියට ලියල තියෙනවා...

    ReplyDelete
  4. අළුත්ම දේශපෙරේමියා එමිල් කාන්ත්.

    "‍දේශපෙරේමියෙක් ද නැද්ද කියලා තීරණය වෙනේනේ ඔහු අද ඉන්නේ කොයි පිලේද කියන එක අනුව"

    මේ විමලසාර හිමිගේ බණ. එහෙම නැත්නම් චක්කවත්තී හිමිගේ බණ.

    අනිත් එක වෙල්ලමුල්ලි වයික්කාල් වලදි හම්බචේව්ව සල්ලි ගත්ත නම්,
    කේ.පී. ගේ සල්ලි රත්තරං ගත්තනම්,
    එමිල් කාන්තන් ගේ සල්ලි ගන්න හෙනයැ.

    හොදයි හොදයි බබෝ...

    අනික මේ සල්ලි වලින් කාපු නළු නිලියන්ටයි කිරිකැට් කිරිඩකයන්ටයි පොඩ්ඩක් හොයලා බලන්න මේ සල්ලි වලින් කන්න බොන්න දුන්නද කියලා හිතලා බලන්න.

    මේ සුභ අනාගතයේ පෙර නිමිති විතරයි.

    හොද හොද සෙල්ලම් ‍එළිවෙන ජාමෙට කියනවා නොවැ.

    ReplyDelete
  5. එමිල්කන්ත් කියන්නෙ කවුද බO ?

    ReplyDelete
  6. @දිlee

    මේ ලින්ක් එක බලන්න. මොහුගේ ලංකාවේ තිබූ සියළු බැංක= ගිණුම් අධිකරණය මගින් තහනම් කර ඇත.

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5232:q-q-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete
  7. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත්

    ReplyDelete
  8. @ රවා
    මේ ටිකේ කොහෙගියත් දේසපාලනේනේ මචං.මොකක් හරි ලියන්න කියල වාඩි වුනාම පොලිටික්ස්ම තමයි ඔලුවට එන්නෙ.මොනව කරන්නද?:)චන්දෙ අහවර වෙලා මොන මොනා හරි ලියන්න බලමු.

    ReplyDelete
  9. ela post eka pula,

    mata udauwak one. kohomada political catagery ekata danne kiyala kiyala denawada????man eka danne. plz mage post ekata yatin comment ekak widihata danna.

    ReplyDelete
  10. @ හෂාන්
    ඒ ගැන බ්ලොග් සංගමයට ඊමේල් එකකින් දැන්නුවා නම් හරි.මම හිතන්නෙ එතකොට එයාල ඒක නිවැරදි කරයි.

    ReplyDelete
  11. SBU එකේ ඇස්කි කොඩ් වලින් උඹේ බ්ලොග් එක පෙන්නන් නේ.

    මට මේ ගැන ටෙක්නිකල් අයිඩියා එකක් නෑ.

    හොයලා බලපං ඉක්මනින්ම

    ReplyDelete
  12. @ තිසර
    ඔවු මාත් දැනුයි ඒක දැක්කෙ.මටත් ඒ ගැන තාක්සනික දැනුමක් නැහැ.මේ ටොපික් එක යටගහන්න ගොඩක් අය ට්‍රයි කරනව කියල දන්නව.එහෙම එකක්ද කියල මටත් සැකයක් එනවා.
    කරුනාකරල මට සහය වෙන්න.

    ReplyDelete
  13. අන්තර්ගතය ගැන මගේ සතපහක අවදානයක් නැති උනත් මේ ලිපිය ලියලා තියන විදිය නම් මරු! මල් 7යි!!

    ReplyDelete
  14. Hi Pulasthi,
    I read your blog with interest. Be sarcastic, but don’t overdo. Stay on your points. Fight an argument with and argument. Just because they throw mud at us we don’t have to. No, I am not saying you throw mud, but you will be definitely more effective if you present strong cases. Remember blog readers are not fools. Talk to them. I wish you all the best.

    Ajith P. Perera
    Provincial Councillor – Western Province
    Chief Organiser UNP, Bandaragama

    ReplyDelete
  15. අර්නස්ට් හෙමිංවේ කියලා තියෙනවා මිනිසෙක් විනාශ කළ හැකියි. පරාජය කළ නොහැකියි කියලා. (මහල්ලා සහ මුහුද) සමහරවිට කවුරැ හරි හිතවනම් බ්ලෝග් වල තො‍රත=රැ අයින් කරලා සත්‍යය යට ගහන්න පුළුවන් කියලා සොරි තමයි. සත්‍යය කවදා හෝ එලි වෙනවා. පුලා උඹ ලියපං.

    මේක තමයි බීප් බීප් මාධ්‍ය නිදහස. දැන් රොබෝ කෙනෙක් බීප් බීප් කිව්වත් අපි හිතන්නේ මහරජා ගේ ජල්තරයක් කියනවා කියලා.

    ReplyDelete
  16. Don't worry pulla. Ohoma yan,Ohoma yan

    ReplyDelete
  17. මගේ අදහස නම් ඔය දෙපිලට සහය දක්වන්නෝ එක්කෝ මෝඩයෝ, නැත්තං කට්ටයෝ.

    අනේවාසික.
    http://anewasika.blogspot.com/

    ReplyDelete