Thursday, January 7, 2010

පබා බබා මන්ද නොබා - වගේ නොවුනෙ අබා?


ෆොන්සේකා බොස්ට සහය පල කරපු හින්ද පබා එකේ පබාට කෙලවෙන්නලු යන්නෙ.පබා එකෙන් පබා ව ඩිසපියර් කරල වෙන බබා කෙනෙක් දාන්න යනව කියල පුලාට ආරංචි උනා.පබා එකේ පබා නැති උනාම ඒක තවදුරටත් පබා එකක් වේවිද?මේ ගැන හිත හිත ඉන්නව මිස පුලස්තිගේ වයිෆ් මේ ටිකේ හරියට උයන්නෙවත් නැහැ.
පබා ඇඹරි ඇඹරි හෝමාගම ස්ටේජ් එකේදි සරත් බොස්ට තොදොල් බසින් සහය පල කලාට පස්සෙයි මේ ඇබැද්දිය වෙලා තියෙන්නෙ.
පබා වගේ ලද බොලද සුකොමල සියුමැලි තරුනියක් සරත් බොස්ට සපෝට් කරනව කීවම රජතුමාගේ ගෝල බාලයෝ මේ තරම් කලබල වෙලා තියෙන්නෙ ඇයි?
පබා වගේ කෙනෙක් වෙනුවට සිරා කලාකාරයෙක් අනිත් පැත්තට කතා කලොත් එහෙනම් කොහොම කලබොල වෙයිද?

විරුද්ධ පැත්තට කිසිම කලාකාරයෙක් නැහැ කියල ජනාධිපති උන්නාන්සේගේ කලාකාර පෙරහැරේ නිලමේ කෙනෙක් වන සෝමරත්න දිසා ලොක්කා ටික දවසකට උඩදි චැලෙන්ජ් කලා.දැන් ඒ විදිහට විරුද්ධ පක්සෙ වෙනුවෙන් ඉදිරිපත් උන කෙනාටත් කෙලල ඇරල.
තමන් එක්ක නැති අනෙත් කලාකාරයෝ ලපයි සිපයි කියල උන්නැහෙම 2005 දි කිව්ව පුලාට මතකයි.
මහින්දට බටර් ගෑම = සංවේදීකම
මහින්දට බටර් නොගෑම = ලපයි සිපයි වීම.
සොම්මරේගෙ මේ සූත්තරේ පුංචි සුරංගනාවි චිත්තරපටිය බලල හිනා වෙන පුංචි පැංචියන්ට හොදයි.

පුලා අහන පුරස්නෙ තමයි චන්දෙවත් හරියට තියෙනවද කියල ෂුවර් නැති පමුදි කරුනාරත්න ලදැරියට රජතුමාට බටර් ගාන්න පුලුවන් නං පබා බබාට සරත් බොස්ට බටර් ගාන්න බැරි මොකද කියන එක.
මේ ටිකේ විරුද්ධ පක්ස කාර්යාලවලට එලව එලව ගහනව.මේවගේ නිව්ස් අයිටම් දෙක තුනක්වත් අනිවාර්යෙන් ටිවි එකේ යනවා.
රැස්වීම් තියන්න දුන්න ලැයිසොන් කැන්සල් කරනවා.
රජයේ ටිවි වල සංවාදෙකට බෙහෙතකටවත් විරුද්ද පක්සෙ පොරකට ආරාදනා නැහැ.
කැලනිය ආසනේ ලීෆ්ලට් එකක් බෙදන්නවත් විරුද්ද පක්සෙකට ඉඩක් නැහැ.
අපේ රජ්ජුරුවො ඇත්තටම විරුද්ධ අදහස් වලට ඔය තරම් බය මොකද?
අබා එකේ අධිපති තැන්පත් ඇන්තනි ගරු තැන ජනමූල නායකයද මොකක්ද එකක් කීවෙ මේ වගේ කෙල්ලන්ටත් බය වෙන පොරකටද?
රජ්ජුරුවො ෂුවර් ෂොට් දිනනව නං - ජනතාව කෙලෙහි ගුන සලකයි කියල ෂුවර්ම නං - සරම කැහැපොට ගහගෙන ඔච්චර නටන්නෙ මොකටද?
භූමිතෙල් ගාපු ගැරඩි වගේ ගෝල බාලයෝ මෙච්චර නලියන්නෙ මොකටද?
පුලාට නම් මේව දකිද්දි මතක් වෙන්නෙ මරනය පෙනි පෙනී වියරු වැටිල දගලන සතෙක්ව.
සාධාරන ශ්‍රි ලංකා කාරයොන්ට මේ වගේ වනචර වැඩ අනුමත කරන්න පුලුවන්ද?

9 comments:

  1. පුලා කාලා කරුවන් දෙශපාලනයෙන් තොර උනොත් තමයි උන්ගෙ වටිනාකම තියන්නෙ. මොකද උන් කිසිම විදියකට තර්ක කරලා තිරන ගන්න මිනිස්සු නෙමෙ. ඔය වෙදිකාවල නැගලා දෙශපාලුවන්ට කඩෙයන්න ගිහින් හැමොම කරගන්නෙ එකම දෙ. තමුන් කලාවට ආදරෙ නැතිබවත්,තමුන්ට විකිනිමට හැකිනම් එයද විකුනන බවත්ය. මෙ වැනි කලා කරුවන්ට වඩා ගණිකාවන් අවංක මිනිසුන්ය.

    ReplyDelete
  2. මේතන පැහැදිලිවම වෙන්නේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගැනිල්ලනේ.. හැබැයි ‍නළු නිළියෝ කියන නිසා කවුරු හරි ජන්නේ දෙන්න හිතනවා නම් ඒකා මහ මැට්ටෙක්..! අනික දෙපැත්තම ඔය ප්‍රචා‍රනේට කරන වියදම ඉතිරි කරා නම් රටට තව හොද ව්‍යාපෘතියක් කරන්න සල්ලි හොයා ගන්න තිබ්බා.

    ReplyDelete
  3. නලු නිලියො කරන්නේ රගපෑමක්..මේ අය හෙට තව චරිතයක් රගපාවී...

    ReplyDelete
  4. පබා ලබා දෙන තෙක් බබා ය. අබා නොබා ලබා දෙන නිසා අබා කොහොමටත් බබා ය. පබා සබා මැද ලබා දෙන්නේ නැතැයි නොබා කිවූ නිසා පබා අ බා විය.

    ReplyDelete
  5. පබා අයි.ටී.එන්. එකෙන් අයින් කරද්දි නම් පුලස්තිට හරිම අමාරුයි. ඒත් ආනන්ද වික්‍රමගේ සිරසේ ගිහිපු "පුංචි පහේ මං" එකෙන් අයින් කරද්දී නම් පුලස්තිගෙ කටේයි, අහවල් එකේයි දෙකේම පිට්ටු හිර වෙලා තිබුනේ.

    සිරසෙන් අයින් කිරීම = නිර්දේශපාලනික ප්‍රතිරූපය තබ ගැන්ම
    අයි.ටී.එන්. එකෙන් ඉවත් කිරීම = දේශපාලන පළි ගැන්ම


    ඔහොම යන්! ඔහොම යන්!

    ReplyDelete
  6. @ මිගාර
    පුංචි පහේ මං එකේ එහෙම එකක් වුනාද කියල අවංකව මම දන්නෙ නැහැ බොස්.ඔයාට වගේ පුංචි පහේ මං බල බල ඉන්න වෙලාවක් මට නැහැ නෙව.පුලුවං නම් ඒ ගැන විස්තර ටිකක් කිව්ව නං.

    ReplyDelete
  7. ඉහත සටහනේ ශිල්පියා ආනන්ද වික්‍රමගේ නොව විජය නන්දසිරි ලෙස නිවැරදි විය යුතුය.

    ඒක තමා. පුලස්ති බබා ඒව දන්නෙම නෑ. හැබැයි පබා බලන්න නම් වෙලා තියෙනවා. ඔය වගේ කොබා හැසිරීම් අපි දැකල තියෙන නිසා නොබා උත්තර දෙන්න ඇහැකි. සමහරුන්ට ලබා උපන් විදිය නොවුනත්, කබා වලට නැවෙන ගතිය තවමත් තියෙනවා. සබා මැද බබා පාට් දමමින් මතවාදී ලෙස ඉබාගාතේ යන්නේ එහෙයිනි.

    මෙන්න කියවල බලන්න

    ReplyDelete
  8. එයි මිගාර ගොනො විජය නන්දසිරි අයින් කරලා එතන්ට වෙන නලුවෙක් දැම්මා නම් ඔයා කියන එක ඇත්ත වෙනවා. නමුත් එතනට දාලා තියන්නෙ කිංග්ස්ලි එයා සිරසෙ කෙනෙක්. එතන cost cutting... අනිත් එක මම දැක්ක එයත් එකෙ ඉන්න වා. දෙන්න මාරුවෙන් මාරුවට කරන්නෙ

    ReplyDelete
  9. විජය නන්දසිරි අයින් කලාම cost cutting. පබා අයින් කළාම පළි ගැනීම. මාර ටිකිරි මොලේ.

    ReplyDelete