Monday, May 31, 2010

නෝ ෆ්‍රේම්ස් - කලබල නොවන්න.උඩ නොපනින්න.මෙත් සිත් වඩන්න.මෙන්න සැදැහැවතාට උත්තර


ඇත්තටම තද වෙලා තියෙන්නෙ නෝ ෆ්‍රේම්ස්ටද මිගාරටද කියල පුලස්තිට තාම හරියට නිච්චි නැහැ.පුලාට කෙලෝල ලියපු උඩ තියන රචනාවෙ කත්රුගෙ නම නෝ ප්‍රේම්ගේ උනාට පුදුමෙකට වගේ එලියට එන්නෙ අපේ ආදරබර මිගාර දොස්තර බොස්ගෙ කටහඩ.එහෙම නැතිව පරන තරහ තියාගෙන බනින බජාර් සගයෙක් වගේ පුලා මීට කාලෙකට උඩදි දාපු පෝස්ට් එකක් ගැන මිගාර බොස්ට පුලා එක්ක තියෙන ඇරියස් එකක්,තමන්ගේ පෝස්ට් එකකින් ඇරගන්න නෝ ප්‍රේම්ට මඤ්ඤංය?
එහෙම නෙමෙයි නං මිගාරයි නෝ ප්‍රෙමුයි කියන්නෙ දොස්තර ජෙකිලුයි මිස්තර හයිඩුයි වගේ එකෙක්මද?
දෙයියො දනී පුලා නොදනී.

( අතුරු කතා - මිගාර බොස්ට දෙන්න හැබැයි පනිවිඩයක් තියනව.දැන් හිංගල අලුත් අවුරුද්දත් අහවර උන එකේ ඔය පරන ඇරියස් අමතක කරල සන්සුන් වෙන්න.ඒ බොලොග් ලියවිල්ල උනත් මම බොස් ගැන තරහෙන් ලිවුව එකක් නෙමෙයි අපි දෙන්නගෙ සමානකම් ගැන ගෞරවෙන් ලියපු එකක් නෙ.ඒ හින්ද හිත නරක් කරගන්න එපා කොල්ලො ඔච්චර:D )

මගේ පරන ලියවිල්ලෙ යට කොමෙන්ටුවක් දාන පෙරමුනේ රාල "මෙන්න ඔයාට උත්තර" කියල නෝ ප්‍රේම්ගේ ලිපියෙ ලින්ක් එක දාල තිබ්බ.මේ සැදැහැවතුන් ඇත්තටම පුලස්තිගෙ උත්තරයක් බලාපොරොත්තු වෙනව ඇති නෙව.මේ විජ්වතුන්ගේ ගානට පුලාවත් වැටෙන එක ගැන මොනා නැතත් මාර ආතල්.ඒ ආතල් එක තියාගෙන ඔන්න පුලස්තිත් දෙන්නං උත්තර.

පුලා ගිය පාර ලියුම ලියුවෙ ඇයි?
ලංකා 1 බොලොග් එකක් අටෝගෙන උන්නැහෙගෙ ආගම ගැන ලිය ලිය හිටිය.ත්‍රිපිටකේටත් කිංඩි දැම්ම.ඒකට රෙස්පොන්ස් විදිහට ලංකා 1ට නෙමේ මුලු මුස්ලිම් සංහතියටම මරාගෙන මැරෙන මයිල් කෙලින් කරවන බොලොග් අවකාසෙ කලඹවන කලඹලා ආයෙ ආයෙ හොල්ලන විදිහෙ ප්‍රහාරයක් පෙරමුනේ රාලගේ අටුවාවෙන් කරන්න ගත්තා.මේ ප්‍රහාරෙට ලංකා 1 විතරක් නෙවි බුද්දාගමේ සමහර දේවල් පුරස්න කොරපු ( කිරිබත්ගොඩ ඥානානන්ද සුවාමීන් වහන්සේ ) ඇටමැස්සා,බියොන්ඩ් ෆ්‍රේම් විතරක් නෙවි,ඉතිහාසය ගැන අලුත් විදිහකට ලියපු පිටස්තරයා 2,විතරක් නෙවි තමන් සිවුරෙ ඉද්දි ලබපු ඇත්ත අත්දැකීම් ලබපු තරිදු කොල්ලා පවා අහුවුනා.
( සැප බඩු ගහන කොල්ලා - දොස්තර ජෙකිල්ටයි මිස්තර හයිඩ්ටයි මාර ලිංගික ඊරිසියාවක් නෙව බුදු අප්පචිච්යේ තියෙන්නෙ )
මේ ප්‍රහාරෙ මොන වගේ ප්‍රහාරයක්ද?බොලොග් අවකාසේ ධූවිලි ඇවිස්සුනා කිව්වෙ නිකං නෙමෙයි.බොලොග් අවකාසේ කැලඹෙනව කිව්වෙ නිකං නෙමෙයි.
උපුටන දෙකක් විතරක් දෙඤ්ඤං.

We can’t give development to the unarmed terrorists in the Country who are trying to seize this country by overpopulating themselves to become majority.
අපිට අවශ්‍යයි අළුත් කලු ජූලියක් , මේ තුප්පහි නීච පහත් ඉස්ලාමය ලංකාවෙන් අතුගාල දාන්න ඒක ලොකු උදව්වක් වේවී.

මේ පිටියෙ අප්පු නමින් කමෙන්ට් දාන උන්නැහෙ (රාලගෙ අටුවාව කියන එකේ සම කත්රු ) පල කරල තිවුන කොමෙන්ටු දෙකක්.

එකකින් මේ රටේ ඉන්න ලක්ෂ ගානක් මුස්ලිම් මිනිස්සු "ආයුද නැති ත්‍රස්තවාදින්" කියල හංවඩු ගහනව.අනෙකෙන් කලු ජූලියක් ඇති කරල ඒ තුප්පහි නීච ජාතිය ලංකාවෙන් අතුගාල දාන්න ඕනෙ කියනව.
බෞද්දයෙක්ට තියා හොද සිහියෙන් ඉන්න මෙලෝ බුවෙක්ට කියන්න පුලුවන් කතාවක් නෙවි මේක කියන එක ක්ලියර් නේද?ආගමික පිස්සුවකින් පරල වෙලා අනිත් වර්ගය සමූලඝාතනය කරන්න විනාස කොරන්න යෝජනා කොරන මේ වීරයන්ට පොඩි දෙයක් විතරක් මතක් කොරල දෙන්නයි පුලාට ඕනෙ උනේ.උන්නැහෙලා උඩ දාන ආගමෙත් ඇද කුද තියනව.ඉස්ලාමය වැරදි කියල ඒක සමූලඝාතනය කොරන්න ප්‍රපෝස් කොරන ඇත්තොන්ට තමන්ගේ ඇදෙත් පෙන්නුවම තමයි පුලා හිතන විදිහට වැඩේ හරි.ආගම් යුද්ද වල බොල් ගතිය හෙලිකරන්න පුලුවනිත් එතකොට තමයි.

පෙරමුනේ රාලලා මරාගෙන මැරෙන්න එන බුද්දාගමේ අවුල් තැන් කීපයක් පෙන්නන්න පුලස්ති ට්‍රයි කොරේ මේ හින්ද.පෙන්නනවනං මීට වඩා තැන් හෑව්.ඒත් මේ සදහනක් විතරයි.මෙන්න මෙතනදී පෙරමුනේ රාලලා ඩිෆෙන්සිව් වෙනව.අපි ආගම කියන්නෙ ත්‍රිපිටකේට විතරයි කියනව.ඒවයේ පූජකවරු අනුගාමිකයො සැදැහැවත්තු කොරන දේවල් ආගම නෙමෙයි කියල බැක්ෆුට් ඩිෆෙන්ස් එකක් ගහනව.ආගම කියන්නෙ පොත විතරයි නං බියොන්ඩ් ප්‍රේම්ගේ බොලොග් එකේ කමෙන්ටු වල කිරිස්තියානි පූජකයො පූජා තියන්න ගිහින් මැරුන බවලත්තු ගැන ලියුවේ මොකටෙයි?
මේ ඒ වගේ කොමෙන්ටුවක්-

//ඇට නැති මැස්සා යාඥා මධ්‍යස්ථාන වල මිනිසුන් මැරෙන විට සිටියේ කටත් පුකත් දෙකම වසා ගෙනයි. ඒ මරඛ වලට පාදිලියා වග කියන්න ඕන නැතුව ඇති!//
( මේ කමෙන්ටුව දාල තිබ්බෙ හෝමෝ සේපියන් නමින් උනාට බාසාව කාගෙද කියල පැහැදිලි නෙව.භිසන කාලෙ වගේ.කොල බලල්ලු කහ බලල්ලු ප්‍රා ඝ්‍රා නං ගොඩයි.හැබැයි ගේම දෙන්නෙ එකම සෙට් එක )

පුලස්තිගේ නිර්වචනේ පුලුල්.ආගම කියන්නෙ පොත විතරක් නෙවි.පෙරමුනේ රාල ආගම = පොත කියල බැක්වර්ඩ් යන්නෙ එහෙම නැතිඋනොත් ආගමික පූජකයන්,ආගමික සංස්ථා කොරපු වැරදි වැඩ තියෙනව ඒව පිලිගන්න වෙනව ඒක තමුන්ට අවාසියි කියල හිත ඇතුලෙන් දන්න හින්ද.මේක තව ඉස්සරහට ගෙනියමු.හිට්ලර් ගොයිය ලිව්ව මයින් කාම්ෆ් කියල පොතක් 1920 ගනන්වල.මේක තමයි නාසි බුවාලගේ මූලධර්මය.ඒක උඩ වැඩ කරපු පොරවල් තමයි මිලියන ගානක් යුදෙව්වො ගෑස් කොරේ.(පිටියෙ රාලට මුස්ලිමුන්ට කොරන්න ඕනෙ කොරල තියෙන්නෙත් ඒ වගේ එකක් නෙව )
මේක පෙන්නල නාසිවාදය වැරදි කොරල තියෙනව කියල කවුරුහරි කීවම තව ලොක්කෙක්ට කියන්න පුලුවන් අනේ නැහැ නාසිවාදෙ කියන්නෙ මයින් කාම්ෆ් පොත ඒකෙ ඔය ගෑස් කොරන කතා නැහැ ඒව කොරේ අනුගාමිකයො දර්සනේට මුකුත් කියන්න එපා කියල.ආතල් තර්කෙ නේද?නැහැ.නාසිවාදෙ කියන්නෙ පොතටයි පතටයි ඒව ඔලු උඩ තියාගෙන වැඩ කොරපු සියලු සතටයි සේරටම.ආගමත් එහෙමයි.

බුද්දාගම කියන සංස්ථාව වැරදි කොරේ නැද්ද එතකොට?කරන්නැද්ද එතකොට?කරනව.මේකයි පුලාගෙ ආගියුමන්ට් එක.අනිත් එකාගෙ මල්ලෙ ලුනු ගැන කතාකරන්න නං අපි සුද්ද වෙන්න ඕනෙ.ඒත් අපි කවුරුත් සුද්ද නැහැ.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු.එහෙම තියාගෙන අනිත් උන් හාස්‍යයට ලක්කරල බැහැර කරන්න ඕනෙ,උන් තුප්පහියො නින්දිතයො කලු ජූලියකින් උන්ව අතු ගාල දාන්න ඕනෙ කියල කියන එක බොලේ බොල් වැඩක්.

ඒ ආගියුමන්ට් එක උඩ පුරස්න හයක් විතරක් පුලා ලිව්ව.කලින් කිව්ව වගේ දානව නං තව පුරස්න හෑව්.ඒත් මේ හය දැම්මෙ ආගම් වෛරයෙන් අන්ධ වෙලා ඉන්න බුවාලගේ ඇහැට ඇනල තමනුත් හෙලුවෙන් කියල පෙන්නන්න.
ඒකට නෝ ෆ්‍රේම්ස් දෙන උත්තර වලට ලොකු ප්රති උත්තර දෙන්න ඕනෙ කමක් නැහැ.කෙටි උත්තර ටිකක් දෙඤ්ඤං.

1.ආන්ඩුව දහදෙනෙක්ගෙන් නමදෙනෙක් හින්දු / කතොලික යාපනේ තකහනියක් මහ විසාලෙට දහම් අමාවක් හමුදාව යොදෝල ගන්නව.මේව ආගමෙන් අන්ද වුන පිස්සො ටිකක් දකින විදිහ නෙමෙයි ඒ පැතිවල මිනිස්සු දකින විදිහයි වැඩිය වැදගත්.බෞද්ධයො සීයට අනූවක් අනූපහක් ඉන්න ගමක ආන්ඩුව මහා පරිමාන විදිහට ඉන්වෙස්ට් කොරල හමුදාව දාල නත්තල් උත්සව දානකොට ගමේ මිනිස්සුන්ට ආතල්ද?තමන්ගේ ගම්බිම්බවලට බෝම්බ දාපු හමුදාවක් විදිහටයි හමුදාව ගැන සාමාන්‍ය දෙමල මිනිහ හිතන්නෙ හරි හෝ වැරදි.එහෙම වෙලාවක ආන්ඩුව බලහත්කාරයෙන් මෙහෙම වැඩ කොරන කොට ඒව ඒ මිනිස්සුන්ට දැනෙන්නෙ ආක්‍රමන විදිහට තමයි.මේව කොරන්නෙත් තමන්ගේ හයිකාරකම පෙන්නන්න තමයි.

2.ලංකා 1 බොලොග් එක ත්‍රපිටකේ පුරස්න කරද්දි ඒක කොරපු විදිහක් තිබ්බ නෙව.බුද්දාගමේ උන් මී හරක්,උන් ත්‍රස්තවාදීන්,උන්ට කෙලවන්න ඕනෙ,කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ වගේ ටෝක් එතන තිබ්බෙ නැහැ.ලංකා 1 පුරස්න ටික මොන්ටිසෝරි පුරස්න ටිකක්.හැබැයි මොන්ටිසෝරි පුරස්න ටික සංයමේ තියාගෙන අහල තිබ්බ.
ඒකට පෙරමුනේ රාලලා රිඇක්ට් කොරපු හැටි කොයිතරම් හරිද?උත්තර දෙන්න ඕනෙ නං උත්තර දෙන්න ඕනෙ ක්‍රමයක් තියනව.අනෙකා කොන කැපූ එකා අන්ආම්ඩ් ටෙරරිස්ට් කලු ජූලියකින් බුදි කරවන්න ඕනෙ කෙනෙක් කියල රිටර්න් දෙන එක ෆුල් සාටර්.බජාර් එකේදි වුනත් ගේම දෙන්නෙ ගේම ඉල්ලන එකාට.හෙල උරුමෙට බයිබලේ පුරස්න කොරන්න පුලුවන් නං මොන්ටිසෝරි තාලෙට හරි කමක් නැහැ වෙන එකෙක්ටත් ත්‍රිපිටකේ පුරස්න කොරන්න පුලුවන්.

3-තුන්වෙනි පුරස්නෙ සෝමාවති සිද්දිය ගැනය.කිරිස්තියානි දර්මේ අවුල් ගැන දිවඉනටයි රාලගෙ කල්ලියටයි ටෝක් දෙන්න ඇහැක් නං බුද්දාගමේ නමින් වෙන අවුල් ගැන බියොන්ඩ් ෆ්‍රේමට හරි ඇටමැස්සට හරි කතාකරන්න බැරිද කියල ඇහුවම නෝ ප්‍රේම් දෙන උත්තරේ රාලගෙ අටුවාවෙ ඒව ගැන කතාකොරල නැති බවයි.පුලා ලිව්වෙ රාලගෙ අටුවාව ගැන සාහිත්තිය විචාරයක් නෙවි.රාලලාගෙ කල්ලිය අරගෙන යන ආගමික යුද්ධය ගැන.රාලලගේ කල්ලියෙ පොරක් හෝමෝ සේපියන් නමෙන් බියොන්ඩ් ප්‍රේම්ගේ අඩවියේ කිරිස්තියානි මරන ගැන අහල තිබ්බ.මේ වගේ පුරස්න වලට වෙලාව වියදං කොරන එක පුලස්තිට කම්මැලි වැඩක්.එත් පවු නෙව.විජ්වතුන්ගෙ පුරස්න වලට ගෞරවේ තියන්න එපැය.

4-බුද්දාගම ව්‍යාප්තියේදි හිංසනය යොදාගත්තද නැද්ද?අනිත් ආගම් එක්ක බලද්දි අඩුයි කියන එකට පුලා සර්වාංගයෙන් එකගයි.ඒත් ඇත්තෙම නැද්ද?
ගෝඨාභය රජතුමාගේ කාලේ පිටේ හන ගහල මහායනික හාමුදුරුවරු බැනිෂ් කොරේ නැද්ද?අවුරුදු ගානක් තිබ්බ මහායානේ මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සෙ බිංදුවට වැටුන.ඉතිරි බිතිරි ටිකක් විතරයි ඉතිරි වුනෙ.ගිරි කියන නිගන්ටයගෙ සිද්දස්තානෙ කුඩු කරල අභයගිරිය හැදුවෙ.ඉන් රිටර්න් ගේමක් දෙන්න සංඝමිත්තර හාමුදුරුවො මහාවිහාරෙ කුඩු කලා.බිසවක් වහ දීල සංඝමිත්තර මැරුව.අබයගිරිවාදී මහසෙන්ට විරුද්දව ආගම වෙනුවෙන් මේගවර්න කැරලි ගහනව.දුටුගැමුනු යුද්ද කලේ සාසනය උදෙසා කියන්නෙ පුලස්ති නෙමේ මහාවංසෙ.ලේ හැලුන්නැද්ද?මිනී මැරුන්නැද්ද?දුටුගැමුනු මැරුවෙ මිනිස්සු එකහමාරයි කියල මහනාම හාමුදුරුවො ලිව්වෙ මැරුන අනිත් උන් දෙමල හින්දනෙ.
මේ සබ්ජෙක්ට් එකේදි බුද්දාගම = ඉස්ලාම් හරි කිරිස්තියානි හරි කියල කියන්න පුලා අන්තෙකට යන්නෙ නැහැ.ඒත් බුද්දාගමේ ඉතිහාසයෙත් කලු මාක්ස් හෑව්.නැතෙයි කියන්න බැහැ.
ඉතිහාසෙ මක්ක උනත් දැන් ඉන්න සමහර සැදැහැවත්තු පල්ලිවලට කෙලින එක,බෝම්බ ගහන එක ගැන නං හැබැයි ඕනෙ තරං කතාකොරන්න පුලුවං.සර්දාවෙන් උමතු වුන මුස්ලිම්කාරයෝ පිටරටවලදී අපරාධ කලා වගේ තමයි සර්දාවෙන් උමතු වෙලා පල්ලි වලට කෙලින,සිරසට මහ දවල් ගල් ගහන,සාරුක්ට බෝම්බ ගහන මේ සැදැහැවත්තුත් එක ඇවරියෙ කෙහෙල්.

5-පස්වෙනි පුරස්නෙ ඇහුවෙ බුද්දාගමෙ තියන ආතල් මිත්‍යාවක් ගැන.විද්යාව පාවිච්චි කොරල තමන්ගෙ ආගම හරි කියන්න හදන එක ඉස්ලාම්කාරයොත් කරනව.බුද්දාගමේ ඈයොත් කරනව.
(නව යුගයේ ආගම විද්යාවයි කියල දෙගොල්ලම මේ හින්ද පිලිත්ගන්නව)
දෙවිවරුන්ගෙ නායක සක්‍රයා ගැන පෙරමුනේ රාලගේ අටුවාවෙම මොකක්දෝ බයිලයක් තියනව පුලස්ති දැක්ක.මේ වගේ මිත්‍යා හැම ආගමේම තියනව.ඉස්ලාමයෙත් තියනව.බුද්දාගමෙත් තියනව.පැරරල් වර්ල්ඩ් ගැන නොදන්න බයිලයක් ගහන්න ගියාට වැඩේ අවුල් කියල නෝ ෆ්‍රේම්සුත් දන්නව.වයිඩ් බෝල්.ඒකට අපි යන්න අරිමු.

6-ඊලග පුරස්නෙ ආගම්වල ලමා අයිතින් ගැන.

//දරුවකුගේ ආගමික නිදහස අහිමි කිරීම කෙතරම් සාධාරණද? නමුත් ඉස්ලාම් යනු අන්ත අසාධාරණ ආගමක් හෙයින් මේ ප්‍රශ්න ඔවුන්ට පැන නොනගී. දෑස් හැර බලන්න, ඔබට ඉස්ලාම් ආගම අතහැරීමට මේ කාලයයි.//

නෝ ප්‍රේම් තමන්ගේ පරන ලිපියක මෙහෙම අහද්දි ඇහේ කදුලු එනව.ඉස්ලාමයේ ආගම් අයිතිය නැති කොරන හින්ද මුස්ලිම්කාරයොන්ට ප්‍රපෝසල් එක ආගම අතහරින්න.දරුවන්ගේ ආගමික අයිතිය නැති කරන්නෙ ඉස්ලාමයේ විතරයි වගෙ කියල හිතාගෙන ඉන්න හින්ද තමයි පොඩි කාලේ හය හතර නොදන්න බටු ඇට මහන කොරන එක ගැන පුලා ලියුවෙ.
දාසයට අඩු පොඩි උන් මහන කොරන එක වැරදියි කියල ඒ පාර පුලාට උත්තර දෙන නෝ ෆ්‍රෙම් උන්නැහේම කියනව.එතකොට වැරදි දෙයක් බුද්ද සාසනේ වෙනව කියල නෝ ප්‍රේම් පිලිගන්නව නෙව.ඉස්ලාමයේ ලමුන්ට වැරදි දෙයක් වෙන හින්ද ඉස්ලාම් කාරයොන්ට ආගම අතහරින්න කියල කියන නෝ ප්‍රේම් දැන් ඒ කටින්ම බුද්ද සාසනෙත් වැරදි දෙයක් වෙන හින්ද බුද්දාගම අත්අරින්න කියල කියමුද බලන්න?

තමුන්නෙ එක විතරයි හරි අනිත් උන් හාස්‍යයට ලක්කරල බොම්බාර්ඩ් කරන්න ඕනෙ මිලේච්ඡයො කියල හිතාගෙන ඉන්න එක තමයි ලොකුම මිලේච්ඡකම.පෙරමුනේ රාලයි ගෝලයො රොත්තයි පතුරන මේ ආගම්වාදෙ පුරස්න කොරන එකයි පුලස්තිට කොරන්න අවස්ය උනේ.ජාති පුරස්නෙකින් මේ රට අවුරුදු 30ක් ලේ හැලුව.ඒක අහවර උන ගමන් කොන කපපු එවුන් සුද්ද කරන කලු ජූලි පටන් ගන්න කෙකර ගාද්දි මේ රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙන කොල්ලෙක් විදිහට පුලස්තිටත් සයිලනස් එකේ ඉන්න අමාරුයි.
ඇත්ත දේසප්‍රේමය කියන්නෙ අනිත් එවුන් කැතිගාන්න ටෝක් කරන එක නෙමෙයි සාමය ගැන කොරන්න පුලුවන් මොනා හරි කොරන එක කියලයි පුලස්ති බොක්කෙන්ම හිතන්නෙ.

පලි-
කසාපබ්බතගෙ බොලොග් එකේ එස්එල් කියල නමකින් ෆොන්සේකගෙ නඩුවක් ගැන දාපු කොමෙන්ටුවක් ගැන නෝ ෆ්‍රේම්ට ලොකු කැසිල්ලක් තියෙන නිසා ඒ කැසිල්ලටත් බෙහෙතක් දෙන්න පුලා ට්‍රයක් දෙඤ්ඤං.
පෙඩ්රිකා ජෑන්ස්ට විරුද්දව ෆොන්සේකා නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල මුන්නැහෙට මාර අවුල.හරියටම කියනව නං පුලස්ති ෆොන්සේකා ලොක්කගේ සෙකට්‍රි නොවන හින්ද හේතුව නිච්චියටම නං දන්නෙ නැහැ.ඒත් මොලේ තියන ඕනෙ කෙනෙක්ට ඕකට උත්තරේ හොයාගන්න බැරි එකකුත් නැහැ.
අධෝමුඛය පුපුරන්න ඔන්න මෙන්න වර්ගයේ කක්ක බරකුයි කොන්ඩෙ පීරගන්න ඕනෙකමකුයි එක පාර හැදුනම නෝ ෆ්‍රේම් ඉස්සෙල්ලම දුවන්නෙ කක්කුස්සියටද කන්නාඩි මේසේ ගාවටද?
හිරේ ඉන්න මිනිහෙක් ඉස්සෙල්ල නඩු දාන්න ප්‍රමුඛතාවෙද මොකක්ද එක දෙන්නෙ තමන්ගේ හිරගත කිරීමට විරුද්ද එපීල් එකට කියන එක මොලේ කලදක් තියන ඕනෙ හරකෙක්ට තේරෙනව.සාමාන්‍ය මිනිස්සුන්ට නං කොන්ඩෙ පීරන එකට වැඩිය කක්කුස්සි අමාරුව ප්‍රමුඛයි.මහින්ද ප්‍රේම්ලා සමහර විට කොරන්නෙ අනිත් පැත්තද දන්නෙ නැහැ කියල හිතෙන්නෙ ඒ ඉසවුවෙන් නික්මෙන ආගම්වාදි ගද හින්ද

ආයෙත් පලි -
පුලස්ති මේ ලියන්නෙ හිට්ස් වැඩි කොරගන්න කියලත් පොඩි කිංඩියක් දාල තිබ්බ.අනේ මහත්තැන් මේකේ හිට් වැඩි උනා කියල පුලාට අමුතු දෙයක් ලැබෙනවද කීවනං.පුලස්තිට මේව කියෙව්වත් එකයි නැතත් එකයි.හරිය කියල හිතෙන දේ බය නැතිව පුලා ලියනව.පුලා මේක පටන්ගත්තෙත් ඒකට.කරගෙන යන්නෙත් ඒකට.හිට් කීයද කියල බලන්න උපකරනයක් තරම්වත් පුලස්ති අටෝගෙන නැහැ ඇත්තටම ;)

එහෙනං සියල්ලන්ට ජයවේවා!
මෙත් මල් පිබිදේවා!
ආගමික යුද්දෙට පුලාගෙ කොන්ට්‍රිබියුසන් එක දැනට මෙතනින් අහවරයි.ඕකට පැටලිලා රනවිරුවෙක් විදිහට මැරෙන්න උනොත් පුලාගේ පවුලත් අනාථයි.මුල්ගම්පොල බජාර් එකත් අනාතයි.

9 comments:

  1. ප්‍රවින් ඉන්දරේ යන මොඩයා බ්ලොග් අවකාශයෙන් පන්නා දමන්න මා හා එක්වන්න

    ReplyDelete
  2. පුලෝ, ඔබේ නිගමනය නිවැරදියි. No Frames යනු ඔබ කී උමතු වර්ගවාදී වෛද්‍යවරයාම බව ඔහු ලියන දේ වල අන්තර්ගතයෙනුත් භාෂා ශෛලියෙනුත් පැහැදිළි වේ. පෙරමුණේ රාළ යනු කවරෙක්ද යන්නත් පැහැදිළිය. සිංහල බ්ලොග් අවකාශයේ සිටින්නේ වර්ගවාදීන් කිහිපදෙනකු පමණකි. ඔවුහුම විවිධ නම් රාශියකින් ලියති.

    අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි.

    ReplyDelete
  3. පුලා, ඇතිදා ධනසිරියෙන් ගහලා නැතිදා ධර්මසිරිගෙන් ගහලා මුල්ගම්පල හන්දියෙන් යන ගමන් මෙන්න උඹට සැලියුට් එකක් කෙළින් කතා කරාට.

    යාඥා බලයෙන් ලෙඩ්ඩු හොද කරන්න පුළුවන් නම් කැන්ඩි හොස්පිට්ල් එකේ සියළුම ලෙඩ්ඩු ගෙන්න අපි චැලෙන්ජ් කළා. ඒ වගේම අපි කිරිබත්ගොඩ හාමුදරැවන්ටත් චැලෙන්ජ් කොරා අහිංසක පියුපිල්ස් ලා ගංවතුරට අහුවෙන නිසා පුළුවන්නම් වැස්ස නවත්වන්න කියලා.

    ReplyDelete
  4. පුලා මහාවංශය යන පොතෙ ඇති කරුනු වලට වඩා ප්‍රායොගිකව කල්පනා කරන්න. මහාවංශය ඉතිහාසය විකෘතිකර ඇති ආකාරයක් දක්නට ලැබෙ. බුදුන්ගෙ ධර්මයත්, මහාවංශයෙ කරුණූත් අතර විශාල න්‍යායිය වෙනස් කම් රාශීයක් තිබෙනවා. මහාවංශය ලියු අය සිංහල, බෞද්ධයින් ව බෞද්ධ හරයෙන් එලියට ඇඳ දමා මොඩයින් සේ සිතා ඔහුන් විසින් පිළිගන්නා ආකාරයට ලියා ඇත්තකි.

    පුලා මහාවංශයෙ බොහො කරුණූ කාරනා පක්ෂක්ග්‍රාහිව ලියා තිබෙන්නෙ. බෞද්ධයින් ව අන්දා බලෙන් ඔබා ඇති දෙයක් වැන්න. ඉතිහාසික කරුණු වල ඇති යම් නිවැරදිතාවය නිසා බොහො උගතුන් එහි සියල්ල නිවැරදි වශයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  5. පුලස්ති ගේ ලියවිල්ල නිසා තවත් කෝපාවිෂ්ඨ වනු හැර රාළලා (ගොයිගම ) හා වි-රාමු අවතාරයන්ට යමක් ඉතිරි නොවනු ඇත. උධෘත ලකුණු ඇතුළේ මෙහි වැකි බහා ලමින් ඉන් පහත අතීසාරය වගුරනු ඇත. ලංකා 1 හා මෙකී රාළලා අතර වෙනසක් නැති වීම ඉතා පැහැදිලිය.

    ReplyDelete
  6. // සිංහල බ්ලොග් අවකාශයේ සිටින්නේ වර්ගවාදීන් කිහිපදෙනකු පමණකි. // - 100 %

    දවසින් දවස බ්ලොග් අවකාශයේ අලුතින් මුනගැසෙන බ්ලොග් කියවන විට ඔබේ කියමන සත්‍ය බව වැටහේ.

    දේශපාලන බ්ලොග් ලියන්නන් අතර පමනක් නොව දේශපලන නොවන බ්ලොග් ලියනන අතරද බොහෝ අය වර්ගවදී නොවන බව පෙනේ
    මිගාර අය්යා ගැන කියනවානම් ඔහු වැනි බොහෝ වෛද්‍යවරු තව ඇත

    //මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය.// - 100%

    විද්‍යා ගුරුවරුන්ට අනුව වෛද්‍ය වරයෙකුට තමා ලඟට එන සෑම රෝගියෙක් ගැනම ඇත්තේ එක සමාන වගකීමකි සහ ඔවුන් වින්ශ්චය කිරීමද නොකල යුතුය
    එමෙන්ම කිසිදුවිටක රෝගියා පවසන දෙය තවත් පාර්ශවයකට රෝගියාගේ අවසරය නොඇම්තිව කිව නොහැක
    එම රෝගියගෙන් තව කෙනෙකුගේ ජීවිත්යට සැබෑ තර්ජනයක මෑත අනාගතයේ (උද හෙට අනිද්දා )ඇති බවට රෝගියෙකුගේන් හෙලිවුවොහොත් හා එම ක්‍රියාව වෛද‍ය වරයාට තනිව වැලැක්විය නොහැකිනම් පමනක් රෝගියාට දන්වා තුනවන පාර්ශවායක තොරතුරු දිය හැකිය
    අතීතයේ මිනීමෙරුමක් කල රෝගියෙකුගැන පවා තොරතුරු ඔහුගේ අවසරයක් නැතිව දිය නොහැක

    මම මේ වැල්වටාරම් ලිව්වේ සෙට්ටිකුලම් වලදී කොටින් ඇල්ලීම තම පරම යුතුකම කරගත් වෛද්‍යවරුන් හමුවුන නිසාය

    ReplyDelete
  7. correction -
    විද්‍ය ගුරුවරුන් නොව වෛද්‍ය්ව විද්‍ය මහචාර්ය හා අනිත් වෛය්ද්ය විද්‍ය ගුරුවරුනට අනුව
    (cut and paste කරන කොට කෑල්ලක් මග හැලුනා )

    ReplyDelete
  8. @ මාමයිට් බට්ටා - රෝන්ග නම්බර්

    @ ටැබූ - මෙයාල හිතාගෙන ඉන්නෙ එයාල හැර වෙනත් අය තොත්ත බබ්බුය කියල.වෙස් මුනු දාගෙන බිරුවට බල්ලා කවුද කියල බල්ලගෙ බිරිල්ලෙන් තේරුම් ගන්න බැරි තරං අපි නොදරුවොය?

    @ තිසර - එල කතාව.එක මිථ්‍යාවකට චැලෙන්ජ් කොලාම අනිත් මිථ්‍යාකාරයොන්ගේ ගොඩට අපිව දාල ගොඩ යන්නයි මෙයාල බලන්නෙ.මෙයාලගේ සින්තනේ හරිම පැතලියි.ඥානානන්ද ව පුරස්න කොරපු ගමං අපිව දානව කතෝලික හරි ඉස්ලාම් හරි ගොඩට.
    ආ දැන් නං ධනසිරිය නැහැ කොලලො.තියෙන්නෙ ආපිකෝ සුපර් සෙන්ටර් එකක්.

    @ රවා-
    //බුදුන්ගෙ ධර්මයත්, මහාවංශයෙ කරුණූත් අතර විශාල න්‍යායිය වෙනස් කම් රාශීයක් තිබෙනවා.//

    හැබෑව කොහොමත් අද "ආගම්" කියල ගන්න දේවලුයි ඒවයෙ මුල් සාස්තෘවරු කියපු දේවලුයි ගත්තම ගොඩක් වෙනස්කම් හෑව් තමා.ස්තුතියි අදහස් දැක්වීමට.

    @ කිරිමාමා -උනුත් එකයි මුනුත් එකයි නේද?

    @ අර්ජුන - පශ්චාත් උපාධි කෝස් එකටවත් බුද්දාගම උගන්නලා වෛර කරන එකේ ආදිනව ගැන ඉගැන්නුව නං හොදයි කියල යෝජනා කරමුද?මේ ගොයියො බුද්දාගම කියල කියාගත්තට බුද්දාගම වෙනුවෙන් මැරෙන්න එන මේ වෛරයෙන් ඩෝප් උන බුවාලට වඩා මලක් පහනක් පුදාගෙන පාඩුවෙ හිටපු පුලාගේ ආච්චි අම්මා හරි ගවුරනවනීයයි.

    ReplyDelete