Saturday, December 19, 2009

ජනාධිපති සටන හෙවත් එක්ස්පීරියන්ස් සටන




සරත් ෆොන්සේකා බොස්ට දේශපාලනේ අත්දැකීම් නැහැ කියල නාමල් ඔටුන්න හිමි කුමරා අද කින්ඩි ටෝක් එකක් දෙනව පුලා ටීවි එකේ දැක්කා.
ඒ අස්සෙ හෙල උරුමෙ ගම්මන්පිල උපාසකතුමා තමන් මහ රජුට සපෝට් එක දෙන්නෙ මහ රජතුමාගෙ එක්ස්පීරියන්ස් නිසා කියල අද ටිවි එකේ කිව්වා.රාජ්‍ය පාලනය ගත්තම වැඩි එක්ස්පීරියන්ස් තියෙන්නෙ රජතුමාට මිස ජෙනරල්ට නෙමෙයිලු
ඇත්ත තමයි එක අතකට.පුලාටත් හිතෙනවා.
දේශපාලනේ කරන්න අවුරුදු ගානක එක්ස්පිරියන්ස් ඕනෙ කියන එක කාටවත් වඩා ශ්‍රී ලංකා එකේ නාමල් ඔ.හි,කුමරලයි ගම්මන්පිල උපාසකයයි දන්නව ඇති තමන්ගෙම සෙල්ෆ් එක්ස්පීරියන්ස්ද මොකක්ද එකෙන්.
ලෝකෙම පලවැනි අගමැතිනිය වුන ශ්‍රී ලංකා එකේ සිරිමාවො 1960 චන්දෙට ඇවිල්ල රටේ අගමැති වෙද්දි එයාට තිබ්බෙ ගෙදර කුස්සිය පාලනය කරල ලබපු අත්දැකීම් විතරයි නෙව.
හැබැයි හමුදාවක් පාලනය කරනව වගේය කුස්සිය පාලනය කරන එක?නේද?කොච්චර භාරධූර රාජකාරියක්ද?
පන්සලට වෙලා බනක් පිරිතක් කියාගෙන හිටපු හාමුදුරුවො හෙල උරුමෙන් පාර්ලිමේන්තුවට වඩිද්දි ඒ උන්නාන්සෙලට තිබ්බෙ ඇබිත්තයායි ගෝලයො ටිකයි දහම් පාසලේ කොල්ලො ටිකට තග දාල පාලනය කරල ලබපු අත්දැකීම විතරක් නෙව.හැබැයි ඒ අත්දැකීම එක්ක හමුදාව පරිපාලනය කරපු එක්ස්පීරියන්ස් එක ලගින්වත් තියන්න පුලුවන්ද?නේද?
ඒ හින්ද අත්දැකීම් වල අවශ්‍යතාව ගැන ටෝක් දෙන කොට මුන්නැහෙල හොද අවබෝදෙන් තමයි ඒ ටෝක් දෙන්නෙ කියන එක පුලාට තේරෙනව.
රාජ්‍ය පාලනය කරල වැඩි එක්ස්පීරියන්ස් තියන හින්ද ෆොන්සේකා බොස්ට නොදී රජතුමාට සපෝට් එක දෙනව කියල ගම්මන්පිල උපාසකයා කියනකොට නම් හැබැයි පුලාට පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වගේ එකක් එනව.
ඒක එහෙමනම් උන්නැහෙල මොකටෙයි 2005දි මහින්ද මහත්තයට සපෝට් කලේ?ඒ කාලෙ වැඩිය රාජ්‍ය පාලනය ගැන එක්ස්පීරියන්ස් තිබ්බෙ රනිල් හාමුට නොවැ.( 94 ත් අගමැති.2001- 2004 ත් අගමැති)
ජනාදිපති චන්දෙදි එන්නෙ එක්ස්පිරියන්ස් තියරිය නං දෙන්න තිබ්බනෙ සපෝට් එක රනිල්ට 2005 දි.
අහල නැද්ද වැල්ලෙ කොල්ලො බයිලා කියනවා
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
වහල තියන පාලු ගෙවල් වහල තියන පාලු ගෙවල්
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා

4 comments:

  1. හික් හික්..
    සහතික ඇත්ත මෙයාලා.
    අනේ මමත් මුන්ට ඡන්දෙ දුන්නනේ.

    ReplyDelete
  2. ඇත්තම කතාව මේකයි,78ටේ ජේ.අර් ගේ ව්‍යවස්ථාව හැදුවේ ඕනැම මොඩයකුට කරදරයක් නැතුව රට කරන්න,ඒකේ දුර් ලක්ෂණ තියෙන එක වෙනම කථාවක්.එත් මේ මහින්දයාට ඒකවත් කරගන්න බෑ.මිනිහා මෝඩ X one.

    ReplyDelete