Sunday, December 13, 2009

parent's meeting (පේරන්ට්ස් මීටිං)


ආනිගෙ පියා -හෙලෝ ජනාධිපතිතුමා ද?

ලේකම් -ජනාධිපතිතුමාට දුරකථන ඇමතුම යොමුකරන්න අපිට බැහැ.මම එතුමගෙ ලේකම් කෙනෙක්. කියන්න ඔබතුමාට තියෙන ප්රශ්නය මොකද් ද?

ආනිගෙ පියා -මෙහෙමයි මහත්තයො අපේ පුතාලගෙ පන්තියෙ දෙමව්පිය රැස්වීම තියෙනවා මේ 17 වෙනිදා.

ලේකම් - ඉතිං

ආනිගෙ පියා -ඉතිං මහත්තයෝ මට එදා රාජකාරි වැඩක්.අපේ නෝනත් සවුදියෙ ඉන්නෙ.ගෙදරින් කාටවත් යන්න වෙන්නෙ නැහැ.... මේකයි මහත්තයො වැඩේ..ඕකට සහභාගී වුනේ නැත්තං ළමයට ප්රශ්න එයි ඉස්කෝලෙන්......මේ ප්රශ්නෙ ජනාධිපතිතුමා ට කියන්නයි කෝල් කළේ....

ලේකම් -දැන් ජනාධිපතිට කෝල් කළා කියල මොනව කරන්නද අයිසේ?

ආනිගෙ පියා -එහෙම කථාකරන්න එපා මහත්තය. ජනාධිපතිතුමාමනෙ කිව්වෙ එයා රජා නෙමෙයි භාරකාරයා කියල.

ලේකම් -ඔව් ඔව්. ඉතිං??????

ආනිගෙ -ළමයගෙ ටීචර් ළමයට කියල මහත්තයෝ අම්මටයි තාත්තටයි වැඩනම් භාරකාරයා එක්කං එන්න කියලා....

1 comment: