Sunday, December 27, 2009

දඹර අමිල හිමි


2005 දී කොටි සංවිධානෙට සුනාමි සහන මන්ඩලේ ආන්ඩුව පුදන වෙලාවෙ ඒකට අත උස්සපු කැබිනට් එකේ අගමැතිගෙ නම මහින්ද රාජපක්ෂ.
ඒ වෙලාවෙ ඒකට පක්ෂව අගමැති අත උස්සනකොට ඒකට විරුද්ධව මාරාන්තික උපවාසෙකට වාඩි වුන හාමුදුරුවන්ගෙ නම දඔර අමිල.
සහන මන්ඩලේට අත උස්සපු අගමැති අද රජගෙදර.
සහන මන්ඩලේට විරුද්ධව උපවාස කල හාමුදුරුවො අද හිරගෙදර.

මේක දකින කොට පුලස්තිට හිතෙන දේවල් -

1.අමිල හාමුදුරුවො ඇත්තටම හොරෙක්ද?කොච්චර කාලයක් ඔය හොරකම කරගෙන ආවද?ජනාධිපති චන්දෙ හෙට අනිද්ද තියෙද්දිම එක පාරට ඒ ‍"මහා වංචාව" එලිදරවු උනේ අහම්බෙන්ද?

2.ෆොන්සේකා බොස්ට පිරිත් නූලක්වත් බදින්නැහැ කියල ආන්ඩුවේ හාමුදුරුවො කියනකොට,ෆොන්සේකා බොස්ට සංඝාඥා ගේන්න ඕනෙ කියල වීරවංශ මැතිදාගේ හාමුදුරුවො කියන කොට ෆොන්සේකා බොස් වෙනුවෙන් බය නැතුව කතා කරපු හාමුදුරු නමක් අමිල හාමුදුරුවො.උන්නාන්සේ ඊයෙ පෙරේද හොද පෞරුෂයක් තියාගෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදි ආන්ඩුවට දොස් කිවුවා පුලස්ති දැක්කා.
අනිත් හාමුදුරුවරු දෙකට ඇඔරෙද්දි තමන්ට චැලෙන්ජ් පාර දාන අමිල හාමුදුරුවො දැක්කම රජතුමාට හිතෙන්න ඇත්තෙ මොකක්ද?

3.ඒ හිතුන දේයි උන්නාන්සේගේ "හොරකම්" එලිදරවු වෙන එකයි අතර සම්බන්ධයක් තියෙනවද?

4.කොටි ප්‍රහාරෙකට උදවු කල ත්‍රස්තවාදියෙක් කියල ආරක්ෂක ලේකම් උන්නැහේ නම් කල එන්.විද්‍යාධරන් කියන මාධ්‍ය මහත්තයා කාලෙකට උඩදි හිරේට ගත්තෙ උන්නැහෙ ත්‍රස්තවාදියෙක් කියල අඩබෙර ගහල.ඒත් උන්නැහේ නිවැරදිකාරයෙක් කියල ඔප්පු උන හින්ද පස්සෙ සද්ද නැතිව ෂේප් එකේ රිලීස් කරල දැම්මා.තමන් ප්‍රසිද්ධියේ කොරපු චෝදනාවට ලේකම් උන්නැහේ ඇපොලොජයිස් පාරක්වත් කලේ නැහැ.
රජයේ වාහනයක් හොරට තියාගත්ත කියල ශ්‍රිපති සූරියආරච්චි බොස්ව අඩබෙර ගහල හිරේට ගත්ත.ඒත් ටික කාලෙකින් සද්ද නැතුව උන්නැහෙවත් රිලීස් කරන්න ආන්ඩුවට සිද්ද උනා.
දැන් අමිල හාමුදුරුවන් හොරෙක් වංචාකාරයෙක් කියල සද්දෙ දාල හිරේට අරගෙන තියෙනව.උන්නාන්සෙවත් විද්‍යාදරන්ව,ශ්‍රීපතිව වගේ පස්සෙ කාලෙක රහසින් සද්ද නැතිව රිලීස් කරයිද?
හැබැයි රිලීස් කරනකොට ජනවාරි 26 පහුවෙලා තියෙයිද?
දේශපාලන විරුද්ධකාරයොන්ගෙන් මෙහෙම පලි අරන් බය කරන එක කැත වැඩක්ද?නැත්තං සංවේදී පලපුරුදු නායකයන්ගෙ මවුබිම දිනවන වැඩක්ද?

5.සිරසෙන් සිද්ධිය ගැන පොඩි නිව්ස් සෙග්මන්ට් එකක් දැම්මට ස්වර්නවාහිනියයි දෙරනයි ඒක අත ගෑව විතරයි.ඒ ගැන අමිල හාමුදුරුවන්ගෙ සංවිධානෙන් කරපු ප්‍රෙස් කොන්ෆරන්ස් එක ගැන දාන්නවත් දෙරනේ උන්නැහෙලාට බැරි උනා.විස්ස විද්දියාලෙක උගන්නන,රටම දන්න හාමුදුරු නමක් හිරේට ගන්නව වගේ ඉම්පෝර්ටන්ට් නිව්ස් එකක් හරියට කවර් කරන්න මේ සමබර ප්‍රවෘත්ති සපයන බුවාලට බැරි මොකද?
එයාල බයද?
එයාලට තේරෙන්නැද්ද?
නැත්තං එයාල‍ට කොන්දක් වෙනුවට තියෙන්නෙ බටයක්ද?

පලි-
කොන්ද වෙනුවට තියෙන බටේ කීයකට හරි දෙනව නං පුලා අයියා හරි කැමතියි.ගාන සැර හින්ද බටයක් ගහපු කාලයක් මතක නැහැ.

9 comments:

  1. niyamai . . . oba liyana vidiha minissunge hadawath walata danennawa . . . mama hitanne wadiya comment nati wunat minissu mewa kiyawala atta natta terum ganee . . .jaya wewaa . . ..

    ReplyDelete
  2. යුද්දෙ තියෙන කාලෙ නම් සිරසට දඹර අමිල හාමුදුරුවො අරහං. කළේම මඩ ගහපු එක. දැන් මොකද දන්නෙ නෑ එක පාරටම හොද වෙලා නිව්ස් පිට නිව්ස් දාන්නෙ. පුලා ඒ ගැනත් කිව්ව නම් අපි සතුටුයි.

    ReplyDelete
  3. 1. දඹර අමිල හිමිට චෝදනා විතරයි එල්ල වෙලා තියෙන්නේ. උන් වහන්සේ හොරක් වංචාකාරයෙක් කියල කියල තියනව කිසිම පත්තරයක් දැක්කේ නැහැ. ඕනෙ නම් කියවල බලන්න. මේක ඡන්දේ කිට්ටු හින්දා වෙන්න පුළුවන්ද? ඔව් ඒ හින්දා වෙන්න පුළුවන්. හැබැයි කතාව ඇත්ත නම්, චන්දෙ පහු වෙනකම් වංචා සඳහා චෝදනා ලබපු කෙනෙක් තියා ගෙන ඉන්න ඕනෙද?

    2. ෆොන්සේකා බොස්ට මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරු නම් පිරිත් නූල් බැන්දා. ඉන් එහාට පිරිත් නූල් බඳවා ගන්න ඕන වෙන කාගෙන්ද?

    3. ඔයා හිතන්නෙ කොහිමද? ඒ ක ඔප්පු කරන්නෙ කොහොමද?

    4. දැන් දඹර අමිල හාමුදුරුවො වංචාකාරයෙක් බව කියල තියෙන්නේ කොහෙද? අපටත් බලා ගන්න යොමුවක් දාන්නකො.

    5. රනිල් ලොක්කා අගමැති කාලෙ සාම ගිවිසුම ගහල තියෙද්දි රනිල් ලොක්කව පතුරු අරිද්දි අමිල හාමුදුරුවො සිරසටයි රනිල්ටයි නෝටි. දැන් චෝයි වෙල තියෙන්නෙ මොකද කියන එක ගැනත් සටහනක් දැම්මොත්? සිරසෙයි රනිල්ගෙයි කොන්දද, බටේ ද මොකද්ද එක ගැනත් කතා කළොත් එහෙම? (අනේ තරහ වෙන්න එපා ඒක අමාරු වැඩක් නම්. මම දන්නවා ඔයා ලියන රොබෝවක් නිසා දීපු උපදෙස් වලට පිටින් යන්නේ නෑ කියලා)

    ප.ලි. Word verificationඉවත් කලා නම් පහසුයි.

    ReplyDelete
  4. @ මිගාර -
    ///මම දන්නවා ඔයා ලියන රොබෝවක් නිසා දීපු උපදෙස් වලට පිටින් යන්නේ නෑ කියලා ///
    මෙකෙ තේරුම පහදල ඉමුද සේරටම කලින්?

    //දැන් දඹර අමිල හාමුදුරුවො වංචාකාරයෙක් බව කියල තියෙන්නේ කොහෙද?//
    මිගාර නිකං බබා වෙන්න හදන්නෙ ඇයි?
    - අමිල හිමියන් වංචා සිදුවීමකට අත්අඩංගුවට ගනී- කියල නිව්ස් අයිටම් එක දානකොට ඒක දේශපාලන පලිගැනීමක් බව කියන්න උන්වහන්සෙගෙ සංවිධානෙන් කරපු කොන්ෆරන්ස් එක ගැන වචනයක්වත් නොදානකොට සමාජෙට යන පනිවිඩේ මෙයා හොරෙක් කියන එක නෙමේ නං වෙන මොකක්ද?තමන්ට එගේන්සට් වෙන පොරකට මඩ ගහල සයිලන්ට් කරන එකනෙ මෙතන තියරිය.විජය කුමාරතුංගලට නැක්සලයිට් චෝදනා දාල හිරේ දාපු දේශපාලන කල්චර් එකක්නෙ මේ රටේ තියෙන්නෙ.ඔයාට ඕක නොතේරෙනවත් නෙමෙයිනෙ.නැත්තං අනේ මේක වංචා වලට විරුද්ධව හෙන ඇක්ෂන් ගන්න ආන්ඩුවනෙ.පවු!

    //සිරසෙයි රනිල්ගෙයි කොන්දද, බටේ ද මොකද්ද එක ගැනත් කතා කළොත් එහෙම?//
    තමුන්නැහෙලගෙ පැතලි මනසට හේතුව තමුන්නැහෙල නිකම්ම නිකම් දේශපාලන සත්වයන් වීමද?ආන්ඩුවෙ වැරැද්ද පෙන්නුවම පෙන්නපු කෙනා රනිල්ගෙ ගොඩට දානව.නැත්තං කොටි ගොඩට දානව.හිතං ඉන්නෙ ලංකාවෙ ඉන්න පුලුවන් මහින්දටයි රනිල්ටයි සෝමවංසටයි විතරයි කියලද.
    වෙච්ච දේ රිපෝට් කරපු එකට සිරසට ක්‍රෙඩ්ට් එක යන්න ඕනෙ.ඒකවත් හරියට රිපෝට් කරගන්න බැරි වුන දෙරන එකයි අනිත් අයයි පජාතයි.ඒක ගැන කියද්දි අවුරුද 8ට ඉස්සෙල්ලා ගහපු සටන්විරාමයක් ඇදගන්නෙ මොකටද?සිද්ධිය ගැන කතාකරමු.සටන්විරාමෙයි කොටියයි නැතිව වචනයක්වත් තමුන්නැහෙලට කතාකරන්න බැරි ඇයි ඇත්තටම?

    ReplyDelete
  5. "අමිල හිමියන් වංචා සිදුවීමකට අත්අඩංගුවට ගනී- කියල නිව්ස් අයිටම් එක දානකොට ඒක දේශපාලන පලිගැනීමක් බව කියන්න උන්වහන්සෙගෙ සංවිධානෙන් කරපු කොන්ෆරන්ස් එක ගැන වචනයක්වත් නොදානකොට සමාජෙට යන පනිවිඩේ මෙයා හොරෙක් කියන එක නෙමේ නං වෙන මොකක්ද?"

    ඔයාගෙ ටිකිරි මොලේ මාරයි. මිනී මැරුමකට මරු සිරා ව සැක පිට අත් අඩංගුවට ගත්තාම දාන්න ඔනේ "මරු සිරා ඇට බෝල ගැහීමට" සැක පිට අත් අඩංගුවට ගත්තයි කියලද? මේව තමා ලෝක විහිළු. කිසිම පත්තරයක් උන් වහන්සේ වංචාකාරයෙක් බව ප්‍රකාශ කරන්නේ නෑ. ආයෙත් පරණ පත්තර අරන් බලන්න මේ වගේ සිද්ධි වාර්තා වෙන්නෙ කොහොමද කියල. අමිල හාමුදුරුවෝ වැරද්දක් කළාද නැත්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ, (මම හිතන්නෙත් උන් වහන්සේ වැරද්දක් කරල නෑ කියල) ඒක රිපෝට් කරපු හැටියේ කිසිම වරදක් මම දකින්නේ නැහැ.

    ඊට පස්සෙ උන් වහන්සේ කරපු කොන්ෆරන්ස් එක ගැන පුලස්ති හරිම දුකින් කතා කරනවා. ඔය හාමුදුරුවෝ යුද්ධයට සපෝට් කාලෙ පුලස්ති උඩ දාන සිරස නම් උන් වහන්සේගේ එක කොන්ෆරන්ස් එකක් වත් පෙන්නුවේ නැහැ. දැන් මොකද දන්නෙ නෑ සත්ව කරුණාව පහළ වෙලා හදිස්සියෙම. අපට නම් හිතෙන්නේ සිරස මහින්ද විරෝදී ඕන එකක් උඩ පැනල පෙන්නනව කියල විතරයි.

    ReplyDelete
  6. "තමුන්නැහෙල නිකම්ම නිකම් දේශපාලන සත්වයන් වීමද?ආන්ඩුවෙ වැරැද්ද පෙන්නුවම පෙන්නපු කෙනා රනිල්ගෙ ගොඩට දානව.නැත්තං කොටි ගොඩට දානව.හිතං ඉන්නෙ ලංකාවෙ ඉන්න පුලුවන් මහින්දටයි රනිල්ටයි සෝමවංසටයි විතරයි කියලද."

    අපට ඔබතුමාව නම් පේන්නෙ දේශපාලන සත්වයෙක් හැටියට තමා. ඔබතුමාගෙ ඒකායන අරමුනැ සරත් ෆොන්සේකට කඩේ යන එක. ඒකට තමුන්නැහෙට අයිතිය තියෙනවා. නමුත් තමුන්නැහේ දැන් සරත් ෆොන්සේකා වෙනුවෙන් රනිල් ගෙයි සිරසෙයි කිළුටු රෙදි අපුල්ලන්න ගත්තම තම ගඳ එළියට එන්නේ. සිරස ඉන්නෙ කොයි ගොඩේද කියල ඇහැ කණ තියෙන ඕන කෙනෙකුට පහු ගිය ටිකේ පෙණුනා

    "වෙච්ච දේ රිපෝට් කරපු එකට සිරසට ක්‍රෙඩ්ට් එක යන්න ඕනෙ"

    සිරස රිපෝට් කරන්නෙ වෙච්ච දේ කියල හිතන් ඉන්න තමුන්නැහේ ගැන හරි දුකයි. සිරස රිපෝට් කරන්නෙ සිරසට ඔනේ සිද්ධියේ ඕන කොටස විතරයි කියන එක හැමෝම දන්න කාරණයක්. ඒ විදියට ඉතිහාසයක් තියෙන සිරසේ පඩංගුව ඇදලා ගත්තම තමුන්නැහේට ඉහිළුම් නොදෙන්නේ සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ යන කෙනෙක්ගේ හෙළුවැල්ල පේන නිසා. සිරසට දඹර අමිල හිමියන් ගැන කැක්කුමක් නෑ මහත්තයෝ. සිරසට ෆොන්සේක මහත්තය ගැනවත් කැක්කුමක් නෑ. සිරසට ඕනේ එ.ජා.ප. ය රජකරවන්න විතරයි. මොකද සිරසට ඕනෙ දේවල් කරන්න පුළුවන් එතකොට විතරයි. තමුන්නැහෙ ගෙ ඇස් ඉස්සරහ තියෙන් හංස ලකුණ දාපු කොල-රතු කණ්නාඩිය නිසා ඒ බව පේන්නේ නැහැ.

    "මෙකෙ තේරුම පහදල ඉමුද සේරටම කලින්?"
    කියලම දෙන්න ඕනෙද? පොඩ්ඩක් මධ්‍යස්ථව තමන්ගේ බ්ලොග් එකේ ලිපි ටික කියවල බැලුව නම් තේරෙයි.

    ReplyDelete
  7. //මිනී මැරුමකට මරු සිරා ව සැක පිට අත් අඩංගුවට ගත්තාම දාන්න ඔනේ "මරු සිරා ඇට බෝල ගැහීමට" සැක පිට අත් අඩංගුවට ගත්තයි කියලද? //
    දොස්තර මහත්තයගේ මාර ජෝක්නෙ තියෙන්නෙ.මට හරි හිනා දැන්.
    මරු සිරාගේ අත්අඩංගුවට ගන්න එකෙයි අමිල හාමුදුරුවොන්ගේ සීන් එකෙයි වෙනස තේරෙන්නෙ නැද්ද?අරකට නැති පොලිටිකල් නේචර් එකක් මේකෙ තියනව කියල වැටහෙන්නෙ නැද්ද?නිව්ස් අයිටම් එක කොහොම දැම්මත් ඒක එක්ක අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් දැම්ම නං ඒක සාධාරන නිව්ස් අයිටම් එකක් වෙනව.හැම පැත්තම කවර් වෙන හින්ද.ඒ කොන්ෆරන්ස් එක නොදැම්මම සාමාන්‍ය ප්‍රෙක්ෂකයට මේකෙ පැති දෙකක් තියනව කියල තේරෙන්නෙ නැහැ.හිතන්නෙ හාමුදුරුවො සාමාන්‍ය අපරාධකාරයෙක් කියල.ආන්ඩුවේ ටාගට් එකත් ඒකයි.චන්දෙ කාලෙදි උන්නාන්සෙට අපරාධකාරයෙක් කියන ලේබල් එක ගහල කට වස්සන එක.මේවා ඔයාට නොතේරුනට මගේ ටිකිරි මොලේට නං තේරෙනව.
    මටත් මෙඩිසින් කරන්න නේද තිබුනෙ?

    //ඔබතුමාගෙ ඒකායන අරමුනැ සරත් ෆොන්සේකට කඩේ යන එක//
    තියන ජරා ක්‍රමයත් එක්ක බුදියන්න හරි ආසයි කියන මහත්තය නෙව මට කඩේ යනව කියල කියන්නෙ.යූඑන්පී කාලෙ බොරු චෝදනා දාල විජය කුමාරතුංග හිරේට ගත්ත වැරදියි වගේම හෙට සරත් ෆොන්සේකා දිනල මහින්දව මේ විදිහට හිරේට ගත්තොත් එදාටත් පුලාගේ කට ඇරෙනවා.මොකද පුලා කා එක්කවත් බුදියලා හොරි හදාගන්න කැමති කෙනෙක් නොවන හින්ද.සාධාරනේ නං සාධරනේ.එච්චරයි.

    ReplyDelete
  8. "දොස්තර මහත්තයගේ මාර ජෝක්නෙ"
    "මටත් මෙඩිසින් කරන්න නේද තිබුනෙ?"

    අන්න මම ටික දවසකට කලින් කියපු දේ ආඑත් වෙනව. කට උත්තර නැති වෙනකොට ජාතකේ ඇදල ගන්නව. පුලස්තිට මේවට දෙන්න උත්තර නැති හින්ද තමයි මගෙ රස්සාව ගැන කොමෙන්ට් දාන්නෙ. එතනදිම පුලස්ති නාගෙන ඉවරයි.

    "අරකට නැති පොලිටිකල් නේචර් එකක් මේකෙ තියනව කියල වැටහෙන්නෙ නැද්ද?"

    එතකොට පොලිටිcඅල් නේචර් එකක් නැති අතඩංගුවට ගැනීම් විතරයි කරන්න ඕන. මාර ටිකිරි මොලේ!

    "නිව්ස් අයිටම් එක කොහොම දැම්මත් ඒක එක්ක අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් දැම්ම නං ඒක සාධාරන නිව්ස් අයිටම් එකක් වෙනව"

    එතකොට අර සිරසෙන් දාපු නිව්ස් අයිටම් එකේ අමිල හාමුදුරුවෝ කරපු සිරස විරෝධී ප්‍රකාශ ටිකත් දැම්ම නම් නේද සාධාරණ වෙන්නේ? ඒව කියන්න පුලස්තිගෙ කට ඇරෙන්නෙම නැහැ වගේ. දෙරණට එක හැන්දකින්, සිරසට තව හැන්දකින්, රට හිනස්සන්න එපා පුලස්ති මහත්තයෝ

    "හැම පැත්තම කවර් වෙන හින්ද.ඒ කොන්ෆරන්ස් එක නොදැම්මම සාමාන්‍ය ප්‍රෙක්ෂකයට මේකෙ පැති දෙකක් තියනව කියල තේරෙන්නෙ නැහැ"

    සිරස ලස්සනට පැති දෙකම පෙන්නනවා. අනෙ මගෙ කට!

    "හිතන්නෙ හාමුදුරුවො සාමාන්‍ය අපරාධකාරයෙක් කියල.ආන්ඩුවේ ටාගට් එකත් ඒකයි.චන්දෙ කාලෙදි උන්නාන්සෙට අපරාධකාරයෙක් කියන ලේබල් එක ගහල කට වස්සන එක."

    පුලස්ති හිතන්නේ රටේ ඉන්නේ ගොන්නු ඉයල. රටේ මිනිස්සු දන්නව අධිකරණයෙන් ඔප්පු කරන තුරු කිසිම කෙනෙක් අපරාධකාරයෙක් නොවා බව. පුලස්තිට තියෙන්නේ මහින්ද විරෝධය විතරයි. නැති දේවල් මවලා පෙන්නන්න හදන්නේ ඒකයි. අමිල හාමුදුරුවෝ මාස 6ක් හිරේ හිටියත්, නඩුවෙන් නිදහස් වුනොත් මිනිස්සු කොහොමටවත් උන්වහසේ අපරාධකාරයෙක්, වංචනිකයෙක් ලෙස සලකන්නේ නැහැ. හැබැයි පුලස්ති වගේ අයට සාමාන්‍ය මිනිහා හිතන හැටි තේරෙන්නේ නැහැ.

    "තියන ජරා ක්‍රමයත් එක්ක බුදියන්න හරි ආසයි කියන මහත්තය නෙව මට කඩේ යනව කියල කියන්නෙ"
    පොඩ්ඩක් ආයෙත් උත්තරේ කියවල බලන්න. මේ විදියට දිග උට්තර දැක්ක ගමන් ලේ රත් කරගෙන වැරදි විදියට කියවන්න එපා. මම ලිවුවේ මෙහෙමයි.

    "ඔබතුමාගෙ ඒකායන අරමුණ සරත් ෆොන්සේකට කඩේ යන එක. ඒකට තමුන්නැහෙට අයිතිය තියෙනවා. නමුත් තමුන්නැහේ දැන් සරත් ෆොන්සේකා වෙනුවෙන් රනිල් ගෙයි සිරසෙයි කිළුටු රෙදි අපුල්ලන්න ගත්තම තම ගඳ එළියට එන්නේ"

    ඕකෙන් තේරෙන්නේ මොකද්ද? පුලස්ති සරත් ෆොන්සේකට කඩේ ගියාට මිගාරට ප්‍රශ්නයක් නැති බවත්, ඒ අයිතිය මිගාර පිළිගන්නා බවත්. හැබැයි ඉතින් මිගාර පිළිගන්නේ නැත්තේ ඒ වෙනුවෙන් සිරසේ රෙදි අපුල්ලන එක. සරත් ෆොන්සේකා මහතා වීරයෙක්. ඒ මහත්තයට කඩේ ගියාට අවුලක් නැහැ. හැබැයි රට කාපු සිරසට කඩේ යන එක තමා ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  9. //එතකොට පොලිටිcඅල් නේචර් එකක් නැති අතඩංගුවට ගැනීම් විතරයි කරන්න ඕන. මාර ටිකිරි මොලේ!//
    එහෙම කිව්වෙ කොතනද?නිව්ස් අයිටම් එක ගැන කතාකරද්දි නිව්ස් අයිටම් එකේ දෙපැත්තම දාන එකේ වැදගත්කම එන්නෙ මේක පොලිටිකල් නිව්ස් එකක් හින්ද.ඒක ගැන කිව්වම මොකක්දෝ ගොං කතාවක් කියනවා.

    //එතකොට අර සිරසෙන් දාපු නිව්ස් අයිටම් එකේ අමිල හාමුදුරුවෝ කරපු සිරස විරෝධී ප්‍රකාශ ටිකත් දැම්ම නම් නේද සාධාරණ වෙන්නේ? //
    ඔයා ඇත්තටම වෙලාව නාස්ති කරගෙන මොනවද මේ කියන්නෙ මිගාර මහත්තයෝ?අමිල හාමුදුරුවොන්ව අත්අඩංගුවට ගත්ත ප්‍රවෘත්තිය වාර්තා කරන එක ගැන කතාකරනකොට වෙන මොකක්ද කතා කරනවා.
    අමිල හිමි අත්අඩංගුවට ගත්තා.ඒක දේශපාලන පලිගැනීමක් කියල උන්නාන්සෙගෙ සංවිධානෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බ.
    එතකොට හරි මාධ්‍යක් මොකද කරන්න ඕනෙ?
    ඔය දෙකම දාන එක.
    සිරස ඒක කලා.දෙරන ඒක කලේ නැහැ
    සිම්පල් සිද්ධියක්නෙ තියෙන්නෙ.එතකොට ඩියුටිය කරල තියෙන්නෙ දෙරන නෙමේ සිරස.ඒක පිලිගන්නවද නැද්ද කියන්න.කතාව එච්චරයි.ඒකට උත්තරයක් නොදී හාමුදුරුවොන්ගේ සිරස විරෝධි ප්‍රකාසයි ලෝකෙ රටේ නැති මගුල් කියන්නෙ මොකටෙයි?මම කිව්වනෙ.සිරසෙවත් මහිනදගෙවත් ෆොන්සේකගෙවත් ඔයාගෙවත් මගේ නෝනගෙවත් රෙදි හෝදන්න මට ආසාවක් නැහැ.හරියට වැඩක් කලා නං සිරස වුනත් හරි.වැරදියට නං වැඩේ කලේ දෙරන වුනත් වැරදියි.

    //රටේ මිනිස්සු දන්නව අධිකරණයෙන් ඔප්පු කරන තුරු කිසිම කෙනෙක් අපරාධකාරයෙක් නොවා බව//
    අනේ පවු.ඒක තමයි අර පාතාල ලෝකෙ කියල නඩුවත් අහන්නැතිව කට්ටිය මරල දානකොට අපේ බුවාල ෆුල් චියර් එක දුන්නෙ.හරිම බුද්ධිමත් අපේ බුවාලා.

    ජාතකේ කියන්නෙ උප්පත්තියට නේද?රස්සාවට නෙමෙයි නේද?මම රස්සාව ගැන හැමවෙලාවෙම මෙන්ෂන් කරේ අයියන්ඩිට ගෞරවයක් දෙන්න.ඒක ගැන කිව්වම ඇයි හිත රිදෙන්නෙ?

    ReplyDelete